උපුටා ගැනීමකි

😂😂😂😂😂😂😂

කෙටි කතාවකි....

අවුරුදු විස්සක් තිස්සේ මගේ මිනිහා එක්ක කාපු දීගේට කෙළවෙන්නත් එක්කම දවසක්දා හැන්දෑවක වැඩට ගිහින් එද්දී මගෙ මිනිහා ආවේ ඇටෙන් පොත්තෙන් එළියට ආපු ගෑනියෙකුත් අරන්...ඕකිව ගෙට තියා හතර මායිමට ගන්න එපා කියලා මං මරාගෙන මැරුනත් මිනිහටම හරියන ළමයි දෙන්නා කතා කලෙත් ඒකිගේ පැත්තට...

මගේ මිනිහා වැඩට යද්දී සමුදෙන්න මං දොරකඩට යද්දී අරකි මාවත් ඉස්සර කරගෙන ගිහින් මිනිහව ඉස්ටේසමටම ගිහින් බස්සලා එන්නේ නිකන් මට රෙස්පොට් එක දාගෙන. හවසට වැඩ ඇරිලා මගේ මිනිහා එනකන් ඉස්තෝප්පුවේ මං මග බලන් ඉද්දී තප්පරේට මීටර් වලින් ගිහින් මගේ මිනිහව කැන්දන් ඕකි එන්නේ වන වන. මගේ මිනිහත් ඒකටම හරියන්න එන්නේ ඒකිත් එක්ක මුකුළු පපා තුරුල් වෙලා.  එතකොට තමා මට හිතෙන්නේ මට හිමි තැන නැති කරා කියලා.  අවුරුදු විස්සක් තිස්සේ හොද හැටි දීගේ කාපු මගේ පවුලට වෙච්චි වින්නැහිය හිතලම මං නාකි වෙලා.ඕකිව මේ ගෙදරින් පන්න ගන්න මං ගැහුව දහන් ගැට මෙච්චරයි කියන්න බෑ. ඕකිට බත් දෙන්නේ නැතුව මං දවස් ගානක ස්ට්‍රයික් එකක් ඇල්ලුවා. ඒත් වැඩක් උනේ නෑ. මගේ මිනිහා හොරෙන් හොරෙන් ගිහින් ඒකිට මිනිහගේ බත් ටික දීලා බඩගින්නේ ඉන්නවා. අනේද කියන්නේ මගේ මිනිහා විදින දුකක්...

බැන්දත් හරී ජීවිතේට මගේ ඔලුවක් අත ගාපු නැති මිනිහා...අරකිගේ ඔලුවයි පිටයි අත ගානවා දවස තිස්සේ. මොකෝ ඒකිට ඉහෙන් බහින අමාරුවක් තියෙනවද දන්නේ නෑ.

දවසක් කුනු කුනු ගාලා ගේ පිටිපස්සේ කෙදිරිල්ලක් එද්දී මාත් ගියා බලන්න. යකෝ... මොන රෙද්දක්ද ? මෙන්න යකෝ මාව ජීවිතේකට නාවපු නැති අඩුම පිටේ කුණු බිංදුවක් උලපු නැති මිනිහා අරකිව නාවනවා. ඒකිත් අත පය උස්ස උස්ස දෙනවා උලන්න කියලා. ඕකිගේ තියන වලත්තකම මං හොද හැටි දැනගත්තේ එදා. කුස්සියේ ඉදන් සාලෙට එනකන් අතට අහු උන අහු උන බඩු පොලේ ගැහුවේ මගේ මිනිහා වෙනුවෙන් හිතට ආපු අවංක ප්‍රේමනීය හැගීමේ වේගෙට....අම්මා පල්ලා... මට වඩා සැලකිලි මේකිටනේ කියලා හිතෙද්දී මං නොමැරි මැරුනේ ඉරිසියාවේ පැලි පැලි...

ඕකිගේ තියෙන මායම් දාලා  මගේ මිනිහව අල්ල ගත්තා විතරක් නෙවෙයි ළමයි දෙන්නත් අල්ල ගත්තේ ඉගි බිගි පාලා. ඕකි....ඕකි....ව මං අම්මපා මරලා හංගන්නෙ ප්ලැට්පෝම් එක අස්සේ..... දවසින් දවස මගේ මිනිහාගේ හිතේ මං ගැන තියන තැන නැතිවෙද්දී අරකි මගේ මිනිහාගේ ලොකේ රජ උනා.

මගේ කරේ තිබ්බ මාලේ උකස් තියලයි මේ මාසේ රන් එක දෙන්න සල්ලි ටික හොයාගත්තේ. ඒකෙත් මාලේ උකස් තියලා එනගමන් අරකිට එක්දාස් ගානක විටමින් බෝතලෙයි කරට මාලෙකුයි අරන් ඇවිත්..අම්මපා පපු කැනැත්ත දෙකඩ කරන් යන වේදනවාක් මට ආවේ. මං පිස්සෙක් පිස්සෙක් ගානට පයින්ම ටව්ම්ට දුවලා ගිහින් පිම්මට අරන් ආවේ මැහි තෙල් බෝතලයක්. ගුඩු ගුඩු ගාලා එක හුස්මට බොන්න කියලා හදද්දී මගේ මිනිහා පැනපු ගමන් මට ගැහුවේ කනේ පාරක්... ඒකෙන් මේකෙන් කොහොම හරි ඒකිව ගෙදරින් යවන්න මිනිහා කැමති උනේ...මගෙ හර්දේ ප්‍රේමයට සාධාරනේ කරලා.... ලොකු එකී ඉන්ට්ටොනෙට් ද මොකද එකට දැම්මලු මෙහෙම එකක්.

ඩොබර්මන් වර්ගයේ මාස 6ක් වයසැති බලු පැටියෙක් විකිනීමට තිබේ.  වහාම අමතන්න.

0771111144

බැල්ලිට ගිය කල
ගෑනිට බැදි පෙම උනාලු

නිමි.

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment