පැතුවෙමි සෙනෙහස
කෙටි කතාව
කියාගන්න බැරි තරම් මේ හිත දුක් විඳිද්දි...මට හිතුනෙම මේ ලෝකේ දාලා යන්න.. ..මේ මතකය පුරාම..හදවත පුරාම..හැම ලේ බිංදුවක් පුරාම..හැම නහරයක් පුරාම..මගේ ඇස් පුරාම..මතකයට ආවේ..මැවි මැවී පෙනුනේ..එකම රුවයි..ඔව්..ශනූද්‍ර..ඒ..ඔයාම විතරයි...අවුරුදු හතරක්ම..පපුව පැලෙන්න..ආදරය කරපු මට..අන්තිමට ඔයාගෙන් ඉතුරු උනේ..දුක..වේදනාව..අපහාස...සැකය..කලකිරීම..විතරමයි...ගෙවුණු හැම දවසකම..හොඳටෝම දුක් විඳපු මේ අහිංසක හිතට..තවත් දුක්විඳින්න තරම් ශක්තියක් නෑ දෙයියනේ..පුංචිම දේටත්..මහා හුඟක් හිත රිදෙද්දි..කම්මුල්..හකු.පැලෙන්න තරම් රිදීගෙන..හැමදේටම කඳුලු ඉස්සර වෙන ඇස් වලින් කඳුලු පනිද්දි..ඔයාගෙ නපුරුකම් ඉවසුවේ අපේ ආදරයේ නාමයෙන්..මේ ආදරේ..තවත් එක් විරහ ගීයක් නොකර..සදාතන ප්‍රේමයක් කරන්න..මේ හිතේ තිබුන ආසාවට..ඒත්..තවත්..දුක් මේ හිතට..දරාගන්න..අමාරුයි...අතේ ගුලිකරගෙන ඉඳපු බෙහෙත් පෙති අහුර එහෙම්ම කටට හලාගෙන වතුර එකක් බීගෙන බීගෙන ගිහින්..ඇඳට වැටුනේ අන්තිම වතාවටත්..ඔය ඇස්දෙක මවාගෙන...
හීන් සීරුවට..මේ හදවත..
පිරිමැදපු..ඔය රන් සිනහව..
කවදා කෙලෙස මට..අමතක වේවිද...
නුඹ නමින් මා විඳපු..ඒ දුක්..වේදනාව...
යන්තම් අඩවන් උන ඇස් දෙකෙන් අමාරුවෙන් ෆෝන් එකෙන් හොයල..ඔයාගේ පොටෝ එකක් අරගෙන පපුවට තුරුලු කරගත්තේ..මේ බවයේ..අහිමි උන..ඔබව මට..මතු බවේදිවත්..ලැබේවා කියලා හිතාගෙන... වෙව්ල වෙව්ල...ඇඟ අප්‍රාණික වෙද්දි...මලාණික ඇස් තටු යන්තමට සෙලවෙද්දි..ජීවිතේ..ඉතින්..නිමවේය මෙතකින්...හිතාගෙන...මං ඇස් දෙක පියාගත්තේ...යළිත්..නොඅරින්නමයි...හිතාගෙන...
.........................................
සිතුම්නා..ඔහොම ඉඳපන් බං..කොහේද උබ මේ දුවන්නේ..පීරියඩ් එකත් කට් කරලා..උබ ක්ලාස් එකෙන් එළියට ආවේ..මොනවද උබට වෙලා තියෙන්නේ..මිතුරිය නිසලි..සිතුම්නාගේ අතේ එල්ලුනේ..බැනගෙනමයි...කඳුලු පිරි දෑස්..වලින් වැටුනු කඳුලැල්..දෙකොපුල් තෙමා ගලා හැලෙද්දි...සිතුම්නා ..කඩා වැටුනේ..මිතුරියගේ උරපත්තට..
කියපන් සිතූ..උබ මේ හිතේ තියන්..තනියම දුක් විඳින්නේ..මොකක්ද ප්‍රශ්නෙ..නිසලිව අත්හැරි සිතුම්නා.. අරලිය ගස් සෙවනේ..ගල් පඩිපෙලින් ඉඳගත්තේ..අරලියා මලක්..නහයට ලං කරගෙන..සුවද විඳිමින්...
දන්නවද නිසලි...මේ සුදු අරලිය මල..පිරිසිදු බවේ..හොඳ සංකේතයක්..බලන්න..මේකේ මාරම සුන්දරත්වයක් තියෙනවා..සුදු පාට පෙති...කහ පාටට යාන්තමට තියෙන රේණු..බලන්න..වෙන මල්වල වගේ නෙවෙයි..රේණු උනත්..හරි පරෙස්සමට තියෙන්නේ..මල දිහා හරියට පැහැදිලිව බැලුවොත් තමයි..ඒක බලාගන්න පුලුවන්..ඒ වගේමයි..ඒකේ සුවදත්..හරිම පිවිතුරුයි...සුදු අරලිය මලට ටෙම්පල් ෆ්ලවර් කියන්නේ...ඒක ඒ තරමටම..පිංබර නිසා කියලා මට හිතෙනවා..සිතුම්නා කියවගෙන ගියේ..හිතට දැනුන..හිතුන දේ මිසක්..ඒ කිසිවක්..ගැන දැනුම් තේරුමක් නැතුවමයි...
දැන්..උබ මේ..අරලිය මලක් අල්ලගෙන..මට දෙන්න යන ලෙක්චර්ස් එක මොකක්ද කියපන්..
අහගෙන ඉන්න නිසලි..මං කියනකම්..මේ සුදු අරලිය මල වගේමයි..ගෑනු ලමයෙක්ගේ චරිතයත්..මං අහලා තියෙනවා..කෙල්ලෙක් බිඳෙන බඳුනක් වගේ කියලා..ඒකේ තේරුම..බිඳෙන බඳුනක් කැඩිලා නම හදන්න බෑ වගේම..කෙල්ලෙක්ගෙ චරිතය..විනාස කරගත්තොත්..ආයෙ හදන්න බෑ කියන එකනේ..ඒක ඇත්ත..
ඊටත් වඩා මේ සුදු අරලිය මලත් එක්ක සංසන්දනය කරොත්..මොකද හිතෙනනේ...ආ..නිසලි...
සිතූ..මට උබ කියන අපබ්‍රංශ තේරෙන්නේ නෑ..නිසලිට සිතුම්නාගේ හැසිරීම..තේරුම් ගන්නත් අපහසු උනා..
සුදු අරලිය මල.ශාන්තයි..පිංබරයි..සුවඳයි.හරිම චාම්..ලස්සනයි හැඩයි...නිසංසලයි...ගෑනු ලමයෙකුත්..ඒ වගේම වෙන්න ඕන..නිසංසල..ලස්සන..පිංබර..චාම්..වෙන්න ඕන.කෙටියෙන් කිව්වොත්..ගෑනු ලමයෙක් පංසලක් වගේ..එයාගේ..හොඳ ගති ගුණ වලින් එයාව සුවද හමන්න ඕන..ඒක ස්වභාවික දෙයක්..ඒ සුවද දැනෙන්න ඕන හදවත් වලට මිසක්..නහයට නෙවෙයි...නහයට දැනෙන සුවඳ..සෙන්ට් එකක් ගහලා උනත් ගන්න.පුලුවන්..ඒත්..ඒක තාවකාලිකයි වගේම කෘතිමයි...දැන බලන්න..මං මේ මලේ පෙති ටික කඩනවා...සිතුම්නා මලේ පෙති එක එක කැඩුවා..නිසලි ඇස් දෙකත් ලොකු කරගෙන බැලුවේ..වෙනදට..දඟකාර බවේ..ඉවරයක් නැති සිතුම්නාට..උනේ..මොනවද කියලා..හිතාගන්න බැරුව...
බලන්න..පෙත්තෙන් පෙත්ත කැඩුවම..ඒක දැන් මලක් නෙවෙයි..මල් පෙති විතරයි..මලේ තිබුන වටිනා කම මේකේ තියෙනවද නිසලි දැන්..ඔන්න බලන්නකෝ..මේ පෙත්තක් මං පොඩි කරනවා...සිතුම්නා මල් පෙත්තක් තුනට හතරට නවලා ආයෙම දිගෑරියා..ප්‍රාණවත්ව..ලස්සනට තිබුණ මලේ පෙත්තක්..මැලවිලා පොඩිවෙලා ගියේ ඇස් හතරක් ඉස්සරහමයි..
දැන් බලන්න නිසලි..මේ මල් පෙත්ත..මං..තලලා පොඩි කරා..මේක තිබුණ විදියටම හදන්න පුලුවන්ද අපිට..බෑ නේද?.. අනික..බලන්න..පවිත්‍ර සුදු අරලිය මලේ..පෙති ටික කැඩුවම...ඒ පෙති ටික තලලා පොඩි කරලා දැම්මම..ඒකේ වටිනා කමක් තියෙනවද?. පිපිලා..විකසිත වෙලා තියෙන...මලේ රොන් බීපු.සමනල්ලු..මේ තැලිලා..පොඩි වෙලා තියෙන..මලේ වහනවද නිසලි.. එහෙම වහනවා නම් ඉතින් ඒ සමනලයට..මහන්සි නිසා..විඩාව නිවාගන්න තමයි ටිකක්..නතර වෙලා යන්නේ..සිතුම්නා..ඔහේ කියවගෙන ගියේ.. මිලිනව ගිය සුදු අරලිය මල් පෙත්ත දිහාම බලාගෙන...
කෙල්ලො..අපිත්..මේ මල් වගේ කියලා..මලකට සමාන කරන්නේ...දවසක..තැලිලා පොඩි වෙලා ගියාම වටිනා කමක් නෑ කියලද නිසලි...නිසලිව දෙතුන් වර තිගැස්සෙන්න තරමටම..ඒ වචන..බර වැඩි උනේ..සිතුම්නා ජීවිතය..වරදවා ගෙනදෝ..සිතුවිල්ල..හදවතට බුර බුරා නැගෙද්දි...
සිතුම්නා..මොකක්ද..උබට උනේ...නිසලි එහෙම අහද්දි..මහා හයියෙන් සිනහ වුනු..සිතුම්නා..එක්වරම..පඩිපෙලින් නැගිට..නිසලිලේ දෑස් වලට එබුනේ..පෙර දඟකාරකමින්මයි...
බණ ඇහුවා ඇති වගේ නම්..යමන් ක්ලාස් එකට.නැත්නම් තව බණ අහන්න ඕන නම්..සුදු ඇතිරි්ල්ලක් දාපු පුටුවයි...පා දෝවණය පිණිස..ජල බඳුනයි..ගිලන්පස එකයි..පිරිකරකුයි ලෑස්ති කරන්න..දරුවා....සිතුම්නා..හරියට කෙලින් ඉඳගෙන..හාමුදුරු නමක් මෙන්..කියද්දි..නිසලිට හිනාව..නතර කරගන්නත් බැරි උනා...
ඒක බණක් උනත්..උබ කියපු දේවල්..අද වෙනකම්..ටීචර් කෙනෙක් තියා..අපේ අම්මලාවත්..මට කියලා දීලා නෑ බං..උබ කෙල්ලෙක්ගෙ වටිනාකම ගැනයි ඒ කිව්වේ...නේද?..
අනේ මන්දා..හිතට ආවා..ඒ දේවල් මං කිව්වා බං..දැන් යමන් ක්ලාස් එකට..පීරියඩ් දෙකක්ම කට් කලා..ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ලඟ දණ ගහන්න උබ ආසයිද?..
සිතූ..උබ මගේ හොඳම යාලුවා..මට උබව දැනෙනවා සිතූ..දවස් ගානක ඉඳලා..උබ හුඟක්ම හුගක්..වෙනස්..නිතරම හිනාවෙලා...ගිරවියෙක් වගේ කියවපු උබ..දැන්..හුගක් නිහඬ චරිතයක් වෙලා .ටීචර්ස්ලා..ප්‍රින්සිපල්...මේ ස්කූල් එකේ හැම බිත්තියක්ම...ගහක් කොලක්..මලක්ම..දැනගෙන..ඉදපු..ඒ දඟකාරකම්..හැංගුවේ කොහේද බං...මේ බිත්ති වලටක් පාලු හිතෙන තරමටම..උබ නිහඬ චරිතයක් වෙලා...නිසලි කියූවේ...සිතුම්නාගේ..හදිසි වෙනස්වීම ඇයටත්..ප්‍රෙහේලිකාවක්..උන නිසා......
උබ..උබ මට නිදහසට කරුණු කියන්න එන්න එපා..මොන කරුමයක්ද මේක...
කරුමයක් කියන්නේ මමද ශනූ..හරි..එහෙනම්..ඔයා..මාව දාලා යන්න..මං හිත හදාගන්නම්..මට..මේ තරම් දුක් දෙන්නේ ඇයි ශනූ... මම වරදක් කරන්නෙ නැතුවත් ඔයා මාව සැක කරනවා..මාත් එක්ක රණ්ඩු කරනවා...මට මැරෙන්න හිතිලා තියෙන්නේ ශනූ..මොකද?...මේ ජීවිතේ..මට සැනසීමක් කියලා දෙයක් ඇත්තෙම නෑ..තාත්තෙක් ඉන්නවා..එයා කරන්නේ කුඩම්මගෙ කේලම් අහගෙන..මට ගහන බනින එක..කවුරුත් මට ආදරේ නෑ ශනූ.ඔයා විතරයි මට හිටියේ..දැන් ඔයත් වෙනස් වෙලා..මට ඒක දරාගන්න බෑ ශනූ..යන්න මහත්තයෝ..ඔයත් යන්න...මාව දාලා..මේ කාලකණ්ණි කෙල්ලගෙ ජීවිතේ ඉඳලා ඔයාටත් සතුටක් නෑ..යන්න...සිතුම්නා..කෑ ගහලා ඇඬුවේ වාවගන්න බැරි තරම් දුකක් හදවත්..සිදුරු කරද්දි...පුංචි කාලෙදිම අහිමි උන මව් සෙනෙහෙත්..එක්කම..සිතුම්නගේ ලෝකයට ආදරයක් කරුණාවක් දයාවක් ලැබුනා නම්..ඒ ශනුද්‍රගෙනුත්...හොඳම යෙහෙලිය නිසලිගෙනුත් විතරයි...ජීවිතේ ආරක්ෂකයා උන..ජීවිතේට ආදරය ගෙනාව..හැම හීනෙකම මුල්තැන ගත්ත...හිත පුරාම ලැගුම් ගෙන ඉදපු ශනුද්‍රට පපුව පුරාම සිතුම්නා ආදරය කලේ..ඔහුව.මුලු ජීවිතයම...ආත්මයම කරගෙන...ආදරයෙන්ම ඉදපු..ශනුද්‍ර කාලයත් එක්ක වෙනස් වෙද්දි..කෙල්ලට ඒක දරාගන්න බැරුව..අසරණ උනා..මොන ප්‍රශ්නෙ තිබුනත්..හිනා වෙලා..ගිරවියෙක් වගේ කියව කියව..දඟකාර විදියට ජීවත් උන සිතුම්නව..නිහඬ කරවන්න..ශනුද්‍රගේ ඒ වෙනසට පුලුවන් උනා..හිනාව කෙල්ලගේ මුවින් දුරට ඇදුනා..ඒ ඇස්වල....කඳුුලුම විතරක් රැඳුනා...
සිතූ..සිතූ..දැන් අඬන්න එපා..අඬන එක නවත්ත ගන්න..කොච්චර නපුරු උනත්..සිතුම්නගේ ඇඬුම්..ශනුද්‍රගේ හිතට වාවගන්න බැරි උනා...
අඬන්න එපා කිව්වට..ඔයා කරන්නෙම මාව අඬවන එක මහත්තයෝ...මං තියනවා..බුදු සරණයි..ෆෝන් එක තියපු සිතුම්නා..ඇස් වල කඳුලු පිහදාගෙන..අම්මගේ පොටෝ එක සුරතට ගත්තේ... හිතේ තියෙන දුක කියන්න..
ඇයි මගේ අම්මේ..ඔයාගේ දූව..මේ ලා්කේ තනිකරේ.. බලන්න..මං..කොච්චර දුකක් විඳිනවද?..මට කවුරුත් ආදරේ නෑ අම්මේ..මාව ඔයා ලඟට ගන්න මගේ අම්මේ...ඉකි ගගහ අඬපු සිතුම්නට..එහෙම්ම නින්ද ගියා..උදේම නැගිටලා...බත් උයලා..අල තෙල් දාලා..කොල මැල්ලුමක් හදලා..මාලු උයලා..කුඩම්මගෙයි..තාත්තගෙයි..මල්ලිගෙයි නංගිගෙයි තේ හදලා කාමරේට ගිහින් දීලා..ඉස්කොලේ යන්න ලෑස්ති උනා.. හැම දාම අඬන නිසාමද මන්දා..කෙල්ලගේ ඇස් වටේ ලාවට කලු වෙලා තිබුනා..සුදු ගවුම ඇඳලා..කෙටි කොණ්ඩේ..කරල් දෙකකට බැඳගෙන..කෙල්ල කණ්නාඩියෙන් තමන්ගෙම රූපෙ දිහා බැලුවා..නංගිගේ කණ්නාඩි මේසේ ලඟ..පිරෙන්නම ක්‍රීම්..වර්ග..සුවඳ විලවුන් වර්ග..මූණේ ගාන්න වෙනම ෆේස් වොෂ්..එයාට වෙනම..සබන්..ෂැම්පු වර්ග...ඒ එකක් වත් සිතුම්නට නෑ..ඒත්..කෙල්ල කවදාවත්..නැති දේවල් ඉල්ලලා අඬන්නෑ..ඇස් අගට මෝදු උන කඳුලත් පිහදගෙන කෙල්ල බෑග් එකත් කරේ දාගෙන ඉස්කෝලේ යන්න පිටත් උනා.. රෑටත් කෑවෙ නැති නිසා කෙල්ලගේ ඇඟටත්..පණක්..නෑ වගේ..ඒත්..ඒ..ක..ගානක් වත් නොවුනු..සිතුම්නා ඉස්කෝලේට ගියා..කෙල්ලගේ හිතේ දුක වැඩි වෙන්නේ..යාලුවො එයාලගේ අම්මා තාත්තා ගැන කතා කරද්දි... එදත් සිතුම්නා..පන්තියෙන් එළියට ගිහින්..හොඳටම ඇඬුවා...
උබ..උබ මට නිදහසට කරුණු කියන්න එන්න එපා..මොන කරුමයක්ද මේක...
කරුමයක් කියන්නේ මමද ශනූ..හරි..එහෙනම්..ඔයා..මාව දාලා යන්න..මං හිත හදාගන්නම්..මට..මේ තරම් දුක් දෙන්නේ ඇයි ශනූ... මම වරදක් කරන්නෙ නැතුවත් ඔයා මාව සැක කරනවා..මාත් එක්ක රණ්ඩු කරනවා...මට මැරෙන්න හිතිලා තියෙන්නේ ශනූ..මොකද?...මේ ජීවිතේ..මට සැනසීමක් කියලා දෙයක් ඇත්තෙම නෑ..තාත්තෙක් ඉන්නවා..එයා කරන්නේ කුඩම්මගෙ කේලම් අහගෙන..මට ගහන බනින එක..කවුරුත් මට ආදරේ නෑ ශනූ.ඔයා විතරයි මට හිටියේ..දැන් ඔයත් වෙනස් වෙලා..මට ඒක දරාගන්න බෑ ශනූ..යන්න මහත්තයෝ..ඔයත් යන්න...මාව දාලා..මේ කාලකණ්ණි කෙල්ලගෙ ජීවිතේ ඉඳලා ඔයාටත් සතුටක් නෑ..යන්න...සිතුම්නා..කෑ ගහලා ඇඬුවේ වාවගන්න බැරි තරම් දුකක් හදවත්..සිදුරු කරද්දි...පුංචි කාලෙදිම අහිමි උන මව් සෙනෙහෙත්..එක්කම..සිතුම්නගේ ලෝකයට ආදරයක් කරුණාවක් දයාවක් ලැබුනා නම්..ඒ ශනුද්‍රගෙනුත්...හොඳම යෙහෙලිය නිසලිගෙනුත් විතරයි...ජීවිතේ ආරක්ෂකයා උන..ජීවිතේට ආදරය ගෙනාව..හැම හීනෙකම මුල්තැන ගත්ත...හිත පුරාම ලැගුම් ගෙන ඉදපු ශනුද්‍රට පපුව පුරාම සිතුම්නා ආදරය කලේ..ඔහුව.මුලු ජීවිතයම...ආත්මයම කරගෙන...ආදරයෙන්ම ඉදපු..ශනුද්‍ර කාලයත් එක්ක වෙනස් වෙද්දි..කෙල්ලට ඒක දරාගන්න බැරුව..අසරණ උනා..මොන ප්‍රශ්නෙ තිබුනත්..හිනා වෙලා..ගිරවියෙක් වගේ කියව කියව..දඟකාර විදියට ජීවත් උන සිතුම්නව..නිහඬ කරවන්න..ශනුද්‍රගේ ඒ වෙනසට පුලුවන් උනා..හිනාව කෙල්ලගේ මුවින් දුරට ඇදුනා..ඒ ඇස්වල....කඳුුලුම විතරක් රැඳුනා...
සිතූ..සිතූ..දැන් අඬන්න එපා..අඬන එක නවත්ත ගන්න..කොච්චර නපුරු උනත්..සිතුම්නගේ ඇඬුම්..ශනුද්‍රගේ හිතට වාවගන්න බැරි උනා...
අඬන්න එපා කිව්වට..ඔයා කරන්නෙම මාව අඬවන එක මහත්තයෝ...මං තියනවා..බුදු සරණයි..ෆෝන් එක තියපු සිතුම්නා..ඇස් වල කඳුලු පිහදාගෙන..අම්මගේ පොටෝ එක සුරතට ගත්තේ... හිතේ තියෙන දුක කියන්න..
ඇයි මගේ අම්මේ..ඔයාගේ දූව..මේ ලා්කේ තනිකරේ.. බලන්න..මං..කොච්චර දුකක් විඳිනවද?..මට කවුරුත් ආදරේ නෑ අම්මේ..මාව ඔයා ලඟට ගන්න මගේ අම්මේ...ඉකි ගගහ අඬපු සිතුම්නට..එහෙම්ම නින්ද ගියා..උදේම නැගිටලා...බත් උයලා..අල තෙල් දාලා..කොල මැල්ලුමක් හදලා..මාලු උයලා..කුඩම්මගෙයි..තාත්තගෙයි..මල්ලිගෙයි නංගිගෙයි තේ හදලා කාමරේට ගිහින් දීලා..ඉස්කොලේ යන්න ලෑස්ති උනා.. හැම දාම අඬන නිසාමද මන්දා..කෙල්ලගේ ඇස් වටේ ලාවට කලු වෙලා තිබුනා..සුදු ගවුම ඇඳලා..කෙටි කොණ්ඩේ..කරල් දෙකකට බැඳගෙන..කෙල්ල කණ්නාඩියෙන් තමන්ගෙම රූපෙ දිහා බැලුවා..නංගිගේ කණ්නාඩි මේසේ ලඟ..පිරෙන්නම ක්‍රීම්..වර්ග..සුවඳ විලවුන් වර්ග..මූණේ ගාන්න වෙනම ෆේස් වොෂ්..එයාට වෙනම..සබන්..ෂැම්පු වර්ග...ඒ එකක් වත් සිතුම්නට නෑ..ඒත්..කෙල්ල කවදාවත්..නැති දේවල් ඉල්ලලා අඬන්නෑ..ඇස් අගට මෝදු උන කඳුලත් පිහදගෙන කෙල්ල බෑග් එකත් කරේ දාගෙන ඉස්කෝලේ යන්න පිටත් උනා.. රෑටත් කෑවෙ නැති නිසා කෙල්ලගේ ඇඟටත්..පණක්..නෑ වගේ..ඒත්..ඒ..ක..ගානක් වත් නොවුනු..සිතුම්නා ඉස්කෝලේට ගියා..කෙල්ලගේ හිතේ දුක වැඩි වෙන්නේ..යාලුවො එයාලගේ අම්මා තාත්තා ගැන කතා කරද්දි... එදත් සිතුම්නා..පන්තියෙන් එළියට ගිහින්..හොඳටම ඇඬුවා...
සිතුම්නා...අද උබට ගරු නොකරන..ශනුද්‍ර උබට කවදාවත් ගරු කරන එකක් නෑ බං.කෙල්ලෙක්ට ගරු කරන්න බැරි ඌ කොල්ලෙක්ද?..කෙල්ලො කියන්නේ පාංකඩ නෙවෙයි බං..හැම කොල්ලෙක්ම දැන ගන්න ඕන..කෙල්ලෙක් තමයි දවසක උන්ගේ ලමයින්ගෙ අම්මා වෙන්නේ කියලා..ඒ නිසා තමන්ගේ අම්මට වගේම ගරු කරන් ඉගෙන ගන්න ඕන..මොකක්ද බං සිතූ..ඌ උබට.. අද ඔහොම කතා කරනවා.බැඳපු දවසක මොනව නොකියයිද?.කෙල්ලෙක්ට කුණුහරුප කියනවද බං...උබ මට හංගපු සේරම මං උබේ ෆෝන් එකේ තියෙන මැසේජ් වලින් දැනගත්තා..උබ මේ මැරිලා වගේ ඉන්නේ ඌ නිසාද?..ආදරේ කියන්නේ ඕකද බං.ආදරේ කරද්දි කෙල්ල වගේම කොල්ලත් දැනගන්න ඕන..තමන්ගෙ කෙල්ලට ගරු කරලා කතා කරන්න.ඒ කෙල්ලගේ හැඟිම් වලට ගරු කරන්න..කෙල්ල කියන දේ අහන්න..ආදරේ පැවැත්ම තියෙන්නේ විශ්වාසය මත..ඌ උබව බය කරගෙන ඉන්නේ..ඌ කියන දේ මිසක්..උබ කියනදේ ඌ පිලිගන්නවද කවදාවත්..සිතුම්නා..දැන්ම තීරණය කරපන්..උබ ජීවිතේ ඉතුරු කාලෙත් විඳවනවද?..විඳිනවද කියලා..නිසලි.. සිතුම්නගේ හිත හදන්න කොච්චර උත්සහ කලත්..ශනුද්‍රව අමතක කරන්න..ඒ ළාමක හිතට..බැරි උනා..ඈ..ඒකට..උත්සහ කලෙත් නෑ...
පාසලේ ගෙවෙන අන්තිම දවස් කීපයත් ගෙවපු සිතුම්නා..උසස් පෙල විභාගයත් ලියලා..අන්තිමට..ගෙදරටම..හිර උනා...
සිතුම්නා..නංගිට අද ක්ලාස්..උබ එයාව ක්ලාස් එකට දාලා වරෙන්..මට යන්න විදියක් නෑ..කුඩම්මගේ විධානයට..සිතුම්නා...ඉක්මන් උනා..සිතුම්නගේ නංගි..එකම අම්මගේ නොවුනත්..එකම තාත්තගේ දරුවෝ නිසා..ඒ ලේ බැඳීමටද කොහේදෝ..නංගිත්..මල්ලිත්..සිතුම්නට පණ ඇරලා...ආදරෙයි...පරක්කු වෙන්න බැරි කමටම..සිතුම්නා..ඉක්මනට ගවොමක් දාගෙන..යන්තමට කොණ්ඩෙත් පීරගෙන නංගිත් එක්ක එළියට බැස්සා...නංගිව පන්තියට ඇරලූ..සිතුම්නා..පය ඉක්මන් කලේ..ගෙදරට යන්න..ඒත්..එක පාරටම ඇගේ අතින් ඇදලා....ගත්තේ...ශනුද්‍ර...
ශනූ..ඔයා..
ඔව් මං තමයි..මගුලෙද තෝ ගියේ..ආ..කෝ උබේ ෆෝන් එක..මං උබට කෝල් කීයක් ගත්තද?..
ශනූ..මං..නංගිව..ක්ලාස් එකට..ගෙනා.වා..කලබලේට..මට ඔයාට කියලා එන්න..බැරි උනා..සො..රි..ශනූ....
සොරි..අනේ පලයන් බං..උබ..උබ.මට..බොරුත්..කරනව නේද?..ආ..මං දන්නවද?.උබ..මොකා හම්බෙන්න ආවද කියලා..
ශනුද්‍ර...කට වහගන්න..මං..ඔයාට..වැරැද්දක්..කරලා නෑ..ඇයි මාව සැක කරන්නේ..
සැක කරන්නේ..උබ කරන ඒවයින්..උබට කොයි වෙලාවක කෝල් කරත්..උබ ආන්සර් කරන්නේ නෑ..මට නොකියා..උබ..ඇවිදින්න යනවා..මම දන්නවද.උබ මොකා එක්ක..මොන මගුලේ යනවද.කියලා..පපුවට..බර වැඩි..ඒ වචන..දරාගන්න බැරිම තැන..සිතුම්නා..අතින්..මුව වසාගෙන..පාරදිගේ දිව්වේ..පිස්සියක් වගේ...දවසින් දවස ගෙවෙද්දි..ශනුද්‍රගේ නපුරුකම් වැඩි වෙද්දි..කෙල්ලට ජීවිතේ එපාම උනා... උදේ ඉඳලම...ගෙදර වැඩ..කරලා..තාත්තගේ කුඩම්මාගේ නංගිගෙයි මල්ලිගෙයි රෙදි හෝදලා..තුන් වේලටම උයලා..ඒ මදිවට පොඩ්ඩ වැරදුනොත් කුඩම්මගෙන් ගුටි කන්නත් සිද්ද උනා..සැනසීමකට කියලා ඉතුරු උන..ශනුද්‍රගේ ආදරෙත්..ඇයට නපුරු කම් කරද්දි ඈ..අන්ත අසරණ වුනා...
ශනූ...ඔයා මොකද කරන්නේ..තාම තරහයිද මාත් එක්ක..දවසෙම බලන් ඉඳලා..කෙල්ල ශනුද්‍රට මැසේජ් කලේ..දවසටම ඔහු කතා නොකරපු නිසා..ඒත්..සල්ලි නැතුව මැසේජ් එක..ෆේල් වෙද්දි..කෙල්ලට අසරණ කමක් දැනුනා..කාඩ් එකක් දාගන්න වත්..අතේ සතේ නැති තමන් ගැනම..ආත්මානුකම්පාවක් දැනුනා .
උබට දැන් මාව ඔන නෑනේ..දැන් ඇතිනේ අලුත් එකෙක්..එක මැසේජ් එකක් වත් දාන්න බැරි තරමට උබට දැන් වැඩ නේද?..ශනුද්‍රගේ නපුරු වචනත් එක්ක ආපු මැසේජ් එකට කෙල්ලගේ හිත හෙල්ලුම් කෑවා..කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව..ශනුද්‍ර තමාට දොස් පවරද්දි...එක වෙලාවකට..සේරම අතෑරලා..දුරකට යන්න සිතුම්නට හිතුනා..එතකොටම..ශනුද්‍රගෙන් ආව කෝල් එක කෙල්ල ආන්සර් කලේ..යන්තම් රිං වෙනවත් එක්කමයි..
ආ..කුමාරිහාමි..ෆෝන් එක අතේමයි..ඒත්..උබට මට එක මැසේජ් එකක් දාන්න බෑ නේද?..
අනේ ඔහොම බනින්න එපා ශනූ..මගේ ෆෝන් එකේ සල්ලි නෑ..ඔයා දන්නවනේ..මට කාඩ් දාන්න සල්ලි නෑනේ...
ඇයි උබට කියන්න බැරි උනාද ඉවර වෙන්න කලින්..අනේ..උබට..උබට..කියන්න..දේවල් නම්..තියෙනවා...
ඇයි ශනූ.ඔයා ඔහොම නපුරු උනේ..ඉස්සර වගේ..මට ආදරේ කරන්නකෝ..මට..ඔයත් මෙහෙම කරද්දි..ජීවිතේ එපා වෙනවා ශනූ..මට..කවුරුත් නෑ..මට අසරණ කමක් දැනෙනවා ශනූ..මට හරි තනිකමක් දැනෙනවා..මට පාලුයි..දුකයි ශනූ...මගේ පපුව රිදෙනවා ශනු... මට..ඒ වේදනාව..දරාගන්න බෑ ශනූ...
මටත්..දුක වේදනාව දැනෙනවා..උබ..මං ගැන හොයනවද සිතුම්නා..
ශනූ..ඔයා කෑවද කියලා නොදැන..මං බත් කටක් කාලා නෑ..ඔයා රෑට ගමනක් ගියොත්..ඔයා ආයෙ ගෙදර යනකම් ඇහැරලා..මං..සැරින් සැරේට කතා කරනවා..ඔයාට ලෙඩක් හැදුනොත්..ඔයාට බේත් ටික ගන්න මතක් කරනවා..බේත් ටික බොන්න වෙලාවට මතක් කරනවා .ඔයාගේ හිතට දුකක් ආවොත්..ඒ දුක තුනී වෙනකම්..මං ඔයාගෙ හිත හදනවා..මං එහෙම කරලා නැද්ද ශනූ.. මං..මේ අපායේ..අපා දුකක් විඳගෙන..ඔයා ගැනත් හොයලා බලන්නේ..ඔයාට ආදරේ නිසා..නිකමට හරි..කුඩම්මා දැනගත්තොත් ඔයා ගැන..ඊට පස්සෙ මොකද වෙන්නේ ශනූ..මගේ පැත්තෙනුත් හිතන්න..මං මේ හැම දේම බලන්න ඕන...සිතුම්නගේ කතාවට ශනූද්‍ර ගොලු උනා..ඇත්තටම කිව්වොත්..කෙල්ලගේ වැරැද්දක් නෑ කියලා ඔහුටත් වැටහුනා...
දවස් ගෙවිලා ගියේ සිතුම්නගේ ජීවිතේ තව තවත් දුක් ගොඩකට ඇඳල දාන ගමන්...ශනුද්‍ර දවසක් හොඳින් හිටියොත් දවස් දෙකක් රණ්ඩු වෙනවා...කෙල්ල..ඒ හැමදේම..දරාගෙන..ජීවත් උනා..
සිතුම්නා ..මෙහාට එනවා...
ඇයි කුඩම්මා..
අර බලපන් ගෙයි මඩ වගයක්..අස් කරපන් ඒ ටික..
හා කුඩම්මා..මං අස් කරන්නම්..කෙල්ල ඉක්මනට බිම මොප් කරා..
අක්කේ..අනේ මේ ගවුම අයන් කරලා දෙන්නකෝ..මට ක්ලාස් යන්න තියෙනවා..බඩගිනියි අක්කේ හොඳටම..නැත්නම් ඔයා මට බත් කවන්නකෝ..මං ලෑස්ති වෙනකම්...
ඔයා කන්න නංගි..මගේ ඇඟිල්ල කැපිලා...කවන්න අමාරුයි..මම ගවුම අයන් කරන්නම්..කෙල්ල ගවුම අයන් කරද්දි ඇගේ ෆෝන් එක රිං උනේ..අයන් එක එහෙම්ම තියලා ගිහින් ෆෝන් එක බැලුවේ ශනුද්‍ර කියලා හිතල..ඒත්..කෙල්ල යද්දි..කෝල් එක කට් වෙලා ඉවරයි..."අද නම් මං ඉඳලා ඉවරයි...දැන් කතා කරොත් ෆෝන් එක තියන්න වෙනවනේ..ඉක්මනට නංගිගේ ගවුම අයන් කරලම කතා කරනවා."සිතුම්නා ආයෙමත් ගවුම අයන් කරන්න ආවත්..කෙල්ලගේ පපුවට මහා බයක් එකතු උනේ..ගවුම අයන් එකට ඇලිලා තියෙනව දැකලා..එතනට ආපු නංගී ඒක දැක්කා..
අනේ නංගී..මං..හිතලා..කරේ නෑ..ම්.ඒ..ක..පිච්..චිලා
නේ.
හයියෝ..අක්කේ..මේ මගේ අලුත්ම ගවුම..හරි හරි..ඒකට කමක් නෑ..අම්ම දකින්න කලින් ඕක හංගමු..
කෙල්ලට පුදුම හිතුනේ අර තරම් නපුරු අම්මෙක්ගේ දූ..මේ තරම් හොඳයිද කියලා හිතිලා..ඒත්..සිතුම්නගේ අවාසනාවට..කුඩම්මා එතනට ආවේ..
අනේ..මේ අලුත්ම ගවුම..මොකක්ද සිතුම්නා උබ මේ කරේ..උබ නංගිට ඉරිසියා කරනවා..ඒකයි මේ..
නෑ..කුඩම්මා නෑ....එහෙම..නෑ..
අම්මා..ඒක අත් වැරැද්දක්..ඕක මගේ අතින් උනත් වෙනවා..
සිතුම්නා.උබ මොන සිහියෙන්ද ඉන්නේ..කුඩම්මා කෙල්ලට අතුල් පාරක් එල්ල කලා..දෙතුන් පාරක් ගහනකම් ඉවසන් ඉඳපු සිතුම්නා.කුඩම්මගේ අත තද කරලා අල්ල ගත්තේ බැරිම තැන...
මේ මොකද මේ..සිතුම්නා..මොකද මේ වෙන්නේ..එක පාරටම නොහිතපු විදියට තාත්තා ගෙට ගොඩ උනේ කෙල්ල කුඩම්මගේ අත අල්ලන් ඉද්දි...කුඩම්මා අඬාගෙනම ඔහු ලඟට ගියා..
මේ කෙල්ලට හොඳ නරක කියල දුන්නම මට ගහන්න අත ඉස්සුවා රෙජී...හරි වැරැද්ද හොයලා නොබලපු ඔහු..සිතුම්නට කතා කරන්නත් ඉඩක් නොදීම.බීමතින් ඉඳපු ඔහුට..මේ තමාගේ ජීවිතේම කොටසක් කියලා නොහිතෙන්න ඇති...ඇයව ඇදලා ගත්තා..වේගයෙන් කම්මුල් පාරවල් දෙක තුනක් ගහද්දි..ඒ දරදඩු පිරිමි අත් වලින් වැදෙන පහර දරාගන්න කෙල්ලට අමාරු උනා..
තාත්තා මං..කියන දේ අහන්න...
උබ කියන දේ මං..අහන්නේ මොකටද...උබට මම හැමදාම කියනවා... ඉදපන් උබට මම..බෙල්ට් එක ගලව ගත්ත ඔහු..සිතුම්නගේ ඇඟ නිල් වෙන්නම..ගැහුවා..අන්තිමට කෙල්ලව බිම වැටුනම..පා පහරකුත් ගැහුවා..
සිතුම්නා..අමාරුවෙන්..රිදෙන.ගත..ඔසවාගෙන කාමරේට ගියේ..කොර ගගහ..ෆෝන් එක අරගෙන ශනුද්‍රට කෝල් කරේ..හිත..ටිකක් වත්..හදාගන්න..හිතාගෙන...
ඇයි දැන්..මොකටද උබ..දැන් ගන්නේ.පලයන්..ඉදපු තැනටම...
ශනූ...ම..මට..ක්..ක.කතා..කර.න්..න..ඕන..
දැන්..මට කතා කරන්න ඕන නෑ..වද නොදී පාඩුවේ ඉඳපන්...ශනුද්‍රගේ ඉක්මන් කේන්තිය හොඳින් දැනගෙන හිටියත්.සිතුම්නට..ඒ වෙලාවේ ඒ වචන දරා ගන්න බැරි උනා..ශනුද්‍ර කෝල් එක කට් කලාට පස්සේ..සිතුම්නා..මැසේජ් එකක් යැව්වා..
හරි මහත්තයෝ...මම..ආයේ..කවදාවත්ම..ඔයාට..වදයක් වෙන්නෑ..ඔව්..මේ සිතුම්නා..හැමදාටම..ඔයාගෙන් ඈත් වෙනවා..ආයේ..කවදාවත්..මේ පව්කාරි..ඔය ඇස් ඉස්සරහට එන්නෑ..හැමදාම සතුටින් ඉන්න..හැමදාම...හොඳින් ඉන්න...තෙරුවන් සරණයි මගේ පන...ආදරෙයි....ශනුද්‍රට මැසේජ් එක යවපු කෙල්ල හතර වටේම බැලුවා..තාත්තත් කුඩම්මත් ගෙදරින් පිටවෙනවා කෙල්ල දැක්කා..අත පය ඇදුම් කද්දි..කෙල්ල..තාත්තගේ කාමරේට ගියා..ඇගේ ඇහැ ගැටුනේ කුඩම්මගෙත් තාත්තගෙත් බේත් බෝතලේට..එහෙම්ම බේත් ටික අතට හලා ගත්ත සිතුම්නා..කාමරේට ආවේ..එකම අරමුණකින්.....
''''''''"""""""""""""""""""""""
""""""""''''''''''''''''''''''''''''''''''''''''''''
බෙහෙත් ගඳ නහයට දැනෙද්දි..යන්තමට..විවර කල..දෙනෙතට හසු වූයේ..සිවිලිමේ කැරකෙන..විදුලි පංකාව..ඇස් කරකවලා වට පිට බලපු මට..මං ඉන්නේ රෝහලක කියලා..හිතාගන්න වැඩි වෙලාවක් ගියේ නෑ..අතේ ගහලා තියෙන සේලයින් කටුව නිසා..රිදුම් දෙන අත...හිමීට මං පපුවට ලං කර ගත්තා...ජීවිතේ..ඉතින්..තවත් නිම..වී නැතැයි..පසක් වූයේ..එහායින් ඇසුන..ශනුද්‍රගේ හඬට...
සිතුම්නා..මගෙ මැණික...මේ මොනවද කරගත්තේ...මගේ කඳුලු අලුත් වෙද්දි...මුල්ම දිනයේ මෙන්ම..ආදරෙන්..ෂනුද්‍ර..මගේ අතක් අල්ල ගත්තා..කතා කරගන්න බැරුව...මට ඉතුරු උනේ.අඬන්නම..විතරයි ...
මගෙයි වරද?..මම...කවදාවත්..ඔයාට ඇහුම්කන් දුන්නේ නෑ...අනේ..තව පොඩ්ඩක් එහා මෙහා උනා නම්..මට ඔයාව නැති වෙනවා..ඇයි එහෙම කරේ සිතූ..මාව දාලා යන්න හිත හදාගත්තේ කොහොමද?..
මට..කවු.රුත්.නෑ..මට..කවුරු.ත්..ආදරේ.නෑ..ඔයත්..නෑ..මාව..විශ්වාස කරේ නෑ..මං කියන දේ ඇහුවේ නෑ..මට නපුරු උනා..තාත්තා ගහලා..මේ..මුලු ඇඟම රිදෙනවා..දුක නැති වෙන්න..ඔයාට කියන්න..කතා..කලේ..ඒත්..ඔයාට..මං..වද..යක්..උනා..නේ..ඉතින් ..මං..මොක..ටද..ජීවත්...වෙන්..නේ..ශනූ....
නෑ..මගේ මැණික..ඔයා තරම්..මේ ජීවිතේ..කවුරුත් මට..ආදරේ කලේ..නෑ..ඔයාගේ මැසේජ් එක දැක්කම..මං ගොඩක් බය උනා මැණික..කවදාවත්..ඔයා එහෙම කියලා නැති නිසා..කෝල් කරත්..ඔයා අන්සර් කලේ නෑ..මං ඉක්මනට ගෙදරට ආවා..අනේ..මං ටිකක් හරි පරක්කු උනානම්..මට ඔයාව නැති වෙනවා..අනේ..රත්තරං..මට පොරොන්දු වෙන්න..ආයේ..මාව දාලා යන්න හිතන්නෙ වත් නෑ කියලා...
මට නපුරුකම් කරන්නේ නෑ කියලා පොරොන්දු උනොත්..මං ජීවත් වෙනවා..නැත්නම්..මං..මෙතනදිම..මැරෙනවා..ශනූ..
පොරොන්දු වෙනවා කෙල්ලේ..කවදාවත් මේ හිත ආයෙ මං රිද්දන්නෑ..කාටවත් රිද්දන්න දෙන්නෙත් නෑ...ආයේ..කවදාවත්ම.මේ ඇස්වලට කඳුලු දෙන්නෑ මං..ශනුද්‍ර පොරොන්දු උනේ කෙල්ලගේ ඔලුවේ අත තියලා...මං..ඉක්මන් උණා වැඩියි..එත්..එහෙම නොවුනා නම්..අදටත්..ශනුද්‍ර මට..නපුරුකම් කරනවා..ඒකත්..හොඳයි කියල මට හිතුනා..
ශනූ..මං මැරුණා නම්..
එහෙනම්..මං පිස්සෙක් වෙයි සිතුම්නා..මට..ඔයා නැතුව ඉන්න බෑ..ඒ තරම් ආදරෙයි..නපුරු උනේ..ඔයා නැති වෙයි කියන බයට..සිතූ..ඔයා ආයේ..ගෙදර යන්නෑ..මං..ඔයාව..අදම..කසාද බඳිනවා..ඊට පස්සෙ කවදාවත්..නපුරු වෙන්නෑ ඔයාට...ශනුද්‍ර මාව..ඒ පපුවට තුරුල් කරගත්තා..හිතේ දුක තුනී වෙනකම්ම..මං ඒ පපුව බදාගෙන ඇඬුවා...
සමුගන්න අවසරයි..
ෂෂි කුමරගේ
උපුටා ගැනීමක්
No comments:
Post a Comment