අසම්මතයක සිත පැටළුණු දා..

Image result
අසම්මතයක සිත පැටළුණු දා..
කෙටිකතාව

"මිස් මොනාද බැලුවෙ..??"

"මට හොඳ නෙක්ලස් එකක් බලන්න පුළුවන්ද.මෙන්න මේකට මැච් වෙන්න ඕනි...?"

ශම්මි ඇහුවෙ කඩේ සේවකයගෙන් සාරි එකත් පෙන්නලා.

"ඔව් මිස් මේක බලන්න.."

සේකවකයා පෙන්වද්දී එතනට ආවේ කඩේ හිමිකරුය.හිමිකරුයි කීවට ඔහු අවුරුදු තිහක පමණ තරුණයෙක්..

"මොනාද මිස්..සංක අර මහත්තයා බලන්න.මම මේක පෙන්නන්නම්.."

ඔහු එය බාර ගනිද්දි ශම්මී යන්තම් කට කොණකින් සිනාසුනාය.රට සේවයෙන් සැමියා හම්බ කර එවන මුදලින් රජ සැප විදින ශම්මී ටයිට් ජීන් එකට ශෝට් ටීශර්ට් එක මැච් කරලා රිලැක්ස් කරපු හෙයා එක ටූ කලර් කලර් කරලා කණට අරුංගල් දෙකක් මෙන්ම නහයටද කරාබුවක් සිටි ඇය තුලින් දිස් උනේ සරාගී තරුණියකගෙ පෙනුමක්.

"මෙන්න මේ සාරි එකට මැච් කරන්න මිස්ටර්...ටිකක් ගණන් උනාට කමක් නෑ.."

"ඕ.කේ.මිස් මේක බලන්න.මේක අලුත් ඉන්ඩියන් ඩිසයින් එකක්..."

"ඕ...ස්වීට්...හව් මච්..??"

"මිස්...ෆෝ තවුසන්ඩ් අන්ඩ් ෆයිව් හන්ඩ්‍රඩ් ..ඩිස්කවුන්ට් දාලා දෙන්නම් මිස් ගන්න.."

"ම්ම්..තෑන්ක්ස්...මට ඒක දෙන්නකො..."

රදීෂ බිල් එක එන්ටර් කරන ගමන් නැවතත් ශම්මි වෙත දෙනෙත් රැන්දුවා.ඇය සල්ලි තියන ලස්සන තරුණියක්...රදීෂ මේ වගේ කෙල්ලො අතාරින්නෙ නෑ ලේසියෙන්.

"මිස්...මේ මගෙ විසිටින් කාඩ් එක.මේ මගෙ ශොප් එක.ඕනි වෙලාවක එන්න.අලුත් ඩිසයින් අප්ඩේට් කරනවා අපි හැම වෙලේම.මම රදීෂ .."

"ඕ.කේ.රදීෂ ..අයිම් ශම්මි.."

"ෆෝ තවුසන්ඩ් දෙන්න මිස් ශම්මි...ඔන්න ෆව් හන්ඩ්‍රඩ් ඩිස්කවුන්ට් .."

"තෑන්ක්ස්..."

...................

ශම්මි ගෙදර ගියාම මතක් උනේ රදීෂමයි...ඔහුගෙ සික්ස් පැක් බොඩි එක ඒ තලෙලු උස මහත...කොණ්ඩෙ..කෙල්ලො පිස්සු වට්ටන මදක් අඩවන් බොර පැහැ දෙනෙත්...

ශම්මිට නුවන් කෝල් කලත් ඇය ඉක්මනින් ෆෝන් එක තිබ්බෙ ඔලුව රිදෙනවා කියලා.

ඇය විසිටින් කාඩ් එක අරන් බැලුවා..රදීෂ සම්පත්..එයා වගේමයි නමත්..

ඇය මූණු පොතේ උඩටයි පහළටයි ගියෙ හිතේ තිබ්බ නොසන්සුන් කමට.

"සර්ච් කරලා බලමු.."

ඇය අකුරින් අකුර ටයිප් කලේ යෞවනියක් මුලින්ම තමන්ට හිත ගිය තරුණිය සොයන අයුරින් වෙව්ලමින්.

රදීෂ ඔව්....ඔහුගෙ ගිණුම පුරාම තිබ්බෙ ඔහුගෙ ජිම් ගිය ෆොටෝ...පූල් වල ඉන්න ෆොටෝ හයික් ගිය ෆොටෝ...

ශම්මි එකින් එක පිරික්සුවෙ හිත අමුතුම මිහිරකින් පිරෙද්දි.මුලින්ම මම රික්වෙස්ට් කරන එක හරි නෑ...ඇය හිතුවෙ එහෙමයි.

රදීෂත් දවසම කල්පනා කලේ ශම්මිට දැල එලන්නෙ කොහොමද කියලා.

ශම්මි යාළුවගෙ වෙඩින් එකට ගියෙ එදා ගත්ත කරාබු දෙක දාගෙනමයි.

"මම දැනන් හිටියෙ නෑ මේ ඉයර් රින්ග්ස් මෙච්චර ලස්සනයි කියලා..එහෙමනම් ප්‍රයිස් වැඩි කරනවා.."

රදීෂ කියුවෙ වෙඩින් එකේදි දැකපු ශම්මිට.

"අහ්..ඔයා මෙහෙ...??"

ශම්මි ඇහුවෙ පුදුමෙන්.

"ඔව්..මනමාලයා මගෙ යාළුවෙක්...එතකොට මම හිතන්නෙ නංගි ඔයාගෙ යාළුවෙක්.."

"ඔව් ශානි මගෙ ක්ලාස් මේට්..."

විවහා උත්සවයෙ දවල් කෑමෙන් පස්සෙ හැමෝම ඩාන්ස් කරන්න පටන් ගත්තා.ශම්මි ඩාන්ස් ෆ්ලෝ එකෙට ගියෙ රදීෂගෙ කරදරේටමයි.

"බෑ රදීෂ ඔයා ඩාන්ස් කරන්නකො.."

"නෝ නෝ ශම්මි...එන්න..."

රදීෂ ශම්මිගෙ ඉග වටා අත යවලා ඇගට තද කරන් අතින් අල්ලා ගත්තෙ කපල් ඩාන්ස් එකකට.අවුරුදු තුනකින් නුවන්ගෙ පහසක් නොලැබුන ශම්මිට ඒ පහස ගොඩක් අමුතුවට දැනුනා.ශම්මි වෙව්ලල ගියෙ ඒකයි.

"ඕ බබා මොකෝ වෙව්ලන්නෙ..??"

රදීෂ කණ ලගටම කරලා අහද්දි ශම්මිගෙ ඇගේ මවිල් කෙලින් වෙනවා වගේ දැනුනා.

එදා විවහා මංගල්‍යය ඉවර වෙලා එනකොට රදීෂ හා ශම්මි හොඳ යාළුවො වෙලා ඉවරයි.ඔවුන් දුරකථන අංක පවා මාරු කර ගත්තා.

"හෙලෝ..."

"හෙලෝ ශම්මි...මම රදීෂ ..."

"අනේ ඔයට මාව මතක් උනාද..??"

එතනින් පටන් ගත්ත කතාව මේවෙනකොට පෙම් සබඳතාවක් බවට පත් වෙලත් ඉවරයි.
ඒත් ශම්මි කියුවෙ නෑ එයා මැරි කරපු කෙනෙක් කියල...එයා රදීෂ මුණ ගැහෙන හැම වෙලේම නුවන් දාපු මංගල මුද්දත් බෑග් එකේ දාගෙන තමයි තිබුණෙ.

මෙතෙක් කල් රදීෂ උනත් ශම්මිට හංගපු දෙයක් තිබුණා.ඒ රදීෂ බැදපු කෙනෙක් බව.

මේ පෙම එන්න එන්නම දළුලා වැඩුනෙ ස්කයිප් කෝල් හරහා වගේම ලන්ච් වලට ඩිනර් අවුට් වලට ගිහින්.

දෙමාපියන්ගෙන් මිදිලා තනියම කොළඹ ජීවත් වෙච්ච ශම්මි ගෙදර හිටියෙ තනියම...රදීෂ වගේ කඩවසම් තරුණයෙක් ලග තියාගෙන ශම්මිටත්, ශම්මි වගේ සරාගී තරුණියක් ඉන්නකොට රදීෂටත් තම තමන්ගේ සිතැගි වැඩි දවසක් පාලනය කර ගන්න බැරි උනා.

රදීෂගෙ ශොප් එකේ රදීෂට වෙන් උන කාමරයෙ ශම්මි නුනන් වෙනුවෙන් තිබ්බ පතිවත බින්දෙ ඒ විදිහට

"කොහොමද මෙහෙම උනේ ශම්මි...??"

රදීෂ අහද්දි ශම්මි වෙව්ලලා ගියා.

"මම මැරි කරපු කෙනෙක් රදීෂ ...හස්බන්ඩ් රටෛන්නෙ..සොරි...මම මේ දේවල් ඔයාට කියුවොත් ඔයා නැති වෙයි කියලා මට බය හිතුනා.."

ශම්මි කියද්දි රදීෂ ඇදෙන් නැගිට්ටෙ කේන්තියෙන්..

"තමුසෙටදැන්ද ඕක කියන්න මතක් උනේ...??"

රදීෂ අදසතුටින් හිටියෙ ශම්මි කන්‍යාවක් කියලා හිතාගෙන.ඒක එහෙම නෙම්ව්‍යි කියලා දැන ගත්තම ඔහුට ගොඩක් තරහා ගියා.

රදීෂ කාමරෙන් එළියට ගියෙ තරහින් පුපුරමින්..රදීෂ ගියාට පස්සෙ කාමරේ අඩමින් ඉදලා ශම්මි ගියෙ හවස් වෙලා.ඒ වෙනකම්වත් රදීෂ ශොප් එකට ආවෙ නෑ.

මුලදි තරහා ගියත් ශම්මිව ඇසුරු කිරීම තමන්‍ට කිසිදු වගකීමකින් තොරව කල හැකි බව රදීෂ තේරුම් ගත්තා.එදා රාත්‍රියේ රදීෂ ශම්මිගෙ ගෙදර ගියෙ දෙවන වතාවටත් ශම්මිගෙ පහස විදින්න.

රදීෂ තරහා වෙලා කියලා හිතපු ශම්මිට ඔහුව දැක්කම දැනුනෙ පුදුම සතුටක්..ඉතින් රදීෂගෙ පහසෙ මත් වෙන්න ශම්මිට වැඩි වෙලාවක් ගියෙ නෑ.

වෙලාවක් අවේලාවක් නැතිව රදීෂ ශම්මිගෙ ගෙදර ආවෙ ශම්මිගෙ පහසට එතරම්ම ලොල් උන නිසා.

මේ විදිහට අවුරුද්දක් පමණ ගත වෙනකොට මේ දෙන්නා අඹු සැමියන් වෙලා ඉවරයි...අසම්මත උවත්..

එක දිනක රශ්මි සිහි නැතුව වැටුනෙ බාත් රූම් එකේදි..ඇය ගැබිණියක් වෙලා කියුවම රදීෂට දැනුනෙ කේන්තියක්.

"තමුසෙට මම පරිස්සම් වෙන්න කියුවා නේද..??"

"අනේ බෙහෙත් හරියට බිව්වා රදීෂ .."

ශම්මි හඩා වැටුනා.එදා ගියත් හරි රදීෂ ආයිත් කවදාවත් ශම්මි බලන්න ආවෙ නෑ.මේ වෙනකොට නුවන්ට විවිද ආරංචි ලැබුනත් ඔහු තම බිරිඳ විශ්වාස කලා.

ඔහු නිවසට ආවෙ ශම්මි පුදුම කරන්න හිතාගෙන.ඒත් පුදුම උනේ නුවන්..නුවන් ට ලියුමක් ලියලා තියලා ශම්මි ගෙදරින් ගිහින් තිබුනා.

නුවන් පිස්සෙක් උනේ එදා ඉදලා..නුවන් බොන්න ගත්තා..අමු බේබද්දෙක් උනා..ශම්මි ගැන හෙව්වත් කිසි දෙයක් හොයාගන්න හම්බ උනේ නෑ.

එක දවසක් බීලා එනකොට වාහනේ හිගන ගෑණියෙක් හැප්පුනේ බීලා වැඩි නිසා.

"දෙයියනේ ශම්මී..."

වෙරි මරගාතෙන් බැහැපු නුවන් දැක්කෙ ලේ විලක් මැද වැටිලා ඉන්න ශම්මි.

රෙදි කඩමාල්ලක ඔතපු බෝනික්කෙක් ඈත විසි වෙලා තිබ්බ.

"ශම්මි කතා කරන්නකො..අනේ..."

ඒ වෙනකොටත් ශම්මි අවසන් හුස්ම හෙලලා ඉවරයි.

එතනට රැස් වෙච්ච මිනිස්සු එක එක කතා කියුවා.

"මහත්තයා බය වෙන්න එපා.ඔය ගෑණිට පිස්සු.මහත්තයා රට ඉද්දි වෙන මිනිහෙක් එක්ක ගිහින් බඩට ලමයෙක් අරන් ඒළමයා නැති කරලා ඊට පස්සෙ වටේ ගිහින් තිබ්බා..කොහොම හරි ගෑණි රුපියක් දෙසීය පනහකට තුන්සීටත් විකිණිලා තිබ්බා..ඊට පස්සෙ මහ මාට වැටිලා තිබුනෙ ...පීස්සු හැදුනෙ කොහොමදනම් දන්නෙ නෑ.ගෑණි ලමයා ගැන හිතන්න ඇති ගොඩක් අය දැකලා තියනවා ඔය බෝනික්කා හුරතල් කරනවා..."

මිනිස්සු විවිද කතා කියද්දි ශම්මිගෙ ලේ වැකි හිස නුවන් තම පපුවට තුරුල් කර ගත්තෙ ආදරෙන් ..

නිමි
අහිංසා ප්‍රසාදිනි

premathunga

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment