~~~~ ඉගෙන ගැනීම~~~~
"අනේ අම්මේ.....අදත් යනවද වැඩට.....?අද ඉස්කෝලෙත් නිවාඩුයි...අපි දෙන්නම ගෙදර ඉන්න එකේ අම්මත් ඉන්නකෝ අම්මේ....."
සදීශ පැවසුවේ තම මව වැඩට යන්නට ලෑස්ති වෙනු දැකීමෙන් ය.
(මව ලැහැස්ති වෙමින්.....)
ආ යූ මෑඩ් සදී...?
"....මට පුළුවන්ද ගෙදර ඉන්න....? අයි කාන්ට් ඉට්..අනික මගේ ලීව් පොඩ්ඩයි තියෙන්නෙ... යන්නම ඕනෙ අද වැඩට..."
ඉදුවර අම්මාගෙ අතේ එල්ලෙමින්..
"ගියාට කමක් නෑ එහෙනම් අපිව ගේ ඇතුලට දාල ලොක් කරල යතුර අරන් යන්නෙපා...
මටයි මල්ලිටයි බෝල ගහන්න යන්න ඕනෙ අම්මේ..."
එය අසා මදක් කෝපයෙන් යුතුව
"ආ... හොදට හිටී...අහල පහල කොල්ලො එක්ක සෙල්ලම් කරන්න යන්න නේද....එක අඩියක් හෙලවෙන්නෑ ගෙදරින්... ගෙදෙට්ට වෙලා දවසෙම දෙන්නම ස්ටඩි කරන්න ඕනෙ...
තේරුණාද...?"
"කෝ...කෝ..දෙන්නම ඇතුලට යන්න...මට දොර ලොක් කරන්න ඕනෙ..."
"අනේ අම්මේ.....යන්න එපා...."
කුසුම් රජයේ දෙපාර්තමේන්තුවක සේවයට යන කතකි..කුඩා කල සිටම නාගරික පරිසරයක හැදී වැඩුනු කුසුම් විවාහපත් වීමත් සමග ගම්බද පරිසරයකට පැමිණෙන්නේ සැමියාට අයත් නිවස ගම්බද ප්‍රදේශයක තිබූ නිසාය...තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබදව නිතර සොයා බලන කුසුම් සිතනුයේ පොතපතේ දැනුමෙන් පමණක් උගතුන් බිහිවන බවක් ය.
එහෙයින් තම දරුවන් දෙදෙනා හට ගමේ අනිත් සම වයසේ යහළුවන් සමග එක්ව කටයුතු කිරීමට කුසුම් කිසි විටෙකත් ඉඩ නොදුන්නාය... ඇයගේ අභිලාෂය ගමේ අනිත් ලමයින්ට වඩා තම දරු දෙදෙනා වන සදීශ හා ඉදුවරට පොත පතේ දැනුම පමණක් ම ලබා දී උගතුන් දෙදෙනෙකු බිහි කිරීමය..
"අර ජේමිස් කියන මෑන්ගෙ සන්...ඌ පන්තියෙ තුන් වෙනිය උනාට මන් දැක්ක කුඹුරක් කොට කොට ඉන්නව...ඔය ගොඩේ කොල්ලො එක්ක අපේ දෙන්න තියන්න බෑ අනේ..."
කුසුම් නිතරම තම සැමියාට පවසන්නෙ එලෙසය.
උදෑසනින් ම රැකියාවට පිටව යන රුවන් නැවත පැමිණෙන්නෙ රාත්‍රී 7.30ට පමණය..
නිමල්...නිමාආආල්....
තමන්ගේ නම කියා කතා කලේ කවුරුන්දැයි පිටුපස බැලූ නිමල්ට පෙනුනේ ජනේලයේ එල්ලී අත වනනා ඉදුවරය...
"මොකෝ ඉදුවර..."
"අපේ අම්ම අපිව දාල ලොක් කරල ගියානෙ...එලියට ගන්නකො අපිව.."
"ම්ම්ම්...පොඩ්ඩක් ඉන්නකො එහෙනම්..."
සැණෙකින් ගෙදරට දිව ගිය නිමල් ඉස්කුරුප්පු නියනක් ගෙනාවේය..
"මොකක්ද කරන්නෙ නිමල්..."
"ජනෙල් පට්ටම පන්නමු..එතකොට හරි ඉදුවර..."
තිදෙනා එක්වී ඇණ එකින් එක ගලවා ජනෙල් පට්ටම ගැලවූ පසු ඉදුවර හා සදීශ එලියට ආවේ ජයග්‍රාහී ලීලාවෙනි..
"සෙල්ලම් කරල අම්ම එන්න ඉස්සෙල්ලෙ ගෙදරට එමු..."
කියා තිදෙනාම ගොයම් කපා ඉවර වූ ඉපණැල්ලේ සෙල්ලම් කිරීමට දිව ගියේය..
නිවාඩු දිනයක් වූ හෙයින් වෙනදාට වඩා කලින් ගෙදර පැමිණි කුසුම්..
"ඉදූ....සදී...දෙන්න ස්ටඩි කරනවද...ආ....?"යයි අසමින් ගේ තුලට ගොඩ විය..
සද්දයක් නැත...නැවතත් කතා කලද සද්දයක් නැති හෙයින් කාමරය තුලට එබුනු කුසුම්ට දැක ගත හැකි වූයේ පසෙකින් ගලවා දමා ඇති ජනෙල් පට්ටම හා විවෘත කර ඇති ජනේලයයි...
සිදු වී ඇති දෙය ක්ෂණිකව තේරුම් ගත් කුසුම්ගේ කෝපය නිම් හිම් නැති විය..
"ආපු දෙන්කො අද...ඔළුවෙ ඉදන් හම ගහනව.."
සෙල්ලම් කර ඉවර වී අනිත් යහළුවන්ගෙන් සමුගත් තිදෙනා නැවත ගෙවල් වලට යෑමට පිටත් විය..
"අද නම් හොදට සෙල්ලම් කලා..නේද සදීශ..."
"ඔව් නිමල්..අද නම් නියමයි..."
නිවස ආසන්නයටම පැමිණි ඉදුවර දුටුවේ ගේ දොර ඇර දමා ඇති බවය..
තැති ගැන්මෙන් යුතුව ඉදුවර...
"මල්ලී...අද නම් අපි ඉවරයි..අම්ම ඇවිල්ලා...."
"අනේ අයියේ...නිමල්..මොනව හරි කරන්නකෝ.."
මදක් කල්පනා කල නිමල්...
"හරි මන් කියන්නම් වැඩක්...ඔය දෙන්න යන් අපේ ගෙදර දැනට..."
සදීශ හා ඉදුවර කැටුව නිවසට ගිය නිමල් තම මවට සිදු වූ සියල්ල පැහැදිලි කලේය..ජනෙල් පට්ටම ගැලවූ වරදට නිමල්ගේ කන පියා විසින් රතු වෙනතුරු ඇඹරුවේය..
"යන්කො එහෙනම් පුතාලගෙ ගෙදර..අපිත් එන්නම්"..කියමින් නිමල්ගේ මව ඉස්සර විය.."
"කුසුම් අක්කේ....කුසුම් අක්කේ..."
"ආ...නන්ගී..බලන්නකො අපේ කොල්ලො දෙන්න සෙල්ලන් කරන්න ගිහින්නෙ.. අද දෙන්නටම මම හොද පාඩමක්..."(සදීශ හා ඉදුවරගේ රුව කඩුල්ල අසලින් මතුවිය) ..
"ආ...මේ ඉන්නේ...මෙහෙ එනෝ දෙන්නම..."යැයි කියමින් කුසුම් කෝපයෙන් කෑ ගසන්නට විය...
"ගහන්නෙපා...ගහන්නෙපා අක්කේ....පොඩි එවුන්නෙ...සෙල්ලම් කරන්නනෙ ගියේ...මේ කාලෙ ඉතින් සෙල්ලම් කරන කාලෙනෙ...."
ඒ නිමල්ගේ අම්මාය
පිටුපසින් පැමිණි නිමල්ගේ පියා... "අපේ එකාත් වැරැද්දක් කරල තියෙන්නෙ...ඔන්න ඔහේ අතෑරල දාන්න නන්ගී ඕක.."
"ඔව් ඇන්ටී...ඒ දෙන්න අද ගොඩක් සතුටින් හිටිය..." ඒ නිමල්ය.
"ඔව් අම්මේ...ගොඩක් සෙල්ලම් කලා..නිමල් කියන්නෙ හොද යාළුවෙක්..ගමේ අනිත් ළමයිනුත් එහෙමයි..."
ඉදුවර කියාගෙන ගියේය..
"ඉගෙන ගන්නව කියන්නෙ පොතපතේ දැනුම විතරක් නෙවෙයි අක්කේ..පරිසරයෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනව..." නිමල්ගේ අම්මාය..
මෙතෙක් කල් තමා කලේ වැරදි වැඩක් බව කුසුම්ට හැගී ගියේ ඒ මොහොතේය..
"ඔව් නන්ගී... මන් හැදුනු වැඩුනු පැත්ත මෙහෙම ප්‍රදේශයක් නොවුන නිසා මට ඒක තේරුනේ නෑ..ඒත් මට අද තේරුනා...මන් අද ඉදන් ලමයි ගෙදරට හිර කරන් ඉන්නෙ නෑ...සෙල්ලම් කරන්න යන්න එපා කියන්නෙත් නෑ...මට සමා වෙන්න පුතේ..."
"අනේ අම්මේ...අම්ම වැරැද්දක් කලේ නෑ...අම්ම හැදුවෙ අපිට උගන්නන්නනෙ..."
"හා හා...එහෙනම් ඔක්කොම හරිනෙ දැන්...ඔන්න අපි යනව අක්කේ...පුතාලා.."
"හරි අයියේ....නන්ගියේ....නිමල් පුතේ...තුරුණුවන් සරණයි...!
අඩි කිහිපයක් ඉදිරියට පැමිණි සදීශ හා ඉදුවර. " නිමාආආල්....ඔන්න එහෙනම් හෙටත් අපි සෙල්ලම් කරන්න එනවෝඕඕඕඕඕඕඕ.....
බායි නිමල්...
බායි සදීශ , ඉදුවර....
ඉගෙන ගැනීම යනු පොතපත දැනුම පමණක්ම නොවේ...ස්වභාවධර්මයෙන්ද ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත...ක්‍රීඩාව මගින් ද ජය, පැරදුම,ඉවසීම, සාමූහික බව ආදී බොහෝ දෑ ජීවිතයට ලබා ගත හැකිය...
........ස්තූතියි.....
~~~~~නලින~~~~~
උපුටෑ ගැනීමකි
No comments:
Post a Comment