විදවන්න කලින් විදින්න

විදවන්න කලින් විදින්න...
(කෙටි කතාව)
අයියේ...

ම්ම්ම්ම්

ඇයි වෙනස් ?

එහෙම නෑ බබා ඇයි

මන්දා.... 😐     ඔයා වෙනස් අද...

පිස්සු 😒     

හ්ම්ම්ම්.... පිස්සු හැදෙයි රත්තරන් මෙහෙම ගියොත්...😓😢

අයියෝ බබා ඇයි ඔහොම රන්ඩු වෙන්නේ... මන් යනවා පරක්කුයි අද...

ඔයත් පරිස්සමින් යන්න...

අනේ... හරි එහෙනම්
පරිස්සමින් යන්න බුදුසරනයි මගේ අයියේ...😢   

ඇය...
ඇය චමත්කා.චමත්කගෙයි විදුරගෙයි ආදරේට දැන් අවුරුදු 2ක්...චමත්කයි විදුරයි මුලින්ම හම්බුනේ විදුර තමන්ගේ අතිජාත මිත්‍රයා කසුන්ලගේ ගෙදර ගිය දවසක...කසුන්ගේ එකම සහෝදරී,ගෙදර ඉන්න බඩ පිස්සි තමා චමත්කා...චමත්කා ටිකක් සෙල්ලක්කාරයි.විදුර හම්බෙන්න කලින් නම් යාලුවෝ එක්ක එකතු වෙලා කොල්ලොන්ට ඇද කිව්වා , ගෙදට්ට බොරු කියලා යාලුවෝ එක්ක ඇවිදින්න ගියා ...ඒත් කෙල්ල දන්නවා එයාගේ සීමාව...
ඔහොම ඉන්න කාලෙක විදුරව දැක්කත් ,හිත ගැස්සුනත්,
ඒ ආදරේ කියලා විස්වාස කරන්න චමත්කා හදිසි උනේ නෑ...
ඒත් විදුරගේ දගකාර ඇස් මුලින්ම ගෙදරදි ,පස්සේ ක්ලාස් එක ගාව ,ස්ටෑන්ඩ් එකේ   චමත්කව හොයාගෙන    රස්තියාදු වෙනවා දැක්කම චමත්කටත් නොදැනීම කෙල්ලත් ආදරේ කරනවා....         

අයියේ ...

ම්ම්ම්ම් මැණික

මට ආදරේ ද අයියේ ඇත්තටම

ඇයි මගේ පිස්සියේ මාව විස්වාස නැද්ද ?

හී... විස්වාසයී... ඒත් ආසයි ඔයා කියද්දි එහෙම 🙊
පිස්සි....
💑💑💑 
හැමදාම .... මැරෙනකල්ම මේම ඉමු මහත්තයෝ අපි 💏     
හෑ...🙊  මේම...😂 
අනේ ඉන්න අයියේ.... මේම කිව්වේ ආදරෙන් ඉමු කියලා අනේ...   හොද නෑ ඔයා...🙈      
පිස්සි ...💑                      
අහන්නකෝ දැන් යමුද මගේ ෆෝන් එකත් ඕෆ් පන චාර්ජ් නැතුව. ටානියා ක්ලාස් එකේ මට බැන බැන ඇති තාම නෑ කියලා 😝 මැසේජ් එකක් වත් දාන්න විදියක් නෑ

අනේ තව ටිකක් ඉමු මැණික... මන් විනාඩි 5න් ගිහින් දාන්නම් .ආ මේකෙන් කෝල් එකක් අරන් කියන්නකෝ.

අයියෝ ෆෝන් එකක් ළග තියාගෙනනේ මේ... පිස්සු අයියෝ මටත්.
ඉන්න අයියේ තප්පරෙන් කියලා කට් කරනෝ ඈ...
හී... හා හා පිස්සි ඕනි එකක්...
පරණ දේවල් මතක් වෙද්දි චමත්කට දුකයි.
අනේ ඉස්සර පරක්කුයි යමු කිව්වත් අයියේ ඔයා මාව තව විනාඩියක් හරි තියාගන්නමයි බලන්නේ... ඇයි  ඉතින් දැන් මෙහෙම  රත්තරනේ ....        
ඇස් වලින් නොනවත්වා වැටෙන කදුලු පිහදාගෙන චමත්කා විදුරට කෝල් එකක් ගන්නේ පපුව ඇතුලින් ලෝදිය ගලන් යද්දි...
  ට්‍රීං ට්‍රීං......
ඔබ ඇමතූ දුරකතනය මේ මොහොතේ කාර්‍යබහුල බැවින් කරණාකර.....
වැරදිලා කට් වෙන්න ඇති විදුර අයියා ගනී ආපහු...
ඇය බලන් ඉන්නවා ..
විනාඩියක්... දෙකක්... පහක්...
නෑ...
සල්ලි නැතුව ඇති ෆෝන් එකේ
ඇය එහෙම හිතනවා...
ආයෙම ගන්නවා
ට්‍රීං ..ඔබ ඇමතූ දුරකතනය මේ මොහොතේ .....
අනේ දෙයියෝ කට් කරනවද ඔයා....
ඇයි දෙයියනේ මොකද්ද මන් කරපු වැරැද්ද මට මෙහෙම කරන්නේ මගේ අයියේ...
අඩ අඩා චමත්කා එහෙම කියවන්නේ චමත්කගේ හිතටමයි..
මොකද චමත්කගේ දුක අහන්න ටානියාවත් අද එයා ළග.ටික දවසක ඉදන් හොදම යාලුවා උනු ටානියා චමත්කව මග අරිනවා කියලා කෙල්ලට තේරිලා තියෙන්නේ.
හදීසියකට ක්ලාස් එකේ නෝට් එකක් ගැන අහලා මැසේජ් එකක් දැම්මත් රිප්ලයි කරන් නෑ...ටානියා
පාඩම් කරනවා ඇති...මන් නැතත් ටානියාවත් එග්සෑම් පාස් උනොත් මට ඒ ඇති...
චමත්කා හිතන්නේ එහෙමයි...
   බලාන් ඉදලා ඉදලා බැරිම තැන චමත්කා රිප්ලයි නැති 43වෙනි මැසේජ් එකත් ටයිප් කරනවා...
"Mage aiye... man mona  karatada raththarane me gindara denne mata?
රිප්ලයි නැතිවෙයිහිතුනත් විදුරගෙන්      
     පිලිතුරු එනවා...
"Mona wadayakda chamathka meka ?
Paduwe innako ... exam neda oyata ?
Padam karannako wada nodi.man nidagannawa.bye "
                       
චමත්කා අඩනවා...හිතේ දුක දියවෙනකල් අඩනවා....
ඒත් මොනාත්ම උනේ නෑ වගේ උදෙන්ම නැගිටලා ක්ලාස් යනවා.හිත ඇතුලින් විදුරගේ වෙනස්කම් වලට පිච්චි පිච්ච් මැරෙමින් ඉපදෙමින් ලෝකෙටම ඒ දේවල් හංගන් ක්ලාස් යනවා...             
හෝල්ට් එකේ ඉන්න ටානියව දකිද්දි කෙල්ලගේ හිතට සතුටුයි...
අනේ ටානියා අද කලින් යනවද ඔයා ?
ම්ම්ම්.... ඇයි උදෙන් ඔයා..
නැගිට්ටුනා අනේ.      
හ්ම්ම්ම් ... ආන් බස් එක එනවා ඔයා යන්න හොදේ ඒකේ අපේ තාත්ති එයි දැන් මන් තාත්ති එක්කම එන්නම්.

එන්නේ තාත්තා නම් ඇයි ගෙදර ඉදන්ම තාත්තා එක්ක නාවේ අහන්න හිතුනත් චමත්කා ඉවසගෙන බස් එකට නැග්ගේ කොහොමත් ටානියාගේ වෙනස තේරිලා තිබුනු නිසයි...
ඒත් බස් එකේ ටික දුරක් යද්දි උදෙන්ම කටුගස්තොට පාරේ පුරුදු ට්‍රැෆික් එකේ ඇදි ඇදී ඉද්දි මුලින්ම චමත්කා දැක්කේ විදුරගේ බයික් එක ...
කෙල්ලෙක් නේද ඉන්නේ.
දෙයියනේ ටානියා ???
එතකොට තාත්තා ?
තාත්තා එනකල් ඉන්නවා කිව්වේ මේකද ?
අනේ ඇයි මහත්තයෝ මේ මොනවද දෙයියනේ ...
චමත්කා අඩාගෙනම එහෙම අහගෙන බස් එකෙන් බැහැලා පාර පැන්නේ විදුරගෙන් අහන්න තිබ්බ දාහක් දේවල් කෑ ගහන හිතේ හිරකරන්...
මොකද චමත්කා  තාම කැමතී මේ දකින්නේ බොරුවක් කියලා හිතා ගන්න...විදුර එහෙම දෙයක් කරේ නෑ කියලා හිතන්න.
ඒයි...
හැප්පුනා නේද...
කෙල්ලෙක් හැප්පුනා ..
බොදවෙන ඇස් පියවෙනවා දැනෙද්දි
චමත්කට ළාවට එහෙම ඇහුනා....
(වසර  03කට පසු...)
චමූ...පුතේ කමුද ?
බෑ අම්මා ටික්කින් කමු.
පුතේ අයියා යෝජනාවක් ගෙනත්...
ඇවිදින්න බැරි මට මොන යෝජනාද අම්මේ...
මන් මෙහෙම ඉද්දි අම්මලට බරක්ද කියන්න...
රෝද පුටුවේ ඉන්න   චමත්කා ඇහුවේ හිස් අහස දෙස බලන්.
අනේ ඇයි රත්තරන් ඔහොම කියන්නේ..මගේ මැණිකව මට වැඩි නෑ.අප්පච්චී මායි රෑ දවල් විදවන්නේ අපි නැති දවසක මගේ කෙල්ල ගැන හිතලා දෙයියනේ....
අම්මේ අයියට කියන්න එයාලට එන්න කියන්න කියලා...
හිතේ නිදන් වෙලා කැට ගැහිලා ගල් වෙලා තියෙන හිත හිර කරන් එහෙම කිව්වත් චමත්කා කල්පනා කරන්නේ රෝද පුටුවේ ඉන්න තමන්ට යෝජනාවක් ගේන්න තරන් ඒ මනමාලයාට තිබ්බ උවමනාව ගැන...
ඒත් දැන් එන විදියට හුරු උනු ජීවිතේට චමත්කට කෝකත් එකයි...
ඇය හිත හයිය කරන් මේ හැමදේම ඉවසන් ඉන්නේ ගෙදර අයට තවත් බරක් වෙන්න තරම් නම් හිත හයිය නැති නිසා...
ඒ දවස...
අම්මේ නංගි ලෑස්තිද.කට්ටිය ආවා.
එක්කන් එන්නම් ලොකූ ...
කඩිමුඩියේ එහෙ මෙහේ දුවන අයියා අම්මා දකිද්දි අනේ කෙල්ලට දුකයි.
බොරු හිනාවක් මවාන් ඉන්න කෙල්ලව අම්මා ඉස්සරහට එක්ක යනවා... ඇය හිමින් ඇස් උස්සා බලන්නේ සංසාර පුරුද්දට වගේ ඇහෙන කටහඩට...
චමූ....
දෙයියනේ විකුම් අයියා ....?
අනේ කසුන් පුතා දන්නවනේ අපේ විකුම් ගැන. එයාගේ ජීවිතේ තීරන ගන්නේ එයා.
ඒ විකුම්ගේ අම්මා.
ඔව් ඔව් අදටත් අපි එයාට බලපෑම් කරලා නෑ මේවා උනත් එයාගේ කැමැත්ත.
විකුම්ගේ තාත්තා එහෙම කියාගෙන අන්තිම තේ උගුරත් හිස් කරලා කෝප්පේ තිබ්බා.
දෙන්නට කතා කරන්න දේවල් ඇතිනේ කතා කර ගන්නකෝ එහෙනම් කියලා හැමෝම විසිරිලා එලියට ඇතුලට ගියෙත් විකුම් චමත්කා ගාවට ආවෙත් ඒ පමාවෙන්මයි...
චමූ...   

මේ බලන්න චමු..       

ඇය නිහඩයි.
ඒත් හිත ඇතුලින් ඇය අඩනවා...
පුරුද්දට වගේ පිටට නොපෙන්වා ඉකි ගහනවා...
අනේ මගේ මැණික මේ පව්කාරයාට සමාව ඉල්ලන් නෑ මම...ඒත් මට වැරැද්ද හදා ගන්න දෙන්න රත්තරන් එකම එක පාරක්...
විකුම් අයියේ ..
අනේ අඩනවද දෙයියනේ ඔයා...

අඩුවා රත්තරන් .හැමදාම ඇඩුවා මගේ මැණිකව තේරුනු දවසේ ඉදන් ඇඩුවා..
සමාව ගන්න ඔයා ළගට එන්න බය උනා මැණික මම...
ඒ විකුම්....

එතකොට ටානියා ?
එයා ගියා...
කොහෙද? ඇය අහන්නේ ඇස් ලොකු කරන්...
ඔයා තරන් ඉවසන්න ආදරේ කරන්න එයා දන් නෑ මැණික...
මගේ අහිංසකී තරන් මාව වටිනවා උනේ නෑ කාටවත්... ඉතින් එයා ගියා....

ඇය මේවා අහන් ඉන්නේ කදුලු එක්ක....
මට එක අවස්තාවක් දෙන්න මගේ සුද්දි.
එකම එක පාරක්....
අවුරුදු ගානක් හිතේ හිර කරන් දරාන් උන්නු කදුලු දුක ආදරේ පුපුරා යනවා ඇයට දැනුනි.
අඩාගෙනම විකුම් තුරුලට ගිය ඇය ,ඉතින් ආදරේ නාමයෙන් දෙවෙනි අවස්තාවක් නොදී ඉදීද ?....

ටිකී සොනායාඅ

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment