සොයන්නෙමි මම ප්‍රේමය කිමැයි කියා.... (කෙටි කතාව)
**************************************
දැන් අවුරුදු ගාණක් බෙහෙත් බිව්වත් කිසි වෙනසක් නෑ ඩොක්ටර්... සංඛ වෛද්‍යවරයාගේ මේසය උඩ තිබූ ලිපි එහා මෙහා යාමට තබා තිබූ රවුම් හැඩැති ප්ලාස්ටික් බෝලය අත ගාමින් පැවසුවේ ය.
ඒ කියන්නේ අවසන් වතාවට අකමැත්තෙන් වුණත් කියන්න ඕනේ ඔයාට කවදාවත් පිය පදවිය ලබන්න බෑ.... කියූ වෛද්‍යවරයා සංඛ කරකවමින් සිටි බෝලය අත දමා නැවැත්තුවේ ය.
සංඛ අසුනෙන් නැගී සිටියේ ය. අනේ මන්දා ඩොක්ටර්... මට දුක මගේ මහී ගැන... එයාගේ හීනේ එයාගේ ම දරුවෙකුට මේ ලෝකේ එළිය දකින්න උපතක් දෙන්න.. මගේ කරුමය නිසා ඒ අහිංසකීටත් සතුටින් ඉන්න විදිහක් නෑ..මම යනවා ඩොක්ටර්... කියූ සංඛ වෛද්‍යවරයාගෙන් සමුගෙන තමාගේ කාරයට නැග අසුන හාන්සි වීමට සුදුසු ලෙස සකසා ගෙන එහි හාන්සි විය. පසුව ඔහු දෑස් පියා ගත්තේ ය.
සංඛ තමාගේ ම මැණික් ව්‍යාපාරයක් කළ පුද්ගලයෙකි. ඔහු රත්නපුර නගරයේ සිටි ප්‍රසිද්ධ ම මැණික් ව්‍යාපාරිකයා යැයි පැවසුව ද එහි කිසිදු අසත්‍යයක් නොමැති තරමට ම ඔහු පෝසත් ය. ඔහුගේ ව්‍යාපාරික කටයුතු නිසා ම ඔහුට ආදරය කරන්න ට කාලයක් නොවූ අතර ඔහු විවාහය යෝජනාවක් මගින් සිදු විය.
ඔහු මුදල් හදල් ඉඩ කඩම් වලින් පෝසත් තරම් ම ගුණ ධර්ම වලින් ද පෝසත් විය. ඔහු ප්‍රදේශයේ සෑම වයස් මට්ටමක අයගේ එක හා සමාන ලෙස ම හිත් දිනා සිටියේ ය. දෙවියන් සියල්ල ම දී තිබුණු නිසා ම එහි ඇස් වහ දුරු කරන්න ට පියෙකු වීමේ භාග්‍ය සංඛගෙන් ඉවත් කිරීම ට දෙවියෝ කටයුතු කළ හ. ඔහුට මේ ලෝකයේ තිබූ එක ම ගැටලුව එයයි. ඔහු මෙරටින් මෙන් ම පිටරටින් ද බෙහෙත් කෙරුව ද ඉන් කිසිදු සහනයක් ලැබුණේ නැත. අද පියෙකු වීමට තිබූ අවසන් අදහස ද සංඛගෙන් තුරන් විය.
සංඛ විවාහ වූයේ ආශා සමග ය. ආශා විවාහ කර ගන්නට පෙර සංඛ ඇයගෙන් ජිවීතයේ සියලුම දේ අසා දැන ගත්තේ ය. ඇය ගිහාන් සමරනායක නමැත්තෙකුට පණ මෙන් ආදරය කර ඇති බවත් ගිහාන්ට කිසිදු නෑදෑයෙක් නොසිටි නිසාත් රැකියාවක් නොමැති නිසාත් ආශාගේ දෙමාපියන් ඒ සම්බන්ධයට අකමැති විය. දෙමාපියන්ගේ සිත රිදවන්නට අකැමැති නිසා ම ඇය තමා හා විවාහ වූ බව සංඛ දැන සිටියේ ය. ඇයගේ සිතේ මිය යන තුරු ම ගිහාන්ගේ ආදරය තිබෙන බව සංඛ හොදාකාර ව දනී. ඇයගේ මුදල් පසුම්බියෙහි ඇති ගිහාන්ගේ සිනාව සහිත චායාරූපය එය සනාථ කරන්නකි. සංඛ කිසිදු දිනයක එය ඉවත් කරන්න යැයි ඉල්ලා සිටියේ නැත.
ආශා ගිහාන්ගේ මතකයන් සමග ජීවත් වූයේ සිහින ලෝකයේ පමණි. පියවි ලෝකයේ දී බිරිදෙකු සතු යුතුකම් අංශු මාත්‍රයක් අඩු නොකර ඉටු කරන්නට ඇය සමත් වූවා ය. එම නිසා සංඛ ඇයට පණ මෙන් ආදරය කළේ ය. දෑස මෙන් ආරක්ෂා කර ගත්තේ ය.
තමා කෙසේ හෝ ආශාගේ එකම සිහිනය සැබෑ කළ යුතු බව සංඛ තරයේ සිතේ තබා ගත්තේ ය. ඔහුට දරුවෙකු ට ජන්මය ලබා දෙන්නට අවශ්‍ය ශක්තිය දෙවියන් ලබා දී නොතිබුණු නිසා එම සිහිනය සැබෑ කරන්නේ කෙසේ ද යන ගැටලුව ඔහුට තිබුණි.
එක්වරම උරහිසට තැබූ මුරකාරයා සංඛගේ කල්පනා ලෝකය බිද දැම්මේ ය. ඒ මුරකාරයාගේ ස්පරශයෙන් සංඛ කල්පනා ලෝකයෙන් සමු ගෙන පියවි ලෝකයට ආවේ ය .
මහත්‍තයා කාර් එක ගන්නවා ද.... අර කාර් එකට ගන්න අමාරුයි ලු....
සොරි ... ඉන්න මම ගන්නම්...කියූ සංඛ කාරය පණ ගන්වා එම ස්ථානයෙන් පිටත් විය.
**************************************
ආශා කුස්සියේ උයමින් සිටියේ ය. ඇයට ආලින්දයේ තිබූ දුරකථනය නාද වනවා ඇසුණි.
ට්‍රීලිං....ට්‍රීලීං... ට්‍රීලීං ......
ඇය ළිපෙහි තිබූ හොද්ද හැදි ගගා සිටි අතර අත තිබූ හැන්ද සමග ම ඇය කුස්සියෙන් පය ඉක්මනින් තබමින් ආලින්දයට ආවා ය. පසුව ඇය දුරකථනයේ රිසිවරය
අතට ගත්තාය.
හලෝ.. මැඩම්.. මේ සංඛ ධනවර්ධනගේ වයිෆ් ද...
ඔව් කියන්න...
මැඩම් මේක කිව්වා කියලා කලබල වෙන්න එපා..මම කතා කරන්නේ ඩොක්ටර් සමරතුංග....
වෛද්‍යවරයා කියන්නට තැත් කරන්නේ කුමක්දැයි ආශාට නොවැටහුණු අතර කුමක් වුවත් එය සුබදායී නොවන්නක් බව නම් ඇයට වැටහුණි. එමනිසා ම ඇය කියන්නේ කුමක්දැයි සිතා ගත නොහැකි ව නිශ්ශබ්ද ව සිටියා ය. නමුත් ඇයගේ හදෙහි ගැස්ම වෙනදාට වඩා වේගයෙන් ගැහුණු අතර එක්වරම දෙනෙතෙහි කදුළු පිරුණේ ආශාටවත් නොදැනීම ය.
ඔව්....ඩොක්ටර් කියන්න...
සංඛගේ පවුලේ වෛද්‍යවරයා වූ සමරතුංග විය. ඔහු ව ඇය දැන හදුනන නිසා ම ඇය ව කලබල නොවී සිටී යන විශ්වාසය සමරතුංගට තිබුණි.
අද මිස්ටර් සංඛ ඇක්සිඩන්ට් වුණා...
වෛද්‍යවරයාගේ වදන් හී වරුසාවක් මෙන් ආශාගේ හදවත තුළ කිදා බැස්සේ හදවතට මහත් වු වේදනාවක් දෙමිනි. ඇයගේ දෙනෙතෙහි සිර වී සිටි කදුළු බිදු එක්වරම තෙරෙපෙමින් එළියට පැමිණිනි. එම කදුළු බිදු මේසය මතට පතිත වූයේ මේසය මත තිබූ දූවිලි පිස දාමිනි.
ම්...ම්...මොනවා... ස්...ස්...ස්ස්..සංඛට ...මගේ සංඛට ම්...මොකක්ද වුණේ...
බය වෙන්න එපා..ඔක්කෝම හරි..මාව විශ්වාස කරන්න.. මගේ හිතවතෙකුට කරදරයක් වෙන්න මම ඉඩදෙන්නේ නෑ කියලා ඔබතුමිය දන්නවානෙ...
දැන් කෝ සංඛ... මට එයාව බලන්න ඕනේ..
හරි.... එහෙනම් හොස්පිටල් එකට එන්න....
ආශා අත තිබූ රිසිවරය තබනවා වෙනුවට අහරින ලද්දේ හිතේ තිබූ වේදනාව නිසාවෙනි. ඇය ඉක්මනින් ම කාමරයට ගොස් මුදල් පසුම්බිය පමණක් අතට ගෙන ඇදි වත පිටින් ම ඇයගේ කාරයට නැගී වේගයෙන් සිංහ රෝහලට ගියා ය.
සංඛ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර තිබුණු අතර ඔහුගේ මුළු මුහුණ ම බැන්ඩේජ් කර තිබුණු බව ආශා කදුළු පිරි දෙනෙතින් දුටුවා ය. ඇය කාමරයට ඇතුළු වන්නට උත්සහ දැරුව ද කාමරය අගුළු දමා තිබූ නිසා එම උත්සහය අසාර්ථක විය. ඇය සියලූ ම දේ නැති වූ අයෙකු මෙන් සිටි අතර කදුළු පොර කමින් ඇගේ දෙකම්මුලෙන් බේරී වැටුණි.
සමරතුංග වෛද්‍යවරයා පැමිණ ආශාගේ ඉදිරියේ සිට ගත්තේ ය.
මැඩම්.. ලෙඩාව බලන්න පුළුවන් මෙතැන ඉදන්... ඇතුළට යන්න අවසර නෑ ....
ඩොක්ටර් මගේ දෙයියට කොහොමද.... යැයි ආශා කාමරයේ දොරෙහි තිබූ වීදුරුවෙන් ඇදෙහි සිටි සංඛ දෙස බලමින් අඩ අඩා පැවසුවා ය. එලෙස එක දිගට ම කදුළු වැටෙන්නට තරම් ආශාගේ දෙනෙතෙහි කදුළු තිබුණේ කොහිදැයි කිසිවෙකුටත් සිතිය නොහැකි ය.
ඩොක්ටර් මූණ සම්පූර්ණයෙන් ම බැන්ඩේජ් කරලා... අනේ ඒ ඇයි ඩොක්ටර්....
මූණ අදුරගන්න බැරි තරමට ම ඩැමේජ් වෙලා.... කාර් එක කන්ඩම්... තාමත් සිහිය ආවේ නෑ... සමහර විට ඔළුව හැපුණ නිසා එයාට ඔක්කොම දේවල් අමතක වෙලා තියෙන්න පුළුවන්...මේ තත්වයෙන් ලංකාවේ තියා ගන්න බැහැ... ඒක ලෙඩාට අනතුරු දායකයි.. ඒක නිසා අද රෑම ලෙඩාව ඇමරිකන් යවන්න වෙනවා...මූණේ තුවාල වේලෙන්න සතියක් වගේ යයි... ඊට පස්සේ මූණ ට ප්ලාස්ටික් සැත්කමක් කරන්න වෙනවා...ඒකට නම් ඇමරිකන් යවන්න වෙනවා ... ඒ ඔක්කෝම මං බලා ගන්නම්.... දැන් බය නැතිව ගෙදර යන්න... මතක ඇතිව සංඛගේ පොටෝ එකක් නර්ස්ට දීලා යන්න.. මොකද ප්ලාස්ටික් සැත්කමට අපට ඒක ඕනේ වෙයි....
සමරතුංග කී ලෙස ම සංඛ ඇමරිකන් යැවූ අතර් පසුව මාසෙකට පමණ කලකට පසු සංඛ සනීප වී පැමිණියේ ය. ඔහුව පිළිගන්නට ඉවසුමක් නැතිව සිටි ආශා ඉක්මනින් ම ගුවන්තොටුපළට ගියා ය.
එක්වර ම ඇයගේ දෑස අදහා ගැනීමට නොහැකි විය. ගුවන්තොටුපළ සෙනග අතරින් සමරතුංග වෛද්‍යවරයා සමග සිටියේ සංඛ නොව ගිහාන් ය. එනම් ඇයගේ පළමු පෙම්වතාය.
කෝ ඩොක්ටර් සංඛ... ඇය වට පිට ඇස යවමින් නිරීක්ෂණය කරමින් ඈසුවා ය.
මේ ඉන්නේ මිස්ට සංඛ... කියූ ඩොක්ටර් තමා ළග සිටි ගිහාන් ව පෙන්නුවේ ය.
ම්...ම්...මොනවා මේ ගිහාන්නේ.. යැයි උඩ ගිය දෙනෙතින් ආශා ඇසුවා ය.
දවසක් මම පොටෝ එකක් දෙන්න කිව්වාම දීලා තියෙන්නේ මෙන්න මේ ඉන්න කෙනාගේ පොටෝ එක.... මම අද එක්කන් එන්න ගියාමයි ප්ලාස්ටික් සර්ජරරි එකේ බැනඩේජ් ගැලෙව්වේ... මමත් පුදුම වුණා..මේ කවුද කියල... එයාලමයි ඔයා දුන්න පොටෝ එක පෙන්නුවාමයි එයාලා වැරදි නෑ කියලා තේරුණේ....
එය ඇසූ ආශා ඉක්මනින් පසුම්බිය ඇර එහි පොටෝ එක ඇත්දැයි පිරික්සූ අතර එහි කිසිදු චායාරූපයක් නොමැති බවත් සංඛගේ චායාරෑපය හා ගිහාන්ගේ චායාරූප සමග ඇලී තිබෙන්නට ඇතැයි ආශා සිතුවා ය.
දැන් ඕවා හිතන්න එපා ...... රූපේ විතරනේ වෙනස්... ඒ වගේ ම මෙයාට අතීතය අමතකයි..ඒක නිසා එයාට එයාගේ මේ රූපේ ගැන ගාණක්වත් නෑ... ඒක නිසා දෙන්න අලුතින් ජීවිතේ ආරම්භ කරන්න. .මගේ ඩියුටි ෆිනිස්ඩ්...ජය වේවා... මං ඉක්මනින් හොස්පිටල් එකට යන්න ඕනේ ලෙඩෙක් බලන්න... කියූ ඩොක්ටර් ආශාට සංඛ ව බාර දී ගියේ ය.
ආශා සංඛ ව තදින් බදා ගත්තා ය. ඇයට පළමු පෙම්වතාගේ උණුසුමත්... සැමියාගේ උණුසුමත්.. යන දෙණුසුම ම ඒ තුරුළු වීමෙන් දැනුණි....
ඔයාට මං ආදරෙයි ගිහාන්... ඇයගේ මුවින් නිරායාසයෙන් කියැවිණි.
සොරි.. ඔයා මගේ සංඛ... හැම ආත්මෙම ඔයා මගේ.... කියූ ආශා නැවතත් තදින් තුරුළු කර ගත්තා ය.
සමරතුංග වෛද්‍යවරය ජංගම දුරකථනය අතට ගෙන mr. sankha ලෙස ගබඩා කර තිබූ අංකයට ඇමතුමක් ගත්තේ ය.
ඔන්න ..... උඹ කිව්වා වගේ ගිහාන් ව ආශාට බාර දුන්නා...
එයා පිළිගත්‍ත ද...
ඔව්...
මම කලින් ම පොටෝ දෙක එකට අලවලා තිබ්බේ.. එයා පොටෝ දෙක නැති නිසා එච්චර ගණන් ගත්තේ නැතිව ඇති....
ගිහාන් මේ රහස කියන එකක් නෑනේ...
කවදාවත් කියන්නේ නෑ... දැන් තමයි මගේ හිතට සැහැල්ලුවක් දැනෙන්නේ... ආශා දැන් එයාගේ ආදරයත් එක්ක එයාගේ හීනේ සැබෑ කර ගනී....
උඹ නම් පුදුම කෙනෙක් සංඛ....
එහෙනම් මම තිබ්බා...බායි....
** නිමි**
By:ආර් ජේ
උපුටා ගැනීමකි
No comments:
Post a Comment