ලා හිරු මෝදුවෙමින් උදෑසන එළිය දසත පැතිරෙමින් තිබුනේ.කුරුලු පැටව් කිචිබිචි ගාමින් මව් තුරුලෙන් පැන යන්න ලොකු උත්සාහයක නිරත වෙමින් හිටියේ..ඒ කුරුලු පැටව් දිහා බලලා නිරාමිස සතුටක් ලබන පුංචි නිදුක් හිටියේ ඒ දිහා බලාගෙන පිම්බුන කම්බුල්වල සිනහවකුත් රදවගෙන..ඒ ගමන්ම පටන් ගත්ත පාසල දිහාට නිදුක් දුවගෙන ගියා.
දිනුග.......දිනුග .....කොහෙද ළමයෝ බලන් ඉන්නේ...මං දැන් ගොඩක් වෙලා ඉදන් බලන් ඉන්නේ ඔයා අර කොල්ලා දිහා බලාගෙන ඉන්නවා. පාඩමට ඇහුන්කන් දෙන පාටක් නැහැ..ඇයි ළමයෝ...
නැහැ ටීචඅ...
නැත්තේ මොකෝ...නැගිටලා කියවන්න පාඩම..
දිනුග, වීරරත්න පාසලේ හත වසරේ පන්තියේ හිටියේ.කොල්ලා දැක්කා කුරුලු පැටව් එක්ක හිනාවෙන නිදුක්ව...පාර අයිනේ ඉදන් පාසල් වත්තේ කෙසෙල් ගහක හදලා තිබ්බ කුරුලු කුඩුව නිදුක්ට වගේම දිනුගටත් හොදට පෙනුනා..
දිනුග කන්නේ නැද්ද..
නැහැ සවීන්...මං එළියට ගිහින් එන්නම්..දිනුග කෑම එකත් අරගෙන පාසලේ කෙටි තාප්පේ ලගට ගියා...
මේ...ඔව් ඔයාට...එන්නකෝ මෙහාට...ආා..මේක එක්ක කන්න..
දිනුග එයාට අම්මා දවල්ට උයලා දීපු බත් එක පාසල ලග පාරේ සිගමන් යදන නිදුක්ට දුන්නා..
පිංසිද්ද වෙච්චාවේ...
අසරණ ඇස් උස්සලා කෑම එක අතට ගත්ත නිදුක් එයා ලග තිබ්බ ලස්සනම හිනාවෙන් දිනුගට සංග්‍රහ කරා..දිනුගට දැනුනේ ලොකු සතුටක්..කොල්ලා ඒ සතුටත් හිතේ රදවගෙන පංතිය ඇතුලට ආවා.දවල් නොකාම ඉදලා එදා දිනුග ගෙදර ගියේ.
අම්මා තාත්තා නැති දවසේ ඉදන් තනිවුන නිදුක් පාරේ සිගමන් යදින්න වුනේ එයාලගේ නපුරු නැන්දා නිසා.නැන්දගේ වෙනස්කම් දරාගන්න චූටි නිදුක්ට බැරිවුනා.අන්තිමට ගෙදරින් එලවලා දාන්න තරම් ඒ නැන්දා කුරිරු වුනා.බඩගින්න ටිකක් හරි නිවුනේ දිනුග දිපු කෑම එක නිසයි.පාසල් ගියා නම් දැන් හත වසරේ ඉන්න නිදුක්ට පාසල් ජිවිතය හීනයක්ම වුනා.
මටත් ඉස්කෝලේ යන්න තිබ්බ නම්...
හැමදාම උදේට ඉස්කෝලේ ලගට එන නිදුක් හරි ආසයි ඒ උගන්නන ඒවා අහන් ඉන්න.පාසල් වත්ත පුරා දුවපනින චුටි චුටි ලමයි එක්ක සෙල්ලම් කරන්න.ලස්සනට සාරි ඇදලා පන්තිවල උගන්වන ගුරුවරුන්ට කිකරුව පාඩම් අහන් ඉන්න.පාඩම් කියවන්න..හොද වැදගත් මහත්තයෙක් වෙන්න ඉගෙන ගන්න, වගේම ලස්සන හින බලාපොරොත්තු ගොඩක් ඒ චුටි හිතේ තිබ්බා.
ඔයාගේ නම මොකක්ද..
නිදුක්..
ඔයාගේ..
මං දිනුග...
නිදුක් දිනුග එක්ක මිතුරුවෙන්න එච්චර කල් ගියේ නැහැ.දිනුග දැනගත්තා නිදුක් ආස ඉගෙන ගන්න කියලා.ඒකයි දිනුග නිදුක්ට උගන්වන්න ආසවුනේ.පන්තියේ කැපීපෙනෙන දරුවෙක් වෙච්ච දිනුගට ඒක අමාරු දෙයක් වුනේ නම් නැහැ.
තාත්තේ...
දිනුග තාත්තාට කතා කරා.නිදුක් ව එයාගේ ස්කෝලෙට ගන්නයි දිනුගට ඕන වුනේ..තාත්තා ඇමති කෙනෙක් නිසා ඒක ලේසිවෙයි කියලා පොඩි කොල්ලා හිතුවා.
ඇයි පුතා..
තාත්තේ..අර ඉන්න ළමයා පේනවද..
අර හිගාකන ළමයද.
නැහැ තාත්තා.එය හිගාකන්නේ නැහැ.එයා ආසයි ඉගෙන ගන්න.එයාව අපේ ඉස්කෝලෙට දාලා දෙන්නකෝ...
පිස්සු හැදිලද පුතා..ඔය හිගන කොල්ලන්ට මොන ඉස්කෝලද ..හිගාකාල දවස ගෙවාගන්නවා ඇරෙන්න..
එහෙම කියන්න එපා තාත්තා..මේ බලන්න..මේ එයාට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්..මේ ලස්සනට ඇදලා තියෙන්නේ එයා.අනේ තාත්තා..එයාට ගොඩක් දැනුම තියනවා.අනික එයා ආසයි ඉගනගන්න..
පුතා ඔයා දන්න දෙයක් නැහැ.ඔයා තාම පොඩි..අනික ආසයි කියලා හැමදේම හැමෝටම අයිති නැහැ.අනුන්ගේ කුණු අපිට බාරගන්න බැහැනේ..පුතා ආයේ ඒ ළමයා එක්ක කතාවට යනවා නෙමෙයි.අපි ආශ්‍රය කරන්න ඕන අපේ තත්වෙට ගැලපෙන අයව.නැතුව මේ පාරේ ඉන්න හිගන අය නෙමෙයි.
කොච්චර ඇවිටිලි කරත් ඒ නපුරු තාත්තාගේ හිත නම් උණුවෙන පාටක් තිබ්බේ නැහැ.බලාපොරොත්තු සුන් කරගෙන පුංචි දනුග කල්පනා කරේ මේකට උදවු ගන්න විදිහක්.
සර්...
ඔව් පුතා..වාඩිවෙන්න.මොකක්ද කාරණාව...
සර්..අර පාරේ ඉන්න ළමයව අපේ ඉස්කෝලේට ගන්න බැරිද.එයා ආසයි ඉගනගන්න.
දිනුග එහෙම කියද්දි ප්‍රන්සිපල් සර් කණ්ණාඩි දෙක උඩින් ඇස් යවලා බැලුවේ.
මේකනේ පුතා.මට ඒ දරුවව ගන්න පුලුවන් අපේ ඉස්කෝලේට..
දිනුගගේ ඇස් සතුටින් ඉපිලුනේ ඒ වචන ඇහෙද්දි ..ඒ තරම් සතුටක් නම් දිනුගට කවදාවත් දැනිලා තිබ්බේ නැහැ.
ඒත් පුතා ඒකට මට අවසර නැහැ.මේ දරුවෝ කාගේ කවුදවත් නොදැන කොහොමද අපි ඇතුලත් කරගන්නේ.මං මොකක් හරි කරන්න බලන්නම්කෝ පුතා මෙච්චර කියන නිසා.
තැන්කිව් සර්..
කාලය ගෙවුනේ නිදුක්ට පාසල් අධ්‍යපන සිහිනය බොද කරමින්.දිනුගටවත් ඒ සිහිනය සෑබෑවෙන්න උදවු කරන්න බැරිවුනා.ඒත් දිනුග එයාගේ උත්සාහයවත් නිදුක් එයාගේ ආසාවවත් අතඇරියේ නැහැ.
මේ වෙද්දි පාසලට අලුතින් අපු සස්මිත සර් නිසා නිදුක්ට අලුත් බලාපොරොත්තු එකතු කරගන්න පුලුවන් වුනා.සර් නිදුක්ව ඉස්කෝලේට ගන්න සර්ට පුලුවන් හැම විදියටම කටයුතු කරා.ඒවා සාර්ථක වෙන්න වැඩි කල් ගියේ නැහැ .
ආයුබෝවන් ළමයි.මේ ඔයාලගේ පන්තියට ආපු අලුත් ළමයා නිදුක්..ආයුබෝවන් කියලා හැමෝම මෙයාව පිළිගන්න.
ආයුබෝවන් ..
ළමයි එක හඩින් එහෙම කියද්දි සමහරු නම් එහෙම කියන්න අකමැතිවුනා.ඒ ගොඩක් අය නිදුක් කියන්නේ හිගන කොල්ලෙක් කියලා හිතන් හිටපු නිසයි.
මේ හිගන්නා ....එහාට වෙනවකෝ..
අපෝ මෙයා ගාවින් එන ගද..
පොත දෙනවා..
යනවා එහාට...
නිදුක්ට පාසල් ජිවිතේ එපා කරවන්න පන්තිය ඇතුලෙන් ඇහුනේ මේ වගේ වචන.කොල්ලා ගොඩක් ඉවසුවා.
අහන්න නිදුක්..ඔයා දක්ෂයි..මේ..මේ ඔයාගේ චිත්‍රය හොදම එකට තේරිලා.ඔයා ඕවා ගනන් ගන්න එපා..හොදට ඉගන ගන්න..හරිද..
නැහැ දිනුග..මං මේවා ගනං ගන්නේ නැහැ.
නිදුක් එහෙම හිතුවට ඒ හිතට දුකයි.ඒත් ගොඩක් ඉවසගෙන හිටියා.එන්න එන්නම ආපු අභියෝග හමුවේ කොල්ලා නොසැලි හිත හයිය කරගෙන හිටියේ.වෙලාවකට ඒ ඇහෙන වචන පිහිතුඩක් තරම් හදවත පසාරු කරන් ගියත් කොල්ලා වේදනාව දරාගත්තා.
෴෴෴෴෴෴
කාලය ගෙවුනා.නිදුක් දහය වසරේ පන්තියේ හිටියේ.ඒත් කොල්ලට තවදුරටත් එ් ඉස්කෝලේ ඉන්න බැරිවුනා.නිදුක්ගේ චිත්‍ර ඇදීමේ හැකියාව නිසා හැම ජනප්‍රිය පාසලකින්ම වගේ කොල්ලට අඩගැහුවා.ඒත් තමන්ට අත දිපු දිනුග වගේම සස්මිත සර්ව දාලා යන්න කොල්ලා කැමතිවුනේ නැහැ.
නිදුක් ඔයා යන්නම ඕන..මං නැත්තං ආයේ ඔයා එක්ක කතා කරන්නේ නැහැ..තේරුනද ඔයාට..
ඒත් දිනුග..
ඒත් නෙමෙයි..ඔයා යන්නම ඕන..මේ තමයි ඔයාගේ ජයග්‍රහණය..ඉතිං ඔයා යනවාමයි...ඔයාට මතකද...ඔයාට මේ ඉස්කෝලේටවත් ගන්න මේ අය කැමතිවුනේ නැහැ.ඒත් දැන් ඔයාව ඉල්ලලා හැමෝම ප්‍රන්සිපල් සර්ට කොල් කරනවාලු.සර් වුනත් දැන් ඔයාව යවන්න අකමැති.ඔයා නිසා අපේ ඉස්කෝලේ ගොඩක් ජනප්‍රිය වුනා.ඒ සේරම ඔයාගේ දස්කම් නිසා.
හරි මං යන්නම්..මං පොරොන්දු වෙනවා මං ලොකු මහත්තයෙක් වෙලා මුලින්ම බලන්න එන්නේ ඔයාව..ඔයා තමයි මට හැමදාම හයියක් වුනේ ..එතකොට ඔයා නිසා මට ගොඩක් අය ලැබුනා.ගොඩක් දේවල් මට හම්බුනා.ඒ හැමදේම ඔයා නිසා දිනුග..
දෙන්නම එකට බදාගෙන ඇඩුවා.දෙන්නටම වෙන් වෙන්න දුකයි.නිදුක් හිතේ කොනක හරි ලස්සනට දිනුගව තියාගත්තා.එයාට දිරියක් වෙච්ච දිනුගට මහ ගොඩක් ගෞරව කරන්න නිදුක් හිතා ගත්තා.එහෙමම කොල්ලා සස්මිත සර් හම්බෙන්න ගියා.
සතුටුයි පුතා ගත්ත තීරණයට..මං සුභ පතනවා ඔයාට හදවතින්ම..ඕනම දෙයක් කියන්න.ඕන ප්‍රශ්නයකට මායි ඔයාගේ යාලුවයි ඉන්නවා.
මං දන්නවා සර්..සර්ටයි දිනුගටයි ගොඩක් පිං මට කරපු හැමදේටම.මං මේ තිරණේ වුනත් ගත්තේ ඔයාලා නිසා.නැත්තන් මට කවදාවත් මේ ඉස්කෝලේ දාලා යන්න බැහැ.
හැමදෙනාගෙම ආශිර්වාදය මැද කොල්ලා කොළඹ ජනප්‍රිය පාසලකට ඇතුලත්වුනා.එහෙදී කොල්ලට අලුත් යාලුවෝ,ගුරුවරුන් වගේම අලුත්ම ජිවිතයක් හම්බුනා.දිනුග හැමදාමත් කොල්ලට කතා කරා සැපදුක් ඇහුවා.නිදුක් ඉගනගන්න ගමන් කඩේක වැඩටත් ගියා.කොල්ලා ඒ ඉස්කෝලෙත් දිලුලන චරිතයක් වෙන්න වැඩිකල් ගියේ නැහැ.හැමෝම නිදුක්ට ආදරේ කරා මොකද කා ලගවත් නැති නිහතමානි ගතිගුණ නිදුක් ලග පිරිලයි තිබ්බේ.
෴෴෴෴෴෴
දැන් නිදුක් කැම්පස් යනවා.කොල්ලා කොළඹ කැම්පස් එකේ කලා ෆැකල්ටියට සිලෙක්ට් වෙද්දි දිනුග මොරටුව කැම්පස් එකේ ඉංජිනේරු පීඨයේ හිටියේ.ඔය අතරේ නිදුක්ට ලස්සන කෙල්ලෙක් සෙට්වුනා.එයා මිහිරංගි.කොල්ලගේ කැම්පස් එකේම හිටිය කෙනෙක්.
ෆැකල්ටියේදි නිදුක්ගේ ඇස් නතරවුනේ ඒ සුන්දර දුඔුරු ඇස් ලග.දුඹුරු ඇස් කෙල්ල දිහා බලනගමන් නිදුක් ඒ කෙල්ලට ආදරේ කරා.කවදාවත් ආදරේ නොලැබුන නිදුක්ට මේ දැනෙන ආදරේ වෙනස්ම අද්දැකිමක් වුනා.පැය ගනන් දෙන්න කතා කරා.ආදරේ කරා.ආදරේ සුන්දරව ගලා යද්දි කාලයත් හරි අපුරුවට ගලාගෙන ගියේ ආදරේ සුන්දර මතක සටහන් ඉතිරි කරලා.
මචං..කොහොමද
හොදයි බං..
කාලෙකට පස්සේ හම්බුන දිනුගත් නිදුක් එකක් හැමදේම කියෙව්වා.දෙන්නට දෙන්න අතරේ තිබ්බේ පුදුමම බැදීමක්.මිහිරංගි ගැනත් නිදුක් ගොඩක් දේවල් දිනුගට කියලා තිබ්බේ.ඒත් දිනුග නම් මිහිරංගි ව දැකලාවත් තිබ්බේ නැහැ.
මේ අහපංකෝ නිදුක්..
ඇයි දිනුග..
අපේ ගෙදරින් මට ප්‍රපෝසල් එකක් ගෙනල්ලා බං..මාර ලස්සන කෙල්ල.මටත් හිත ගියා ඉතිං..තාත්තාගෙන් කරදරේ ඉක්මනට බදින්න කියලා..ඉදපං මං උඔට ඒකිව පෙන්නන්ම්..
එහෙම කියලා දිනුග ෆෝන් එක අරගෙන ෆොටෝ එක හෙව්වා.
මේ බලනවාකෝ..මට ගැලපෙනවා නේද..මේ...
කෝ බලමු...
නිදුක්ගේ හදවත නතරවුනා වගේ දැනුනේ...ඒ හිටියේ කොල්ලා පණ වගේ ආදරේ කරපු මිහිරංගි..කොහොම කියන්නද මේ එයා කියලා.කොල්ලා මුකුත්ම කිව්වේ නැහැ.
ආදරේ හිතෙනවා නේද...අහ්...මං මෙයාට ආදරේ කරනවා නිදුක්.මං දන්නේ නැහැ මේ කෙල්ලව දැකලා මගේ හිත ඇදිලා ගියා යකෝ ...
මචං වෙඩින් එකට මං උදවු කරනවා..එල..
කොල්ලා ඒ මොහොතෙම හිතාගත්තා දිනුගට මිහිරංගිව දෙනවා කියලා.ඒ වෙනුවෙන් උපන් දුක කොල්ලා විදගත්තා.
කාලය ගතවෙද්දි මිහිරංගිට තේරුනා නිදුක් එයාව මගඅරිනවා කියලා.කෙල්ල හිටියේ ගොඩක් දුකෙන්.බැරිම තැන හැමදේම මිහිරංගි දිනුගට දවසක් කිව්වා..ඒ ආදරේ මතක සටහන් සේරම දිනුගට මිහිරංගි කිව්වා.
උඔ වගේ හිගන්නෙක්ට මං කවදාවත් මගේ කොල්ලාගේ ආදරේ දෙන්නේ නැහැ .උඔ එදා හිටපු හිගන කොල්ලා මිසක් උගතෙක් කියලා හිතන්න එපා.
අන්කල් මේ අහන්න..මට
අහන්න දෙයක් නැහැ.උඔ ඒ කෙල්ලගෙන් ඈත්වෙලා මගේ කොල්ලට ඒ කසාදේ කරගන්න නොදුන්නොත් මං නරක මිනිහ කියන්න එපා.හිගන වුන් ලොකු කරගද්දි මං අපේ එකාට කිව්වා.කොහෙද ඉතිං..උඔ දැනගනිං උඔ වගේ හිගන්නෙක් එක්ක එන කෙල්ලෝ නැහැ.
දිනුගගේ තාත්තා ගියේ කොල්ලට අපහස කරලා.මොනාවුනත් ඒ දිනුගගේ තාත්තා කියලා හිතලයි කොල්ලා පාඩුවේ හිටියේ.කිසිදෙයක් දන්නේ නැති දිනුග හිටියේ නිදුක් ගැන තරහෙන්.හැමදේම කියපු නිදුක් මිහිරංගිට ආදරේ කරන එක නොකියපු එකට දිනුගට තරහයි.
නිදුක්..
ඇයි දිනුග..
ඇයි තමා..හැමදේම කරේ මට මිහිරංගිව දිලා අත පිහගන්න හිතාගෙනද.අහ්..
නැහැ දිනුග...මිහිරංගි ගැලපෙන්නේ ඔවාට මිසක් මං වගේ හිගන කොල්ලෙක්ට නෙමෙයි..
මේ ඔය හිඟන කතාව නම් මං එක්ක කියන්න එපා.මං කියලා තියනවනේ.උඔ හිතුවද අනික් වුන් වගේ උබේ ආදරේ මං උදුරගනි කියලා.නැහැ මචං.කවදාවත් නැහැ.මිහිරංගි ගැලපෙන්නේ උඔට.ඒකි උඔ වගේම අවංක කෙනෙක්.උබේ වෙඩින් එක වෙන්නෙත් මගේ අතින්..ආයේ මට කිසිදෙයක් හංගපන්කෝ බලන්න..
වසර හතරකට පසු...
බාහු සහස්ස මභිනිං..
ජයමංගල හඩ මැදින් නිදුක්ගෙත් මිහිරංගිගෙත් දෑගිලි පැටලෙද්දි සියලුදෙනාගෙම ආශිර්වාදයත් ඒකට එකතුවුනේ නිදුක්ගේ මංගල ගමන හැඩකරන්න.දිනුග තමා කොල්ලගේ යාලු මනමාලයා වුනේ.සතුටු සාමිචියේ යෙදෙන යාලු මිත්‍රයෝ අතර ලගම නෑයා වුනේ දිනුග.එදා සිගමන් යදිමින් කාත් කවුරුත් නැතුව හිටිය නිදුක් අද ලස්සන බිරිදක් හිමි සැමියෙක්.අවංක සහෝදරයෙක්ගේ බැදීමක් නිසා අලුත් ජිවිතයක් කොල්ලට ලැබුනා.
දිනුග...වරෙං ෆොටෝ එකක් ගහන්න..පොඩි එකාට කියන්න එපැයි ඌගේ ලොකු තාත්තා කියලා..
අනිවා මචං..
තුන්දෙනාම එකතුවෙලා ගහපු වෙඩින් පින්තූරෙන් ඇල්බම් එක හැඩවෙද්දි තුන්දෙනාගෙම ජීවිතත් ලස්සන වුනා.ඒ බැදියවත් හරියට ඇල්බම් එකේ තිබ්බ ෆොටෝ එක වගේ ජිවිත කාලෙටම තිබ්බා.
පසු සටහන,
නිදුක් දැන් මහචාර්‍යයවරයෙක්,දක්ෂ චිත්‍ර ශිල්පියෙක්,කා අතරත් ජනප්‍රිය කෙනෙක්.උගතෙක්.ඒත් කොතැනදිවත් තමන්ව මේ තත්වෙට ගන්න මුල් අඩිතාලම දාපු දිනුග ගැන කියන්න දෙපාරක් හිතුවේ නැහැ.හිගන ජිවිතයෙන් ගොඩ අරන් මේ තත්වෙට එන්න අතදීපු දිනුග වගේම සස්මිත සර්වත් කොල්ලා හැමදාම මතක් කරේ මේ ඉන්න තැන ගැන සතුටුවෙන ගමන්.
දුප්පත්කම,නැතිබැරිකම අරන් උපන් ගොඩක් අය අතරේ ඒ නැතිබැරිකම් නිසාම ජිවිතේ ජයගන්න පාර කියන්න තමන්ගේ ධෛර්යය වගේම හිත්පිත් ඇති දෙවිවරු වගේ මිනිස්සුත් ඉන්නම ඕන.දිනුග වගේ අය අද සමාජේ විරල වුනත්.නිදුක් වගේ උගත් අය බිහිවෙන්න දිනුගලා වගේ අය ඉන්නම ඕන.දුප්පත් නැතිබැරි කෙනෙක්ට අත දෙන්න අපි අපේ සිත් අනුකම්පාවෙන් නහවාගත යුතු නොවේද..
Crezy Angel
(ඉරෝෂා දිල්රුක්ෂි )
No comments:
Post a Comment