මල් කෙල්ල

*****...***... මල් කෙල්ල...***...*****

මම පහන් සහෝදරියො හතර දෙනෙක්
ඉන්න පවුලේ බාලයා.වෘත්තියෙන් මම බැංකු නිළධාරියෙක්.අක්කලනම් බැඳලා,අම්මගෙයි,තාත්තගෙයි ලොකුම රාජකාරිය මට මගුල් හොයන එක,
මට තාම විසිහතරයි,සෙල්ලමට තමා තාම හිත පොඩි උන්නේ,වැඩට ගිහින් එන්නේ සෙල්ලම් කරන්න බලාගෙන...මොකද මගේ අතිජාත මිත්‍රයෝ එනවනේ ඒකට....

මචං .පහනෝ,උඹ ඉරිදා වැඩක් එහෙම දාගෙන තියෙද..?ඒ විසල්

නෑ බං විසලයෝ,

එහෙනම් අපි යමුද ඉරිදා කතරගම,හැබැයි බයික් වලින්.

මම නම් කැමතියි,උඹලා මොකද..කියන්නේ .

අපි මොනවා කියන්නද බං,උඹ  එන්න කලින් අපි කතා කරගත්තෙ,

හරි හරි ගොඩ ගොඩ කොල්ලා එනවා,

#                #                  #                  #

විස⁣ලො බයික් ටික මෙතන දාමු,අව්වක් වැටෙන්නෙත් නැහැනේ.

හරි බං,හරි පහනො,කොහෙද බං මුලින් යන්නෙ,

කිරි වෙහෙරට යමං.ඒ ජනිතයා

මල් ටිකකුත් අරං යමං,කෙල්ලෙක් ඉන්න තැනක් හොයලා.මගේ යෝජනාව උඩින්ම සම්මතයි,

ජනියෝ,අර බලපන්,අතනින් ගමු.
විසල් ජනියට⁣ පෙන්නුව පැත්ත,මටද ඉබේම බැලුනි.

⁣යකෝ මල් පරාදයි, බලපන් ලස්සන මම කිව්වද,කියවුනාද කියලා හිතාගන්න බැහැ.

නංගි මේ මල් කොහොමද ?පැනය ලසිත්ගෙන්.

සීයට දහයයි,මහත්තයා.

ඇගේ රූපයටම ගැලපෙන මිහිරි හඬකි,සුසුපාට අත්දිග බ්ලවුසය,ඇගෙ මුහුනට
එලියක් දුන් බව නිසැකය.ඒ සිනහව නිර්ව්‍යාජ බවක් ගම්‍යමාන කරයි.

මල් රැගෙන කිරිවෙහෙරට පුදා වඳන අවස්තාවේද මගේ හිතේ ඇය මැවී ගියේ නිතැතිනි.
කිරිවෙහෙරෙ වැඳ දේවාලෙට යන ගමනේදීද මා ඇය දෙස බැලුවා නොව බැලුනි.
පුදුමයකි,ඈද මා දෙස බලා සිටී.
නුහුරු හැඟිමකින් හිත පිරුනි.

#               #                  #                #

හෙලෝ...මචං ,

කියපං පහනෝ,

මචං,මට එන ඉරිදත් කතරගම යන්නොන.විසලෝ.

මං දැනන් හිටියා,උඹ ඕක මගෙන්අහන බව,කෙල්ල උඹට හිතට වැදුනා නේ,

උඹ කොහෙමද දන්නේ,,,?

ඇයි බං එදා එද්දි කෙල්ල උඹට ඇහැදුන්නෙ,උඹත් දීගෙනම ආවනේ්.

හ්ම් ,ගමන හරි නේ.අනිත් උන් දැනගන්න බෑ ,පස්සෙ උන්ට කියමු.

#           #            #            #

මේක කරන්න බෑ බං පහනො,දැන් දැන් පිට පිට ඉරිදා පහක් ගියා.මල් අරන් වැඳලා එන එක විතරයි.අදවත් කතාවට අල්ල ගනින්

හ්ම්,බලමු.

මහත්තයෝ,හැම ඉරිදම කිරි වෙහෙරට එනවා නේ,

අනේ ඔව් නංගී,එක පාරක් ඇවිත් මූ මෙහේ හිත අතරමං කරලා ගිහින්,ඒක හොයන්න තමයි මේ එන්නෙ.

නංගි මට ටිකක් කතා කරන්න පුලුවන්ද ?

මාත් එක්ක,මේ මල් විකුණන කෙල්ලෙක් එක්ක මොන කතාද මහත්තයෝ.

මට මෙහෙම කතා කරන්න බෑ නංගී ,ඔයගේ වැඩ පාඩු වෙනවා.ටිකක් නිදහසේ කතා කරන්න ඕන.

ඇයි අයියේ,

නංගියො,මූ හිත අතරමං කරල ගිහින් තියෙන්නේ නංගි ලඟ.විසලයා පැන්න අස්සට.

අනේ මහත්තයෝ ,දැන් අම්මා එන වෙළාව,මහත්තයලා පාලම ලඟ තියන සියඹලා ගහ ලඟ ඉන්න මම එන්නම්.

අපි බලං ඉන්නම් නංගි.

#               #                   #                #

කෝ බං මේකි,දැන් පැය දෙකකටත් වැඩියි.අපෙන් නිදහස් වෙන්න කෙල්ල බොරු කියන්න ඇති.පහනො ..

නෑ බං කෙල්ල එනව මට ශුවර්..

උඹ හරිබන් අර එන්නෙ,හති දාගෙන.
මම අරෙහෙන් ඉන්නම්,උඹ කතා කර ගනින්.

තෑන්ක්ස් මචෝ.

මහත්තයෝ ,අම්මා එන්න පරක්කු උනා,ආපු ගමන් දුවල ආවේ.මම හිතුවෙ ම⁣ට බැන බැන මහත්තයලා යන්න ඇති කියලා .මට වැඩි වෙලාවක් ඉන්න බෑ,කන්නෙත් නැතුව අාවේ,⁣තැපැල් කන්තෝරුවට යනවා කියලා ගැසට් එක බලන්න .

මගේ මුවේ සිනාවක් ඇඳුනි.

ඇයි මහත්තයා හිනා වෙන්නේ .

අද ඉරිදා,කන්තෝරුව වහල.

අයියෝ මට අමතක,වුනා.හරි අම්මට මොකක් හරි කියන්න බැරිය.
ඉතින් මහත්තයෝ.....

ඔයාගෙ,නම මොකද්ද නංගී .

මම,සුපිපි......සුපිපි  භාග්‍යා..

හ්ම් ,සුපිපි ,ඔයා ගාව තියන මගේ හිත මට දෙන්න සුපිපි ,මෙච්චරකල් තිබුනට පොලිය වෙනුවට මට සුපිපිගෙ හිතත් ඕන.

අනේ මහත්තයෝ ,

මට මහත්තයා කියන්න එපා සුපිපි මම පහන්.....

මහත්තයෝ,මහත්තයා හොඳ කෙනෙක් බව පේනවා,ඒකයි මං ආවෙත්.ඒත්  මහත්තයෝ මට බයයි මහත්තයගේ අම්මලාට මාව පෑහෙන්නැතිවෙයි.

එ් කියන්නේ සුපිපි මට කැමතියි.

ඔව් ,මහත්තයෝ .

මට මහත්තයා කියන්න එපා සුපිපි .නම කියන්න බැරිනම් අයියා කියලවත් කියන්න .

අයියේ,

අන්න හරි එහෙම හොඳයි.

අයියේ අයියට වගෙම මටත් අයිය ගැන අදහසක් ආවේ එදා මගෙන් මල් ගත්තු දවසේ.
මම එදාම පැතුව මට තව පාරක් අයියව දකින්න ලැබෙන්න කියලා.

ආදරෙයි..සුපිපි ගොඩක්,ඇගේ දෑත අල්ලාගෙන කීවෙමි.

අයියේ මමත්.

නංගි පරක්කු වෙනවනේ යන්න .

මං එන්නම් අයියේ.

#         #           #          #

විසල් මම ගෙදරට කිව්වා බං සුපිපි ගැන.

ඉතින් ඉතින් අම්මලා කැමති උනාද,

ඔව් මගේ වදේට

හෙට යනවා අපි අම්මලත් එක්ක,උඹත් සෙට් වෙයන්

අනිව බොක්ක.

#           #           #                      #

චූටි අක්කෙ අපි දෙන්නා කපල් එක වගේ යමු එතෙන්ට.

හා හා යමං සුදූ

අපි ලං වෙද්දිම කෙල්ල අපිව දැක්කා,

අපි එතනින්ම මල් ගමු බලන්න.

ලස්සන මල්ටික සුදූ,මට මල් ටිකක් අරන් දෙන්නකෝ පැටියෝ.

චූටි අක්කගේ,රඟපෑම කොහොමද කිව්වොත්,සුපිපිගේ ඇස් වලින් කඳුලු සට සට ගා වැටෙන්නට විය.

අනේ ඇති චූටි,පව් බලන්⁣නකෝ,

විසල් මල්ලි මෙයා එද්දි කිව්වෙ කොහොමද .

ඒකනේ ඒකනේ අක්කා.

චූටි ඇති,අම්මා වෙලාවට ආවේ.

දුව ඇයි මේ අඬන්නෙ ,ඒ එයගේ අක්කා.

යන්තම් ඇති කෙල්ලගේ මූනට හිනාවක් ආවා.

අපේ  කොල්ලා කිව්වට වඩා කෙල්ල හැඩයි නේද,සුමේධ.

මගේ පුතාගේ තේරීමනේ ඩාර්ලින්.
කෝ දුව අම්මා,

දැන් එයි මහත්තයා,

මහත්තයා නෙමෙයි මට තාත්තා කියන්න දුවේ,

ඇයගේ හැඬුම අලුත් විය.

ඇයි දුවේ අඬන්නෙ,

මට ඉන්නෙ අම්මයි මල්ලියි විතරයි තාත්තෙ.

ඇය තාත්තව බදාගෙන අඬද්දි කඳුලු නොවැටුනු කෙනෙක් නොමැත .

#            #         #           #

අම්මාත් කැමතිනේ සුපිපි අද ඉඳන් ඔයා මගේ.ඇයි මම චූටි අක්කත් එක්ක ඉද්දි ඇඬුවේ.

මං දන්නෑ නේ ඒ අයියගේ අක්කා කියලා.එහෙම දකිද්දී මගේ පපුව හෝස් ගාලා ගියා,

ඒ තරම්ම මට ආදරෙයිද,සුපිපි

ඔව් මගේ මහත්තයෝ,

මාත් ගොඩක් අාදරෙයි
""" මගේ මල් කෙල්ලේ""
ඇයව ආදරයෙන් තුරුලු කර ගතිමි..

෴෴෴...නිමි...෴෴෴

,,,,,,,.......දිලී........,,,,,,,,,,,,

දිලීම උදයංග වික්‍රමසිංහ

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment