ආදරෙයි මං

💝 ආදරෙයි මං 💝

"ඒයි කෙල්ලේ....නැගිටපං බං "
"මොකද බං.ටිකක් නිදාගන්න දීපංකෝ..😩"
"තව කොහේ නිදාගන්නද...මෙන්න මෙහේ නැගිටලා වරෙන්..😬😬"
"අපෝ......උඹ නම්........මල ඇණයක් බං..😠😠"
දිල්කිට බැන බැන මං වොෂ් රූම් එකට රිංගගත්තා....හම්මේ සීතල වතුර ටික ඇගට වැටෙන කොටම දැනෙන සනීපේ...මං ඇස් දෙක පියාගෙන වතුර මලට ඔලුව අල්ලගෙන ටිකක් වෙලා හිටියා...
  "වරෙං බං එලියට....උඹ ඕක ඇතුලාට වෙලා මොන රෙද්දක් කරනවද.....  "
දිල්කි දොරට තඩි බාද්දි මං දඩ බඩ ගාලා නාගෙන ටවල් එක පිටින්ම කාමරේට පැන්නා..
  "අද ඔෆිස් යන්නෙ නැද්ද බං....බලපං වෙලාව "
මං නිකමට ඔරලෝසුව දිහා බලද්දි තමයි මට තරු විසි උනේ..ඈ යකෝ මේ තත්පර කට්ට මීටර් සීයවත් දුවන්න පුරුදු වෙනවද...😰😰😰මෙච්චර වේගෙන් යන්නේ...
"අප්පට බොල.....උඹ රෙඩි වෙලා ඉවරද....ඉදපං මං ටක් ගාල එන්නම්..."
ඉකමනට ලැස්ති උනේ තව ටිකක් පරක්කු උනොත් අදත් ලේට් කවර් කරන්න වෙන නිසා....අපි දෙන්නා වෙනදා වගේ හොද කයියකුත් ගහගෙන හෝල්ට් එකට ආවේ ඔෆිස් ට්‍රාන්ස්පෝට් එක එනකං.....
   "ඈ බං සෙසා....අන්න උඹේ ප්‍රේම බෘංගරාජයා එනෝ..." දිල්කි මගේ අතට ඇන්නාය.
  "කෝ බං..."
"අර එන්නේ බං..උඹට තව කණ්නාඩියක් දාන්න වෙයි වගේ මට හිතෙන්නේ.."
මං වටපිට බලද්දි තමය් දැක්කේ පාරෙන් එහාපැත්තේ ඉදගෙන අකීද පැණි බාල්දියම හල හල එනවා කියලා...
"අ....පෝ...බං...මූ නං බෘංගරාජයෙක් නෙමෙ බං මහ ඇණ රාජයෙක්..."
මං දිල්කිට විතරක් ඇහෙන්න කියලා අහක බලා ගත්තා....ඔන්න දැන් තමයි ඉතිං මගේ ඇක්ටින් පාර තියෙන්නේ...මූණත් බකුසු කරගෙන මං පාරේ යන එන මිනිස්සු ගනං කරන්න ගත්තා...
  "ආ...දිල්කි මචී.....ගුඩ් මෝනිං..."
"ගුඩ් මෝනිං අකිද...අදවත් උඹට බැරි උනානේ ඔය පැණි හැලිය ගෙදර තියලා එන්න "
  "කොහොම ගෙදර තියලා එන්නද බං..සෙසන්‍යා දැක්කම ඉබේම පැණි හැලිය මං ලගට දුවගෙන එනවනේ...." අකීද කිව්වේ මං දිහා බලලා ඇහැක් ගහලා...
මං ගස්සල අහක බලා ගත්තේ දිල්කිටත් රවලා...
  "සුන්දර කෙල්ල මගේ ......
   ඇයිද ඉන්නේ අහක බලං..."
ඔන්න පටං ගත්තා...හොද වෙලාවට ඔෆිස් බස් එක ඇවිත් හොන් කලා...නැත්නං ඉතිං මේ යකගේ ටකරං සින්දු ටික අහගෙන ඉන්න වෙනවනෙ.....
    "අඩෝ මචං අකියා.....වරෙං වරෙං..."
අකීද එයාගේ ගැන්සියට එකතු උනා...මායි දිල්කියි අපේ ගැන්සියට එකතු උනා....

මමත් දිල්කිත් අකීදත් පොඩි කාලෙ ඉදන්ම දන්න අදුනන අය......අපි ඉස්කෝලෙ ගියෙත් එකට...දැන් ඔෆිස් යන්නෙත් එකට...අකීද ඒ ලෙවල් කාලේ ඉදන්ම මගේ පස්සෙන් ආවේ මඒ ආදරේ ඉල්ලගෙන......ඇයිද මංදා...එයා කොච්චර හොද කෙනෙක් උනත් එක පාරටම එයාට කැමති වෙන්න මගේ හිත ඉඩදෙන්නේ නැ....සමහරවිට එයා ගේ තියෙන සෙල්ලක්කාරකම නිසා වෙන්න ඇති....ඒත් මං කොච්චර අකමැති උනත් එයා මගේ පස්සෙන් එන එක නැවැත්තුවේ නෑ...ස්කුල් අවුට් වෙලා රස්සාවක් කලත් එයා තාමත් මං පස්සෙන්මයි....

  "ඔබ මාත් එක්ක නපුරු කතාවක්....
   මගේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්....
  ගස්සනවා පද්දනවා ...රවලා අහක බලනවා.....
   මට නං දැන් මල ඇණයක් කියලා කියනවා....
      Bt
   මා ඔබත් එක්ක ප්‍රේම කතාවක්....
  ඔබේ ඇසුත් එක්ක රහස් කතාවක්..."

කල්පනාවේ ඉදපු මම උඩ ගියේ කන ලගින් අංජබකල් සින්දුවක් ඇහුනු නිසා.....මං බැලුවේ කවුද මේ සුපිරි ගායකයා කියලා හිතලා....යවන්න තියෙන්නේ y හැන්දෑවට...දිල් එක්ක සාස්තර කියන්න...
  ආ....මේ අකීදනේ.....ඔව් ඉතිං අදත් සුපුරුදු පැණිය හල හල මං ලගට ඇවිත් ෆයිල් ටිකකුත් උස්සගෙන..
  "ඇයි ආ...?"
"ඔහොමද ඔයාගේ වෙන්න හබිට කතා කරන්නේ...?"
  "වෙන්න හබී...?"
"නැතුව...මමනේ ඔයාගේ අනාගත ස්වාමි පුරුෂය .."
"මොකක්...?"
"ඔව් පැටියෝ...ටිකක ආදරෙන් කතා කරන්නකෝ..."
"අපෝ...ඇයි වදේ...මොකටද ආවේ....?"
"ඇයි වදේ කියන්නේ....?ආදරෙන් කතා කරන්නේ ඔහොමද...?"
"මේ අකිද....ඔයා එක්ක නැලවෙන්න මට වෙලාවක් නෑ...මට වදදෙන්නේ නැතුව යන්න මෙතනින්  "
බලා ඉද්දි අකිදගේ මූණ කලු උනා...
  "ඔයාට වද දෙන්න ආවේ නෑ පැටියෝ...මං දන්නවා මාව දකින්න වත් ඔයා කැමති නෑ කියලා...මේ ෆයිල් ටික චෙක් කරගන්න ආවේ..."
එයා ෆයිල් ටික මගේ මේසේ උඩින් තියලා ගියා...මං බලා හිටියේ අකීද යන්දිහා....
ඇයි එක අතකට මං අකීදට අකමැති වෙන්නේ...?එයා කොච්චර සෙල්ලක්කාරයෙක් උනත් කාටවත් කිසිම වරදක් කරන කෙනෙක් නෙමෙයි...ඇයි මට බැරි එයාට යාලුද්ව්ක් විදියට වත් සලකන්න...
  "ආ අකීද...ෆයිල් ටික හරි...අවුලක් නෑ සේරම ඕකේ..."මං අකීද ලගට ගිහින් ෆයිල් ටික දුන්නා...
එයා පුදුම වෙලා මගේ දිහා බලං හිටියා..
  "ඇයි..?"
"නෑ...ඔයා ඔහොම මා එක්ක කතා කරලා නෑ සෙසන්‍යා..."
  "කොහොමද..?"
"ඔයා ඔහොම හොදින් මා එක්ක කතා කරලම නෑ...හැම්දාම කතා කලේ නපුරු විදියටනේ..."
අකිදගේ ඇස් වල කදුලු.....පව්...ඇත්තටම මං අකිදට කොයි තරම් රිද්දවලා තියෙනවද...
  "ඔයා ඉතිං හැමවෙලේම මාව තරහා ගසන්වනෙ...ඕන නැති කතා කිය කිය.."
  "ඕන නැති කතා කිව්වේ...?"
"ලව් කතා..."
මංකිව්වේ අහක බලාගෙන.....
   "හරි ...මං ආපහු ඒ කතා කියන්නේ නෑ...ඔයා මාත් එක්ක හැමදම ඔහොම හොදින් කතා කරනවද....?"
"හා..." එහෙම කියලා මං මගේ ෂීට් එකට ආවේ දිල්කිටත් තට්ටුවක් දාගෙන.

දැන් අකීද මගේ හොද යාලුවෙක්...හරියට දිල්කි වගේම......දන්නේම නැතුව අකීදගෙ දග වැඩ වලට මගේ හිතත් කැමති වෙලා..ඇත්තටම මට දැනෙනවා මං අකිදට ආදරේ කරන්න අරන් කියලා...ඒත් අකීද දැන් ඒ ගැන කතා කරන්නේවත් නෑ.......ඒත් මං දන්නවා තාමත් එයාගේ හිතේ මම ඉන්නවා කියලා...
   "සෙසා....වරෙන් කෑම කන්න......"
ආ මට කියන්න අමතක උනානේ...මායි දිල්කියි ඉන්නේ බෝඩිමක...ජොබ් එක කරන්නේ කොලඹ නිසා අපි බෝඩ් වෙලා ඉන්නේ.....
  "ටිකක් ඉදපං බං...මං එන්නම්.."
"වරෙන් බං...මට බඩගිනියි..."
  "ඉදපං...ඉදපං..."
"කා එක්කද උඹ ඔය මැසේජ් කරන්නේ...පෙන්නපං මටත්...කන එකටත් වැඩිය ලොකුමොකාද කියලා.."
  දිල්කි ඇවිත් බලහත්කාරෙන්ම මගේ ෆෝන් එකට එබුනා...
"අප්පට ....අකීද එක්කද උඹ මේ හැමදාම චැට් කරන්නේ...😱😱"
  "හ්ම්..." මං දිල්කි දිහා හොරෙන් බලලා කිව්වා..
"හ්ම්..හ්ම්.ගාන්නේ...ඉස්සර පේන්න බෑ...දැන් අගේට මල් කඩනවා..."
මං දත් ටික පෙන්නලා ගොන් හිනාවක් දැම්මා...😆😆😆
  "මේ මට ඇත්ත කියපං...නිකං විරිත්තන්නේ නැතුව...."
"මොනවද...?"
"උඹ අකීදට ලව් නේද...?"
"හ්ම්..."එක පාරටම දිල්කිට ඒ ගැන කියාගන්න බැරි ගතියක් මට දැනුනා...
  "කියපං කියපං...හ්ම් හ්ම් ගාන්නෙ නැතුව..."
"ඔව් දිල්....මං අකිදට ආදරේ කරන්න අරං...😍😍කවද්ද කොහොමද දන්නේ නෑ...."
" පොඩ්ඩ්ක් ඉදපං...උඹට පෙන්නන්න දෙයක් තියෙනවා..."
  "මොකක්ද..?"
"මෙන්න.."
"මෙ මොකක්ද බං...?"
"ඕක මං අකීදගේ මේසේ උඩ තියෙනව දැකල ගත්තේ ...ඊයේ එයා වේලසන ගියානේ...මේක දාල ගිහින්..."
මං ඒ පොත දිගඇරියා......අකීද රන්මල් වික්‍රමසිංහ...
ඒ පොතේ පලවෙනි පිටුවේ තිබුනේ එයාගේ ලස්සන පොටෝ එකක් එක්ක එයාගේ නම....
  දෙවෙනි පිටුව දකිද්දි එක පාරට මාව ගැස්සුනා....😲😲😲
සෙසන්‍යා මලින්දි රත්නායක...මගේ ආදරී.........මගේ ෆොටො එකකුත් එක්ක එයා එහෙම කියලා තිබුනා...යටින් මගේ ආදරේ මතක සටහන් කියල තිබුනා....
මං සැලෙන හදවතින් ඒ පොත් පෙරලුවා....ඒ හැම පිටුවක් ගානෙම අපි දෙන්නා ඉස්කෝලේ ගිය කාලේ ඉදන් මේ වනතෙක් සිදු වූ සිදුවීම් ලියලා තිබුනා....හැම පිටුවකම ලොකූ ආදරයක් මං දැක්කා.....මං එයා දිහා නොබලනකොට එයාට නපුරු විදියට සලකනකොට එයාට ඒවා දරාගන්න බැරිවෙලා....දෙයියනේ.......අකීද මේ තරම් සංවේදි කෙනෙක් කියලා මං හිතුවේ නෑ.....
   "ඇයි දෙයියනේ මගේ සෙසන්‍යට මගේ ආදරේ තේරෙන්නේ නැත්තේ....ඇයි මට එයා එහෙම කරන්නේ...මමත් හිතක් පපුවක් තියෙන මනුස්සයෙක්නේ දෙයියනේ.....ඇයි මගේ කෙල්ලට ඒක තේරෙන්නේ නැත්තේ  .?"
එයා එහෙම ලියලා තිබුන....මගේ ඇස් දෙකෙන් කදුලු වැටුනේ බලං ඉද්දිම...
  "අද මගේ ජීවීතේ සතුටුම දවස...අද මගේ සෙසා මාත් එක්ක කතා කලා..වෙනදා වගේ සැරෙන් නෙමේ.....හොදින්....."
එය එහෙම ලියල තිබුනා..ඒ මං එය එක්කහොදින් කත කල පලවෙනි දවසේ....
ඊට පස්සේ ලියලා තිබුන ඒව නං බලනකොට මටත් හිනා....එයා හරිම සතුටින් ඉදලා තියෙන්නේ......මාත් එක්ක හැමදාම චැට් කරපුව, ඔෆිස් එකේ අපි කරපු විකාර හැම දේම ඒ පොතේ ලියලා තිබුනා...
"අනේ දිල්...."
  "ඇයි..?"
"බලපං බං...මං මොනතරම් පවුකාරියෙක්ද...එයා මට මෙච්චර ආදරේ කරලාත් මට බැරිඋනානේ ඒ ආදරේ විදින්න..."
"හරි ඉතිං දැන් උඹ ආදරේ කරනවනේ බං...කෝල් එකක් ගනිං අකීදට ...."
"දැන් බෑ බං...අනිද්දා එයාගේ බර්ත්ඩේ එකනේ......සප්‍රයිස් කරමු..."
"ඒකත් හොදයි...නිවාඩු දවසනේ...හොද පාටියක් ඇරේන්ජ් කරමු "
  "මරු අයිඩියා එක..ං
මං අනිද්දා වෙනකං හිටියේ ඉවසිල්ලක් නැතුව.....
 
එක පාරටම මං නින්දෙන් ඇහැරුනේ එලාම් එකේ සද්දෙට.....හරියටම උදේ 12 යි...අද අකීදගෙ බර්ත්ඩේ එක..."මගේ අකිද පැටියට සුභම සුභ උපන් දිනයක් වේවා😙😙😙....මගේ ප්‍රසන්ට් එක හවසට දෙන්නම්.......එතකං හොද කොල්ලා වගේ ඉවසලා ඉන්න.."
අකීදට වීඩියෝ මැසේජ් එකක් දාල මං නිදා ගත්තා..මං දන්නව දැන් ඕක උදේ දැක්ක ගමන් මෙයා මට කොල් කරනවා...
  ෆෝන් එකේ රින්ස් යන සද්දෙට මං ගැස්සිලා ඇහැරුනා...ස්ක්‍රීන් එක දිහා බලද්දි අකීද...මට හිතුනා...උදේ 7ත් වෙලා...
"හෙලෝ..."
මං ඇදේ ඉදගෙනම ෆෝන් එක ආන්සර් කලා..
"සෙ..සා.."
"හ්ම්...සෙසා තමයි..."
"ඔයාද අර මැසේජ් එක එව්වේ...?"
  "ඔව්..ඇයි මට එහෙම එවන්න බැරිද..?"
"නෑ..නෑ..පුලුවන්...සෙසා...ඇත්තටම..."
  "ඔව් ඇත්තටම..?"
"ඇත්තටම ඒකේ තියෙන දේ ඇත්තද...?"
"මොකක්ද දැන් ඒකේ තියෙන්නේ...ම්..?"
"මගේ අකීද පැටිය කියලා තිබුනේ..."
"ම්ම්ම්..."
"ඇත්තටම් මං ඔයාගෙද...?"
"නැත්නම්...ඔයා මගේ තමයි....දෙන්නෙ නෑ වෙන කාටවත්..."
"ස්..සෙ...ස.න්‍යා....හ්ග්...මට...හග්."
"අකීද ...ඔයා අඩනවද පැටියෝ....?" 
  "මට සතුටුයි රත්තරං.....හ්ග්...ඇත්තමයි මට ...හග්...පුදුම සතුටක් තියෙන්නෙ..."
"සොරි පැටියෝ ඔයව මෙච්චර දවස් රිදෙව්වට....අදින් පස්සේ ඔයාට කවදාවත් දුකක් දෙන්නෙ නෑ..."
"මට ඔයාව බලන්න ඕන..."
"දැන්..?"
"ඔව්...."
"මේ මං තාම ඇදේ ඉන්නේ...තාම නයිට් ඩ්‍රෙස් එක පිටිං.."
  "එහෙනං බලන්නම ඕන...😍😍😍"
"චික්..යනවා යන්න ...වල් කොල්ලා..."
"හි..හි..හි... මං එනවා..පැය භාගෙන ඔතන"
  "කොහොමද එච්ච්ර ඉක්මනට එන්නේ...?"
"බයික් එකෙ..."
"එහෙන්ම් එන්න..පරිස්සමින් "
මං හිනාවෙවී ෆෝන් එක තියලා වොෂ් රූම් ගියේ අකීද එන්න කලින් ඇදුම් මාරු කරන් ඉන්න...
  වොෂ් රූම් එකෙන් එනවත් එක්කම ෆෝන් එක රිං වෙන්න ගත්තා..අකීද....
  "හෙලෝ...ඔයා ඉකමනට ආවද...?"
"හෙලෝ....ඔයා අකීදගේ යාලුවෙක්ද...?"
  එහා පසින් ආවේ නන්නාදුනන පිරිමි කෙනෙක්ගේ හඩක්..
  "ඔව්...ඔයා කවුද...කෝ අකීද...?"
මගෙ සිත ආගන්තුක බියකින් වෙලී ගියේය.
  "මං කියන දේ හොදට අහගෙන ඉන්න...මං රොහල් පොලීසියෙන් කතා කරන්නේ...මේ ෆෝන් එක අයිතිකාරයා මේ දැන් විනාඩි දහයකට විතර කලින් ඇක්සිඩන්ට් උන...."
   "මො...න..ව...?"
"එයා අයි සී යූ ඉන්නේ...ඉකමනට එන්න්.."
"දිල්කි...." මගේ කෑ ගැහිල්ලට දිල්කි දුවගෙන එනවා මට යන්තම් මතකයි...
   මට සිහිය එද්දිමං හිටියේ ඇදේ...
"ඇයි සෙසා....කවුද කතා කලේ..."
  "දි..ල්..කි....හ්ග්...හ්ග් ...ම..ගේ...අකීද....ඇ..ඇ..ක්සිඩන්ට් වෙල්....හග්...හග්..."
  "මොකක්...කොහෙද ඉන්නේ..ඉදපං ඔහොම...අපි යමු ...."
මං දිල්කිත් එක්ක හොස්පිටල් එකට දිව්වේ අවසිහියෙනි....දෙයියනෙ.....අපි යනකොටත් මගේ අකීද මාව දාල සදහටම ඇස් පියාගෙන තිබුනා.....
  මං පිස්සියෙක් වගෙ කෑ ගහගෙන අකීදව බදාගත්තා....😭😭😭😭😭
"අ..නේ අකීද ඇස් අරින්න...ඔයාගේ සෙසා ආව....ඇස් අරින්න දෙයියනෙ.......අ...කීද...?"
මං කොච්චර කැ ගැහුවත් එයා ඇස් ඇරියේ නෑ......මගේ ලගට ආපු පොලිස් නිලධාරියෙක්
"එයා හැප්පෙන වෙලාවේ මේක ටයිප් කර කර ඉදල තියෙනවා...."
     ....හරියටම මං තව විනාඩි දහයෙන් ඔයා ලග සෙසා.....මං දිනුම් සෙසා...මං දිනුම්.....
මං ඒ පෝන් එක තුරුලු කරගෙන මහ හයියෙන් කෑ ගැසුවා.......
අධික වේගය නිසා අනතුර සිදුවී ඇති බව පරීක්ෂණයෙන් පසුව දැනගන්නට ලැබුනා...
   කොහොම උනත් අකීද ආපහු එන්නේ නෑ.....ඔව්..ඔයා දිනුම් අකීද......ඔයා දිනුම්..පැරදුනේ මං....හැමදාමත් ඔයාට ආදරෙයි මං...😢😢😢😢😢

නිමි......

මගේ දෙවනි නිර්මාණය

තිසරි නදීෂා කුමාරසිරි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment