අහිමි ජීවිතය

😭    "  අහිමි  ජීවිතය "   💔

ටක් ටක් ටක්...

" ගරු උසාවිය චෝදිතයාට විරුද්දව නැගෙන කරුණු දෙස බලා බරපතල වැඩ සහිත ජීවිතාන්තය දක්වා බන්ධනාගාරයට නියම කරනවා "

පොලීසියේ දෙතුන්දෙනෙක් ඇවිදින් මගේ අත් දෙක මාංචු දාලා කූඩුවෙන් බිමට බස්සගනිද්දී  මගෙ අම්මා ඈත බංකුවල ඉකිබිද බිද හඩා වැටෙනකොට මට මගේ පපුව වාවගන්න බැරිඋනා වගේ හැගීමක් දැනුනා..

" අනේ මගෙ රත්තරං පුතාට යන්න දෙන්න මහත්තයෝ..මගෙ පුතා වරදක් කරල නෑ මහත්තයෝ.. අනේ බුදු මහත්තයෝ මං කකුල් අල්ලලා වදින්නං මගෙ දරුවා අහිංසකයි ...එයා වැරැද්දක් කරලා නෑ.. "

මාව මාංචු පිටින් උසාවියෙන් එලියට ගනිද්දී අවුරුදු 50ක් උනු මගේ අම්මා අවුරුදු 25 ක පොඩි පොලිස්කාරයෙක්ගේ කකුල් දෙක අල්ලලා බිම වැටිලා වදිනකොට මගෙ පපුව පැලිලා මැරුනනම් හොදයි කියලා හිතුන..

" අනේ මගෙ අම්මේ අඩන්න එපා අම්මේ..මං ඉක්මනට එන්නං අම්මේ.. "

අම්මගේ හිත් සනසන්න මම මංචු පිටින් අම්මව නැගිට්ටවගෙන අම්මව බදාගෙන මූණ දෙපැත්ත ඉඹගෙන ඉඹගෙන ගියා..

වැහැරිලා එල්ලිලා තිබුන් හම ඉස්සර කොහොමනම් ලස්සනට තිබුනද ? අම්මා මම පොඩි කාලේ කොච්චරක් කියලනම් දුක් විදලා ඇතිද? ඒ ඩිංගට මාව අතීතයට විසික් කරල දැම්මා..

***

" චූටි පුතා සදූ... එන්න පුතේ බත් කන්න... "

අම්මා අඩගහද්දී මම අම්මගෙ ලගට ගියා...අම්මා උයලා තිබුනේ දැන්..රස්නෙයි බත් එක..බත් එකෙන් දුම් පිටවෙනකොට මම ඒ දුම් ටිකට උඩින් කට අල්ලලා සිගරට් දුම වගේ කටින් යවනවා..

" මං උඹට කොච්චර කියල තියෙනවද ඔය වැඩේ කරන්න එපා කියලා ? බලන්න කරපං බලන්න ඔය වැඩේ... "

අම්මා පොල් අතු අස්සෙන් ගහලා තිබුනු කලින් කපාගත්තු හීනි පේර කෝට්ට මගෙ පස්ස හරහට වදිද්දී මට දරාගන්න බැරි වේදනාවක් ආවා..පොඩි තරහක් මගෙ හිතට ආවා.මොකද මම විහිලුවට කරපු දෙයක්නෙ එ
ඉතින් ඒක..

" අම්මෙ මේ... හැමවෙලේම බොරු දෙයක් අල්ලගෙන මට ගහන්ඩ එන්ඩ එපා හරිද? මල අප්පිරියාව... "

" සදූ ??? "

මම ගස්සගෙන කාමරේට ගියා..කුස්සියේ ඉදපු අම්මා හෙමීට අඩන සද්දෙකුත් ඇහුනා..මං ගනන් ගත්තේ නැතුව ඒක ඇහෙන්නේ නැති වෙන්න සද්දෙට සින්දුවක් දැම්මා..සිංදුව පටන් ගන්නත් කලින් ලස්සන ටෝන් එකක් ගියා...

" කදුලු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා...
සුසුම් හෙලා ගිනිදළු ගෙන ලිප මොලවන අම්මා...
වෙල් දෙණිවල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා...
ඉදිකඩ ලග බලා හිදී අපි එනතුරු අම්මා..... "

' අම්මා ' කියන අකුරු තුනේ කොච්චර අර්ථයක් තියෙනවද ? අම්මා මම බනින බැනුම් කොච්චරක්නම් ඉවසන්න ඇතිද? මගෙ මේ ගල් උන පපු කැවුත්ත හීනියට දියාරුවට ලෝදිය වගේ දියවෙලා ගියේ අම්මව මතක් වෙලා..

" අම්මේ මොනවද කරන්න ඕනේ ? "

මම කුස්සියට ගියේ අම්මට වැඩක් කරල දෙන්නයි..මම එහෙම අහනකොට අම්මගෙ කටේ පුංචි හිනාවක් ඇදුනා මට ලාවට මතකයි...

" අනේ සදූ දර කෑල්ලක්... "

" හා අම්මේ..ඉන්නකෝ... "

මම එහෙම කියාගෙන දොර මුල්ලේ තිබුණු පොරවත් අරගෙ පිටිපස්සේ තිබුනු දර කොට කෑල්ලට හයියෙන් තඩිබෑවා..ගහන්න ගහන්න ඒක පැලෙන්නෙම නෑ..එකදිගටම ගහගෙන ගහගෙන ගියපු හින්දා මගෙ කොන්දත් රිදෙන්න ගත්තා...අත් දෙකෙත් කරගැට දාලා..දාඩියත් දාලා ඇග වෙව්ලන්න ගත්තා..

" අම්මේ...ඒ...ඒ..."

මම කෑ ගහපු කෑ ගැහිල්ලට අම්මත් දඩ බඩ ගාලා හැන්දත් උස්සගෙන පිලිකන්නට දුවගෙන ආවා..

" මොකද සදූ ??? ඇයි මගෙ පුතේ මොකද උනේ ? "

" #මට_මේ_බර_වැඩ_කරලා_පුරුදු_නෑ_අම්මේ.... "

මම ඒ වචන ටික කියද්දිත් අම්මගෙ ඇස් වලට කදුලු කැට දෙක තුනක්ම ඉනුවා..මගෙ ඔලුව අත ගාලා ' යං පුතේ ' කියලා මාව ගේ ඇතුලට එක්කගෙන ගියා..

***

" අනේ අඩන්න එපා මගෙ රත්තරං අම්මේ..එදා මං අම්මා කියපු වචනයක් නෑරම ඇහුවනම් අද මට මෙහෙම වෙන්නෙ මෑ මගෙ අම්මේ.."

මං කෑගහල අඩද්දි මගෙ අම්මගෙත් ඇස් දෙකෙන් සියගනන් කදුලු කැට නිමක් නැතිව ගලාගෙන එනවා දකිද්දී මම මාංචු පිටින්ම මගෙ පපුවට අත් දෙකෙන්ම හයියෙන් ගහගත්තා..අම්මා පපුව අල්ලගෙන "මගෙ පුතේ..." කියලා බිම ඉදගත්තා..මං අම්මව බදාගන්න කියලා ලගට පැන්නාම..පොලිස් කාරයො දෙන්නෙක් මාවයි අම්මවයි ඈතින් ඈතට කරද්දී... මගෙ බොදවෙච්චි ඇස් වලින් අම්මගෙ රූපේ අවසන් වතාවට දැකලා අදට හරියටම සතියක්..

" එක දවසක්වත් මගාරින්නෙ නැතිව අම්මගෙ තුරුලේම අවුරුදු 20ක් නිදාගත්තු මට දැන් සතියක ඉදන් බිම සීතල සිමෙන්ති පොලවේ කිලිටු වෙච්චි සුදු කොට කලිසමයි, බැනිහමයි ඇදගෙන කොහොමද අම්මේ මෙහෙම ජීවත් වෙන්නේ ? "

හැමදාම නාන ටැංකිය ගාව වතුර බාල්දියක් ඔලුවේ දාගෙන  කාටත් හොරාවට මගේ කදුලු වතුර වලට දියවෙන්න දීලා අඩන පුරුද්දක් මට තිබුනා..හැම මතකයක්ම වගේ ඔලුවට එද්දී උන්ව මරං කන්න තරම් මගෙ ඇග තාමත් නලියනව අම්මේ..

***

" ඒහ් අඩෝ...මොකද මචන් කරන්නේ ? අද සෙට් වෙමුද බං..? "

"අනේ බෑ බං..මට ගෙදර යන්න ඕනෙ..අම්ම තාම කාලත් නැතිව මං එනකන් බලාගෙන ඇති බං..."

අනුශ්ක කියන්නේ ස්කෝලෙ කාලෙ ඉදන් මගෙ යාලුවෙක්..යාලුවෙක්ටත් එහා ගියපු සහෝදරයෙක්..මගෙ වචනෙන් කිව්වොත් සුපිරිම බොක්කක්.කවුරු මොනා කිව්වත් මම අනුශ්කව තදින්ම විශ්වාස කරා. අනුශ්ක කෑල්ලක් හින්දා බේබද්දෙක් උන කොල්ලෙක්..වටින් ගොඩින් ඌ ගැන වැරදි දේවල් මගෙ ඔලුවට වැටෙද්දී මම තවමත් අනුශ්කව විශ්වාස කරා..

" අම්මා මොනාද බං ? උඹ ගෑනියෙක්ද ? යකෝ පිරිමියෙක් වගේ හිටපංකෝ...යකෝ පොඩ්ඩක් බීලා එහෙම පිරිමියෙක් වෙයං... "

" ඒ උනත් බං... "

පිරිමියෙක් වෙන්න අරක්කු සිගරට් කුඩු ගංජා කටේ තියන්නම ඕනෙ නෑ කියල මං හොදටම දන්නවා.ඒත් දැං කාලේ කොල්ලෝ උංගෙ යාලුවන්ගෙ පිරිමිකම මනින්නෙ බීමෙන් නෙහ්..

" ඒත් මේත් නෙවෙයි යකෝ..අද චුට්ටක් බොමු..මොකද්ද බං ? අද පොඩි විශේශ බඩ්ඩකුත් තියෙයි ? "

" ඒ මොකද්ද බං ? "

" උඹට ඒව වැඩක් නෑනේ..උඹ වරෙංකො යන්ඩ.. "

හරියටම හය හමාරයි මාව බලෙන්ම වගේ අනුශ්කයා ඇදගෙන යද්දී.. එතන මම දන්නෙ නැති කොල්ලො දෙතුන් දෙනෙකුත් හිටියා..කොහොම උනත් අනුශ්කයා නං ඒ අයව හොදට දන්නවා වගේ... උං මොන මොනවදෝ සුදු පාට කුඩු ජාතියක් අල්ලට ගත්තා...

" මොනවද බං ඔය ? කුඩුද ? "

" හහ්..හහ්...හහ්.... මූ මොකෙද්ද යකෝ...අනුශ්ක මූ මේව ගහලත් නැති එකෙක්ද බං...ඉදකිං... "

මගෙ ලැජ්ජාව පොලව පලාගෙන යන්න තරම්..ඒත් එක්කම මට තරහකුත් ආවා..මම දන්නවා වගේ ලැජ්ජාව වහගන්න අනුශ්කයාගෙන් කුඩු ටිකක් උදුරලා අරන් ගැහුවා...අරුන්ගේ කටවල් ඉබේටම ඇරුනා..එතකොටයි මගෙ හිතට සහනයක් ආවේ...

' පාවෙන උඩු හුලග මට පේන්න ගත්තා
බැහැගෙන ගියපු ඉර එලිය ආපහු මට පේන්න ගත්තා
රැහැයියංගේ සද්දේ මට අමුතුවට ඇහෙන්න ගත්තා
ඇත්තම කිව්වොත් මම හීන ලෝකෙක අතරමං උනා වගේ දෙයක් උනා... '

'රීශ්...රීශ්....'

එකපාරටම කොහෙන්දෝ විසිල් සද්දයක් හීනෙන් වගේ ඇහුනා..මම ඇස් කොනෙන් වගේ බලද්දී අනුශ්කලා හැමෝම මාව දාලා සී සීකඩ පැන්නා..මට එහෙම්මම ඇස් පියවුනා..මම ඇහැරුනාම මම හිටියේ පොලිස් කූඩුවක් ඇතුලේ...

" මේ සාජන්... මේකට විරුද්දව නඩුව ෆයිල් කරන්න කුඩු පැකට් 11යි, ගංජා කෑලි 20 ක් එක්ක බෙදාහැරීමක් කර කර ඉන්න අතරේ අපි කොටු කරගත්තා කියලා..."

මං ඇස් දෙක උඩ තියාගෙන කූඩුවේ කම්බි කූරු අත් දෙකෙන්ම අල්ලගෙන පොලිස් ලොක්කා දිහා බලාගෙන හිටියා..

" තුඃ නොදකිං...කාලකන්නි හැත්ත..අපේ අනාගත පොඩි දරුවංගෙ ජීවිත කන හිගන හැත්ත..මුංට ඔහොම වෙලා මදි.. "

එදා ඉදන් මං කූඩුවට සතියක් සීමා උනා..එදයි මාංචු දාපු අත් දෙකෙන් මාව එලියට ගත්තේ උසාවියට ගෙනියන්න.ඔප්පු කරන්නවත් ඇප දෙන්නවත් කවුරුත් නෑ..අම්මාගෙ ඇපේ ගන්න බෑ කීව හින්දා මාව බරපතල වැඩ එක්ක වැලිකඩට දැම්මේ සතියකට උඩදි...

***

" ආ කුඩු මහත්තයා..යමං ඇතුලට.දැං නෑව ඇති.."

කට ඇරල කෑ ගහල රන්ඩු කරන්න හැදුවත් නීතිය ඉදිරියේ මම වැරදියි.එදා අම්මගේ වචනේ ඇහුවනම් අද මම මෙතන නෑනෙ...

" සාජන්...මෙයාව ගන්න... "

පහුවදා හරියටම උදේ 7 වෙද්දී පොලිස් කාරයෝ ටිකක් කූඩුවට ඇවිදින් මගෙ අත්වල මාංචු දාගෙන මාව බලෙන්ම වගේ ඇදගෙන ඇදෙගෙන බන්ධනාගාර බස් එකට දාගත්තා..

" කොහෙද සර් අපි යන්නේ ? මාව මාරු කරනවද ? "

" නෑ අයිසේ..කටවහගෙන එනවකෝ ... "

මාත් කුතුහලේට ඉදගෙන දෙපැත්ත බල බලා ආවා..මට මේ පැත්ත හුගාක් හුරුයි..දෙයියනේ මේ අපේ ගමට යන පාර නේද ?

" සර්..සර්...මේ අපේ..."

මට කියාගන්න හදපු දේ කියගාන්න බැරිවුනා..මං කටේ කෙල ගිලගත්තේ හරි අමාරුවෙන්..ගෙදර හැරෙන පාර ගාව සුදු කොඩියක් එල්ලෙනවා...

" දෙයියනේ අම්මා............ "

මං බස් එකෙන් බහින්නත් කලින් ගම දෙපිටින් යන්න විලාපයක් තිබ්බා..මට උන්නේ මගෙ අම්ම විතරයි..දැන් අම්මත් මාව දාල ගිහින් ද ?

බස් එකේ දොර ඇරලා මාව එලියට බැස්සෙව්වාම ජනාදිපති බලන්න තරම් සෙනග වගේ අපේ ගමේ හැමෝම ඇවිත්..මට මේ ටිකට ලැජ්ජා හිතුනනම් මගෙ අම්මා කොච්චර අවමානයක් විදින්නැතිද ?

" මේ ඉන්නේ මැරුණු ඇන්ටිගෙ පුතා නේද ? "

" ඔව් ඔව් .. කුඩු විකුනලා මාට්ටු වෙලාලු හිරේ ගියේ.."

"පව් ඒ අසරණ ගෑනි.. "

මං ගෙට ගොඩවෙන ටිකට මට ඇහුනු ඒ වචන ටිකට මාව නිකම්ම ඇඩෙව්වා..ලස්සනම ලස්සන පෙට්ටියක කිරි පාටට අම්මා ඇස් වහගෙන නිදාගෙන ඉන්නවා...

" අනේ මගෙ අම්මේ ....මගෙ බුදු අම්මේ..රත්තරං අම්මේ...ඇයි මගෙ අම්මේ මාව දාල ගියේ..."

මං ගේ දෙකක් වෙන්න විලාප තියද්දී වටේ හිටපු හැමෝගෙම ඇස් වල කදුලු දැක්කා..මට උපරිම විනාඩි පහක් අම්මව බදාගෙන ඉන්න දෙන්න ඇති..හිත් නැති මිනිස්සු වගේ මගෙ අම්මගෙන් අවසාන වතාවටත් පොලිස් කාරයෝ මාව වෙන්කරද්දි මම විලාප තිය තිය බස් එකට නැග්ගේ..අම්මගේ අවසාන වැඩ ටිකවත් මගෙ අතින් කරගන්න බැරිවුන කොට මම කොහොමනම් හිත හදාගෙන ජීවත් වෙන්නද ?

දැන් සති දෙකක් වෙනව අම්මේ..මට අම්මව හැමවෙලේම මතක් වෙනව අම්මේ.. ඔයා මගෙ පණ අම්මේ..ඔයා නැති උන දවසේ ඉදන් මාත් මැරිච්චි මිනිහෙක් අම්මේ...

" අම්මා සදකි මම ඒ ලොව
හිරුය රිදී...
ඒ ඉරහදෙන් මගෙ ලෝකය
එලිය උනී.... "

අම්මව මතක් වෙන්න මතක් වෙන්න මම මානසිකව වැටුනා මගෙ අම්මේ... ඉන්න ටිකේ මට අම්මව ජීවත් කරවන්න් පින නෑ අම්මේ.. අත පය හොල්ලලා මගෙ අම්මට මං හම්බකරපු සල්ලි වලින් කන්න දෙන්න තිබුනා..ඒත් මං මගේ කාලකන්නි කමට ජරා යාලුවෝ ආශ්‍රය කරලා මං විහින්ම විනාශ උනා..මට සමාවෙන්න අම්මේ..

" ඔය වැඩේ ඉක්මනට කරපං යකෝ..මොකද තෝ කැද බීලද ? ඔය වැඩේ කරපිය..."

බල්ලෙක්ට වගේ මං නිකන් බොරුවට බැනුම් අහනවා..මං හැම විදියකින්ම මම දුර්වල වෙලා...මට මගෙ අම්ම නැතිව ජීවත් වෙන්න බෑ මගෙ අම්මේ..

.
.
.
.
.


" #මට_මේ_බර_වැඩ_කරලා_පුරුදු_නෑ_අම්මේ.... "

<<<<<<< නිමි >>>>>>

========

කරුමක්කාර ජීවිත වලට හුරුවුන මේ වගේ ජීවිත තව කීයක්නම් ඇතිද ? තමන්ගැන තමන්ගෙ අනාගතේ ගැන හිතන්න බැරිනම් උඹලව හදපු වදපු අහිංසක දෙමාපියන් ගැනවත් , අඩු ගානේ ඒ රත්තරං අම්මගෙ  ගැනවත් හිතල ඔය කුඩු ගංජා සූදු ජීවිතේ අතෑරපල්ල සහෝලා...ඒ අම්මා විදින අවමානේ දවස උඹලගෙ දරුවෝ නිසා උඹලා වින්ද දවසට #දරු_කැක්කුම මොකද්ද කියන එක තේරෙයි... හැබැයි කල් යයි...

ලක්ශාන් B ධර්මසිරි ,

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment