🌷🌷🌷දම් ගඟුලැලි🌷🌷🌷
👉👉👉හද සැනසිල්ලේ නිවන් දකින්නට ඔබේ මග යමි සමිඳේ👇👇👇
අදත් පරක්කුයි තමුසේ ළමයි නැලෙව්වද හලෝ.අනේ අප්පච්චිට වැඩට යන්න කෑම හැදුවා අයියේ සමා වෙන්න චුට්ටක් පරක්කු උනාට.අනේ යනවා යන්න තමුසෙගේ චුට්ට පැය එක හමාරක් කියලා දන්නවාද
" පහන් කේන්තියෙන් කෑගහද්දි විමාෂාගේ ලස්සනට පිපිලා තිබුණු මූණ මලානික වෙලාම බිමට හැරැනා"
මට බනින්න එපා රත්තරං දැන් ඔය ඇති නැදද. හරි හරි නගින්න යන්න.කොහෙද යන්නේ. පන්සලට.ඒ ඇයි. දෙයක් කියන්න තියනවා නගිනවාකෝ.
"විමාෂා පහන්ගේ බයික් එකට නැග්ගා පාරේ එහෙට මෙහෙට පද්ද පද්ද වෙට්ටු දදා පහන් පන්සල ලඟට ආවා"
බහින්න
"විමාෂා පහන්ගේ අතින් අල්ලගන්න හදනකොටම"
පිස්සුද හලෝ මේක පන්සලක් කියලා පේන්නේ නැද්ද.
පහන් පිටිපස්සේ සාක්කුවේ දාගෙන ඉඳිය ලියුම් කවරය අතට අරගෙනම විමාෂා එක්ක පන්සල ඇතුලට ගියේ මල් කවරයකුත් අරගෙනමයි. දෙන්නම බුදුන් වැන්දා"
විමාෂා මට දෙයක් කියන්න තියනවා මෙතනින් වාඩි වෙනවා.
බෝ මළුවේ සුදු වැලි ලස්සනට ඇතිරිලා තිබුණා දෙන්නම වාඩි වුනා පහන් අතේ තිබුණු ලියුම් කවරේ දාලා තිබුණු කඩදාසි ලිපිය අතට අරන්"
මේ තියෙන්නේ මෙඩිකල් රිපෝට් එකක්.කාගෙද අයියේ.මේක මගේ. දෙවියනේ ඔයා අසනීපෙන්ද අයියේ. අහන්න විමාෂා මේ රිපෝට් එකේ තියෙන විදිහට මට තව වැඩ් කාලයක් ජීවත් වෙන්න බෑ මගේ වකුගඩු නරක්වෙලා.
"ඒ සුදු මූණට කුණාටුවක් කඩා වැටිලා වගේ ඇස් රතු වෙලා කම්මුල් දිගේ කඳුලැලි කඩා හැලුනේ මේ කිසිදු අන්තයක් වටහාගත නොහැකිව ඇයට දැනුනු දුක නිසා විමාෂාගේ මුළු ලෝකයම පහන් මෙච්චර ලොකු දුකක් ඒ ආදරේ මැද්දට එරෙහි උනහම කඳුලුත් අයට අකීකරැ වෙලා ඉකි ගහ ගහ කෙල්ල හොඳටම ඇඬුවා"
අයියෝ අඬන්න එපා හලෝ මින්ස්සු ඉපදෙනවා මැරෙනවා ඒක සාමාන්‍යයයි මෙතන අඬන්න එපා හරි නෑ නේ නංගි
"පහන් ටිකක් ආදරනීයව එහෙම කිව්වාහම අමාරැවෙන් දෙකපුල් පුරා ගලන කඳුලැලි ඇය අමාරැවෙන් පිහිදාගත්තා"
අනේ ප්ලීස් රත්තරං මාව දාලා යන්න එපා දෙයියෝ. මං මොනවා කරන්නද නංගී ලක්ෂ ගානක් යනවා වකුගඩුවක් ගන්න අපේ අම්මා තාත්තාලා එච්චර පෝසත් නෑ.අනේ අයියේ මාව මරලා මගේ වකුගඩු අරගෙන ඔයා ජීවත් වෙන්නකෝ.විමාෂා
"පහන්ගේ බෙල්ල බදාගෙන ඉකි ගගහා ව්මාෂා හොඳටම ඇඬුවා පහන් අමාරැවෙන් ඇයව ගෙදරට ගිහිල්ලා ඇරලුවත් ඇඬිල්ල නතර උනේ නෑ"
අනේ පහන් අයියේ මාව දාලා යන්න එපා මං වඳින්නම් ප්ලීස්.
