උපුටා ගැනීමකි

#කෙටි_කතාවකි.
"බැහැපිය දොට්ට පරට්ටි. මගේ එකාගේ ඇඟේ බලෙන්ම එල්ලිලා. මේ ගෙදරත් එක්ක මූසල කරනවා. අම්ම අප්පා නැති හැතිරි"

"මං මොන වැරැද්දක් කරාට අම්මේ මෙච්චර මට බනින්නේ? පොල්තෙල් ඩිංගක් හීරුනාටද මේ" ඉවසා දරාගත නොහැකිවම මා පැවසුවෙමි.

"හැලුනා නෙවෙයි උඹ හැලුවා. මගේ කොල්ලට ඉනාවක් ඌවත් අල්ලගෙන, දැන් මගේ කෙල්ලට හම්බවෙන්න ඉන්න දරුවත් නැති කරන්නද හදන්නෙ?"
මා හැඬුවෙමි. මාගේ නිර්දෝශීභාවය පිළිගන්නට අකමැති ගැහැනියකට තවදුරටත් මා නිවැරදි යැයි කීමෙන් පළක් නොවේ. මා කාමරයට ගොස් දොර වසා ගතිමි.
අවුරුදු දහයක් වන විටම මගේ අම්මා මා හැර ගියේ මගේ ලෝකය තාත්තාට බාරකරමිනි. නමුත් නොසිතූ ලෙස තාත්තාද රිය අනතුරකින් මිය ගියේ මගේ මුළු ලෝකයම අඳුරට යළිත් ඇද දමමිනි.
මාගේ කුඩා කාලය ගෙව්නේ ආච්චි අම්මා ළඟය. ඈ මගේ ඉගෙනීම මෙන්ම මගේ අනාගතය පිණිස කෙල්ලෙක් දැන ගත යුතු හැම රාජකාරියක්ම ඉගැන්නුවාය. මා උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයේ සිටින අවදියේ මට හැසරැල් මුණගැසිනි. ආදරය ගැන වැඩි බලාපොරොත්තු වක් නොවුණු මගේ සිතට ඔහු නව බලාපොරොත්තු පොදියක් එක් කළේ මාව විවාහ කරගනිමිනි. අප දෙදෙනා ජයටම විවාහ උත්සවයක් ගෙන විවාහ වුවද හසරැල්ගේ අම්මා අපේ විවාහය ඉහ මුදුනින්ම ප්‍රතික්ෂේප කළාය.  ඇගේ ආයතනයේ යෙහෙළියකට හසරැල්ව විවාහ කර දීමට ඇය, ඇයගේ යෙහෙළියට පොරොන්දු වී සිටියදීත් හසරැල්ගේ හා ඔහුගේ පියාගේ කැමැත්තට පමණක්ම මේ විවාහය සිදු වූ බව මා හට පසුව දැන ගන්න ලැබුණි.
විවාහ වී පැමිණි මට ඈ නොපැවසූ  කුණුහර්පයක් නැත. ජීවිතයේ අවසන් කෙළවරටම කළකිරී සිටි මා හුදෙක්ම සැනසුනේ හසරැල් නිසාම පමණෙකි.
හසරැල්ගේ තාත්තා හා හසරැල්ගේ නෑනා පමණක් මගේ හිත සැනසීමට හිටියද ඔහුගේ නංගීද අම්මාද සෑම විටම සිදු කලේ මට බිනීමය.
********
"ඇයි දරුවො මේ ඇස් දෙක ඉදිමිලා. හ්ම් අදත් අම්ම එක්ක රණ්ඩු උනාද?" මා කිසිවක් නොපැවසුවෙමි.
"අනේ අපි කුලියට කාමර කෑල්ලක්වත් අරන් යමු හසරැල්." මා හැඬීමි.
"මේ සප්ත මහා සාගරයක් වගේ ගෙයක් තියෙද්දී කොහේ යන්නද ගගුලි. පස්සෙ අම්ම හරියයි. දැනට ඕව ගණන් නොගෙන ඉන්න"
ඔහු මාව තුරුළු කරගත්තේය.
"ඒ කියන කතා ගෑනියෙක් කොහොම අහන්නද හසරැල්" මා හිතින් පැවසුවෙමි.
හසරැල් වැඩට ගිය විගසම නැන්දනිය  සුපුරුදු ලෙසම ඇගේ වචන වලින් බාගෙට මරන්නීය.
***************-
"අහ් ප්‍රියා.. මේ මගේ දූ කුමාරි. පරිස්සමට බලාගන්න ඕනෙ. ස්ටඩීස් නැත්නම් මෙයාවත් එක්කරගෙන යනවා. ඒජන්ට් වැඩක් නිසාමයි මෙයාව දාල යන්නෙ" දිනක් නැන්දණියගේ යෙහෙළියක් සිය දියණිය සමඟ පැමිණි තිබුණි.
මා ඔවුනට තේ රැගෙන ගියෙමි. එකවරම පැමිණ සිටි තරුණියගේ අත වැදී තේ එක ඇයගේ ඇගේ වැක්කෙරුනි. ඒත් සමඟම මාගේ නැන්දනිය මා හට වැරෙන් කම්මුල් පාරක් දුන් අතර එය දරාගත නොහැකිව මා බිම ඇද වැටුනෙමි.
"මොක්ද්ද උඹ ඒ කරපු වැඩේ. " ඈ මොර දුන් අතර කම්මුල් පාර දරාගත නොහැකිව මගේ ඇස් වලින් කඳුළු කැට බිමට වැටුණි.
"අම්මා නංගිට වැරදීමක් වෙන්න ඇති." නෑනා මාව නැඟිට්ටවන්නට තැත් කරද්දී මා විගස නැඟිට්ටේ ඇය දරු ගැබක් දරා සිටි හෙයිනි."මගේ
කම්මුල් රතු වූයේ කම්මුල් පහරේ සැරටත් වඩා දැනුණු ලැජ්ජාවටය. මා නැවත වචනයක් හෝ නොපවසා කුස්සිය දෙසට ඇවිද ගියෙමි.
"ටේක් ඉට් ඊසි ප්‍රියා. ඒ හසරැල්ගෙ වයිෆ්  නේද? " පැමිණ සිටි ගැහැනිය නැන්දනියගෙන් විමසුවාය.
"වයිෆ් නෙවෙයි යක්ෂණියෙක් ඒ මගෙ පුතාව දැපනෙ දාගත්තු."
"මැරි කරලත් දැන් වන් ඉයර් වගේ නේද? තාම කවුරුත් නැද්ද?"
"මේ වගේ ගෑණුන්ට මොන දරුවොද නයනි. මේ අපේ මැටි කඳවල් වලට ඕවා තේරන් එකක් යැයි." මගේ තුවල වූ හදවත දොරට හසු වී වැලි කැටයකින් සීරී යනවා සේ දැනිණි. මා කාමරයට ගොස් හැඬුවේ තවදුරටත් දරාගත නොහැකිවමය.
"හ්ම් නංගි මට ඔයාට මේව ගණන් ගන්න එපා කියන්න බෑ. මට තේරෙනවා මේව අහන් ඉන්න මොනම  ගෑණියෙක්ට වත් බෑ කියලා. ඔයා මල්ලි එක්ක පොඩ්ඩක් මේ ගැන කතා කරන්න." මගේ සිතට පොඩි හරි අස්වැසිල්ලල් ගෙන ආවේ නෑනා පමණි

වැඩ අවසන් වී නිවසට පැමිණි පසු මා හසරැල්ට සිදු වූ සියල්ල පැවසුවෙමි.
"හසරැල් ඔයා ගෙදර නැති වෙලාවෙ මට ඉන්න අමාරුයි. ඔයාට තේරෙනවනේ. ඒ නිසා මං ජොබ් එකකට යන්නම්"
"පිස්සුද ගගුලි. ඔයා මොකටද ජොබ් කරන්නෙ? මේ තියෙන සැප මදි වෙලාද?"
"දෙවියනේ වැඩට යනකොට ඔයා දන්නෙ නෑ මේ මිනිස්සු මට කියන කතා. අඩුම තරමෙ අපෙම කියලා දරුපැටියෙක් වත් හිටිය නම් හිත හදන් ඉන්න තිබුණා. මට ඉන්න බෑ හසරැල් මේ ගෙදර"
"මොනවද ගගුලි කියන්නෙ මේ. මාත් මැරිල මැරිල ගෙදර එන්නෙ. දරුවො හදන්න තව කල් තියෙනවා. මන් යනවා වොශ් එකක් දාගන්න." ඉතිං මේ කරුමක්කාර මං සෑම විටම නිහඬ වී වැලහින්නක මෙන් හැඬීම පමණක් කරමි.
කාලය කෙමෙන් ගෙවී යද්දී නැන්දනියගේ යෙහෙලියගේ දියණිය හසරැල් ඉදිරියේ විවිධ මායම් දමන්නට විය. නමුත් නැන්දනියගෙන් ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොවුණි. පසුව මා හට දැන ගන්නට ලැබූයේ හසරැල්ට විවාහ කරදීමට පොරොන්දු වී ඇති තරුණිය මැය බවය.
දිනක් මා අපගේ කාමරයට යන විට ඇය අපගේ ඇඳ මත වාඩි වී පත්තරයක් බලමින් හුන්නාය. ඇය දුටු මගේ සර්වාංගයම ගිනිගෙන දැවෙනවා සේ විය.
"මිනෝලි ඔයා මොකද අපේ කාමරේ කරන්නෙ?"
"ඔහ් මන් ආවෙ වොශ් එකක් දාගන්න. මගේ කාමරේ වොශ් රූම් එකේ ශවර් එක වැඩ නෑ. ඒකයි හසරැල් අයියා එනකම්.හිටියේ එලියට." මගේ හදවත ගලක ගසනවා සෙ දැනිණි.
" ඉතිං ඔයාට තිබුණන ගෙස්ට්ලගෙ වොශ් රූම් එක යූස් කරන්න."
"ආන්ටි තමයි කිව්වෙ මට මේ වොශ් රූම් එක යූස් කරන්න කියලා."
"ඉතිං මොකද ගගුලි එයා වොශ් රූම් එක පාවිච්චි කරාම වෙන්නෙ" හසරැල් ඔළුව පිසදමමින් පැමිණ පැවසුවේය.
මට ඉබේම හැඬුණි. හිටගෙන සිටීමටද අපහසු ලෙසක් දැනුනි. මා කාමරයෙන් එළියට ගියේ හඬමින්‍ ය. කාලය ගත වෙද්දී හසරැල්ද ක්‍රම ක්‍රමයෙන් මගෙන් ඈත් වෙනවා සේ මට දැනෙන්නට විය.
"හසරැල්.. ඇයි දැන් ඔයා වෙනද වගේ නැත්තේ ?"
"මේ ගගුලි, මං බෙල්ල ගාවටම වැඩ වල හිර වෙලා ඉන්නෙ. විකාර කියවන්නෙ නැතුව ඉන්නවද?"
"ඔය ඔහොම හැසිරෙද්දී මං කොහොමද හසරැල් ඉන්නෙ".
"හයියෝ ගගුලි මට වද දෙන්න එපා. අර බලනවකෝ මිනෝලි ඉන්න විදිහ. මාර විදිහට ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ. ෂිට් අපරාදෙ මටත් අම්ම කියපු දේ අහන්න තිබුණෙ." මගේ ඇට මස් නහර වල දුවනා රුහිරය සිඳී ගොස් හදවත නැවතුනා සේ දැනිණි.
"අම්ම කියපු මොන දේද හසරැල්" මගේ උගුරේ යමක් හිර වී ඇති සේය
"ඔව් මිනෝලිව බඳින්න කියපු එක.එහෙනම් මේ කන්දොස්කිරියාව නෑ. පුදුම කරුමයක් උනානෙ මේක" මගේ ආත්මයම මගේ සිරුරෙන් නික්මෙනවා සේ දැනිණි. මා හැඬුවෙමි. දින ගණන් හැඬුවෙමි. නමුත් හසරැල්ට මගේ කඳුළු බිඳුවක් හෝ නොපෙනිණි. ජීවිතය නැති කර ගැනීමට මා හට සිතුනු වාර අනන්තය. නමුත් මා ඉවසුවෙමි. අවසානයේ ඉවසීමේද කෙළ පැමිණියේ හසරැල්ද මගෙන් වෙන් වීමට අවැසි බව පවසා දිනක් මා හා රණ්ඩු වූ විටය..
ඉදින් මා ඔහුට අවැසි දේ දීමට ඉටා ගත්තෙමි. නීතිඥයෙකු මාර්ගයෙන් දික්කසාද ලියවිලි පිළියෙල කරගත් මා ඔහු හමුවට ගියෙමි.
"හසරැල් මං මගේ පාරෙ යන්නම් ඔයා ඔයාගේ පාරේ යන්න."
"දැන් මොකද්ද ඔයා කියන්නෙ ගගුලි"
"මන් ඔයාගෙන් වෙන් වෙනවා. මේක තමයි ඒකට හොඳම වෙලාව.ඔයාගෙ අම්මා කියන්න වගේ මන් මුකුත් අරන් ආවෙ නෑ. ඒ නිසා මට මුකුත් එපා ඔයාගෙන් මට දික්කසාදෙ විතරක් දෙන්න". අවසානයේ මා ඔහුගෙන් වෙන් වුණෙමි.
අතිරසාර ලෝකේ ස්තිරසාර ප්‍රේමයක් මා නොපැතුවද මා කරුමක්කාර බවෙන් මිදී සැනසීම ලැබීමට පැතුවෙමි. නමුත් මට විවාහයෙන් ඔහු හෝ සැනසීම ලැබුනේ නැත. තවදුරටත් උරුම කරුමක්කාර බවම පමණක් ලදීමි. අවසානයේ මා තීරණයක් ගත්තෙමි. එනම් සියළු පට සළු ඉවතලා කහ සිව්ර ගත දවටාගෙන නියම සැනාසම ළඟා කර ගැනීමය.

*******නිමි....

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment