පින්වන්ත දෑස...(කෙටි කතාව)
" දෙනූ, අනේ දෙනූ ඔයාට මේ අන්ද කෙල්ල තාම එපා වෙලා නැද්ද දෙනූ.. ඔයා වෙනුවෙන් මට මුකුත්ම කරන්න බෑ..අනිත් කෙල්ලෝ වගේ මට ඔය ඇස් දෙක දිහා බලාගෙන ආදරේ කරන්න බෑ දෙනූ.. ඔයාගේ ඕන එපාකම් හොයලා බලලා කරන්න බෑ දෙනූ.. අනේ මම ගොඩක් විඳවනවා දෙනූ..මට සමාවෙන්න හොඳ බිරිඳක් වෙන්න මට බෑ දෙනූ..මට බෑ..."
" මගෙ රත්තරං මොනවද මේ කියන්නේ..ආදරේ කරන්න ඇස් පේන්නම ඕනද..ඔයා මගේ පන..අවුරුදු 6ක් ආදරේ කරලා එකතු වුනු අපිට ඉස්සරහට ජීවත් වෙන්න ඔයාගෙ ඇස් පේන්න ඕනෙම නෑනේ ශකී.. අඩුපාඩු හදාගෙන ජීවත් වෙමු... බලන්න මම හිගන්නෙක් එහෙනම්..ඔයා මට ආදරේ කලේ මගේ වත් පොහොසත් කම් බලලා නෙමේනේ..මගේ සුරංගනාවි කැන්දන් යන්න කුමාරවරු මග බලන් ඉද්දිත් මේ මුකුත්ම නැති මට කැමති උනේ ආදරේ නිසානේ.. මගේ මැනික මැරෙනකම් අපි වෙන්කරන්න බෑ කිසිම දේකට..."
දෙනුල්‍ය නිමන්තක ජයවීර, සුප්‍රකට ඇගලුම් ක්ශේත්‍රයේ ඉදිරිපෙල ව්‍යාපාරිකයෙකු උනු නිශ්ශංක සූරියආරච්චි ගේ එකම දුවනිය වූ ශාක්‍යා නෙතුන්දි සූරියආරච්චි ගේ සැමියා... දෙපාර්ශව විරුද්දත්වයෙන් විවාහ ජීවිතයට එලඹුනත් දුප්පත් තරුනයෙකු වූ දෙනුල්‍ය ට සූරියආරච්චි උරුමය හිමි උනේ අවාසනාවන්ත ලෙස සිදු උනු හදිසි අනතුර ශාක්‍යා ගේ දෙනෙත් අහිමි කිරීමෙන් පසුව....
*********************************
" දෝනියෝ කෝ පුතා වැඩට ගියාද.."
" අම්මි.. ඔයා ආවද..ඔව් අම්මී දෙනූ වැඩට ගියා..කෝ තාත්තී ආවේ නැද්ද.."
" නෑ දෝනී..තාත්ති ආවේ නෑ..මම සිරි අංකල් එක්ක ආවේ..මගේ දෝනිට සුබම සුබ ආරන්චියක් කියන්න මේ අවේලාවේ ආවේ..."
" සුබ ආරන්චියක්..මොකක්ද අම්මී දෝනිට ඔය තරම් සුබ වෙන්න තියන ආරන්චිය.."
" දෝනී මතකද නෙහාර.. විජේ අන්කල්ගේ පුතා.."
" ඇයි අම්මී මට අමතක.. මොකද එයාගේ වෙඩින් එකවත් ලගදි තියද.."
" නෑ දෝනියෝ..එයා අයි සර්ජන් කෙනෙක් මේ ඕස්ට්‍රේලියා වල.. තාත්ති ඔයාගේ රිපෝට්ස් එයාට යැව්වා.. එයා රිපෝට්ස් බලලා කිව්ව දේ දන්නවද දෝනියෝ..මගේ සුදු දෝනිගෙ ඇස් දෙක සනීප කරන්න පුලුවන් කිව්වා.."
" මොනවා අම්මී මේ කියන්නේ ඇත්තමද..මට විශ්වාස කරන්න බෑ අම්මී.."
" මටත් එහෙමයි රත්තරං... සතුට දාරාගන්න බෑ..එයා එනවා ලබන සතියේ ලංකාවට..දෝනිට ට්‍රීට් කරන්න.. පුතාටත් කියන්න ඒ දරුවට දරාගන්න බැරිවෙයි සතුට.."
" අම්මී එපා දෙනූට කියන්න එපා ප්ලීස්..අපි එයාව සප්‍රයිස් කරමු..ඇස් පේන්න ගත්තම කියමු...අනේ එයා ගොඩක් සතුටු වෙයි අම්මී..මට හිතාගන්න බෑ.."
" හ්ම්ම්..දෝනිගේ කැමැත්තක් කරමුකෝ අපි..සුමනම්මා ඉන්නවා නේද දෝනියෝ..මම එහෙනම් යන්නම් පන්සලටත් ගිහින් බාරයක් වෙලාම යනවා..මගේ දෝනියා පරිස්සමෙන් ඉන්න පුතා එනකම්..."
" හරි අම්මේ බුදුසරණයි .."
*********************************
" මගේ සුදු මැනික නිදිදෝ..."
" ම්ම්ම්ම්..කම්මැලී බබෝ..දැන්ද ආවේ..කෝ සුමනම්මාට කිව්වනම් තේ එකක් හදන් ඒවී.."
" සුමනම්මා යැව්වා..මම ඉද්දි මොකටද සුමනම්මා..මමම හදන් එන්නම්කෝ තේ..සුදු මැනික ඉන්න එතකම්..."
ආදරනීය බිරිඳගේ නලල් තලය සිඹි දෙනුල්‍ය පහලට ගොස් තේ හදාගෙන විත් දෙන්නත් එක්කම බිව්වා.. රාත්‍රී ආහරයත් ගෙන අවසන් වූ පසු ශාක්‍යා ඇඳෙහි තබා පහලට ආවේ ඇයට කාර්‍යාලයේ වැඩ කටයුතු තියන බව පවසමින්..
********************************
" ශකී හෙමින් ඔයාගේ ඇස් අරින්න..මාස තුනක ට්‍රීට්මන්ට් වලින් පස්සේ ඔන්න අපි දැන් එලිය බලන්න හදන්නේ..හොඳ වෙලාවට දෙනූට බිස්නස් ටුවර් එකක් යන්න ලැබුනේ..නැත්තම් සප්‍රයිස් එක ඉවරයි..."
" අනේ නෙහාර ඔයාට ඒ තරම් ෂුවර්ද..මට නම් ඇස් පේනකම් විශ්වාස කරන්න බෑ.."
" අයියෝ මම කියනවනම් ඇයි බයවෙන්නේ..හිමින් ඇස් අරින්න ශකී.."
" අනේ නෙහාර..අම්මී..තාත්තී..මට ඔයාලා හැමෝවම පේනවා...අනේ මට විශ්වාස කරන්න බෑ..බලන්නකෝ මෙන්න අනේ අම්මී මගේ ඇස් පේනවා.."
" ඒකනේ මම කිව්වේ ශකී දැන් හරිනේ... "
" ඔයාට පින් පුතේ මගේ දරුවගේ පෙනීම දුන්නට..."
" ඕක මොකක්ද ආන්ටී..මේ බෙහෙත් ටික වෙලාවට ඇහැට දාන්න.."
********************************
පෙනීම ලැබුනත් නොපෙනන ලෙසින් අව්කන්නාඩි යුගල පැලද ගත් ශාක්‍යා දෙනුල්‍ය එනතුරු මග බලන් හිටියා.. ඉස්සරහම පුටුවකට වෙලා පාර බලන් හිටි ශාක්‍යා ගේට්ටුව අරින දෙනුල්‍ය දිහා බලාගෙන හිටියේ පුදුම තරම් ආදරේකින්... මිදුල මැද වාහනය නතර කල දෙනුල්‍ය එහා පස ඉදිරි දොර විවෘත කලේ ගොඩක් සෙමින්..
වාහනයෙන් එලියට බැස්සෙ ශාක්‍යා මීට කලින් දුටු රුවක් නෙමේ.. ඒ යුවතිය කවුරු උනත් දෙනුල්‍යගේ මිතුරියක් කියලා සිතූ ශාක්‍යා බලන් හිටියෙ තම සැමියා ඉක්මනින් ඈ දෙසට එනතුරුයි..
" සුදු මැනික අද මොකද මේ එලියට වෙලා..සුමනම්මා කෝ..යමු ඇතුලට.."
" ඔයා ආවද දෙනූ...කොහොමද ටුවර් එක.."
" නියමයි..යමුකෝ ඇතුලට..."
ශාක්‍යා බලාපොරොත්තු උනු අයුරින් දෙනුල්‍ය අමුත්තිය හදුන්වා දුන්නේ නම් නෑ.. නමුත් ඇගේ ඇස ගැටුනු දුරකතනය ඔස්සේ කෙටි පනිවිඩ හුවමාරු කරගන්න දෙනුල්‍ය හා යුවතිය අතර සිදුවන දේ තේරුම් ගන්න තරම් ශාක්‍යා ට හැකියාවක් තිබුනේ නෑ...
" සුදු මැනික අපි උඩට යමුද.."
" අනේ දෙනූ ටිකක් පහල ඉමුකෝ.."
" අහ්..හාකෝ..මම එහෙනම් වොශ් එකක් දාගෙන එන්නම්.."
" අනේ දෙනූ ෆෝන් එකේ සින්දුවක් දාලා දීලා යන්නකෝ..කම්මැලී.."
" ම්ම්ම්ම්..මෙන්න ආසම සින්දු ටික..අහන්නකෝ එහෙනම්..මම ඉක්මනට එන්නම්..."
ශාක්‍යා අතට දුරකතනය දුන් දෙනුල්‍ය විගසින් ගොස් යුවතියගේ දෙතොල් සිම්බේ තවමත් ඇස් නොපෙනන ලෙස බලා ඉන්න බිරිද ඉදිරියේමයි..අනතුරුව යුවතිය හරහට වඩා ගත් දෙනුල්‍ය නාන කාමරය වෙත ගියේ කන්නාඩි දෙකෙන් වැසුනු ශාක්‍යා ගේ ඇස් කදුලින් තෙත් වන අයුරු නොදැකයි...
දුරකතනය පරීක්ෂා කල ශාක්‍යා සියල්ලම තේරුම් ගත්තා.. ඒ යුවතිය අද ආපු කෙනෙක් නෙමේ..මීට කලින් හැමදාම මෙහේම හිටි කෙනෙක්.. ඔෆිස් වැඩ කියල පහලට යන ස්වාමියා මෙතක් කල රගපෑම් තේරුම් ගන්න ශාක්‍යාට වැඩි වෙලාවක් ගියේ නෑ..දෙනුල්‍ය ඉද්දි සුමනම්මා ගෙදර යවන්නේ එයාගේ වැඩ පහසු වෙන්න කියලා ඈ තේරුම් ගත්තා...
" ඇයි රත්තරං මට මෙහෙම කලේ..ඇස් පේන් නැති උනාට කමක් නෑ ආදරේ කරන්න කියපු ඔයා ඇයි අද මෙහෙම වෙනස් උනේ මහත්තයෝ..මම කොහොමද දරාගන්නේ... දැන් මගේ ඇස් පෙනුනට වැඩක් තියද රත්තරං... අනේ ඇයි මම අන්ද වෙලාම හිටියේ නැත්තේ..අනේ මේතරම් ආදරේ කල මට ඇයි රත්තරං මෙහෙම කලේ..."
මහ රෑ ඉකිබිදින ශාක්‍යාගේ හිත සනසන්න යුවතියගේ පහසට නතු උනු දෙනුල්‍යට හැකියාවක් තිබුනේ නෑ...ශාක්‍යා ගේ අවසාන තීරනය වුනේ ඇස් පෙනීම ලැබුනු බව දෙනුල්‍යට නොදන්නවා ඉන්න එක... ඒත් ශාක්‍යා ලග තනි රැක්කෙ නොකඩවා වැටෙන කදුලු විතරයි...
********************************
කාලය ගත උනේ තවදුරටත් ශාක්‍යා අන්ද යුවතියක් ලෙසටම දෙනුල්‍ය ඉදිරියේ සිටියදී.. හැමදාකම දෙනුල්‍ය බොරු ආදරයක් පෙන්නවමින් එකම නිවසේ වැරදි අඹු සැමි සේවනයක් පවත්වාගෙන ගියා...දෑස් අන්ද ලෙස රගපෑ ශාක්‍යා මේ දේවල් දරාගත්තේ ගොඩාක් අපහසුවෙන්.. නමුත් දෙනුල්‍යගෙන් ලැබෙන පුන්චි ආදරේට ශාක්‍යා මහා ගොඩක් ලෝබකම් කලා..මැරි මැරි උපදෙමින් ගෙවන මේ ජීවිතේ ගැන ශාක්‍යාට දුකට වඩා තිබුනේ තමන් ගැන අනුකම්පාවක්..
තමන් සමග ජීවිතේ බෙදාගන්න හිටි..දහසක් හීන වල එකම කුමාරයා වුනු..පන දෙවනි කොට ආදරය කල ජීවිතයේ එකම ආලෝකය මෙසේ තමන් හැරයද්දී එය දරාගන්න තරම් ශක්තියක් ශාක්‍යාට තිබුනේ නැ....
" පුංචි බේබී..පුංචි බේබී කොහෙද ඉන්නේ..."
" ඇයි සුමනම්මා කෑ ගහන්නේ.."
" මගේ රත්තරං ඉක්මනට ඇඳුමක් දාගෙන ලේස්ති වෙන්න රත්තරං.."
" ඒ මොකටද සුමනම්මේ මේ වෙලාවේ.."
" ඉස්පිරිතාලෙට ගිහින් එන්න රත්තරනේ.."
"ඒ ඇයි සුමනම්මේ...හදිස්සියේ..මොකද උනේ සුමනම්මේ කියන්නකෝ අනේ.."
" කලබල වෙන්න එපා රත්තරං බේබී..මහත්තයාගෙ ඔෆිස් එක ගිනි අරන් බේබී..මහත්තයෝ ඉස්පිරිතාලෙට අරගෙන කියලා දැන් ඔෆිස් එකේ මහත්තයෙක් කතා කලා..අපි යමු බේබී..."
" දෙවියනේ මගේ දෙනූ....අනේ මොකක්ද උනේ ඔයාට.."
නොනැවතී ඇද හැලුනු කදුලු ආයාසයෙන් වලක්වා නොගත් ශාක්‍යා සිහියක් නොමැතිව නවලෝකෙට ගියා... ඇය යනවිටත් දෙනුල්‍ය ව ශල්‍යකර්මය සඳහා අරගෙන තිබුනයින් ඇගේ විලාපය රෝහල දෙවනත් වන තරම් විශාල විය....
ශල්‍යකර්මය අවසානයේ පැමිනි වයිද්‍යවරයාගේ ඇගේ ඉල්ලුනු ශාක්‍යා දෙනුල්‍ය වෙනුවෙන් හඩාවැටුනා...
" ඩොක්ටර් අනේ කොහොමද මගේ දෙනූට..කරදරයක් නෑනේ ඩොක්ටර්...අනේ මොන දෙයක් කරලා හරි එයාව බේරන්න ඩොක්ටර්...."
" කූල් ඩවුන් මිසිස් ශාක්‍යා...දෙනුල්‍ය ගේ ජීවිතේට හානියක් නෑ....බට් අයෑම් සොරි අනතුරින් එයාගේ ඇස් දෙකට ඩැමේජ් වෙලා..සෝ එයාගේ පෙනීම ෂුවර් නෑ.."
" දෙවියනේ මේ මොනතරම් ලොකු අවනඩුවක්ද කලේ...ඇයි දෙවියනේ මෙහෙම කලෙ මගේ දෙනූට..අනේ මගේ දෙනූ ආරක්ශා කරලා දෙන්න දෙවියනේ..."
ශාක්‍යා මොන තරම් දෙවියන් අයදුවද ඇගේ අදෝනාවට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ....දෙනුල්‍ය කලින් ශාක්‍යා හිටි තත්වයටම වැටුනේ මනසින් සහමුලින්ම බිඳ වැටෙමින්.... ඔහුගේ හදිසි අනතුරත් සමග කලින් ඔහු හා අයුතු ප්‍රේමෙන් වෙලී සිටි යුවතිය ඔහු පේන මානයටවත් නොආවාය..
" ශකී....මැනික දැන් අපි දෙන්නම එක වගේ නේද මැනික...මටත් මුකුත්ම පේන්නේ නෑ...මට දැන් තේරෙනවා රත්තරං ඔයා ඇස් දෙක නැතුව මොනතරම් දුක් විදින්න ඇත්ද කියලා...අනේ මම මගේ මැනිකට කොච්චර දුක් දුන්නද..."
"පිස්සුද රත්තරං..මොනවද මේ කියන්නේ.. දැන් අපි ඒ ගැන නොසිතා ඉමුකෝ.."
" නෑ මට මෙහෙම ඉන්න ගොඩක් අමාරුයි මැනික..මට ඔයාව බලන්න ඕන..හැමෝවම බලන්න ඕන..මට ඇස් දෙක ඕන රත්තරං..අනේ.."
" අනේ දෙනූ..අඩන්න එපා සුදු මහත්තයෝ...ඔයාට ඇස් දෙකක් ඉක්මනටම ලැබේවී රත්තරං...අනේ අඩන්න එපා.."
*********************************
" ශකී..ආ යූ මෑඩ්..පිස්සුද මොනවද මේ කියන්නේ..මම ආන්ටිටයි අන්කල්ටයි මේවා නොකිය හිටියේ ඔයා අරූ මත්තෙම නැහුනු හින්දා ශකී..එච්චර දේවල් කල මිනිහට දැන් ඔයාගේ ඇස් දෙක දෙන්නද හදන්නේ..අනික ඔයත් ලොකු සර්ජරි එකක් කරලා ඉන්නේ..ඔයාගේ ජීවිතේ අනතුරේ අයේ සර්ජරි එකක් කරන්න බෑ..."
" අනේ නෙහාර එහෙම කියන්න එපා..මට මගේ දෙනූට පෙනීම දෙන්න ඕන නෙහාර..අනේ ප්ලීස් මට පුරුදුයි ඇස් නොපෙනී ඉදලා..ඒත් දෙනූ ගොඩක් දුක් විදිනවා නෙහාර..අනේ මට මේ උදව්ව කරන්න නෙහාර..ඔයාට පින්.."
" බෑ..බෑ...ශකී..ප්ලීස් ඒක කරන්න බෑ මට.. ඔයාගේ ජීවිතේ ගැන ප්‍රශ්නයක් මේක..ප්ලීස් ශකි අන්ඩර්ස්ටෑන්ඩ් මී.."
" නෙහාර ඔයාට බැරිද මට හෙල්ප් කරන්න..මම මේ අන්තිම වතාවට අහන්නේ..."
" බෑ..බෑ...ශකී තේරුම් ගන්න ප්ලීස්..."
" ඕකේ..බායි.."
*********************************
" සුදු මහත්තයෝ අහන්නකෝ..මට කොච්චර ආදරේද මගේ රත්තරං..."
" ඒක වචනෙන් කියන්න බෑ මගේ රත්තරං මට..මම ගොඩක් වැරදි කලා..ඒත් රත්තරං මට දැනෙනවා මගේ මැනිකගේ ආදරේ මහමෙරටත් වඩා..මම ආදරෙයි රත්තරං..ගොඩක් ආදරෙයි...හැමදේටම වඩා..ඔයා නිසයි මම ජීවත් වෙන්නේ..නැත්තම් මේ ස්ට්‍රෙස් එක මාව මේ වෙනකොටත් මරලා.."
" එහෙනම් දැන් මගේ නලලෙන් පටන් අරගෙන කකුල් දෙකට යනකම් උම්මා ගොඩාක් ඕන.."
"මගේ පිස්සී..කෝ එන්නකෝ ලගට..ඒත් උම්මා දීලා විතරක් පාඩුවේ ඉන්නේ නෑ මම හරිද...ආදරෙයි සුදු හාමීනේ මහා ගොඩක්.."
"මාත් ගොඩක් ආදරෙයි මහත්තයෝ...මම නැති කාලෙක ගොඩක් පරිස්සමෙන් මගේ පන ජිවත් වෙන්න..සතුටින් ඉන්න..මගේ සුදු මහත්තයා දාලා යන්න උනොත් මට.."
ශාක්‍යාගේ කතාව සම්පූර්ණයෙන්ම ඉවර කිරීමට නොහැකි වූයේ දෙනුල්‍යගේ දෙතොල් අතරට හිරවීම නිසාය..කදුලු ඉකිබිදිම් වසාගෙන ඈ තව තව දෙනුල්‍යගේ උනුසුමට ලන්වුනේ මහත් ලෝබකමකිනි...
*********************************
තම උතුම් පතිවෘතාවයේ නාමයෙන් ශාක්‍යා අවසන් වරට නිදිසුවයේ සිටි ස්වාමියාගේ නලලත ගැහෙන දෙතොලින් සිඹ ඔහු ඉදිරියේම කාමරයේ බාල්කයක සාරියක් ආදාරයෙන් ගෙල සිරකරගෙන මිය ගියාය...ඇගේ අවසන් කැමැත්ත අනුව දෙනුල්‍යට ඇගේ දෑස හිමිවිය.. ඔහුට පෙනීම ලැබුනි..ඇගේ ඇස් දෙක දී ඇය සමුගෙන ගිය බව දෙනුල්‍යව නොසෑහෙන්න රිදවීය..
ඇගේ පරිත්‍යාගය දරාගැනීමට තරම් ශක්තියක් දෙනුල්‍ය සතු නොවීය..ඈට කල ද්‍රෝහි කම් වලට දස දහස් වතාවක් පසුතැවුනද දෙනුල්‍ය මැරි මැරී ඉපදුනාය..
ඇගේ රාත්‍රී ඇඳුම තුරුලට ගෙන යහනට යන්නට සූදානම් වූ දෙනුල්‍ය අතට ලැබුනේ කොල කැබැල්ලකි...
සුදු මහත්තයට,
නීල ඇස් දෙක
මතකෙ අතුරා
දහස් ගනනක
සිහිනයන්...
රත්තරං නුඹ
පනයි සදහට
මගේ පෙම් සිත
පුරවමින්...
දමා යන්නට
ලෝබ වුව මට
වෙන් කරයි අපි
කරුමයෙන්...
කඳුලු හංගා
සිනාසෙනු මැන
පුංචි නිල් ඇස්
දිදුලමින්...
පවක් රන්කඳ
ඉහත අපි කල
පසු පසෙන් එයි
රිදවමින්...
නමුදු මේ සිත
ආලෙ පුරවයි
මැරුනමුත් නුඹ
තනිකරන්...
දරාගන්නට
හයිය නෑ පන
සෑම බවයෙම
නුඹ පතන්...
කුමක් කරමිද
නුඹව හැරදා
යන්න යමි සඳ
මම ඉතින්...
මට වඩා මගේ ඇස් දෙක පින්වන්තයි රත්තරං......ඒක හැමදාම ඔයා ලග තියේවී...
** සමාප්තයි **
Shashini Weerarathna
No comments:
Post a Comment