කෙටිම කෙටි කතාවක්
..............................................................................................
මගෙ යාළුව - කියහන් බලන්න උඹේ ලව් ස්ටෝරිය.
මම - කීවෙනි එකද?
යාළුව - අප්පද බොල, මූ යකෝ.... හරි හරි පළවෙනි එකෙන්ම පටන් ගනින්.
මම - දැන් අවුරුදු දොළහකටත් වැඩි බන්, හරියට මතකත් නෑ.
....................................................................................................

උඹ දන්නවනෙ මට කවදාවත් ක්ලාස් එකේ ඉස්සරහ ඉඳගෙන ඉඳල පුරුද්දක් නෑ කියල. තනියම හිටියත් මම ඉන්නෙ පිටිපස්සෙම පේළියෙ. ඒක මට ගෙදර වගේ.
දවසක් ක්ලාස් පටන් අරන් විනාඩි විස්සකින් විතර කෙල්ලෙක් හතිදාගෙන ආව. වැස්ස හින්ද ටිකක් තෙමිල. පරක්කු හින්ද දුවන්න ඇති. ඒකට අපි. විභාගෙට පරක්කු උනත් දුවන්නෙනම් නෑ.
ඉතින් ඒ ගර්ල් ආපු ගමන් ගියේ ඉස්සරහට. ඒත් ඉඩ තිබුනෙ පිටිපස්සෙ පේළි දෙක විතරයි. බලාපොරොත්තු කඩවෙලා වගේ ආපහු හැරිල පිටිපස්සට එන්න ගත්ත.
දෙයියනේ එතකොටයි ඒ මූණෙ ලස්සන දැක්කෙ.
අසරණ මම වන්ෂොට් ක්නොක්අවුට්. අකුණක් වැදුන වගේ.
එයා එහෙමම ඇවිත් මට ඉස්සරහින් ඉඳගත්ත. මම දිහා බැලුවෙවත් නෑ. බලයිද ඉතින් අපතය වගේ ඉන්නකොට. කලින් දැකල නෑ මේ දරුවව. ෂුවර් එකට හැමදාම ඉස්සරහ ඉන්න කෙල්ලෙක්. නැත්නම් මගෙ රේඩාර් එකට මිස්වෙන්න විදිහක් නෑ.
පැයක් විතර ගියා, පැය දෙකක් ගියා... ක්ලාස් ඉවරවෙන්නත් ළඟයි... එයා හෝ ගාල වැඩ. මම බකමූණ වගේ එයා දිහා බලාගෙන. කතා කරන්න හිතයි. ඒත් උගුර කට වේලිලා වගේ, වචන එන්නෙත් නෑ.
දන්නෙම නැතුව අන්තිමේදි වචන එළියට පැන්න.
.............. මම - මේ හෙලෝ, එක්ස්කියුස් මී.
.............. එයා - ඇයි? (හප්පා, පොල්ලකින් ගැහුව වගේ)
.............. මම - මේ ඔයාගෙ නම මොකක්ද?
.............. එයා - ඇයි අහන්නෙ.
.............. මම - නෑ මේ, අපේ නන්ගි අහන්න කිව්ව. (නන්ගි? නන්ගියෙක් කොහෙන්ද පාත්වුනේ?)
.............. එයා - කවුද ඔයාගෙ නන්ගි? එයා මාව දන්නවද?
.............. මම - දන්නවනම් නම අහන්න කියනවද අනේ. (අම්මෝ ඒ පාරනම් ලාවට හිනාවක් ගියා)
.............. එයා - ඉතින් එහෙනම් මොකටද නම?
.............. මම - නෑ මේකයි. එයාට ඉක්මණට නෑන කෙනෙක් ඕනෙලු. ඔයාව හොඳයි කියල මට හිතුන.. බැරිද එයාගෙ නෑන වෙන්න. පව්, අහින්සක කෙල්ල. (කිව්ව නෙමෙයි කියවුනා)

මොහොතකට ඒ ඇස් දෙක දිලිසුනා. ලැජ්ජාවෙන් වගේ රතුවෙලා බිම බැලුණ. ආයිමත් ඉක්මණටම තරහෙන් වගේ මට ඔරවල ගස්සගෙන අහක බලාගත්ත. ඒත් මම වගේ ගල් ආඳෙක්ට ඒක බොරු තරහක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
ඊට පස්සෙ ඉතින් එක්කෝ මම ඉස්සරහ පේළියෙ, නැත්නම් එයා පිටිපස්සෙ පේළියෙ.

මේ අවුරුදු දොළහට මොනතරම් දේවල් උනාද. කාලය දන්නෙම නැතුව ගෙවිල ගියා. අපි වයසට ගියා. හැමදෙයක්ම සුන්දර විදිහට සිද්දවුණා. එයා දැන් බබාල දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්.
ඔන්න ඕකයි කතාව.
....................................................................................................
ඔන්න ඕකයි කතාව.
....................................................................................................
යාළුව - අඩෝ උඹ මාර ලකී බන්.
මම - ඒ ඇයි?
යාළුව - ඇයි යකෝ කීයෙන් කී දෙනාටද තමන්ගෙ ෆ්‍රස්ට් ලව් එකම බඳින්න ලැබෙන්නෙ?
මම - දැන් කවුද කිව්වෙ මම බැන්ද කියල?
යාළුව - හෑ... ඈ බොල කැස්වටුවො දැන් උඹ කිව්වෙ හැමදෙයක්ම සුන්දර විදිහට සිද්දවුණාය, බබාල දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්ය, අරකද මේකද කියල.
මම - හරි බන් ඉතින් ඒකි බැන්ද... වෙන එකෙක්ව.
මම මේ ෆුල් ජොලියෙ ඉන්නෙ. සුන්දර නැද්ද කියහන්කො.

මම එහෙම කියල අහක බලාගත්තෙ මගෙ මූණ ඌට නොපෙනෙන්න.
උපුටා ගැනීමක්

No comments:
Post a Comment