#ඉතාමත්_සංවේදි_කෙටි_කතාවකි
හැමදාම හවසට බුදු පහන තියලා මම හිතන්නේ මම මැරෙන්න
කලින් මගේ චූටි පුතා මැරෙන්න කියලා.
මේ කුසෙන් දරුවෝ පස් දෙනෙක්
බිහි කරපු අම්මා කෙනෙක් මම. තරුණ කාලේ ඉස්කෝලෙක ගුරුවරියක්,
දැන් රෝද පුටුවකට වෙලා ගේ ඇතුළේ හිටියට. මේ ආත්මේදී මම
දැනුවත්ව මගේ අතින් කිසිම පවක් වෙලා නැහැ. ඒත් මගේ
පෙර කරුමෙකට මගේ චුටි පුතා ඉපදුනේ විශේෂ හැකියාවන්
සහිත ළමයින්ගේ ගොඩට අයිති වෙලා. චුටි පුතාගේ බාහිරින් කිසිම
වෙනසක් නැහැ. ඒත් මොළේ වර්ධනය අඩුයි. දෙයක් කිව්වම තේරුම්
ගැනීමේ හැකියාව, තනියම වැඩක් කරගන්න.... ඒ කිසිම දෙයක්
කරගන්න බෑ. අන්තිමට මට පුතා නිසා රස්සාවෙනුත් අස්වෙන්න වුනා.
මගේ අම්මට පුතාව බලා ගන්න බෑ එයා කියන දෙයක් අහන්නෙත්
නෑ ගෙදර බඩු විසි කරනවා කේන්ති ගියාම. මේ දේවල් නිසා
අන්තිමට රස්සාවෙන් අයින් වුනා. අනිත් ළමයි හතර දෙනා හොඳට
ඉගෙන ගත්තා. මම ගුරුවරියක් වෙලත් මට පුතාව කිසිම ඉස්කෝලෙකට
දාගන්න බැරි වුනා. ගෙවල් වලට කිට්ටුව විශේෂ ළමයින්ට
උගන්වන ඉස්කෝලයක් තිබ්බෙත් නැහැ. චුටි පුතාව දුරක නවත්තලා
එන්නත් බයයි. මොන විදියට ඉපදුනත් මේ මගේ කුසෙන් ඉපදුන දරුවා.
අනිත් දරුවෝ 4 දෙනා පොඩි කාලෙදී එයාලගේ මල්ලිට ආදරේ උනත්,
එයාලා ලොකු වෙන්න.. ලොකු වෙන්න, මල්ලිව එයාලට ලැජ්ජාවක් වුනා.
පොඩි කාලේ හැමෝම ආදරෙන් මල්ලි කිව්ව කට්ටිය දැන් කේන්ති
ගියාම මල්ලිට බනින්නේ පිස්සා කියලා. දැන් ලොකු දුවගේ වයස 38ක්..
ළමයි හතර දෙනාම හොඳට ඉගෙන ගත්තා චුටි පුතා ඇරෙන්න.
චුටි පුතාට උගන්වන්න මම කොච්චර උත්සහා කළත් මට ඒ දේ කරන්න
බැරි වුනා. අනිත් ළමයි හතර දෙනාම දැන් කොළඹ ලොකු ලොකු
රස්සා කරන්නේ. එයාලා එහෙන්ම බැන්ඳා. ළමයි හතර දෙනාම මට
එහෙ ඇවිත් නතර වෙන්නලු. ඒත් මේ පිස්සු මල්ලිව බාර ගන්න
කවුරුත් කැමති නෑ. මට ළමයින්ට දොස් කියන්නත් බෑ... මොකද
ඒක එයාලගේ ජීවිතේ, එහෙම කියලා මට මගේ චූටි පුතාව තාත්තත්
නැති මේ ගෙදර තනියම දාලා යන්නත් බෑ. ගමේ මිනිස්සුන්ගෙනුත්
කොයි වෙලෙත් පිස්සා කියලා බැනුම් අහන මේ දරුවව මම කොහොමද
තනි කරන්නේ. ඒකයි මම බුදු පහන තියන හැම මොහොතෙම මම
මැරෙන්න කලින් චුටි පුතා මැරෙන්න කියලා හිතන්නේ. නැත්නම් මේ දරුවා
මම නැති වුන දවසක පාරක් පාරක් ගානේ හිඟන්නෙක් වගේ ඇවිදියි.
මම වැඩියෙන්ම ආදරේ චුටි පුතාට වයස විසි පහක් වෙලත් තාමත්
පොඩි එකෙක් වගේ මගේ ලඟ රෑට නිදියන්නේ. මට කියලා කෑම කවා ගන්නේ...
