ඉතින් අවසරයිජීවිතය විදින්නට

👉👉👉ඉතින් අවසරයි විඳින්නට මේ ජීවිතය 👇👇👇 

                 🌷🌷🌷නිදූ🌷🌷🌷

"සරසවියේ පන්ති ඉවර වෙලා පොල පාර දිගේ මං සවිනි එක්ක අවේ ටිකක් ඉක්මනින් වෙලාව හවස 5.45 ට විතර අද  නම් මට බස් එක මිස් වෙනවා ෂුවර් පීසා හට් එක ලඟින් පාර පනිනකොට බයික් එකක් දෙපාරක් ව්තර හෝන් කලා කහ ඉර පැනලාම හැරිලා බැලුවහම සිතුම් අයියෝ පුදුම කරදරයක් තියෙන්නේ මෙයාගෙන් සිතුම් කියන්නේ මගෙ පස්සෙන් අව්රැදු ගානක් තිස්සේ එන කෙනෙක් තව කව්රැහරි මගේ දිහා බැලුවොත් පහුවදා ඒ කෙනා ඉස්පිරිතාලේ ඒ තරම් සිතුම් නපුරැ කෙනෙක් එහෙම කෙනෙක් එක්ක මං කොහොම ආදරයක් බෙදාගන්නද සිතුම්ලා ලොකු සල්ලිකාර මිනිස්සු එයාට අනාගතය ගැන හීන ඉපදිලා නෑ හැමවෙලාවෙම කලේ නාස්තිකාර වැඩමයි. ස්ටෑන්ඩ් එකට ඇව්ල්ලා අපි දෙවනි ස්ටෙට් එකට ගියා"

නිදූ මට නම් බස් එක තියනවා ඔයාට ගෙදර යන්න බස් තියනවද දන්නෑ. මං ඉස්සරහට ගිහිල්ලාම බලන්නම් සවී ඔයා යන්න. එහෙම බෑ නේ කෙල්ලේ ඔයා තනියමනේ. අනේ මාව කව්රැ උස්සන් යන්නද හලෝ ඔයා යන්න බස් එකේ සෙනඟ පිරෙන්න කලින්.අනේ මන්දා නිදූ. මං යනවා සවී ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න බායි බුදුසරණයි. බුදුසරණයි සුදූ පරිස්සමෙන්

" සවී තමයි මට දුකට සැපට එකට ඉන්න හොඳම යාළුවා. එයා ගෙන් වෙන් වෙලා මං ඉස්සරහට ආවේ ඇඹිලිපිටිය බස් නවත්තන තැනට හිතුවා වගේම බස් එකක් නෑ එතන තිබුනු බංකුවෙන් ඉඳගෙන ෆෝන් එකෙන් මං වෙලාව බලුවා. දෙවියනේ 6.20 ට ත් වෙලා. එතනට වෙලා ටිකක් ඉඳගෙන ඉන්නකොට කව්ද ඇවිල්ලා මගේ එහා පැත්තෙන් ඉඳගනනවා ව⁣ගේ දැනුන නිසා හැරිලා බැලුවා දෙවියනේ ඒ සිතුම්"

මොකඳ මෙතන....

බස් නැද්ද නංගි....

කටේ පිට්ටු ද ඕයි....

"එයා මොනවා කිව්වත් මං උත්තර දුන්නේ නෑ එහෙම්මම බිම බලාගෙන ලේන්සුවත් අතට ගුලි කර ගත්තා"

පිස්සු හොල්මනක් මේක. කතා කරනවකෝ හලෝ

"හෙමිහිට ඔළුව උස්සලා මං ඒ මූණ දිහා බැලුවා ඇස් අම්මෝ ගිණි බෝල වගේ රතු වෙලා එයා ඇසුත් භාගෙට පියවි පියවි හිනා උනා"

ඔයා බීලා ද සිතුම් අයියේ

දැන් ඕකද ඔයාට තියන එකම ප්‍රශ්නේ. බීලා නම් ගඳ එන්න එපැයි නංගිට ඊයේ සංගීතයක් බලන්න ගිහින් එනකොට එලි උනා ඒකයි මේ

හම්.....හම්...

"අත්තටම කතා කරන්න බැරි කමක් නෙවෙයි එයා එක්ක ඒත් මං බයයි එයා දකිනකොටත් අද තමයි ඒ මූණ දිහා කෙලින් බැලුවේ"

බස් නැද්ද නංගී.තාම ආවේ නෑ බස් එකක්. එහෙමද දැන් රෑ වෙලානේ.බස් කොහෙද අනේ දැන්.අනේ මන්දා.

"එත් එක්කම හිත ටිකක් බය උනා ගෙදර යන්නේ කොහොමද කියලා කල්පනා කරා"

කැමති නම් එන්න මං ගිහින් අල්ලන්නම්.න් නෑ කමක් නෑ අයියේ

"අත්තටම මට එයා විතරයි මේ වෙලාවේ උදව්වක් ගන්න ඉන්නේ එත් එයා පිරිමියෙක් එයත් එක්ක බයික් එකක ගියොත් මිනිස්සු හෙඳ කතා හදයි එත් එක්කම එකපාරටම මහ වැස්සක් කඩා වැටුනා එකපාරටම මහ හෙනයක් පිපුරැවේ නොසිතූ වෙලාවක"

අනේ අයියේ

"මට මොනවා උනාද කියලා හිතා ගන්නවත් බෑ සිතුම් අයියාට තුරැලු වෙලා ඒ පපුව මං තද කරලා අල්ලගත්තා මං හරී බයයි අකුණු වලට එත් එක්කම ඒ උණුසුමෙන් මං ක්ෂණයකින් මිදුනා ඒක මහ අමුතු හැඟීමක්  වගේ. ලැජ්ජාවට මං බිම බලා ගත්තා. එයාත් මොකුත්ම නොකියා විනාඩි කීපයක්ම මැරිලා ගියා.

නංගී හත හමාරයි වෙලාව තව කොච්චර වෙලා හිටියත් බස් එකක් එන්නේ නෑ එන්න යමු මං ඔයාට මොකුත් කරදරයක් කරන්නේ නෑ සත්තයි

"මට පුදුම අසරණ කමක් දැනුනා මං ගැනම අන්තිමට සිතුම් එක්ක යන්න මං තීර⁣ණය කලා එයා ඉස්සර වෙලා යද්දි මං පිට්පස්සෙන් ගියා. බයික් එක ලඟට ගිහින් එක හෙල්මට් එකක් මගේ අතට දෙන ගමන් එයා බයික් එකට නැගලා ස්ටාට් කලා අම්මෝ ඒ බයික් එකේ සද්දෙටම ඇඟේ ලේ වතුර වෙනවා වගේ මං කවදාවත් මේ තරම් ලොකු බයික් එකකට නැගලා නෑ තාත්තාට තියෙන්නෙත් පොඩි බයිසිකලයක් එකේ විතරයි ගිහින් තියෙන්නෙම"

අනේ මට මේ බයික් වල ගිහින් පුරැදු නෑ හෙමිහිට යමු අයියේ

"සිතුම් මගේ දිහා බලලා හිනා වෙන ගමන්"

අද තමයි මං මේ බයික් එකේ හෙමිහිටම යන දවස නගින්න.

"එයාගේ උරට වාරැ කරමින් ඒ උස බයික් එකට නැග්ගේ මං හරිම අමාරැවෙන්. ගෙවල් ලඟට යනකල්ම මම වත් එයාවත් වචනයක් වත් කතා කලේ නෑ"

ඔයාට මං කොහොම ස්තූති කරන්නද මන්දා.නෝ තෑන්ක්ස් මං මේ කියන ටික අහන් ඉන්න ඒ ඇති.........ඔයාගේ පස්සෙන් අව්රැදු 3ක් ආවා නිදූ අද තමයි මෙච්චර ලඟින් වත් හිට්යේ අව්රැදු ගානක් පස්සෙන් ඇවිල්ලත් ඔයා ට මං ගැන ගානක් වත් නෑ ඒත් මං තරහා නෑ රත්තරං මං මහ කාලකන්නි කොල්ලෙක් නංගි ගෙදර අයටවත් රටට වත් වැඩක් නෑ ඇත්තෙන්ම මේ මහ පොලවටත් බරක් ඇයි මෙහෙම උනේ කියලා මං දන්නෑ මට ඕනි කලේ ඔයත් එක්ක ලස්සන ජීව්තයක් ගෙවන්න ඇත්තටම ම⁣ට අද හුඟාක් සතුටුයි සුදුනෝනා. ඒ සතුට ට තැන්ස් දැන් ගිහින් මට මැරැනත් සැපයි.

"මට කතා කරන්න දෙයක් එයා ඉතිරි කලේ නෑ පුදුම වේගයකින් යන්න ගියා ඒ රෝදෙට ඇව්ස්සුනු වැලි වගේ හිතත් චංචලවෙලා  පුදුමාකාර වේගයකින් ගැහෙන්නට උනා කඳුලු අැස් අස්සේ හංගගෙනම මං ගෙදරට ගියා ඒ රැය පුරාම ගෙවුනේ මහා භීතියකින් පහුවදා උදේ හතට විතර සවී ගෙන් කෝල් එකක් ආවා.

හැලොව් නිදූ.කියන්න සවී. දන්නවද වැඩක් අර ඔයාට කරදර කරන සිතුම් ඇක්සිඩන්ට් වෙලා ලූ ඊයෙ.

"හිතේ ඇතිවුනු භීතිය සත්‍යක් වෙලා සිතුම් ට කරදරයක් ද දන්නෑ දෙව්යනේ එයාව බේරලා දෙන්න"

නිදූ...නිදූ ඇයි කතා නැත්තේ. අනේ සවී අපි එයාව බලන්න යමූ. ඇයි කෙල්ලේ මේ. ප්ලීස් සවී මාත් එක්ක යමූ. ඇයි රත්තරං ඔයා අඬන්නෙ අනේ අඬන්න එපා නිදූ අපි යමු බලන්න.

සවී එක්ක ගිහින් සිතුම්  ඉන්න හොස්පිටල් එක හොයාගන්න හුඟක් වෙලා ගියා පස්සේ එයාගේ යාළුවෙක් කිව්ව විස්තර වලට අපි සිංහ හොස්පිටල් එකට ගියා එයා ඉඳිය රෑම් එක හොයා ගත්තේ නර්ස් කෙනෙක්ගේ උදව්වෙන් ඒ රෑම් එකේ දොර ඇරගෙන සවී ඇතුලට යනකොට මං එයාගේ පිටිපස්සෙන් ගියේ නොඉවසිල්ලකින් සිතුම් ගේ යාළුවෝ ටිකක් ඇඳ වටේට ඉඳියා සිතුම්ගේ කකුල් දෙකම බැන්ඩේජ් කරලා අත් වලත් ප්ලාස්ටර් දාලා එයාව දැකලා මට හැඬුම් ආවා මාව දැකපු එයාගේ ඇස් වල කඳුලු පිරෙන හැටි මං බලාගෙන ඉඳියා හරිම ආදරනීය විදිහට"

නිදූ....

"මට මාව පාලනය කරගගන්න බැරි උනා මං සිතුම් ලඟට දුවලා ගිහින් එයාව බදාගෙන ඇඬුවා"

මට සමාවෙන්න සිතුම් මං ඔයාව රිද්දුවා හුඟාරියක් මට සමාව දෙන්න අයියේ. නිදූ අඬන්න එපා රත්තරං.මං ඔයාට වෛර කලා අයියේ මට සමා වෙන්න.නිදූ ඒ දේවල් මට වැඩක් නෑ ඔයා වෛර කරන තරමට මං ආදරෙයි මගේ මැණිකට.මාව දාලා යන්න එපා අයියේ මං හුඟක් බය උනා. ඒ කියන්නේ නිදූ මට ආදරෙයි ඔව් රත්තරං ඔයාට මං ගොඩාක් ආදරෙයි.අනේ මගේ නිදූ

"එයා මාව තව තවත් ඒ පපුවට තුරැළු කරගත්තා දෙන්නම සීමාවක් නැතිව ඇඬුවා ඒ උණුසුමට දැන් මං හුඟාක් ආදරේ වෙලා සුවඳටත් ආදරෙයි මං හිතින් පිලිකුල් කල ආදරේ අද ජීව්තේටත් වඩා වටිනවා මං ඒ පපුතුරේම දෙනෙත් පියගෙන ජීව්තේ වින්දා"

                  පුබුදු ජීවන්තගේ  රචනයක්
                                         

                  🌷🌷🌷නිම්🌷🌷🌷

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment