රෑ මනාලි

රෑ මනාලි.. (කෙටි කතාව)

මොකද අයිසේ මං රූම් එකට ආපූ වෙලේ ඉදලා ටැප් එක ඇරගෙන.. එපා වෙනවා ඕයි"
මං ඇහුවේ ඇද ලග බිම වාඩි වෙලා අඩන මල හෝන්තුවගෙන්.. මට නම් දැං ඌරු ජුවල් ඇයි යකෝ මං ආපු වෙලේ ඉදලා මලගෙයක් වගේ අඩනවා..

මොනා උනත් ඒකිට තිබ්බේ වෙන කෙල්ලන්ට නැති පට්ට සුදක්, ඒ වගේම කොන්ඩේ මං කැමතිම විදිහට ඉන ලගට දිග කැරලි කොන්ඩයක්...ඔක්කොටම හපන් සරලවම කිව්වොත් රන් හංසයෝ දෙන්නා.. ගව්ම් කර අස්සෙන් පියාඹන්න හදනවා වගේ  ...

බොරු කියන්න ඕනේ නෑනේ.. මං දැකපු ගමන් කෙල්ලව ගත්තේ තත්පරෙන් ඒකිට පිස්සු වැටුන හින්දා.. නැතුව හුරතල් කර කර ඉන්න නෙමේ..

"නැගිටිනවා අයිසේ.. මං මගේ ජීවිතේට වැඩිම ගාන ගෙව්වේ තමුන්ට.. සිරාවට තමුසේ මොකෝ ඔච්චර ගනන් ආහ්?"

කෙල්ල මං දිහා යාන්තම් ඔලුව උස්සලා බැලුවා විතරයි.. ඉකිය තවත් වැඩිවෙලා..

ෂික් මටත් සෙට් වෙන්නේ ඔහොම මරාලම තමයි..දැන් ඉතින් කෙල්ලව නලවන්නම වෙනවා... නලවන්න කිව්වට නලවනවා වගේ ඇක්ට් එකක් දෙන්න වෙනවා..ඇක්ටින් නම් මේ සදීශ් රණබාහුට නතින්...මං නැගිටලා කෙල්ල හිටපු තැනට ගිහින් ඒකිගේ උරහිසට අත තිබ්බා..

" මොකක්ද නම..?"

"සමීරා.... සමීරා වත්සුනු.."
යකාගේ නමක්නේ යකෝ ඒක..

"ඇයි ඉතින් අඩන්නේ.. ඔයාට මාව මලපෙරේතයෙක් කුම්භාන්ඩයෙක් වගේ පේනවද.. ඔච්චර අකමැති නම් මං යන්නම්.."

"අනේ වදින්නම් මහත්තයෝ යන්න එපා.. බොස් දැනගත්තොත් මං මහත්තයට හරියට සැලකුවේ නෑ කියලා මාව මරයි මහත්තයෝ" කෙල්ල මගේ සපත්තුවේ ඔලුව තියාගෙන අඩනවා..

මං නැතුව වෙන එකෙක් එතන හිටිය නම් ඒ සිද්දිය උගේ හිතට වදින සිද්දියක් වෙන්න තිබ්බා.. ඒත් මට නම් එහෙම නෑ...

රටේ නමගිය දේශපාලනඥයෙක්ගෙයි ප්‍රසිද්ද මාධ්‍යවේදිනියකගෙයි එකම
පුතා වෙච්ච මගේ සුපිරියට පොලිෂ් කරපු සපත්තුවේ වැටිලා ඉන්නත් ඒකී සෑහෙන්න පින් කරන්න ඕනේ.. එහෙමයි මට හිතුනේ..

"ඉන්නත් එපාලු, යන්නත් එපාලු.. මොකක්ද සමීරා මේකේ තේරුම මොකද ඔය හැටි අඩන්නේ.."

"අමාරුයි මහත්තයා"

අමාරු නැතුව තියෙයියෑ, තියෙන විසේ හැටියටනේ මෙහෙම තැනකටත් ඇවිත් තියෙන්නේ.. මං අමාරුව යවන්නම්කෝ...ඉවසපන් සුදූ . ...මං එහෙම හිත හිත කෙල්ලගේ ඔලුව අතගෑවා...

ඒ පාර නම් කෙල්ල ශේප් වගේ.. ඇඩිල්ල නැවතුනා..

" මහත්තයා වගේ කව්රුත් මගේ ඔලුව අතගාලා මනුස්සයෙක්ට වගේ කතා කලේ නෑ .. මම අදයි මෙතනට ආවේ.. මේ වෙනකම් ආපු දෙන්නම මාව හප කලා මහත්තයෝ"

ටහුඩු.. තවම දෙන්නයිද මෙයාව පාවිච්චි කරලා තියෙන්නේ.. ඒ කියන්නේ අලුත් කෑල්ලක්.. ඒක තමා කෙල්ල මෙච්චර ගනන්...

කෙල්ල එහෙම්ම මගේ උරහිසට හේත්තු උනා... මං වැරදියට කිසිම දෙයක් කලේ නෑ.. මොකද බලෙන් දෙයක් ගන්න මං කැමති නෑ.. ඒ පොඩිකාලේ ඉදන්ම මගේ හැටි.. අනික මුලු රැයක්ම තියෙනවනේ.. කෙල්ලම මාව ඕනේ කියයි...ඒක තමා මේ සදීශ් ස්පෙෂල් කියන්නේ..

කෙල්ලටත් ඩිනර් ඕඩර් කරලා මාත් කෑම අරගෙන ඇදේ හාන්සි උනා.. සමීරත් බයෙන් බයෙන් මගේ ලගට ආවා....

" මං ඔයාව කන්නේ නෑ කෙල්ලේ . ... නිදාගන්න මෙතනින්..කෝ එන්න.."

"ඒ.. ඒත් මහත්තයෝ..."

"ඒත් මේත් නෙමේ ආයේ මට මහත්තයා කියලා කිව්වොත් ඔය නලදත ගලවලා අතට දෙනවා බල බල ඉන්න.. හරිද මැට්ටී..."

මං ඒක කියපු විදිහට සමී මූන ඇල කරලා හිනා උනා.. මං ආවට පස්සේ කෙල්ල මේ හිනා උන පලවෙනි වතාව..
ඇත්තටම ලස්සනයි. ඒක මගේ සල්ලි වලට වහ වැටුන ගොඩක් කෙල්ලන්ගෙන් දැකලා තියෙනවා වගේ  බොරු හිනාවක් නෙමේ, අවංක හිනාවක්..

මං බලාගෙන හිටියේ වශී වෙලා..කිසිම කෙල්ලෙක් ලග නැති අමුතු ආකර්ශනයක් සමීරාට තිබුනා.. මං ඒකට ඇදෙන්නේ කාන්දමට ඇදෙනවා වගේ...

ෂික්.. මටත් පිස්සු.. මං මේ මොනවා හිතනවද මන්දා.. ඇත්තටම අම්මා කියනවා වගේ  බූරු පැටියෙක්ම තමා..මං ඉක්මනට ඇස් දෙක අහකට අරන් අනිත් පැත්ත හැරිලා අත ලග තිබ්බ ස්විච් එක ඕෆ් කලා.. ටේබල් ලෑම්ප් එකේ එලියත් අඩු කරනකොටම මට දැනුනේ සමීරා මට එහාපැත්තෙන් වැතිරෙනවා..

පැයක් විතර ගෙවුනත් මට නින්ද ගියේ නෑ, මෙච්චර සැප ඇගක් ලග තියාගෙන කොහොම නිදාගන්නද හත්වලාමේ..

මට ඇහෙනවා සමීරාගේ හුස්ම.. එතකොටමයි සමීරගේ අතක් මගේ ඇගට හේත්තු උනේ.. ඉබ්බා දියට දාන්නද ඇහුවම ඈන්නෑවේ කිව්වලු..මටත් මොකෝ මාත් තව ලං උනා..

මොකක්ද යකෝ ඒ සීතල..මං ලා එලියෙන් බැලුවේ සමීගේ මූන.. හප්පටසිරි මේකි හීනෙනුත් අඩනවනේ..

" සමීරා ඇයි අඩන්නේ..."

" මු..මු..කුත් නෑ මහත්තයා.."

" අන්න ආයෙත් මහත්තයා කිව්වා නේද.. කෝ කෝ අරිනවා කට.. මේ පාර නම් ගලෝනවා නලදත..මේ සතිශ් කිව්වොත් කිව්වා.." මං එහෙම කියලා සමීගේ කම්මුල් වලින් මිරිකුවා...

"අ..නේ මහත්තයා.."

"අන්න ආයෙත් මහත්තයා කිව්වා.. ඒකට නම් නල දතට යටින් තියෙන දතත් ගලවන්න ඕනේ.."

"අනේ... මං කොහොමද මහත්තයට නම කියලා කතා කරන්නේ.. "

"ආහ්.. දත් ගලවනවා කිව්වම ආයේ ආයේ මහත්තය කියනවා නේද.. ඊලග පාර නම් ගලවන්න දත් නෙමෙයි හරිද..ඒක හින්දා මාව අව්ස්සගන්නැතුව ඉන්නකෝ මැඩම්.ප්ලීස්.. ."

"නම කියන්න හුරු නෑනේ සර්.."

"ඒ පාර සර්ලු.. හරි එහෙනම් අයියා කියලවත් කතා කරනවකෝ. සුදු අයියා කිව්වත් කමක් නෑ.. මං ඉතින් කෝමත් සුදු කොල්ලෙක්නේ..."

"අ..යි..යේ..."

"ශා ඔය තියෙන්නේ. ඔන්න ඔහොම ඉන්න එපෑ.. "

" අයියේ ඔයා විතරයි මට මෙහෙම සැලකුවේ.. ඔයාට හරිම හොද හිතක් තියෙන්නේ අයියේ.. නැත්තම් මං වගේ ලෝකේ පරණම රස්සාව කරන කෙල්ලෙක්ට මේ වගේ හොදට සලකන්නෑ.. මට තිරිසනෙක්ට වගේ සැලකුවේ කලින් ආපු දෙන්නම.. අනේ අයියේ මට තව වෙන්න දෙයක් නෑ.. වෙන්න තියෙන සේරම දේවල් මෙච්චර පුංචි වයසකදිම  උනා.. , නැතිවෙන්න ඕනේ දේවල් නැති උනා..අයියට ඕනේ විදිහට මාව පාවිච්චි කරන්න අයියෙ... අයිය මට මනුස්සයෙක්ට වගේ සලකපු එකට මේ හිගන්නිට වෙන දෙන්න දෙයක් නෑ...

ඒ නැතත් බොස් දැනගත්තොත් අයියට මගෙන් වැඩක් උනේ නෑ කියලා මාව බාගෙට මරවයි අයියේ ඒක නිසා අයියට කැමති දෙයක් කරන්න..." 

මං ප්ලෑන ගහපු විදිහටම සීන් එක ගියත් හිතේ මොකක්දෝ අව්ලක් තියෙනවා...

දෙවරක් නොහිතම මගේ අතින් සමීගේ ගව්ම් කර පහත් උනෙත් මං ඒ දෙතොල් වල පහස උරා ගත්තෙත් පිස්සුවෙන් වගේ... මගේ ඇගට යටවුනු සමීරගේ පිරිපුන් පියයුරු මාව තවත් පිස්සු වැට්ටුවා.. මගේ දෙතොල් වල පහසට නතු නොවුනු කිසිම තැනක් ඇගේ සිරුරේ නැති තරම්...
ඒ වගේම මං කරපු කිසිම දේකට සමීගේ විරුද්ධත්වයක් පෙන්නුවේ නෑ..

අනුරාගී හෝරා කිහිපයකට පස්සේ මං සමීගේ නිරුවත් පපුවේ ඔලුව තියාගත්තා...කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් සමී මගේ ඔලුව අතගාමින් මාව තවත් එයාට තුරුල් කරගත්තා...

සාමාන්‍යයෙන් වෙනදට නම් වෙන්නේ සේරම ඉවර උනාම මං නිදාගන්න එක.. ඒත් අද මට නින්ද යන්නේ නෑ..
ඒත් එක්කම සමීරා ආයෙත් අඩනවා කියලා මට තේරුනේ වේගෙන් උස් පහත් වෙන ලැම හින්දා..
මට මහ වරදකාරී හැගීමක් දැනුනා...ඇක්ට් එකක් දාලා කෙල්ලව ලං කරගත්තට සමීරා ඉකිගහද්දී රිදුනේ මගේ හිත..ඒ ඇයි කියලා මට හිතාගන්න බෑ..

මං කෙල්ලගේ මූන දෝතින්ම මැදි කරගෙන නලලට කිස් එකක් දුන්නා.. විශ්වාස කරනවා නම් විශ්වාස කරපන්.. එතන තිබ්බේ මගේ පහත් හැගීම් නෙමෙයි.. ඒක අමුතු හැගීමක්.. සමහරවිට ආදරය වෙන්න ඇති..

පලවෙනි වතාවට කෙල්ලෙක්ගේ හැගීම් බෙදාගන්න ඕනේ කියලා හිතුනා..සමීට මොකද උනේ කොහොමද මෙතනට ආවේ.. මං සමීගේ බද වටා අත යවලා මට තව ලං කරගත්තා...

" තරහ වෙන්න එපා කෙල්ලේ මෙහෙම ඇහුවට.. ඇයි මෙච්චර පොඩි වයසකින් මෙහේ ආවේ.. ඔයාගේ හිත රිදෙනව නම් නොකිව්වට කමක් නෑ.."

"රිදෙන්න හිතක් නෑ අයියේ දැන්..මං කෙනෙක්ට පන වගේ ආදරේ කරලා එයාට දෙන්න පුලුවන් වටිනාම දේ දුන්නා.. මගේ දුප්පත්කමෙන් , අහින්සකකමෙන් ප්‍රයෝජන අරන් එයා මාව කව්රුත් අදුරන්නැති, තිරිසන්කම් විතරක් තියෙන මෙතනට ගෙනත් දාලා ගියා.. ගෙනත් දැම්මමත් නෙමේ අයියේ සෙල්ලම් බඩුවක් වගේ මාව විකුනලා දැම්මා.."

"එතකොට අම්මා තාත්තා?"

"මගේ අම්මා නැති වෙලා තියෙන්නේ මං ඉපදෙනකොටමයිලු.. මං කාලකන්නිකම උපතින්ම අරගෙන ආපු කෙල්ලෙක් අයියේ..අපිට මහ ගොඩක් සල්ලි දේපල නෑ..තාත්තා මට ඉගැන්නුවෙත් මේසන් වැඩ කරලා.. ඒ උනත් අම්මා මරාගෙන ආපු එකී කියලා තාත්තා කවදාවත් මට වෙනස්කමක්, අඩුපාඩුවක් කලේ නෑ.. කොච්චර දුප්පත් උනත් තාත්තගේ ආදරෙත් එක්ක මට ඒ.ලෙවල් හොදට පාස් වෙන්න පුලුවන් උනා.. ඒත් කැම්පස් යා ගන්න ටිකක් මදී.. මේ සේරටම මුල වෙච්ච එයා ඒ කිව්වේ දිනෙත් මට හම්බුනේ එහෙම දෙවෙනි පාර ඒ ලෙවල් කරද්දී..." කෙල්ල එහෙම කියලා ලොකු හුස්මක් ගත්තා..ලා එලියෙන් ඇස් වල දිලිසෙන කදුලු බෝල පේනවා..

මට දැනෙනවා මං හැගීම්බර වෙලා.. සෙල්ලක්කාරයෙක් වෙච්ච මාව මේ කෙල්ල පැය කීපෙකින් එයාට අවනත කරගෙන..

"දිනෙත් මං වෙනුවෙන් මාස ගානක් බලන් හිටියා.. මගේ හිතගන්න කරන්න පුලුවන් හැමදේම කලා.. මාව බලන්න ක්ලාස් ගාවට එනකොට, මං හින්දා අව්වේ වැස්සේ කට්ට කනකොට මං හිතුවේ ඒ තමයි ආදරේ කියලා.. මගේ අහින්සක තාත්තගේ ආදරේ ලැබෙද්දිත් මං දිනෙත්ගේ ආදරේට ලෝබ උනා.. මං නොදැනීම එයාට ආදරේ කලා..යාලුවෙලා පලවෙනි මාස කීපෙදි එයා මාත් එක්ක කිසිම වැරදි දෙයක් කිව්වෙ නෑ. ඒත් එකම එක දවසක් එයාට මාව විශ්වාස කරන්න සාක්ශී ඕනේ කිව්වා.. එයාගේ යාලුවන්ට එයාලගේ ගෑනු ලමයින්ගෙන් ලැබෙන දේවල් දිනෙත්ට මගෙන් ලැබෙන්නෑ කිව්වා.. කොටින්ම මාව දාලා යන්න හැදුවා..
ජීවිතේටම තාත්තා ලගට මං ආදරේ කරපු එකම කෙනාව මට නැති කරගන්න බෑ...මට හැමදාටම එයාව ඕනේ උනා, මොලේට කලින් හදවත ඉස්සර වෙලා මට ඒ දේට හා කියන්න උනා.. හැමදේම මගේ කැමැත්තෙන්ම දිනෙත් උදුර ගත්තා..  අම්මත් නැතුව පුංචි කාලේ ඉදලා කැත කුනු අතගාලා කවලා පොවලා හැදුව තාත්තගේ චූටි දෝනි දිනෙත් අතින් ගෑනියෙක් උනා..

එදායින් පස්සේ දවස් කීපයක්ම දිනෙත්ට ඕනේ දේවල් උනා.. එක්සෑම් කට ලග තියාගෙන මං හෝටල් කාමර අස්සේ..මට මේව කියන්න ලැජ්ජා නෑ අයියේ.. මොකද මීට වඩා ලැජ්ජා දේවල් මගේ ජීවිතේ වෙලා  තියෙනවා..මට ඕනේ මේවා කාටහරිම කියලා හිත සැහැල්ලු කරගන්න.."

"සමීරාට එහෙම හිතෙනව නම් කියාගෙන යන්න.."මං කිව්වේ මට කියාගන්න මුකුත්ම මතක් නොවුනු හින්දා..

"ඒ දවස් වලම ක්ලාස් වල වීඩියෝ එකක් ලැව් ගින්නක් වගේ ෂෙයා උනා.. කාගෙවත් නෙමේ අයියේ.. ඒක මගේ.. පොඩි එකාගෙ ඉදලා වයසක එව්න් එනකම් මගේ ඇග, මගේ නිරුවත ,දිනෙත් මාව විනාස කරන විදිහ බල බල මාව නැති කලා විනාස කලා..

තාත්තා ඒ ආරංචිය අහල වැඩි කල් ජීවත් උනේ නෑ.. කොහොම දරාගන්නද තමන් මලක් වගේ හදපු දුවව විනාස වෙද්දී.. තාත්තවයි අම්මවයි මරාගත්ත කාලකන්නි කෙල්ල කියලා නෑයෝ කව්රුවත් මලගමෙන් පස්සේ ආවෙම නෑ..
මේ දේවලුත් එක්ක විබාගේ ලිව්වෙත් නෑ..

ඒ වීඩියෝ එක ගැන දිනෙත් මුකුත් දන්නේ නෑ කිව්වා.. විශ්වාස කරනවද දෙවෙනි පාරටත් මං ඒ නරුමයව විශ්වාස කලා.. තියෙන එකම දේ  දිනෙත්ව කසාද බැදගන්න එක කියලා හිතුවා.මං දිගටම දිනෙත්ට බල කලා මාව බදින්න.. මගේ කරදරේ ඉවසන්න බැරි තැන එයා මාව ගෙනත් දැම්මේ මෙතනට..හැමොම ඇග දැකපු මාව වයිෆ් කරගන්න එයාට ලැජ්ජයිලු..මෙතනින් ආයේ යෑමක් නෑ අයියේ .. ආවොත් ආවමයි"

"ඇයි ඉතින් පොලිසියකටවත් කිව්වේ නැත්තේ"

"කියන්නේ කොහොමද අයියේ සිද්දඋන හැමදේම උනේ මගේ කැමැත්තෙන්.අනික අවුරුදු 18 ට වැඩියි මට... අසභ්‍ය දර්ශන වලට හිටියා කියලා මාව හිරේ දායි කියලා දිනෙත් මාව බය කලා, ඊටත් මගේ උදව්වට කව්රුත්ම නෑ..යාලුවෙක්වත් නැති උනා අන්තිමට.."එහෙම කියලා කෙල්ල ඉකි ගගහා අඩන්න ගත්තා...

"තවත් මුකුත් කියන්න එපා කෙල්ලේ.. "මං සමීගේ දෙතොල් වලට ඇගිල්ල තියලා කිව්වා.. නිහඩ හා නිදිවර්ජිත හෝරා කීපයකින් පස්සේ උදේ ආවා.. රැයේ සිද්දවෙච්ච අනග රැගුම් අමතක කරලා වැදගතෙක් විදිහට සමාජෙට මූන පෙන්නන වෙලාව ආවා..

මං ඒ සුඛෝපභෝගී  කාමරෙන් එලියට එද්දී දැක්කේ සමීරගේ මැලවුන මුහුන..

"යන්නෙපා අයි..යේ..මුං මාව නොමරා මරයි.." සමීරා හෙමින් මුමුනද්දී මං ඉක්මනට එලියට ආවේ ආයේ ඒ මූනවත් බලන්නැතුව...

දින කීපයක්ම ගෙවුනත් මට සමීරව අමතක කරන්න බැරි උනා.. පියවි සිහියෙන් සමී එක්ක හිටපු පැය කීපය ආයේ ආයේ මතක් උනා..මට හිතෙන්නේ මං ආදරේ කරනවා වගේ.. ඉස් ඉස්සෙල්ලම මගේ හිත ගියේ රෑ මනාලියකට... මං මගේ  හොදම විශ්වාසවන්තම යාලුවා උන රයන්ට කෝල් කලා..

"හෙලෝ මචං රයන්.. ලොකු උදව්වක් ඕනේ"

"උබට නොකරන උදව් කාට කරන්නද යකෝ..කියහන් සිං ගාලා පුලුවන් උනත් බැරි උනත් මේ රයන් ඒක කරනවා.. මොකද උබ මට කරපු උදව් මට මතකයි"

"මචං මේකයි.. වැලි සුනිල් ලග කෙල්ලෙක් ඉන්නවා.. මට ඒකිව කොහොමහරි ඕනේ බං..."

"ඉතින් ඕක උබට පුරුදු නැති දෙයක්‍ යෑ.. මොකක්ද අව්ල"

"නෑ මට ඕනේ ඒකිව රෑකට නෙමේ.. සදහටම.. කොච්චර ගානක් ගියත් කමක් නෑ..ඉල්ලන ගානක් සුනිල්ට දීලා දාපන්.. මං කිව්වේ කියලා කිව්වොත් මිනිහා වැඩිය සද්ද දාන එකක් නෑ... කෙල්ලගේ නම සමීරා වත්සුනු...කෙල්ලව අරගෙන ආරක්ශාව තියෙන හොද තැනක නවත්තපන්...සමීරට කිසිම කරදරයක් නැතුව ඉන්න පුලුවන් තැනක්..."

"මොකද ලොක්කා.. ආදරේද.."

"ඔබට ඒ කෙහෙල් මල් වැඩක් නෑනේ යකෝ...මං උබේ අකව්න්ට් එකට සල්ලි දාන්නම්..කෙල්ලගේ ෆොටෝ එකකුත් එවන්නම්..හැබැයි කෙල්ලට දැනගන්න තියන්න එපා මමයි කෙල්ලව එතනින් බේරගත්තේ කියලා..."

"හරි මචන්.. මං කරන්නම්.."

"ආ තව එකක් කෙල්ලට උබේ ඔෆිස් එකකින් හරි කොහෙන් හරි ජොබක් සෙට් කරපන්..එතකොට සමීට කරදරයක් නැතුව ඉන පුලුවන් .. මේ ටික විතරක් කරලා දීපන් මචන්.."

"උබට ඕනේ විදිහටම වෙයි මචන්.. ඩෝන්ට් වොරි.."

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඉදින් අදින් සමීරා ඒ අපායෙන් මිදෙනු ඇත.. නමුත් මගේ සමාජ තත්වය අනූව ඇයට ආදරය කිරීම හෝ විවාහ කරගැනීම සිදුකල නොහැක..
ඊටත් වඩා ඇය ජීවිතය වරදාගත් තැනැත්තියකි.. මා බෝධිසත්වයෙක් නොවෙමි..මට අවශ්‍ය වන්නේ හිස කෙලින් තබා මේ මගේ බිරිද යැයි සමාජයට හදුන්වා දිය හැකි අයෙකුයි..සත්‍ය එයයි.. නාට්‍ය වල එන පරිදි මට ඈ විවාහ කරගත නොහැක.. එය කෙලෙසවත් ප්‍රායෝගික නොවේ..

හිතේ උපන් කුලුදුල් ආදරය මට මරා දැමීමට සිදුවේ.. වරද ප්‍රේමයට සියල්ල පිදූ සමීරගෙද,ඇගෙන් සියල්ල උදුරාගත් දිනෙත්ගෙද, ගනිකාසේවනය කල මාගේදැයි මම නොදනිමි.. නමුත් ප්‍රත්‍යක්ශව එකක් දනිමි.. නැවත් කිසිදු දිනක පරඅඹුවන් කරා  යෑමවත් , තවත් සමීරාවන් බිහි කිරීමවත් මගේ අතින් සිදු නොවනු ඇත..

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

පසුවදන- ඕනේ තරම් දිනෙත්ලා, සමීරලා , සදිශ්ලා සිටිය හැක.. කෙල්ලනේ අවුරුදු ගනනක් කට්ට කා ඔබව උස් මහත් කල දෙමාපියන් පසෙකලා මාසයක් දෙකක් කට්ට කාගෙන ඔබ පසුපස එන කොල්ලන් විශ්වාස කර විවාහයට පෙර ඔබ සතු සියල්ල ඔහුට දෙන්න යන්න එපා.. කාපු ඇපල් කන්නේ මිනිසුන් නොව පනුවන්ම බව සිහිතබා ගන්න..

ඒ වගේම කොල්ලනේ ආදරය, කාමය පටලවාගෙන ඔබේ පෙම්වතිය අසරණ කරන්න එපා... ඇගේ වටිනාකම් සෙල්ලමකට ගන්න එපා.. විවාහයට පෙර රාගය තුලින් ඇතිවන්නේ ගැරහුම්, පසුතැවීම් පමණි..

මිනිසාට සතුටු වීමට ලිංගිකත්වය ඇති බව සත්‍යක්..බටහිර රටවල එය එලිපිටම සිදුවන දෙයක් බවත් සත්‍ය යි.. නමුත් අප සිටින්නේ සංස්කෘතියක් ඇති පෙරදිග රටක බව මතක තබාගන්න.. කවුරුන් කෙලස පම්පෝරි ගැහුවත් එය අබිබවා යා නොහැක..

කාගේ හරි හිතක් රිදුන නම් සමාවෙන්න..

-නිමන්ත ඩයස්-

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment