සදවතිය් මියැදුනි

~~~සදවතිය මියැදුනි~~~
  කෙටි කතාව.

        "තාත්තී......තාත්තියෝ...... එන්නකූ... බබාට ඉක්කෝලේ යන්න පලක්කු වෙනෝ....

     "ඉන්න චූටියෝ මේ එනවා...

"ඔහොම බෑ තාත්තු, අනිත් ඩවසෙ උදේම ඇහැලෙන්න ඕනී....

     "හරි හරි පන්ඩිත ආච්චී... දැන් යමු...
මම වාහනේ පන ගන්ව ගත්තෙ චූටි දුවව ඉස්කොලේට දාන්න යන්න..
     අද එයා පලවෙනි වසරට යන මුල්ම දවස..

"චූචි අම්මි, බබා යනෝ"""
     "හා සුදු නෝනා පරිස්සමින්..
දෙවි පිහිටයි..!
   
      "තරුවි අහස්නා බන්ඩාර"
ප්‍රෙසන්ට් චීච....
    
දුවව පන්තියට ඇරලවලා මං ආයෙම ගෙදර ආවේ ඔෆිස් එකට ගිහින් වැඩක් කරන්න තරම් හිතේ නිදහසක් තිබුනෙ නැති නිසා...

    "පොඩි මහත්තයෝ ඇයි රත්තරං අදත් ගෙදර.. ඊයෙත් දවසම පොඩි නෝනා එක්ක ඉස්කොලේ... මහන්සිද???
  
   "ටිකක් චූටි අම්මා..."

"ඉන්න මං බොන්න මොනවා හරි අරන් එන්නම්...

      "චූටි අම්මා...
එයාගෙ අතින් තමා මේ ගෙදර හැම වැඩක්ම කෙරුනේ... මගෙ අම්මලා එයාට චූටි මැනිකෙ අම්මා කිව්වට මං දන්න කාලේ ඉදන් එයාට කතා කලේ චූටි අම්මා කියලා... මොකද අම්මා තාත්තාට වඩා මං එයාට තමා ඒ කාලේ ඉදන්ම ලන් වෙලා හිටියෙ..
   
      "ආ මහත්තයෝ මේක බොන්න..

චූටි අම්මා මගෙ අතින් කෝපි කෝප්පෙකුයි පැනඩෝල් දෙකකුයි තිබ්බා..
    
  "ඇයි චූටි මහත්තයෝ මේ ඇස් වල කදුලු.. තවමත් පරන දේවල් මතක් කරලා හිත පාරගන්න එපා රත්තරනේ..
   
"මතක් කරලා අලුතෙන් පාරගන්න දෙයක් නෑ චූටි අම්මෙ.. කිසිම දෙයක් අමතක නෑ...
    මං බොද වෙච්ච ඇස් වල කදුලු පිහගන්න ගමන් පුටුවෙන් නැගිට්ටා..
     
"දැන් ඔය කොහෙ යන්නද???
"පන්සල පැත්තට ගිහින් එන්නම් චූටි අම්මා...
 
   "පරිස්සමින්...
" වාහනේට නැගලා මං කෙලින්ම ආවේ පන්සලට.. හැමදේම මතක් වෙනකොට මන් හොයන් එන්නෙ මේ පන්සල...
 
   "අහ්... හිරුන් මහත්තයා..
අපෙ හාමුදුරුවනේ....
"තෙරුවන් සරනයි...
      හාමුදුරුවෝ එතනින් ගියාට පස්සෙ මන් ලග තිබුන වැටට පිට දීලා ඉදගත්තා...
 
කදුලු එක්කම ඇස් පියාගත්තම හැමදාම වගෙ අදත් ඒ දේවල් ඒ විදියටම මගෙ හිතේ එකිනෙකට පෙල ගැහෙන්න ගත්තා....
  
      
"මැට්ටා... මොකො වැස්සෙ තෙමෙන්නේ...
   
"කුඩයක් නැති නිසානේ මැට්ටියේ....

"එන්න මං බස් හෝල්ට් එකට ඇරලවන්නම්...
     "සදැසි අහස්නා"

   ඒ තමා එයාගෙ නම.. මගේ හිතේ ඇදිලා තිබුන රූපේ ඕනවටත් වඩා පිහිටලා තිබුන නිසාද මංදා මං එයා දැකපු දවසෙ ඉදන් එයාට ආදරේ කලා... ඒත් අපි හොද යාලුවෝ...

  එයා හැදුනේ පල්ලියෙ කන්‍යාරාමයේ...
  පල්ලියයි පන්සලයි අතර තිබුන බැදීම අපිවත් ලං කරන්න ගොඩක් උදව් වුනා...

      "අම්මා තාත්තා නැති වුනත් ඒ කෙල්ල ලස්සනට හැදුන කෙනෙක්. චාම් ගති ගුන පිරිච්ච ඒ හිත ලග නොනවතින කෙනෙක් නැති තරම්...
       කාලයක් යද්දී ඒ හිත මගෙ හිත අදුරගත්තා...  අපි ආදරේ කලා.. ගොඩාක් ආදරේ කලා.. දන්න කාලෙ ඉදන් පිටරට හිටපු අම්මාගේ ආදරේ නොලැබුන මං එයාගේ ආදරේට ලෝබ වුනා.. අම්මෙක් වගේ මාව බලාගත්තා..
   
එයාත් එහෙමයි.. මං එයාට කිසිම දේකින් අඩුවක් කලේ නෑ...
      
පන්සලේ හාමුදුරුවෝයි, පල්ලියෙ පියතුමන්ගේයි ආශිර්වාද මැද්දේ මං සදැසිගේ අත ගත්තු දවස මට අද වගේම මතකයි..
    
      "අපි ගොඩාක් ආදරෙන් හිටියා..  ඒ අතර තමා අපි දෙන්නා මැද්දට තුන් වෙනියා ආවේ... ඔව් අපේ චූටි දෝනි...
    
"අප්පච්චී.. ඔන්න දැන් දෝනි ආවම මාව අමතක වෙයි මෙයාට...
   
   "අනේ රත්තරං ඔයානේ මගෙ පලවෙනි දෝනි.. එයාත් මගේ ඔයත් මගේ.. දෙන්නටම ඇති වෙන්න ආදරේ තියනවා මං ලග...
     
"ආදරෙයි මහත්තයෝ..
"මාත් ආදරෙයි මැනික...
     "ඒ දවස් හරිම ලස්සනට ගෙවුනා...
සදැසිට හැමදාම හවසට පන්සල් පල්ලි යන්න ඕන වුනා...
    මං වැඩ ඇරිලා එද්දී කෙල්ල මල් කඩාගෙන ලෑස්ති වෙලා ඉන්නවා..
 
   "මැනික හැමදාම පයින් යද්දි අමාරු නැද්ද..

    "නෑ මහත්තයෝ.. ඔයා ලග ඉන්නවනේ..
මගේ අතට වාරු වෙලා පල්ලිය වත්තෙයි, පන්සල් වත්තෙයි ඇවිදලා මග කඩේකින් මොනවා හරි කාලා එන්න සදැසි ආසා කලා..

     "හැමදාම වගේ එදත් අපි ගිහින් එනගමන් හිටියෙ...
     "මහත්තයෝ හිරුන්.. මට ටිකක් අමාරුයි වගේ..
      *ඇයි මැනික..
"මට කලන්තෙ වගේ..
     *එන්න බබා අපි චුට්ටක් ඉදගමු.. මහන්සිද.. මං කෙල්ලව ලග තිබුන බංකුවකින් ඉන්දලා ඔලුව ටිකක් අත ගෑවා...
    "නිකම් වෙන්න ඇති බබා.  දැන් හරි අපි යමු... සදැසි මගෙ අත අල්ලන් නැගිට්ටා...
එදා ගෙදර ආවමත් එයා හිටියෙ ටිකක් අමාරුවෙන්...
        "දැන් දිනත් ලගයිනෙ පොඩි මහත්තයෝ.. මේ කාලෙට ඔහොම තමා...
  චූටි අම්මගෙ වචන මගෙ හිත හැදුවා...

ටික දවසක් ගෙවුනා...
   එදාත් මං වැඩ....
ට්‍රිං....ට්‍රිං.....ට්‍රිං....ට්‍රිං.....
      වැඩ ගොඩ ගැහිලා තිබුන නිසා ෆෝන් එක රින්ග් වෙනවා ඇහුනෙත් ගත්තු කෙනා දෙවනි පාර ගනිද්දි....
     "හෙලෝ...
"චූටි මහත්තයෝ...
   "චූටි අම්මෙ.. ඇයි හදිසියේ..
"සදැසි නෝනට ටිකක් අමාරුයි වගේ...
"ඉන්න මං දැන්ම එනවා...
     ෆෝන් එක කට් කරලා මං වාහනේ අරන් ඉගිල්ලුනේ ගෙදරට..
   ඒත් කවුරුත් නෑ... මං කෙලින්ම ගියේ සදැසි රෙජිස්ටර් කරලා තිබුන හොස්පිටල් එකට. කෙල්ල ඇදක් උඩ අමාරුවෙන් ඉන්නවා...
  "චූටි අම්මා මොකද වුනේ...
"අනේ මංදා මහත්තයෝ... මං කිරි එක හදන් යද්දී නෝනා ඇදේ ඔලුව ගහගෙන හිටියා...
ඒකයි මං බයේ කතා කලේ...

   "එස්කියුස් මී,,, මිසට හිරුන්....
"ඔව් ඩොක්ට
  "පොඩ්ඩක් කතා කරන්න ඕනේ..
"ඕකේ ඩොක්ට..
  මං කෙලින්ම ගියෙ ඩොක්ටගෙ කැබින් එකට..

   "ඩොක්ට මගෙ වයිෆ් ට මොකද ඩොක්ට...
"ඒ ගැන තමා හිරුන් කතා කරන්න එන්න කිව්වෙ..
  "ඇයි ඩොක්ට මොකක්ද ප්‍රශ්නෙ...

"හිරුන්... මේක කිව්වා කියලා කලබල වෙන්න එපා.. මොකද ඔයා තමා මේ වෙලාවෙ ශක්තිමත් වෙලා ඉන්න ඕනේ...
   ඩොක්ට කිව්ව විදියට මගේ හිත ගැහෙන්න ගත්තු හැටියට අදටත් මාව ගැහෙනවා...
    "අනේ ඩොක්ට.. මොකක්ද වුනේ...
"මේකයි හිරුන්.. ඔයාගෙ වයිෆ්ට කෑන්සර් එකක්...
     "ඒ අහපු දෙයින් මාව ඉන්න තැනින් නැගිට්ටවුනා.. මුලු ඇගම ගිනි ගන්නවා වගෙයි මට දැනුනේ...
   "කලබල වෙන්න එපා හිරුන්.. අපි උත්සහා කරන්නෙ අම්මයි දරුවයි දෙන්නවම බේර ගන්න... මේක තාම මුල් අවදියෙ තියෙන්නෙ..  ඒත් බබා එක්ක අම්මට ශක්තිය මදි ඇට්ටෑක් කරන්න...
      "මොනවා කරන්නද කියන්නද කියලා මට සිහියක් තිබුනෙ නෑ...
   "මිස්ට හිරුන් හැබැයි මේක වයිෆ්ට දැනගන්න දෙන්න එපා.. ඒක එයාටයි බබාටයි දෙන්නටම හොද නෑ..
     "එදා සදැසිගෙ ටිකට් කැපුවා..  මං කිසිම වෙනසක් නොපෙන්වා ඉන්න ගොඩාක් උත්සහ කලා...
ඒත් මගේ හිතේ ඒක වද දෙන්න පටන් අරන් තිබුනේ....
මං තනියම පල්ලියෙ පන්සලෙ කන්නලව් කලා... මගේ සදැසිව බේරලා දෙන්න කියලා...
         මං වෙනදාටත් වඩා එයා ගැන හොයලා බැලුවා...ලගින් හිටියා..
    "මහත්තයෝ...
"මැනික...
   "මෙහෙ එන්නකො..
"ඇයි රත්තරං...
      *චූටි පැටියෝ මේ ඉන්නෙ ඔයාගෙ තාත්ති, ඔයා එයාට ගොඩාක් ආදරේ කලන්න ඕනේ හොදද...
    'ඇයි මැනික මට විතරක්,, ඔයාට..
"එයා මං ලගනේ ඉන්නෙ, ඉතින් එයා මාව දන්නවා...
    "පිස්සු කෙල්ල...
එදා වගේම හැමදාම එයා බඩේ ඉන්න පොඩ්ඩට කිව්වෙ මං ගැනම විතරයි.. ඇයිද මංදා... මට එදා ඒක තේරුනෙ නෑ...

     "දවසක් රෑක සදැසි හදිසියේ අසනීප වුනා...
මගේ හිත ගැහෙන්න ගත්තෙ එදා ඩොක්ට කිව්ව දේ නිසා. ඉක්මනට මං කෙල්ලව හොස්පිටල් අරන් ගියා...
     "පැය දෙකක් තුනක් ගෙවෙද්දී මගෙ පපුව පැලෙන්න තරම් බයක් මට දැනෙන්න ගත්තා.. මහ රෑ වුනත් නින්දක් අහලකවත් තිබුන් නෑ...
       "පැය ගානක් ගිහාම ඩොක්ට එලියට ආවා...
       "අනේ ඩොක්ට මොකද වුනේ මගේ වයිෆ්ට...  එයාට කොහොමද...
     "සෝ සොරි මිස්ට හිරුන්.. ඔයාගෙ වයිෆ්ව බේරගන්න අපි ගොඩාක් ට්‍රයි කලා.. ඒත් එයාට ශක්තිය මදි.. එයාගෙන් ඇහුවා බබාවද ඕනේ එයාගෙ ජීවිතේද කියලා.. එයා කිව්වා බබට ජීවිතේ දෙන්නයි එයාට ඕනේ, එයාගෙ කාලෙ දැන් ඉවරයි කියලා.. අම්මගෙ ඉල්ලීම තමා අපි ඉශ්ට කලේ..
      "ඒ අහපු දෙයින් පස්සෙ මන් කෑ ගහන්න ඇදුවත් මගෙ කටින් සද්දෙ පිට වුනෙ නෑ..  මට මතක මං බිම ඇදගෙන වැටෙනවා විතරයි... මට සිහිය එද්දී මං හිටියෙ සදැසිගෙ මලගමේ...
   මං එදා එයාගෙන් ඇහුවා ඇයි එහෙම කලේ කියලා.. එයා හිටියනම් අපිට තව බබෙක් හදගන්න තිබුනා.. ඇයි එයා මාව දාලා ගියේ.. මන් එදා ඇඩුවා.. විලාප තිය තිය ඇඩුවා..
     "මාස දෙක තුනක් ගෙවුනා... සදැසි මට දීලා ගිය එයාගෙ ජීවිතේ චූටි දුවෙක්..
     එයා වගේම රෝස මලක්..
  "සදැසි අහස්නා වෙනුවට මං එයාට තරුවි අහස්නා කියලා නම තිබ්බා.. ඒ සද එලියෙන් ආපු පුංචි තරු කැටේ මාව ජීවත් කෙරෙව්වා...

     "දවසක් මට කාමරේ පොතක් ඇතුලෙන් පොඩි කොල කෑල්ලක් හම්බුනා.. ඒ සදැසිගෙ අත් අකුරු...
           "මගෙ මහත්තයෝ, ඔයා නොකිව්වට මට දැනෙනවා මං මැරෙමින් ඉන්නේ.. මට ඒක හොදට දැනෙනවා.. මං ගියත් යන්නෙ ඔයාට මේ රෝස මල දීලා.. මේ අපේ පලවෙනි පැටියා.. එයා ඔයාගෙම වෙයි.. එයා ඔයාට ගොඩාක් ආදරේ කරයි.. මට යන්න වෙන නිසා තමා මං ඔයා ගැන එයාට හැමදාම කිව්වෙ.. එයාව ආදරෙන් බලාගන්න රත්තරං. ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි"
 
    එදා ආයෙම මගෙ කදුලු අලුත් වුනා.  එයා ගැන මට එදා දැනුනේ ගෞරවයක්.. එයාගෙ මහත්තයා වෙන්න මං පින් කරලා කියලා මට හිතුනා...
   
    "තාත්තියෝ....... හලී ශෝයී..
එක පාර ආපු සද්දෙන් මං ගැස්සිලා ඇස් ඇරියා..  මගේ රෝස මල මගේ ඇස් ඉස්සරහ.. එයා සදැසිමයි කියලා මට හිතුනෙ පලවෙනි පාරනම් නෙවෙයි...
     "තාත්තා බලන්න ඕනෙමයි කීව නිසා මං එක්ක ආවා මහත්තයෝ.. චූටි අම්මා කිව්වා..

   "දග මල්ල යමු ගෙදර... තරුවිව වඩාගෙන වාහනෙත් අරන් අපි ගෙදර ආවා..

  ‍"දූ එන්න දැන් චුට්ටක් දොයියගන්න..
තරූ......
  "තරු ආවා  කියාගෙන කෙල්ල මගෙ ඇගට පැන්නා...
   "කෝ නිදාගන්න..
"තාත්තී...
   ම්ම්ම්ම්ම්ම්ම්ම්...
"තරුත් ඉන්නවා, හිරුත් ඉන්නවා.. කෝ තාත්ති සදු...
  මගෙ කම්මුල් දෙකෙන් අල්ලන් අහද්දී මගෙ ඇස් බොද වුනා..
     අද නැතත් ආයෙ දවසක ඔයා ම්ගෙන් ඕක අහයි පැටියෝ.. එදාට මං අසරන වෙයි..
   මොකද අහසෙ හිරුයි තරුයි තනි කරලා සදු හැංගුනා රත්තරං...
   ඇස් වලින් වැටුන කදුලක් රෝස කම්මුලකට වැටුනත් පැටියට නින්ද ගිහින් තිබුනා..
    ඔයා නැතුව මගේ ලෝකෙම අදුරුයි රත්තරං.. මගේ පුන්චි සද අද හැන්ගිලා...
  මගේ සදවතිය මියැදිලා...
අහස දිහා බලාගෙන මම මුමුනද්දී මගේ ඇස් වලින් කදුලු කැට වැටුනේ ඒවාට කවදාවත් මං බැම්මක් නොබැදපු නිසාවෙන්.....

----------------------------නිමි-------------------------------
චනු ඉෂාන්

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment