ඔබ ඇවිල්ලා යන්න

කෙටි කතාවකි.

හොද නරක , ඉස්සරහට වෙනස් වෙන්න ඕනේ තැන් එහෙම තියනවනම් කියන්න අමතක කරන්න එපා

#ඔබ #ඇවිල්ලා #යන්න

...........................................................................

සත්සරා කියන්නේ මගේ හොදම යාලුවා . අපේ යාලුකම පටන් ගන්නේ අපි පොඩි කාලෙදිමයී. සත්සරයි මමයි දෙන්නම ගියේ එකම ඉස්කෝලෙට ,ඒ කාලෙදිත් සත්සරා මට වඩා මිටියී . එයා ගොඩක් ලස්සනයී . සත්සරා ශිෂ්‍යත්වේ මට වඩා ඉහළින්ම සමත් උනා . ඒත් ඒකි වෙන ඉස්කෝලෙකට ගියේ නෑ . ඒ මම නිසා , මට හොදට මතකයි එදා සත්සරාගේ අම්ම මට කතා කරා.

" අනේ බලන්නකෝ පුතේ සත්සරා ඔයාලව දාලා ලොකු ඉස්කෝලෙකට යන්නම බෑ කියනවා .ඔයාවත් සත්සරාට කියල බලන්නකෝ පුතේ . පුතා කිවුවොත් නම් අහවී  "

ඒ කියපු කතාවේ තේරුමක් , මගේ පොඩි මොලේට ඒ වෙලාවේ නොතේරුනත් , මට අද තමයි තේරෙන්නේ සත්සරා අපේ යාලුකම වෙනුවෙන් එදා ගත්ත තීරණේ බරපතලකම .

ඒකිගෙයි මගෙයි තිබුනේ පුදුම යාලුකමක් , දවසක්..... අහ්හ්හ් ,,  මගෙ මතකේ හැටියට නම් අපි අට වසරෙදි වෙන්ම ඕනේ , අපේ ගණන් සර් හැමදාම ගෙදර වැඩ දෙනවා . ඒ උනාට ජීවිතේට බලන්නේ නෑ . ඒ නිසා අපිත් ජීවිතේට ගෙදර වැඩ කරන්නේ නෑ . පහුවදා ඉස්කෝලේ ආවම මුලින්ම  සර් අහන්නේ ,

" ලමායී ගෙදර වැඩ කරාද ??????? "

ඒකත් අහන්නේ බොහොම සිනාසුණු මුහුණකින් .

" ඔව් සර් අපි ඔක්කොම ගෙදර වැඩ කරා . දැන් ඊලග කොටස තමයි තියෙන්නේ "

එදා අපේ පන්තියේ හැමගෙම කරුමක්කාර දවසක් . සර් කලින්ම පීරියඩ් එකට ආවා.

" ලමායී ගෙදර වැඩ කරාද ???????? "

" ඔව් සර් අපි ඔක්කොම ගෙදර වැඩ කරා . දැන් ඊලග කොටස තමයි තියෙන්නේ "

" ගොඩාක් හොදයී . එහෙනම් ලමයි රෙජිස්ටරේ පිළිවෙලට කරපු වැඩ ටිකත් අරගෙන එන්නකෝ "

" අද නම් අපේ සෙට් එකටම බඩු හම්බවෙනවම තමයි පුතේ . "

එදා මගේ මතකේ හැටියට ගෙදර වැඩ ටික කරල තිබුනේ සත්සරයි තව උපරිම ලමයි දහයක් වගේ තමයී

මගේ අංකේ 38 . සර් නෙලන නෙලිල්ලට ගෑනු ලමයි බයේ අඩනවා. අපිට ගහන්නේ පිටිපස්සට . ගෑනු ලමයින්ගේ අත් වලට . ඔන්න මගේ වාරෙ ආවා.

"කෝ බලන්න පොත ,  පුතා ගෙදර වැඩ කරාද??????? "

" සර් .... මේ මේ මේ  ..... "

වෙන වචනයක් වත් කියන්න උනේ නෑ , වේවැලෙන් ගහපු පාර ,  ඩෙස්ක් එක උඩ තිබුනු වීදුරු මල් වාස් එකත් පොඩි වෙලා මගේ පස්ස හිරි වැටිලම යන්න දරුණුවටම වැදුනා  .

" පලයන් පංතියෙන් එලළියට මගේ දෑහැට නොපෙනී "

සර්ට යකා ආවේස වෙලා තමයී ඉන්නේ.  ඊලගටා හිටියේ සත්සරා . මට ඒ වෙලාවේ සත්සරා කියා වෙන මොකෙක්වත් මතක නෑ . මම පස්ස පැත්ත කනුවක උල උලා තමයි වේදනාව පොඩ්ඩක් හරි අඩු කරගත්තේ.

" ඔයාට රිදෙනවද ???  "

ඒ සත්සරාම තමයී . ඒත් එයා ගෙදර වැඩ කරල නේ හිටියේ.  මගේ හිතට අමුත්තක් දැනුනා .

" සත්සරා ඔයා......... , අනේ දෙයියනේ බලන්න කෝ ඔයාගේ අත . ඇයි මෙහෙම මෝඩ වැඩ කරන්නේ ?????? "

සත්සරාගේ අත දැකලා මගේ ඇස් වලට කදුලුත් ආවා.

" සර් ගහපු පාර හයියෙන් වැදුනා නේද ? ගොඩක් රිදෙනවද ඔයාට "

" අනේ , කෑගහන්නේ නැතුව ඉන්න "

මට සත්සරා කරපු මෝඩ වැඩේට පුදුම කේන්තියක් ආවේ . පන්තියෙන් සර් එලියට එනකන්ම පීරියඩ් දෙකක් මම සත්සරාගේ අතට හුල්ං පිඹ පිඹ හෙමිහිට අත ගෑවා . එදයින් පස්සේ මම කවදාවත් ගෙදර වැඩ නොකර හිටියේ නෑ . හැමදාම වගේ ගෙදර වැඩ කරන කොට සත්සරා මම වෙනුවෙන් ගුටි කාපු විදිය මට මතක් උනා.

මම එකොළහ වසරෙදි , සත්සරා පංතියේ පළවෙනියා , මම පංතියේ දෙවෙනියා . මම මේ තැනට ගේන්න සත්සරා ගොඩක් මහන්සි උනා. අපි දෙන්න අතර ඒ වෙනකොටත් කිසිම රහසක් තිබුනේ නෑ , හැම දෙයක්ම, අපේ පෞද්ගලික දේවල් පවා අපි දෙන්න කතා කරා. අපි දෙන්නට දෙන්න පුදුම විදියේ විශ්වාසයක් තිබුනා.

ශිෂ්‍යත්වෙදි ලකුණු 85 ක් තිබුනු මම එදා සාමාන්‍ය පෙළ විභාගෙදි A සාමර්ථ 9ක් ගත්තා. සත්සරත් මගේ ප්‍රතිඵලයමයි ගත්තේ . මට හොදට මතකයි එදා අපේ ප්‍රතිඵල එන දවසේ අපි දෙන්නා හිටියේ පහළ තොටුපල ලග ගීතයෙන් ගීතය කර කර . එක පාරටම අපේ අම්මා කෑගහගෙන මගේ පත්තට දුවගෙන ආවා. මම ඒ වෙලාවේ මොනතරම් බය උනාද කියල කිවුවොතින් මගේ කකුල පැටලිලා මම දොළටත් වැටුනා.

චූටි පුතේ.... මගේ පුතේ..... ඔයා ලොකුවටම විභාගේ පාස් වෙලා මගේ දෙයියෝ . "

මගේ අම්මා එයාගේ සතුටට තෙට පිටින් හිටිය මාව බදාගෙන ඇඩුවා .

අම්මා මාව එයාගෙන් නිදහස් කරා විතරයි , සත්සරා මගේ කරේ එලීගෙන මාව තුරුල් කරගත්තා . මොකද සත්සරා මට වඩා ගොඩක් මිටියී . අපේ අම්මට සත්සරා දිහා බලල පොඩි හිනාවක් ගියත් අම්මා මුකුත්ම නොකියා හෙමින් යන්න ගියා.

" ඒයී මැට්ටී දැන් ඇති . කවුරුහරි අපි මෙහෙම ඉන්නව දැක්කොත් , මම ඔයාලගේ ගෙදර ඇවිල්ල නම් ඉවරයී. "

" ඉතින් කවුරු දැක්කම අපට මොකද , මට ටික වෙලාවක් මෙහෙම ඉන්න ඕනේ . "

මම තොටුපල අයිනේ තිබුනු පොල්ගහට හේත්තු වෙලා සත්සරාගේ ඔලුව අතගගා හිටියා . එයා ගොඩ වෙලාවක් යනකන් මගේ පපුවට හේත්තු වෙලා හිටියා .

" සත්සරා දැන් කලුවරත් වැටීගෙන එනවා . යමු ඔයාව මම ගෙදරට ඇරලන්න "

මම එදා ගෙදර ඇවිල්ලත් සත්සරා ගැන ගොඩක් කල්පනා කරා . ඇත්තටම හිතට එකගවම කිවුවවොතින් සත්සරා මට ආදරේ කරනවා කියල මට එදා තේරුනා . මගේ හිතෙත් එයා ගැන එහෙම හැගීමක් නොතිබුනා නෙවෙයී .

............................................................

අපි දෙන්නව විභාගේ උඩින්ම සමත් උන නිසා , උසස් පෙළ හදාරන්න නගරෙ පාසලකට යන්න කියල ඉස්කෝලේ මිස්ලත් අපිට කිවුවා. අපි නගරෙ පාසලකට යන්න තීරණය කරත් තෝරගත්තේ මිශ්‍ර පාසලක් . මොකද එතකොට අපිට දුරස් වෙන්න දෙයක් තිබුනේ නෑ . සමහර දවස් වලට ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර එනකොට රෑ නමයත් පහුවෙනවා හවස ටියුෂන් පංති තියෙන නිසා .

ඉස්කෝලේ ඇරිල හවස පංති තියෙන දවසට අපි දෙන්නම කන්නේ එකම කෑම එක . බස් එකේ අපි දෙන්නටම වාඩි වෙන්න සීට් දෙකක් නැත්නම් සත්සරා වාඩි වෙන්නෙත් නෑ . සමහර දවස් වලට සත්සරා බස් එකේ හිටගෙනම නිදා ගන්නවා. ඒ වගේ දවස් වලට නම් මම පුදුම කට්ටක් තමයි කන්නේ . ඇයී ඉතින් සත්සරාවත් මම බලාගන්න ඕනේ නේ.

අපි ගෙදර එනකොට කොච්චර රෑ උනත් මම ගෙදර යන්නේ සත්සරාව ගෙදරටම ගිහින් දාලම තමයී. අපිට සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ පංති තිබුනේ නෑ . ඒ නිසා ඒ දවස් දෙකේදි අපි දෙන්නා තොටුපල අයිනට ඇවිත් මුලු දවසෙම පාඩම් කරා . මගේ ඔලුව රිදෙන්න ගත්තම ඒකි පොත පැත්තක තියල මාව ඔඩොක්කුවේ ඇල කරගෙන මගේ ඔලුව අතගානව මට නින්ද යනකන්ම . ඇත්තටම එදා අපි හිටිය විදියට අපිට ආදරේ කරන්න කියල මහ අමුතුවෙන් දෙයක් ඉතිරි වෙලා තිබුනේ නෑ . අපි දෙන්න පුදුම විදියට ලං උනා .

ඔහොම ගොඩක් සතුටින් අපේ කාලේ ගතවුනා . උසස් පෙළ විභාගයත් අපි දෙන්නම ඉහළින්ම සමත් වෙලා මුල් වතාවෙන්ම සරසවි වරම් පවා දිනාගත්තා. අපි දෙන්නම තෝරගත්තේ පේරේ. පුදුම සතුටු ජීවිතයක් ඒක. ලෙක්චර්ස් ඉවර වෙලා අපි කෙලින්ම යන්නේ කැන්ටින් එකට. ගිහින් බඩ පැලෙන්නම කනවා ..

අපේ බැජ් එකේ හිටිය ලස්සනම කෙල්ල තමයි සාත්සරා. අයියලා එයාට පුදුම ට්‍රයි එකක් දුන්නේ . ඒත් මම දැනගෙන හිටියා සත්සරා ඒ කවුරුවත් වෙනුවෙන් අපේ යාලුකම පාවල දෙන්නේ නෑ කියල .  දවසක් ලෙක්චර්ස් ඉවර වෙලා සත්සරා මගේ ලගට දුවගෙන ආවා .

" සිතූ අර කොල්ල දැක්කද , එයා මගෙන් දැන් දවස් ගානක ඉදන් කැමැත්ත අහනවා . මට උදව් කරන්නකෝ සිතූ "

ඒ කසුන් . තර්ඩ් ඉයර් කොල්ලෙක් . මිනිහ නම් පට්ට ලස්සන කොල්ලෙක් . ඇග පත එහෙම පට්ටම ශේප් .

" සචී , ඔයා ඒ අයියට කැමතිද ???? "

" අනේ මන්දා සිතුවෝ . මට එයා දැක්කම මහ අමුත්තක් දැනෙනවා. කියන්න තේරෙන්නේ නෑ "

" එහෙනම් සචියෝ ඔයා මිනිහට කැමතියී . කැමැත්ත දීලා දාපන් . මම විනාඩියකට කැම්ටින් එකට ගිහින් එන්නම් "

මම පුලුවන් තරම් ඉක්මනට සත්සරාගෙ ලගින් දුරට ගියේ කදුලු හන්ගන් ඉන්න අමාරු නිසා . එදා හවසම මම සත්සරාට බොරුවක් කියල ගෙදර ආවා .

" සත්සරා මගේ බඩ රිදෙනවා . ඇයිද දන්නේ නෑ  . ගමේ සීයගෙන් බෙහෙත් ටිකක් අරගෙන එන්නම් "

ගෙදර ඇවිල්ලත් මට මතක් උනේ සත්සරාවම තමයි . මම ගෙයින් එලියට වත් අඩියක් තිබ්බේ නෑ . අම්මට කිවුවේ  , කැම්පස් එකෙ නිවාඩු දුන්නා කියල . ආයෙම මම කැම්පස් එකට ගියේ සති තුනකට විතර පස්සේ.  ඒ වෙනකොට හැම දෙයක්ම වෙනස් වෙලයි තිබුනේ. මම කැම්පස් එකට ඇතුල් වෙනකොට සත්සරයි , කසුනුයි අත් දෙක අල්ලගෙන ඉස්සරහට ආවා . සාත්සරා මාව දැක්කේ නෑ . මම හොරෙන්ම එයාලව මග ඇරියා.

මට සත්සරාව වෙන කෙනෙක්ගෙ වෙලා ඉන්න එක දරාගන්න බැරි උනා . ඒ නිසා මමත් කෙල්ලෙක් එක්ක යාලු උනා . ඒත් මම.ඒ කෙල්ලට පොඩ්ඩක් වත් ආදරේ කරේ නෑ . සරසවි ජීවිතේ අන්තිම කාලේ හෙමින් ලන් උනා . අන්තිම දවසේ අපි පාර්ටි එකක් දාලා යාලුවෝ හැමදෙනෙක්ටම සමුදීල සරසවියෙන් පිටත් උනා . මම සරසවියෙන් එළියට ආවේ සරසවියේ හැම මතකයක්ම සරසවියටම භාරදීලා තනිකඩයෙක් විදියට .

ගෙදර එන්න බස් එකක් අල්ලගන්න හෝල්ට් එකට යන කොට සත්සරාත් ගෙදර යන්න හෝල්ට් එකේ හිටියා . මම මගේ හිත ගැන දන්න නිසාත් , සත්සරාගේ ආදරෙට හරස් වෙන්න තරම් මට හයියක් නොතිබුනු නිසත් . මම හෝල්ට් එකට නොගිහින් සත්සරා බස් එකකට නගිනකන්  මගින් හිටියා . පැයකට විතර පස්සේ තමයි මම හෝල්ට් එකට ගියේ  . හෝල්ට් එකට ආව ගමන්ම වගේ බස් එකක් ආවා . ඉක්මනට ගෙදර යන්න ඕනේ නිසා මම බස් එකට ගොඩ වෙලා සීට් එකක් වාඩි උනා . ගෙදර යන කොට කොහොමත් පාන්දර කිට්ටු වෙන නිසා මම ඇස් දෙක පියා ගත්තා.

" එස්කියුස් මී . මට පොඩ්ඩක් ඉඩ දෙනවද "

ඒ සත්සරා .මට කර කියා ගන්න දෙයක් නැති උන නිසා මම එයාට නැගිටලා ඉඩ දුන්නා.

" සචී මට විසදගන්න ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා . පිටිපස්සේ කවුරුවත් නෑ . පිටිපස්සේ සීට් එකට යමුද  . "

මමත් නොබියවම සත්සරාගේ ඉල්ලීමට එකග වුනා .

" මුලින්ම මට කියන්න ඇයි මෙච්චර කාලයක් මාව මගෑරියේ . මම ඔයාට කරපු වැරැද්ද මොකද්ද සිතූ .  එතකොට අද , ඇයි අද මාව දැකල හෝල්ට් එකට නෑවිත් මග හිටියේ . ඇයි මට පේන්න අර කෙල්ල එක්ක රවුම් ගැහුවේ . ඇයි මට බොරු කලේ .  මගේ සතුට නිසාද එහෙම කරේ , එහෙනම් තමුසේ ඉස්සරහට මම සතුටු වෙන විදිය බලන් ඉන්නවා . බොරුකාරයා ."

මම මොහොතකට නිරුත්තර විය.

" අවසන් පෙම මගේ , ඔබමයි මේ බවේ ............ "

අනිවාර්යයෙන්ම අම්මා තමයි කතා කරන්නේ.

" ඔව් අම්මේ ..මම මේ බස් එකේ . රෑට කෑම තියන්න එපා . මම එනකොට පරක්කු වෙයී . එහෙනම් මම තියනවා බුදුසරණයී ."

" සචී මට ෆෝන් එක පොඩ්ඩක් දෙන්න . ඇයී මේ මගේ පින්තූරයක් දාගෙන ඉන්නේ "

" ඒ මම ඔයාට ආදරේ කරන නිසා . මම ඔයාට ආදරේ කරන නිසා "

මගේ ඇස් වලින් කදුලු රූටා ගියේය .

සත්සරා නිසොල්මන්‍ ය . ඇය මගේ දෙස බලාගෙනම සිටී .

" ඇයි මගේ දෙයියෝ . මේක කියන්න පරක්කු උනේ . ඔයා දන්නවා නේද මම ඔයාට මොනතරම් ආදරේ කරාද කියල . එදා මම කසුන්ව පෙන්නල ලස්සනයිද අහපු වෙලාවේ ඇයි මට එයාට කැමැත්ත දෙන්න කියල කිවුවේ . ඇයි මගේ රත්තරනේ මම වෙනුවෙන් මේ වගේ කැපකිරීමක් කරේ . ඔයා කොහොමද මෙච්චර කාලයක් මේ දේවල් තනියම දාරාගත්තේ මගේ පන. "

සත්සරා මගේ මුලි මුහුනම සිප ගනිමින් හඩා වැටෙයී .

එහෙනම් ඔන්න ඔයා අහගන්න මම කසුන්ට කෝල් එකක් ගන්නවා.

" හෙලෝ ...... අයියේ ඔයා කොහෙද ඉන්නේ. ඇයි මාව බලන්න ආවේ නැත්තේ ? "

" ගෙදර වැඩ වගයක් තිබුනා . "

" අයියේ ඒවා මටත් වඩා ලොකුද "

" අනේ මේ ඕයී . කටවහගෙන ෆෝන් එක තියනවා ."

" ඔන්න ඔහොමයි සචී මම මේ අවුරුදු ගානම හිටියේ "

මට මම ගැනම පුදුමාකාර කාලකන්නි හැගීමක් ඇතිවිය . මොකද්ද මම මේ කරපු පවුකාර වැඩේ  .

" අනේ සිතූ දැන් ඕව අමතක කරන්න ඔයාට මම ඉන්නවා නේ . දැන් ඔක්කොම හරි .  අපි ඉක්මනටම බදිමු . මම ඔයාට ආදරෙයි මැනික ."

" මමත් ඔයාට ආදරෙයි මගේ මහත්තයෝ . මාව නිදි කරන්නකෝ "

නිවස කරා ලන් වන තෙක්ම සත්සරා මගේ ඔඩොක්කුවේ නිදි ගත්තාය  

" සිතූ ....... මැණික දැන් නැගිටින්න . බහින්න ලගයී . "

වේලාව පාන්දර දෙකත් පසු වී ඇත . මම මගේ බෑගය කරේ දමාගෙන සත්සරාගේ බෑගය එක අතකට ගත්තෙමි .

" සිතූ පරිස්සමට බැහැගන්න මැණික "

සත්සරා මගේ ඉනෙන් බදාගෙනය .කෙසේ හෝ සත්සරාව ඇගේ නිවසටම ඇරලූවෙමී

" ඇන්ටී ඇන්ටී . දොර අරින්න ...... "

" ඇයි පුතේ මේ තරම් රෑ වෙලා . දැන් ගෙදර යන්න එපා . අද රෑ මෙහේ ඉන්න . හෙට ගෙදර යන්න . "

" අනේ බෑ ඇන්ටී . අම්මා බලාගෙන ඇති මම එනකන් ගෙදර . මම යන්නම ඕනේ . "

" මේ පාන්දර පයින් යන්න බෑ නේ . එහෙනම් මේ අන්කල්ගේ බයික් එක අරන් යන්න . හෙට අන්කල් ගෙදර . හෙට උදේන්ම මෙහේ එන්නකෝ පුතා එක්ක අපට දෙයක කතා කරගන්න තියෙනවා . "

" එහෙනම් මම ගිහින් එන්නම් ඇන්ටී . මැනික මම ගිහින් එන්නම් "

" පරිස්සමට ගිහින් එන්න මගේ දෙයියො. බුදුසරණයී "

මම සත්සරාගේ නලල සිප ගෙන . ඔවුනට සමුදී නිවසට ඒමට පිටත් වුනෙමි .  

............................................................

" අම්මේ මාව පාන්දරම අවදි කරන්න . මට හෙට පොඩි ගමනක් යන්න තියෙනවා . සත්සරාගේ අම්මට මම එක්ක මොකද්ද දෙයක් කතා කරන්න තියෙනව කියල හෙට එන්න කිවුව නේ . "

" හා හා ඒ හෙට නේ . දැන් මගෙ පුතා නිදා ගන්න "

............................................................

එදා අම්මා අවදි වෙන්නටත් කලින් මා අවදි වී සත්සරාගේ නිවසට යාමට සූදානම් වූයෙමි.

" අම්මේ ... අම්මේ .... මම එහෙනම් ගිහින් එන්නම් ."

සත්සරාගේ නිවස වෙත යන විට වේලාව  අටත් පසුවී ඇත .

" ගුඩ් මෝනින් ඇන්ටී . සත්සරා ඉන්නවද ? "

" සත්සරා තාමත් නිදි ඇති පුතේ . ඊයේ එනකොට රෑ උනානේ . මම කරදර කරන්න ගියේ නෑ "

" පුතේ පුතාට එන්න කිවුවේ ලොකු දෙයක් කතා කරන්න .අපි පුතාගෙ අම්ම එක්කත් මේ ගැන කතා කරල බැලුවා . පුතා සිතූව බදින්න කැමතිද? "

මට කිසිවක් කරකියාගත නොහැකි විය .මට අලුතෙන් ජීවිතයක් ලැබුනාක් මෙන් දැනුණි .

" මම ඊයේ රෑම සත්සරාගෙන් මේ ගැන ඇහුවා . එයාමුකුත් නොකියම මාව බදාගෙන ඇඩුවා "

" ඇන්ටී මට මේ ගැන සත්සරා එක්ක කතා කරන්න ඕනෙ පොඩ්ඩකට ."

" හරි පුතා  . එහෙනම් ගිහින් කතා කරල එන්න කෝ . පඩි පෙළ ලගම තියෙන කාමරේ "

හිතේ තිබුනු සියලුම ප්‍රශ්න නිදහස් වූ බවක් හැගුනි . 

" සිතූ .... ගුඩ් මෝනින් . නැගිටින්න . සුභාඅරංචියක් කියන්න තියෙනවා . "

" සිතූ ..... කෝ ඉතින් නැගිටින්න . "

" අම්මේ ........................... සිතූගේ ඇග හොදටම සීතල වෙලා . මෙයා ඇස් දෙක අරින්නෙත් නෑ . අනේ සිතූ නැගිටින්නකෝ . අම්මා ඔයාව මට භාර කරා . කෝ නැගිටින්න කෝ "

" දුවේ ...... අනේ මහත්තයෝ ... මෙහෙ එන්නකෝ . දුවට මොනවද වෙලා . ඉක්මනට මෙයාව ඉස්පිරිදාලෙට එක්කගෙන යමු "

සිතූව අත්දෙකෙන් වඩා ගෙනම මම පයින් රෝහලට දිව ගියෙමි . ඒ වනවිතත් සිතූ සියල්ලන්ම හැරදා නික්ම ගොස් තිබිණි.

" මට සමාවෙන්න මගේ මහත්තයෝ . ඔයාගේ ඒ රත්තර්ං වටින ආදරේ වෙනුවෙන් පූජා කරන්න තරම් දෙයක් මගේ ලග ඉතුරු උනේ නෑ . මේ ආත්මෙදි බැරි උනත් හැම ආත්මකදිම ඔයාගෙම වෙලා ඉපදෙන්න මම පෙරුම් පුරනවා . මම මහ කාලකන්නියක් සචී . ආදරෙයි මගේ මහත්තයෝ "

ඒ ඇයගේ අවසන් සිතිවිල්ලයී ......

නොහැකි වූවත්
එතෙර වන්නට
සසර මංතොට
මේ භවේදී
පතන්නේ මා
වෙනත් භවයක
එතෙර වේවා
නිවන් ගං තෙර 😓😓😓😓😓😓😓

..................................නිමි.....................................

          #උවිදු #අස්විකගේ #අකුරු #ගොන්නකි

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment