#ගිලිහුනු #දා #සෙනෙහස #සැකයක් #වීදෝ
ඉර එලිය මූණට වැටුන නිසා මට එක පාරටම ඇහැරුනා.දෙයියනේ 9ත් පහු වෙලා.මනුර තාමත් හොඳ නින්දේ.අපි මැරි කරලා අද දෙවෙනි දවස.අවුරුදු 4ක අපේ ආදරේට කොච්චරා බාදා ආවත් අපි කොහොම හරි එකතු වුණා.තාමත් අපි ඉන්නේ උනවටුන බීච් හොටෙල් එකේ.අද ගෙදර යන්නත් ඕනේ.කොහේද මේ පිස්සා තාම නිදිනේ.පොඩි එකෙක් වගේ කොට්ටෙත් බදාගෙන නිදාන් ඉන්න හැටි දැක්කම හිනාත් යනවා.මනුග ඇහැරෙන් නැති වෙන්න එයාගේ ඔලුවත් අත ගාලා මන් ඇඳෙන් බැස්සා.ගෙනියන බඩුත් ලෑස්ති කරලා මන් නාන්න ගියා..
මන් එලියට එද්දි මනුර බබා..කියලා කෙඳිරි ගගා අතින් මාව හොයනවා.මට හිනා.
මේකගේ කම්මැලිකමට ඇස් දෙක අරින්නෙත් නෑ...
"අනේ..අනේ..හරි ෂෝක් මන් ඉන්නවද නැද්ද දන්නෙත් නෑ මෙයා හොඳට නිදි"
එහෙම කියලා මන් ඇඳ ලඟට ගියා.
මනුර එක පාරටම මාව එයාගේ ඇඟට මාව ඇදලා ගත්තා.
"අයියෝ බබා...මගේ ටවල් එකත් ගැලවෙනවා දැන්"
"ඉතින් මොකද මන් දැකලා නැතුවයැ"
එහෙම කියලා මනුර මාව බදාගෙන් කිස් කරා.
"අපෝ.. දත් මැදලත් නෑ...,යනවා ගිහින් නාගෙන එනවා.අපි යන්නත් ඕනේ බබා..."
"මට බෑ...මට දොයි මතයි"
එහෙම කියලා මනුර කොට්ටෙත් බදාගෙන ආයෙත් නිදා ගන්න ලෑස්ති වුණා.
"ආයේ නිදියන්නද...නැගිටිනවා.එනවා මෙහෙට"
මන් බලෙන්ම මනුරව ඇඳේන් ඇදලා ගත්තා.
"අනේ අම්මේ...මේ ගෑණිත් එක්කන්ම් බෑ අම්මේ..මට කසාද එපා.."
"ආ ඇත්තද මාව එපාද,යනවා ගිහින් නානවා."
"දත් මදින්න හරිද....."
මන් බාත් රෑම් එක ලඟ ඉන්දන් කෑ ගැහැවුවා.
පොඩි ළමයිට හපන් මෙකානම්.තනියම හිනා වෙවි මන් යන්න ලෑස්ති වුණ.
මන් කොන්ඩේ පීරද්දි මනුර නාගෙන ආවා.
"අනේ බබා ඔය කොණ්ඩේ තෙතයිනේ වතුර බේරෙන්වා,කෝ එන්න මන් පිහන්න."
මන් ටවල් එකත් අරන් ඇදේ වාඩිවෙලා හිටිය මනුරගෙ ඔලුව පිහ දැම්මා.
මනුර මගේ ඇඟ වටේ අත දාලා මුණ බඩට තද කරගත්තා.
"අනේ...හපන්න එපා..පිස්සො මට කිචි.ඔය ඉන්නකෝ ඉතින් දඟලන්නැතුව."
"ම්...දැන් හරි...."
මන් හිමිට පාත් වෙලා මගේ කොල්ලගේ ඔලුව ඉම්ඹා.
"මේ ඩෙනිමයි,නිල් ෂර්ට් එකයි අඳින්න.මේක ලස්සනයි"ඉක්මන් කරන්න බබා.."
"සුදු බොලේ අපි අම්මලාගේ ගෙදර ගිහින් හවස අපේ ගෙදර යමු නේද?"
"ඔයාගේ කැමැත්තක් මහත්තයෝ."
මනුරට වෙනම ගේකුත් තිබ්බා අපි මැරි කරලා වෙනම ඉන්න තමා එයා කැමති වුණේ.මාත් ඒකට ආස කරා අපේම ජීවිතේ අලුතින් පටන් ගන්න.ලස්සන හීන ගොඩාක් මන් ලඟ තිබුණා.
"හරි යමු මැණික."
බෑග් එකත් අරන් මනුර ඉස්සර වුනා.
"මොනාද පන කල්පනා කරන්නේ"
මනුර මගේ ඔලුව අත ගාලා අහනවා.
මන් ලොකු කල්පනවක,මටවත් දැනුන්නෑ.
"මොකොත් නෑ රත්තරන් මට අපි දෙන්නා යාලූ වෙලා හිටිය කාලේ මතක් වුණා"
"අනේ..පිස්සි දැන් මන් ඔයා ලඟ ඉන්නවනේ මැණික හ්ම්.."
මනුරගේ ආදරේ සමහර වෙලාවට මට දරාගන්න බැරි තරම්.එයා ඒ තර්ම් මට ආදරේයි.මටත් මගේ පන ටිකත් මනුර තමයි.
"බබා අපි තැඹිලි බොමුද? ඔයා ආසයිනේ"
අනේ මන් ආස හැමදේම ඔයා දන්න හැටි.මගේ හිතටත් සතුටක් දැනුනා
"හා බබා"
දැන්නම් ගෙදරට ගොඩක් ලඟයි.මේ කඩුගන්නාව පාරේ යන්න මන් ගොඩක් ආසයි.එක්කත් හරිම අපූරු අත්දැකීමක් දැන්නම් නිතරම මට මෙතනින් යා හැක.
ගැටඹේ බෝධිය ලඟින් කාර් එක නතර කලා.
"දුවලා ගිහින් පඬුරක් දාලා එන්න මැණික"
මන් සෙරෙප්පු දෙක වාහනේම තියලා රුපියල් 100කොලයකුත් අරන් බැස්සා,
පඬුරු දාලා මන් බෝ සමිඳුගෙන් ඉල්ලුවේ.මගේ පන හැමදාමත් මාත් එක්ක සතුටින් තියන්න කියලා.
"අප්පච්චිත් කෝල් කරා බබා අපි කොහෙද බලන්න"
"අම්මට ඉවසිල්ලක් නැතුව ඇති පුතා දකිනකම්"
"ඔව් එහෙම තමා හොඳ පුතාලා වුණාම.
ඔව් ඔයා හොඳ පුතෙක්,ඒ වගේම දැන් මට හොඳ මහත්තයෙකුත් වෙයි.මන් හිතින් හිතුවා.
වාහනේ සද්දෙට අම්මයි අප්පචි මිදුලේ.
අපි දෙන්නම එකට අම්මටයි අප්පච්චිටයි වැන්දා.
"මහන්සිද පුතේ"
අම්මා මාව වැලඳගන්න ගමන් ඇහැවුවා
"අනේ නෑ අම්මා"
දවසම අම්මලත් එක්ක ඉඳලා රෑටත් කාලම අපි අපේ ගෙදර ආවා,
"කුමරිය ඔබ සාදරයෙන් පිලිගන්නවා මගේ මාලිගාවට "
මනුර අත් දෙක දෙපැත්තට විහිදගෙන මාව පිලිගන්නවා.
"හා කුමාරයා අපි යමුකෝ එහෙනම්."
තට්ටු දෙකට තිබ්බ ගේ ඇත්තටම ලස්සනයි.හැම දෙයක්ම පිලිවලට තිබුණා.
"ගේ හොඳයිද මැණික?"
"ලස්සනයි පන ගොඩාක්...."
"එහෙනම් ඇති මට එච්චරයි ඕනේ.."
මන් අපේ කමරේට ගියා මාව පුදුම වුණා මගේ පොටෝ ගොඩාක් බිත්තිය පුරා ගහලා.
මනුර මගේ පිටි පස්සට වෙලා හිනා වෙවි බලන් ඉන්නවා.
මන් දුවලා ගිහින් එයාව බදා ගත්තා,මට ඉකි ගැහුනේ දන්නෙම නැතුව.
"අනේ ඇයි රත්තරන් මේ.අඬන්න එපා මැණික.කෝ මේ..බලන්නකෝ ඉතින්.
"ඇයි මට මෙච්චර ආදරේ රත්තරන්"
මන් අඬ අඬම ඇහැවුවා.
"ඔයානේ මගේ පන මැණික,කෝ දැන් ඇති ඇඬුවා,ආයේ කවදාවත් අඬන්න බෑ හරිද"
එහෙම කියලා මනුර මගේ මුණ උස්සලා කදුලු පිහලා ඉඹගෙන ඉඹගෙන ගියා.
"දැන් හොඳ මැනික වගේ ගිහින් වොෂ් එකක් දාගන්න."
"මන් හෙට ඔෆිස් ගියාම මැණිකට කම්මැලිනම් උදේට මන් අම්මලාගේ ගෙදරට දාන් යන්නම්.
නිදා ගන්න ඇවිත් මනුර මාව තුරුලු කරන් අහනවා.
"එපා පන මන් ඉන්නම් ඔයා එද්දී මන් කෑම හදන්නත් ඕනේනේ"
"කන්න පුලුවන්නේද"
"මන් රහට උයනවා හරිද.,ඕන්නෑ මන් තරහයි ඔයා එක්ක."
මන් අනිත් පැත්ත හැරුනා.ඔය මාව අවුස්සන තමයි අහන්නේ.ඇයි අප්පා..
"අයියෝ..ඉතින් මගේ සුදු කෙල්ලට විහිලුවක්වත් තෙරෙන්නෑනේ,කෝ එන්න,මන් දන්නවා මගේ මැණික ටොප් චෙෆ් කෙනෙක් කියලා"
"මෙහෙට වරෙන් බන්"
මනුර මාව ඇදලා අරන් තුරුල් කරගත්තා ,
පාන්දර 5යි එලාම් එකට මාව ඇහැරුනා.
මනුරට ගෙනියන්න එයගේ ආසම කෑම හැදුවා.
කිරි එකත් හදාගෙන 6.30 එයාවා ඇහැරන්න යද්දිත් පොඩි එකා වගේ පස්ස උඩ දාන් නිදි.
"සුදු බබා නැගිටින්න මැණික 6.30යි'
මනුර කෙදිරි ගානවා
"තව ටිකක්,....ඔයත් එන්නකෝ."
මාවත් ඇදලා අරන් තුරුල් කරගත්තා.
මේකනම් පුදුම කම්මැලියෙක් මන් ඔලුව අතගැවා.සනීපේට ඒ ටිකට නින්ද ගිහින්නේ
"බබා නැගිටින්න 7ට කාලයි,පරක්කුවෙයි ඔයාට"
අමාරුවෙන් නැගිටලා 7.30 වෙද්දි ලෑස්ති වුනා.
එයා අඳින ගමන්ම මන් බත් කැවුවා.
"අනේ ඇති බබා.."
"ඇති කියන්නේ..පොඩ්ඩනේ කෑවේ'
"පරක්කුයි පන මන් යන්නම්"
මනුර මාව බදාගෙන නළල ඉඹ ගත්තා"
"මන් ගිහින් එන්නම් පන,පරිස්සමින් ඉන්න මැණික"
"හා පන පරිස්සමින් ගිහින් එන්න රත්තරන් බුදු සරණයි"
මනුරගේ කාර් එක්ක පෙන්නැති වෙනකම් මන් බලන් වුන්නා.පොඩි එකෙක් ඉස්කෝලේ යවන්ම මීට වඩා ලේසියි.මන් හිනා වෙලා හිතුවා.
කුස්සිය අස්පස් කරලා මන් වොෂ් එකක් දාගත්තා.කොච්චර බැන්නත් මනුර නැතුව ගේම පාලුයි.හිටියනම් මගේ වැඩ දෙක කරලා.
ෆෝන් එක රින් වෙනවා හිතුවා විතරයි මනුර.
"හෙලේ බබා..
"කෑවද මැණික"
"තාම නෑ සුදූ"
"එකනේ ඉතින් කන්නකෝ වස්තු..දැන් කීයද ආ.."
"හා..පන දැන් කන්නම්.'"
"හොඳ කෙල්ල වගෙ කන්න.මන් තියන්නම්.බුදු සරණයි පරිස්සමින් ඉන්න බබා"
"හරි වස්තු බුදු සරණයි"
කම්මැලිකමට මන් එකට විතර පොඩ්ඩක් නිදාගත්තා.ෆෝන් එක රින් උනා.මනුර.
"හෙලෝ...."
"අනේ පන ඔයා දොයිද,"
"නෑ කියන්න පන "
"අද රෑට යලුවෝ දෙන්නෙක් එන්වා පන ඔයා උයන්න එපා මන් මොනා හරි ගේන්නම්'
"ඕන් නෑ මන් එයාලටත් එක්ක කෑම හදන්නම්"
"කමක් නැද්ද පන"
කම්ක්නෑ සුදු
"හරි කෙල්ලේ එහෙනම් මන් තියනවා"
හවස 6 වෙද්දි කෑම හදලා.මනුර බොන්නම ආස දිවුල් ජුස් එකකුත් හදලා .වොෂ් එකක් දාගත්තා.
මනුරගේ කාර් එකේ සද්දේ ඇහිලා මන් මිදුලට දුවන් ගියා.
එයා කාර් එකෙන් බැහැලා ඇවිත් මගේ කරට අත දැන් ගෙට ආවා.
"මගේ කෙල්ල මොනද කරේ අද..?"
එහෙම අහලා මොනාද බොක්ස් එකක් දුන්නා මට
"මොනාද මේ.අනේ..........චොකෝ කේක්"
"මගේ බොලේ හලිම හොදයි උම්මා......"
"ඔය කීවෙනි මායමද"
"අනේ යනවා යන්න"
මන් මනුරට දිවුල් එක දුන්න.
"වා...........ව්.එලකිරි සුපිරිනේ.මට ඉන්නේ හොඳ නෝනා කෙනෙක්නේ"
7 විතර මනුරගෙ යාලුවො දෙන්නා ආවා
එයාලා එලියේ වාඩිවෙලා හිටියෙ.මන් කේක් එක්ක බීම දීලා සාලෙට වෙලා හිටියා.
"සහන්සා...බබා..මෙහේ එන්නකෝ"
මනුර මට යාලුවො අඳුන්නලා දුන්නා'
මේ රුවන්,මූ ගයාන්'
ගයාන් කියන කෙනා මන් දිහා බැලුවේ අමුතු විදියට.මට එයාව ඇල්ලුවේ නෑ.මන් පොඩ්ඩක් කතා කරලා ගියා.
10 විතර එයලා ගියා.
පහු වෙනිදත් මනුර පුරුදු විදියයම ඔෆිස් ගියා.
මන් කම්මැලිකමටත් එක්ක එෆ් බී එක පැත්තට ගියා.
මට මැසේජ් එකක් ඇවිත් .හායි.ඔයා මාර ලස්සනයි.
ගයාන් සමරදිවාකර
මට අඳුර ගන්න බැරි උනේ නෑ මේ ඊයේ මෙහේ ආපු මනුරගේ යාලුවා.
මේ මිනිහා මොකද මට මෙහෙම දෙයක් එව්වේ.
මන් මේක මනුරට කියනව නැද්ද.එයා කිවුව විදියට ගයාන් කියන්නේ එයාගේ හොඳම යාලුවා.නෑ මන් මේක කිවුවොත් නිකම් අවුලක් යනවා.
අපි මැරි කරලා මාස තුනකුත් ගියා දැනුනෙත්නෑ.ඒ කාලේදි මනුරගේ ආදරේ වැඩි උනා මිසක් අඩුවක්නම් වුනේ නෑ.
"බබා ඔයාට අද දවස මතකද"
"හ්ම්..අද බදාදනේ"
මෙයාට මතක නෑ.මන් මුණත් එල්ලන් යන්න හැදුවා.
"කොහෙද යන්නේ.මෙහෙට එනවා"
"අද දවස තමයි ජුනි 13 මගේ මැණිකව මැරි කරලා අදට මාස 3යි."
"හ්ම්ම්...මතකයි නේ"
"ඔව් හවස ලෑස්තිවෙලා ඉන්න මාලිගාවට යමු"
මේ මාස 3 කාලෙට ගයාන් අපේ ගෙදර සෑහෙන්න ආවා.ඒ ඇවිල්ලත් මන් දිහා කන්න වගේ බලන් හිටියේ.මට එක එක මැසේජ් එවලත් තිබුනා..මාත් එක්ක කතා කරන්න ආසයි ඔය වගේ දේවල්. මූ එන්නෙ මොකටද කියලා තේරුම් ගන්න බැරි තරම් මන් මෝඩ නෑ.
මන් ඌව බ්ලොක් කරලා දැන්මා.
දවසක් මට මැසේජ් වගයක් ඇවිත් තිබුනා එවාගේ තිබුනේ නිරුවත් ගෑනුයි මිනිස්සුන්ගෙයි පොටොස්.අන්තිමට තිබුණ පොටො එක දැකලා මගේ ඇඟේ ලේ වතුර උනා.
ගයාන් එක්ක නිදාන් හිටිය ගෑනිට මගේ මුන එඩිට් කරලා.අනේ දෙයියනේ මේ මොන අපරාදයක්ද.මනුර දැක්කොත් මේක ඇත්තක් කියලා හිතයි.
මේක මන් එයාට කියන්න ඕනේ.මෙච්චර කල් මන් ඒක එයාට නොකියා කරේ ලොකු වරදක්.
මන් මනුරට කෝල් කරා.
"බබා මන් ලොකු වැඩක් පස්සේ ගන්නම්"
එයත් මේ වෙලේම බිසී උනානේ.
මනුර ගෙදර එනකම් මට සිහියක් තිබුන්නෑ මේවා කියන්න.
"සහන්සා.....මෙහෙට එනවා"
මනුර කෑ ගැහැවුවේ.මුලු ගේම දෙදරලා යන්න.
මාව වෙව්ලලා ගිය එයා මේ විදියට කෑ ගහනවා මන් අහලා තිබ්බේ නෑ.මන් බයවෙලා පහලට දුවන් ගියා.
"මනුර.."
මට කතා කරන්නවත් හම්බවුනේ නෑ.මනුර මගේ කොන්ඩෙන් ඇදලා ගත්තා.
"මොනාද බැල්ලියේ තෝ මේ කරලා තියෙන්නේ"
මනුරගේ ෆෝන් එකේ තිබුනෙත් උදේ මන් දැකපු දේවල්මයි.
"අනේ මනුර.."
මනුරගෙන් වැදුන කම්මුල් පාරට මන් වීසිවෙලා ගිහින් බිතියෙ හැප්පිලා වැටුනා.
"උඹ මොකුත් කියන්න එපා.මන් නැති වෙලාවේ උඹ මේවද යකෝ කරේ"
මනුර මට එක වචනයක්වත් කතා කරන්න දුන්නෑ.
අර බල්ලා මනුරට මොනාද කිව්වේ කියලා මට හිතාගන්න බෑ.උඹට හෙනගහනවා මේ කරපු අපරාදේට.
මනුර අහන් ඉන්නවත් බැරි කුනුහරප කියලා බැනලා මට හොඳටම ගැහැව්වා.
" අනේ එපා අයියේ..මට අමාරුයි ගහන්න එපා.."
"අනේ..අම්මේ...."
මගේ වේදනාව එයාට දැනුනේ නෑ.
එයා යන්න ගියා.
මගෙ ඇඟම වේදනාවෙන් ඇදුම් කෑවා.තොල් පූපුරලා ලේ ගලාගෙන ගියා.මන් අමාරුවෙන් බිම ඇදීගෙන ගිහින් පුටුවක වාඩි උනා.
එක පාරට පුටු පෙරලෙන සද්දෙට මට ඇහැරුනා.
වෙලාව 2යි මට නින්ද ගිහින් මහන්සියටම නින්ද ගිහින්.
දෙවියනේ මනුර හොඳටම බීලා.
"මනුර ඔයා.."
"බැල්ලි බැහැපන් උඹ එලියට"
මනුර මාව එලියට ඇදලා දාලා දොරත් වහලා දැම්මා.
"අනේ මනුර මට මෙහේම කරන්න එපා.."
මන් ගෙදර ආවේ කොහොමද කියලා මන්වත් දන්නෑ.
"චුටි දුව ඔයා මොකද මේ කෝ පුතා,ඇයි මැනික මේ''
මන් අඩා වැටෙමින් අම්මට හැමදේම කිවුවා.අම්මත් මාත් එක්ක ඇඬුවා.
අම්මා මනුර හම්බ වෙන්න යන්න හැදුවා.මන් යන්න දුන්නෑ.මන් වැරදි නෑ කියලා එයා දැනගත්ත දවසක එයි මන් බලන් ඉන්නවා.
මගේ ඔලුව කැරකෙන ගතියක් දැනුණා.ඊයේ ඔලුව වැදුන නිසාද දන්නෑ.
අම්මාගේ කරදරේටම මන් ඩොක්ට ලගට ගියා.
"සුභ ආරංචියක්,ඔයාට බබෙක් හම්බවෙන්න.."
දුකටද සතුටද මගේ ඇස් වලින් කදුලු ගලාගෙන ගියා.
මාස 6ක් ගෙවිලා ගියා දැන් බඩත් ගොඩක් ලොකුයි.පැටියා දඟලනවා දැන් හොඳට දැනෙනවා.අනේ ඔයත් හිටියන්ම් රත්තරනේ.
"පුතේ මන් කඩේට ගිහින් එන්නම්"
මන් ජනේලේ එල්ලිලා එලිය බලාන් හිටියා.
කවුරු හරි කාමරේට එනවා මට තේරුනා.
"සහන්සා"
දෙවියනේ ඒ කට හඬ.එත් වෙන්න බෑ.මන් හැරුනා.
මනුර..
මට වඩා පුදුම උන්නේ එයා.මගේ බඩ දැකලා.
අනේ පන ඔයා....මට සමාවෙන්න රත්තරනේ.ඔයා වැරදි නෑ කියලා මන් දන්නව අර බල්ලා නිසා මන් තිරිසන් විදියට ඔයාට සැලකුවේ.මට සමාව දෙන්න බෑ කියලා මන් දන්නවා පන.
මනුර හොඳටම අඬනවා.මට බලන් ඉන්න බෑ මන් ඊටත් වඩා හයියෙන් හැඬුවා.
මනුර දුවන් ඇවිත් මාව බදාගෙන පිස්සුවෙන් වගේ මාව ඉඹ ගත්තා.
"ආයෙත් මාව දාලා යන්නෑ නේද මහත්තයෝ"
"නෑ මැණික ආයේ කවදාවත් ඔයාවයි මෙයාවයි දාලා කොහේවත් යන්නෑ"
මනුර එහෙම කිවුවේ පාත් වෙලා මගේ බඩ ඉඹගෙන.
-නිෂු ලියනගේ-
No comments:
Post a Comment