කෙල්ලො කියවන්න

#කෙල්ලෝ_කියවන්න

බබා... hellooooo

පහන්..මො.මොකද මේ වෙලාවේ

නෑ......මං නිකන් ගත්තා....නිකම්ම නිකම්

පහන් ඔයා drinks අරන්ද?

Drinks? ආග් ඔව්නේ...අරන් අරන්..

බබා...ඔයා  කරන වැඩ නිසා කොහොමද මං පාරේ බැහැලා යන්නේ?

ආ......උඹට පාරේ බහින් බෑ..එතකොට මට පුළුවන්.උඹ පත්තිනි අම්මා නේ..

ප....හ

නෑ...උඹේ කතා අදාලම නෑ..උඹ වගෙ වටේ යන ගෑනියෙක් එක්ක පවුල් කන්න ආපු මටයි වැරදුනේ

රත්තරනේ......ඇයි දෙයියෝ...මේ...මොනා මය පන මේ කියවන්නේ?

කියවන්නේ?

උඹ ඊයේ රෑ කොහෙද ගියේ....?

බබා මම ගෙදර හිටියේ....සත්තයි

ගෑනියේ උඹ තවත් මට බොරු කියනවාද? මම මේ නන්නාදුනන රටක ඇල් වතුර උගුරක් නැතුව උඹ වෙනුවෙන් නැහෙනවා...උඹ වටේ යනවා

මය රත්තරං එපා එහෙම කියන්න ඔයාට පවු පිරෙයි..

මට පව් නෑ යකෝ..උඹටයි පව්...

මාව විස්වාස කරන්න පහන්...මං ඔයාට වරදක් කරලා නෑ රත්තරං..මාව විස්වාස කරන්න..

හාකෝ...

ඔයාට කවුරු හරි බොරු කේලමක් කියලා රත්තරං ..

©©©©©©©©©©©©©©©©©©©©©©©©©©

  #සවනි යනු නටාෂාගේ අසල්වැසි මිතුරියකි.පහන් හැම හදිස්සි අවස්ථාවකදීව සවනිට කතා කර තොරතුරු දැනගන්න පුරුදු වී සිටියාය.නටාෂාගේ හා පහන්ගේ ආදරයට එදා සිටම කෙනහිලි කම් කරන්න සවනි පුරුදු වී සිටියාය.

හායි... නටෂා.. කොහෙද මේ උදේම

ආනේ......සවනි.... මං යනවා අපේ අම්මලාගේ ගෙදර ගිහින් එන්න...

ඉතින්...පහන් කතා කරාද

ඔව් අනේ එයා එලි වෙනකම් කතා කරනවා...මේ වෙලාවට වැඩනේ...මං msj එකක් දැම්මා..මං යන්නම් සවනි

හරි නටාෂා ...

©©©©©©©©©©©©©©~~~~~~~©©©~©~©©

     එදිනද පහන් සවනිට ඇමතුමක් ගන්න ලදි.

වේලාව සවස 07

හායි පහන්......

සවනි... නටාෂා දැක්කාද

න...ටාෂා.....උදේ නම් දැක්කා..නිල් පාට car එකක නැගලා බම්බල පිටිය පැත්තට ගියා ...
ඇයි පහන් කියලා ගියේ නැත්ද?

මට කියලා ගියේ....phone එක වැඩ නෑ...

ආග්.....නටාෂා කොල්ලෝ එක්ක එහෙ මෙහෙ යනවා වැඩියි..පහන්

ඒ එයාගේ අයියලානේ... සවනි

එක එක දවසට එක එක එක්කෙනා පහන්...

හරි...මං තියන්නම් සවනි  bye....

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

  මේ වන විට පහන්ටවත් නොකියා පහන් සිටින කුවේට් බලා පිටත් වී තිබුණි.ඒ එදිනට යෙදෙන පහන්ගේ birth day එකට ඔහු පුදුම කිරීමටය.

කුවේට් වල වෙලාව 09 යි රාත්‍රි

පහන්.....

නටාෂා... කුවේට් නම්බර් එකකින් ඔයා?

පහන්... මං ආවා රත්තරං... Happy birthday මය රත්තරං මහත්තයෝ... මං ආදරෙයි...

න....නටාෂා......

Airport එකේ ඉන්නේ පහන් ඇව්ත් මාව එක්කන් යන්න ...

  පහන් ඔහුගේ වාහනය ගෙන නටාෂාව ගන්න airport යන අතර accident එකකින් මිය ගියේය..

නටාෂා ....

පහන්........ආදරෙයි මහත්තයෝ....අපි යමු

බෑ නටාෂා.... මං.. මං ගියා

පහන්......

ඔව් නටාෂා.. සතුට නිසා වේගේන් ආවා වාහනේ  හැප්පිලා මං මැරුනා......ඔයාව බලලා යන්න ආවේ පන...

මය ප....

( නටාෂා ජීවිත කාලයටම ගොළු තරැණියක් විය )

#බොරු_කේලම්_කීම_නරක_පුරුද්දක්_යාළුවනේ

                                --- හි රු වා ---

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment