..
පාසල් දොර ලඟ සිඟන ළමයි......
"නැගිටපන් කොල්ලො....උඹලට මම හැමදාම කියනවා කලින් නැගිටපන් කියලා..පලයන් මූණ ටිකක් හෝද ගනින් ඔය ඇළෙන්...අද කන්න එහෙම ඕන නම් ඉක්මන් කරපං ..පලයං ඉතිං"
මොන පවක් කරාටද දෙවියනේ අපි මෙහෙම තැනක ඉපදුනේ? හැමදාම උදෙන්ම නැගිටලා සිඟමනේ යනවා..හරියට කන්න දෙයක් නෑ ඒ හම්බෙන සල්ලිත් අර යක්ෂ මාමා උදුර ගන්නවා...
කන්න දෙන්නෙ පාන් කාලක් විතරයි පොඩි වඩේ බෝලෙකුත් එක්ක..ඒකත් රෑට විතරයි..
දවල්ට කවුරු හරි දෙයක් දුන්නොත් කනවා නැත්නම් ඉතිං හොටෙල් එකක් ලඟ කුණු කූඩෙට දාන දෙයක් තමයි අපේ බඩගින්න නිවන්නෙ...සිතමින් අවුරුදු අටක් පමණ වයසැති දරුවෙකු මූණ සේදීමට කුණු ඇල දෙසට පිය නඟයි...
"ආහ්....උඹ ආවද? පලයන් ඉස්කෝලෙ ලඟට...ගිහිං පැත්තකට වෙලා ඉස්කෝලෙ දිහා බලන් ඉන්නවා නෙවෙයි..මම එනවා සැරින් සැරේට...සල්ලි ඉල්ලපං එන නෝනා මහත්තයලන්ගෙන්"
හැමදාමත් වගේ මම අහන්න කැමති නැති තැන තමයි ඉස්කෝලෙ කියන්නෙ...
අම්මලා තාත්තලා එක්ක ළමයි ඇවිත් හරි සතුටින් ඉස්කෝලෙට යන්නෙ..
එහෙම වාසනාවක් කොහෙන්ද අපිට..
මමත් හරි ආසයි ඉස්කෝලෙ යන්න..ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙන්න..ඒත් අපි ඉපදිලා තියෙන්නෙ හිඟා කන්නනෙ...
"නෝනා කීයක් හරි දෙන්නකෝ...බඩගිනි නෝනා...ඊයෙ ඉදන් මුකුත් කෑවෙ නෑ නෝනා.."
"යනවා යන්න එහාට..ආවා මෙතන දවසම මුස්පේන්තු කරන්න..."
ඔය වගේ දේවල් හොදට පුරුදු වුනාට හිතින් අඬන වාර අනන්තයි දෙවියනේ..සිතමින් ඔහු පොඩි බැම්මක් උඩ ඉඳ ගත්තේය..
දැන් මම මොකක්ද කරන්නෙ මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලුවම බනිනවා..යක්ෂ මාමත් එයි දැන්..කමක් නෑ ආයෙත් පාරක් යනවා...
"ඔන්න අර හිඟන කොල්ලා එනවා...දැන් මෙතන ඇවිත් නාහෙන් අඬයි මට නම් පේන්න බෑ දවසම ඉවරයි චුරු චුරු ගාද්දි ලඟට ඇවිත්...
"අපොයි ඔව්..එක අතකට ඕකුන් නෙවෙයි මහ ගෑනි වැරදි...උන්ගෙ ගාය යවා ගන්න නටලා නටලා ළමයි හදා ගන්නවා හිඟන හැතිකරේ.."
"අනේ ඇත්තටම නිමාලි බලන්නකෝ හැමදාම ඔය ගෑනුන්ට ළමයෙක් හම්බෙන්න ඉන්නවා...අතේ එකෙක් බඩේ එකෙක්....හිඟා කාලා ඉන්නෙ නැතුව වදනවා වදනවා නිකං සල්ලිකාරයෝ වගේ..."
ඇයි දෙයියනෙ අපි මැරෙන්නෙවත් නැත්තෙ..මොනවද මේ ඇහෙන දේවල්..මගෙ අම්මට ඔහොම කතා කියද්දි මට අහන් ඉන්න බෑ..මොනවා උනත් මට දවසක් හරි ලේ කිරි කරලා දුන්නා නේද?
ඇයි සමාජෙ මේ තරම් කුරිරු වෙලා...
අනේ බුදු සාදු ඔයාටවත් පේනවද? මගෙ රත්තරං අම්මටත් බනිනවා...
එයාලට විතරද ළමයි ඉන්න හොඳ මගෙ අම්මට ළමයි ඉන්න හොඳ නැද්ද..මට මේවා තේරෙන්නෙ නෑ බුදු සාදු...තේරුම් ගන්න මම පොඩි වැඩියිද?
වෙලාවකට අවජාතකයෙක් කියලා බනිනවා...
මමත් හොඳට නාලා අලුත් ඇඳුම් ඇඳලා ඉඳියා නම් ඔය දේවල් කියන්නෙ නෑ නේද?
එහෙනම් මටත් පුතේ කියලා කතා කරයි...
මතක ඇති දවසක කවුරුවත් පුතේ කියලා නෑ..කොල්ලා කියලා තමයි කියන්නෙ....
හැමදාම හිත රිදිලා ඉන්න බැරි තැන ඔහු දුවන්නේ පන්සලටය..බුදු පිලිමෙ ඉස්සරහට වෙලා ඇස් ඉදිමෙනකන්ම අඬලා තමයි පන්සලෙන් එලියට එන්නෙ...
"කෝ උඹ හම්බ කරපු සල්ලි ගනිං.."
"අනේ මාමේ...කීයක්වත් ලැබුනෙ නෑ.."
"කීයක්වත් ලැබුනෙ නෑ කියන්නෙ...උඹ දැන ගන්න ඕන ඉල්ලා ගන්න..ඉදපං උඹට අද මම හොඳ පාඩමක් උගන්නන්න...ඉදා...."
"අනේ මාමේ ගහන්න එපා..ඌයී....රිදෙනවා"
"රිදෙන්න තමයි යකෝ ගහන්නේ.."
"අනේ අම්මේ මට රිදෙනවා අම්මෙ ගහන්න එපා කියන්න .."
"උඹ ලඟට අම්මා එන්නෙ නෑ..අද උඹට කන්න දෙන්නෙත් නෑ.."
කෝපයෙන් කෑ ගසා මගේ අත් පැලිලා ලේ එනකන්ම ගහලා ඔහු ගියා...
අඬ අඬම පත්තර පිටුවක් උඩ ඇල වුනේ වේදනාව ඉවසන් ඉන්න බැරිනිසයි...
*************************************************************
"සුදු පුතේ දොයිය ගන්න හෙට උදෙන් නැගිටින්න ඕනනෙ...මගෙ රත්තරං ඉස්කෝලෙ යන මුල්ම දවස අම්මි ඇදුම් අයන් කරා...මගේ පුතා ආසද ඉස්කෝලෙ යන්න"
"ඔව් මගෙ තුදු අම්මි...ලොකු ඉස්කෝලෙ සෝයිද අම්මි ලොකු අයියලා අක්කිලා ඇති නේද? "
"ඔව් ඔව් පුතේ...ලොකු ටීචලා ඉන්නවා..එයාලා හලි සෝයි අම්මි වගේම ආදරෙයි ගොඩක්"
"මොකද අම්මගෙයි පුතාගෙයි කතාව...මේ තාත්තිව ගන්නෙ නැද්ද?"
"එන්න එන්න තාත්ති...හෙට තාත්තිත් එනවද ලොකු ඉස්කෝලෙ යන්න මාත් එක්ක.."
"නැතුව අපි දෙන්නම එනවා..දැන් නිදා ගන්න මගෙ පුතා.."
හෙට මම අලුත් ඉස්කෝලෙ යනවා සෝයි සෝයි...
"සුදු පුතා නැගිටලා බාත්රූම් යමු ...කුක්කු එක බීලා එන්න ඉක්මනට.."
මම අද ඉස්කෝලෙ යන මුල්ම දවස.. අලුත් ඇදුම් සපත්තු ,අලුත් බෑග් පොත් සූදයි ඔක්කොම..අම්මිටයි තාත්තිටයි සාදු කියලා කාර් එකට නැග්ගෙ අලුත් ඉස්කෝලෙ යන්න....
"සුදු පුතේ මේ තමය් ඔයාගෙ ඉස්කෝලෙ ලස්සනයිද?" "හා ඔව්.."
තාත්තගෙ අතිනුත් අල්ල ගෙන ඇතුලට යනකන් ඉවසිල්ලක් නෑ මට..යාලුවො ගොඩක් ඇවිල්ලා....ගේට්ටුවෙන් ඇතුලට යන්න ආවා...
"නැගිටපන් යකෝ..ඊයෙ කාපුවා මදිද? පලයන් ඉස්කෝලෙ ලගට සතයක්වත් නැතුව අද ආවොත් තෝව පට්ට ගහනවා..පලයං"
දෙයියනෙ මම හීනයක්ද දැක්කෙ? අනේ හීනෙටම වෙලා ඉන්න පුලුවන් වුනා නම්..මගෙ අම්මත් ඉදියා තාත්තා කෙනෙකුත් ඉදියා මට....කොච්චර ආදරෙන්ද ඉඳියෙ අපි...අනේ මට ඉස්කෝලෙට යන්න බැරි වුනා හීනෙන්වත්..ඇයි බුදු සාදු මෙහෙම දඬුවමක් මට..
මගෙ ඇස්වලින් කඳුලු මටත් නොදැනීම වැටෙනවා....
කොහොම හරි හිඟමන් යැදලා සල්ලි හොයා ගත්තා..ඉස්කොලෙ ලගට වෙලා මම කොච්චර නම් අඩනවද?
කාලය ගෙවිලා ගියා.. මට හැමදාම සිගමන් යදින්න තියෙන්නෙ ඉස්කෝලෙ ලඟ...මම මැරි මැරි උපදිනවා වගේ...
"මහත්තයෝ බඩගිනි කන්න කීයක් හරි දෙන්නකෝ "
"පුතාට බඩගිනිද?"
දෙයියනෙ කරුනාවන්ත මහත්තයෙක්..පුතේ කියලා ඇහුවමයි මම..වෙනදට හිඟන්නා හිගන කොල්ලා කියන නම් විතරයි ඇහෙන්නෙ...ඒ අද.....
"මොනවද පුතා කල්පනා කරන්නේ?"
"මුකුත් නැහැ මහත්තයෝ"
"බඩගිනි නම් යමු අතන කඩේට දෙන්නම කමු මටත් බඩගිනි"
ඒ මහත්තයා මගෙ අතින් අල්ලා ගත්තෙ කිසිම කැතක් නැතුව..වෙන අය නම් දැක්කත් ඇති මාව පිලිකුල් කරනවා..මේ මහත්තයා දෙවියෙක්....මුල්ම වතාවට රසට කෑම ටිකක් කෑවා...
දුකට ද සතුටටද මන්දා ඇස්වලින් කදුලු වැටුනා...
"ඇයි දරුවො අඩන්නෙ?"
"මම කවදාවත් මෙහෙම කාලා නෑ..මහත්තයෝ.. ගොඩක් රසයි"
"මට මහත්තයා කියන්න එපා පුතා කැමති නම් තාත්තා කියන්න එහෙම බැරි නම් මාමා කියන්න කියන්න.."
"අනේ බෑ මහත්තයෝ......මට පව් පිරෙයි..."
මම කොහොමද මේ මහත්තයට තාත්තා කියන්නෙ..මේක හීනයක්ද දෙයියනේ...? මමත් ආසයි මෙහෙම තාත්තෙක් ඉන්නවා නම්..එච්චර පිනක් කොහෙන්ද?මාත් කැමති තාත්තගෙ අත අල්ලගෙන පන්සල් යන්න..ඉස්කෝලෙ යන්න...
"පුතාගෙ නම මොකක්ද?"
"දන්නෙ නෑ මහත්තයෝ "
"වයස දන්නෙත් නැද්ද පුතා"
ඔලුව දෙපසට වැනුවේ නැහැයි කීමටය..
"අම්මා තාත්තා කෝ...පුතා ආසද ඉස්කෝලෙ යන්න?..ඇයි මෙහෙම හිගා කන්නෙ?"
"අම්මා අර පාලම යට ඉන්නවා පුංචි නංගිත් එක්ක..තාත්තව දන්නෙ නෑ...යක්ෂ මාමා කියන නිසා තමයි මෙහෙම සල්ලි ඉල්ලන්නෙ"
"පුතා කැමතිද අලුත් ගෙදරකට යන්න...ඉස්කෝලෙ යන්න"
අනේ එහෙම යන්න පුලුවන් නම් කොච්චර හොදද මං අර දැකපු හීනෙවත් හැබෑ වෙනවද?
මගෙ අම්මවයි නංගිවයි එක්කන් යන්නත් පුලුවන් ආයෙත් හිගාකන්න ඕනෙත් නෑ...පාලම යට ඉදන් දුක් විදින්න ඕනෙත් නෑ..හැමදාම කුනු ඉරිච්ච ඇදුම් අදින්න ඕනෙත් නෑ...
"ඇයි පුතේ...?"
"මට තනියෙන් එන්න බෑ මහත්තයෝ අම්මයි නංගි ඕන මට..එයාල දාලා යන්න බෑ.."
අම්මට හරි ආදරෙයි වගේ මේ දරුවා කමක් නෑ මමත් තනියමනෙ මටත් පවුලක් ලැබෙනවා...
"හරි පුතේ එයාලා දෙන්නත් එක්කන් යමු..ගිහිං කතා කරන්න"
කියපු සැනින් ඒ දරුවා දිව්වා...
මම හැමදාම මේ දරුවා දිහා බලන් ඉදියා..මාත් අනාතයෙක් ..මේ දරුවට එහෙම වෙන්න දෙන්නෙ නෑ..හොදට උගන්නනවා මම ..මේ දරුවා දිහා බලන් ඉදලා මම කොච්චර ඇඬුවද? කී දෙනෙක්ගෙන් කතා ඇහුවද ඉස්කෝලෙ යන්න තිබුන ආසාව කොච්චරක්ද කියලා මම ඒ ඇස්වලින් දැක්කා ..
එයා දවසක ලොකු මිනිහෙක් වෙයි..එයාලවත් අරන් මම ඈතකට යනවා...එතකොට මේ ජීවිතෙත් අමතක වෙයි...
"සුදු අම්මෙ අර මහත්තයා අපිව අලුත් ගෙදරකට එක්කන් යනවා කිව්වාමාව ලොකු ඉස්කෝලෙත් යවනවා කිව්ව..මට කිව්වා එයාට තාත්තා කියන්න කියලත්..අපි යමු අම්මෙ..එයා හොදයි"
"උඹට පිස්සුද කොල්ලො කලු මාමා අපිව මරයි...ඔය මිනිස්සු විස්වාස කරන්න බෑ..."
"ඒ මහත්තයා හොදයි අම්මෙ යක්ෂ මාමා එන්න කලින් අපි යමු"
"යමු බලන්න එහෙනම්"
"තාත්තෙ අපි එනවා"
මොනවා දරුවා තාත්තෙ කිව්වා..අනේ මට සතුටුයි..
"පුතේ............."
සිදු වූ දෙය අදහා ගත නොහැකි විය..ඇස් පිල්ලමක් වදින ක්ෂනයෙන් හිතක් පපුවක් නැති කතරගම කොලඹ බස් රතය දරුවා මරු තුරුලට රැගෙන ගොස් හමාරය..
ඔහු අවසන් හුස්ම පොද වා තලයට මුසු කලේ පාසල දෙස දෙනෙත් දල්වා බලා සිටිමින්ය.....
නිමි.....
Uputa ganimak
No comments:
Post a Comment