"පහන්ගේ ඇස් වල දිදුළන කඳුලුවලත් කියගන්න බැරි දරාගන්න බැරි වේදනාවක් සැඟවිලා තිබුණා"
සුදුනෝනා මං නැති උනත් හැමදාම හිත සතුටින් ජීවත් වෙන්න රත්තරං ඔයාට හැම වෙලේම බනින්න හිතෙනවා මට ඒ ආදරේ වැඩි කමට.අනේ රත්තරං මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ මාවත් අරගෙන යන්න අයියේ අනේ.
"ඒ විලාපයේ සීමාව පහන්ගේ ලෝකය දෙදරලා යන්න තරම් ලොකු වේදනාවක් වුනා අමාරැවෙන් විමාෂා ව ගෙදර යවලා පහන් යන්න ගියා දින සති ගෙවිලා ගියේ ඇඟට නොදැනීමය.අන්තිමට ව්මාෂා ගෙදරටත් කියලා තීරණයක් ගත්තා ඇගේ එක වකුගඩුවක් පහන්ට දෙන්න මුලින්ම පහන් ඒ දේට එච්චර කැමති උනේ නෑ පස්සේ කැමති උනා ඔපරේෂන් එක තිබුනේ නුවර හොස්පිටල් එකක ලංකාවටම ඉන්නේ ඒ ඔපරේෂන් කරන්න ඩොක්ටර්ස්ලා දෙන්නයි ඔපරේෂන් එකට තිබුනේ තව පැයක් වගේ කාලයක්"
විමාෂා.අනේ පහන් අයියේ මට බයයි.බය වෙන්න දෙයක් නෑ රත්තරං සේරම හොඳින් වේවි.ආදරෙයි කියන්න අයියේ මට
"පහන් විමාෂාගේ ඔළුව අතගාන ගමන් හරි පරිස්සමට ඉම්බා"
ආදරෙයි මගේ වස්තුවේ ඔයා තමයි මගේ පණ රත්තරං. මගේ ලඟින්ම ඉන්න අයියේ කොහෙවත් යන්න එපා දෙයියෝ.නෑ රත්තරං පණ කෙන්ද ගැහෙනකල්ම ඔයා ලඟින්ම ඉන්නවා"
ඔපරේෂන් එක පැය හයකින් සාර්තකව ඉවර උනා දවස් දෙකකට පස්සේ විමාෂා ට ටිකට් කපලා ගෙදර එන්න පුළුවන් උනත් පහන්ට මාස දෙකක් හොස්පිටල් එක ලඟ කුලියට ගෙයක් අරගෙන නවතින්න උනා පහන්ට වකුගඩුවක් බද්ද කරලා තිබුණු නිසා හැම දේකින්ම පරිස්සම් වෙන්න උනා මාසයක්ම ගෙවිලා ගියා විමාෂා ඒ මාසේ පුරාවට පහන් ව දැක්කේ නෑ දෙන්නට දෙන්නා දකින්න ලොකු උවමනාවක් තිබුණා. හදිස්සියේම දවසක් උදේ කෝල් එකක් ආවා.අල්ල ගත්ත එක අතක් මිලින වෙලා සදහටම පරවෙලා ගිහින් තිබුණා පහන්ගේ වකුගඩු වලට හුස්මගන්නකොට විෂබීජයක් ගිහිල්ලා මුළු රැයක්ම විඳවලා පහන් සදහටම විමාෂාව දාලා යන්න ගිහින් තිබුණා විමාෂා ගේ විලාපයට සීමාවක් තිබුනේ නෑ ඇය ගෙදර කට්ටිය එක්කම පහන් ලෑ ගෙදර ගියා ඒ වෙනකොටත් මිනිය ගෙනල්ලා තිබුනේ නෑ රෑ හතට විතර පහන්ගේ ගේ ඉස්සරහට හර්ස් එක ඇවිත් නතරකරනකොට මුළු ගමක් විලාප දුන්නා එදා බැන බැන හරි විමාෂා ව තුරැළු කරගත්තු පහන් අද හතර දෙනෙක්ගේ කරමතින් ගෙදර එනවා පෙට්ටිය ගෙයි මැද සාලේ තියලා ඇරියා"
අනේ මගේ දෙයියෝ ඇයි රත්තරං මෙච්චර දුකක් මට දුන්නේ දාලා යන්නේ නෑ කියලා ඇයි පහන් අයියේ දාලා ගියේ මගේ මහත්තයෝ ඇස් ඇරලා එක පාරක් මගේ දිහා බලන්න රත්තරං මේ මෝඩිට ට්කක් බනින්න දෙයියනේ මං මේක කොහොම උහුලන්න ද මගේ අයියේ
" එක වගේම හුඟ දෙනෙක් ඒ විදිහට ව්ලාප දුන්නා පහන්ගේ අම්මා තාත්තා අයියලා දෙන්නා වගේම යාළුවෝ හැමෝටම ලොකු දුකක් ඉතිරි කරලා දින දෙකකට පසු පහන් සදහටම පොලවට වැලලී ගියා මේ කිසිවක් අදහගන්න බැරිව විමාෂා බලා ගත් අත බලාගෙන කල්පනා කලා දින සති මාස ගනන් ගෙවිලා ගියා ඒත් මෙච්චර ආදරේ කරපු පහන් ආයෙත් ඇය සොය නොයෙම් එයයි සත්‍ය අමාරැවෙන් වුවත් ඇය එය වටහා ගත්තා"
අනේ විමාෂා ඔහොම නොකා නොබී කල්පනා කරන්න එපා ලෙඩක් හදාගන්නකෝ ඔහොම ඉඳලා.
"විමාෂා ගේ හොඳම යාළුවා සුරනි. සුරනිත් හරිම කලකිරීමකින් විමාෂා දිහා බලන් හිටියා"
පහන් අයියා මට කිව්වා හැමදාම සතුටින් ඉන්න කියලා මං ඒ ආසාව ඉෂ්ට කරනවා සුරනි තනියම හිත සැනසිල්ලෙන් හැමදාම ජීවත් වෙනවා එයා වෙනුවෙන් හැමදාටම ඒක කරනවා
"පහන්ගේ තුන් මාසේ දානේ දවසත් ලං වුනා හැමෝම උනන්දුවෙන් ඒ පිලිවෙත් ඉටු කලා විමාෂා ත් ඒ දේවල් වලට සහභාගි වුනා අව්රැද්දක් පමණ ගෙවූ අවසන් වූ තැන විමාෂාගේ මේ කලකිරීම ගෞතම බුද්ධ සාසනයට ඇය පූජා කලා ඇය දැන් කසා වතින් සැරසුනු තෙරනියක්.
පුබුදු ජීවන්ත
🌷🌷🌷🌷🌷හද සැනසිල්ලේ නිවන් දකින්නට ඔබේ මග යමි සමිඳේ🌷🌷🌷
👉👉👉👉👉👉👉නිමි
No comments:
Post a Comment