සසරේ තවත් එක් නැවතුම්පලක් .... ( කෙටිකතාවක්)
අනේ දෙයියනේ ... මං මේ ගෙවන ජීවිතය මොකද්ද.. යන්තම් අවුරුදු දාහසය වෙද්දි ගෑහැණියෙක් වුනේ ඒ නරැමයගෙ අතින් .. අනේ තාත්තේ ඇයි ඔයාගෙ දුවව ඔයාට ඔයතරම් අවිස්වාස වුනේ... පුංචි කාලේ චූටි තුවාලයක් දැක්කත් ඔයාට දරාගන්න බැරිවුන ඔයා කොහොමද මාව අර විදිහට ගෙදරින් එලියට ඇදලා දැම්මේ... කමක් නෑ මගෙ තාත්තේ මේ මං කරපු පව් .. ඒවට ඔයාට කරන්න කිසිදෙයක් නෑ... මට දුක මං ඒ තරම් නරක කෙනෙක් කියල ඔයා හිතපු එක විතරයි .. අද මේ විදිහට මෙහෙම හරි ජීවත් වෙන්නෙ මහේෂිට පිං සිද්ද වෙන්න.. ඇත්තටම ඒත් මහේෂිටත් පිනක්ද පවක්ද ඒක කියල මට හිතාගන්න බෑ... සුපුරුදු විදිහට බාරගත්ත අපොයිමන්ට් ඉවරකරල බෝඩිමට ආපු මං ඇදට වැටිල ෆෑන් එක කැරකෙන දිහා බලාගෙන ඉදලා කල්පනා කලේ මං ගැනමයි.. හෙටක් නැති මගේ ජීවිතේ එපා වුනත් කරන්න දෙයක් නැතිකමට ජීවත් වෙනවා...
"මොකෝ බං අද මැරිල වගේ... " මං ගැස්සිල බැලුවෙ මහේෂි ළගට එනකන් මං දැක්කෙනෑ..
" හ්ම්ම් .. එපා වුනා බං උන් කියන කියන විදිහට ඉන්න එපෑ ඉතින්... ඒ මදිවට ඇගේ සයිස් එක.. "
" ඒකනන් ඇත්ත.. මුං ගෙවල්වල ගෑණුන්ගෙන් ගන්න බැරි පලි අරින්නෙ අපෙන්.. ඇයි ඉතින් උන් ගෙවල්වල ඉන්නෙ උපාසක මහත්තුරැ විදිහටනේ.. ගෑනිට පට්ට බයයි.."
" මං වොශ් එකත් දාගෙන එන්නම් මහේෂි"
මං කතාව එතනින් නතර කලේ මහේෂිත් ඔහොම කියෙව්වට ඒ සල්ලි වලට ආස නිසා.. අවුරැදු හයක් තිස්සෙ එකට යාලුකමින් ජීවත් වුනේ ප්‍රශ්න නැතුවම නෙවේ... මටයි කියල යන්න තැනක් නැතිකමට..මහේෂි ඇත්තටම හරිම හොද යාලුවෙක් ඒත් එයාගෙ රස්සාවට ඒ හැමදේම යටත් වෙන්නෙ එයා ඒ ජීවිතේට පුංචි කාලේ ඉදලම හුරැවුන, ඒ දේවල් වලට එයත් හරිම ආස දෙයක් නිසා... එයාගෙ අම්මගෙන් හුරැ වුන නරක වල ප්‍රතිපල .. ඉස්කෝලෙ යන කාලෙ මහේෂිගෙ අම්මා දැක්කේ සරැංගලයක් වගේ මේකප් නාගෙන එන නිසා... ඒත් දැන් මමත් ඒවගේමයි.. ඒනිසාම මං මටම වෛර කරනවා... ජීවිතය එපාවෙනවා වගේ හැගීමක් දැනුන නිසාම මට පන්සලකට යන්න හිතුනා.. අවුරැදු ගානකින් පන්සලකට නොගිය මම තියන එකම දිග සායට ඇගට ලොකු බ්ලව්සයක් ඇදගෙන හැමදාම විසිරෙන්න කඩලාදාපු කොන්ඩය තනි කරලකට ගොතා ගත්තා... මහේෂිට දැක්ක ගමන් බකස්ගාලා හිනාගියා...
"මේ මොකද ශානි මේ.. කොහෙ යන්නද..??"
"පන්සල්"
" ඒ මොකෝ බං එකපාරටම.. අනික මේ ෆන් ගන්න තියන කාලෙ මොන පංසල්ද.. යමන් ෂොපින් පාරක්.."
" අපි හෙට යමු ෂොපින් දැන් මට යන්නම ඕනෙ බං"
මං ඒටික කියල එලියට බැස්සෙ පර්ස් එක විතරක් අරන් මගදි තෙල් හදුන්කූරැ ටිකක් ගන්න හිතන්...යන අතරමගදි වෙනදාට නොදැක්ක වෙනදාට ඕනකමින් නොබලපු දේවල් ගොඩාක් මං දැක්කා.. ලස්සන පවුල් , අම්මලා තාත්තලා ඒක්ක අතේ එල්ලිලා යන දරැවො, දිහා බලාගෙන මං හීල්ලුවා.. මට කවදාවත් මේ වගේ සතුටක් ලබන්න පිං කරලා නැතුව ඇති... මං වගේ කෙනෙක් අම්මා කෙනෙක් වෙන්න කවදාවත් සුදුසු නෑ ... මට මං ගැනම ජීවිතේ පලවෙනි පාරට එපාඋනා..
බෝ මලුවට ගිහින් නිදහසේ ඇවිදිද්දි හිතට හරි සැනසීමක් වුනා.. ජීවිතයේ මෙච්චර කල් ලෝකයා ඉදිරියෙ හිනාවුනාට අපි ඇතුලෙන් කොච්චර විදවනවද කියලා හිතුනා... බෝමලුවේ හිදගෙන දෑස් පියා ගත්තම ගතට සිතට පුදුම නිදහසක් දැනුනා.. මේකද මං හොයන ජීවිතය ... ඒත් මට මුකුත් තේරුනේ නෑ ...
--------------------------------------------
පහුවදා ඉදලම මට නිදහස් වෙලාවක් හොයාගන්න බැරි තරමට මං බිසී උනා... මොනදේ කරන්නත් ඉස්සෙල්ලා මගෙ අතේ සල්ලි තියෙන්න ඕන නිසා මං රස්සාව ගැන විතරක් හිතුවා... සල්ලි ටිකක් එකතු කර ගෙන මේ ජීවිතයෙන් ඈත් වෙනව කියල හිතුවා..
වෙනදා වගේම මමයි මහේෂී ක්ලබ් එකට ගියා අපිට අපොයිමන්ට් නැති දවසට අපි එතනට ගිහින් තමයි කවුරැහරි හදුනගන්නේ... අපි ඩ්‍රින්ක් එකක් ඕඩර් කරල ටික වෙලාවක් ඉද්දි මන් ලගට පිරිමි කෙනෙක් ආවා.. මේ දේවල් හුරුපුරුදු නිසා ඒකෙ වෙනසක් මට තේරුනේ නෑ ..
"යමුද පොඩ්ඩක් එලියට ..."
" හ්ම්ම් "
" බායි හේෂී.."
"බායි ඩාලින්ග්" මං මහේෂිට අතවාගෙන ආවා...
" මේ මට නෙවේ ඔයාව ඕනේ අර වාහනේ ඉන්න සර්ට කැමති නං වාහනෙන් ඉදගන්න"
පෙන්නපු වාහනේ ලගට මං ගිහින් බැලුවා වැඩි වයසක් නැති කොල්ලෙක්.. හැබැයි බීලා වගේ.. මං දොර ඇරල ඉදගත්තා.. මිනිහා මං දිහා බැලුව හොදට ...
"කොහෙද යන්නේ... "
" ඕන තැනකට.."
"බීච් යන්ද"
" බීච්" .. මට හිනාව නවත්ත ගන්න බැරිඋනා...
" ඔහ් .. මේකයි... මට යාලුවෙක් තමයි ඔයාව පෙන්නුවෙ ක්ලබ් එකේදි මං කතාකරල නැති නිසා මමයි ඔයා කැමති නම් එන්න කියන්න කිව්වෙ... එයා තැනක් කිවුවා... මම කැමති නෑ එහෙම යන්න.."
