Dream boy
කෙටිකතාව
#ඕනම ගැහැණු ළමේක්ගෙ හිතේ ඉන්නව සිහින කුමාරයෙක් ඒක එයාලා මනසින් මවාගනත ලස්සන චිත්රයක් ඔව් ඕනම කෙල්ලෙක් කැමතියි මේ ලොකෙ ඉන්න ලස්සනම කෙල්ල තමන් කියලා හිතන්න. පැය ගනන් කණ්නාඩිය ඉස්සරහට වෙලා හැඩ බලන්න මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල කවුද කියලා මායා කැඩපතින් අහන්න කැඩපතේ ඇඳිච්ච තමන්ගෙ රූපෙ දිහා බලලා සතුටු වෙන්න
"මොකක්ද කෙල්ලෙ උදේ ඉඳන් හවස් වෙනකම් කන්නාඩිය ඉස්සරහ හිටගෙන එහෙට මෙහෙට ඇඹරෙන්නෙ ඔයිට වඩා නරකද මට උයන්න ටිකක් උදව් උනානම්."
පද්මිණී දෝණිනැන්දගෙ කාමරේට එබෙන ගමන් කිව්වා
"අපෝ අම්මෙ ඕක ඉතින් හිමින් කියන්න තිබුනනෙ මුළු ගමටම ඇහෙන්න කෑ ගහන්න දෙයක්ද?"
ඒ අරුන්දතී ....
අරුන්දතීට එපාම කරපු වැඩේ තමයි උයන එක
"අපෝ අතේ දැලි ඉඳුල් ගෑවෙන එක තරම් මට එපා කරපු තවත් දෙයක් නෑ"
අරුන්දතී හිතුවෙ එහෙම
පද්මිණී නම් නිතරම අරුන්දතීට කිව්වෙ කසාද බඳින එකාගෙන් අම්මට තාත්තට කතන්දරයක් අහන්න නැතිවෙන විදියට යමක් කමක් ඉගෙන ගනින් කියලා
අරුන්දතී නෙමේ ඒක කනකට ගත්තෙ
අරුන්දතීටම හරියනවා අරුන්දතීගෙ තාත්තත්
ඉඩම් හිමි වැවිලි කරුවෙක් වෙච්ච ඩග්ලස් රූපසිංහ කැමති උනේම නෑ තමන්ගෙ බෝණික්කියක් වගේ පුංච් කෙල්ල මහන්සිවෙලා වැඩ කරනවට පද්මිණී අරුන්දතීට බනින කොට ඩග්ලස් කලේ අරුන්දතීව හුරතල් කරපු එක
කොහොමත් ඉතින් තාත්තලා වැඩිපුර ආදරේ දූලටනෙ
අරුන්දතී පුංචිකාලෙ ඉඳල ඉල්ලපු ඉල්ලපු හැමදේම කිසි අඩුවක් නැතිව අරන් දෙන්න ඩග්ලස් පසුබට උනේ නෑ තාත්තෙක්ගෙ ආදරේ මොනවගේද කියලා පුතෙකුට වඩා හොඳාකාරවම දන්නෙ දුවෙක්
අරුන්දතීගෙ හිතෙත් ඇඳිලා තිබුනා රූපයක් කවද හරි තමන් කසාද බඳින්න ඕනය කියලා හිතන ගැන බොහොම පැහැදිලි රූපයක් තාත්තගෙ ගති ගුණ තියෙන නළුවෙක්ගෙ වගේ රූපයක් තියෙන ක්රේල් කොණ්ඩයක් තියෙන බොහොම ලස්සන කොල්ලෙක්ගෙ රූපයක්
ස්කෝලෙ යන කාලෙ ඉඳල අරුන්දතීගෙන් කොල්ලො කීයක්නම් යාළු වෙන්න අහලා ඇතිද ....?
ඒ හැම කොල්ලගෙම රූපය තමන්ගෙ හිතේ ඇඳුන සිහින කුමාරයගෙ රූපය එක්ක සසඳපු අරුන්දතී අහපු හැමෝටම දුන්නෙ එකම උත්තරයක්
"මම එයාට කැමති නෑ කියන්න"
අරුන්දතීගෙ යාළුවො කොයිතරම් ඒ කොල්ලගෙ ගුණ වැයුවත් අරුන්දතී නෙමෙයි ඒවා ගානකටවත් ගත්තෙ
"බලාගෙන ඉඳපන් උඹේ සිහින කුමාරයා සුදු අස්සයෙක්ගෙ පිටේ ඇවිත් උඹව කැන්දන් යනකම්"
අරුන්දතීගෙ යාළුවො අරුන්දතීගෙ මේ හැසීරීම ගැන කිව්වෙ එහෙම
"මම දන්නව මගෙ හිතේ ඉන්න කෙනාව මට කවදාම හරි මුණ ගැහේවි හරියට කුස රජ්ජුරුවන්ට පබාවතී හම්බුනා වගේ"
අරුන්දතීගෙ පිළිතුර උනේ ඒක
- ---------------------------------------------------------
අරුන්දතීට දැන් අවුරුදු විසිඅටක් රටේ තියෙන හැම මංගල සේවයකින්ම වගේ ඩග්ලස් දැන් අරුන්දතීට මනමාලයො හොයලා ඇති ඒත් අරුන්දතී නෙමෙයි ඒ එකකටවත් කැමති උනේ....
"අනේ මම දන්නෙ නෑ මේ කෙල්ලට මොනවනම් වෙලාද කියලා"
ඩග්ලස් නිතරම තමන්ගෙ දුව ගැන ඉඳියෙ දුකින්
"පොඩි කාලෙ ඉඳන් මම දුවට කිසි අඩුපාඩුවක් වෙන්න දුන්නෙ නෑ එයා කැමති හැම දේම මම එයාට දුන්නා ඒත් මම කොහොමද මේ දේ එයාට හොයලා දෙන්නෙ "
ඩග්ලස්ගෙ හිතේ තිබුනෙ පසු තැවීමක්
"මට හිතෙනව වෙලාවක කෙල්ලව දොස්තර කෙනෙකුටවත් ගිහින් පෙන්නන්න"
පද්මිණී හිතුවෙ අරුන්දතී ඉන්නෙ මානසික ලතැවුලකින් කියලා ඩග්ලස්ටත් ඒ ගැන නොහිතුනාම නෙමෙයි
කෙල්ලෙක් හිතක කොයිතරම් නම් හීන කන්දරාවක් ගොඩ ගැහෙනවද ඒත් ඒ හීන අතරින් හැබෑවෙන්නෙ කීයෙන් කීයද තමන්ගෙ තුන් හිතකවත් නොහිටපු කෙනෙක් කසාද බඳින්න වෙලා අද කෙල්ලො කී දෙනෙක්නම් නිරපරාදෙ දුක් විඳිනවද
අරුන්දතී හැම වෙලාවෙම හිතුවෙ එහෙම
"කලබල නොවී ඉන්න කාලය හැම දේටම පිළිතුරු දෙයි"
අම්මටයි තාත්තටයි අරුන්දතී දීපු උත්තරේ ඒක..
ඒත් අම්මගෙයි තාත්තගෙයි ඉල්ලීමට විරුද්ධ වෙන්න අරුන්දතීට පුළුවන් කමක් තිබුනෙ නෑ ඒ නිසාම එයා තීරණය කලා ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න
එදා බොහොම ලස්සන දවසක් හීනි පොද වැස්සක් පොළවට හාදු තියද්දි ලස්සන දේදුන්නකින් අහස සිතුවම් වෙලා තිබුනා
තමන්ගෙ වාරය එනකන් අරුන්දතී බලාගෙන ඉන්නවා
"නොබ්බර හය එන්න"
අරුන්දතී රෝහල් කාමරය ඇතුලට ගියා....
"වාඩිවෙන්න"
අරුන්දතීට ඒ කඩහඬ පුරුදුයි වගේ...අරුන්දතී ගෙ ඇස් නැවතුනේ ඩොක්ටර්ගෙ ඇස් ලඟ අරුන්දතී මොහොතකට ගල් ගැහුනා ...
ඒ තමයි කාලයක් පුරා අරුන්දතීගෙ හිතේ ඇඳුන සිහින රුව..
"අරුන්දතී ......... "
"සම්පත් ඔයා......"
"අඳුන ගත්තා නේද......."
"දැන් ඔයා ගොඩක් වෙනස් වෙලා..."
සම්පත් ඉස්කෝලෙ යන දවස්වල අවුරුදු කීයක්නම් අරුන්දතීගෙ පස්සෙන් එන්න ඇතිද ඒ කාලෙ බොහොම පොඩි කෙට්ටු කොල්ලෙක් වෙච්ච සම්පත් දැන් බොහොම අපූරු තරුණයෙක් .
කාලය හැමදේටම පිළිතුරු දේවි......
ඒ කියමන කොච්චර ඇත්තක්ද කියලා අරුන්දතීට හිතුනා....
සමාප්තයි..
සමීර මධුශංක
උපුටා ගැනීමකි
No comments:
Post a Comment