ඉතින් මටත් කියපන්කොව් උබේ කෙල්ල ගැන බන්. කෑල්ල පට්ටද?
හා හා මන් පෙන්නන්නම්කො වෙලාවක උබට
මුගේ කැටයම් යකොව්, පොටෝ එකක් පෙන්නපන්කෝ "එෆ් බී" එකේ ලින්ක් එක දීපන් මට එහෙනම් පැටිකිරිය ටිකක් බලන්න
උබට මොකටද බන් මගේ කෙල්ලගේ පැටිකිරිය
කව්ද දන්නේ බන් වටේ ගිය එක්කද කියලා, දිපන්කොව්
මට ඒකිව හොඳනම් ඒකිට මාව හොඳ නම් මොකටද බන් කාගේවත් පැටිකිරිය
යකොව් මුගේ ලොකුකම. දාර්ශානික ටෝක් හා හා හා. මේ අහපන්කොව් මට කියපන්කොව් ටිකක් විස්තර. නිකන් මොනවගේද කියලා
කෙල්ල මාර හොඳයි බන්. ලස්සන හදවතක් තියෙන්නේ
හා හා හා දැන් උබට කවි සිතුවිලිත් එනවද එහෙනම්. ?
කවි නෙමේ බන් මාර ලස්සනට හසරන්ගිට ලෝකේ පේනවා බන්.
"හසරන්ගි" අප්පට උබේ කෑල්ල හතලිස් ගණන් වල ඉපදුන තාත්තෙග්ගේ හැත්තෑ ගණන් වල ඉපදුන දුවක්ද බන්? හික්ස්.
මේ මේ කටපියා ගනින් උබ හිතුවද උබේ නම හෙන මොඩිෆයි එකක් කියලා? සුමේද කියන නම "එකල බරණැස් නුවර" හන්දියක් හන්දියක් ගානේ තිබ්බලු. මහලොකු මොඩිෆයි නේම් කාරයා.
මේ එක නෙමෙයි උබ මට පොඩි උදව්වක් කරන්න ඕනේ.
අප්පට උබට ඉතින් මන් අක්මාව උනත් දෙනවනේ බන් කියපන් ඕනේ එකක්.
උබේ අක්මාව එපා බන් මට එකෙන් වැඩක් නැනේ දැන්.
කියපන්කොව් කියපන්කොව් ඉතින්
මන් වෙනුවෙන් උබට බොරුවක් කියන්න වෙනවා හසරන්ගිට
අඩ් ඩඩ් ඩා මේක නම් සෙලිබ්රේට් කරන්න වෙන්නේ වැට් 69 එකකින් තමා රජෝව්. උබලගේ අම්මටයි තාත්තාටයි මන් තෝව බේරගන්න කියලා තියන බොරුවල හැටියට අපායේ ගියොත් එහෙම යමපල්ලන්ට අලුත් වද ටිකක් ඉන්ට්‍රදිව්ස් කරන්න වෙනවා යකොව්. කියපන් කියපන් දැන් මොකක්ද කියන්න ඕනේ?
උබට මෝකක්ද කියන්න ඕනේ කියලා තේරෙයි උබට. එහෙම කියපන්.
මොකක්ද යකොව් මේ අපබ්බ්‍රන්සේ? ග්‍රීක් වගේ
හා හා මන් මීට් කරවන්නම්කොව්
දින කිහිපයකට පසු සුරංහ ආවා හසරනගිත් සමග තම මිතුරාව හම්බෙන්න. සුරංගගේ අතින් අල්ලන් ආවා ඇය. සුමෙධාගේ ඇස් අදහා ගත නොහැකි විය. ඇය අන්ද (ඇස් නොපෙනෙන) ගැනු ළමයෙක් විය. සුමෙද්හට දැන් මන් මොකක්ද කල යුත්තේ කියා සිතා ගත නොහැකි විය.
හසරන්ගි සුමේධ මෙතන ඉන්නේ මගේ හොඳම යාළුවා. හසරන්ගි සුමේධ එක්ක කතාවට වැටුණි.
සුරංග මට ඔයා ගැන කියලා තියනවා සුමේධ. ඉතින් කොහොමද?
මටත් සුරංග කියලා තියනවා ඔයා ගැන හසරන්ගි.
කතාව දිගටම ගියා. සුරංගට ඔය අතරේ කෝල් එකක් අවා. සුරංග නැගිටලා ගියා.
හසරන්ගි කිව්වා "අනේ සුරංග අයියට පොඩිකාලේ ඇස් පෙනුනලු නේද සුමේධ? මටත් අවරුදු 12ක් විතර වෙනකල් පෙනුනා. අන්තිමට බලපු දොස්තරලා කිව්වේ ස්නායු ප්‍රශ්නයක් කියලා තමා මට. හොඳ කරන්න බේ කිව්වා.
(මොකක් මේක මේ අසරණ කෙල්ලට ඇරලා තියන කෙබ්බේ යකොව්) අහ් ඔව් හසරන්ගි. පොඩි කාලේ පෙනුනා. දැන් තමයි ඔහොම.
සුරංග අවා. කතාව දිගටම ගියා. ඉතින් ඉතින් ඔන්න මන් ගෙනාව මගේ කෙල්ලව උබට පෙන්නන්න. මට මගේ කෙල්ලව දකින්න බැරි උනාට උබ හරි දැක්කනේ.
සුමෙදට මේ වෙන දේ ගැන තේරුනේ නැත.
දවස් දෙක තුනකට පසු සුරංගයි සුමෙධයි මුණ ගැසුණි. මොකක්ද හු@#$% උබ ඔය කරන බලු වැඩේ? සුමේද තරහින් කතා කරා.
උබට තැනක් යෝ වෙරිමච් කියලා යන්නයි මන් අවේ ඕන.
ඒ මොන මගුලටද?
මන් වෙනුවෙන් බොරුවක් කිව්වාට.
ඒ මොකක්ද බන්?
මට ඇස් පෙන්නේ නැ කියලා.
දැන් උබ මොකක්ද කරන්න යන්නේ
මොනවා කරන්නද ඉතින් මන් ඒකිව කසාද බඳිනවා මිසක්
අර අන්ද මගුල? තොට මිස්සුද මිනිහෝ?
උබ දන්නවද එකී මාත් එක්ක යාලු උනේ මාත් අන්දයි කියපු නිසා. මන් කිව්වා මට පොඩිකාලේ හොඳට පෙනුනා දැන් චායව විතරයි පෙනෙන්නේ කියලා.
ඇස් පෙනෙන්නේ නැතුවට එකී මාර හොඳයි බන්.
දැන් උබලගේ ගෙදර උන් ඕකට කැමති වෙයිද?
අන්න එකටනේ බන් උබලා වගේ කල්‍යාන මිත්‍රයෝ ඉන්නේ. උබ තමා මේක අපේ ගෙදරට කියන්න ඕනේ.
තොට දෙයියන්නේ හාල් කැවිලද බෝල? තොපේ තාත්තා මාව උල තියලා ගිනි පිම්බී.
එහෙම නෙමෙයි බන් ටිකක් තේරුම් කරලා දීපන්. හසරන්ගියි සුරංගයි ලස්සනට ජීවත් වෙයි වගේ කියපන්.
අනේ මේ මේක වෙන මගුලක් නෙමෙයි බන් සුරන්ගයෝ. කියන දේ අහපන්.
සතියකට විතර පස්සේ සුමේධ සුරන්ගලගේ ගෙදර ආවේ සුරංගගේ තාත්තා නොමෙති දවසක් විපරන් කරලයි. සුමේධ මේ පලහිලව්ව ගැන සුරංගගේ අම්මත් එක්ක කිව්වා. ඇයට සිහිසන් නැතිවිය. තත්වය බරපතල බව සුමෙධට වැටහුණි. ඔහු මේ කාරණය සුරංගට පැවසිය.
අම්මා මේ කාරණේ පසුදා උදේ තාත්තා සමග කියලා තිබුනා. සුරන්ගලා පරන්පරා ගත සල්ලි කාරයෝ නොව්නත් ගමේ තත්වයක් තිබූ මිනිසුන් විය.
සුරංග එනතුරු තාත්තා මග බලන් සිටිහ. ලොකු පුතා මට ටිකක් කතා කරන්න ඕනේ
සුරංග බයවිය. අහ් කියන්න තාත්තේ.
මොකක්ද මේ උබ මට අන්ද ලේලියෙක් ගෙනත් දෙන්න යනවා කියන්නේ? උබව කොළඹ ලොකු ඉස්කෝලෙකට යවන්න බැරි උන හින්දද? ටව්න් එකේ විමලේ මුදලාලිගේ පුතාට වගේ උපන්දිනේට කාර් එකක් අරන් දුන්නේ නැති හින්දද? කියපන් ලොකු පුතේ මට කියපන්. සුරංග දෙතුන් වරක් උත්සහ ගත්තත් තම පියාට පැහැදිලි කරන්න උත්සහල ව්‍යාප්තවී ගියේය. සුරංගගේ තාත්තා වේදනාවෙන් කෑ මොර දෙන්නට විය. අවසානයේ සුරංගට හසරන්ගිව අත් අරින්න විය.
ඔහු සැබවින්ම ඇයට ආදරේ කරාය. අවසානයේ අසරණ හසරන්ගිට ඔහුගේ අදරය මිරිඟුවක්වී ගියාය. සුරංග ගොඩක් වේදනාවෙන් තමා විසින් උන අසාදාරනය ගැන දුක් වෙවී ජීවත් විය. ඔහු සුමේද සමග නිතර කියන්නට විය මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ බන් යනුවෙන්.
දිනක් තාත්තා සමග සුරංග ටව්න් එකට යන්න පිටත් උනේ ගෙදර ඕනේ කරන බදුමුට්ටු ටිකක් ගේන්නය. සුරංගගේ හිතේ හසරන්ගි කොයිවෙලෙත් සක්මන් කරන්නට විය. සුරංගට එක වරම හසරන්ගි කතා තරනවා වගේ ඇසී බයික් එකේ යන ගමන්ම පිටිපස්සේ හැරී බැලුවේය. තාත්තා හයියෙන් කෑගෙසුවේ ලොක්කෝ බලාගේය යනුවෙන් පමණි. ඉතා වේගයෙන් ආපු වැන් එකක සුරන්ගනේ බයික් එක මුහුණට මුහුණ වැදුනි.
සුරංගට සිහිය එනවිට තාත්තාගේ අවසන් කටයුතුද ඉවරවී තිබුනේය. වෑන් එකේ හැප්පුන පාරටම සුරංගගේ පියා එතනම මියගිහින් තිබුනේය. සුරංගගේ දකුණු කකුල දනිස්සට පහලින් කපා තිබුන අතර වම් කකුලේද ඇඟිලි තුනක් අයින් කර තිබුනේය.
සුරංගට මොකක්ද උනේ කියලා තේරුම් ගන්නට නොහැකිව සිටියේය. කාලය ගතවිය. මානසිකව වැටි තිබුන සුරංගව බලන්න නිතරම තම අතිජාත මිත්‍රයාවූ සුමේධ ආවේය.
අව්රුදු පහකට පසු දිනක් හසරන්ගි අනුරපුර වන්දනාවේ ඇවිත් තිබුනේ ගෙදර අයත් සමගය. සුපුරුදු කටහන්දක් ළඟ ලංගම ඇහුනත් හසරන්ගිට ඒ කාගේද යන්න මතකයට ගන්න නොහෙකිවිය. කටහඬ තවත් ලංවිය. රෝද පුටුවක් ඌ තරුණයෙක් තවත් තරුණයෙක් ඉදිරියට තල්ලු කරන යනවා ඇය දුටුවේය. ඇගේ මතකයේ කොහේ හෝ මේ කටහඬ වද දෙන්න විය. ඇය හයියෙන් කෑ ගසන්නට විය. ඒ අන් කිසිවක් කියා නොව. සුරංග යැයි කියමින්ය. සුරංගත් සුමෙදක් එකවර හැරේ බැලුවේ මේ නොදන්නා අනුරපුරයේ අපිව දන්නේ කව්ද කියලාය? තරුණියක් දුවගෙන විත් ඔය සුරංග නේද යැයි විමසුවේය. සුරංගත් සුමෙදත් ගොලුවිය. ඇගේ ඇස් අද පෙනවය. කිසිවක් සිත ගත නොහැකිවූ සුරංගත් සුමෙදත් මේ මොකක්ද වෙන්නේ මෙන් හසරන්ගි දෙස බලා සිටියේය. හසරන්ගි සමා වෙන්න මට වැරදීමක් වෙන්න ඇති යැයි කියනවාත් සමගම සුරංග මට සමාවෙන්න හසරන්ගි යැයි පැවසිය. හසරගිට කිසිදෙයක් සිතාගත නොවීය. ඇය දන්නා පරිදි සුරංගට ඇස් පෙනුනේ නැත. ඔහු ආබාදිතයෙක්ද නොවීය. සුමේද සියලු දේ විනාඩි ගානක් ඇතුලත හසරන්ගිට පැවසිය.
දින දෙක තුනකට පසු සුමෙදගේ ෆෝන් එකට කෝල් එකක් ආවේය. ඒ හසරන්ගිගේ. ඇය අනුරදපුරයේ වේදමහත්තයෙක් ගාවට ගිහින් තිබුනේ දැනට අව්රුදු 4ත කලින්ය. ඇයගේ ස්නායු රෝගය නිසා නොපෙනුණු ඇස් දෙක වෙදමහත්තයා විසින් සුවකර තිබුන. සුරංගට උනේ මොකක්ද කියලත් සුමේද ඇයට පැවසිය. ඇය සුමෙදගෙන් එක ප්‍රශ්නයක් ඇසුවේය. ඇයි සුමේද මට සුරංග අන්දයි කියලා කිව්වේ? සුමේද සුරංග මෙව්වා සියලුම සිහිනයන්, හසරන්ගිට තිබුන ආදරය, සුමෙදගේ වචනවලින් ඇයට පැවසිය. ඇය අඬන්නට විය. කතාව අවසන් උනේ මට සුරංගව හම්බෙන්න ඕනේ යැයි කියමින්ය.
සුරංග අකමැති උනත් හසරන්ගිව හම්බෙන්න සුමෙදගේ බලකිරීම මත ඔව්න් හම්බුනේය.
කෝටියක් දේවල් කතා කරන්න හිතන් ආවත් සුරංග සමග එක වචනයක්වත් හසරන්ගිට කතා කරගත නොහැකි විය. ඇයට මතක් විය ඔහු හා යනවිට දැනට අව්රුදු 5ට 6ට පෙර ඇයව පරෙස්සම් කල විදිය. අවසානයේ ඇය එක ප්‍රශ්නයක් ඇහුවා. "සුරංග මන් බඳින්න නෙමේ හිටියේ කවදාවත්. එත් ඔයයි මට ආදරේ කියන්නේ මොකක්ද කියලා දුන්නේ. මිනිස්සු අන්ද කෙල්ල කියලා සමච්චල් කරද්දී ඔයයි මට ලෝකේ පෙන්නුවේ. මට සුමේද හැමදේම කිව්වා. මන් හැමදාම තනියෙන් ඉන්නයි හිටියේ ඇස් දෙක මගේ හොඳ උනත්. එත් මට දැන් වගකීමක් තියනවා මට ආදරේ මොකක්ද කියලා කියලා දුන්න මනුස්සයව මැරෙනකල් බලා ගන්න. අපි කවදද සුරංග බඳින්නේ? තෙතබරිත ඇස් වලින් සුරංගත් හසරන්ගිත් දිහා බලන්සිටි සුමේද එතනින් නැගිට ගියේ සිතින් ඔව්න් දෙදෙනාට කවදාවත් වරදින්න එපා යන ආශිර්වාදයත් සමගයි.
එය එසේ නිමා උනේ ජීවිතේ අලුත් බලාපොරොත්තු දහස් ගනනක් සුරන්ගගේත් හසරන්ගිගේත් මල්බර වෙමින්ය. ඉතින් ඔබට ස්තුතී.
ප්‍රදීප් කුමාරසිංහ රචනයක්
No comments:
Post a Comment