පලමු පෙම

#පලමු_පෙම

එදා සෙනසුරාදා දවසක්...මං සුපුරුදු පරිදි උදෙන්ම ලැස්ති උනේ මගේ පන ටිකව බලන්න යන්න.."වෙනදා පු*ට ඉර එලිය වැටෙනකන් කුදහාගෙන ඉන්න එකා අද මොකද දන්නෙ නෑ" කියලා අපේ අක්කා කියනවා ඇහුනා.. අද මට class කියලා දන්නේ නැද්ද තමුසේ..දත් ටික මදින ගමන් මං එහෙම කිව්වා...එව්නාට අක්කා නොදන්න ගානට hint pass කලාට අක්කා දන්නවා කොල්ලගේ තියරිය. අක්කා අම්මට කියන්නේ නෑ කියටවත්.මොකද අක්කගේ seen දෙක තුනක්ම මට මාට්ටු වෙලා තියෙනවා....
.........................................................
යෙහාරා....මගේ සූටි මැණික..මං මගේ පනටත් වඩා එයාට love..කියලා අර මගේ අපාය සහය මිත්‍රයො ඉස්සරහ කිව්වොත් එහෙම....
නෑ අපි ඒක ගැන කතා නොකර ඉමු.

තරිදු,දිලීශ,මලින්ද,දිනූජ,සුබොද,අරවින්ද,දේශාන්.....මුන් ටික මට මාත් එක්ක අපායට යන්න උනත් එනවා ඒක ශුවර්..මගේ නම තමයි සාරද..උන් ආදරේට මට එක එක කුපාඩි නම් භාවිතා කලාට මං දන්නවා ඒ උන් මට ආදරේ වැඩි කමට කියන්නේ කියලා..
.................. .............................
තරිදු- අඩෝ ගඩ්ඩෝ..

මං-මොකො බං.

තරිදු-අදනම් ඇග මොනාහරි ඉල්ලනවා බං.

මං-ඉතිං..

දේශාන්-ඉතිං කියන්නේ හු** අද මොනාහරි කරමු..

මං-උබලා කරන මගුලක් කරපන්.මටනම් අද බැ..

දිලීශ- මොනාද ප*

මං-මොනද කියන්නේ කියන්නේ..යකෝ අද මං අරකි බලන්න යනවා..අද බැ බ්‍රොව්ස් වෙන දවසක බලමු..

දිලිශ-අනේ උබ හු**න්...මෙහ් තියෙන උන් දිපන් සල්ලි..මුට අරකිට සෙම පෙර පෙර ඉන්න කියහන්....

කියනවත් එක්කම අරකිගෙන්ද කොහෙද sms එකක්....
මං සං සං ගාල පෝන් එක අරන් බැලුවා...තියෙන හදිස්සියට..

" aiye cls eka gawata enawada mta wadhagath deyak kiyanna thiyenawa.plwan tharam ikmanata http://enna.bs."
ටහුඩු අරකි එවලා කියාන්කෝ...මං මටම කියා ගත්තා..
"තරුවා,දිලිශයා, දිනුජයා,හු*තො.. මං යනවා..ඈ...සෙට් වෙමු .මචෝ..අනිත් උන්ටත් කියාගෙනම මං කැපුනා...
.....................
මං හිටපු තැන ඉදන් ඒකිගේ class එක ගාවට යන්න වැඩි වෙලාවක් ගියේ නෑ..
මං එතනට යනකොට...,,.හම්මේ ඒකි ඉන්නවා කියාන්කෝ..
අහ්හ්.."එකිගෙ කකුල් දෙකෙ සුදු..කකුල් මෙහෙම සුදුයි නම්..,,...නොදකින් මගේ තියෙන කුපාඩි කම.." .එයාගේ රූ සපුව උඩ සිට පහලට නරබමින් මිමිනුවා..
.........
මං- ඇයි මට එන්න කිව්වේ...

යෙහාරා- අපි කතා කරන්න පුලුවන් තැනකට යන්ද..මෙතන හිටියොත් තවත් ප්‍රශ්නයක් මහත්තයෝ..

*ඒකි එහෙම කිව්වාම මං කෙල ටිකකුත් අමාරුවෙන් ගිලලා එකි දිහා බැලුවා..

මං-ම්ම්..ම්.එ.එහෙනම් අපි park එකට යමු..

*එකී කටත් හීනියට ඇද කරලා ඔලුව වැනුවා..
*town එකටම එකයි තිබුනේ park එකකට...එක අපේ එව්න් දන්නේනම් "තුරු සෙවන" කියලා...ප්‍රේමවන්තයන්ටයි,බේබද්දන්ටයි ..ඒක විතරයි...
.........................
ඉතිං ඒකිට ඉස්සර වෙන්න දීලා මං පස්සෙන් ගියා...ඒකි..
පද්දන පැද්දිල්ලට ගලවං වැටෙන seen එකෙ තිබුනේ..
.................
හෙමින්ට ගිහින් තුරු සෙවනේ ගල් බැම්ම උඩ වාඩි උනා...

මං- ඉතිං වස්තු, මොකක්ද කියන්න තියෙනව කිව්ව වැදගත් දේ...

*එහෙම ඇහුවේ එයාගෙ කරට අත දාන ගමන්..

යෙහාරා- අනේ සාරද ඇයි...

*කියනකොටම ඒකිත්,මමත් හැරිලා බැලුවේ කව්ද එව්න් ටිකක් අපිටද කොහෙද අනම් මනම් කියනවා ඇහිලා...

*අඩෝ අර බලහන් අර කුපාඩියා ඉන්නවා..ඕකා ස්ත්‍රී දූශකයා, කෙල්ලො කියක් අමාරුවෙ දැම්මද ඕකා, බොරු කියලා...

කිරි මාමාගේ දුවට ටොම්යා පැන්නලු..
නොදකිම් අර වේ* හැතිකරේ මෙතනටත් ඇවිත්..ඔව් ඔව් අර මගේ අපාය සහය මිත්‍රයො ටික තමා...

*මං ඒකිගෙ මූන දිහා බැලුවා.ඒකිට හිනා ගියා එක පාරටම..එයා දන්නවා ඒ මගේ යාලුවො කියලා..

*කෙල්ලට පොඩ්ඩක් ඉන්න කියලා මං ගියා උන් ගාවට..

මං- මොනාද හු* පලයන්කො යන මගුලක මටම කෙලවන්න එන්නේ.අඩෝ අරා කියාන්කො මුන්‍ට..
*අරා කිව්වේ අරවින්ද,ඌ මගේ බොක්ක තමයි ඉතිං .එක වසරෙ ඉදලා එකට අපි..

අරා- මේහ්..මෙහ්...උබට අපිට වඩා චිත්ත කෑල්ලක් ලොකු උනා නෙහ්...
වරෙම් යන්න අපිත් එක්ක..ඕකිට යන්න කියහන් බං ගෙදර..

මං - අඩෝ..අදනම් බැ බං..පොඩි ප්‍රශ්නයක්.ඒකය් බං..නැත්තම් මං උබලත් එක එන්නෙ නැතිව ඉන්නවද කියහන්...

අරා- හාකො..මෙහ් එහෙනම් දිපන් කීයක් හරි.නැත්තම් තොව දූසනය කරනවා කෑල්ල ඉස්සරහම...

*අතෙ තිබුනු අන්තිම 200 උන්ට පුදලා .ආපහු අරකි ලගට ආවා..
.
යෙහාරා - ඇයි ඒ..?

මං - උන්ට පිස්සු අනේ...ඉතින් කියන්නකො අරක..

යෙහාරා- මේකයි,( ඒකි පොරොන්දු එහෙම නොගෙන කෙලින්ම කතාවට බැස්සා) අපේ affair එක අපෙ අම්මිට ආරන්චි වෙලා..මගෙන් ඇහුවා.අම්මට මාව සැක නෑ .කව්ද කියපු එකක් නිසා..

*කියපු එකාගේ මුලු පරම්පරාවම මතක් වීගෙන ආවා....ශෙහ්..මගෙ පලවෙනි love එකටත් හෙනහුරෙක් පාත් වෙලා වගේ..මං එහෙම හිතින් කියා ගත්තා...

මං -අපි දැන් මොකද කරන්නේ. ...

යෙහාරා- මොනා කරන්නද.අපේ affair එකට වැඩිකල් ගියේත් නෑ නේ..

*මේකි මොකාටද මේ එන්නේ...
*එන විදිහනම් හොද නෑ ..
මං එහෙම හිත හිත හිටියා .

යෙහාරා- මෙහ්...ඔයා මං කියන දේ අහ ගෙනද ඉන්නේ..
*කෙල්ල මට තට්ටුවක් දාල ඇහුවා..

මං- අහ්..ඔ..ඔව්...කියන්න...

*මං දිග හුස්මක්ගත්තා...

යෙහාරා- ඔයා මාවතෙරුම් ගන්න.ප්ලීස්..අපි මේ සම්බන්දේ නවත්තමු...

*කකුල් දෙකෙ ඉදන් හිස්බ්මුදුනටම සීතල වීගෙන ගියා...මේකි ඒක ගත් කටටම කිව්ව ලස්සන,යකො..මං දවස් ගානක් කට්ට කාල කට්ට කාල අන්තිමට.,..සෙහ්.......................................................................

*සතියක් විතර ගෙව්නා..අරකි කොහොම මාව අමතක කලාද මන්දා අප්පා...තරිදුවා එහෙමකිව්ව කතාව අහන්න තිබුනා...කෙල්ලෝ ශුවර් කරන්න එපා කියලා.උන් එහෙම මේ සිද්දිය දැනගත්තොත් වසලා හමාරයි ....

*අද කොහොම හරි අරකිට මොනා හරි ලියලා යවන්න ඔනි..
*උදේ තේ එක බොන ගමන් හිතුනා.
,ගිය සෙනසුරාදා මට කතා කරන්න උනේම නෑ නේ...
*ඇදේ ඉදන්ම පොත් මේසෙන් කොපි පොතක් අරන් පිටුවක් වෙන් කලා....
*ඒකේ මගේ හිතේ තිබුනු හැමදේම ලිව්වා..
*පව් බං මං, මං එහෙම මටම කියා ගත්තා...
-------------------------------------------------------------
* ඒකිගේ class එක තියෙන තැනට වෙලාසනින්ම ආවා...
මොකක් උනත් කෑල්ල miss උනොත් කියලා..

*ටික වෙලාවක් යනකොට යෙහාරාගේ යාලුවා, සදුනි නංගා එනවා..
*ඒකි මාව දැක්කා..ඒත් නොදක්ක ගානට මාව පහු කරන් ගියා..

*මං දුවලා ඒකි ගාවට ගිහින් ඒකිත් එක්ක ඇවිදදා...

මං- නංගි මෙහ්..

සදුනි- ඇයි අයියේ...

*ගමන ටිකක් slow කරන ගමන් ඒකි කිව්වා...

මං- කෝ අරයා ..

සදුනි- ම්ම්...එයා එන්නෙ නෑ කිව්වා...

මං- ම්ම්..ශිට්..එහෙමද? හෙට ස්කොලේදි හම්බවෙනවද?

සදුනි- ම්ම්...ඔව්..
*ඔලුව වනමින් කිව්වා..

මං -පොඩි උදව්වක් කරනවද?

සදුනි- ම්.මොකක්ද අයියේ..

මං -මේක ඔයාගේ යාලුවට දෙන්න.ලොකු උදව්වක්...

*එහෙම කියන ගමන් මන් ඒකිට ලියුම දුන්නා...එකි ඒක bag එකට දාගන්නවත් එක්කම මං ගියා...
--------------------------------------------------------------
*මං වෙනදාවගෙම පාන්දරම ස්කොලෙට ගියා..
*යනකොටත් ඒකි ඇවිල්ලා..
මං එහෙම්මම එතන හිටපු අපේ එකෙක්ට
ගුඩ් මෝනිම් මචන්...,,
මෝනිම් මචෝ.

මං- මෝනිම් කියලා දන්නවා හු** .ගුඩ් මෝනිම් කියහන්.
*මං අපේ class එකට යන ගමන් කිව්වා..

*යෙහාරගේ class එක තියෙන්නෙ අපේ එකට පංති දෙකක් එහා..
අපේ පන්තියේ දැලෙන් එයාගෙ පන්තිය පේනවා...
*මං bag එක මේසෙ උඩින් තියනවාත් එක්කම සදුනි ඇවිල්ලා අරක යෙහාරට දුන්නා...
-------------------
*ඒකි ඒක දිගාරිනවා මං දැක්කා..ඒක දිගටම ඒක කියෙව්වා...

සදට මොටද දැල් වී යන ඉටි පහනක්..
ඉරට මොටද ගිනියම් වූ ගිනි පුපුරක්..
මලට මොටද විලවුන්,,සුවදයි මලනම්..
මගේ හිතෙ ඇති පෙම තවමත් රහසක්..

නුබ හැඩ කෙල්ල 9 වසරෙ ඉන්නකොට..
මතකද මාව වැට අද්දර ඉගි පෑව..
යැව්වා පෙම් පතක් මිතුරෙකු අතඇතිව..
ලැබුනා පිලිතුරක් i love you to ලෙසට..

එදා ඉදන් අපෙ පෙම දලුලා ආවා..
දවසින් දවස අපෙ ආදරෙ වැඩි වුවා..
ඔබට මාව මට ඔබ නැතුවම බැරුවා..
මැට්ටගෙ මැට්ටි ලෙස මා ඔබ නම් කෙරුවා..

කිව්වත් කවුරු හෝ කේලම් ඔබෙ මවට..
දරු දුක නිසා ඔවදන් දුන්නත් ඔබට..
කදුලු ගලයි මගෙ නෙතගින් පිට පිටම..
නවතන්නේ කොහොමද මගෙ පලමු පෙම..

ඔබව බලන්නට එනවා පාන්දර..
කිව්වා හීන මවලා බොරු කතන්දර..
කීවෙ ඇයි මුසා මගෙ පෙම්වති ලෙසට..
රැව්වා මෙදා මග තොට හමු උනත් මට..

කදුලු ගලන මේ දෙකපුල් පිහිදන්න...
හිටියේ ඔයා පමනයි දුක විමසන්න..
මන් වගෙ කෙනෙක් යලි ඔබහට නොලැබෙන්න..
පෙම හැමදා තියෙයි ඔබ සතුටින් ඉන්න..

ඒකි එක කියවලා මොනා හිතුවද දන්නේ නෑ ...ආයනම් love එපා...කියලා හිතුවට පස්සෙ මොකක් වෙය්ද දන්නේ නෑ ඉතිං ......

Writer- ගතිදු S. කුලරත්න

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment