උපුටා ගැනීමකි

කෙටිකතාවක් 👇😎

"..කොහෙද දුව යන්න හදන්නෙ.."

"..ක්ලාස් තාත්ති අද.."

"..ඉන්න මම දාලා එන්නම්.."

"..අනේ තාත්ති..මම යාලුවො එක්ක බස් එකේ යන්නම්.."

"..පිස්සුද දුව..ඉන්න මම කාර් එකේ කී එක අරන් එන්නම්.."

--------------------------------------

මම නිශූ ප්‍රාර්ථනා රූපසිංහ...කුරුණෑගල  OIC ගෙ එකම දුව..හැමදාම වගේ අදත් තාත්ති මාව ක්ලාස් දාන්න යන්නයි හදන්නෙ..අනේ මට තේරෙන් නෑ..එක්කො අම්මි..නැත්තම් තාත්ති....දෙන්නගෙන් එක්කෙනෙක් මගේ පස්සෙන්මයි..අවුරුදු 19 වෙන්නත් ලගයි දැන්..තවම එක දවසක්වත් තනියෙන් ක්ලාස්,ස්කූල් තියා කඩේකටවත් ගිහින් නෑ මම...ඒත් මගේ යාලුවො.......එයාලා ක්ලාස් යන එන ගමන් කරන කියන පිස්සු වැඩ ගැන ඇහුවහම මට මං ගැනම ඇති වෙන්නෙ ලොකූ තරහක්......කවදා ඒ අත්දැකීම් ජීවිතේට ලැබෙයිද කියලා හිත හිත හිතින් අඩමින් යාලුවන්ගෙ වැඩ ගැන අහලා පිටින් හිනාවෙන වාර අනන්තයි අප්‍රමාණයි........

ගෙදර දුරකථනය නාද විණි....

"..හෙලෝ නිශූ.."

"..ඔව් කියපන් හංසි.."

"..අද බස් එකේ යන්න එනවද.."

"..අනේ තාත්ති ගෙනත් දාන්නම් කිව්වා.."

"..අයියෝ එහෙමද..හරි එහෙනම් තියන්නම්..ක්ලාස් එකෙන් මීට් වෙමු..බුදු සරණයි..ටේක් කෙයාර්.."

"..ටේක් කෙයාර් හංසි..බුදු සරණයි.."

ඒ මගේ හොදම යාලුවා..#රණවිරුවකුගෙයි_ගමේ_අහිංසක _ගැමි_කාන්තාවකගෙයි එකම දුව වුණ  ඇය ඇත්තටම ජීවිතේ වින්දා.....ඇයත් මාත් එකම වයසෙ උනත් අපේ ජීවිත ගලාගෙන ගියෙ දෙවිදිහකටයි.....ඇය අත්දැකීම් අතින් ඇත්තටම හිටියෙ ගොඩක් ඉහල තැනක...ඒත් මගෙ අත්දැකීම් බිංදුවයි..ඇයගෙ සමාජ දැනීම විශාලයි..ඒත් මගේ සමාජ දැනීම බිංදුවයි.........
කල්පනා කර කරම ඇවිත් කාර් එකට නැගපු මම කල්පනා ලෝකයේම තනි වුනෙමි..............

අම්මයි තාත්තයි මේ තරම් මගේ පස්සෙන්ම ඉන්නෙ මට තියෙන ආදරේට..මට මොනවා හරි උනොත් ඒ දෙන්නට ගොඩක් දුක හිතෙනවා කියල මම දන්නවා....ඒත් හැගීම් දැනීම් මටත් දැනනවා...OICගෙ දුව වුණා කියලා මම අමුතු ජීවියෙක් නෙවෙයිනෙ..මටත් ආසයි අනිත් අය වගේ වෙන්න...එයාලා වගේ සතුටින් ඉන්න...යාලුවො එක්ක කොහෙ හරි ගිහින් සතුටු වෙන්න මමත් කැමති......මගේ අවාසනාවට ඒක අම්මටවත් තාත්තටවත් තේරුම් ගන්න බැරි වුණා.....එයාලා මාව තේරුම් ගන්න උත්සහ කරෙත් නෑ....

සුපුරුදු විලාසෙන්ම තාත්තා එදත් මාව ක්ලාස් එකට ගෙනත් දාලා ගියෙ ක්ලාස් ඉවර වෙන වෙලාවට එන්නම් කියලා....
එදත් ක්ලාස් එකට ගියපු මම අනිත් අයගෙ අත්දැකීම් අහන් ඉදලා හවසත් තාත්තා එක්කම ගෙදර ආවා..........

ඔය විදිහට තව මාස දෙකක් ගෙවිලා ගියෙ මගේ හිත තවත් පාරමින් වගේම මට ජීවිතේ එපා කරමින්.....

"..ලමයි..අපි තීරණේ කරා මේ පාර ඒලෙවල් ලමයින්ව දවස් දෙකක ට්‍රිප් එකක් අරන් යන්න.."

උදෑසන රැස්වීමෙදි අංශ භාර සර් එහෙම කිව්වහම ලමයි කෑ ගැහුවෙ රටක් රාජ්‍යයක් ලැබුණතරම් සතුටකින්.....උන්ගෙ හිනා හඩටයි අත්පොළසන් නාදෙටයි දෙනෙතට කදුලු ඉනුවේ ඉබේටමයි...වටේ ඉන්න අය දකින්න කලින් මම හීන් සීරුවට කදුලු පිහදගෙන බොරු සිනහවක් මුවගට ගත්තෙ ආයාශයෙන්මයි...........

"..ගැහැණු ලමයෙක් උනහම ගෙදරට වෙලා සංවරව හැදෙන්න ඕන.."

මම එකොලහ වසරෙ එක් දින ට්‍රිප් එක යන්න ඇහුවහම තාත්තා දුන්න උත්තරේ ඒක.....මේ පාර දවස් දෙකක්.........තාත්තා කොහොමත් මේක යන්න දෙන්නෙත් නෑ...අම්මත් කියයි ගැහැණු ලමයෙක් කොහොමද එක රැයක් ගෙදරින් පිට තියන්නෙ කියලා...සුසුමක් පිට වුණේ මටත් නොදැනිමයි........

"..නිශූ මේ පාරවත් යමුද.." හංසි ඇහුවෙ මා දෙසට හැරෙන ගමන්..

"..අනේ අනේ එයාට යන්නම දෙයි.." නෙතුමි ඉස්සර වුණා...

"..ඔව් අනේ..නිශූව තනියෙන් ක්ලාස් එකටවත් එවන් නෑ..ඉතින් ට්‍රිප් එක එවයිද.." ඒ ක්‍රිෂූ..........

හංසිගෙ ප්‍රශ්නෙට උත්තරේ හම්බුන නිසාද කොහෙද ඇය නැවත පොත දිහා බලාගත්තෙ මට හිනාවෙන ගමන්........

-------------------------------------------
ස්කූල් ඇරිලා ගෙදර ආපු මම කෝකටත් කියලා අම්මයි තාත්තයි ඉන්න තැන ට්‍රිප් එක යන්න ද කියලා අහන්න ඕන කියලා හිතන් ඇදුම් මාරු කරන් පහලට ගියා.....

"..අම්මේ..තාත්තේ.."

"..ඇයි දුව.." තාත්තා බලන් ඉද්දිම අම්මා ඇහුවා....

"..දෙයක් අහන්නද.."

"..මොකක්ද දරුවො.."

"..මාත් ස්කූල් ට්‍රිප් එක යන්නද..මේ පාර දවස් දෙකක් අම්මේ..මමත් ආසයි.." මම ඔලුවත් පහත් කරගෙනයි එහෙම කිව්වෙ....

"..මොනවා..ඔයාට පිස්සුද දරුවො..දවස් දෙකක් මමවත් තාත්තවත් නැතුව ඉන්න..විකාර ප්‍රශ්න අහන්නෙ නැතුව පොතක් බලාගන්න දුව.."

ඔය පිලිතුර කලින් ඉදලම බලාපොරොත්තු වුණ නිසා මම කිසිත් නොපවසා එතනින් ආවෙ නෙතු අග කකියන කදුලු අතකින් පිහින ගමන්............

-----------------------------------------

"..නිශූ.." ඔහේ පොත දිහා බලන් ඉන්න මා දෙසට හැරෙමිනුයි හංසි කතා කලේ....

"..ඇයි හංසි.."

"..ට්‍රිප් එක යමු.."

"..යන්න එපා කිව්වා හංසියෝ.."

"..මම අපේ අම්මට හරි තාත්තට හරි කියලා ඔයාලගෙ ගෙදරට කතා කරවන්නම්.."

"..කවුරු කතා කලත් එයාලා මට යන්න දෙන්නෙ නෑ හංසි.."

"..හ්ම්ම්.."  කියමින් ඇය ආපහු හැරුනෙ මා දෙස බලා දිගු සුසුමක් හෙලන ගමන්මයි..........

කෙමෙන් කෙමෙන් චාරිකා දිනයත් උදා විණි.....අනිත් අයගේ හිත්වල සතුට රජයද්දි මගේ හිත මොකක්දෝ මූසලකමකින් පිරිලා.........

ට්‍රිප් එක යන්න ඇහුවාම හංසිලගෙ තාත්තා කිව්වලු "..ෂා මරුනෙ දෝණි..යාලුවොත් එක්කන් ට්‍රිප් එකක් යන එක කොච්චර ලොකු සතුටක් ද...ගෙදරින් පිට දවසක් ඉන්නවා කියන්නෙත් ලොකු අත්දැකීමක්.." කියලා....
       ඒත්....
අපේ තාත්තට ඇයි බැරි වුණේ එහෙම හිතන්න..එයාලා අනිත් මිනිස්සු වගේ නෙවේද...එයාලට හිතක් නැද්ද..හැගීම් දැනීම් නොදැනෙන මිනිස්සු දෙන්නෙක්ද මගේ අම්මයි තාත්තයි......ඉතින් එහෙම දෙන්නෙක් ලග කොහොමද මම වගේ දරුවෙක් හැදුනෙ...මටත් ඒ වගේ හිතක් නැතිව හැගීම් දැනීම් දැනෙන් නැති විදිහට ඉපදෙන්නනෙ තිබ්බෙ......
යාලුවො ට්‍රිප් එක යද්දි මම කාමරේට වෙලා මගේ නිහඩ යාලුවන්ට දුක කියනවා......එකම ජීවිතයක්..ඉරණම් දෙකක්.....දැන් ඉතින් මොනවා කරන්නද.........එහෙම හිත හිත මම ලෑස්ති වුණේ ක්ලාස් යන්න...............

පුරුදු විදිහටම තාත්තා මාව ක්ලාස් එක ලගට දාලා යන්න ගියා.......

-*..අද දින පංති නොපැවත්වේ..*-

ක්ලාස් එකේ දොරේ ගහලා තියෙන බෝඩ් එක දැක්කහම තමා දෙලෝ රත් වුණේ.......දෙවියනේ දැන් මොකද කරන්නෙ.....ෆෝන් එකකුත් නෑ ලග...තාත්තා ෆෝන් එකක් දෙන්නෙත් නෑ මම චූටිලු කියලා......ලගපාතක බොක්ස් එකක්වත් නෑ කෝල් එකක් ගන්න....මම තනියෙන් ගෙදර යන්න දන්නෙත් නෑ....අද අදුරන යාලුවො කවුරුත් එන්නෙත් නෑ...ඔක්කොමලා ට්‍රිප් එක ගිහින්.....දැන් ඉතින් මම මෙතෙන්ට වෙලා ක්ලාස් ඉවර වෙන වෙලාව වෙනකම් ඉන්නවා....

මම එහෙම හිතන් ලග තිබුණ බංකුවක වාඩි වුණා...........

මම ඔහේ බලාගත්තු අත බලන් ඉද්දි එකපාරටම නිල් ඩෙනිමට සුදු ටී ෂර්ට් එකක් ඇදලා ඩෙක් දෙකක් දාපු කොල්ලෙක් මගේ ඉස්සරහින් හිටගත්තා......

"..නංගි ඔයා නේද OICගෙ දුව.."

"..ඔව්..ඔයා කවුද.."

"..ඔයා මාව දන්නෙ නැද්ද.."

"..නෑ ඔයා කවුද.."

"..අයියෝ නංගි මම ඔයාලගෙ තාත්තගෙ හොදම යාලුවෙක්ගෙ පුතෙක්..ඔව් ඉතින් ඔයා කලින් මාව දැකලා නෑනෙ...හරි ඒකට කමක් නෑ...දැන් එන්න යන්න...ඔයාලගෙ තාත්තා කිව්වා ඔයාව ගෙදරට ගිහින් දාන්න කියලා.."

"..අපේ තාත්තා......මගේ ආරක්ෂාවට කියලා ඩ්‍රයිවර් කෙනෙක්වත් නොගන්න තාත්තා කොල්ලෙක්ට මාව ගෙදර ගිහින් දාන්න කියයි ද.....කොහොම උනත් හිතේ තිබුණ බයනම් නැති වුණේ මාව අදුරන කෙනෙකු ලග පාතක ඉන්න නිසයි......"

"..කල්පනා කරන්න දෙයක් නෑ නංගි..එන්න යමු..තාත්තා ලොකු වැඩක ඉන්නෙ..ඒකයි එන්න බැරි වුණේ.."

අද වැඩ ගොඩක් තියනවා කියලා තාත්තා ගෙදරදි අම්මට කියනවා මම අහහෙන...ඒ කියන්නෙ මෙයා කියන කතාව ඇත්ත...ඒ නිසා මම මෙයාට කියලා ගිහින් දාගන්නවා....

"..හා යමු..කොහෙද වාහනේ තියෙන්නෙ අයියෙ.."

"..මට බයික් එකක් තමා තියෙන්නෙ.." කියමින් ඔහු ගියෙ ලස්සන ලොකු බයික් එකක් ලගට.......මමනම් බයික් ගැන දන්නෙ නෑ..හැබැයි හංසි මෙතන හිටියනම් ඒ බයික් එක දිහා බලන් ඉන්නෙ වශී වෙලා වගේ.................
කොහොම උනත් මම මේ බයික් එකක යන පලවෙනි වතාව...ඒ නිසාද කොහෙද හිතේ අමුතුම සතුටක් ගැබ් වී තිබිණ.......

"..ඔයාගෙ නම මොකද්ද අයියෙ.."

"..මම සහන් නංගි.."

"..නංගි අපි මොනව හරි කාලා යමුද.."

"..හා අයියෙ.."

කිසිම දිනක නොලැබුන ඒ අත්දැකීමට සත්තකින්ම මම ගොඩක් ඇලුම් කලෙමි.....ඒ සතුට ආස්වාදය හිතට මෙන්ම ගතට ගෙනාවෙද අමුතුම මිහිරියාවක්......කවදාවත් පිට කඩේකින් කෑම කාලා නැති මම ඔහු අහපු ගමන් දෙපාරක් නොසිතා කැමති වීමට හේතුවත් ඒකමයි................

රෙස්ටුරන්ට් එකක් ලග බයික් එක නතර කරපු ඔහු 
"..එන්න නංගි.." කියමින් බයික් එකෙන් බැස රෙස්ටුරන්ට් එක තුලට ගියේ මාවත් කැටුවයි................

අසල තිබූ මේසයකින් මාව වාඩි කල ඔහු
"..නංගි චුට්ටක් ඉන්න..මම ගිහින් කෑම ඕඩර් කරලා එන්නම්.." කියලා යන්න ගියේ මට සිනහවකින් සංග්‍රහ කරමිනුයි.........

ඊට විනාඩි දහයකට විතර පසු ඔහු කෑම මෙන්ම කූල් ඩ්‍රින්ක් දෙකකුත් අතැතිව පැමිණියේ ය.............

අපි දෙදෙනා තවත් විස්තර කතා කරමින් කෑම කෑවෙ සතුටිනි............

-----------------------------------------

හිසට දැනුන තද වේදානව නිසාම මම ඔලුවත් අල්ලන් නැගිට්ටෙ අමාරුවෙනි.......දෙනෙත් විවර කරලා වට පිට බලපු මගේ හිත ගැහෙන්න ගත්තෙ ඒ මගේ කාමරය නොවූ නිසාවෙනි.....ඇදෙන් බැහැලා එලියට දුවන්න හැදුවත් පොරවා තිබු රෙද්ද අයින් කල පසු මම නිරුවත් බව දැකීමෙන් දෙපා වෙව්ලන්න ගත්තෙ කිසිවක් හිතාගත නොහැකිවයි.....

සෙමෙන් සිදු වූ දෙය මතක් කරපු මට රෙස්ටුරන්ට් එකට ගිහින් කෑම කා කූල් ඩ්‍රින්ක් බිව්වයින් පසු සිදු වුණ කිසි දෙයක් මතකෙට එන්නෙම නැත.........වෙව්ලන දෙපයින් නැගී සිටි මම කාමරයේ පුටුවක තිබු මගේ ඇදුම් ඇදගෙන දොර අරිනවත් එක්කම

"..ආ OICගෙ සුරංගනාවි ඇහැරුනාද.." කියමින් සහන් අයියා මාව නැවත කාමරය තුලට තල්ලු කරමින් දොර වහලා දැම්මෙ වියරු ලෙස සිනහ වෙමිනි........

"..සහන් අයියෙ..ඇයි මේ..කොහෙද අපි ඉන්නෙ.."

මහ හයියෙන් හිනාවුන ඔහු "..උඹට පිස්සුද බන්...මම සහන් නෙවේ මම නිමේෂ්..."

සිදුවුණු සියල්ල එකින් එක හිතේ පෙල ගැසෙද්දි මම ඔලුවත් බදන් ඇදේ වාඩි විණි.....නැවතත් වියරුවෙන් මෙන් සිනහ වුණු ඔහු....

"..හ්හ්හ්හ්හ්...මහලොකු OIC...මාව අල්ලන්න හිතන් හිටියෙ...මම උගෙ දුවවම ඇල්ලුවා...දැන් බලමු...මොකද වෙන්නෙ කියලා..."
  ඔහු එසේ කියද්දි තවත් අවුරුදු 35ක පමණ ගැහැණු කෙනෙක් රූම් එකට ආවෙ ඇදුම් බෑගයක් අතැතිවයි.....

"...මෙන්න මේකෙ ඇදුම් තියෙන්නෙ..නාලා කරලා ලස්සනට ඉන්නවා.." කියමින් ඇය යන්න ගියෙ නිමේෂ් දෙස බලා හිනහෙමිනුයි.......

"..තමුසෙ මොකද්ද මේ කරේ..ඇයි මට මෙහෙම කරේ..මට යන්න ඕන..මට ගෙදර යන්න ඕන..තාත්තට කෝල් එකක් අරන් දෙනවා.." මම ඔහුට ගසමින් කෑ ගැහුවේ අඩන ගමන්මයි.....

"..තමුසෙට පිස්සුද..හ්හ්හ්හ්හ්හ්...තාත්තා...ඌ හිතන් ඉන්නෙ උඹ කොල්ලෙක් එක්ක පැනලා ගියා කියලා..කෝල් එකක් ගත්තත් වචනයක්වත් උඹට කතා කරන්න වෙන් නෑ..OIC උනානම් ඒ විදිහට ඉන්න ඕන.ඌ DIG වෙන්න යනවා.....කොහොමද නිව්ස් පේපර්වල හෙඩ්ලයින් වැටෙද්දි %- කුරුණෑගල දිස්‍ත්‍රික් OICගෙ දුව ගණිකා මඩමකින් හමු වේ-% කියලා..."

කර කියාගත කිසිවක් නොවූ මම උන් හිටි තැනම බිම වාඩි වී හඩන්නට වීමි...මම කුමක් කීවත් ඔහු ගණනකටවත් ගත්තේ නැත...ඔහු ලග වැද වැටුනත් ඔහු මාව අහකට තල්ලු කරා ඇරෙන්න කිසිත් කීවෙ නැත..................මා බලා සිටියදීම ඔහු යන්නට ගියෙ ය.....

මුල්ලකට වී අඩනවා ඇරෙන්නට මට වෙන කරන්න දෙයක් නොවීය...කාමරේ දොර ඇරගන්නටද නොහැක...ජනේලවලට කම්බි කූරු ගසා ඇත........ෆෝන් එකක්වත් තිබුනානම් කාට හරි කෝල් එකක් දෙන්නටවත් පුලුවනි...එහෙත් දැන් මා කුමක් කරන්නද..............

තනියම ගෙදරින් එලියට අඩියක්වත් නොතියන්න දීලා රැකගත්තු නුඹේ දුව දැන් පිවිතිරු කෙල්ලෙක් නෙවෙයි තාත්තේ...ඒ කෙල්ල මහ ගැහැණියක් දැන්...වැරැද්ද මගේද නුඹේද කියා මට සිතාගන්නට බැරිය...මාව බස් එකක යන්න එන්න හුරු කරානම් සමහර විට මෙය මෙසේ නොවෙන්නට ඉඩ තිබිණ.......ඇයි ඇයි අම්මේ මෙහෙම කරේ..ඇයි තාත්තෙ මාව එහෙම හැදුවෙ.......හදිස්සියේවත් නුඹ දෙදෙනට කුමක් හරි වූවානම් මම කෙලෙස ජීවත් වන්නේද කියා නුඹට සිතන්නට තිබුනා නොවේ ද.....අද අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර සිටියත් මා අසරණ වී ඇත......ඉතින් ඔබ දෙපල නොමැති දවසක් ගැන කෙලෙසනම් සිතන්න ද....මා නිවරදි බව කීවත් සමාජය පිලිගන්නේද නැත......සත්තකින්ම වරද කාගේද.......

දිනෙන් දින ගෙවී ගොස් මා මෙතනට පැමින මාසයක් වීමටත් ලග ය.....මම ජීවත් වූවාත් මලකදක් මෙනි....මාව එක එක සල්ලාලයන්ගෙ #බයිටක් වී ඇත...තාත්තා තරම් වයසැති මිනිසුන්ද මාව ඔවුන්ගෙ වුවමනාවන් උදෙසා යොදා ගැනීම හිත තවත් කලකිරවීමට සමත් විය.....මේ නොමිනිසුන් අතර ජීවත් වීමට වඩා මරණය වැලද ගැනීම සතුටකි...සහනයකි....

නිමේෂ් අයියා යනු නම ගිය අපරාදකාරයෙකි...ස්ත්‍රී දූෂකයෙකි.....ඒ බවක් මා දැනගත්තෙ ඔහු නිසා මෙ ඉරණමට අත් වූ තවත් තරුණියකගෙනි...ඔහුගෙ චායාරූප විවිධ සමාජ ජාල වෙබ් අඩවි හරහා ශෙයා වෙන බව ඇය කීවාය....එහෙත් මා කෙලෙසනම් ඒවා දකින්න ද....තාත්තා මට රූපවාහිනියවත් බලන්න නොදෙයි..............මගේ ජීවිතය විනාශ වී හමාරය....මියැදීමට සිත් වුවත් ඒ සදහා යමක් කිරීමටවත් මේ කාමරයෙන් එලියට යාමට නොහැක..............................

තව දවසක උදාවක් සනිටුහන් කරේ මගේ ජීවිතය තවත් මට එපා කරවමිනි.........

තවත් සල්ලාලයෙක්ගෙ ග්‍රහනයට මා නතු වෙමින් පවතී......

ඔවුන් ඉබේ පහල වූවෝද...අම්මෙක් නංගියෙක් අක්කෙක් අඩුම නෑදෑයෙක්වත් ඔවුන්ට නැති ද....එසේ සිටියානම් තවත් ගැහැණියගේ ජීවිතයක් සමග මෙසේ සෙල්ලම් කරයි ද.........ප්‍රශ්න දහසක් හිතේ පැන නගිද්දී රූම් එලියෙන් මහ ලොකූ කලබැගෑනියක් ඇසෙයි...........ඒත් එක්කම කවුරුන් හෝ දොරට ගසයි..මාව ග්‍රහනයට යටත් කරන් සිරි මැදි වියේ පුරුෂයා බිය වූ බවක් මුහුණින් දිස් වෙයි....දැන්නම් හිතට සහනයක් දැනෙයි....කුමක් හෝ දෙයක් සිදුවෙමින් පවතින බවක් හැගේ............
මම ඇදෙන් නැගිටිනවත් සමගම කාමරයේ දොර විවර විණි............

"..තොපිට කරන්න වෙන රස්සාවක් නැද්ද...ඇග විකුණන් කන වේ$%&යො...ඔයිට වඩා පාරෙ හිගා කාපියව්......" කියාගෙන දොර විවර කර පුද්දගලයා ඇතුලට ආවේ ය........ ....

"..තා....ත්...තා...දෙවියනේ මගෙ තාත්තා..මාව බේරගන්න ඇවිත්..රත්තරන් තාත්තෙ..."

ඔව් ඔහු වෙන කවුරුත් නොව..ඒ මගේ තාත්තා ය.......මා බලා සිටියදීම ඒ ඇස් කැලඹුනි.....මුහුණ වෙනස් විණි.....ඒත් සමගම මාව අහකට තල්ලු කර දැමූ ඔහු

"..උඹ...උඹත් මේකටද ගෙදරින් පැනලා ආවෙ..උඹට ඕනි උනෙත් මේ නිදහස ද...මම උඹ ඉල්ලන ඉල්ලන තරම් සල්ලි දුන්නනෙ..ඒත් උඹට මෙහෙම සල්ලි හොයන්න ඕන උනාද ....." මට කිසිත් පවසන්න ඉඩ නොතියා කියාගෙන කියාගෙන ගියේ ය.......... .......

හදවත හතරට පහට කැඩී කුඩු වී යනවාක් මෙන් දැනිණ.....නෙතගින් බේරෙන කදුලුවල කිසිදු වටිනාකමක් නැත.....

"..රත්තරන් තාත්තේ මම වැරැද්දක් කරේ නෑ..මම ඒ ඔයාලගෙ අහිංසක දුවමයි..මම මගේ අම්මටයි තාත්තටයි විරුද්ධ වුනේ නෑ මගෙ තාත්තෙ...තුන් හිතකවත් මෙහෙම දෙයක් තිබ්බෙ නෑ....තටු කැඩුන කිරිල්ලියන් මෙන් හිටියත් ඔයාලා දෙන්නගෙන් ඈත් වෙලා යන්න මං හිතන්නෙවත් කොහොමද රත්තරන් තාත්තෙ....ඔයාලගෙ ආදරේ ආරක්ෂාවමයි මට මෙහෙම දෙයක් කරේ මගෙ තාත්තෙ..."
කෑ ගහලා කියන්න හැදුවත් මගෙ මුවෙන් එකදු වචනයක්වත් පිට වූයේ නැත...................නොනවත්වාම ගලන කදුලු තුලින් මම තාත්තගෙ මුහුණ දෙස බැලුවෙමි...........එක්වරම මගේ කෙස් වැටියෙන් අල්ලාගත් ඔහු මාව එලියට තල්ලු කර දැමුවේ මම ජීවතුන් අතර සිටියදීම මගේ ආත්මයටම ගිනි තබමිනි..........කිසිදු වරදක් නොකල මාව ද දැන් මගේ තාත්තා විසින්ම ගණිකාවක් ලෙස නම් කොට හමාරය.......

නිමි.....😍

වරදක් නොකල
නිශූ වැනි
තව අය
උගත් #සමාජය ඉදිරිපිට
#ගණිකාවමන් ලෙස
හංවඩු ගැහෙන්න ඇති.....

නියම වරදකරුවා වූ
#නිමේෂ් වැනි සල්ලාලයින්
#මහත්තුරු ලෙස
නම් දරන්න ඇති.....

සියල්ලෙහිම වැරද්දක් හොයන
#උඹ_මම වැනියන්ට
හිතා බලන්නට
සමාජය තුල
බොහෝ දේ ඇති......

මගෙන් ඔබට...😎👇

වැරැද්දක් නොකරම වැරදි කරුවන් වූ #නිවරදිකරුවන් සමාජය තුල එමටය....යමෙකුට චෝදනාවක් කිරීමට පෙර ඒ පිලිබදව #නැවත වරක් සිතා බැලීම අගනේය...

සිතන්නට යමක්..😎👇

සමාජය විෂමය...නිවරැදි කරුවන් දඩුවම් විදිද්දි නියම වැරදිකරුවන් නිදැල්ලේ සැරි සරයි....#මහත්තරු_නෝනලා ලෙස සමාජය තුල නම් දරන කීයෙන් කී දෙනෙක් තම නමට සරිලන ක්‍රියාවල නිරත වන්නේද..එහෙත් ඔවුන්ට ඇගිල්ල දික් කරන්න කිසිවෙකු නැත...දිනෙන් දින වෙනස්වන සමාජය තුල ගැහැණු දරුවෙකු ජීවත් කරවීම සත්තකින්ම අභියෝගයකි....

++…ගැහැණු දරුවක නිවසට වී සංවරව හැදිය යුතුය…++ #සමහරක් මිනිසුන්ගෙ මතය එයයි....එහෙත් සමාජ දැනීම අනිවාර්යයෙන් ගැහැණු දරුවෙකුටත් ලැබිය යුතුමය...නිතරම ඇයගේ පසුපස අම්මා තාත්තා ඉන්නා බවක් මෙන්ම ඇය ගැන හොයා බලන බවක් ඇයට ඇගවිය යුතුය...සමාජයේ විෂමතාව ඇය ඉගෙන ගත යුතුය...#අත්දැකීම් තුලින් ලබාගන්නා #දැනුම ජීවිතයට නොමැකෙන මතක සටහන් ප්‍රමාණයක් එක් කරනවා නොඅනුමානය....

නිශූ #ගණිකාවක් ලෙස හංවඩු ගැහෙන්නට හේතුව ඇගේ #අම්මා_තාත්තා ද..?
          
නැතිනම් ඇය හොයපු නිදහස නිසා ද..?

එසේත් නොවේනම් නිමේෂ්ගෙ සල්ලාලකම නිසා ද...?

අද සමාජය තුල #නිශූ වැනි නිවරදි වැරදි කාරිනියන් කීයක් ඇති ද....?

නියම වැරදි කරුවන් කී දෙනෙක් නිදහසේ සැරි සරනු ඇති ද...?

තීරණ සියල්ල ඔබට බාරයි......

මම
#Sachini_N_Adhikari........

👉...ස්තූතියි....

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment