M. H. පසන් ගේ රචනයකි
...:::සුදු නංගි:::...
පවන් ආදරය කරේ කාව්‍යට. ඒත් කාව්‍යා නම් පවන්ට ආදරය කරේ නෑ. පවන් හැමදාමත් සා.පෙළ උපකාරක පන්ති වලදී කාව්‍යා දිහා ගොඩක් ආදරෙන් බලන් හිටියා. දන්නවද කාව්‍යා කියන්නේ ඉගෙනීමට ගොඩක් දක්ෂ කෙල්ලෙක්. හැම විභාගයකටම වැඩිම ලකුණු ගත්තේ කාව්‍යා. පවන්ටත් ඕනෙ වුනේ කාව්‍යාගේ හිත දිනාගන්නනේ. ඉතින් අනිත් කොල්ලෝ වගේම පවන්ටත් ඕනෙ වුනේ කාව්‍යා ඉස්සරහ වැඩ්ඩෙක් වෙන්න. හැබැයි මෝඩ වැඩ කරලා නෙවෙයි. පවන්ට ඕන වුණා කාව්‍යාට පේන්න පන්ති වල හොඳින් වැඩ කරන්න. විභාග වලට ගොඩක් ලකුණු ගන්න. ඉතින් පවන් හැමදාමත් ගොඩක් මහන්සි වෙලා පාඩම් කරා. හිතුවා වගේම පවන් විභාග වලට ගොඩක් ලකුණු ගත්තා. මොනවා උනත් කොල්ලා ටිකක් ලැජ්ජ්කාරයා. කවදාවත් එයා කාව්‍යයට කෙලින්ම කිව්වෙ නෑ එයා කාව්‍යයට ආදරෙයි කියලා. හැබැයි පවන්ගේ යාලුවෝ නම් මේක දැනගෙන හිටියා. කාව්‍යා පන්ති වලට එනකොට පවන්ගේ යාලුවෝ කාව්‍යයට ඇහෙන්න පවන්ගේ නම කෑ ගහලා කිව්වා. කාව්‍යාත් පවන් ගැන දැන ගත්තේ එහෙමයි. ඔය විදියට පවන් හැමදාමත් කාව්‍යාට හිතින් ආදරය කර කර හිටියා. මෙහෙම කලක් යද්දී සා.පෙළත් ඉවර උනා. පවන්ට කාව්‍යාව හම්බෙන්නෙත් නෑ දැන්. ඔහොම යද්දි උ.පෙළ පංතිත් පටන් ගත්තා. උ.පෙළ පන්ති වලදිත් පවන් පුරුද්දට වගේ කාව්‍යා ඉන්නවද බැලුවා. මාර වැඩේ!! උ.පෙළ පන්තියේ දෙනෝදාහක් ලමයි මැද්දේ පවන්ට කාව්‍යාව පේන්න ගත්තා. පවන්ට සතුට ඉවසගන්න බැරි වුණා. මේ අතර පවන්ට ආරන්ච් වුණා කාව්‍යා වෙන ඉස්කෝලෙකට ගිහිල්ලා කියලා. ඒ අතරෙ පවන්ගේ යාළුවෙක් හිටියා සවිනි කියලා. සවිනි ඉගෙන ගත්තේ කාව්‍යා අලුතින් ගියපු ඉස්කෝලේ. ඉතින් පවන් සවිනි ට කිව්වා කාව්‍ය ගැන හොයල දෙන්න කියල. ඉස්කෝලේ දවස් වල හවසට පවන් හැමදාම සවිනිට මැසේජ් එකක් දානවා කාව්‍යා ගැන අහල. මෙහෙම යනකොට පවනුයි සවිනියි ගොඩක් හොඳ යාළුවෝ වුණා. යාළුකමටත් එහා ගියපු සහෝදර බැඳීමක් වුණා. "මොකද කරන්නේ?" එහෙම මැසේජ් එකක් දැම්මේ පවන් සවිනිට. "Bf එක්ක එළියට ආවා." එහෙම කිව්වේ සවිනි. පවන්ට මේක විශ්වාස කරන්නත් බැරි උනා. මොකද පවන් දැනගෙන හිටියෙ නෑ සවිනිට bf කෙනෙක් ඉන්නවා කියලා. "බොරු??.. promise වෙන්න." එහෙම ඇහුවේ පවන්. "promise" සවිනි එහෙම කියද්දි පවන්ගේ හිතට මොකක්දෝ අමුත්තක් දැණුනා. පවන්ටත් හිතාගන්න බෑ ඒ ඇයි කියලා. පවන් මේක ගැන ගොඩක් හිතුවා. පවන්ට තේරුණා එයාගේ හිත එයාටත් හොරා සවිනිට ආදරේ කරනවා කියලා.
පවනුයි සවිනියි ආදරෙන් එකතුවෙන එකද කොහෙද දෙවියන්ගේ කැමැත්ත. මොකද දන්නවද? පවන්ගේ හිතේ සවිනි ගැන ආදරයක් ඇති වෙලා ටික දවසක් යනකොට කාව්‍යගේ පස්සෙන් වෙන කොල්ලෙක් ආවා. ඒ වගේම කාව්‍යාත් කොල්ලට කැමැත්තෙන් හිටියා. පවන්ට දැන් කරකියාගන්න දෙයක් නැතුව ඉන්නේ. පවන්ටත් හිතාගන්න බැහැ මොකක්ද මේ උනේ කියලා. පවන්ට එයාගේ ආදරේ ගැන සවිනිට කියන්නත් ඕන. ඒත් බයයි තියෙන යාලුකම නැති වෙයි කියලා. අන්තිමට හිතලා හිතලා පවන් මේක ගැන සවිනිට කිව්වා. "සවිනි.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. මට ප්‍රොමිස් වෙන්න ඒක නිසා කවදාවත් අපේ යාලුකම නැති වෙන්නෙ නෑ කියල." පවන් සවිනිට මැසේජ් එක යැව්වෙ එහෙමයි. "ඇයි මොකක්ද කියන්න තියෙන්නෙ මාව බය කරන්නෙ නැතුව කියන්නකො." සවිනි එහෙම කිව්වම පවන්ට ටිකක් බය හිතුනා ඉල්ලන් කෑවද කියල. "promise වෙන්නකෝ මොනවා උනත් අපේ යාලුකම නැති වෙන්නෙ නෑ කියලා.".." හරි මෝඩයෝ promise. බය කරන්නෙ නැතුව කියන්නකො මොකක් ද කියලා." සවිනි එහෙම කියද්දි පවන්ගේ හිතට දැනුන බය ටිකක් අඩු වුණා. "සවිනි.. මේකයි.. මං දන්නෙ නෑ ඒක කොහොම වුණාද කියලා. ඒත් ඒක වෙලා තියෙනව. මම ඔයාට ආදරේ කරන්න පටන් අරන්. අනේ මට සමාවෙන්න සවිනි. ඔයාට ඕන මට බනින්න දැන්. මම තරහ නෑ. ඒත් මාත් එක්ක තියෙන යාලුකම නම් නතර කරන්න එපා." මොනවා උනත් පවන් ඒ ටික කිව්වේ නම් ටිකක් බයෙන්. "ඇයි අනේ මම ඔයාට බනින්නේ? ඒක ඔයාගේ හිතේ ඇති උන දෙයක්. එකට බනින්න මට අයිතියක් නෑ. ඒත් මට ආදරයක් ගැන දැන්ම හිතන්න උවමනාවක් නෑ. sorry." සවිනි එහෙම කිව්වම පවන්ට ටිකක් දුක හිතුනත් බැන්නෙ නැතුව හොඳින් කතා කරපු එක ගැන සතුටු හිතුනා. මොනවා වුණත් ඒ දෙන්නගේ යාලුකම තාමත් තියෙන එක ගැන හිතලා පවන් සතුටින් හිටියා. අමාදි, ජයංගා, යසාරා කියන්නෙ සවිනිගේ ඉස්කෝලෙ යාළුවො. එයාලත් පවන් ගැන දැනගෙන හිටියා. "මගේ යාලුවෝ අහනවා ඔයා කැමතිනං විතරක් අපේ වට්ස් ඇප් ගෘප් එකට ඇඩ් කරන්න ද කියලා. ඔයා කැමති නම් විතරයි හොඳද." දවසක් සවිනි පවන්ට එහෙම කිව්වා. "ඒක ප්‍රශ්නයක් නෑ ඔයාලා කැමති නම් මාව add කරන්න." පවනුත් එහෙම කිව්වේ ආසාවෙන්. ඔන්න ඉතින් පවනුත් ඒ group එකට add කරා. ඒ group එකේ සාමාජිකයන් 6යි හිටියේ. සවිනියි එයාගේ යාළුවෝ තුන් දෙනයි පවනුයි තව හංසක කියල කොල්ලෙකුයි. කොහොම හරි ටික කාලයක් යනකොට මේ හය දෙනා හොඳ යාළුවෝ වුණා.
ඔහොම ටික කලක් යද්දී සවිනිගෙයි පවන්ගෙයි අතර තිබ්බ බැඳීම ගොඩක් වැඩි වුණා. ආදරයක් විදියට නෙවේයි. සහෝදර බැඳීමක් විදියට. අන්තිමට සවිනි පවන්ගේ නංගි වුණා. පවන් සවිනිට කතා කළේ සුදු නංගි කියලා. අයියයි නංගියි විදියට මේ දෙන්නා ගොඩක් කල් ආදරෙන් හිටියා.
ඔන්න ඉතින් සවිනිගේ උපන් දිනය ආවා. සවිනිගේ විතරක් නෙවෙයි. ජයංගගෙයි සවිනිගෙයි උපන්දින යෙදිලා තිබුනේ එක ළඟ දවස් වල. ඉතින් ඒ දෙන්නගෙම උපන් දින උත්සව එකම දවසෙ ගත්තා. මේ හය දෙනාම එදා ගොඩක් සතුටු වුණා. හැමෝම එකට කාලය ගත කළා. එදා පවන් සවිනිට දුන්නේ අත් ඔරලෝසුවක්. සවිනිට විතරක් නෙවෙයි. ජයංගටත් දුන්නේ අත් ඔරලෝසුවක් ම තමයි. කොහොමහරි එදා දවසේ රාත්‍රිය උදා උනා. එදත් වෙනදා වගේම ගොඩක් රෑ වෙනකම් සවිනියි පවනුයි massage කරා. "අයියේ.. පුලුවන් නම් මම කාව්‍යාට thanks කරනවා මගේ අයියව මගේ ජීවිතයට ගෙනත් දුන්නට. ගොඩාක් ආදරෙයි අයියේ මටත් වඩා." සවිනි එහෙම කියද්දි පවන්ටත් ගොඩක් සතුටුයි. හැබැයි සවිනි එදා කිව්වේ සහෝදර ආදරයක් ගැන.
ඔන්න දවසක් සවිනිගේ ඉස්කෝලෙන් පාගමනක් තිබ්බ. ඒක ඉවර වෙලා හවස ඉස්කෝලේ DJ එකකුත් තිබුන. A/L විභාගයත් ලඟ නිසා පවන් සවිනිට කිව්වේ 1.30 වෙද්දී ගෙදර එන්න කියලා. සවිනි ගෙදර එනකොට 3.30යි. මේක නිසා මේ දෙන්නා අතර පුංචි රණ්ඩුවක් වුණා. එදා රෑ දෙන්නම කතා කළේවත් නෑ. මේ දෙන්නා හැමදාම පුරුදු වෙලා හිටියා උදේ නැගිටලා පාඩම් කරන්න. ඉතින් සුපුරුදු විදිහට ඊට පස්සෙන්දා දෙන්නත් එක්කම උදේ 3.00ට නැගිට්ට. ඊට ඉස්සෙල්ලා දවසේ වෙච්ච දේවල් ගැන සවිනිට ගොඩක් දුකයි. සවිනි එයාගේ අයියගෙන් ඒ කිව්වේ පවන්ගෙන් සමාව ඉල්ලූවා. මේ දෙන්නා ගොඩක් වෙලා මැසේජ් කර කර හිටිය. හිටිහැටියේ සවිනි අමුතු අමුතු දේවල් කියන්න පටන් ගත්තා. "අයියේ... මට විශ්වාසයි කාව්‍යා මගෙ අයියව හොඳට බලාගනීවි. මගෙ අයියව සතුටින් තියාවි."
මතු සම්බන්ධයි
No comments:
Post a Comment