නාමලී.....
කටු ඉබුල්ල ගම්මානය පිහිටා තිබුනේ ඉතා දුෂ්කර පලාතක.
මේ ගමේ මිනිස්සු ජීවත් වුනේ ගොඩක් අමාරුවෙන්.
එදා වේල කොහොම හරි පිරිමහගත්ත හැරෙනකොට වෙනත් යමක් කරගන්න මේ ගමේ උදවියට පුලුවන් කමක් තිබුනෙ නෑ.
නාමලී ජීවත් වුනෙත් මේ ගමේම තමයි.
නාමලීගෙ අප්පච්චි ලෙඩ ඇදේ.
අම්මත් තුනටිය අමාරැවක් නිසා වැඩි වැඩක් කරගන්න පුලුවන් කමක් තිබුනේ නෑ.
එයාල ජීවත් වුනේ මැටි වලන් හදලා.
ඊට අමතරව නාමලී පැදුරු වියන්නත් ගොඩක් දක්ෂයි.
පියදාස ජීවත් වුනෙත් ඔය ගමේම තමයි.
නාමලී වියන පැදුරු, හදන වලන් පොලට ගෙනිහින් දෙන්නෙ පියදාස.
පියදාසගෙ රස්සාව වුනේ ඒක.
පොල දවසට පොලට බඩු ගෙනිහින් දාන එක තමයි,පියදාස රැකියාවක් විදියට කලේ.
ඔහොම සති ගනන් මාස ගනන් ගෙවිල ගියා.
පියදාසගෙ හිතේ නාමලී ගැන ආදරයක් ඇති වුනේ,නාමලීව දැකපු දවසේ ඉදලමයි.
ඒත් නාමලීට ඒ වගක් කියන්න පියදාසට පුලුවන් කමක් තිබුනෙ නෑ.
කෙල්ල ගොඩක් ලස්සනයි.
ගමේම ඉදපු ලස්සනම කෙල්ල.
ගමේ කොල්ලො හැමෝම කෙල්ලට ඇහැ ගහගෙනයි හිටියෙ.
ඒත් කෙල්ල කිසි කෙනෙක්ට කැමති වුනේ නෑ.
කෙල්ලගෙ හිතෙත් පියදාස ගැන ආදරයක් තිබුනා.
ඒත් කෙල්ල ඉස්සර වෙන්න කැමති වුනේ නෑ.
දවසක් පියදාස මේ ගැන නාමලීගෙන් අහන්න තීරනය කලා.
ඒත් ඒ අහන්නෙ කොහොමද කොයි වෙලාවකද කියල පිය්දසට හිතා ගන්න බැරි වුනා.
දවසක් නාමලී නාන්න වැවට යද්දි පියදාස කරත්තෙත් අරගෙන එතනින් ගියා.
"නාමලී නගින්ඩ,
මන් එක්ක යන්නම්"
වැවට මහ ලොකු දුරක් තිබ්බෙ නැතත් කෙල්ල නැග්ගෙ හරිම කැමත්තෙන්.
"නාමලී නන්ගි පෙලවහක් එහෙම කරගන්න තාම හිතල නෑ මයෙ හිතේ"
"මට මොන පෙලවහක්ද අයියන්ඩි,
අම්මල හොයල දෙන කෙනෙක්වම බදිනව"
"අපිත් ඉතින් තාම තනිකඩයි නෙවැ,
කා ගැනවත් අදහස් නැතුවැති, මයෙ හිතේ නන්ගි"
කෙල්ල හිනා වුනා විතරයි.
"මන් හවස නන්ගිලයි ගෙවල් පැත්තෙ එන්නන්ම්කො"
"අර මක්කටෙයි අයියන්ඩි"
"ආවම බලා ගන්නකො"
පියදාස කරත්තෙ නවත්තල නාමලී දිහාට හැරිල කිවුවා.
කෙල්ල කරත්තෙ ඉදගෙනම පියදාස දිහා බලාගෙන හිටියා.
"බහින්නෙ නැද්ද? වැව ලගට ආව"
කෙල්ල අන්ද මන්ද වෙලා ගියා. ලැජ්ජාවට කරත්තෙන් බැහැපු ගමන්ම කෙල්ල දුවගෙන දුවගෙන යන්න ගියා.
පියදාස වැඩියෙන්ම ආදරේ කලේ මෙන්න මේ හුරතල් කමට තමයි.
................................................................
"නැන්දා... නැන්දා...."
"අම්ම, අම්ම, අන්න පියදාස ඇවිත්,
අම්මත් එක්ක මොනව්ද කතා කරන්න ඕනලු"
"අර මක්කැයි පුතේ"
"මන් දන්නෑ අම්මෙ, ගිහින් අහන්නකෝ"
කොහොම හරි නාමලීගෙ අම්මගෙ තාත්තගෙ කැමැත්ත ගන්න පියදාසට පුලුවන් වුනා.
මේ ජෝඩුවගෙ ආදරේ ලස්සනට ගලාගෙන ගියා.
ඒත් ගමේ කොල්ලො මූත් එක්ක හිටියෙ ගොඩක් තරහින්,
කොයි වෙලේක හරි පලිගන්නව කියල හිතාගෙනමයි හිටියෙ.
ඔයි අතරෙදි තමයි නිමල් හාමු ගමට ආවෙ.
නිවාඩුවක් ගත කරන්න ගමට ආපු නිමල් හාමුගෙ ඇස් දෙකට නාමලීව හමුවුනා.
දවස් ගනනක් කෙල්ල ගැන ඇහැ ගහගෙන ඉදපු නිමල් හාමු ගමේ හිටපු කොල්ලොන්ගෙ උදව්වෙන් නාමලීව වශී කරගත්තා.
කෙල්ල ටික ටික නිමල් හාමුට වශී වුනේ, රත්තරන් මාල වලලු,ජීවිතේට ඇහැටවත් දකින්න නොලැබුන දේවල් කෙල්ලගෙ අතට හමබවෙද්දි.
කෙල්ලට පියදාස එපා වෙන්න ගත්තා.
ටිකෙන් ටික පියදාසව ඈත් කරන්න ගත්තෙ නිමල් එක්ක කොලබ රටේ ලස්සන ජීවිතයක් ගත කරන්න හින දැක්ක නිසා.
තුනටිය අමාරුව හැදිල හිටපු අම්මවත් සනීප කරල කෙල්ලට් පුලුවන් විදියට උදවු කරපු පියදාස කෙල්ලට මහ වදයක් වුනා.
සල්ලිකාර නිමල් හාමු එක්ක බලද්දී කෙල්ලට පියදාස හිගන්නෙක් වුනා.
නාමලීට හීන ගොඩක් දීපු නිමල් හාමු නාමලීව බදින්න පොරොන්දු වුනා.
ඒ විතරක් නෙවෙයි බැරි බැරි ගාතෙ හිටපු නාමලීගෙ අම්මටට්ග් ලොතරැයියක් ඇදුන වගේ.
පියදාස ගැන නැති වැරදි කියල කොහොම හරි කෙල්ලව නිමල් හාමුගෙ කරේ එල්ලුවේ කෙල්ලව ගමේ හැමෝටම වඩා උඩින් තියන්න.
පියදාසට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා.
පියදාස ගම දාල යන්න ගියේ ලොකු කලකිරීමකින්.
ඒත් යන්න කලින් නාමලීව මුන ගැහෙන්න පියදාස අමතක කලෙ නෑ.
" නාමලී, මන් කියන දේ අහගන්න.
ඔයා අද මාව අමතක කලාට දවසක් එයි මාව ඕන වෙන, ඒත් ජීවිතේ විනාස කරගන්න එපා නන්ගි"
..............................................
කාලය ගත වුනා, කොලබ රටට ගියපු නාමලී නිමල් හාමු කියන්නෙ දරුවො දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක් කියල දැන ගත්තෙ පරක්කු වෙලා.
අන්තිමට බඩකුත් බදාගෙන නාමලීට ගමට එන්න සිද්ද වුනේ අන්ත අසරන විදියට.
නාමලීව ගමට ගෙනත් දාන්න තරම්වත් මනුස්සකමක් නිමල් හාමු ලග තිබුනෙ නෑ.
අතන මෙතන ඇවිද ඇවිද හිටපු නාමලීව ගමට ගෙනත් ඇරලුවේ ගමේ මනුස්සයෙක් අහම්බෙන්් දැකලා.
අසරණ වෙච්ච නාමලී, ආයෙම බඩත් උස්සගෙන මැටි වලන් හදන්න පටන් ගත්තා.
ඒව පොලට ගෙනියන්න එන කරත්ත කාරයට ලොකු ගානක් දෙන්න වුනා, ඉතින් ලොකු ලාබයක් ගන්න පුලුවන් වුනේ නෑ.
පියදාස පතලක වැඩට ගිය බවත්, මැනිකක් හම්බ වෙලා දියුනු වුන හැටිත් ගමේ ගෑනු කතා වුනේ නාමලීට ඇහෙන්නමයි.
කෙල්ලගෙ ලස්සන දැන් අහලකවත් නෑ
නාමලී ගොඩක් අසරන වුනා, පියදාසට කරපු අපරාදෙ තමයි මගේ පස්සෙන් එන්නේ.
නාමලී පසුතැවිලි වුනා.
දවසක් කාර් කාරයෙක් ඇවිත් ගේ ඉස්සරහ නතර කලා.
දෙයියනේ! 😧😧 පියදාස.
ඇගේ දෑස් අදහාගත නොහැකි විය.
නිමි...
උපුටා ගැනීමක්
No comments:
Post a Comment