චූටි වලියක්

චූටි වලියක්,,,(චූටි කතාවක්)

මොකෝ මූඩ් අප්සෙට්

අත්සන් කරලා හැරෙන්න හම්බුන්නෑ බොක්කෙ ෆිට් එක මූනට එබුනා

නිකන් බන්

බොරු එපා බොල තෝ ගැන මන් දන්නැද්ද හිටපන් අත්සන ගහනකන්

මම ඔෆිස් එකෙන් එලියට ආවා,ඔලුව පිස්සුවෙන් වගේ සුද්දට මේ ටිකේ මොනවා වෙලාද මන්ද මට හීල්ලුනා

ඇයි බන්

මම දුක හන්ගන් හිනා උනා

කියහන් අයියා බැන්නද

හ්ම්ම්ම්
ඒක නම් පේනවා නයා මැරිච්ච කූතාඩියා වගේ ඉද්දි මොකෝ අවුල

මම යාලුගෙ අතින් ඇදගෙන කොරිඩෝ එක දිගේ ගියෙ හිතේ නිදහසක් නැති හින්දා

මන්දා බන් දවස් දෙකක් කරපු වැරැද්දකුත් නෑ කතා කරන්නෙත් නෑ තේරෙන්නෑ බන් මෙහෙම ඉදලා හුරු නෑ උබ දන්නවනෙ බන මට අයියා එක්ක මූන එල්ලන් ඉදලා හුරු නෑ

කලෙකින් අපි අතරෙ උනු ප්‍රස්නෙ මට මානසික වදයක් වෙලා වෙනද තරහා උනොත් උපරිම විනාඩි පහයි මම බලෙන් කරේ එල්ලිලා යඋ කරගන්නවා මේ පාර දවස් දෙකක් මුඉන එල්ලන් ඉද්දි මට පිස්ස්සු වගේ

පන්සිල් ගන්නැද්ද

බෙල් එකේ සද්දෙට යාලු ඇහුවෙ

බෑ බන් අද උබ පලයන් නිවන් යන්නෙ කොහොමද පත්තු වෙලා ඉද්දි

සාමාන්‍යයෙන් කවුරුත් ඉස්සරහා අඩන්නැති මට මේ ටිකේ කදුලු එනව තැනක් නොතැනක් නැතිව

දවස් තුනක් උන ගැනිලා ඇදට වැටිලා ඉදලා නැගිට්ටෙ ,ඒ දවස් තුනම හොයලා බලපු මනුස්සයා මට හොද උනු ගමන් මූන එල්ල ගත්තා

,,,

උබට සර් කෝල් කලාද

උන ගැනිලා දවස් තුනකට පස්සෙ වැඩට ආවෙ, සර් කතා කලා කියලා.මතක් උනෙත් මුතූ කීවම,සර් කතා කලෙත් ඔලුව වත් උස්සගන්න බැරිව ඉද්දි

හ්ම්ම්ම්

මොකෝ කීවෙ

ට්‍රිප් එක යන්න කවුරුත් නෑලු මටයි නිම් ටයි ලෑස්ති වෙන්න කීවා බන් ඔෆීසියල්.ම කීවෙ

ඉතින්

හා කීවා මැරෙන්නයැ උබල යන්නැද්ද

මුතූ හිනා උනේ තරූ අක්ක දිහා බලලා

උබලා දෙන්න යනව නම් නොය ඉන්නවද අපිත් වයිස්ට කීවා

හ්ම්ම්ම්
,,,,
සුද්ද
ඇයි
මොකද අප්පා තරහෙන්
කිසි තරහක් නෑඅ

මට දුක නිදාගන්න එන මොහොතෙත් ප්‍රස්න අරන් එද්දි

නැත්තෙ මිකද වෙනදා ඔහොම නෑ

මම බලෙන් මගෙ පැත්තට හරවා ගන්න හැදුවට දරදඩු වෙලා අහකට හැරෙද්දි දුකයි

මට එපා වෙලා අප්පා දවස් දෙකක් මූන එල්ලගෙන එක්කො හිතේ තියෙන දෙයක් කියන්න ඕනෙ මම ඔහොම ඉදලා තියෙනවද නෑනෙ ඇයි මට මෙහෙම කරන්නෙ

කාඅලෙකට පස්සෙ මහත්ත්‍යා ඉස්සරහා ඇඩුනා

මල වදේ පටන් ගත්තා ඇඩියාව

කොට්ටෙත් අරන් සාලෙට ගිහින් සෙටියෙ නිදි මාත් වද දෙන්න ගියෙ නෑ
,,
මට බෑ වගේ යන්න
කොහෙද
ට්‍රිප් එක

සෙට් එක මන් දිහා බැලුවෙ කන්න වගේ

පිස්සුද යකෝ සර්ටත් කියලා

නිම් ඇගට පැන්නා

උබල යන්නෙ මදැයි

නටපන් තෝ යන්නැත්නම් අපිත් යන්නෑ

කාලා වරෙන්කො මිනිහා මදිවට මුන් ටිකත් මාව කනවා

නටන්නෙපා මට බෑ ,මම ඉන්නවා

තරූ ගැස්සුවා මුතූ රැව්වා රවලා ගියා

මොකද බන් වෙලා තියෙන්නෙ

නිම් අති ජාත සජාත බොක්ක ලගට ඇවිත් ඇහුවා

අරූ බන් දවස් ගානක ඉදන මාව කෙයා කරන්නෑ ,වෙනදා මට වද දෙන මිනිහා බන් වතුර එක වත් අරන් බොන්නෑ බත් එක ලගට දෙනකන් කන්නෑ දැන් බන් සේරම තනියෙන් කරගන්නවා

මේකිට හින මට පයින් ගහන්න හිතුනා

ඒ උබට සයිකොද බන්
ඇයි
මම ඇහුවෙ තරහෙන්

යකෝ වෙනද මම ගියාමත් උබ අයියට දාන රෙස්පට් ආ හැමදේම උබ කරන්න ඕනෙ කියල දැන් උගෙ වැඩ ඌ කරගද්දිත් උබ බනිනවා අනේ මන්ද අපිත් ඉපදුනනෙ මේව අහන්න

ඇත්තටම හිතල බලද්දි වෙලාවකට වදයක් වෙන මහත්තයගෙ කන්දොස් කිරියාව සොදුරු වදයක් කියලා හිතෙන්නෙ දැන්

,,,
මහත්තයෝ මම ට්‍රිප් එක යනවා
හ්ම්ම්
සල්ලි ඕනෙ
ඔයත් ජොබ් එකක් කරනවනෙ
මොකද්ද වෙලා තියෙන්නෙ ආඅ

සල්ලි ඇති පර්ස් එකේ ගන්න

මූන වත් නොබලා කියන හැටි වදුරා ,වෙනදා දාහක් දේවල් කියලා මාව අවුස්සනවා
මේ ගෑනි හින්දා මාව නැතිවෙනවා කියනවා අද සල්ලි ගන්නලු

කීයක ගන්නද

පර්ස් එකෙ දහ දහක් ඇති ඒකම හරි අරන් යන්වා

මොකද්ද මට දෙන වදේ ඇයි මෙහෙම කරන්නෙ ,මාව ගනන් ගන්නෑ ඩ්ගවස් කීයක් ඉවසුවද මාව එප නම් කියන්න මට බෑ මේ නොසැලකිල්ල ඉවසන්න

ට්‍රිප්.එක යන්න ලෑස්ති වෙලත් ඇඩුවා,ගනන් වත් ගන්නෑ මට තරහයි පුටුවට පයින් ගහලා නැගිට්ටා රෙද්ද කකුල රිදෙනවා.පුටුවෙ වැදිලා

මේ ටිකේම වෙන ලෝකෙක ඉන්නෙ විහිලුවට කියපු කතාව ඇත්ත කරලා වගේ වෙන ගෑනියෙක් හම්බෙලාද කොහෙද හිටපන් මරනවා

මම බැන බැන අඩ අඩා  ඇදුම් පැක් කලා,,
,,,
මම නොයා ඉන්නද

බස් එකට ලමයිනුත් නැග්ගට පස්සෙ මම ඔරවගෙන ඉන්න මනුස්සයගෙන් ඇහුවා,

පිස්සුද විකාරද නගිනවා බස් එකට

රවලා කියද්දි නිම්ස් ලගට ආවා

යමන් ,අයියා පව්ල්.ප්‍රස්න ආවම විසදගන්න

මේකි.මාවත් ඇදගෙන නැග්ගා බස් එකට,,
,,,
හිනා වෙයන්කො
මගෙ මූනෙ වෙනස කාට්ස්වත් තේරෙන්නෑ මේකිට තරම්

පේන්නැද්ද හිනා වෙනා වෙනවාඅ

ඔය හිනාවෙනවයැ විරිත්තනවනෙ වරෙ

කෙල්ලො සෙට් එක සින්දුවක් ලාවට කියද්දි නිම්ස් මාවත් ඇදගෙන බස් එක මැද්දට ගියා

ලමයි ඉස්කෝලෙ නෙවෙයි වෙනසකට යන්නෙ, සින්දුවක් කියන්න පොඩි ඩන්ස් පාරකුත් එක්ක

ලමයි ගොඩට වැටිල අපි දෙන්නම රිලැක්ස් උනා,
,,,
ඒපාර මොකෝ
අරකට ගත්තා ගත්තා පෝන් ආන්ස්වර් කරන්නෑ
කීපාරක්.ගත්තද

බලපන්
මම යාලුට පෝන් එක විසි කලා

හ්ම්ම්ම් හරිනෙ සතුටුයිනෙ උබේ වදෙන් අයිය නිදහස් පව් අසරනයා මෙච්චර කලයක් හිටියනෙ ඕක කරගන්න

ලමයි ලග නැත්නම් මේකිව මරනවා

සතුටෙන් හිටියට ඔලව හොදටම අවුල්,කොච්චර ගත්තත් ආන්ස්වර් කරන්නෑ එපාම වෙලා පෝන් එක ඕෆ් කලා

ගෙදර නොයා මගින් බහින්න හිතෙනවා

මට තරහට කිය උනා

මම සීට් එකට හේත්තු උනේ අව්ලෙන්

ඒ කෝල්
නිම්ස් පෝන් එක දුන්නා

මේකි බස් එකෙන් එලියෙ කැකිරි පල පලා කෝල් එකක හිටියෙ මම බැස්සෙ නැත්තෙ මලක් හිතලා

හෙලෝ
ම්ම් මොකො පෝන් ඕෆ්

අප්පා මගෙ ස්වීට් මාර හැපි

කතාකරන්න කෙනෙක් නෑනෙ

ආ එහෙමද කීයටද එන්නෙ

දොලහවත් වෙයි

ඩ්‍රයිවර්ට කියනවා පගලා එන්න කියල තේරෙන්නෑනෙ

ඒපාරත් බනිනවා පිස්සුද මන්දා,බැනලා කට් ක්ලා
මොකද කීවෙ
එන්න පරක්කු වෙනවලු කියලා බැන්නා ඇයි බන් එහෙම

යකෝ උබ නම් හරකෙක් අයියා තරහා වෙලා ඉන්නෙ ඇයි දන්නවද

මම නෑ කියන්න ඔලුව වැනුවා

උබ දවස් තුනක් ලෙඩින් ඉදලා එකපාරම ලොක්කගෙ කෝල් එකට ට්‍රිප් එක.යන්න එන්නම්.කීවම මූට මල පැනලා

ම්ම් මම පොරය නැතිව ඇවිත්ම නෑ තමයි මෙහෙම

ඒකනෙ ඌට පිස්සු වගේලු එපා කියන්නත් බෑනෙ උබ සර්ට හා කීවාම

හොද වැඩේ මාව දාලා දවස් දෙකක් ගියානෙ දැන් දැනෙනවා ඇති මගෙ අඩුව

උබෙත් වැරැද්ද උගෙන් අහලා හා කියන්නෙපැයි

සර් කියපු විදියට බෑ කියන්නත් බෑනෙ බන් අනික අපි සෙට් එකනෙ,මම හිතුවෙ නෑ ඕකට ඔච්චර මූන එල්ල ගනියි කියලා

හ්ම්ම් අපි දන්නෑ පව්ල් ප්‍රස්න

පව් ඇත්තටම දවස් පහකින් විතර නිදහසේ කතා කලෙත් නෑනෙ,හොයල බැලුවෙත් නෑ.උන ගැනිලා මැරෙන්න වැටිලා ඉදලා පැනගෙන ට්‍රිප් එක.එද්දි යකා වැහෙන්න ඇති,ඒත් ලොකුකමට  කියන්නෙත් නෑ පුරුශාදිපත්‍යට හානි වෙයි කියලා
,,,
මම බස් එකෙන් බැස්සෙ කට කනට අරන් හිනා වෙලා ඒත් රවනවා

මේ දැන් වත් ඇඩ් නොදා කියනවද මම නැතිව පාලුයි කිය්ලා

මට කිසි පාලුවක් නෑ
අම්මෝ ගනන්

මම හිනා උනා

මහත්තයගෙ ආදරෙත් කොන්දොස්තරගෙ ඉතිරි රුපියල වගේ දෙන්න ඕනෙම කියලා දන්නවා ඒත් නොදි ඉන්නවා නේ

මම හිනාඅ වෙලා ඇහුවා

ගෙදර තනියම ඉන්න පාලුයි බන්,එපා උනා,ඔයා දවස් දෙකක් ගියාම වැඩ ටික.මම කරගන්නෙපැයි ඒකයි රිදෙන්න මගෙ වැඩ කරගත්තෙ

තේරුනාද දැන් වත් ආ මගෙ වටිනාකම බස් එකේ ට්‍රිප් වලට ඔයාට යන්න නොදෙන හේතුව තේරුනාදාආ,වැඩ ටික වත් කරගන්න බෑ අපි නැතිව,එනව රෙස්පට් දාන්න

අනේ මේ අපි පිරිමි බන් උදේ ඉදන් මැරිලා ගෙදර එන්නෙ මූන බලන්න ,තේරුම් ගනින් ඔය ගෑනුන්ට වගේ.ඉවසලා පාලුවෙන් ඉදල අපිට හුරු නෑ එහෙනම්.ගැනියෙක් ගන්නෑනෙ සර්වන්ට් කෙනෙක් ගේනව වැඩ ටික කරගන්න තේරෙන්නෑ කියලා දෙන්න තේරුනේ මෙච්චරයි ගෙදර අදුරුයි හවස් වෙද්දි

හේ මම නැති ගේ අදුරුයි නේ

ඔව් ඔව් මොකද මට ලයිට් දාන්නත් කම්මැලියි හිටියා නම් ඔයානෙ ලයිට් දාන්නෙ

ශික් ආදරේ පෙන්නන් නැති එක පිරිමින්ට කලාවක් නම් මගෙ මහත්තයා ඒකෙ පිකාසො

,,

දිලුක්ෂි එස් නන්දසේන

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment