සිතන්නට යමක්.....
#වේගයේ #මාරයා..
මම කමේශ් ඉසුරංග... නෝ ජොබ්, නෝ ලව්, බට් ෆීලින්ග් රිලෑක්ස් 😊😊😊
වෙනද වගේම උදේ පාන්දරම පෝන් එක අතට ගත්තෙ ඇදේ ඉදගෙනමයි.. වෙන මොනවැඩද අප්පා.. ෆ්බී පාරක් ලොග් වෙන්ඩ තමා..
අමුතුවෙන් ලොග් වෙන්න දෙයක් නෑ 😄😄
ලොග් අවුට් වෙන එකක් යෑ😉😉😉
"චූටි පුතා... නගිටින්නෙ නැත්ද අදත්😕😕"
ඔහ්.. සුපුරුදු විදියටම මගේ සූකිරි අම්ම බෝලෙ කෑ ගහනවා
"නැගිටලා ඉන්නෙ අම්මා..
තා සුට්ටෙන් මූන සෝදනෝ..."
ඇදේ ඉදගෙනම කෑ ගහුවෙ නැගිටින්න තියෙන කම්මැලි කමටමයි.
"අනේ මන්ද ඉතින්. උබව නම් මේ කපේදි හදන්න බෑ"
"කාගෙද වරද?.. නෝනගෙ මිසක්..
මන් කිවුව ඔය පෝන් කට්ටකුයි බයික් එකකුයි අරන් දෙන කොටම.. ඕක නම් කොල්ලගෙ හරහට තමයි කියල "
"අනේ මහත්තයෝ. කොල්ලට හරියට අපලයි. ඒකයි මම මුකුත් නොකිය ඉන්නේ.. නැත්තම් ලොකු දූයි පුතයි දෙන්නම් කැම්පස් යද්දි පොඩි එකා මෙහෙම ගෙදර ඉදීවිය.
මොකෝ ඌට ඉගන ගන්න බැරුවයි"
"අපලෙ තමයි ඔය බයික් එක..
ඔහේ දන්නවයි වැඩක් මූ කරපු"
හත්තිලා.. අප්පච්චි මොකක්ද දන් නෑ කියන්න හදන්නෙ..
වෝල් එකේ ඉහලටයි පහලටයි ගියා හැර මගේ සම්පූර්ණ අවදානෙ තිබුනෙ අම්මගෙයි අප්පච්චිගෙයි කතාවට..
"අර සිරිසිංහලාගෙ කෙල්ලට නම්බර් එකක් දීලලු.. මුගෙ තරමට නෙවෙයි වැඩ"
"😄😄😄 අපේ මහත්තය කතා කරන්නෙ පොඩි එකෙක් ගානටනේ. කොල්ලට දැන් අවුරුදු 19යි.. ඌ පොඩි එකෙක්ද?
ඔය වයසට ඔහොම තමයි "
අම්මා කිව්වේ හිනාවෙවී.
පෝන් එකත් පැත්තකින් තියල මම ඇස් දෙක පියා ගත්තෙ මල්කිව මතක් කරගෙන.
හම්මේ ඒකිගෙ ලස්සන.. මොක වුනත් ඒකි හොද කෙල්ල. නොකිව්වට ඒකිත් මට පට්ට ලව්..
හෑහ්.. දිලියත් කීවෙ ලගදිම ඕකි මට සෙට් වෙනව කියල..
ඒකිව ඔලුවෙ තියාගෙනම මම කොට්ටෙත් බදාගෙන තව චුට්ටක් ඇදටම ගුලි වුනා.
"චූටි පුතා මම යනවා
අද ටියුශන් ක්ලාස් එකක් දාගත්තා..
ඔයා කොහෙවත් යනව නම් දොරවල් වහල යන්න
අප්පච්චිත් මාමලහට යනවා කිවුවා"
"හරී අම්මා"
අම්ම ඉතින් නිවාඩු දවසකටවත් ගෙදර නෑ. එයා එන්ග්ලිශ් ගුරුවරියක්.. වයසට ගියත් වැඩම තමයි. වයසයි කීවට මොකෝ තාම ලමිස්සි වගේ ලස්සනයි. අප්පච්චිත් විශ්‍රාමික විදුහල්පති කෙනෙක්.. හරී පණ්ඩිතයි. මා එක්ක නම් කොයිවෙලෙත් ඇරියස්..
උසස්පෙල කරපු ගමන් අම්මට නහයෙන් අඩල ගත්තු බයික් එකත් එක්ක තමයි අප්පච්චි මෙච්චර වයිර..😕😕😕
මම යනව නෙවේලු.. ඉල්ගිල්ලෙනවලු..
කොල්ලොනේ😄😄
බයික්නේ😳😳
පිස්සොනේ😉😉😉
ඉතිම් ඇත්තනේ😌😌😌
හිටපු ගමන් පෝන් එකට මැසේජ් එකක්..
💌💌💌💌💌💌💌💌💌💌
කමේශ් අයියා මට ඔයාව මීට් වෙන්න ඕන. පුලුවන් නම් හොරවල ස්ටෑන්ඩ් එකට එන්න.
මම මල්කි..
හප්පට යකෝ😯😯
මල්කි...
තවත් ඉතින් මොන කතාද. ඉක්මනටම මූන සෝදගෙන ශෝටකට කමිසයක් දාගෙන බයික් එකේ කී එක් අතට ගත්තෙ දොරත් වහගෙනමයි.
කෙල්ල බලන්න යද්දි ඉතින් සුවදට ඉන්න එපාය. හංදියෙ කඩෙන් ගත්තු පෙර්ෆියුම් පැකට් එක කමිසෙට හලාගෙන බබල්ගම් දෙක තුනකුත් අර ගත්තා. කෝකටත් බබල්ගම් හපන එක මගේ පුරුද්ද.. පොරක් කියන මානසිකත්වෙ තමයි ඉතින්..😳😳😳😂😂
කොහොම හරි කෙල්ලව හම්බෙන්න ගියා..
මල්කි කියපු නිසාම නිදහස් තැනකට ගියේ කෙල්ලට මොනවද කියන්න තීනව කිවුව නිසා.
"මම ඔයාට ආදරෙයි අයියේ. ඒත් ඔයාගෙ ඔය හසිරීමට සත්තකින්ම මම ආස නැහැ. "
"ඒ කිවුවෙ නංගි..😦"
තරමක් දුරට හිත ගැස්සුනේ ඒකි මූනට දමල ගහනවා වගේ ඒක කියපු නිසා.
"බලන්න ඔයා ඉන්න හැටි. රස්තියාදු කාරයෙක් වගේ. මම ඔයාට අකමැති වුනේ ඔය හේතු නිසා. පුලුවන් නම් ඔය කරේ තියෙන යකඩ කෑල්ලයි අතේ දාල තියෙන මුදු ටිකයි අයින් කරන්න, කොල්ලෙක්ට ඔය රස්තියාදු පෙනුම ඇත්තටම හරිම කැතයි අයියේ "
කෙල්ල කියාගෙන යද්දි මාව පිච්චුනා වගේ. මන් හිතුවෙ මේකි ඒවට ආසයි කියලා.
"අහන්න අයියේ ඔයාට ජොබ් එකක්වත් නෑ , අම්මගෙනුයි අප්පච්චිගෙනුයි සලි අරගෙන බයික් එකට තෙල් ගහනවා. ඔහේ ඉගිල්ලෙනවා.. ඔයාට ඇත්තටම ඇයි ජීවිතේ ගැන අවබෝදයක් නැත්තේ"
මල්කි ආවේගෙන් කියවගෙන ගියේ කදුලු කැට කඩාගෙන පනිද්දි. ඔවු ඒකි ඇත්තටම මට ආදරෙයි. ඒකමයි මට මේ වගේ බනින්නේ.. මම සෑහෙන්න කම්පනයට පත් වුනා.. ඇති මල්කි ඇති..
මම ඒකිව තුරුලු කර ගත්තෙ මේ වගේ කෙල්ලෙක්ගෙ පෙම්වතෙක් වෙන්න ලැබුනු එක ලොකු සතුටක් කියල හිතලා.
"මම අද ඉදන් ඔයා කියන විදියට ඉන්නම් මල්කි. මට ඕන ඔයාගෙ ආදරේ විතරයි"
අම්මටයි අප්පච්චිටයි මෙල්ල නොවුනට අවුරුදු ගානක් පාර්තනා කරපු කෙල්ල හිටි හැටියෙ මගේ ලගට ඇවිත් මෙහෙම කියද්දි කොහොමද දෙයියනේ ඒකි කියන දේ අහක දාන්නෙ
සතුට වැඩිකමට අපි දෙන්න එක්ක ලග තිබ්බ අයිස්ක්‍රීම් ලොරියෙන් අයිස් පලම් දෙකකුත් ගත්තා.
"ඔයාට කවුද අයියෙ මේ බයික් එක අරන් දුන්නේ"
මල්කි මගේ බයික් එක අත ගගා කිවුවා. කෙල්ලටත් ආස ඇති. බයික් එක බබා වගේ ඉන්නෝනේ😉😉
"වෙන කවුද මල්කි අම්මට නහයෙන් අඩල තමයි ගත්තේ"
"මටත් ආසයි මේකෙ රවුමක් යන්න "
"නගින්නකෝ මැනික.. එකට දහයක් යමුකෝ😄😄"
"අයියෝ මේක උසයි අප්පා. කොහොමද නගින්නේ"😕😕
කෙල්ල මූන බෙරිකරගෙන බයික් එකට නැග්ගා කොහොම හරි.
චුට්ටක් වේගෙන් යද්දි කෙල්ල කෑ ගහන්න ගත්තා.
"හිමිහිට යමු මැට්ටෝ මරෙන්නද හදන්නේ"
"අයියෝ මැනික මේක තමයි මගේ පණ. මාව ලේසියෙන් වැටෙන් නැ. මට වඩා බයික් එක ශුවෙර් මට."
එහෙම කියාගෙන බයික් එකේ වේගෙ තවත් වැඩි කලා. කෙල්ලත් මාව හයියෙන්ම අල්ලගෙන. මට පවු කියලත් හිතුනා.. සතුට වැඩිකමට මමත් ඉගිල්ලුනා.
"දඩා.......ස්"
හිතන්න වෙලාවක් තිබුනෙ නෑ. එක පාරටම ආපු ලොරියකට යටවෙලා බයික් එක චප්ප වෙලා ගියා. වුනේ මොකක්ද කියල මටවත් හිතාගන්න බෑ. මම කිසිම ගානක් නැතුව නැගිට්ටා. ඔක්කොටම වඩා හිත දිව්වෙ මල්කි දිහාට.
අනේ දෙයියනේ 😰😰😰 මගෙ වස්තුව කෙදිරි ගානවා.. මම මල්කි ලගට ගිහින් ඇයව ඔසවන්න තැත් කලා.
ඒත් මල්කි කෙදිරි ගගා වෙන පැත්තක් බලාගෙන කෑ ගහනවා
"කමේශ් අයියේ..හ්.. අහ්.. අහ්..😓😓😓"
"මන් මෙතන මැනික ඇයි අඩන්නේ"
සෙනග වට වෙලා මම පිටුපස්ස බැලුවා. ඒ මම😰😰 එතකොට මන් මෙතන කොහොමද ?
ඔවු.. මම මැරිලා.. දෙයියනේ මම මැරිලා..
මන් හයියෙන්ම විලාප දුන්නා.
මල්කිට තුවාල තිබුනත් කෙල්ලව විසික් වෙලා නිසා වැඩිය අනතුරක් නෑ. ඒත් මගේ මිනිය දිහා බලන්නවත් බැරි තත්වයක් තිබුනා.
"අනේ මට ජීවත් වෙන්න ඕන. මල්කි එක්ක ලස්සන අනාගතයක් හදන්න ඕන. අම්මයි අප්පච්චි දෙයියනේ මන් නැතුව පිස්සු හැදෙයි.😓😓
අප්පච්චි ඔලුවෙ කෙස් ගානට කෑ ගැහුවා මම බයික් එකේ යන වේගෙ වැඩී කියල
ඒත් මට ඒව අහන්න ඕන කමක් තිබ්බෙ නෑ. මම මේ යකඩ ගොඩට අම්ම්ට අප්පච්චිට වඩා ආදරේ කලා විස්වාස කලා.
මට ජීවත් වෙන්න ඕන දෙයියනේ 😓😓😓"
මම විලාප දුන්නා. කටවත් ඇහුනෙ නෑ. අම්මටයි අප්පච්චිටයි කලින් එතනට ආවෙ මගේ ලොකු අයියා.
"මල්ලී...😰😰😰😓😓 මගෙ රත්තරන් මල්ලී.."
අයියගෙ වස්තුව උනේ මම, කොටින්ම කිවුවොත් අයියගෙ හැම රහසක්ම කීවෙ මට. ඒ තර්ම් ආදරේ කලා. ලොකු අයිය බයික් එක අරන් දෙනවට විරුද්ද නොවුනත් හැමදාම කිවුවෙ වේගෙන් යන්න එපා කියල.
ටික වෙලාවක් යද්දි අම්මයි අප්පච්චියි දුවගෙන ආවා.
"අනේ මගෙ චූටි පුතේ. මට ඉන්න බෑ😓😓😓
අනේ මහත්තයෝ මට මගේ චූටි පුතාව ගෙනත් දෙන්නකෝ..
අනේ දෙයියනේ මොකද මේ වුනේ"😓😓😓😓
අම්ම විලාප දෙද්දි මාව පිච්චුනා.
"අම්මෙ අඩන්න එපා අනේ මන් දිහා බලන්නකෝ මන් මේ ඉන්නේ"
අම්ම ලගට ගිහින් කතා කලත් අම්ම මගේ මිනිය බදාගෙන අඩන්න ගත්තා. ඇය්ට මුකුත්ම ඇහුනෙ නෑ.මගෙ රත්තරන් අම්ම කොච්චර ඇඩුවද.. අනේ දෙයියනේ මන් අම්මට කොච්චර ලොකු ගින්දරක් දුන්නද.
මම අප්පච්චි ලගට ගියා. අද තමයි මට අප්පච්චිගෙ ආදරේ මෙච්චර දැනුනේ. කා ගහන්නෙ නෑ. පපුව බදාගෙන ඉකි ගහනවා.
"අනේ අප්පච්චි මට සමාවෙන්න.."
මන් අප්පච්චිගෙ කකුල් දෙක ඇල්ලුවේ අප්පච්චි කියපු කිසිදෙයක් මන් කවදාවත් ඇහුවෙ නැති නිසා. චූටි පුතේහ් යි කියමින් අප්පච්චි හූල්ලන හඩ මට අහගෙන ඉන්න බරි වුනා. මම මගේම ඔලුවට ගහ ගත්තා.
මම මගේ මිනිය පස්සෙන්ම ගියා. මෝචරියට අරගෙන ගියපු මිනිය කපන හටිත් මම බලාගෙන ඉදියා.
මගේ මනෝ කාය ඉබේටම වගේ මල්කි ලගට ගියේ ඒකි මොනව කරනවද බලන්න. මාව තවත් පිච්චෙන්න ගත්තේ ඒකි පිස්සියක් වගේ අඩන නිසා.
"මන් කමේශ් අයියට කීව සහින්දි ඔච්චර වේගෙන් යන්න එපා කියල. ඒත් එයා ඇහුවෙ නෑ..😓😓😓 අහ්.. අහ්...
මට කමේශ් අයියව ඕන සහින්දි..
මට එයාව ඕන"
ජීවිතේ කවදාවත් හිතපු නැති විදියට මට මගේ ජීවිතෙන් සමුගන්න වුනා. මගේ අම්ම අප්පච්චි කොච්චර නම් අඩනවද.ඒ දිහා බලාගෙන ඉද්දි මාව පිච්චුනා
ෆේස් බුක් තුල මහ ඉහලින් මට නිවන් සුව පතලා. මගේ ෆ්ටෝස් එක්කල සිද්ද වුනු අනතුරේ චායාරූප පලවෙනවා. සමහරු මට බනිද්දි සමහරි අම්මට තාත්තට බනිනවා. අනේ දෙයියනේ ඉන්නකම් පන දෙන්නම් කිවුව ඈයො අද ඉන්නවද. මාත් එක්කම එකට රේස් ගියපු කොල්ලෝ. කමක් නෑ බන් අනේ උබලවත් පාඩමක් ඉගන ගනිල්ලා.
මරණය හරිම වේදනාකරියි. අපි වෙනුවෙන් එයාල අඩද්දි අපිව ඒ දිහාට ඇදිල යනවා සැනසීමක් නෑ මචන්ලා...😓😓😓
අවසානෙට උබලගෙන් ඉල්ලන්නෙ එක දෙයයි. යකඩ ගොඩක් එක්ක ඔට්ටු වෙන්න එපා. ජීවිතේ පරාද වුනොත් ඔය යකඩ ගොඩට නෙවෙයි රිදෙන්නේ අම්මට අප්පච්චිට් ආදරේ කරන කෙල්ලට.. අපිට ආදරේ කරන හැමෝටම.අපේ ජීවිතේ එක මොහොතකින් ඉවරයි. හැම දෙයක්ම හැම බලාපොරොත්තුවක්ම. දෙයක් වෙන්න කලින් ඒ ගැන හිතුව නම් අද මට මෙහෙම වෙන්නෙ නෑ. අම්මයි අප්පච්චියි මිනිය බදාගෙන අඩද්දි ආදරේ කරපු කෙල්ල නොකා නොබී අඩද්දි දැනෙන වේදනාව වචනෙන් විස්තර කරන්න බෑ බන්. සත්තකින්ම මම පරාද වුනා..
අනේ මට ආයිත් ජීවත් වෙන්න ඇත්තම්..😰😰
------නිමි--------
සිතුවිලි ගෙත්තම සඳුනි දිල්හාරා......
No comments:
Post a Comment