උපුටා ගැනීමක්

කෙටි කතාව

"ඇති අසිත ඇති. ඔයාගේ බොරු අහන්න මම ලෑස්ති නෑ.ඇයි මට බොරු කලේ?? මං ආදරේ කරපු එකද වරද??  කොල්ලෙක්ට කියල මුලින්ම මම ආදරේ කලේ ඔයාට. ඔයයි මගේ ලෝකේ කියලා නේද කිව්වෙ. අර photo එකේ ඉන්න එකීටත් ඕකම වෙන්න ඇති නේ කිව්වෙ. ලැජ්ජයි අසිත. මාස 3ක් ආදරේ කලාට ලැජ්ජයි. අදින් පස්සෙ තමුසෙගෙ මහලොකු ආදරේ මට එපා. මේ ඔක්කොම අදින් ඉවරයි.."

"ඔයා ඇත්ත දැනගනී.එදාට ඔයා පසුතැවෙයි මහීශා"

ඒ ටික එයාට ඇහුනේ නෑ.මම හිතින් කිව්වේ.ඒත් මහීශා කිව්ව ටික නම් අහල පහල පස් හය දෙනෙක්ටම ඇහෙන්න ඇති..
මක් කරන්නද දැං. මං යනව යන්න. ශික්.. මේ වැඩේ කරපු චීත්තෙ අහු උනොත් මං කණපිට හරවනව. එහෙම හිත හිත බස් එකකට නැග්ග. බයික් එකත් අයිය ගත්තනේ. මූ ලංකාවට ආවොත් මගේ සියුමැලි දෙපා වලට සොරි තමා...
බස් එකේ වාඩි වෙලා මනෝ පාරක් දාගෙන ඉද්දි එහා පැත්තෙන් නම්කි කෙනෙක් වාඩි උනා.  අප්පටසිරි බස් එකේ සෙනග. මම වටපිට බැලුවේ බහින තැන මිස් වෙලාද කියල...
අනේ අම්මපා මේ වෙලාවට තමා යකා නගින්නේ. තාම මම නැගපු හෝල්ට් එකේමනේ. ශික්... මොනා කරන්නද. ලංකාවනේ. මම ආයේ මනෝපාරට සෙට් උනා. බස් එකේ ලස්සන සිංදුවක් යනවා.

ඔබාමා ට එයාගේ නෝනව හම්බ උන දවස ගැන කියන සින්දුවක් යන්නේ...

ඔබ මා හමු උනදා දෑත් දරා..............

ඒත් කොහෙන් ඇහෙනවද මංදා. අහ්හ් මං වාඩිවෙලා ඉන්න සීට් එක යටද කොහෙද බෆල් එක තියෙන්නේ. ඒකත් මරු
"අයියේ, මේ"
මේ නම්කි මට ටෝක් කරනවා. මම ඩිංගක් ඔලුව හොල්ලල බැලුව හීනයක්ද කියලා.
"අයියේ, උයාගේ මොබයිල් එක රිං වෙනෝ"
මගුලයි, ඒ මගේ ජංගමේ.
"කියන්න අම්මේ, මම පුස්තකාලේ" ඒක කියන්න විතරයි ලැබුනේ, එහා පැත්තේ නම්කි බුකුස් ගාලා හිනා උනා.
මේකිගෙ කන තියෙන්නේ මගේ කටේ ද කොහෙද. එච්චර හෙමින් කිව්ව එකත් අහුන.
 
"හරි අම්මේ, මම ගේන්නම්, දැං නම් මේ ගානක් හද හද ඉන්නේ, මේ ගාන හදලා ඉවර උන ගමන් එනව"

"ඔය කඩුවෙලින් නැග්ග අය ටිකට් ගන්න,"

හුටා.කොන්දොස්තර මාමා කෑගහපි. ශික් ඇහෙන්න ඇති අම්මට ශුවර් එකටම. අම්මගේ අතේ තියන phone එක රිං වෙනව ඇහුනෙ නැති උනාට මේවා නම් හොඳට ඇහෙනව.
කොහොමින් කොහොමින් හරි බස් එකෙන් බැහැගත්තා.

අම්ම කතා කරල මොනාද ගේන්න කිව්ව ගෙදරට. ඒක අමතකයි බොලේ. කමක් නෑ. ලැජ්ජ නහරෙ කපලනෙ මගේ. ආයේ ගත්තා අම්මට කෝල් එකක්

"බස් එකෙන් බැස්සද පුතේ. කඩුවෙල ඉඳලා හරි ඉක්මනට ඇවිත් නේ."
කාල ඉන්න බැරි ඔව්වා තමා.

"මොනාද අම්මේ ගේන්න කිව්වෙ.."
මුකුත් උනේ නෑ වගේ ඇහුව අම්මගෙන්.

"chocolate roll එකක් ගේන්න පුතේ. අර කට්ටිය එන්න කලින් ගේන්න"

අම්මගෙ සල්ලි වලින් කැපෙනවා වගේ කට් කලා.මොන කට්ටියද. දහ අතේ කල්පනා කර කර ඒකත් අරං මම ගෙදර ගියා.

"මම හිතුව තව පරක්කු වෙයි කියල. කඩුවෙල ඉඳලනේ ආවේ. ඕක මෙහෙට දීල ගිහින් ලෑස්ති වෙන්න."

කාමරේට ගියා විතරයි මට මහා පාළුවක් දැනුනා.
මහීශාට කවුද photo එකක් දීලා. ඒකේ මම වෙන කෙල්ලෙක් එක්ක යස අපූරුවට ඇලිල වෙලිල ඉන්නවා. ඒ photo එකේ කෙල්ලව පැහැදිලි නෑ. කරුමෙට අපෙ අයියව පේනවා.  දැං ඒක දීපු එකා හෝ එකී කියලා තියෙන්නේ ඒ මම කියලා. මහීශටත් මාව අඳුරගන්න බැරි උනා එහෙනම්. අඳුරගන්නෙ කොහොමද යකෝ.අපි දෙන්න අතර වයසෙ වෙනස අවුරුදු 1.5යි නේ. දකින උං අහන්නේ නිවුන්නු ද කියලා. අනික ඉතිම් අපේ පොලොස් කොට්ටෝරුවත් මගේ  ශර්ට් එකක් නේ ඇඳලා ඉන්නෙ. මගේ කිව්වට ඒක මහීශා අරං දුන්න එකක්.
කොහොම හරි මහීශ ඇම කාලා. නිකං නෙමෙයි, රස කර කර කාලා. ඒකනේ හත් දෙයියනේ මාව එපා කියල ගියේ.

"පුතේ, එයාලා ආවා. එන්න ඔයත් ඉස්සරහට. හරි නෑ නේ"
යකෝ මට අමතක උන හැටි.
අයිය බඳින්න ඉන්න අක්කගේ ගෙදර අය එනවා කිව්ව නේද අද. මරු මරු. ඒ අක්කට නම්කි කෙනෙක් ඉන්නවලු..

වැඩක් නෑ. මගේ මහීශා නැතුව වෙන අය එපා.
දැං ඉතින් මොකක් හරි දහංගැටයක් ගහලා කෙල්ලට ඔප්පු කරන්න ඕනේ ඒ ඉන්නේ අයියයි අක්කයි කියලා.

"අඩෝ මදුර, මාර අවුල බං"
මම සිද්දිය short කරල, තව කෙටි කරලත් කිව්ව.
"ඉතිම් යකෝ අයියට කියපන්. අයිය මහීශට තේරුම් කරල දෙයි."

ඕන්න මගේ අතිජාත මිතුරගෙ පිලිතුර.
මේ වෙලාවට තමයි සිංහල හෝඩියම මතක් වෙන්නේ.
"අයියට කියන්න පුලුවන් නම් යකෝ මේ වෙද්දි මම දහපාරක් කියලා.
හරි හරි. උඹට අදහසක් ආවොත් කියපංකෝ. මම තියනවා."

මෙතන ටක් ගැහිල මක් කොරන්නද. ආව අයට මූන දීල එන්න යන්න ඕනේ. කාමරේ දොර රෙද්ද ඇරං එලියට අව විතරයි ඩෝං පටෝස්.. එකෙක් බිම.
ශා, මගේ ඇඟේ මාර ශක්තියක් තියෙන්නේ.  උඩ කරණමක් ගහන්න ගිහිං නූලෙන් බේරුන  අයියව දැක්ක ගමං හිතුනේ ඒකයි.

"තොට රට ඉඳං එද්දි ඇඳුම් දෙක තුනක් ගේන්න බැරිද??"

මහීශා දැක්ක photo එකේ අයියා ඇඳලා හිටිය ශර්ට් එකම අයිය අදත් ඇඳං ඉන්නව ඇක්කම මට යකා නැග්ග. අනික ඉතිම් මේක මහීශා දුන්න තෑග්ගනේ.ඒක අයියට කෙසේ පවසම්දෝ.මම කට වහගත්තා.

"උඹට වඩා මේක මට ලස්සනයි. මම මේක අරං යනව."

"දැං පලයංකෝ නෑනා ගාවට. නෑන පොඩ්ඩ ගියාට පස්සේ මම බලාගන්නම් පුතේ. " අයියගේ ඔලුව අතගාලා මම ඉස්සරහට යන්න අඩිය තිබ්බ විතරයි මට හෙන හුරු කටහඬක් ඇහෙනවා ඇහෙනවා වගේ.

මොන විහිළුවම්ද බම් මේක. මටත් පිස්සු. මහීශාගේ කටහඬ අපේ ගේ ඇතුලෙන් ඇහෙන්නේ කෝමද. මනස්ගාත්. ඒ සිහියෙන් ඉන්න නිසා එයාගේ කටහඬ ඇහෙනවා මට..

මෙන්න අයියා බ්‍රවුන් පේපර් බෑග් එකක දාල මොනාදෝ මංදා අරං යනවා..
මාත් ඒ පස්සෙන්ම ගියා පහලට.

වැඩිය යන්න ලැබුනේ නෑ. දැක්ක දේ නිසා හද කම්පිත උනා,
නෑනා පොඩ්ඩ ගාවින්ම මහීශා වාඩි වෙලා ඉන්නවා. ඒ කියන්නේ නෑන ගේ නම්කි මහීශද????
අප්පටසිලි
මේවට තමයි කියන්නේ දෙන දෙයියෝ ගෙට අවිත් කාමරේටත් ඇවිත් දීලා යනවා කියලා. ඒ කියන්නේ කොල්ලගෙ ශ්‍රවන හැකියාව හොඳයි..

මහීශාව පුදුමකරවන්නත් එක්කම මම ගිහින් ඉස්සරහම වාඩි උනා.

වැඩක් උනේ නෑ. මහීශා පුදුම උනේ නෑ. එයා කලින් ඉඳලම පුදුවෙලා ඉඳලා තියෙන්නේ.
දැං නේ යකෝ තේරුණේ. අයියා ඇඳල ඉන්න ඇඳුම දැක්කම මහීශා සීන් එක තේරුම් ගන්න ඇති. නෑ එහෙමත් නෙමෙයි. මේ තියෙන්නෙ මගේයි අයියගෙයි පොඩි කාලේ ඇල්බම්. අයියා මගේ photo පෙන්නල වගේ.

මහීශා මාව ගනන් ගත්තෙවත් නෑ නේ.

හරී ඔයා කවදා හරි තේරුම් ගයි නේ. මම එහෙම කියලා හිත හදාගත්තා. අයියා බ්‍රවුන් පේපර් බෑග් එකේ තිබ්බ ඒවා එලියට ගත්තා. මහීශාට පොඩී කරන්ට් එකක් වැදුන වගේ උනා. දැං නෙ සිද්දිය තේරුම් ගියේ. බ්‍රවුන් පේපර් බෑග් එකේ තිබිලා තියෙන්නේ මහීශට ලැබුණු අපැහැදිලි photo එකේ පැහැදිලි එව්ව ටික.

මම හොඳට මහීශා දිහාම බලං හිටියා. කම්මුල් දෙක සෝස පාටවෙලා. ලොකූ කඳුලු බිංදු දෙකක් ඇස් දෙකේ. වැටුනා වැටුනා ඕන්න වැටුන කඳුලු බිංදු දෙක..සුවර් එකට මට බැන්න කියලා දුක හිතෙන්න ඇති. අයියටයි අක්කටයි ඕවා පේන්නේ නෑ. උන් දෙන්න කලින් නොදැක්ක උං දෙන්නගෙ photo බලනවා.

මට මෙතන තව ඉන්න බෑ. මහීශා අඬන දුකට නෙමෙයි. මගේ හිත ඉපිලී යන සතුටට. මම කාමරේට ගියා විතරයි මට කෝල් එකක්.මදුරගෙන්.

"ඔන්න මම වැඩේ කලා මචන්. තව විනාඩි 2න් මහීශා උඹට කතා කරයි"

මාව කරකවලා අත් ඇරිය වගේ ඒක ඇහුවම. ඒපාර මේ අමනය මොන මගුලක් නටලද මංදා.
මම කියන්න ගියේ නෑ මහීශා අපේ ගෙදර කියල. මූව පොඩ්ඩක් මඩවල බලන්න හිතුන.

"ඒ ඇයි බං."

"නෑ මං මහීශට මැසේජ් එකක් දැම්මා. කවදාවත් බීපු නැති අපේ අසිතය තමුසෙ නිසා අද බොනවා. මෙන්න මූ කියන දේ අහන්නේ නෑ. කඩුවෙල බාර් එකේ ඉඳලා කරටි කැඩෙන්න බොනවා.අහිංසක කොල්ලෙක්ගේ අනාගතේ විනාස කරන්න එපා මහීශා. මූ හොඳටම වෙරි වෙලා ඉන්නේ.කියලා. දැං උඹට කෝල් කරයි."

දෙයියො දෙද්දි යක්කු ගන්නවා කියන්නේ ඕකට තමා. මම එහෙම්මම කට් කලා.විලි ලැජ්ජාවේ බෑ.

මහීශාගෙන් මැසේජ් එකක්. ඒකත් මරු, අපේ ගේ ඇතුලෙ ඉඳලා මට මැසේජ් එවනවා.

"හෙට උදේ 9 වෙද්දි පුරුදු තැනට එන්න. වෙරි බස්සගෙන එන්න."

ලැජ්ජාවේ බෑ. මේ වෙලාවට හිතෙනව  ගිහින් වලක් කපල මදුරයව දාලා මාත් ඒකෙම අයිනකින් වැලලෙන්න.


උදේ පාන්දර 8.30ට ඇහැරුනා.පැයබාගෙට කඩුවෙලට යන්න පුළුවන් ද.. මොකෝ බැරි. මගේ වන්ඩිය තියනවනෙ. ඉක්මනට ලෑස්තිවෙලා එලියට ගියා විතරයි මට කුණුහරුප මතක් උනේ. ඇයි යකෝ මගේ බයික් එකම අරගන්නේ... අදත් අයියා මගේ බයික් එකෙන් රෝන්දේ ගිහින්. පරක්කුයි. මගෙන් සමාව ගන්න එන කෙල්ල නේ. ටිකක් මඩවන්න ඕනේ. ඇයි යකෝ මම නොකරපු වරදකටනේ එදා මට බැන්නේ.

කෝමින් කෝම හරි මම 9.20 වෙද්දි කඩුවෙලින් බැහැගත්තා.

"තාම වෙරි බැස්සෙ නැද්ද ???"

ඔවු ඔවු මහීශා තමයි. වෙන කවුරු ඔහොම අහන්නද.. මම බෙල්ල කකුල් දෙක අස්සෙ හංගගෙන වගෙ ගියා.කෙල්ල ඉන්නවා. මම එයාගෙ එහා පැත්තෙන් වාඩි උනා.

එයා වරද පිලිගනී. මම ඒක දන්නවා. ඒත් මදුරය කරපු බොරුවට නම් සමාව දෙන්නේ නෑ. කනක් ඇහිල ඉන්න නෑ ඉතිම් මාස ගානක් යනකල්.
"අසිත. යමු දැං"
මගේ අතේ එල්ලුන මහීශා කියපි.

කලින් මුකුත් වෙලා නෑ වගේ. මාව එපා කිව්වෙ නෑ වගේ..
"කොහෙද"
වැඩි කතා නැතුව මාත් ඇහුව..

"අනේ අයියේ. අද 10 වෙනිද නේද. ඔයා ගිය මාසේ කිව්වනේ මාව ෆිල්ම් එකක් බලන්න අද එක්කන් යනවා කියලා."

"ම්ම්ම් මතකයි මතකයි.යමු ඉතිම්." මට මතක තිබ්බෙ නෑ එහෙම පොරොන්දුවක්.
ඒක නෙමෙයි මහීශා. දැංවත් පිලිගන්නවද ඒ photo එකේ හිටියේ මම නෙමෙයි අපේ අයිය කියලා. "

මම කලට වෙලාවට ඇහුවා.

"අසිත, පරණ දේවල් වලින් මට වැඩක් නෑ.ඒ නපුරු අතීතෙ මම අමතක කලා. ඔයා මගේ නේ. ඒ දුක දේවල් අද වගේ දවසක කතා කරල වැඩක් නෑ."

යකෝ කෙල්ලො කියන්නේ මහා පුදුම ජාතියක්. යංකෝ ඔහොම.

"මදුර කිව්ව ඔයා බොනව කියල. කොකා කෝලා එකෙත් සැර ඇරල බොන මගේ අසිත කරටි කැඩෙන්න බොන්නේ කොහොමද කියල හිතුන. අනික ඔයාලගෙ ගෙදර බාර් එකක් නෑ කියල මම දන්නවනේ "

ෆිල්ම් හෝල් එකට ලං වෙද්දි හසිනි කියපි. දීපංකො උත්තර කෝ මේවට. දැං හිතෙනව මට මදුරයව කණපිට ගහල එන්න. මොන නවනිංගිරාවක්ද මේ.

"මහීශා.පරණ දේවල් මතක් කරන්න එපා. ඒ නපුරු අතීතෙ මම අමතක කලා...."

මම එහෙම කිව්ව විතරයි  මහීශා ඇස් දෙක කරකවල අමුතු බැල්මක් දාලා මා දිහා නෝන්ඩියට බැලුව. මම ආදරේ ඔය බැලමටනේ මැණිකේ......

"මහීශා, ආයේ එහෙම එපා. මම ආදරෙයිනේ"

බොහෝම අමාරුවෙන් ටිකක් හැඟීම්බරව කතා කලා මම

"ආයේ එහෙම නෑ සුදු අයියේ. මාත් ආදරෙයි.. හැමදාටම."

සමාව නම් ගත්තෙ නෑ.

කෙල්ලොනේ....

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment