හුස්ම සිබිනෙමි...
කෙටි කතාව
පාරමී පුරමි ඔබ වෙනුවෙන් සදා.
නිෂු ....මැණික ඔයා දොයිද??ඔයාට වොමිට් එන්න වගේ නෙමෙයි නේද රන්,,
ම්හූ.මම ඔහුගේ පපුවට තුරුළු වෙලා ඒ රත්තරන් පපුවේ සෙනෙහසක මහිමය මම වින්දේ දෙනෙත් පියාගෙනයි.
අපෝ හසී උබේ වමනේ බබාට නිදාගන්න දීපන් බන්,නැත්නම් ඉතින් මගේ මේ හයිබ්රිඩ් මංගල රථය විනාශයි.
පවන් ඔයාට නම් තියෙන්නේ කටක් නෙමි.පව් ඒ අහින්සකි.
ඒ රිද්මි.ඇගේ දගකාර කටකාර පෙම්වතා නමින් පවන්.ඔහු මොනතරම් කතා කිවත් මට ගොඩක් ආදරෙයි.එක කුස නොඉපදුනත් ඔහු මගේ සහෝදරයෙකු වගේ හැමදාම මම ගාව හිටියා.මම හසිගේ තුරුලේ නිදි වගේ මේ සේරම අහගෙන වින්දේ පුංචි සතුටක්.අද අපි හැමෝටම ගොඩක් වටිනා දවසක්.,කප්පරක් තරමට දුක් උහුලපු මට ජිවිතේ නිවී සැනසෙන ආත්මීය දවස උදා වුනේ අද කියල කියන්න පුළුවන්.ඒ දුක් විදපු ජිවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවේ ඒ මතක පොත මගේ ජිවිතේ සොදුරු මංසලක් කරපු නිසා.
මම නමින් නිෂු.මගේ අවාසනාවට මගේ අප්පච්චි මම ඉපදුනු දවසෙම පපුවේ අමාරුවක් හැදිලා අපිව දල ගියා.එදා ඉදන් මගේ අහිංසක අම්මා මාව රාජ කුමාරියක් වගේ බලාගත්ත.ඇස් දෙක මෙන් ආරක්ෂා කරා,අපි දෙන්නට හිටියේ අපි දෙන්න විතරයි.එදා වෙලා පිරිමහගත්තේ අපි ගොඩක් අමාරුවෙන් මහන මැෂිම පාගලා හම්බ උණු සොච්චමෙන්.මගේ අම්මා මට හොදට ඉගැන්නුවා.,රත්තරන් අම්මේ ඔයා තරම් මේ ලෝකේ ජීවමාන දේවතාවියක් මට නැති තරම්.අහිංසක දුප්පත් මගේ හිත සින්නක්කරේට අයිති කරගන්න විවිද මාදිලියේ මිනිසුන් ආවත් මගේ හිත ඒ කිසිකෙනෙකුත් පිළිගන්නේ නෑ.එත් එදා නිකිණි මහේ සිතල උදැසන මගේ මුහුණු පොතේ මිතුරු ඇරයුම් අතර හිටිය ඔයා මේ තරම් මගේ දෛවය වෙනස් කරයි කියල මොහොතකටවත් මම හිතුවේ නෑ රත්තරන්.මේ දෛවෝපගත මිනිසා නමින් හෂි.මගේ මිතුරෙකුගේ හොදම යාළුවා ඔහුයි.ඉතින් එදා නමෝ බුද්දාය !කියලා පටන් ගනිපු පණිවුඩ හුවමාරුව අපි දෙන්නව හුගාක් ලෙන්ගතු කරා.කිසිදු දිනෙක මුනනොගැහුණු ඔහු මගේ ජීවිතය අබියස සක්මන් කලේ මගේම හිතදරයෙකු ලෙසින්.ඔහු අනෙක් පිරිමි ළමුන් සමග බැලුවිට බොහෝ වෙනස් කඩවසම් සොදුරු මිනිසෙකි.ප්රථම ආදරයෙන් පැරදී ජිවිතේ අන්තෙටම වැටුණි.ඔහු ජිවිතේ ගොඩ ආවා යයි කියන්නේ අසපු,ආරාම ආශ්රයෙන් වැලදගත් දහම් බිද නිසාවෙන්ලු.ඔහු හරියට පෙම් කවියක් වගේ.සිත් නිවසනසන බාවනාවක් මෙනි.එකී ශ්රී සද්දර්මය ඔහුව ඉදුරාම වෙනස්ම පුද්ගලයෙකු කර ඇති බව සැබෑවකි..
"නංගි,,ඔය නව කතා කියවිල්ල පැත්තකට දාලා මම එවපු බන අහන්න දරුවෝ."
ඔහුගේ වචන පවා හිත නිවී සනසවාලන අමුර්තය බදුයි.ඔහු මට දුන්නේ එවැනි ඔවදන්ය.මාස ගණන් ගෙවී යද්දී පියෙකුගෙන් නොලැබුණු ආදරය,සෙනෙහස මට ඔහුගෙන් දැනුනා.එත් මායි,ඔහුයි අහසයි පොලවයි වගේ.කිසිම දිනක එක්වීමක් නම් නොමවේවි.හෂි වදනක් පාසා පවසන ආදරය මට තේරුනත්,දැනුනත් මම එය නොතේරෙන සේ හිටියේ හිතට ඉහුලුම් නොදෙන වේදනාවක් සමගිනි. මම අපගේ බැදීමට සහෝදර ප්රේමය කියලා නමක් පටබන්දේ ඔහු පව් නිසාය.එහෙත් දිනක් අවාසනාවකට මගේ හිතේ තිබුණු ආදරය ඔහුගේ සෙනෙහස ගගුලේ දියාරු උනේ මටත් නොදැනීමයි.හෂිගේ 28 වෙනි උපන්දිනය දා ඔහුගේ ජංගම දුරකථනය ක්රියා විරහිතව සිටියේ මාව දහස් වාරයක් අදවමිනි.එදා මම කොච්චර පිච්චුනද කියල කිව්වොත් මම ඇඩු තරම් මගේ හිත පමණි.අවසානයේ කෙටි පණිවුඩ සිය ගණන් ඔහුට යවනු ලැබුවේ හිතේ තිබුණු ආදරයද දෝතින් රැගෙනයි.එහෙත් දෙදිනක් යනතුරු ඔහු ගැන කිසිම ආරංචියක් නැති කල මා හිත හදාගත්තේ ඔහු සතුටින් ඇතැයි කියා සිතාය.නැත.මට වැරදුනි.මගේ අහිංසක දුප්පත් පුංචි ගෙපැලට ඔහු ආවා.ඔව් මගේ දෑස් මග බලන් හිටිය මගේ රත්තරන් හෂි මාව හොයාගෙනම ආවා.ඒ පපුවේ හිස තියන් ඇදපු හැටි අදටත් මතක් වෙද්දී හීනියට ලැජ්ජාවක් හදෙහි මෝදු වෙයි.ජිවිතේ පළමු වතාවට පිරිමියෙකුගේ තුරුලේ ගුලි වෙලා හිටපු මට දැනුනේ නුහුරු ගතියක්.හෂි මගේ අම්මගෙන් මාව ඉල්ලුවේ හරිම අහිංසක විදියට.මගේ අම්මා හෂිට දක්වපු ආදරේට මට ඉර්ශියා නොහිතුනු තරම්.අනේ හෂි ඇත්තටම ඔයා ගොඩක් වෙනස් පුදුමාකාර කෙනෙක්.බන පොත්,වීඩියෝ පට,පොත්පත් මට ගෙනත් දෙන්නේ මව කෝප කරවමින්.එත් ඉතින් මම ඔයාට මුකුත් කිවේ නෑ.
මට කිසිම දිනක බන කතා අහන,බන පොත් කියවන පුරුද්දක් තිබ්බෙම නැති තරම් හෂි,එත් ඔයා ඒ සන්සුන් පෙරුමන් වලට මාව ලස්සනට ඇබ්බැහි කරා,සමහර ආදරවන්තයෝ ආදරයේ සොදුරු තැන විදින්න මුහුදු වෙරළේ , සිනමා ශාලාවන් වල පැලපදියම් වෙද්දී හෂි ඔයා මාව රගේනගියේ පන්සලට.නැතිනම් ඔහුගේ ප්රියතමය වුනු පොල්ගහවෙල බාවනා අසපුවට.බෝ සෙවනේ සුදු වැලි තල අතරේ වාඩිවෙලා අපි දෙන්න ගෙවපු ඒ නිරාමිස ආදරය කිසිකෙනෙකුන් විද නැති හැඩයි.ඒ දහම් සුවදට අපි දෙන්නම ආදරේ කරේ අපිටත් නොදැනීමයි.ඉදින් මමත් මගේ සොදුරුතමයා වෙනුවෙන් බෝ මළුවේ මල් සුවද අතර දහම් රසය විදින්නේ හෂිට පින්සිද්ද වෙන්නයි.ඔහු මාව බාහිර උපාදිය කිරීමට යොමුකර ඒවාට අවශ්ය සියලු වියහියදම් දැරුවේ සැබවින්ම මගේ හද පුදසුන කම්පා කරවමිනි.ඉදින් මම මගේ පිරිසිදු ජීවිතය ඔහුට පුදන්නට සැරසෙද්දී ඔහු මාව වළකාලුයේ හද තුලට දැනෙන සෙනෙහස,ආදරය තව තවත් මගේ සිතට මෝදු කරවමින්.මට ඔහු වෙනුවෙන් දී හැකි එකම දේ එයම පමණයි.එහෙත් ඔහු
"සුදු මණික,ඔයාගේ මේ පිරිසුදු ආත්මය මට දෙන්න අපි ආපේ වෙන දවසට .මම ඔයාව මලක් වගේ ආරක්ෂා කරනවා මිස ඒ මල පොඩි කරලා තලලා දාලා රොන් ගන්න තරම් කෙනෙක් නෙමි .ඔයා දන්නවද මගේ නැඟී මේ ලෝකේ වැඩියෙන්ම කාමය රස වින්දනය කරලා තියෙන්නේ කව්ද කියලා,ඒ වෙන කව්රුත් නෙමි සිදුහත් කුමාරයා නංගියෝ."
ඔහුගී බැතිබර පා කමල් අබියස දෙදන තබා වදින්නට මා කවදාවත් පැකිලුනේ නැත,මා නොදන්නා හරවත් ජීවිතය සන්සුන් ලෙස කියාදුන් සත්පුරුෂයා ඔහුයි.එහෙත් හෂිගේ ගෙදර ය කවමදාකවත් මට මනාපයක් දැක්වුයේ නෑ.
හෂි මමයි ගෙදර අයයි නිසා අනේකවිද දුක් කන්දරාවක් වින්ද.එහෙත් ඔහු ඒ සියල්ල කෙසේ දරාගත්තදයි මම තවම නොදනියි.
මේ ලෝකයේ තනි නොතනියට සිටි මගේ සදාදර මෑණියන් මා දමා යන්නම ගියා.ඈ ගියේ මගේ ආදරයේ සියලු වත්කම් රැගෙනයි.අම්මා තරම් ජිවිතයේ ආදරය,කරුණාව දෙන කෙනෙක් මෙලොව නැති තරම්.අම්මගේ ලේ කිරි වුනේ ඒ සෙනෙහස් මහිමයට.මම නොකා නොබී මගේ අම්ම වෙනුවෙන් අම්මා දන්නවනම් එයා මව දාල යන්නේ නා කවදාවත්.මම මේ ලෝකේ තනිවුණා අම්මේ.හෂි නැත්නම් අම්මගේ සොහොන ලගම මාවත් මිහිදන් කරන්න වෙනවා.ඒ තරම් මම ඇඩුවා මගේ අම්මේ.ඔයාට ඇහුනද අම්මේ.ඔයාගේ සුදු දුව අඩපු තරම්.හෂි මාව රිද්මි අක්කගේ නිවසට ගොස් එහි රදවුයේ මගේ ජිවන තටාකයේ එකම ඔසුව ඔහු නිසාය.මගේ සිත් පිත් ඔහු තරම් දන්නා තව කෙනෙකුන් මෙලොව තවත් ඉතිරි වී නොසිටියහ.රිද්මි අක්කා මට ඇගේම සහෝදරියක් මෙන් සලකද්දී හෂි හදිසියේම විවාහවීමට බල කලද මම එය ටදින්ම ප්රතික්ෂේප කලා.
"බෑ බෑ හෂි.මට බෑ.මගේ අම්මා මාව දාලා යන්නම ගිය.ඒ අහිංසක අම්ම අප්පෙල් නැතුව මේ තැනට මාව ගෙනාවා.අම්මගේ තියෙන වටිනාකම මම දන්නවා සුදු මහත්තයෝ.ඔයාගේ අම්ම ,අප්පච්චි අකමැති නම් මට බෑ.සමාවෙන්න ඔයා මට මගේ අප්පච්චි වගේ රත්තරන්,මම කවමදාකවත් මගේ අප්පච්චි කව්ද කියලා දැකලා නා හෂි.ඒ සුවද මම වින්දේ ඔයාගෙන්.ඒ ආදරය ,සෙනෙහස මට දුන්නේ ඔයා.මට ඔයාව බලෙන් මගේ කරගන්න බ.මට සමාවෙන්න දෙයියෝ."
චරාස් කියන සද්දෙට අපි දෙන්නම ගැස්සිලා කාමරයේ දොර දෙස බැලුවේ පුදුමයෙන් පුදුමයට පත්වෙලා.එහි සිටියේ වෙන කිසිවෙකු නොව.විශ්වාස කරන්න අදහන්නත් අමාරුයි මට අදටත්.ඒ හෂිගේ මා පිය දේපල.අම්මගේ කදුළු වැටෙන දෙනෙතින් මාව තුරුළු කරගත්තේ දොතින්මයි .කාලයකට පෙර දැනුනු මව් සෙනෙහස මගේ සිත පසාරු කරන යද්දී අම්මගේ මව් සෙනෙහසේ උනුහුමට මම ගුලි වුනේ ආදරයෙනි.මම මගේ අම්මව ඇගෙන් සෙව්වා.
"දු මට සමාවෙන්න.අපි කමතයි අපේ ගෙදර ශ්රියා කාන්තාව විදියට දුවව පිළිගන්න.ඔයා වගේ හිත හොද ළමයෙක් මේ මුළු ලෝකෙම පීරලා හෙව්වත් හොයාගන්න බෑ රත්තරන්."
ඒ සතුටට මට වඩා අඩුවේ හෂි.සියලු දෙනාගේම ආශීර්වාද මද අද නිෂු වන මම හෂිගේ පරිදාර චාරිකාවේ සොදුරු සිතැත්තිය වුනේ නම් ගොඩක් ලොකු ආඩම්බරයකින්.මේ වගේ සොදුරු මිනිසෙකු ලබන්න තරම් මම බාගයවන්ත වුනා.
"යකෝ.වමනේ බබා ඇහැරවපිය දැන් හොටෙල් එකට ආවා."
මේ මේ කට වහන් ඉන්නවකෝ .හෂි ඔයා කෙල්ලව රුම් එකටම එක්කන් යන්න.නිශුට හොදටම නින්ද ගිහින්.පව්.පුරුදුත් නැනේ.
මාත් ඔයාව එක්කන් යන්නද රිද්මියෝ.
මට හිනායන්න ආවත් ආයාසයෙන් එය මැදගෙන හිටියේ මෙම සොදුරු මොහොත කප්පරක් තරමටම විදගන්නටයි.හෂි මාව දෝතට ගත්තේ පරිස්සමට.අනේ මට ලොබ සිතුනු තරමක් .ඔහුගේ ගෙලෙහි අත් පටලවන් ඒ සුදු මුණ සිපගන්න හිතුනත් මම ඉවසන් හිටියා, තරප්පු පෙළ එකින් එක නැගල හෂි මාව කාමරයට රැගෙනවිත් රෝස මල් සුවද තැවරුණු යහන මත මාව පුංචි බෝනික්කියක් වගේ තබා මගේ හිස සිපගනිද්දී මම ඔහුව දෝතින්ම තුරුළු කරගත්තේ ආදරයෙනි.
හොර කෙල්ල නිදි වගේ හිටිය නේද??
හ්ම්ම්ම්ම් .ඉතින්..
අද ඔයා ගොඩක් ලස්සනයි නිෂු.ඔහු මාව සිපගත්තේ ලයාන්විතව,ඒ උනුහුමට මම ගුලිවුනේ සසර පත ආ මගේ ජිවන සුවද මොහුයි සිතා.ආත්මයෙන් ආත්මයේ සදකිදුරුදා ජාතකයේ එන සිදුහත් බෝසත් තුමාණන් පතා ආ යශෝදරාව විලසින් මමත් මේ බවයේ පටන් උපදින හැම බවයකම ඔබව පතන්නෙමි සසර පුරාවට,.ආදරෙයි හෂි ජීවිතය දුන්නට,,,,,
නිමි
ජයශානි ශ්‍යාමි
No comments:
Post a Comment