විනාඩියක් වැය කරන්න...
අනිවාරෙන් ඔයාගේ අදහස කියලා යන්න..😊
මරණය...
"තේරුම් ගන්න විහංසි මං ඔයාට ආදරෙයි..."
"මේ තනුක මං ඔයාට කිව්වනේ මට තමුසෙගේ ආදරේන් වැඩක් නෑ...මට පාඩුවේ ඉන්න දෙනවා..."
"මොකක්ද විහංසි මං ඔයාට කරපු වරද?ඇයි මෙහෙම කරන්නේ?"
"මං කරන්නේ මට ඕනි දේ මිසක් ඔයාට ඕනි දේ නෙමෙයි...තේරුණාද?වදයක් වෙන්න එපා..."
"මොනාද මං ඔයාට නොදීපු දේවල්?මොකක්ද මං ඔයාට කරපු අඩු පාඩුව?ඇයි මට මෙහෙම කරන්නේ?"
"මෙහ් තනුක ඔයාගේ බණ අහන්න වෙලාවක් නෑ මට...මං යනවා..."
"විහංසි...ඔහොම ඉන්න..."
අවුරුදු 02 ක් වුණ ප්‍රේම සම්බන්දතාවයට විහංසි තිත තිබ්බේ එහෙමයි...වයස අවුරුදු 25ක් වයසැති තනුක නෙත්සර විජේකොන් වයස අවුරුදු 22 ක් වයසැති විහංසි උත්තරා ප්‍රනාන්දු ට හදවතින්ම ගොඩක් ආදරේ කළා... මිල මුදල්,යාන වාහන,ඉඩම් කඩම් වගේම රූපයෙනුත් අඩුවක් පාඩුවක් නොතියුණු තනුක ඕනි කරන හැමදේම විහංසි ඉල්ලපු පමාවෙන් ලැබෙන්න සැලැස්සුවා...
තනුකගේ අම්මා තාත්තා තනුකට ගොඩක් ආදරේ කළා...මොකද අක්කයි නංගියි අතරේ හැදුන මද්දුමයා තනුක...කෙල්ලෝ දෙන්නෙක් මැදෙදේ ඉන්න තමන්ගේ එකම පුතාට දෙමාපියෝ ගොඩක් ආදරේ කළා...තනුකගේ අක්කා නිමාලි ද නංගි සංජාන ද තනුකට ගොඩක් ආදරේ කළා...තාත්තා ගෙන් පස්සේ තනුකගේ අක්කාට තමන්ගේ කියලා ඉන්න එකම විශ්වාසවන්ත පිරිමියා තමන්ගේ මල්ලී වගේම තනුකගේ නංගිට ද තාත්තා ගෙන් පස්සේ ඉන්න එකම විශ්වාසවන්ත පිරිමියා තමන්ගේ අයියා...
විහංසිගේ වෙනස දරා ගන්න බැරි තනුක එදා ගෙදර ගියේ වෙනස්ම පුද්ගලයෙක් විදියට....වෙනදට ගෙදර යන තනුකට වඩා හාත්පසින්ම වෙනස් තනුක කෙනෙක් තමයි එදා ගෙදර ආවේ...
"සුදු අයියා"
තනුකගේ නංගි සංජාන කාර් එකෙන් බැහැලා අපු තනුකගේ අතේ එල්ලුනේ වෙනදා පුරුද්දට...එත් අත ගසලා දාල නංගි දිගාවත් නොබලා තනුක ගේ ඇතුලට පා ඔසවන්නේ රතු කර ගත් මුහුණින්....මේ වෙනස නංගි සංජානට වගේම අක්කා නිමාලිට ද දැනුනට කේන්තියෙන් ඉන්නේ මොකක් හෝ පුංචි දෙයකට බව අක්කා නංගෝ සිතුවා...
වෙනදට හවසට ගෙදර එන තනුක අක්කායි නංගි එක්ක ඇති වෙන්න කෑ ගහලා රණ්ඩු වෙලා තමයි තමන්ගේ කමරයට යන්නේ...එත් අද ඒ කිසි දෙයක් නෑ...තමන්ගේ සහෝදරයට කේන්ති ගිහින් තියන අවස්ථාවක කතා කරන්න ගියහම කේන්තිය වැඩි වෙන බව දන්න නිසාම අක්කා නගෝ දුකෙන් වුනත් සද්ද නොකර ඉදියා...
