#පරිස්සමින්_යන්න...
(කෙටිකතාව)
* සුදු පුතා නැගිටින්න දැන් ගොඩක් දවල් වෙලා.. අද interview එකකට යනව කීව නේද..?
* අම්මට සිරි කීයද වෙලාව ..?
* 8යි... ඉක්මනින් ලෑස්ති වෙන්න..
* බුදාම්මෝ සුටුස් ගාල ලෑස්ති වෙන්න ඕන 9.30ට මහරගම ඉන්න ඕන.....
මම පැතුම්... වයස දාගන්න 23ක් විතර. පව්ලෙ ඉන්නෙ මදර්රර්, ෆාදර්ර්ර් & වන් ඇන් ඔන්ලි ගොන් ගහ නොහොත් මයි එල්ඩර්ර් සිස්ටර්ර්ර්... මගේ හිතේ ඉන්නව මේ 3දෙනාට අමතරව තව කෙනෙක් එයා තමයි වන් ඇන් ඔන්ලි මයි ෆියුචර් වයිෆ් එස්‍තර්ර්ර් .. වෙනස් නමක් නේද ඒ වෙනසට හේතුව එයා බර්ර්ගර්ර්ර් කෙල්ලෙක් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනි...හරී ඔය විස්තර හොදටම ඇති මම ගැන එක දෙයක් කියන්න ඕන මම ඇවිල්ලා බයික් පිස්සෙක් . අම්මට උම්ම දීල අක්කගෙ බෙල්ල මිරිකල තාත්තට වැදල දුක් මහන්සියෙන් මගේ යකඩ හීනෙ හැබෑ කරගත්ත එල කොල්ලෙක් තමයි මම.අද මම යන්න හදන්නෙ සූටි interview එකකට...👆👆👆 අර උඩින් තියෙන්නෙ අද උදේ පාන්දර කුකුල අතේ අරන් මම ඇහැරුන විදිය තමයි ඉතින්....
* අම්මේ මම යනෝ...අක්කේ තමුසෙ නුගේගොඩට දාන්න ඕනනම් තත්පර දෙකෙන් එලියට වර....
* ඉන්නවකු මේ මම එනව.. අම්මෙ මම යනව සාදූ....🙏
* මල්ලි තමුසෙත් අම්මට වැන්දට පාඩු වෙන්නෙ නෑ.
* හරි හරි බන් පරක්කු වෙලා ඉක්මනින් නැගපන් මම ඇවිත් අම්මට වදින්නම්...නේද අම්මෙ අපි යනව
* බුදුසරණයි පුතා අක්කව පරිස්සමෙන් එක්ක යන්න... වේගෙන් යන්න එපා...පරක්කු උනත් කමක් නෑ #පරිස්සමෙන්_යන්න.
* ඕකේ අම්මෙ බුදුසරණයි ...
මම ඉතින් අක්කවත් දාගෙන ගියා නෙමෙයි ඉගිල්ලුනා කිව්වොත් නිවැරැදියි පින්වතුනි. තත්වය බොහොම සෝචනීයයි අක්ක දාගෙන ට්‍රැෆික් එකේ තෙරපිල ගුලිවෙලා ඇවිත් නුගේගොඩට එනකොටම වේලාව උදෑසන 9 පසුවී විනාඩි 45යි..
අක්කව බැස්සුව නුගේගොඩින්..
* මල්ලි හෙමින් යනව මෝඩයෝ... මම යනව එහෙනම් #පරිස්සමෙන්_යන්න බුදුසරණයි
* හරි හරි තමුසෙත් පරිස්සමෙන් යනව ඉතුරු ටික .බුදුසරණයි .
අමාරුවෙන් 10 වෙද්දි ගියා ඔෆිස් එක ලගට.. කොහොමහරි අවසානයෙ මම ඉතාමත් සාර්ථක ලෙස අසාර්ථක උනා interview එකෙන්.. ඒක ආයෙ අමුතුවෙන් කියන්න ඕනි නෑ interview බෝඩ් එකේ සර්ලගෙ මූනු 3 ඇටි කෙහෙල් කාපු උගුඩුවොන්ගෙ වගේ උනා මගෙ qualifications දැකල. ඒතරම් qualified කොල්ලෙක් මම . Second interview එකට කෝල් කරන්නම් කීව... මාත් ඉතින් ස්කූබි මැරුන ශැගී වගේ ආව එලියට . ඇවිත් ගත්ත කෝල් එකක් එස්තර්ට..
* හෙලොව් ඩාලිං කොහෙද ඉන්නෙ ඔයා ...
* හෙලොව් මැණික මම interview end වෙලා දැන් එලියට ආවෙ. ඔයාට අද එන්න පුලුවන්ද මීට් වෙන්න මාව..
* ම්ම්ම්... ඔකේ ඩාලිං ඔයා එනවද මාව ගන්න දෙහිවල හන්දියට..
* හරි මම දැන් එන්නම් සුදු ඔයා ලෑස්ති වෙලා එන්න පාරට .
* ඕකේ ඩාලිං #පරිස්සමෙන්_එන්න… ගෝඩ් බ්ලෙස් යු..
* ඕකේ සුදු ගෝඩ් බ්ලෙස් යූ..
මමත් ඉතින් ගැම්මටත් එක්ක පාරෙ ඉන්න මිනිසුන්ට පේන්න ෆුල් රේස් කරල ගියා . විනාඩි 5න් දෙහිවල . මට ඉතින් මම ගැනම ආඩම්බරයි ආපු ඒමට. එස්තර් එනකල් ජූස් එකක් එහෙම ගහල පාර අයිනට වෙලා හිටිය විනාඩි 20කින් විතර එයා ආව . හම්මේ ඉතින් ලස්සන ඉර එලිය වැටුනම එයා නිකන් දිලිසෙනව වගේ. මම පෙනුමටත් වඩා එයාගෙ කැමති කතා කරන විදියට, පොඩි දරුවෙක් කතා කරන්න පුරුදු වෙන කාලේ වගේ .අමාරුවෙන් පටල පටල සිංහල කතා කරන කොට පුදුම ලස්සනයි.අපේ පවුලේ අය ඉතිං ඔය ජාති ආගම් බේද කරට අරන් ඉන්න මිනිස්සු නෙවෙයි.ඒ නිසා මේකට අකමැති වෙන එකක් නෑ කියලා මට හිතෙනව. හම්මේ ඉතින් බලාපොරොත්තු නම් කප්පරයි. එයා දිහා මම ඇස් පිල්ලමක් වත් ගහන්නේ නැතිව බලාගෙන හිටිය . ඒ තරම් ලස්සන එන කොට .
* ඔයා ඇවිත් ගොඩක් වෙලාවට ඩාලිං...
* ම්ම්ම්ම්ම්... නෑ ටික වෙලාවයි මැණික...
* අපි mount lavinia beach යමුද ඩාලිං...
* ඒක හොඳයි. යමු නගින්න .
* හෙමින් යමුකෝ බබා...
* හී හී බය වෙන්න එපා වස්තු මට මේ බයික් එක කකුල් 2ටත් වඩා විස්වාසයි...
කොහොමහරි අපි බීච් ගිහිල්ලා පැයක් විතර කතා කර කර ඉඳලා.ළඟ තිබුණ හෝටලේකින් ලන්ච් එක එහෙමත් අරගෙන .එයාව දෙහිවලට ගෙනල්ලා බැස්සුවා .
* මම එහෙනම් යන්නම් මැණික..බුදුසරණයි...god bless u.
* #පරිස්සමෙන්_යන්න ඩාලිං..වේගයෙන් යන්න එපා. බුදුසරණයි .god bless u…
මම යන්න හදනවත් එක්කම තාත්තගෙන් කෝල් එකක් ආව.
* hello තාත්තේ කියන්න.
* පුතාකොහේද ඉන්නෙ කොහොමද
ඉන්ටර්වීව් එකෙ වැඩේ...
* එයාලා කොල් කරන්නම් කිවුව තාත්තේ..දැන් නම් මහරගම දැන් ගෙදර එන්න හදන්නේ.
* හරි පුතා එහෙනම් #පරිස්සමින්_එන්න...වේගෙන් වෙන්න එපා බයිසිකලෙන් එහෙම...
* හරි තාත්තේ එහෙනම් බුදු සරණයි .
* බුදු සරණයි පුතා .
ඔය කවුරු මොනවා කිව්වත් මම හිමින් යනවද නැහැනේ නැහැනේ... ගොඩක් කාලෙකින් ස්ටන්ට් පහරක් දැම්මේ නෑ..ඉස්සරහ බස් හෝල්ට් එක ලඟ හෙන සෙට් එකක් ඉන්නවා උන්ට පේන්න ස්ටන්ට් පාරක් දාන්න ඕන ...
අහ්.... බ්‍රේ.....ක්......බ්‍රේ....ක්...
අම්..........මෝ..............
==================================
* කාලකන්නියෙක් අම්මා තාත්තා නැද්ද දන්නේ නෑ මුන්ට පරිස්සමෙන් යන්න කියන්නවත්...
* ඌ මැරිලද බං...
* යකෝ මැරෙන්නැතුව තියෙයිද වැටුණ පාරට .... බලහන් ඔලුව පැත්තක් කුඩු .
* පිස්සෙක් බං නවත්තලා තිබ්බ බස් එකේ ගිහින් මූ වැදුනේ ..
==================================
මම හිමින් සැරේ නැගිට්ටා .මගේ වටේම මිනිස්සු පිරිලා
මුන්ට පිස්සුද දන්නෑ කියලා හිතලා මම ගෙදර යන්න ඕන කියලා හිතල බයික් එක ලඟට යන්න හදන කොටම මම ගෙදර .මොකක්ද මේ වෙන්නේ .අම්මා කෝල් එකක. එක පාරම එයා සිහි නැතුව වැටුණා . අක්කා කෑ ගහගෙන එතැනට දුවගෙන යනකොට මාත් ඉක්මනින් එතනට ගියේ අම්මට මොකද බලන්න . මොනව ඇයි මේ මට අම්මව අල්ලන්න බැරි ..
ඒ කියන්නේ ඒ කියන්නේ මම මැරිලද ..?
දෙවියනේ මගේ අම්මා තාත්තා අක්කා මැනික.....
මම ආයේ ගියා හැප්පුන තැනට...එතකොට එතැනට තාත්තා ඇවිත් කෑගහල අඩනව....
එහෙම්ම මම ගිය එස්තර් ළඟට . එයට පිස්සු හැදිලා වගේ ... කෑ ගහ ගහ අඬනවා ...
අම්මට උදේ මම වැන්දෙ නෑ නේද .. හවසට වඳින්නම් කිව්වා දැන් කොහොමද මං අම්මට වඳින්නෙ දෙයියනේ ...
එස්තර්ට හීන අහුරක් දුන්න කොහොමද ඒව සැබෑ කරන්නෙ දෙයියනේ ...
මම ඒ මොකද්ද කරගත්තෙ දෙයියනේ ....
එතකොටම මට මතක් වුණා හැමෝම මම කොහේ හරි යන්න කලින් කියපු වචන දෙකක් " #පරිස්සමින්_යන්න "....
නිමි.....
👉👉👉විරාජ් උදාර👈👈👈
උපුටා ගැනීමකි
No comments:
Post a Comment