මේ රෝද පුටුවේ ඉඳන් මම බැරි බැරි ගාතේ හරි මේ පාලු ගෙදර
ලිප පත්තු කරන්නේ මගේ චුටි පුතාව බඩගින්නේ තියන්න බැරි නිසා.
අනිත් ළමයි ගෙදර වියදමට මම ජීවත් වෙලා ඉන්නකම් සල්ලි එවයි.
ඒත් මම මැරුනට පස්සේ එයාලා මේ පිස්සු මල්ලිට කවදාවත්
සල්ලි එවන්නෑ... මේ හැමදෙයක්ම ගැන හිතලා... මම පුතාව ගෙවල්
ලඟ තියෙන ගෙදරක කරන පොඩි ගාමන්ට් එකක අතුගාන්න..
අස්කරන්න වැඩ වලට යවන්න තීරණේ කලා. මේ ළමයා කඩේට
ගිහින් ගෙදෙට්ට ඕන කරන බඩු මුට්ටු ගේන්නත් මම පුරුදු කලා.
තුණ්ඩු කෑල්ලක අවශ්‍ය බඩු ටිකයි සල්ලියි අතට දුන්නම. කඩේට
ඒ සල්ලි ටික දීලා මුදලාලි බෑග් එකට දාලා දෙන බඩු ටික අරන් එනවා.
අපිව ඒ කඩේ මුදලාලි දන්න නිසා. කවදාවත් බඩු අඩුවෙන්වත්...
සල්ලි වැඩියෙන්වත් අරගෙන නෑ. ඒත් මේ ළමයා කඩේට ගියාම. කඩේ
තියෙන ටොෆි බෝතලේ ඇරලා එයාම අරගෙන කනවා. මම මේ දේවල්
දන්න නිසා වැඩිපුර ඒවටත් එක්ක සල්ලි දීලයි පුතාව කඩේට යවන්නේ.
ගෙදර වැඩටයි... මගේ වැඩටයි, ලොකු දුව ගෑණු කෙනෙක් සල්ලි
දීලා ගෙදර නැවැත්තුවත්. මම පුතාව මේ දේවල් වලට හුරු
කරන්නේ එයාගෙම හොඳටයි. ගෙවල් ලඟ ගාමන්ට් එක කරන නංගිව
මම අඳුරනවා. එයාට කෝල් කරලා. පුතාව ඔය අස්පස් කරන
වැඩ වලට... යවන්න කැමති කරගත්තේ බෝහෝම අමාරුවෙන්.
මුල් කාලෙදී ළමෙක්ව මොන්ටි සෝරි යවනවා වගේ සති දෙකක් යනකම්,
මටත් පුතා එක්ක එයා වැඩ වලට හුරු වෙනකම්
උදේ ඉඳන් හවස් වෙනකම් ඒ ගාමන්ට් එකේ ඉන්න වුණා. ඒ
ගාමන්ට් එකේ නංගිත් හරි හොඳයි. මොකද මම පුතාව මේ දේට
යැව්වේ මම නැති කාලෙක.. පුතාට තනියම මේ ගෙදර ජීවත්
වෙන්න හේතුවක් තියෙන්න ඕනි නිසයි. සති දෙකක් වගේ යද්දී චුටි පුතා
එතන ඉන්න ළමයි එක්ක එකතු වුනා. එයාලා මගේ දරුවට තමන්ගෙම
මල්ලි කෙනෙක්ට් වගේ සලකන්නේ. ගාමන්ට් එකේ නංගිත් පුතාට පොඩි
පඩියක් දෙන්නම් කිව්වා. මේ ළමයා ටීවී එකේ යන නාට්‍ය වල ඉන්න
ළමයි ඔෆිස් යන විදියට ඇඳගෙන අතු ගාන්න යන්නේ. මමත් මුකුත්
කිව්වේ නැහැ. පව් මගේ චුටි පුතා. උදේට ෂර්ට් එක යට කරලා
ටයි එකක් දලා.. අර ගමන්ට් එකේ අතු ගාන්න යනවා. පුතාට පේන්න
ඇඬුවේ නැති වුනත් මම තනියම හැමදාම චුට් පුතා. ගැන හිතලා අඬනවා.
මොකඳ මම එයා ඉස්සරහා ඇඬුවොත් එයත් කෑගහලා අඬන්න ගන්න
නිසා. චුටි පුතාව වැඩට දාලා දැන් මාසෙකටත් කිට්ටුයි. මෙයා මට
හැමදාම රෑට නිදි යද්දී පොඩි එකෙක් ඉස්කෝලේ ගිහින් ඇවිලා වගේ වැඩ
කරන තැන විස්තර අකුරක් නෑර කියනවා. පුතත් දැන් ආසාවෙන් එතන
වැඩට යන්නේ. දෙසැම්බර් 31 එකටත් කිට්ටුයි අළුත් අවුරුද්දක්
ලබන්නත් තිබ්බේ.., තව දවස් දෙකයි. පුතා රෑ ගෙදර ඇවිත් මගේ
අල්මාරිය ඇරගෙන ඇඳුම් අඳිනවා. ඒ මදිවට කොළ වගේ
ටිකකුයි. පෑනකුත් ලඟ තියාගෙන. මම මොකද චුටි පුතා කරන්නේ
ඇහුවම. අම්මා යන්නලු.. මම එයාව කලබල කරන්න ගියෙත් නැහැ.
මොකද එයාට පොඩ්ඩ ඇත්නම් කේන්ති යනවා. ඊට පස්සේ රෑ නිදියද්දී
මට කියනවා.
"අම්මේ වැඩපොළේ අක්කලා. හෙට ඇඳුම් ගන්න ටවුන් එකට
යනවාලු.. මටත් එන්න කිව්වා. එයාලත් එක්ක යන්න..."
"අනේ පුතේ ඔයාට ඔය කඩවලට තනියම ගිහින් පුරුදු නැහැනේ..."
"අනේ මට අක්කලා එක්ක යන්නම ඕනේ. හෙට මට පඩිත් දෙනවා
කිව්වා... ඒ අක්කලා මාව ගේනත් ගෙදෙට්ට ඇරලවන්නම් කිව්වා..."
"හරි.. හරි ගිහින් එන්නකෝ එහෙනම්..."
මම හා කිව්වට හිටියේ හිතේ දෙගිඩියාවෙන්... මොකද චුටි පුතා මම
නැතිව කවදාවත් ඔහොම ගමනක් ගිහින් නැහැ. පහුවෙනිදා... පුතා වැඩට
ගිය ගමන් මම ගාමන්ට් එකේ නංගිට කෝල් කරලා විස්තරේ කිව්වා.
එයා වැඩ කරන ගැණු ළමයින්ගෙන් අහලා බලන්නම් කිව්වා.
"දමිතා ඔයාලා අද ඇඳුම් ගන්න යනවද ?"
"ඔව් අක්කේ.. අක්කත් යමුද අපිත් එක්ක.."
"මම යන්න නෙමෙයි බන්... පොඩ්ඩක් මෙහෙට එන්නකෝ ඔය වැඩේ නවත්තලා.."
"ඇයි අක්කේ..."
"අර අතුගාන්න අස්පස් කරන්න ඉන්න ළමයටත්... උඹලත් එක්ක
ඇඳුම් ගන්න යන්න එන්න කිව්වද..?"
"ආ..මේ ඊයේ හවස තේ බොන ගමන් වීහිළුවට වගේ කිව්වා. එන්න කියලා."
"විහිළු නෙමෙයි. අන්න ඒ ළමයා අම්මට කියලා. ඇවිත් වැඩපොළේ
අක්කලත් එක්ක ඇඳුම් ගන්න යනවා කියලා."
"අනේ අක්කේ... අපි කොහොමද එයාව එක්කගෙන යන්නේ අපි
විහිළුවටනේ කිව්වේ."
"අනේ මන්දා උඹලත් දාගන්න ප්‍රශ්ණ... දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.
ඒ ළමයගේ අම්මා මගේ හොඳ යාළුවෙක්. ත්‍රීවිල් එකක ගිහින් ඇඳුම්
අරගෙන ඒ ළමයව ගෙදරටම ගිහින් ඇරලන්න. මම සල්ලි දෙන්නම් ත්‍රීවිල් එකට...."
දමිතා විහිළුවට කිව්ව දේ ඇත්තටම කරන්න වුනා නිසා එයා හිටියේ ඒ
ළමයත් එක්ක තරහින්... දෙයක් කියලා තේරුම් කරන්න පුළුවන් මානසික මට්ටමක්
තියෙන ළමෙකුත් නෙමෙයි... මම ඕක කියලා තේරුම් කරන්න ගියානම්
මෙතන එයා කෑහැගහන්න ගන්නවා. ඒක නිසා මම දමිතටම...
ඒ වැඩේ කරන්න කිව්වා.. වැඩ ඉවර වෙලා ත්‍රීවිල් එකකට කතා කරලා.
මම දමිතයි මේ ළමයවයි, තව ළමයෙක්වයි.. ත්‍රීවිල් එකේ දලා යැව්වා.
රැ අට වගේ වෙද්දී.. දමිතා ඒ ළමයව ඇඳුම් අරන් ගෙදරටත් ගිහින් දාලා..
ආයිත් ගාමන්ට් එකටම ආවා.
"අක්කේ... අක්කේ...."
"ආ මේ දමිතනේ... ඇඳුම් ගත්තද ?... අර ළමයව ගිහින් බැස්සුවද ?"
"මොන ඇඳුම්ද අක්කේ.... මාර වැඩක්නේ මූ කලේ.."
"ඇයි මොකද වුනේ... "
"මූ... ඇඳුම් කඩේ වටේම ඇවිද්දා... මමත් මුගේ පස්සෙන්ම ගියා. අන්තිමට
නැවතුනේ කෙල්ලනේ යට ඇඳුම් තියෙන තැන.. ඊට පස්සේ මූ
සාක්කුවෙන් කොළ දෙකක් අරගෙන.. එතන හිටපු කෙල්ලට දිලා.. මේ
සයිස් ඒවා නැද්ද ඇහුවා... ඒ කෙල්ලත් බය වෙලා.. මටත් කරගන්න
දෙයක් නෑ.. ඊට පස්සේ එතනින් යට ඇඳුම් තුනකුයි, බ්‍රා එකකුයි
අරගෙන.. ලොකු බතික් ගවුමකුත් ගත්තා.."
"ඊට... පස්සේ.."
"ඊට පස්සේ තමයි.. මම එපා කියන්නද... මුගෙන් පඩි සල්ලි ඉල්ලගෙන
බිලත් ගෙවලා.. ඉක්මණට ත්‍රීවිල් එකක නැඟලා ආවා. සංජුයි
මමයි.. නූල් කෑල්ලක් ගත්තේ නෑ මූ කරපු වැඩේ නිසා..."
"උඹලා... ඔය ඉතින් විහින් දාගන්න ලෙඩනේ බන් දැන් ඉතින්
මේකෙම ගෙදර යන්න රෑත් වුනානේ.."
"මම එහෙනම් යනවා අක්කේ... වූ නම් තනිකරම පිස්සෙක්, ආයිත්
ඕකගේ මූණ දිහා බලලා මම නෙමෙයි කතා කරන්නේ..."
ඇඳුම් බෑග් එකත් අරන් ත්‍රීවිල් එකෙන් බැහැපු සඳුන් කෙලින්ම
ගියේ එයාගේ කාමරේට.. අම්මටවත් පෙන්නුවේ නැහැ.
"කෝ චුටි පුතා ඇඳුම් ගත්තද... කෝ මට පෙන්නන්න බලන්න.."
සඳුන් ඇඳුම් බෑග් එක අල්මාරියට දලා ලොක් කරලා
යතුරත් සාක්කුවේ දාගත්තා. අම්මටවත් ගත්ත ඇඳුම් පෙන්නුවේ නැහැ.
පහු වෙනිදා උදේ වැඩට ගියේ යතුරත් අරගෙනමයි. දමිතා
වුණ සිද්දිය වැඩ කරන තැන හැමෝටම කියලා. කවුරුත් සඳුන්
එක්ක කතා කළේ නැහැ. හැමෝම මෙහෙම හැසිරෙන්නේ ඇයි සඳුන්ට
තේරුණේ නැහැ. පහු වෙනිදා ජනවාරි පළවෙනිදා නිසා. ගාමන්ට් එක
වේලාසනින් වැහුවා. සඳුනුත් ඉක්මණටම ගෙදර ආවා.
චුටි පුතා ඇයි මේ මට ගත්ත ඇඳුම් පෙන්නන්නේ නැත්තේ..
මම කිහිම සැරයක්ම ඇහුවා ඒත් මේ කොල්ලා පෙන්නන්න බෑ කියනවා.
එදා ගිඩක් රැ වෙනකම් මායි.. පුතයි ටීවී එකේ ගිය වැඩසටහන් බැලුවා.
රෑ දොළහට පහන පත්තු කරලා. වෙනදා වගේම මම ඉල්ලුවේ මට
කලින් මගේ දරුවව දෙවියෝ ලඟට ගන්න කියලා. පහුවෙනිදා උදේ
පුතා වැඩට යන්න කලින් මම කිරිබත් කැව්වා. වෙනදා වගේම දරුවා
ඔෆිස් සූට් එක ඇඳලා... ටයි එකත් වැරදියට දාගෙන කාමරෙන් එළියට
ආවේ. අළුතෙන් ගත්ත ඇඳුම් බෑග් එකත් අරගෙන... මගේ
ඔඩොක්කුවෙන් ඇඳුම් බෑග් එක තිබ්බ පුතා.
"මේක...අම්මට, සුභ අළුත් අවුරුද්දක්...."
නිමි.
රයාන්ගේ සිතුවිල්ලක්
උපුටා ගැනීමකි
No comments:
Post a Comment