ඔහු නැතත්

කෙටි කතාව

ඔහු නැතත්

"සෙනූ, කෝ ඉක්මනට බබා. අද පරක්කුයි ඔන්න."

"අම්මා, බබාගේ lunch box එක කෝ"

"ඉස්සරහ මේසෙ උඩින් තිබ්බ දූ. මේ මාමි ඇවිත් ශෙනාල් අයියා එක්ක.ඔයාව එක්කන් යන්න."

චූටි දූ පැටියා දැං දෙක වසරේ. හුරතලී තාත්තා වගේමයි.

"මම ලෑස්ති කරපු ඔයා තාම පරක්කු ඇයි දූ.මොනාද කරන්නේ උඩට වෙලා"

මම ටිකක් සද්දෙන් කතා කලා. දු නෙමෙයි පහලට ආවේ.

"අයියා ඉන්නකෝ. මම අරං එන්නම්"

කියලා උඩ තට්ටුවට මම ගියේ දූ ව අරං පහලට එන්නයි. ඒ දැක්ක දෙයින් මම මොහොතක් නතර උනා.
දූ තාත්තිගේ පින්තූරෙට වඳිනවා. කෙල්ල දුකින්.කොහොමත් කෙල්ල upset එකේ ඉන්නේ

"මැණික් කැටේ. කෝ අපි යමු, තාත්තිට බායි කියන්න"

"බායි තාත්තී. ඉක්මනට එන්න දිවිය ලෝකේ ඉඳලා. බබාට ටෙඩී කෙනෙක්ව අරං"

දෑසට නැගි කඳුළු ආයාසෙකින් මැඩගත් මම දූ පැටියව අරං පහලට ආවා.

"ශෙනාල් අයියේ... මේ මායා පැන්සලක්. අම්ම ඊයේ අරං දුන්නේ." කෙල්ල අයියගෙ වාහනේට දිව්වේ ඒක කියාගෙන.

"අයියේ, මම උඩට යද්දි දූ අනුශ්කගේ photo එක දිහා බලන් අවුලෙන් හිටියේ.කෙල්ලගෙ mood එක වෙනස් කරන්න යන ගමන්."

''උඹ බය නොවේ හිටපන් නංගි. අපි ගිහින් එන්නම්කෝ.''

"තෙරුවන්සරණයි"

ඉස්සරහ දොර වහලා මම කාමරේට ආවේ හිතේ මහා බරක් තියාගෙන. කාමරේ එල්ලලා තියන අනුශ්කගේ photo එක දෑතට ගත්තේ අවුරුද්දකින් පස්සේ. ඒක දිහා බලල හිත හදාගන්නවා මිසක් වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.

"උඹට මිනිහෙක් ඕනේ නැති උනාට මේ කෙලි පැටික්කිට තාත්තෙක් ඕනේ.උඹේ කැමැත්තට ඔක්කොම කරගත්නේ. ඒවා වරද්දත් ගත්තනේ. දැංවත් හිතුවක්කාර නොවේ අහපං මම කියන දේ. "

ඒ මගේ අම්ම.  අනුශ්ක නැති උනාට පස්සේ අපෙ අම්ම ජප කෙරුව මන්තරේ ඕක තමයි.
මම අතීතයට ගියා.

අවුරුදු 10ක් ආපස්සට ගියා....

අනුශ්ක මට හම්බ උනේ මම ලියපු නවකතාව මුද්‍රණය කරන්න ගිය වෙලේ.එයා තමයි ඒ මුද්‍රණ ආයතනේ ප්‍රධානියා.කොහොමින් කොහොම හරි අපි ආදරේ කලා.අනුශ්ක හරි ආසාවෙන් මම ලියපු පොත් කියෙව්වා..

"සකුණි, අපි ගෙවල් වලට කියමුද අපි ගැන."
ඒ අනුශ්කය
.
"මට බයයි සුදු අයියේ."
ඇත්තටම අපේ අම්මගේ පුහු මාන්නය නිසා මම බයේ හිටියේ.අනුශ්කට අකමැති වෙයි කියලා.
"කෙල්ලේ, අපේ ආදරේ අවංකයි . අපිව වෙන් කරන්න කාටවත්ම බෑ.."
අවුරුද්දක්ම ආදරේ කරලා අපි ගෙවල් වලට කිව්ව. මගේ තාත්තා නෑ.අම්මා විශ්‍රාමික ගුරිවරියක්. තාත්තා විශ්‍රාමික විදුහල්පති කෙනෙක්. මට අයියෙක් හිටියා.අම්මා ජීවත් උනේ ඒ දෙන්නගේ පැන්ශන් එකෙන්.ඒක අපිට හොඳටම ඇති. අයියත් job එකක් කලා.මට job කරන්න දුන්නේ නෑ.මම ඉතින් නවකතා ලිය ලිය ඉන්නවා..අම්මා අනූට කැමති උනේම නෑ. ඒත් මගේ දෙවනි තාත්තා, ඒ කියන්නේ මගේ අයියා මුල් වෙලා අපිව එකතු කෙරෙව්වා.
අපි බැඳලා ආවේ අනුශ්කගේ ගෙදරට. ඊට පස්සේ අනුශ්ක බාගෙට හදාගෙන යන මේ ගේ මගේ සල්ලි වලින් හදල ඉවර කලා.

ඇත්තටම අපි ගොඩාක් ආදරෙන් හිටියා.ඔය අතර මට දූ ලැබෙන්න හිටිය.අපේ අම්මත් පුලුවන් හැම වෙලවකම මාව බලන්න ආවා. ඔය අතර දවසක් අනූ bathroom එකේ ඉද්දී කෝල් එකක් ආවා.

"Good morning. කවුද කතා කරන්නේ"
එහා පැත්තෙන් ප්‍රතිචාරයක් නෑ.
අහ්හ් අනුශ්ක මේ call එකක් ආවා. කතා කලේ නෑ එයා

"තමුසෙ මොකටද මට එන call answer කරන්නේ?"
කිසිදින නොසිතූ අනුශ්කගේ ඒ වදන් හමුවේ අන්ත අසරණ බවක් දැනුන මට.
මම වැරදි වැඩේ නේ කලේ.එයාගේ වැදගත් වැඩක එකක් වෙන්න ඇති.. 

"අනූ මේ බත් එක."

අනුශ්ක කන්න ආසම බටු මෝජුවක් හදල බත් එක කෙසෙල් කොලේ එතුවා.දෝණි එන්නත් කිට්ටුයි. ලොකූ බණ්ඩියත් උස්සන්ම මම උදේට උයනවා.මහත්තයා කඩෙන් කන්න අකමැති නිසා.
"තියාගනින් තමුසෙගෙ මහලොකු බත් එක. සකූ මම උඹට ආයේ කියන්නෙ නෑ.මගේ phone එකට අත තියල අහු වෙන්න එපා"
බත් එක මේසෙ උඩට විසි කරල යන්න ගියේ දූ පැටියට වෙනදට දෙන හාද්දත් නොදී..

බලන්නකෝ දූ පැංචි. තාත්තිගේ හදිස්සිය. හවසට ආවම එකට සීයක් කිස් ඉල්ලල දෙන්නම්කෝ.
දෑසින් කඳුළු එන්නේ අනූගෙ වැඩ නිසාද, දූ පැටියට බොරු කිව්ව නිසාද.. මටවත් තේරෙන්නෙ නෑ ඒක

ඔහොම ඉද්දි දවසක් අනුශ්ක වැඩට යන්න ලෑස්ති උනා.

"අනූ, මේ බලන්න දඟ කෙල්ල.. මෙයා ඉක්මනටම එන්න ආසවෙන් ඉන්නෙ තාත්ති ගාවට"

"හ්ම්ම්ම්ම්ම්"

"අනූ මට Admit වෙන්න තියෙන්නේ හෙට. ඔයා එක්කන් යනව නේද?? "

"මම අද නුවර යනව. අලුත් branch එකේ වැඩ බලන්න.අම්ම එක්ක යන්න." එහෙම උත්තරයක් බලාපොරොත්තු උන්නෙම නෑ. කමක් නෑ. 

කොහොම හරි දූ පැටියා ඉපදුනා.අනූ දවස් 4ක් නුවර ඉඳලා ආවා. අනුශ්ක මුල ඉඳලම කැමති උනේ දූ පැටියෙක්ට. එයාගේ ආසාව මම ඉටු කරල දීලත්, එයා දූට අකමැති ඇයි කියලා මට තේරෙන්නේ නෑ

සෙනූමි අනුශ්කී. දූ ට නම දැම්මේ මම.අපි දෙන්න හැදුව ගේ දූගේ නමට ලිව්වා.මගේ උවමනාවට.

අවුරුදු 4ක් ගියා. දූ මොන්ටිසෝරි යනවා.මේ වෙද්දි අනුශ්කව මම හිතෙන් අයින් ඩිංගක් ඈත් කරල හිටියේ. එයාගේ වෙනස දරාගන්න අමාරුයි.හරියට රණ්ඩුවට එනව. දූ නිසාම ඉවසනව.

දවසක් සෙනූ මොන්ටිසෝරි ගියා. එයාව එක්කන් යන එන වැඩේ මගේ අයියා කලේ.

මෙන්න මගේ නමට ලියුමක්. මොකක්.. මට එතනම වාඩි උනේ ඉබේටමයි. දෑසින් ආයේ කඳුළු ගලනවා. ඉස්සර දවසක මට තුරුල් උන මගේ අනූ, මේ කා එක්කද ඒ විදියටම ඉන්නේ. පපූවට දරාගන්න බෑ. අනුශ්කගෙ වෙනස මේකද එහෙනම්. දරුවෙක් ඉන්න තාත්තෙක් නේද මේ..

"අමූලික බොරුවක් මේ මගේ අනූට මෙහෙම කරන්න බෑ.එයාට මම ඉන්නවානේ.මේ edit කරපු එකක්." මගේ හිත සැනසුවේ එහෙමයි මම.

අනුශ්ක ආව ගමන් මම එයා ගාවට ගියේ මේ බොරුව ගැන කියන්නයි.
එවෙලෙ දූ තනියම සෙල්ලම් කරනවා...

"අනු මෙන්න තේ එක. අහ්හ් කොහෙ යන්නද මේ ආව ගමන්.බඩු පැක් කරන්නේ. "
ලොකූ බෑග් එකකට ඇඳුම් දාගන්න අනුශ්කව දැක්ක ගමන් පුදුම හිතුනා . අල්මාරියම දාගෙන බෑග් එකට..

අනුශ්ක නෙමෙයි කට හොල්ලන්නේ.

"අනූ මේ බලන්නකෝ. මොනා උනත් දක්ශ විදියට edit කරලා"
උදේම මට ලැබුන photo මම අනුශ්ක අතට දුන්නේ එහෙම කියල.

"Edit?? තමුසෙට පිස්සුද. මේ රිද්මි. මේ මගේ girlfriend. මේ එදා නුවරදි ගත්ත ඒවා.මට තමුසෙගෙ අඬවැඩියාව අහල එපා වෙලා.මම යනව.."

එහෙම්මම මාව ඇඳට වැටුනේ හිස මැද්දට අකුණක් කෙටුව වගේ.

"මම යනවා. ආයේ එන්නේ නෑ"

අනුශ්ක ගියා.මට මතක එච්චරයි.
එවෙලෙම අම්මා ආවා ගෙදරට මිණිබිරිය බලන්න. වෙච්ච දේ අම්මාට කිව්වා මම.

"ඇයි අම්මී තාත්තී ආයි එන්නේ නෑ කීවේ..."

කොහොමද දූට කියන්නේ. තාත්ති වෙන ගෑණියෙක් ගාවට ගියා කියලා. 

ගෙදර phone එකට කෝල් එකක්. අම්ම ගත්තේ..

"මොකක්.. අනේ දුවේ..."

එදා අනුශ්ක රිද්මි කියන කෙල්ල එක්ක යද්දි කාර් එක හැප්පිලා.

ආයේ එන්නේ නෑ කියල ගිය මගෙ රත්තරන් අනුශ්ක 6 දෙනෙක්ගේ කරමතින් ආවා... දූ පැටිය අඬනවා. ඒ එයාගේ අම්මි අඬන නිසා.
දවස් 3කින් සෙනග ගොඩක් මැද්දේ අනුශ්ක ගියා. මාවයි දූ පැටියවයි දාලා සදහටම ගියා..
දූ අහද්දි මම කිව්වේ තාත්ති දිව්‍ය ලෝකේ ගියා ඉක්මනට එයි කියලා.

අනූ ගියාට පස්සේ වෙන කෙනෙක් ගැන හිතන්න මට බැරි උනා.මම ආදරේ මගේ අනූට විතරමයි.මම මගේ කෙල්ලව හදාගන්නවා කොහොම හරි.

මම එදා ඉඳන් නවකතා ලියනවා. අයියත් ගොඩාක් උදව් කරනවා.ඒත් මමත් දන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්න එපැයි.

අනූ, මගේ මහත්තයො..ඊලඟ ආත්මෙදිත් මගේම විතරක් වෙන්න. මම වෛර කරන්නේ නෑ ඔයාට. තාම ආදරෙයි...දූ පැටියත් ආදරෙයි

අනූගෙ පින්තූරය බිත්තියේ එල්ලද්දි හිතුවෙ එච්චරයි...

අවසන්.

චලනි අවිශ්කා

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment