දවසක් බස් එකේ මම ඉද්දි ලස්සන කෙල්ලෙක් බස් එකට නැග්ගා එයාගෙ යාලුවො දෙන්නෙක් එක්ක..
එදාමයි මම එයාව දැක්කේ..
මම හිටියේ පසියා එක්ක..
පසියා.... බොක්ක අරකි බලනවා බං
ඉතිම් මට මොකද බං. පාඩුවෙ යමන්. සල්ලිකාර කෙල්ලෙක් බං අපිට සෙට් වෙන්නේ නෑ
සිතුමා ඒකි නම් ටෝක් වෙනවා උබට
මට එපා උබ කරපන්..
අෆ්රිකන් කාරයෝ වගේ අපිට සෙට් වෙයිද බං ..
ඒ බං මම කියනවට කරපන් සිතුමා සෙට් උනේ නැත්නම් යමන්.
(ඒ අපි ඉස්සරහ හෝල්ට් එකේ බහින්න ඕනෙ බං. කැලුමගෙ ගෙදට්ට යන්නේ ඒ පාරේ)
(මම හිනා වෙලා බස් රථයෙන් බැස්සෙමි)
දැක්කනේ ඒකි හිනා වෙනකන් හිටියේ...
ඒ ඒකි නම් පට්ට බං.. ඕකිව මට මීටර් බං සුසුප්කා එකට එනවා බං පසියෝ.. මේකප් නාලා කෝමද බං හොයා ගන්නේ..
(සදුදා) පාසල් ගියාට Clzzz යනකන් ඉවසිල්ලක් තිබුනේ නෑ.
ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු මම ශනිකව කතා කරේ මගෙ මිතුරා පසිදුට..
හුත්තෝ උබ කොහෙද??? ලෑස්ති වෙලා ඉදපන් මම එනවා..
ඒ බං සිත්තා මට උන වස්තුව. Clz යන්න බෑ බං අද නම්ම්ම්...
Affataaa... එල එල බං උබට ගොඩාක් අමාරුද.??? ඒ ගිය සදුදා බං අරකිව සෙට් උනේ .. අදත් ඉදියි බං ඒකි.. යමන්කෝ...
බෑ බෑ හුත්තෝ හෙන ගේමක් දීලා අම්මව කැමති කර ගත්තේ ගෙදර ඉන්න..
කවදාවත් තනියෙන් පංති ගියෙ නැති මම එයාව බලන්නම ඕනේ නිසා ගියා.. හිතුවා වගේම එයත් අවා.. ඒත් මගේ Clzzz එකේ නෙමෙයි. එයා Arts...
හවස් වෙනකන් ඉවසිල්ලක් නෑ.. මම තනියම මහරගම පිටකොටුව බස් එකකට නැග්ගේ ඇය සමග කතා කිරීමටයි..
මුලින්ම් ඇය සිනා සෙනකම් බලා සිටි මම ඇය ලගින්ම සිට ගත්තා.. ඇය මා ලග ඉදගෙන.. මම හිටගෙන.
බෑග් එක දෙන්න මට.. ඇය පැවසූවෙමී.. මම ලැජ්ජාවෙන් කමක් නෑ කියා සිනා සුනෙමි..
ඇය සමග එකම අසුනේ සිටි නැන්දා කෙනෙක් බසයෙන් බහින්න කොට්ටාවට ටිකට් ගත්තා.. මට කොට්ටාවට යනකන් ඉවසිල්ලක් නෑ දැන්.
කොට්ටාවෙන් ඇය බැස්සාට පසුව මම අර girl ලගින් ඉද ගත්තේ ලැජ්ජාවෙන්..
හායී අද මොනවද clzz..
පිසික්ස්ස්ස් අනේ
.. ම්ම්ම්ම් ඔයාගේ නම මොකද්ද???
මම කාව්‍යා... එතකොට ඔයා????
මම සිතුම් ..
සිතුම් විතරද???
නෑ නෑ සිතුම් අනුරංග..
එතකොට ඔයා කාව්‍යා විතරද???
ඇය සිනා සුනා අද වගේ මතකයි...
මහරගමින් ඇය හා මා දෙදෙනාම බසයෙන් බැස්සහම ඇය මගෙන් ඇසුවේ ආහ්හ් අහන්නත් බැරි උනා ඔයා කොහෙද මෙහෙ කියාය????
මම ඇයට ඇය බලන්න ආ බව කියූ පසු ඇය පිස්සූ කොල්ලා කියා.. දැන් පරිස්සමෙන් යන්න ආයිත් හමුවෙමු කියා පැවසීය.
ඇය මගෙන් ඒන්න කලින් .. සිතූ ඔයා fb ඉන්නවද කියලා ඇහුවා..
ආහ්හ් ඔව්ව්ව් .. මට රික්වෙස්‍ට් එකක් දාන්න කියලා මම ආවා..
ගෙදර අවිත් ලැප් එකෙන් fb එක පැත්තෙ ගියා..
ආව්ව්ව්ව්ස්ස්ස් එයා රික්වෙස්ට් එකක් දාලා.
ඒ වෙලාවෙ ඉදන් චැට් කරා.. කෑවෙත් නෑ.. වැඩි කාලයක් ගියෙ නෑ එයා මගෙ හොදම යාලුවා උනා..
එයා සල්ලිකාර කෙල්ලෙක්.. OL pass උනහම එයාට අරන් දීලා තිබුනේ Hybrid කාර් එකක්. ලයිසන් නැති නිසා එයා Clz ආවෙ යාලුවො එක්ක.
මම එයාට හිතින් ආදරේ කරා.. මොකද මම දන්නවා එයා කවදාවත් මගෙ වෙන්නේ නෑ කියලා..
පුලුවන් තරම් ඈත් වෙන්න හැදුවා.. එත් එයා මාව හොයාගෙන පවා ආවා..
එයත් මට ආදරේ බව මට තේරුනා. ඒත් මම එයාට ආදරේ නොකරේ එකම එක හේතුවක් නිසා..
ඒ තමයි එයාට අම්මයි තාත්තයි සලකපු විදිහට මට එයාට සලකන්න එයාව බලාගන්න බැරි නිසා.
එයාට හැමෝම කියන්න ගත්තා අනූ කියලා. එ මගේ අ අනුරංග නිසා. මාත් එයාට අනූ කියල කිව්වේ..
මම ඒ ගෙදර ආවා ගියා. අම්මා අක්කා පවා මට ගොඩාක් ආදරේ කරා..
අපේ ගෙදරිනුත් අනූ ගැන දන්නවා...
එයාගෙ තාත්තා Australia වල.. අනුත් එහෙ ගිහින් මාසෙන් දෙකෙන් මෙහෙ ආවා..
ඒ කාලෙත් එයයි මායි හිතින් ආදරේ කරේ.. දවසක් මට අනූ මං ගැන බලාපොරොත්තු තියා ගන්න එක නැති කරන්න ඕනේ නිසා මම අනූට කිව්වා .. "අනූ මම මිහිරිට ආදරේ කරනවා කියලා" මිහිරි කියන්නේ එයාගෙ හොදම යාලුවා..
මිහිරි දැනුවත්ව මම එහෙම කිව්වේ. මොකද මම හැමදේම මිහිරිට කියලා තිබ්බේ..
ඒත් අනූට මම ඒ කිව්ව දේ දරා ගන්න බැරුව එයා වහ බීලා..
මට කෝල් එකක් ආවා මිහිරිගෙන්...
සිතූ අනේ බං අරකි වහ බීලා..
කව්ද අනූ???? අනේ පල.. ඉදපං මම අනූට ගන්නම්.. වෙලාව 21.50 pm..
හෙලෝ අනූ... අනේ මල්ලියෝ අනූ හොස්පිටල් ගෙනියන ගමන් රත්තරනේ මොකද උනේ දෙන්නා අතරේ...???
මාව ගල් ගැහුනා. කතා කර ගන්නත් බැරි උනා...
අම්මලට කියන්නත් බෑ අනූ වහ බීලා කියලා. පහුවදා උදේ වෙනකන් අඩ අඩ ඉදලා Clz කියලා අනූව බලන්න පාන්දරම ගියා..
අම්මේ ... ඇයි පුතේ මගෙ කෙල්ල මෙහෙම කරගත්තේ??? මොකද්ද මෙයාට තිබ්බ ප්‍රශ්නේ..
මම සිදු ඌ සියල්ල අම්මාගෙන් සැග වූවෙමි.
අම්මේ මට අනූව බලන්න ඕනේ...
අනූගෙ යාලුවෝ අම්බානෙකට ඇවිල්ලා .. මට එයාලට මූන දෙන්නත් බයයි.. අම්මා මාව අනූ ලගට එක්ක ගියා. අනූට සිහිය නෑ. මම අම්මාගෙන් ඉල්ලුවේ මට අනූ ලග නවතින්න දෙනන අම්මේ කියායි. අම්මා අකමැති උනේ නෑ.
නෙවිල් ප්‍රනාන්දු එකේ දවස් දෙකක් අනූ ලග හිටපු මා ලගම මගෙ අනූ යන්නම ගියේ මගෙ සතුටද මගෙන් අරගෙනයි..
මගෙ බෝනික්කි ආදරේ කියා ගන්න කලින් මා කල වරද ගැන මා තාමත් සිතින් විදවමි.
සමාවෙන්න අනූ තාම ආදරෙයි මගෙ අම්මි.
උපුටා ගැනිමක්
No comments:
Post a Comment