කාමරේට ආපු තනුකගේ ස්වභාවය එච්චර සුබ තත්වෙක නම් තිබුණේ නැහැ...තනුක කොපමණ ඇමතුම් ප්‍රමාණයක් විහංසිට ගත්තද ඇය එක ඇමතුමකටවත් පිළිතුරු දැක්වූයේ නම් නෑ...
ඔය අතරතුර විහංසිට මුහුණු පොත හරහා පණිවිඩයක් තියන්න තනුක මුහුණු පොතට පිවිසුණා...මුහුණු පොතට පිවිසීමත් සමගම තනුකගේ ඇස ගැටුණේ විහංසි වෙනත් තරුණයෙක් හා පෙනී සිටින රූපයක් මුහුණු පොතට එක්කර තිබෙනා අයුරුයි....එහි උඩින් සටහන් වී තුබුණේ ඒ විහංසිගේ ප්‍රේමවන්තයා බවයි...
එය දුටු තනුකගේ හිත දැඩි සේ වේදනාවට සහ දුකකට පත් විය...
තමන් මේ ලෝකයේ තනි වූවා සේ තනුකට දැනෙන්නට විය... කාමරයේ ඒ මේ අත එහෙට මෙහෙට පා තබමින් සිටි ඔහු සිය අවදානය වෙනස් කරමින් තමන්ගේ පොරෝණය ගෙන තම කාමරෙයේම එල්ලී සියදිවි නසා ගත්තේය...
පසුවට ලියමි-:
ජීවිතයට ප්‍රශ්නයක් ආවම ප්‍රශ්න වලින් පැනලා යන එක වීරකමක් නෙමෙයි...ඇත්ත ප්‍රශ්න එනවා මිනිස්සුන්ට...මිනිස්සුව ජීවත් කරවන්නේ ප්‍රශ්න...මිනිස්සු ජීවත් වෙන්නේ බලාපොරොත්තු,හීන එක්ක...ප්‍රශ්න නැති මිනිස්සු නැහැ...ප්‍රශ්නයක් ආව කියලා එක පාරින් මිනිත්තුවෙන් දෙකෙන් ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න අපිට බෑ...පිළිතුරු ලැබෙන්නෙත් නෑ...සමහර ප්‍රශ්න වලට පිළිතුරු එන්න අවුරුදු ගනන් යනවා...මිනිසෙක් තුළ ආත්ම ශක්තියක් තියෙන්න ඕනි වගේම ඕනිම ප්‍රශ්නයක් දිහා ඉවසීමෙන් බලන්න පුරුදු වෙන්න ඕනි....
තනුකගේ චරිතේ ගත්තම තනුකට තිබුණා ඉවසීමෙන් වැඩ කරන්න...අවුරුදු 02ක් තමන් ආදරේ කරපු ප්‍රේමවන්තියට වඩා අවුරුදු 25ක් අතක් පයක් නොකඩා ඕනි කරන සැප සම්පත් හැමදේම දීලා තමන්ව උස් මහත් කරපු අම්මා තාත්තා ගැන හිතන්න තිබ්බා...කොහෙවත් යන කෙල්ලෙක් ගැන හිතන්න කලින් තමන්ගේ අක්කා නංගි ගැන හිතන්න තිබ්බා....
ආදරේ කළේ තනුකයි විහංසි...එත් ඒ ආදරේ නිසා අද විදවන්නේ තනුකවත් විහංසිවත් නෙමෙයි...මොකද තනුක අද ජීවතුන් අතර නැහැ...ඒ ආදරේ නිසා විදවන්නේ තනුකගේ අම්මා,තාත්තා,අක්කා,නංගී.... තමන්ගේ පුතා,අනේ මගේ අයියා,අනේ මගේ මල්ලී කියලා දුක් වෙන්නේ එයාලා...තනුකගේ ආදරේට දඩුවම් විදින්නේ තනුකගේ පවුලේ අය....
ඒ ආදරේට දඩුවම් විදින්න ඕනි තනුකගේ පවුලේ අයද? එහෙමත් නැත්තන් දඩුවම් විදින්න ඕනි අසල් වැසියොද? නැදෑයොද? යාලුවෝද? නෑ නේද? දඩුවම් විදින්න ඕනි තමන්මයි...ආදරේ කලේ තමන්...ඒ කෙනාව ආදරේ කරන්න තෝර ගත්තේ තමන්...වරද තමන්ගේ අතේ...තමන් කරපු වරදට ඇයි අහිංසක අම්මා තාත්තාට දඩුවම් දෙන්නේ? ඒ වරදට දඩුවම් ලැබිය යුත්තා තමන්... දඩුවම කියන්නේ සියදිවි නසා ගැනීම නම් නෙමෙයි....
මනුස්ස ආත්මයක් ලබන්න හැමෝටම පින නෑ...මනුස්ස ආත්මයක් ලැබුවත් අතපය හතර හොදට තිබිලා,ඇස් පෙනිලා,කන් ඇහිලා,කතා කරන්න පුළුවන් වෙලා සර්ව සම්පූර්ණ මනුස්ස ආත්මයක් ලැබන්න ගොඩක් පිං
කරන්න ඕනි...පිනට ලැබුණ මනුස්ස ආත්මය විහින් නැති කර ගන්න තරම් අද මිනිස්සු මානසිකව කඩා වැටිලා...
ප්‍රශ්නයක් තියනවා නම් තනියම විසද ගන්න අමාරු නම් කෙනෙක්ට කියලා හෝ කෙනෙක්ගේ උදව් ඇතුව ප්‍රශ්නයක් විසද ගන්න හැකියාවක් තියනවා...
"ප්රශ්නය තමාගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකය..." අනිවාර්යයෙන්ම ඇත්ත කතාව...එත් හැමෝම ප්‍රශ්න එන විදියට සියදිවි නසා ගන්න ගියොත් අද ලෝකයේ මිනිස්සු නැති වෙන්න තිබ්බා...
සියදිවි නසා ගැනීම පවක්...තමන්ට ලැබිලා තියන ජීවිතය අගයක් නැති අය ඉන්නවා වගේම තමන්ට ලැබිලා තියන ජීවිතය රැක ගන්න මිනිස්සු කොච්චර නම් දුක් විදිනවද? මරණයට ලං වෙලා ඉන්න රෝහල් වල ඇදන් උඩ මිනිස්සු කොච්චර නම් ජීවිතය යදිනවද? වේලක් ඇර වේලක් කාල මිනිස්සු කොච්චර නම් ජීවත් වෙන්න සටන් කරනවද?
නොකා නොබී එදා වේල හොයා ගන්න බැරුව කුලී වැඩ කරන මිනිස්සු,අව්වට පිච්චෙන වැස්සට තෙමන මිනිස්සු ලෝකයේ කොච්චර නම් ඇතිද? ඒ හැම මනුස්සයාම එයාලගේ ප්‍රශ්නෙට පිළිතුර සියදිවි නසා ගැනීම කියලා හිතුවා නම් දුර්වල වුණා නම් සියදිවි නසා ගත්තා නම් අද ලෝකයක් පවතීද?
කොයිම වෙලාවක සියදිවි නසා ගැනීම සාධාරණීය නැහැ...ඔව් සමහරු කියයි ඔයා දන්නෑ ඒක එහෙම වෙනවා ඕනි වෙලාවක් දුර්වල වුණාම කියලා... දුර්වල වුණා කඩා වැටුණා කියලා සියදිවි නසා ගැනීම කවදාවත් කොතනදිවත් නිවැරදි නම් නැහැ...
සියදිවි නසා ගැනීම වීරකමක් කර තවකෙක් සදහා සියදිවි නසා ගැනීමට උල්පන්දම් දෙන්නෙක් නොවන්න....
සියදිවි නසා ගන්න පහසුයි...ජීවිතය දිනන්න අමාරුයි...
(දැන් කියන්න එපා සියදිවි නසා ගන්න පහසු නෑ එකට හිතේ ශක්තිය ඕන කියලා....ඒ හිතේ ශක්තිය ජීවත් වෙන්නත් තිබුණා නම්..)
....නිමි....
සෙව් කන්නන්තුඩාවගේ
No comments:
Post a Comment