කෙටි කතාව...
"තාරුකී...අනේ ප්ලීස් ෆෝන් එක කට් කරන්න එපා රත්තරන්...මට කතාකරන්න ඕන..කියන්න ඔයා කොහේද ඉන්නෙ?"
"ප්ලීස් අනුශ්...මට ඔයා එක්ක කතාකරන්න බෑ..
ඔයා ඇත්තටම මට ආදරේ නම් ආයෙත් කවදාවත්ම මට කතාකරන්න එපා...තව දෙයක් අනුශ්..ඔයා ලගට මන් කවදාවත්ම එන්නෙ නෑ...ඔයා හිත හදාගන්න.."
"එදා ඒ විදියට නතර උනු අපේ ආදරේ මගේ හදවතින් මට කවදාවත්ම අමතක කරන්න බැරි උනා"
මම තාරුකී අශ්මිතා..එයා අනුශ් නිදර්ශ...
අපේ ආදරේ පටන් ගත්තේ මීට අවුරුදු දොලහකට උඩදි...මගේ අනුශ් ගොඩක් ලස්සනයි..කොන්ඩෙ ටිකක් වවලා හිටියෙ..උස වගේම උසට හරියන මහතකුත් මගෙ අනුශ්ට තිබුනා...
"අනුශ් මගේ සුදුමහත්තයා කවදාවත් මාව දාලා යන්නෙ නෑ නේද?ඔය ආදරේ නැතුව මොහොතක්වත් මට ඉන්න බැරි වෙයි අනුශ්..
"පිස්සුද මගේ මැට්ටියෙ ..මන් මගේ සුදුබෝලෙව කවදාකවත් දාලා යයි කියලා හිතනවද?ඔයා තමයි රත්තරන් මගේ ජීවිතේ..."
මන් අනුශ්ට තුරුල් උනේ කවුරු හරි මගේ අනුශ්ව මගෙන් උදුරගන්න එනවා වගේ...මගේ හිත එදත් අනුශ්ගේ ආදරේට ගොඩක් ලෝබ උනා...ඒ ආදරේ මගෙම කරගන්න එදා මට බල කලා....
"සුදු බෝලේ දැන් අපි යමු රත්තරං ..ඔයාට පරක්කු වෙනවනේ..ම්..."
"අනේ බෑ බෑ අනුශ් ..මට ඔයා ලගින් යන්න බෑ..අපේ ගෙදරින් මාව ඔයාගෙන් ඈත් කරයි අනුශ්...."
එදා ඒ විදියට මම අනුශ් ඉස්සරහ බොලද උනේ පොඩි දරුවෙක් වගේ..
අපේ සම්බන්දෙට අපේ ගෙදරින් තදින්ම විරුද්දයි..අනුශ්ව මුන ගැහෙන්න එන්නෙ ගොඩක් අමාරුවෙන්.මේ විදියට ගලාගෙන ගිය අපේ ආදරේට ඇස් වහ වදින්න ගොඩක් කල් ගියේ නෑ....අපේ ගෙදරින් මට එලියටවත් බහින්න දුන්නෙ නෑ..අම්මා වගේම තාත්තත් මට හොදින් වගේම නරකින් අපේ සම්බන්දෙ නවත්තන්න කියලා බල කරා...
ඔය අතරෙ දවසක් මගේ ජනේලෙට කවුද තට්ටු කරනවා ඇහිලා මන් ජනේලේ ඇරියා..දෙයියනේ මගේ අනුශ්..ඇස් දෙකත් හොදටම රතුවෙලා.මූන පුරාම රැවුලත් වැවිලා.පිස්සෙක් වෙලා දෙයියනේ මගෙ අනුශ්.මගේ පපුව පැලෙන්න ආවා...
"මගේ සුදුමහත්තයා . අනේ රත්තරං ඇයි මෙහෙම ආවේ..කවුරු හරි දැක්කොත් ඔයාට මොනවා වෙයිද..මෙහෙම දුක් විදින්න එපා රත්තරං "මන් අඩ අඩ අනුශ්ගේ අතින් අල්ල ගත්තේ හරියට මැනිකක් ලැබුනා වගේ"
"අඩන්න එපා සුදු බෝලේ .මට ඔයා නොදැක ඉන්න බෑ.. ඒකයි මේ රෑ ඔයාව බලලා යන්න ආවේ..මගේ මැනික ඔයා එනවද මා එක්ක යන්න..මෙහෙම කී දවසක් මන් නිසා ගුටි කන්නද පැටියො .."
"අනුශ් ඔයා වෙනුවෙන් ඕන තරම් වේදනා විදින්නම් රත්තරං ..ඒත් ඔයා ඔහොම දුක් විදින කොට ...මට කියලා ඉවර කරන්න හම්බ උනේ නෑ තාත්තා කෑ ගහගෙන තව කට්ටියක් එක්ක අනුශ්ව වට කරා.."
"අල්ලපිය ඔය පාහරයව..මන් රැක ගෙන හිටියෙ,මම හිතුව උබ ටික දවසක ඉදන් මේ හරියෙ කරකැවෙන කොට .."
"අනේ....එපා ආ......ව් ..අනේ අන්කල්....."
"අනේ මගේ අනුශ්.......මගේ පපුව පැලෙන්න ආවා...ඒත් එක්කම මගේ ඇස් නිලන්කාර වෙලා ගියා විතරයි මතක.සිහිය එන කොට මන් හිටියෙ ඉස්පිරිතාලෙ ..."
"දූ අනේ මගේ දූ...අම්මා අඩ අඩ මාව තුරුල් කරගත්තා"
"අම්මා කොහෙද මේ"
"ඉස්පිරිතාලෙ පුතේ..ඔයා ගොඩක් දුර්වල වෙලා ..දවස් දෙකක් සිහිය නැතුව හිටියා පුතේ"
"අනේ අම්මා මගේ අනුශ්"
"පුතේ මන් ඔයාට වදින්නන්..ඔයා ඒ ලමයව අමතක කරන්න..තාත්තගෙ හැටි දන්නවනේ..ඒ ලමයගෙ ජීවිතේට ආදරේ නම් ඕක නවත්තන්න..මේකෙන් ඔයාටවත් ඒ ලමයටවත් සෙතක් වෙන්නෙ නෑ.."
"මගේ දෙනෙත් කදුලින් තෙත් විය.ජීවිතේ පලමු වතාවට ආදරේ කරපු මන් මගේ අනුශ්ව කොහොම අමතක කරන්නද නොදනී..ඒත් අම්මා කිව්වෙ ඇත්ත .මේ කරන දෙයින් මගෙ අනුශ්ට අනතුරක් උනොත් මොනවා කරන්නද.ඒ මොහොතේ මට මතක් උනේ එදා තාත්තා අනුශ්ට ගහපු හැටි.අනුශ් දැන් කොහේ ඇද්ද.විදුලියක් වගේ ඇදෙන් නැගිට්ට මන් අම්මගේ අතින් අල්ල ගත්තේ පිස්සියක් මෙනි."
"අම්මා අනුශ් කෝ..මොකද්ද තාත්තා අනුශ්ට කරේ"
"මන් කියන්නම්.හැබැයි පොරොන්දුවක් වෙන්න ඕන ඔයා ඒ ලමය අමතක කරනවා කියලා"
"මොහොතක් කල්පනා කරපු මම දැඩි තීරනයකට ආවේ මගේ අනුශ්ගේ යහපත ගැන හිතාය.මේ මොහොතේ සිට මගේ හිත ගලක් කරගන්නට සිතාගත්තාය..තාරුකී අශ්මිතා වන මම මගේ ආදරය යටපත් කර ගත්තේ හැගීම් වලට නොව මොලයට ඉඩදීය.හිතත් සමග ගැටී මොහොතකින් මම තීරනයක් ගත්තේ මන් අනුශ්ට ආදරේ කලේ ඇත්තටම නිසාය.ඔහු ගේ සතුට මගේ සැපතයි.ටික දවසකින් එයා තේරුම් ගනී.අඩයි,පසුතැවෙයි,මට ඕනමනම් බනී.කමක් නෑ..ඊට වඩා මට මගේ අනුශ්ගේ ජීවිතේ වටිනවා"
මම ඇඩුම නවතා අම්මට කතාකලේ තැන්පත්වයි.
අම්මා මන් පොරොන්දු වෙනවා.කියන්න.
එදා ඒ ලමයට තාත්තා හොදටම ගහලා පොලීසියට බාර දුන්නා.ඒ ලමය බලෙන් ගෙදරට ඇවිත් ඔයාට කරදර කරන්න හැදුවා කියලා පුතේ.මටත් කරන්න දෙයක් නෑ..ඒත් ඔයාට පුලුවන් එයාව බේරගන්න.
කොහොමද අම්මා මන් ඒක කරන්නෙ?
ඔයා මෙහෙන් යන්න ඕන පුතේ..
කොහෙද අම්මා මන් යන්නෙ
පුන්චි ලගට යන්න..
යන්න කලින් තාත්තට පොරොන්දු වෙන්න මේක නතර කරනවා කියලා.එතකොට තාත්තා ඒ ලමයට සමාව දෙයි.මමත් තාත්තාට කතා කරන්නම්.
හිත කෑ ගසයි.අනුශ් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද.නෑ නෑ මම මේක කරනවා.අනුශ්ව බේර ගන්න තාත්තා කියන දෙයක් කරනවා...
කාලයේ ඇවෑමෙන් සියල්ල විසදුනි.අනුශ්ට සමාව ලැබුනි.මන් අනුශ්ගෙන් ඈත් උනේ මගේ අනුශ්ගෙම යහපත උදෙසාය.ගතින් නැතත් සිතින් හැමදාමත් මන් අනුශ්ගෙ බව සිතට නොරහසකි. අනුශ්ගේ ඇමතුම් වලට පිලිතුරු නොදී ඔහුට මා වෙනස් වී ඇති බවට දැන ගන්නට ඉඩ හැරියෙමි. මා කල පරිත්‍යාගය තුලින් මා සතුටු වෙමි.මොකද මගේ අනුශ් දැන් ලස්සනට ජීවත්වෙයි.ඔහු දැන් ලස්සන දූ පොඩිත්තතෙකු ගේ පියෙකි.ඔහුගේ ජීවිතේට ලන් වී විනාශ කරනවාට වඩා ඈත් වී ඔහුට ජීවිතේ විදින්නට ඉඩ හැරීම සුදුසු බව මා හට පහදා දුන් මගේ අම්මා ටද ස්තූති වෙමි.ආදරේ කියන්නේ ලබා ගැනීමම නොවේ.පරිත්‍යාගයද ආදරේ එක කොටසකි..
ඇසින් කදුලක් කඩාවැටුනේ තාමත් ඔහු නමින් හදවතේ උපන් ප්‍රේමය වියැකී නැති බව ඇගවීමටයි.
"අම්මී මොතෝ අම්මී අදන්නේ..."
ඒ මගේ දුව අනූශි...ඔව් මමත් විවාහ වී වසර තුනකි.මේ මගේ අවුරුදු දෙකක චූටි දුවයි.පතා ආ ලෙසින් දෛවෝපගත ලෙස අපේ ජීවිතවල අයිතිකරුවෙක් ,අයිතිකාරියක් හිමිවේ.මෙය සන්සාර ගත හමුවීමකැයි සිතා හිත හදාගෙන ජීවත් වෙමි.ආදරය මත්තේ සිට ජීවිත නැති කර ගැනීමට වඩා තමන් ශක්තිමත්ව ජීවිතයට මුහුන දුන්නොත් කාටත් යහපතක් සිදුවේ...
"යාලුවනේ අදරය නිසා ගොඩාක් දෙනා ජීවිතේ නැති කරගන්න කාලයක මට ඕන උනා තාරුකී වගේ චරිතයක් ඔයාලා හමුවට ගේන්න.ආදරේ කියන්නෙ ලබාගැනීමක්ම නෙවෙයි කියලා තදින් හිතේ තියාගන්න.බලන්න තාරුකී කරපු පරිත්‍යාගයෙන් අද හැමෝම සතුටින්.චූටි චුටි හිත් රිදවීම් තිබුනත් ජීවිතේ සැහැල්ලුවක් දැනෙන තීරන ගන්න.ජීවිතේට වටිනාකමක් දෙන්න නිතරම පුරුදු වෙමු.
ශානි මදුවන්ති
උපුටා ගැනීමකි
No comments:
Post a Comment