"හ්ම්ම්.."
දකිද්දිම හිතුනා මෙයා අලුත් කෙනෙක් වගේ කියලා...
" මොනාද කල්පනා කරන්නෙ.. ඔයාගෙ ගාන මං ගෙවන්නම් බයවෙන්න එපා.. මට ඕනෙ ටිකක් කතාකරන්න.."
"මාත් එක්ක කතා කර කර ඉන්න..??" මට හිතාගන්න බැරිවුනා කවදාවත් මාත් එක්න කතා කර කර ඉන්න පිරිමි කෙනෙක් මේ ඇහුවමයි.... මෙයාට මොනාද මාත් එක්ක තියන කතා.. කමක්නෑ ගාන දෙන එකේ අහලම බලමුකො...
" හ්ම්ම් , එහෙනම් අපි බීච් සයිඩ් එකේ තියන නිදහස් තැනකට යමු..."
අපි බීච් සයිඩ් එකේ නිදහස් තැනකට ආවා ...
" තව දෙයක් .. වාහනෙන් බහින්නම් බෑ... කවුරැහරි මාව දැක්කොත් ඒකයි..."
"හ්ම්ම් ඔයාට ඕන විදිහක්.. හරි දැන්මොනාද කියන්න තියන්නෙ...??"
"හ්ම්ම්.. ඇත්තටම මේකයි... මං ඔයාව ඒ ක්ලබ් එකේ දැකලා තිබුනට මං කවදාවත් ඔයාල වගේ අය එක්ක එලියට ගිහින් නෑ... මට මේ ලෝකෙ ගෑණු කියන ජාතිය එපාම උනා... මගේ සල්ලි වාහන වලට එයා ආදරේ කලේ.. මට නෙවේ ... අන්තිමට මගේ සල්ලිත් අරන් මාව දාලා ගියා... " කොල්ලා ඒටික කිව්වෙ අඩන්න වගේ ..
ඔහුගේ කතාව කියාගෙන ගියත් ඒක ඒතරම් උනන්දුවෙන් මං ඇහුන්කන් දුන්නෙ නෑ... ඒත් මට යන්තම් මතක තිබ්බා.. මං වගේම ජීවිතය එපා උනත් ජීවත් වෙන මලකදක් වගේ ඔහේ කියවගෙන ගියා..
" ඔයා අහගෙනද ඉන්නෙ..? "
"අහ්., ඔව් කියන්න... "
" නෑ .. දැනට ඇති.... ඔයාට මොකද හිතෙන්නෙ.. මං පිස්සෙක් කියල හිතනව ඇති නේ.."
" අනේ නෑ... මිනිස්සු උඩින් හිනාවෙලා හිටියට ඇතුලෙන් ජීවිතය විදවනවා.... ඒක මං දන්නවා... "
" ඒ කියන්නෙ ඔයා කැමතිද අහන් ඉන්න.. "
" කැමති.. ඒත් මට ඒකට ඔයාගෙන් සල්ලි ගන්න බෑ... මගේ රස්සාව කර ගන්නත් එපෑ.."
" ඒකට කමක් නෑ මට ඔයාව සතියට දවසක් දෙකක් හම්බුනාම ඇති..."
--------------------------------------------
අපි ඒ විදිහට හම්බුනා කතා කරා එයාගෙ හැමදේම කිව්වා.. ඒත් මං කවදාවත් එයා ඉන්න තැනක් රස්සාව ඇහුවෙ නෑ.. එයා කිව්වෙත් නෑ.. මමත් එයා එක්කන් ගිය හැමතැනම ගියා.. ඒත් ඒ කවදාවත් කියන ඒවා අහන් ඉන්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක්වුනේ නෑ ...එයත් එක්ක එහෙම ඉන්න එක මටත්ලලොකු සතුටත් සැහැල්ලුවක් උනා... එයාව හම්බෙන්න දවස් බල බල මං ජීවත් උනා.. ඒත් මං එයා. කොයි වෙලේ හරිමමේ හමුවීම නවත්තයි කියල හිතුන නිසා මං මම කව්ද කියල ගැන දැනගෙන එයාව ආශ්‍රය කලා.. එයා මගේ ගාන හැමදාම ගෙව්වා... මමත් එපා කිව්වෙ නෑ මොකද එතකොට එතන වෙන දෙයක් හිතට එන නිසා... එහෙම දෙයක් හිතන්නෙ කොහොමද මං..
දවසක් මට කෝල් එකක් ආවා..එයාට ආයි මාව හම්බෙන්න උවමනාවක් නැහැ කියලා.. මමත් හා කියල තිබුබා.. මොකද අපිව ඕනෙ එයාලගෙ වැඩේට විතරයි කියලා දන්න නිසා.. මං සුපුරුදු විදිහට රස්සාව කරගෙන හිටියා.. ඒත් හිතට හරිම පාලුවක් දැනුනා.. ආයෙත් පන්සල් යන්න ඕනෙ කියල හිතුනා..
පංසලේ තියන නිස්කලංක බවට හිතගගොඩාක් හැදුනා .. බුදුගේ පැත්තෙන් මුහුණක් දැක්ක වගේ මං ආපහු හැරිල බැලුවා... ඔව් ඒ එයා... අම්මා කියල හිතන්න පුළුවන් වයසක ගැහැණු කෙනෙක් එක්ක ... මං එයාලව මග ඇරල එන්න ආවා..
"නංගී....අර කෙනා ඔයාට කතා කරනවා.. "
මං දන්නව ඒ ඔයා කියල ...ඒත් කොහෙමද මං මුණ බලන්නේ.. මං අමාරැවෙන් ඒදිහා බැලුවා..
" පිටිපස්සෙන් ඔයා කියල හිතල කතා කරාට මට අදුරගන්නත් බෑනේ ඔය ඇදුමට... හරිම ලස්සනයි .."
මං කිසිවක් නොකියා සිනාසුනා..
"මං යනවා..."
එතනින් ඉක්මනට බෝඩිමට ආවා.. අනේ.. ඇයි මෙහෙම වෙන්නෙ මටම.. හිත නිදහස් කර ගන්න හැදුවට තව තවත් හිත පෑරෙන දේවල් ම වෙන්නෙ .. ආයෙත් පන්සල් යන්නෙ නෑ කියල හිතාගත්තා ....
-------------------------------------------
දවසක් මට කෝල් එකක් ආවා.. හුරැපුරැදු කටහඬක්..
" හෙලෝ "
ආයෙමත් කතා කරන්නෙ.. මේ පාර නම් හම්බෙන්න බෑ කියනවා..
" හෙලෝ ... ඇහෙවද.."
" හම්ම්.." මං පියවිලලෝකෙට ආවා...
" අනේ.. සර්.. තරහවෙන්න එපා ආයි මට සර්ව හම්බෙන්න බෑ..."
" ඇයි ඒ.. මං ගෙවනවා..."
" අනේ එපා.. මට ආයිත් කතා කරන්නත්..."
මාගේ ඇස් නිලංකාර වෙනව වගේ දැනුනා..
මං මහේෂිට කෑගැහුව විතරයි මතක...
ඇස් ඇරලා බලද්දි මං හිටියෙ බෝඩිං කාමරයේ නෙවේ... මං මේ කොහෙද ... නැගිටින බැරිබව තේරැනා..
" හා හා නැගිටින්න තාම බෑ... ඔහොම ඉන්න ..." නර්ස් මාගේ සියලුම දේ බලලා ගියා...
එවිටම මහේෂි මං ලගට ආවා...
"මට මොකද වු... නේ..."
මට සිහි නැතිවී ගිය බවත්.. එවලෙම රෝහල් ගතකල බවත්.. තවත් පරීක්ෂණ රාශියක් තියන බවත...රෝගය තවමත් හරිහැටි නොදන්නා බව දැනගත්තා...
" ඔයාට කොහොමත් දවස් තුන හතරක් ඉන්න වෙයි... එහෙනම් ආයෙත් හෙට එන්නම්කො " මහේෂි ගියා... ඇත්තටම මොන වැරදි කරත් විපතකදි අහක බැලුවෙ නැති එකට මං ගොඩාක් ගරැ කලා..
ඔව්... බ්ලඩ් කැන්ස එකක්... මට තියන්නේ ඒ කරැම ලෙඩේ ... මට තියන්නේ තව මාසයද දෙකද අවුරැද්දක්ද කියල මං වත් දන්නෑ... මං කරපු පව් මේ ආත්මයෙන්ම ගෙවන්න වෙයි කියල හිතුවෙ නැති උනත් මට ආදරය කරන්න කවුරැත් නැති නිසා මං මැරැනට අඩන්න කවුරැත් නැති නිසා ... ජීවත් වෙන්න ආස නැති වුනත් දැන් මැරෙන් බෑ කියල හිතෙනවා..
"ශානි...මොනාද හිතන්නේ ... "
කියන්න කොච්චර දේවල් තිබ්බත් ඒවා වචන වලට හරව ගන්න බැරි උන මට ...
“ මං තීරණයක් ගත්තා හේෂී ... මං හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් කරාම අනාථ නිවාසෙකට යනවා ... මගේ අකවුන්ට් එකේ සල්ලි ඒකට හරවනවා.. "
" හ්ම්ම්ම්.. ආ උබේ ෆෝන් එක .. එදා උබ වැටුන වෙලේ මේක වැටිලා කැඩිලා... "
" කමක් නෑ... ඕකෙන්. දැන් වැඩක් නෑ..."
ෆෝන් එක ඕනෙ නෑ ආයෙත් මට ඕකට ආයෙත් සර් කතා කරොත් මට එයාට් මේෙේදේවල් කියන එක වැඩක් නෑ....
“මං ගිහින් එන්නම් ශානි... “
මං හොස්පිට්ල් එකෙන් මං කෙලින්ම. ගියේ අනාථ නිවාසෙට ..ඒ සියලු වැඩ හේෂි අතින් සිද්ද උනා .. සර්ව හම්බුනොත් මන් රට ගියා කියල කියන්න. හේෂී ට කිව්වා.. නැතත්ම් එයා මෙහාට එනවා කියල මංදදන්න නිසා ... මට තාත්තා බලනන් ආසහිතුනා .. ඒත් එයා මගේ මූන බලන්නවත් කැමති නැතුව මං කොහොමදදදකින්නේ එදා එයාට කුඩම්මාගන් එහා ලෝකයක් තිබුනෙ නෑ
... ඒකනෙ එයාගෙ මල්ලි මට කරපු දේවල්මගේ පිටින්ම දාලාඉද්දි මාවිඑලියට ඇදල දැම්මෙ... අනේ මගේ තාත්තා ඒ ගෑනිව විස්වාස කලා...
නිවාසයේ ගෙවන ජීවිතේ හරිම නිදහස් ... ඒත් මං එන්න එන්නම කැතඋනා... කොන්ඩෙ යනන් ගත්තා...හේෂිටත් මාව අමතක වෙලා ගියා... මංඒත් එයාලට කවදාවත වෛර කලේ නෑ...දවසක් ආයෙමත් මට ගොඩාක් අමාරු වෙලා මහරගම එක්කන් ගියා ...
"අද තැඹිලි බෙදන්නේ පන්නිපිටියෙ කට්ටියක්" කව්දෝ කියනව ඇහුනා
"මං ඇස් ඇරලා බැලුව වටපිට අනේ මගේ තාත්තා .. ඈතින් ඡායාවක් දැක්කා... ඒ එක්කම මගේ ඇග සැහැල්ලු වෙනවා වගේ දැනුනා .... මන් තාත්තගෙන් ගොඩාක් ඈතට ගියා... හේෂී, සර්, තාත්තේ මතු භවයේ අපි හමුවෙමු....
.......... අවසානයි.......
හයක් හතරක් නොදන්න කාලයේම පිපෙන්නට කලින් පරවෙලා යන ශානිලාටත්... කරමක්කාර ලෙඩක් නිසා හුස්ම ගත්තත් ජීවත් නොවන ශානිලාට මේ කතාව උපහාරයක් වේවා...!!!
by :කල්පනී හෙට්ටිආරච්චි
උපුටා ගැනීමකි
No comments:
Post a Comment