නුඹම පමණයි මම පතන්නේ(කෙටි කතාවකි)
මට ඔයා එක්ක ජීවත් වෙන්න බෑ හොදම දේ අපි ඩිවෝර්ස් වෙන එක
මට දනූගෙ වචන විශ්වාස කරන්නවත් බැරි උනා.දෙයියනේ චූටි චූටි වෙනස්කම් දැනුනා තම්‍යි අපි රණ්ඩු උනා ඒත් ඒත් හැමදේම හරි යයි කියලා මම හිතුවෙ
දනූ මේ ඔයාමද
මම දනූගෙ ඇගේ එල්ලුනා
ඔව් ඕයි ඔව් මට තවත් වද දෙන්නෙපා
මට දැනුනෙ මගෙ ඔලුවට හෙණයක් පාත් උනා වගේ.අවුරුදු පහක් ආදරේ කරලා දුක් විදලා අම්මලාගෙන් ගුටි කාලා මගෙ ආදරේ වෙනුවෙන් මම කොච්චර දුකක් ඉහිලුවද
මහත්තයෝ අනේ ඔයා විහිලුවක් නේද මේ කරන්නෙ
මට තවත් ඉවසන්න පුලුවන් වෙයිද කමක් නෑ.මගෙ ආදරේ මෙහෙම වෙනස් වෙයි කියලා මම හිතුවෙම නෑ.
දනූ අනේ කියන්න රන්ඩු උනාට බැන්නට මම ආදරෙයිනෙ
මම දනූට වෙනදා වගේම තුරුල් වෙන්න හැදුවා
අයින් වෙයන් මට ඇති වෙලා මට බෑ උඹත් එක්ක ජීවත් වෙන්න ඇති මේ කරුමෙ
අනේ මම මොකක්ද කලේ දෙයියනේ ආදරේ කරපු එකද වැරැද්ද කියන්න මට ඒකද
මම පිස්සුවෙන් වගේ දනූගෙ ශර්ට් එකෙම් ඇදලා ඇහුවා
උඹ මල වදයක් අයින් වෙයන්
දනූ මාව තල්ලු කලා .දනූ වෙනස් උනේ අලුත් ජොබ් එකට ගියෞ දවසෙ ඉදන්.ඒ වෙනස මට දැනුනෙ ටිකෙන් ටික.මට පණ වගේ හිටපු කෙනා වෙනස් වෙද්දි මට නොදැනෙන්නෙ කොහොමද.වෙනදා වැඩ ඉවර උන ගමන් මාව බලන්න කියලා ඉක්මනින් ගෙදර එන කෙනා රෑට රෑවෙලා ගෙදර ඇවිත් වැඩ වැඩියි කියද්දිත් අනේ මම විස්වාස කලා.
මම නිදාගන්න කතා අරද්දි මට පොඩි වැඩක් කියලා මාව මගාරිද්දි මම තනියම නිදා ගත්තෙ ඔයා මට නිදා ගන්න කියලා බල කරපු නිසා.ඒත් ඔයා මගෙන් ඈත් වෙනවා කියලා මට දැනුනා
දනූ
ම්ම්
ඇයි මහත්තයෝ මේ
ඇයි
ඔයා මට දැන් වෙනදා වගේ ආදරේ නෑ
මම කීවෙ දනූගෙ කර වටෙට අත දාලා ඇහුවා
විකාරද සදූ නිදාගන්න මට වැඩ වැඩියි
දනූ අනිත පැත්ත හැරිලා නිදා ගත්තා.මට හීල්ලූනා ඇඩුනා.
උදේ දනූ වැඩට ගියාම ඇදුම් ටික සෝදන්න ගත්තා.කලිසම් සාක්කුව අදිද්දි ෆිල්ම් එකක් බලන්න දෙන්නෙක් ගියපු බවට සාක්ශි සාක්කුවෙන් එලියට ආවා.මට බිම ඉන්ද උනා
දනූ ඔයා ඊයෙ ෆිල්ම් එකක් බලන්න ගියාද
මම හවස හිමීට ඇහුවා
තමුසෙට පිස්සුද ඕයි
වෙනස් උන මූණ හදාගෙන තරහක් මවාගෙන දනූ යකෙක් වගේ කෑගැහුවා.දනූගෙ වෙනසට හේතුව තවත් ගෑණියෙක්ද.දනූ ලස්සනයි.වෙලාවකට බයත් හිතුනා,ඒ අහින්සක සුදු මුන දිහා ඕනෙම කෙල්ලෙක්ට දෙපාරක්.හැරිලා බලන්න තරම් ලස්සනයි
උබ කොහොම හරි ඉස්කෝලෙ ලස්සනම කොල්ලව සෙට් කරගත්තා
යාලුවා කීවෙ එහෙම.මම ආදරේ කලේ ඒ අහින්සක කමට.ඒ අහින්සකයා අද කෝ
සදූ
ම්ම්
ඔයාලගෙ ගෙදරින් කැමති නෑනෙ මට
යමක් කමක් තිබුනු පව්ලක ඉපදුනු මට අම්මා තාත්තා අයියා පණ වගේ හිටියා.ආදරේ සැප සම්පත් පව්ලෙන් කොච්චර ලැබුනත් මම දුප්පත් දනූගෙ ආදරේ ලග ගාල් උනා.
අපි හොරෙන් බදිමු
අවසාන තීරණේ දනූ ගත්තා.මම මගෙ පව්ලම අතෑරලා කුලී ගෙදරට ආවෙ දනූගෙ ආදරේ විස්වාස කරගෙන ඒත් අද දෙයියනේ මම විස්වාස කරපු ආදරේ මට නැති වෙලා.
දනු ඩිවෝර්ස් එක ඉල්ලලා දවස් දෙකෙන් ගෙදරින් ගියා ගියාමයි ආවෙ නෑ.මට මේ කුලී ගෙදර තනියෙන් ඉන්න බෑ.හැමදාම මම ලග නිදාගත්තු මගෙ ආදරේ වෙන කෙනෙක්ට තුරුල් වෙලා ඇති.කොහොම ඉවසන්නද.මැරෙන්න හිතෙනවා වෙලාවකට
දවස් තුනක් දනු එයි කියලා බැරිම තැන මම දනූගෙ ඔෆිස් එකට ගියා.
එයා අයින් වෙලා සතියක් විතර
මට ආයෙත් ගිනි පත්තු උනා
එයා ගියපු තැනක්
මම අසරණව ඇසූයෙමි.
ඒක නම් දන්නෑ දෙන්නම තමයි ගියෙ
දෙන්නම
මම පුදුමයෙන් ඇසූවෙමි
ඔව් තනුශිව මැරි කරනවා කියලා ගියෙ
ඉතින් අසන්නට ඇති සියලු දේ ඇසුවෙමි.මම අනාත වී ඇත.යන්නට තැනක් නැත.මගේ කියා කෙනෙක් නැත.
කුලී ගෙදර තනියෙන් ඉන්නට නොහැක.අනේ කාත් කවුරුවත් නැතිව මා අනාත වූ හැටි.මට ඇඩුම් එයි ඒත් වාවා සිටින්නෙමි.අවසනට මට පිහිට වේවියි මට සිතුනේ මගේ අම්මා තාත්තා හා අයියා පමනකි.එපා කියලා ආපු මගෙ අය හොයාගෙනම මට ආයෙම යන්න උනා
චූටි දුවේ
අම්මා මාව බදාගෙන ඇඩුවා.තාත්තා කතා කලේ නෑ ඒත් මගෙ අයියා මගෙ ඔලුව අතගෑවා
උබව වැඩි නෑ චූටියී උබට අපිව වැඩි උනාට
අයියා කීවෙ එච්චරයි
,,
චූටි, අක්කා ලගට යන්න මැලේසියා
අයියා බදින්න ඉන්න අක්කා ලගට අයියා මාව යැව්වෙ අඩ අඩා ඉන්න මාව දැකලා.ඇතිම වෙලා වෙන්න ඇති.අද එයි හෙට එයි කියලා මම දනූ එනකම් පාර බලන් ඉදලා ඇති වෙලා හිටියෙ.ඒ හින්දම මමත් අක්කා ඉන්න තැනට යන්න කැමති උනා.
අලුත් නවාතැනක් අලුත් රටක් මට හිත හදාගන්න පුලුවන් වෙයි කියලා මට හිතුනා.අක්කා මට පොඩි ජොබ් එක්ක හොයලා දුන්නා.සුපර් මාර්කට් එකක.
චූටි ඇයි
දවසක් නැගිට ගන්න බැරි තරමෙ ඇගේ තෙහෙට්ටුවට මම නිදාගත්තා.පැටියෙක් මගෙ දනූගෙ ලේ තියන පැටියෙක් මගෙ බඩේ ඉන්නවා කියලා මම ඒ වෙනකන් දැනගෙන හිටියෙ නෑ.තාත්තෙක් නැති මගෙ පැටියා බඩට ආපු දවසෙම මම ආදරේ කරන්න ගත්තා.මොකද ඒ මගෙ ආදරේ සංකේතෙ
පැටිය එලියට එනකන් මම ඇගිලි ගැන්නා.චූටිම චූටි පුතෙක් මැදගිල්ලෙ දනූගෙ වගේම කලුලපයක් මට කදුලු ආවා.ඔයා නැතත්.මට මගෙ කොලු පැටියා ඉන්නවා දනූ
මම පැටියා ඉඹලා හිතුවා.
මගෙ කොල්ලට අවුරුදු පහක් වෙද්දි මම ලන්කාවට ආවා.අයියයි අක්කයි එයාලගෙ දූ පැටියත් අරන් මාත් එක්කාම ලන්කාවට ආවා.ලන්කාවට අඩිය තියද්දිම මට මතක් උනේ මගෙ දනුව.අමතක කරන්න ඕනෙ උනත් මට අමතක කරන්න බැරි උන මගෙ ආදරේ දනූකොහෙ ඇතිද
පැටියා ඉස්කෝලෙට දැම්මා .අයියා පැටියව උදේ හවස ඉස්කෝඑ අරන් ගියා ගෙනාවා.මගෙ පැටියට අයියා තාත්තෙක් වගේ උනා
අම්මි
ම්ම්
වීල් චෙයාර් අන්කල් ශොයි
පුතු කියන්නෙ කවුරු ගැනද
කවුද පුතු
ඉස්කෝලෙ ලග ඉන්නෙ
පුතු කියන වීල්චෙයාර් අන්කල් කවුද
අම්මි මේ
පුතු බැට් එකකුයි බෝලෙකුයි උස්සන් ඇවිත් පෙන්නුවා.
මාමි අරන් දුන්නද ඇයි වද දෙන්නෙ මාමිට ආ
මම පුතු ලන්කරගෙන ඇහුවා
නෑ නෑ වීල් චෙයාර් අන්කල් දුන්නා
අයියේ
මම අයියට කෑ ගැහුවා
ඇයි චූටි
කවුද මේ වීල්චෙයාර් අන්කල්
මම කෑගහුවා.මගෙ කොල්ලට එක එක දේවල්.දිදී ලන් වෙන්නෙ කවුද මට බය හිතුනා මගෙ වස්තුව මගෙ පණ මගෙ කොලු පැටියා.
ආර්මි එකේ හිටපු කොල්ලෙක්ද කොහෙද වීල් චෙයාර් එකක ඉන්නවා රැව්ලත් වවාගෙන පුතු ගේට් එක ලග ඉදන් අත වනනවා
මම පහුවදා ඉස්කෝලෙ ඇරෙන වෙලාවට යන්න ලෑස්ති උනා.
මම ගිහින් ඉස්කෝලෙ ගේට් එක ලග මුවා වෙලා වගේ හිටියා.මගෙ පුතු ලමයි එක්ක එලියට ආවා.කොල්ලා වට පිට බැලුවා.කවුරුත් පේන්න නෑ.ටිකකින් එහා පැත්තෙන් වීල් එකකින් බැස්සුවෙ රෝද පුටුවක ඉන්න කෙනෙක්ව.
මම පුතු දිහා බැලුවා.ඒ මූණෙ හිනාවක් ඇදුනා එහා පැත්තෙ වීල් චෙයාර් එක දැකලා.මගෙ පුතු හදිස්සියෙන් පාර පනින්න හැදුවා.මට බය හිතුනා.මගෙ කොල්ලා පාර පනියි .පුතු පැටව් රොත්ත එක්කම පාර පනිද්දි මමත් පස්සෙන් දිව්වා
මගෙ අන්කල්
මගෙ කොල්ලා ගිහින් බදාගත්තු කෙනා දැකලා මට ඇග වෙවුලුවා
පුතූ මෙහෙ එනවා
මම බයටම පුතුව ඇදලා ගත්තා
සදූ
රැව්ල වැවුණු දනූගෙ මූණ මට අදුනගන්න බැරි නෑ.ඒ ඇස් තාම මට හුරුයි.
සදූ
දනූ පුදුම වෙලා
අම්මි
කොල්ලා බය වෙලා වගේ
දනූගෙ ඇස් අසරණවෙලා
මේ අපේ පැටියා නේද.සදූ
දනු අහන්නෙ.මගෙ පැටියා දිහා බලගෙන
පිස්සුද මාව.දාලා.ගියපු ඔයාගෙන් මට දරුවෙක්
මම කීවෙ කලකිරීමෙන්
නෑ මේ මගෙ පුතා මගෙ ඇස් මගෙ වගේම අතේ මාර්ක් එක මට දැකපු දවසෙම හුරු පුරුදු ගතියක්.දැනුනා සදූ අනේ මගෙ පැටියා
දනූ පුතු අල්ලන්න දැගලුවා
ලේ සුවද තාත්තටයි පුතාටයි දෙන්නටම දැනිලා.මට බය හිතුනා
එපා.මගෙ දරුවා අල්ලන්න
මම පුතු ලන්කරගත්තෙ බයෙන්
මට ඔයාල ඕනෙ සදූ මම අසරණයි ඔයාට දීපු ගින්න මටම පත්තු උනා
එවලෙ තමයි මම දනූගෙ කකුල්.දෙක දිහා බැලුවෙ.
මොකද දනූ උනේ
මොනා උනත් දනු මගෙ ආදරේ .මම ආදරේ කලා මහ ගොඩක්
මාව ඇක්සිඩන්ට් උනා මම ලස්සබට රැවටිලා.ගියපු ගෑනි මාව දාලා ගියා.අපි දෙන්න ඉදපු ගෙදර අදටත් මම තනියම ඉන්නවා ඔයාගෙ මතක එක්ක
මට දුකයි .ඒ මූණ අසරණයි.
මට ඔයාට කියන්න බෑ මගෙ ලගට එන්න කියලා මම අබ්බගාතයෙක්
දනූ කියවනව.මොනා උනත් මගෙ ගෑණු හිත උණු උනා.
අන්කල් අඩනවා අම්මි
අන්කල් නෙවෙයි පුතු ඒ ඔයාගෙ තාත්ති
මම පුතුට කියද්දි දනූ පුතුව බදා ගත්තා .මම දනුගෙ රෝද පුටුවට අත තිව්වා.කොහොම දාලා යන්නද මාව දාලා ගියාට මේ මගෙ ආදරෙ
ගෑණියෙක් හදවතින්ම ආදරේ කරන්නෙ මෝඩ කමට නෙවෙයි.හදවතින්ම ආදරේ කරන ගෑණියෙකුට ආදරේ ආත්මෙම වෙනවා.ආදරේ කසාද ගෑණිට තරම් තමන්ගෙ මහත්තයව .කාටවත් වටින්නෙ නෑ
දිලුක්ෂි එස් නන්දසේන
උපුටා ගැනීමකි
No comments:
Post a Comment