#කෙටි_කතාව ❣️ #සුදූ



Related image

"අත අතාරින්නකෝ..."

"බෑ...අල්ල ගත්තේ අතාරින්න නෙවේ බං"

"අනේ බං.. අතෑරපං .දන්න කවුරු හරි දැක්කොත් ගෙදර යද්දී කනේ තියලා තියෙයි."

"ම්... බුදුසරණයි .මට කෝල් එකක් දෙන්න ගෙදර ගිය ගමන්."

"බෑ..ඔයා ඩ්රයිව් කරද්දි මං කතා කරන්නේ නෑ.. මං මිස් කෝල් එකක් දෙන්නම්."

"පන්ඩිතයා නොවී මට කෝල් එකක් දෙනවකෝ."

මං නැවිලා අයිය⁣ගේ කකුල් දෙක අැල්ලුවා වදින්න .

"බුදුසරණයි මැණික." අයියා එහෙම කියලා මගේ නලල සිපගත්තා .

හිරිගඩු පිපුන අත් දෙක මං එයාට පෙන්නුවා. පෙන්නුවාම එයා මගේ දකුණු අත සිප අරං ඔලුව අත ගෑවා.

"මං යනවා අයියේ." එහෙම කියපු මං එක පාරට හැරිලා අයියගේ කම්මුල ඉඹලා වාහනෙන් බැහැලා දිව්වා.

රන්ඩු වෙවී තරහ වෙවී අපේ ආදරේ අවුරුදු තුනක් පුරාවට ගලා ගියා .වෙනත් රටකට මං අයදුම් කල රැකියාවකට මාව තේරුනා . මගේ හීන වලට වඩා මං ගෙදර අයටයි ,අයියටයි අාදරේ කලාට මට හීන ඇත්ත කරගන්න ආසාවල් නොතිබුනාම නෙවේ.

"සුදූ.."
"ම්ම්.... "
"යන්නම ඕනා ද ඔයාට .."
"යන්න එපාද...."
"පාලුයිනේ ඔයා නැතුව...එක්කො කමන්නෑ .ගිහින් එන්නකො. "

"මාව අමතක වෙයිද දන්නෙ නෑ නේද."

මං කන මිරිකුවා අයිය⁣ගේ .

"ආයි ඔහොම කිව්වොත් මං මරනවා ඔයාව "

"මරපංකො...." අයියා හිනා වෙනවා.

"මාව දාං යන්න බැරිද බං උඹේ බෑග් එකේ"

"යං යං.. මං දාන්යන්නම්කො.."

මං යන දවස ලං වෙද්දී ටික ටික මට හිතට දුක වැඩිවෙනවා වගේ තේරුනා .ආයෙත් අපි හම්බෙන්නේ අවුරුද්දකින්.

"ආ... " මං යන්න කලිං දා අයියාව හම්බෙන්න ගියාම එයා මගේ අතේ ලොකූ බෑග් එකක් තිබ්බා .

"මොනාද මෙි..." මං ඇස් ලොකු කරං එයා දිහා බැලුවා.

"බලන්නකො ..."

"ටෙඩියෙක් .... වාව්. "මං අනික්වා ඇදලා බැලුවා .එතැන මං ආසම කරන කඩචෝරු ගොඩකුයි ඇදුම් ටිකකුයි.

"අනේ තැන්ක්යූ පන. "මං ඇස් වලින් පනින කදුලු බිංදු අතින් පිහදාන් අයියා දිහා බැලුවා .

"මට තමා පාලු ඉතිං .ආයි ඉතිං කොච්චර කාලයක් ඉන්න වෙයිද" .අයියා ඒ ටික කියද්දී මං හොදටම ඇඩුවා . අඩලා අඩලා හිත සංසුන් වෙනකල් අයියගේ උරහිසට හේතු වෙලා ඈත බලන් හිටියා.

මං දුප්පත් කෙල්ලෙක් වුනත් අයියා කවදාවත් මට නපුරු හිත රිදෙන දෙයක් කියලා නෑ .හැමදාම මට ආදරේ එක වගේ දුන්නා .මට කිව්වෙ එයා දෙවැනි අම්මා කියලා. මං සැර වුනත් ඒ ආදරේ එයාට ගොඩක් දැනුන නිසා. ඒත් ගෙදරට කියන දේදි විතරක් චුට්ටක් පසු බෑවා.

❣️.......❣️

මාස 6ට පසු.

"සුදු මං කෝල් කලා . බිසීනේ ඔයා " මං හිත රිදුනත් ඒ බව හංගන් එයාගෙන් ඇහුවා .

"ම්... සොරි බබා. යාලුවෙක් කතා කලා."

"ඔයා බීලද...?" කට හඩ වෙනස් නිසා මං ඇහුවා .

"ටිකක්.."
" ඔයා ප්රොමිස් වුනා⁣නේ මට "

"ප්ලීස් තේරුම් ගන්න . මං දුකින් ඉන්නේ.. "

"මොකද දුක .මට කියන්න ඕන දෙයක්.මං අහන්න ඉන්නවානේ සුදු අයියේ
" අයියා දුකින් ඉද්දි මටත් දුකයි.මාත් අඩන ගමන් ඇහුවා .

" මට ගෙදරින් මගුල් හොයන් අරං "

ඒක ඇහුවම මට පොල්ලෙන් ඔලුවට ගැහුවා වගේ වේදනාවක් දැනුනා.

"ඉතිං අයියේ ගෙදරට කියමුකො ."

"එයාලා හොයන්නෙ සල්ලි තියෙන කෙල්ලෙක් . මට බයයි කියන්න . අකමැති වුනොත් ."

මට දැනුන වේදනාව මෙච්චරයි කියන්න බැරි තරම්. දුරක ආවත් නොවෙනස් වුන මගේ ආදරේ සල්ලි ඉදිරියේ කොයි තරම් නං අසරණයිද..

"එහෙනං මාව දාලා යන්න . ගෙදර අය එක්ක රන්ඩු වෙන්න එපා.එයාලා කියන කෙනෙක්ව බැදලා සතුටින් ඉන්න "

"ඔහොම කියන්න එපා."

"සමාවෙන්න අයියේ. මං දුප්පත් නිසා මට කවදාවත් කැමති වෙන එකක් නෑ .මට ඒ දේ තේරෙනවා .ඉතිං ඇයි මං හිතට බොරු කරගන්නේ ඇත්ත දැන දැන."

"සොරි බබා"

මං මුකුත් නොකියා කට් කලා. ඇති වෙනකල් ඇඩුවා . අවුරුදු තුනක් පුරා මං පන වගේ ආදරය කල අයියා , මං දරුවෙක්ට වගේ සලකපු කෙනා මං නිසා අසරණ වෙලා. එදායින් පස්සෙ අයියා මං එක්ක පැය ගනන් කතා කලේ නෑ . මට ඕනි වුනත් කතා කරන්න ඇත්තට මූණ දෙන්න ඕන නිසා සිතුවිලි යට කරන් ජීවත් වෙන්න පුරුදු වුනා. හැමදේම අතඇරලා මැරෙන්න හිතුණා .ඒත් මං මැවි මැවී පේන අම්මා තාත්තා දැක්කම හිත හයිය කර ගත්තා .

"ඒ බං .උඹ හොදින් ද" මං නිහඩව ඉන්දැද්දි යාලුවෙක් කතා කලා දවසක් .

"වරදක් නෑ .කොහොමද ඔයාට" මං හිතේ දුක තද කරං පිලිතුරු දුන්නා.

"උඹ දන්නවා නේද. සුදූ...."
මගේ හදවත වේගෙන් ගැහුනා .දෙයියනේ කරදරයක්ද.

"ඇයි සුදූ ට මොනා වෙලාද.අනේ කියපංකො " මං ඇඩුම වලක්වාගෙන යාලූවාගෙන් ඇහුවා .

"මොනාත් වෙලා නෑ .ඌ බැදලා ඊයේ. "

මගේ ලෝකය මොහොතකට නතර වුනා වගේ. මේ කියන දේ ඇත්තක් නොවේවා !!

"හෙලෝ....හෙලෝ..උඹ ඉන්නවාද "

"ම්... තෑන්න්ක් යූ බං . මං තියන්නම්. මං දැනං හිටියා .මට වැඩක් තියෙනවා" මං බොරුවක් කියලා තිබ්බා . ඇති වෙනකල් ඇඩුවා මං එදා. තවදුරටත් මට ඒ කෙනා ගැන හීනෙකින්වත් හිතන්න අයිතියක් නෑ . මං අඩ අඩාම කාලෙකින් නොදැකපු ඒ මූණ දකින්න මුහුනු පොතේ නම හෙව්ව .

උඩරට ඇදුමින් හැඩ වුන මගේ සුදු අයියා තව සුරතියකගේ අතින් අල්ලං ඡායාරූපයට මූන දීලා ඉන්නවා.

"අල්ල ගත්තේ අතාරින්න නෙවේනේ...." එදා සුදූ මට කියපු දේ මගේ කන් පෙතිවල රැව්පිලි රැව් දෙනවා.

මං මටම හිනා වුනා. දිගු කාලයක් රැදුණු අවංක ආදරේකට කරන්න බැරි වුන දේ කෙටි කාලෙකිං සල්ලි වලට කරන්න පුලුවන් වුනා.

අවුරුදු ගානක් පුරාවට හිත හදාගන්න උත්සාහ කලා. ඒත් අදටත් බෑ. ඒ වගේ ආදරයක් තව කාටත් දෙන්න බෑ. ජීවිතේට සමු නොදී මං ජීවිතේට ආදරේ කරන්න ගත්තා . මං වෙනුවෙන් වගේම මට ආදරේ කරන , මං වෙනුවෙන් ඉන්න අය නිසා.

❣️...❣️

ආදරණිය සුදු අයියාට,

මගේ නොවුනත් තරහක් නෑ .මට නොලැබුනාට දුකයි අවංකවම .ඒත් එදා අල්ලා ගත්තේ අතාරින්න නෙවේ කියලා පපුවට මගේ අත තද කර ගත්තා .අද ඒ අතින් තව දෑතක් මුදු වලින් හිර කරන්. මගේ නොවන දේට මං ලෝබකම් කරන්නැ. ඔයගේ ලෙයින් මං වදන්නට පෙරුම් පුරපු දරු පැටව් ටික අදටත් මගේ හදවතේ හිනාවෙනවා . මං කියා දෙන්නම් උන්ට සල්ලි සහ මනුස්සයන්ගේ හැගීම් අතර සම්බන්දය .පරාජය හා දිනුම සාමකාමීව බාර ගන්නට. සතුටින් ජීවත් වෙන්න .

බුදුසරණයි .

මීට
දෝණි කෙල්ල .

....................................................................


යශෝදා කලුවැල්ල.

උපුටා ගැනීමකි

premathunga

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment