උපුටා ගැනීමක්

#කෙටි_කතාවක්_....

#විනාඩියක්_නැවතිලා_කියවන්න

     සනුදි... බබා.. කෝ.. ඔයා..?? මම අාවා සුදූ....
        මේ එනවා මගෙ කොල්ලො... කෑ ගහනවනෙ ඔයා පොඩ්ඩ බැරි වෙද්දි.. මම තේ හද හද හිටියෙ ඔයාට...
       හ්ම්... මං දන්නවනෙ මගෙ මැනික මම එනකම් බලාගෙන ඉන්නෙ කියලා... අා.. මෙන්න බූන්දි ගෙනාවා මගෙ පෙරේතිට...
       අනේ.... ඔයා හරි ෂෝයි අයියේ.... උම්මා... අාදරෙයි ගොඩාරියක්....
        පිස්සි... ඉන්න මං වොෂ් එකක් දාගෙන එන්නම් මගෙ කෙල්ල ගාවට...
       ඒ මොකටද ඒ අා..?? කියනවා බලන්න ඒ මොකටද..??
       හිහ්... අැවිත්ම කියන්නම්කෝ.....
       යනවා යන්න උලමා.....
*************************

        රත්තරං... මට කියන්න දෙයක් තියෙනවා ඔයාට.. ම්... වැඩ්ඩා නම් ගෙස් කරන්න බලන්න...
      මොකක් හරි ගොබ්බ වැඩක් කරන්න අැති මෙලහට...
       හ්ම්... ගොබ්බ වැඩක් තමයි හැබැයි මම කරපු දෙයක් නෙමේ ඔයා කරපු දෙයක් තමයි...
          ම්... ඒ මොකද්ද..??
   ඔන්න... මේ ගොබ්බයා තාත්තෙක් වෙන්න යන්නෙ... කාලෙක ඉදන් බලාගෙනනෙ හිටියෙ...
       මොනවා... ඔය අැත්තමද මගෙ මැනික..?? අනේ රත්තරං... මට හිතාගන්න බෑ මැනික... මගෙ පන... ඔයාට පිං මගෙ කෙල්ලෙ...
        අනේ අයියා පැටී මේ මොකෝ මේ අඬන්නෙ..?? මං දන්නවා රත්තරං අපි දෙන්නට කියලා මේ ලෝකෙ ඉන්නෙම අපි දෙන්නා විතරයි.. ඉතිං අපේ ලෝකෙට පැටියෙක් එනවා කියන්නෙ  අපිට මහ මෙරක් වගේ දෙයක් තමයි.... ඒත් මැනික වැඩිපුර සතුටු වෙන්න එපා දෙයියො ඔයාට ප්‍රෙෂර්නෙ... පරිස්සම් වෙන්න කිව්වා නේද..??
        හ්ම්... ඒ වුනාට... ගොඩාක් අාදරෙයි මගෙ කෙල්ලෙ... සත්තයි මගෙ පැටියවයි ඔයාවයි මම හොදට බලාගන්නවා මගෙ ජීවිත කාලෙම...
        පිස්සා....
********************

        සුදූ... ඔන්න මං ලස්සන බබෙකුගේ ෆොටෝ එකක් ගෙනාවා... ගහන්න මේක බිත්තියෙ.. මෙන්න අර කන්න අාසයි කිව්ව දේවල්... බන්ඩි ෆුල් වෙනකම් කන්න හොදද...
        හරි හරි කොල්ලො... මෙච්චර දේවල් කන්නත් බෑ... උස්සන් එනවා බොරුවට.. මේවට මෙච්චර වියදම් කරන්න එපා අයියෙ... දැං අපි සල්ලි ඉතුරු කරන්න ඕන කාලෙ...
        හරි හරි මැඩම්... ඒත් මගෙ පැටියා ලස්සනට බෝලයක් වගේ සුදුවට ඉන්න එපැයි... ඒකයි
       හ්ම් හ්ම්... සුදු බෝලයක් දෙන්නම්කො මගෙ උම්මිට....
********************
        රත්තරං කෝ පන්සල් යන්න ලෑස්ති වෙන්න... කම්මැලි හෙර... තාම ලෑස්ති නෑ නේද..??
         ම්... නෑ අනේ... ටිකක් අමාරුයි අැවිදින්න.. දැං දිනත් ලගයිනෙ ඒකයි...
       ඉතිං කවුද අැවිදින්නෙ..?? වීල් එකේනෙ යන්නෙ... කෝ යං ඉක්මනට... මට බය මගෙ පැටියත් අම්මා වගේම කම්මැලි හොරෙක් වෙයිද කියලා...
      යනවා යන්න පිස්සා...
*******************
       ගොඩාක් අාසයි මෙතන බෝධින් වහන්සේ ලගට වෙලා වාඩිවෙලා ඉද්දි.. හිතට පුදුම සැනසීමක් නේද අයියෙ..??
       හ්ම්... මටත් ඕන මගෙ පැටියගෙ ජීවිතේ මේ වගේ සැහැල්ලුවෙන් තියන්න.. මගෙ කොල්ලව මම හොද තැනකට ගේනවා.. අපිට වුනා වගේ මගෙ දරුවට වෙන්න දෙන්නෙ නෑ... මගෙ පැටියව අාදරෙන් බලා ගන්න ඕන...
           හ්ම්... වෙන..??
  වෙන.... ම්... මගෙ පැටියා ඔයා වගේ සුදු බෝලයක් වගේ ඉදියි නේද..?? මම මගෙ පැටියව හැමදාම තුරුලෙ තියන් නිදියනවා...
      අයියෙ..?? මොකද මේ...?? පිස්සා වගේ ඔහේ කියවනවා... මම වගේ නෙමේ මට ඕන ඔයා වගේ චන්ඩි පැටියෙක්...
      අාදරෙයි කෙල්ලෙ මම... මට මේ ලෝකෙ දෙන්න පුලුවන් වටිනාම දේ දෙන්නෙ මගෙ මැනික ඔයා...  රත්තරනේ ඔයාට ගොඩාක් පිං....
        මහත්තයෝ... මේකත් අමතක කරන්න එපා.. මම අද අම්මෙක් වෙන්න යන්නෙ ඔයා හින්දා කියලා... ජීවිතේ ගෑනියක් ලබන්න පුලුවන් උසස්ම වටිනාම පදවිය මට දුන්නෙ ඔයා... මගෙ රත්තරං ඔයාට ගොඩාක් පිං...
      අඬන්න එපා කෙල්ල... හොද නෑනෙ.... කෝ... එන්න  දැං අපි යමු...
******************
       අනේ රත්තරං මට ගොඩාක් අමාරුයි මහත්තයෝ... මට ගොඩාක් බයයි....
       බය වෙන්න එපා මගෙ දෙයියො... ඩොක්ටර්ස්ලා ඉන්නවනෙ.. මමත් ඉන්නවා මගෙ මැනික එක්කම...
       අනේ අයියෙ මට... මට හුස්ම ගන්නත් අමාරුයි වගේ... මාව තනි කරන්න එපා මැනික... මං ගාව ඉන්නකෝ....
        මිස් අපිට සර්ව අැතුලෙ තියා ගන්න බෑ... ඒ නිසා ප්ලීස් සර් එලියට වෙලා ඉන්නවද..?? අපි මිස්ව අැතුලට ගන්නවා...
*****************
        ඩොක්ටර්... කොහොමද මගෙ දරුවට..?? කෝ මගෙ පැටියා..?? මට පෙන්නන්න ප්ලීස්....
      සර්ට පුතෙක් ලැබුනෙ.... මේ ඉන්නෙ සර්ගෙ පුතා... බලන්න...
       දෙවියනේ... මගෙ කොල්ලා... කුමාරයෙක් වගේ ලස්සනයිනෙ... තෑන්ක්ස් ඩොක්ටර්... තැන්කියු වෙරි මච්....
             ම්.... ඒත් සර්.....
  ඒත්.... අැයි ඩොක්ටර්...?? අැයි ඒත් කිව්වෙ..?? මොකද්ද ප්‍රශ්නය..??
        ම්.... මේකයි සර්.... බබා ලැබෙද්දි මිස්ට ගොඩාක් අමාරු වුනා... ඉතිං අපිට මිස්ව බේර ගන්න බැරි වුනා... සොරි සර්....
         මො... මොකක්.... මගෙ සනුදි...?? දෙවි...දෙවියනේ.... කොහොමද එහෙම වුනේ......
        අනේ ඩොක්ටර් අන්න අර සර් කලන්තෙ දාලද කොහෙද වැටුනා... ඉක්මනට එන්න....
              දෙවියනේ.....
අැයි...අැයි ඩොක්ටර්...?? මොකද්ද වෙලා තියෙන්නෙ..??
           ෂිට්.... අපිට මේ දරුවගෙ තාත්තවත් බේර ගන්න බැරි වුනානෙ..... අධික දුක දරා ගන්න බැරිව මෙයාට ප්‍රෙෂර් වැඩි වෙලා... එයා මැරිලා....
*****************

            දෙවියනේ මලින්ත..... 
   සනුදි.... සනුදි.... අැයි අැයි රත්තරං මේ...?? මොකද බය වුනේ..??
       ම්... නෑ... මං... මං මේ... නරක හීනයක් දැක්කා අයියෙ... ඒකයි.... ඒක නම් නරකම නරක හීනයක්... එන්නකො කියන්න ඒ ගැන....

            ........... නිමි.........

Writer : Gayathri sahabandu

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment