ප්‍රමාදය
(කෙටි කථාව)
(කෙටි කථාව)
* මැණික...
* ම්ම්ම්....
*අපි දෙන්න මේ දකින හීන හැබෑ කරගන්න පුලුවන් වෙයි නේද ...?
* ඇයි ඔයා එහෙම අහන්නෙ...?
*මට බයයි...
* ඇයි ඒ...?
* මම මැරුනොත්...
* වහපන් කට...උබට කලින් මම මැරෙන්නෙ රත්තරං...
* නෑ...
* එහෙනම්....
* මම මුලින් මැරෙනව..
* බෑ....
* ඇයි ඒ.....
* ඔයා මම මැරෙනකොට ඔලුව අතගාන්න ඕන..
* හ්ම්ම්ම්....
* ඇයි හ්ම්ම්?
* ආදරෙයි මැණික...
* ඊට වඩා මම ආදරෙයි...
* හා...
* හ්ම්ම්...
* ඇයි හ්ම්ම්...
* මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ...
* ඔයාට ඒක වැඩක් නෑ....
* හ්ම්ම්ම්...
* අපි මැරෙන්නෙ තව අවුරුදු 60ක් 70ක් ජීවත් වෙලා මෝඩයෝ ...
* හ්ම්ම්ම්....මේ මම සතියකට අම්මලත් එක්ක ගමේ යනව.කෝල් මැසේජ් කරන්න බැරිවෙයි තාත්තාත් යන නිසා...
* කොහේ ගියත් පරිස්සමෙන් ගිහින් එන්න...
* හ්ම්ම්...
* හ්ම්ම්ම්...
==================================
ආදරය ම්ම්ම්ම්.... සුන්දර ආදරය.... ඔව් සුන්දරයි ආදරය... සුන්දර තරමටම ඊටත් වඩා දුකයි සමහරවිට මේ ආදරය....
මම කවින්ද දේශාන්... ආදරණීය පෙම්වතෙක්...එයා සදෙව්මි දිල්හාරා.... අපේ ආදරය අවුරුදු 4ක් ... ඔව් අපි ගොඩක් ආදරණීය කපල් එකක්...
ඒත්..........
=================================
අපි මුලින්ම මීට් වෙන්නෙ 2012 මීගමුව බෞද්ධ මන්දිරයේ bs පන්තියෙදි.... මගේ සෙල්ලම්කාර ජීවිතයට නැවතුම් තිත තියපු ඒ දවස සදෙව්මි මට ආදරෙයි කීව දවස...
* සදෙව්මි මෙච්චර දවසක් අපි දෙන්න හොද යාලුවො වගේ හිටිය නේද ?
* ඕ....ඇයි දැන් හතුරො වෙන්න ආසද....හී හී...
* ඔව් සදාකාලික හතුරො වෙමු...
* ඇයි ඒම කියන්නෙ...
* අපේ මේ යාලුකම නවත්තමු...
* ඇයි ඒ.. මම ඔයාට වැරැද්දක් කරාද ?
* ඔව් .... මෙච්චර කාලයක් කිසිම කෙල්ලෙක් නොකරපු වැරැද්දක් කලා...
* අනේ ඒ මොකක්ද ...
* ම්ම්ම්... ඔයා මගේ හිත හොරකම් කලා...
* මොකක්....
*හ්ම්ම්ම්... ආයෙ ඉල්ලගන්න බැරි විදියට මගෙ හිත ඔයා ගත්ත..
* ඒ කියන්නෙ ..... .
* ඕ... මම ආදරෙයි ඔයාට ... අපි මේ යාලුකම නවත්තමු...ඔයා කැමතිනම් මට අපි ආදරවන්තයො වෙමු...
*ම්ම්ම්ම්.... තාත්ත නැති මට තාත්ත කෙනෙක් වෙන්න පුලුවන්ද , සහෝදරයෙක් නැති මට සහෝදරයා වෙන්න පුලුවන්ද .. මගේ හොදම යාලුව වෙන්න පුලුවන්ද ?
* දැනටමත් මම එහෙම තමයි ඉන්නෙ... මම ඔයාට ආදරෙයි ...
* ම්ම්ම්.... මමත් ... ඒත් කියන්න ශක්තියක් තිබුනෙ නෑ..
ඔව් එදා ඉදන් මගෙ වෙනස ආරම්භ උනා... මම සිගරට් මරුවෙක් වෙලා හිටියෙ ම්ම්ම්....
දවසට සිගරට් 10ක් නම් බොනවමයි...2014 එක් දවසක...
දවසට සිගරට් 10ක් නම් බොනවමයි...2014 එක් දවසක...
* කවින්ද වශ්තු ...
*ම්ම්ම්...
* මට පොඩි ආසාවක් තියෙනවා ...
* මොකක්ද ...
* සිගරට් බීල ඉක්මනින් ඔයාව දාල මැරිල යන්න ඕන..
* මොනාද ඔයා මේ කියවන්නෙ මැට්ටි...
* ඔයාගෙ ලග සිගරට් ගදයි..ඔයාට මාව දාල යන්න නේද ඕන මටත් ඕන ඔයාව දාල යන්න...
* මොකද මේ...
* ඔව් මටත් ඕන අද ඉදන් සිගරට් බොන්න අපි දෙන්නම සිගරට් බීල ඉක්මනින් මැරෙමු...ඒත් එතකොට අපි හීනයක් දැක්ක නේද අපි ආච්චිල සීයල වෙලත් ආදරේ කරන්න ඕන කියල ... ම්ම්.... කමක් නෑ හීන අතාරිමු අපි මැරෙමු...
* නෑ අපේ හීන අපි කොහොමහරි හැබෑ කරගමු... මට සමාවෙන්න රත්තරං ...මම ආයෙ සිගරට් බොන්නෙ නෑ..
ඔව් එදා ඉදන් මම ඒකත් නැවැත්තුව ....
ඒත්........
අවුරුදු 2කට පසු 2016 එක් දිනක..........
අවුරුදු 2කට පසු 2016 එක් දිනක..........
* අම්මේ.... ක් හැ... ක් හැ.. අම්මේ...
* මොකද පුතේ මේ....අනේ දෙයියනේ ඔයාට පීනස වැඩි වෙලා වගේ නහයෙන් ලේත් එනව...
* අම්මෙ මට අමාරුයි උගුරත් රිදෙනවා .... පපුව පිච්චෙනව වගේ....
* ඉක්මනින් බේත් ගන්න යමු පුතේ...
ඒක තමයි අම්මගෙ ආදරය හ්ම්ම්ම්... ඇදන් හිටපු ඇදුම පිටින් වීල් එකකට කතා කරල මාව එක්කන් ගියා... මට එලියෙන් ඉන්න කියල ඩොක්ට අම්මත් එක්ක කතා කරනව... මටත් ලාවට වගේ ඇහෙනව කියන දේවල්
* බය වෙන්න එපා අම්මෙ අපිට තාම හරියටම කියන්න බෑ... සැකයක් විතරයි මේක .
* අනේ මහත්තයො මගේ දරුව... ඉහි...ඉහි... මගේ දරුව බේරල දෙන්න.
* අම්මෙ පුතාට මේ ඒ ගැන දැන්ම කියන්න එපා. අපිට නිශ්චිතවම කියන්න බෑ දැන්ම ..
* හොදයි මහත්තයො පින් සිද්දවෙයි මගේ දරුවට කරදරයක් වෙන්න දෙන්න එපා...
* හරි අම්මා පුතාව බදාදට එක්කන් එන්නකෝ . එදාට ටෙස්ට් ටික කරල තමයි හරියටම කියන්න පුළුවන් ..
* හොදයි මහත්තයො අපි යන්නම්...
මොනව... ඒ කියන්නේ මට මොනාහරි ලොකු ලෙඩක්ද දන්නෙ නෑ...
* අම්මේ doctor මොනවද කිව්වේ.
* මොකුත් නෑ පුතේ පීනසලු බේත් බීල බදාදට ආයෙ එන්න කීව .
* බොරු කියන්න එපා අම්මේ . මට ඇහුනා අම්මයි ඩොක්ටයි කතා කරපුව... මට මොකක් හරි ලොකු ලෙඩක් නේද අම්මෙ ...?
* ම්...මේ.. ඩොක්ට කීවෙ පුතේ පුතාට නිව්මෝනියා වගේ කියල සෙම නරක් වෙලා ... බදාදට එන්න කීවෙ ඒකයි..
* අහ් එහෙනම් කමක් නෑ .. මම බය වුණා වෙන මොනා හරි ලෙඩක් කියල...
මම ගැන මටත් වඩා හොඳට හොයල බැලුවෙ අම්මයි තාත්තයි සදෙව්මියි. බදාදා ආයේ ගියා ඩොක්ටර් හම්බ වෙන්න.. එදා තමයි මගේ ජීවිතයේ අහන්න ලැබුණු නරකම ආරංචිය අහන්න ලැබුනේ. මාව මහරගම අරන් යන්න වෙලා . ඔව් මට තියෙන්නෙ මුඛ පිළිකාවක්.. 2014 නැවැත්තුවට අවුරුදු ගානක් එක දිගට සිගරැට් බීපු නිසා තමයි මට මෙහෙම වෙලා තියෙන්නෙ...මහරගම ගියාට පස්සේ දවස් දෙකකින් ඇවිත් මට එහෙ නතර වෙන්න කිව්වා . මම ඊට පහුවෙනිදාම ගියා සදෙව්මි හම්බ වෙන්න .ඒ ගියපු වෙලාවේ කතාකරපුව තමයි මුලින්ම ඔයාල කියෙව්වේ.
මාසයක් ගියා දැනුනෙවත් නෑ . මෙ ඉන්නෙ මම ද කියලා මටවත් අදුරගන්න බෑ .කොන්ඩෙ නෑ ඇඟේ මස් කලඳක් නෑ .කටු ටික විතරයි .කෙලින් ඉන්න පණ නෑ කන්න බොන්න බෑ .පිළිකා කියන්නේ ලෝකෙ තියෙන දරුණුම ලෙඩක්.විඳවන්න පුළුවන් උපරිම විදවල තමයි මැරෙන්නේ .අම්මටයි තාත්තටයි ජීවිතයක් නෑ වගේ . මටත් වඩා එයාල විඳවනවා . .. එදා හවස මාව බලන්න අමුත්තෙක් ආවා .ඒ සදේව්මි .එයා වචනයක් වත් කතා කරේ නැහැ .ඇඩුවෙත් නෑ.මගේ දිහා බලන් ඉඳල ගියා .එයාට මම ගැන ආරංචියක් නැති නිසා පිස්සියෙක් වගේ ඉඳලා තියෙන්නෙ .බලන් ඉන්න බැරිම තැන මගෙ යාලුව එයාට කියල තියෙන්නෙ මම ගැන.
ඔව් මම දන්නවා මට මැරෙන්න තව දවස් තුනකට වැඩිය නෑ .ඊලඟ දවසෙත් සදෙව්මි ආවා ... එයාටත් අඩලා අඩලා කෙලින් ඉන්න පණ නෑ .ආපු ගමන් මගේ පපුව උඩින් ඔලුව තියා ගත්ත . එහෙම විනාඩි දහයක් ඉන්න ඇති .අම්මලා ඇවිත් එයා නැගිට්ටුවා . දෙයියනේ මේ මොකද වෙලා තියෙන්නෙ .එයා කලින් කිව්ව වගේම මගේ පපුව උඩම අන්තිම හුස්ම පිටකරල.. එයා hospital එක ඉස්සරහට ඇවිල්ලා හංගගෙන හිටපු අම්මගේ ප්‍රෙෂර් පෙති ටිකක් බීල .
දෙයියනේ මෙච්චර පුංචි සිගරට් එකක් ජීවිත කීයක් අඳුරු කරාද ..?
මේ දේවල් තේරුම් ගන්න මං කොච්චර ප්‍රමාද උනාද...?
මගේ අම්මා තාත්තා ,සදෙව්මිගේ අම්ම , කවදාවත් නොනිවෙන ගින්නකට ඇදල දැම්ම , මගේ අහිංසක හාවි සදහටම ඇස් පියා ගත්තා .මම මටම වෛර කරනවා ...
මට හුස්ම ගන්න අමාරු වුණා .බාගෙට ඇස් පියවීගෙන ගියා , ඒ එක්කම අවසානෙට ඇහුන වචන ටික..
"ඩොක්ට ......... මගෙ රත්තරං පුතා...."
"ඩොක්ට ......... මගෙ රත්තරං පුතා...."
----------නිමි---------
ඔබ ඔබට ආදරය නැතුව ඇති ඒත් ඔබට ආදරේ කරන අයට ඔබ ආදරේ නම්..සිගරට් එකෙන් පුච්චන්න එපා එයාලගෙ ජීවිත .
ප්‍රමාද වීමට පෙර මොහොතක් සිතන්න
විරාජ් උදාර
