නිහඬ පැතුම
නුවන් අනේ මහත්තයාෙෙ ඔයා අදත් පරක්කු වෙනවද රත්තරං. අද වැඩට යන්නෙපා ඉන්නකො. අද අපේ 2nd anniversary එකනෙහ්.
අනේ එහෙම බෑනෙ පැංචියෙ මං වැඩට යන්නෙපැයි. මේ දවස් වල company එකේ මං handle කරන project එක ගැන දන්නවනෙ ඔයා. මං නැති උනොත් ඒ මොකුත් කෙරෙන්නෑනෙ රත්තරං.
නුවන් සහ විගඟි. මේ දෙන්නා යුග දිවියට එළඹුනේ අවුරුදු 6ක් අාදරේ කරලා. අදට කසාඳ බැඳලා අවුරුදු 2ක් වෙනවා. නුවන්ට වගේම විහඟිටත් තිබ්බෙ කාගත් සිත අැදිලා යන රූපයක්. නුවන් විහඟිට අාදරේට කිව්වෙ ජපන් බෝනික්කි කියලා. එතකොට විහඟි නුවන්ට කිව්වෙ ජපන් බෝනික්‍කා කියලා.. දෙන්නම ඒ තරමටම ලස්සනයි😍😍
හ්ම්ම් මට තේරෙනවා මහත්තයො. කමක් නෑ පරිස්සමට ගිහින් එන්නකො. මං ඔයා එනකන් මඟ බලන් ඉන්නම්. අනේ පුලුවන්නම් ටිකක් කලින් එනවද?
හරි පැටියො මං බලන්නම් try කරලා. මං එහෙනම් ගිහින් එන්නම්.. බුදු සරණයි පැංචි
බුදු සරණයි මහත්තයො
අනේ නුවන් මොකද ළමයො පරක්කු උනේ. ඔයා නැතුව කැබින් එකම පාලුවට ගිහින් තිබුනේ.
ඒ හංසි. හංසිට තිබුනෙ කාගෙත් සිත් අැද ගන්න රූපයක්. නුවන් පවා හංසිට වශී වෙලා හිටියෙ. හංසියි නුවන්ගෙයි affir එකට දැන් මාසයක් වෙන්නත් ළඟයි.
අනේ අද මං ටිකක් busy හංසි පැටියො.. ඒකයි ටිකක් late උනේ. වැඩිය නෑ 1 hour වගේනෙහ් බබා.
හ්ම් ඒක නෙවෙයි අද 12ට අපි off වෙලා ටිකක් අැවිදින්න යමු. මං බොස්ගෙන් අපි දෙන්නටම අවසර අරන් තියෙන්නෙ.
අනේ එහෙම කොහොමද මට අද කරන්න වැඩ ගොඩයිනෙහ්
බෑ බෑ අදනම් එන්නම ඕනෙ මාත් එක්ක. නැත්තන් ඔන්න මං තරහ වෙනවා.
ම්ම්ම් පිස්සි යමුකො එහෙනම්.
........................................................
ඔය අතරෙ විහඟි town යන්න ලෑස්ති උනේ anniversary cake එක හඳන්න ඕන බඩු වගයක් ගේන්න.
විහඟි ලෑස්ති වෙලා දොරත් ලොක් කරලා එළියට බහිනකොටම විහඟිට දරා ගන්න බැරි හිස රඳයක් අාවා.. විහඟි එළියට වෙලා ටිකක් වාඩි වෙලා හිටියත් ඒ හිසරදෙ අඩු නොවුන නිසාමත් කාලෙක ඉදන් මේ හිසරදේ හැදෙන නිසත් විහඟි කෙලින්ම ගියෙ hospitle එකට.
විහඟිගෙ Blood එකක් check කරපු doctor කිව්වෙ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. පස්සෙ කරපු පරීක්ෂණ වලින් doctor කිව්වෙ විහඟිට blood cancer එකක් තියෙනවා කියලා.
දෙවියනේ මට cancer එකක්. අනේ මගෙ නුවන් මහත්තයො ඔයා ජීවත් වෙන්නෙ ලෙඩෙක් එක්ක. මං දැන් මොකද්ද කරන්නෙ දෙවියනේ.
විහඟි මොකුත් නොවුන ගානට ගෙදර ගිහින් කේක් එකකුත් හදාගෙන නුවන් එනකන් මඟ බලන් හිටියා.
ඔය අතරෙ නුවන් හංසි එක්ක beach ගිහින් ගෙදර එද්දි රෑ 8 විතර උනා.
මගෙ මහත්තයා ගෙදර අාවද කියාගෙන විහඟි ගිහින නුවන්ගෙ බෑග් එක අරගෙන නුවන්ගෙ කම්මුලට හාද්දක් දුන්නා.
ඔව් පැංචි අද ගොඩක් මහන්සියි මං වොශ් එකක් දාගෙන එන්නම්ද බේබි.
හරි මහත්තයො ඉක්මනට එන්න.
හරි පැටියො මං ඉක්මනට එන්නම්.
නුවන් වොශ් එකක් දාන්න ගියෙ එයාගෙ 4n එක off කරලා, වොශ් දාගෙන එනකොට විහඟි කේක් එකේ ඉටිපන්දම් පත්තු කරන් බලන් ඉන්නවා.
අනේ මගෙ පැංචියෙ.මේ සේරම කලේ ඔයාද රත්තරං. මට මෙච්චරටම අාදරෙයිද මගෙ පැංචි. කෝ එන්න අපි දෙන්නම කේක් එක කපමු..
නුවන්ගෙ සතුට දැකලා විහඟිගෙ අැස් වලට කඳුලු අාවත් විහඟි ඒ කඳුලු හංග ගත්තෙ නුවන දකියි කියලා.
දෙන්නම කේක් කපලා anniversary සැමරුවා. දෙන්නත් එක්ක dinner අරගෙන නින්දට ගියා. ඒත් විහඟිට නම් නිඳමතක් පේනතෙක්මානෙකවත් තිබුනෙ නෑ. විහඟි කල්පනා කලේ එයාට මේ මොකද්ද උනේ කියලා. විහඟි අඬ අඬම නින්දට ගියා. විහඟිට නින්ද යද්දි පාන්දර 3ට විතර.
නුවන් නැගිටිනකොටත් විහඟිට හොඳටම නින්ද ගිහින්. කෙල්ල නිදාගෙන ඉන්න විදියට අැහැරවන්න හිතුනෙ නෑ..ඒත් වෙනදට විහඟි නුවන්ට කලින් අැහැරෙන හින්ද නුවන්ට පුදුම හිතුනා. නුවන් වොශ් දාගෙන අැවිත් ලෑස්ති වෙනකනුත් විහඟි නිදි. නුවන් වැඩට යන්න ලෑස්ති වෙලා විහඟිව අැහැරෙව්වා.
අනේ මහත්තයො මං ගොඩක් වෙලා නිදාගෙනද. ඔයා ලෑස්ති වෙලත් එක්කනෙ. මට කතා කරන්නෙපැයි රත්තරං.
හ්ම්ම් මගෙ පැංචි නිදන් හිටපු විදියට මට අැහැරවන්න හිතුනෙ නෑ ඉතිං.
මහත්තයො අනේ මට අද උයන්නත් බැරි උනා.
ඒකට කමක් නෑ පැංචි මං කඩෙන් කන්නම් අදට.
හරි එහෙනම් පරිස්සමට ගිහින් එන්න බුදු සරණයි,
හරි බුදු සරණයි පැංචි
නුවන් ගියවෙලේ ඉදන් විහඟි කලේ අඬන එක. විහඟි තේරුම් අරන් හිටියෙ එයාගෙ cancer එක හොඳ කරන්න බෑ කියලා. එයා දුක් උනේ නුවන් ගැන. ඒ අතරෙ නුවන් office ගියාම හංසි එක්ක අාදරෙන් හිටියා..එහමෙහෙ ගියා. ඔය වගේ මාසයක් විතර ගෙවිලා ගියා. දවසක් විහඟි town එකට ගියෙ ගෙදරට බඩු වගයක් ගේන්න හිතාන. ඒ යනකොට නුවන්ගෙ car එක coffee shop එකක් ලඟ නතර කරලා තියෙනවා දැක්ක විහඟි එතනට ගියෙ නුවන්ට කතා කරන්න හිතාගෙන.
දෙවියනේ මේ මේ ම මගෙ නුවන්, මහත්තයො ඔයා මේ කාත් එක්කද අත් අල්ලන් ඉන්නෙ. විහඟි එතනට වෙලා පැය භාගයක් විතර බලන් හිටියෙ කඳුලු පුරෝ ගත්ත දෙනෙතින්. ඒත් විහඟි නුවන් ඉස්සරහට ගියෙ නැත්තෙ තමන්ට තියෙන ලෙඩේ ගැන මතක් උන හින්දා. කවදහරි මං නැති දවසක මගෙ මහත්තයව මෙයා හොඳට බලා ගනියි කියලා හිතලා විහඟි ගෙදර අාවා.
දැන් විහඟිට හිතේ ප්‍රශ්න දෙකයි. මොනව උනත් නුවන් අර කෙල්ල එක්ක හිටිය එකට විහඟිගෙ හිත වාවන්නෙ නෑ.
ඔය විදියට අවුරුද්දක් විතර ගෙවුනා. නුවන්ගෙ වෙනස්කම් මේ වෙද්දි විහඟිට දැනුනත් ඒවට වචනයක්වත් නොකියන්න විහඟි වග බලා ගත්තා..දැන් දැන් නුවන්ට විහඟි ගැන හොයන්න අමතක වෙනවා. ගෙදර එන්නෙත් ගොඩාක් රෑ වෙලා..
මේ විදියට කාලෙ ගෙව්නා. දවසක් විහඟි කුස්සියෙ උයන ගමන් හිටියෙ. නුවන් අාසම කෑම ටිකක් තමයි අද උයන්නෙ..මොකද අද නුවන්ගෙ birth day එක. විහඟි නුවන් වෙනුවෙන් කේක් එකක් අයිසින් කරනගමන් හිටියෙ. එකපාරටම විහඟි කලන්තෙ දාලා අැදගෙන වැටුනෙ එතන තිබුන සෝපාවක් උඩට.
නුවන් වැඩ අැරිලා එනකනුත් විහඟිට නින්ද ගිහින්. අැත්තටම එදා නුවන් වැඩට යනවා කියලා ගෙදරින් ගියාට නුවන් ගියෙ හංසි එක්ක පොඩි රවුමක්.
අනේ මේ කෙල්ල මං වෙනුවෙන් කේක් එකකුත් හදලද. දෙවියනේ මං මගෙ පැංචිට කරන්නෙ මොනතරම් අපරාදයක්ද. කේක් එක දැක්ක නුවන්ගෙ අැස් වලට කදුලු අාවෙ නුවන්ටත් නොදැනිම.
පැංචි කෝ නැගිටින්න වස්තුවෙ මං ගෙදර අාවා. දෙවියනේ මේ කෙල්ල හොඳටම හීතල වෙලා.
අනේ අ අනේ මෙ මේ ලේ නේද... පැංචි මං අාවා රත්තරනෙ කෝ නැගිටින්නකො. අනේ වස්තුවෙ කෝ අැස් දෙක අරින්නකො...
නුවන් අඬ අඬම විහඟිව hospitle එකකට අරන් ගියා. අනේ අනේ මගෙ විහඟිට මොකද බලන්න nurse නුවන් කෑ ගහලා අැඬුවා. Doctor කිව්වෙ පරක්කු වැඩි කියලා. ඒ doctor තමයි විහඟි channel කරලා හිටියෙ. Doctor විහඟිගෙ යාලුවෙක්. Doctor විහඟිට තිබුණ ලෙඩේ ගැනත් නුවන්ගෙයි හංසිගෙයි affair එක විහඟි දැනන් හිටියත් ඒ ගැන වචනයක්වත් නොකිව්වෙ තමන්ට තිබුන ලෙඩේ නිසා බවත් නුවන්ට පැවසුවා.
දෙවියනේ මගෙ කෙල්ල මේ හැමදේම දැනගෙනත් මාව කොච්චර සතුටින් තිබ්බද.. නැගිටින්න රත්තරනෙ මට වෙන කවුරුත් එපා මට ඕන මගෙ පැංචිව.. අනේ නැගිටින්න මගෙ බෝනික්කියේ. නුවන් කෑ ගහලා අැඬුවෙ විහඟිගෙ නිසල දේහය බදාගෙන...😢😢😢
කතෘ -: සිතූ
උපුටා ගැනීමකි
No comments:
Post a Comment