💕💝 විරූපී නොවු ආදරය💝💕
(කෙටිකතාව)
මගේ හිත අද ගොඩාක් නොසන්සුන් වෙලා තියෙන්නේ... අද තමයි මම ඇයව බල්න්න යන පලමු දවස ... ඒකත් ඇයට හොරෙන්... මට මං ගැනම පුදුමයි මම වගේ කෙනෙක් මේ විදියට මේ වගේ පොඩි ගම්මානෙකට කෙල්ලෙක් වෙනුවෙන් යනවා කිව්වාව...අඩුම තරමේ තව පැය 4ක් වත් මාතලට යන්න..
"අංකල් ටිකක ඉක්මනට යමු"
මම සිරිපාල අංකල්ට එහෙමත් නැතිනම් මගේ ඩයිවර්ට කිව්වේ... හිටේ තියෙන නොසන්සුන් කම නිසාමයි
"හරි පුංචි මහත්තයා... ඇත්ටටම පුංචි මහත්තයා කොහෙද මෙච්චර දුර යන්නෙ මේ..."
"ගිහින් එන ගමන් කියන්නම්කෝ සිරිපාල මාමෙ.."
මම එහෙම කියලා... කාර් එකේ සීට් එක පහත් කරලා හේත්තු වෙලා ඇස් පියාගත්තේ මගේ මතක ලෝකේ තනිවෙන්න ඕනී නිසා
මම ගැන කියනවානම් මම ලංකාවම දන්න ගායකයෙක්.... ඒ වගේම නලුවෙක්... සයුර දිසාසේකර කිව්වාම දන්නෙ නැති කෙනෙක් නැති තරම්... සමාජ ජාල වල මං ගැන ගොසිප් නිතරම පැතිරෙනවා....
ඒ දවස තවත් ඒ වගේම දවසක්... අවුරුදු 2ක් ආදරේ කරපු.. මගේ පෙම්වතිය මා අතහැර යනවා... ඇය ජනප්‍රිය මෝස්තර නිරුපිකාවක්... ඒ සම්බන්ධයෙන් විවිධ ගොසිප් පලවනවා සමාජ ජල හරහා... සමරක් ඒවා හිතන්නවට්ග් බැරි තරම් බොරු තමයි ප්‍රචාරය වුනේ...
අහිමි වුන ආදරේ වේදනාවයි මේ ඔක්කොමයි එක්ක මම ගොඩාක් මානසිකව වැටිලා හිටියෙ... ඔහොම ඉන්නකොට මම හිතේ තියෙන හැමදේම ගලපලා පද පේලියක් ලියලා එෆ් බී එකට දානවා....
හිමිවුනත් පෙර දින නුබේ ප්‍රේමය
අද ගියත් ඔහු සමග මා තනිකොට
දරාගන්නට නොහැකි දුක් ගග
ඉහිලුවේ පෙර කරපු පවකට.....
සයුර......
මගේ ඒ කවියට බොහෝ ප්‍රතිචාර තිබුනා... ඒ අතර එක කමෙන්ට් එකක් ලග ම්ගේ ඇස් නැවතුනා.....
හැරගියෙ ඇය මගේ පිනකට
නුබ ලගට මට එන්න හැකිවෙන්න
එන්න බෑ සැබෑ ලෙස මට
හීනෙකින්වත් එන්න දෙනවද
සදැසි විහංසා...
කාලය ගෙවුනා.... මගේ හැම පෝස්ට් එකකටම වගේ ඒ විදියෙ කමෙන්ට් දාලා තිබුනා...
මම නිකමට වගෙ ඇගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලා...
ඇයගේ ප්‍රොපයිල් එක බැලූ මා දුටුවේ රූමත් අහින්සක තරුනියක්... හීනී දිගැටි ඇස් පිම්බුනු කම්මිල් ලා රත් පැහැ තොල් ඇත්ත්ටම මම ඒ රූපෙට ආකර්ෂණය වුනා කිව්වොත් නිවර්දී....
ඇගේ ප්‍රොපයිල් එක පුරාම තිබුනේ ඇය විසින් ලියපු කවි, නිසැදස්.... ඇය හා කතාකරන්න හිතුනත් මට එය නොගැලපෙන මම කලේ නෑ... සතියකට විතර පස්සේ මම එෆ් බී ලොග් වුනේ... හිතේ තිබුනු දුක ආයේ අලුත් වුන නිසා... හැර ගිය ඇයව නිතරම මතක් වන නිසා....
සිය ගානක් මැසේජ් අතර සදැසි නම් වූ ඒ තරුනියගෙන් මැසේජ් එකක ඇවිත් තිබුනා...
ආදරේ කියන්නේ ලොකු වේදනාවක් අයියේ... මාත් ඒ දුක වින්ද නිසා තාමත් විදවන නිසා ඔයාගේ වේදනාව මට තේරුම් ගන්න පුලුවන් ....
ඇයගේ මැසේජ් එකට එදා රිප්ලයු කරපු මම ඒ විදියට පැය 2ක් ව්තර මැසේග් කලා ... කවදාවත් කා එක්කව්ට්ග් ඕන්වට වඩා කතාවට නොගිය මම ඇගේ අදහස් වලට කැමති වුනා....
ඇය මගේ හිත ගොඩාක් හැදුවා.. කාලයත් යනකොට මගේ හිතේ තිබුනු දුක තුනී වුනා.. සදැසි මගේ හොදම යෙගෙලියක් වුනා... දවසේ කටයුතු ශූටින් වෙලාවල් හැමදේම ඇය්ට කිව්වා.. ඒත් ඇය නම් ඇය ගැන කතාකලේ අඩුවෙන්.... අපි 4න් නම්බර් පවා හුවමාරු කරගෙන කතාක්ලා..
"මට නම් ඇත්තටම පුදුමයි සයුර අයියේ"
"මොකටද"
"ඔයා වගේ කෙනෙක් මගේ යාලුවෙක් වුන එකට"
"ආ ම්ං ඒ තරම් විශේෂද"
"නැතුව මට ඉන්න විශෙෂම කෙනා ඔයා"
"ආ ඒක නෙමෙ සදැසි ඔයා දන්නවා නේද අර ශෙනායා මේ ඉයර් එකේ ටොප් මොඩල් වුනේ..."
"ආ ඔව් ... එයා ලස්සනයි නේද"
"ම්ම් ඔව් එයා මට කැමැත්තෙන් ඉන්නවා වගේ මට හිතෙනවා ... හැබැයි කෙල්ල නරකමත් නෑ නේද"
"ම් ඔව් අයියේ ... ඉතින් ඔයාත් එයාට කැමතිද"
"තාම හිතලා නෑ.... හැබැයි පොඩි අයිඩියා එකක හිතේ තියෙනවා... මොකක හරි වුනොත් ඉස්සෙල්ලාම කියන්නෙ ඔයාට ත්මයි...
"හරි අයියේ නිදිමතයි... ගුඩ් නයිට්"
"හරි එහෙන්ම් ගුඩ් නයිට් හොදේ හෙට උදේම ශූටින් තියෙනවා බබෝ "
---------------------
මම එදා ගෙදර ඇවිත් කෝල් කරන්න හැදුවත් සදැසිගේ 4න් එක ඔෆ් කරලා තිබුනෙ..
සතියක් දෙකක ගියා... සදැසි ගැන කිසිම තොරතුරක් නෑ... මම නිතරම ඇයගේ 4න් එකට කෝල් ගත්තා... පිස්සුවෙන් ව්ගේ...
ඇත්තටම මට හිතගන්න බැරි වුනා මම ඇයි ඒ විදිය්ට හැසිරෙන්නෙ කියලා... සදැසි නැතුව සතියක් වත් මට ඉන්න බැරි ඇයි.... හිතට මෙච්චර දුක ඇයි කියලා....
මම ඇදට වෙලා කල්පනා කර කර ඉන්නකොට කෝල් එකක ආවා.... සදැසිගෙන්
ඒ නම දැකපු ගමන් මට පුදුම සතුටක් දැනුනේ... ඒත් එක්කම තරහකුත් ආවා
"තමුසෙට පිස්සුද.. මෙච්චර දවස්ක් මොනාද කලේ.. මට කතානොකර කියනවා..මම කොච්චර බය වුනාද??"
"මොකද මේ ඇයි ඔච්චර මං ගැන බය වෙන්නේ"
"මේ කන පලාගන්න එපා... ඇයි කියනවා මට කතානොකලේ"
"නිකන්... ඒක නෙමේ කොහොමද ඔයාගේ අදරේ දැන්"
"මොන අදරේද"
"ශෙනාය එක්ක"
"මොන ශෙනායෙක්ද මට ඕනී ඔයාව ...ඔයාව ඕනී"
"මොකක් මොකක්ද කියන්නෙ... මම ඇත්තටම අයින් විනේ ඔයාගෙයි ශෙනායගෙයි මැද්දට එන්න ඕනී නෑ කියලා හිතලා.. මම ඔයාගෙ යාලුවා වෙල හිටියොට්ග් ඒක මටත් දුකක"
"මොකක්ද දුක කියනවා ... මට ආදරේද.. කියනවා මට ආදරේද..."
"මං දන්නෑ"
"දන්නෑ නෙමේ ආදරේද"
"ඔව්"
"මාත් ආදරේයි සදැසි ගොඩාක්... මේ සති දෙකට මම තේරුම් ගත්තා මගෙ ඇත්ත ආදරේ ඔයා කියලා"
-----------------------
ඒ විදියට අපි මාසයක් විතර ආදරේ කලා... මට ගොඩාක් දැනුනා එයාගෙ ආදරේ.. මම 4න් එක ආන්සර් කරන්න පරක්කු වුනත් එයා පුදුම විදියට බය වෙන්වා... මං ගැන නිතරම හොයලා බැලුවා....
"සදූ"
"ම්ම්ම්"
"අපී මීට් වෙමුද මට මගේ කෙල්ලව බල්න්න ඕනී"
"එපා අයියේ දැන්ම ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයි මීඩීය වලින් දැනගත්තොත්"
"මොකා දැනගත්තත් මට වැඩක් නෑ... මම ඔයාට ආදරේ කරන්නේ ඔයාව මැරි කරන්න "
"ඒත් අපි ටික කාලයක් ඉමු"
මේ විදියට මාස හතරක්ම ගියා එයා මොකක හරි කියලා මීට් වෙන්න බෑ කියනවා.... වීඩීයෝ කෝල් වලට එන්නෙත් නෑ...
"සදූ හෙට මට මොකුත්ම වැඩක් නෑ මම එන්නද මාතලට ප්ලීස්.. මම මේ තරම් කා ලගවත් මෙහෙම බැගෑපත් වෙලා නෑ "
"මට සමාවෙන්න අයියේ "
"මට ඔයාගෙ ලස්සන ඇස් දෙක මූන ඉක්මනටම බලන්න ඕනී.. මගේ ලස්සන කෙල්ලව මට ලෝකේටම පෙන්නන ඕනී"
"අයියේ මම දෙයක් අහන්නද"
"අහන්නකෝ"
"ඔයා මගේ රූපේටද ආදරේ කලේ"
"ම්ම්ම් මෙහෙමයි මම ඔයාගේ රූපෙට ආදරේ ක්ලා එහෙම නෑ කිව්වොට්ග් ඒක බොරු... ඒත් ඔයාගේ ලස්සන හිතටත් ආදරෙයි ගොඩාක්..."
----------------------------
කාලය යනකොට මට තේරුනා සදැසි මාව මගාරිනවා වගේ ...
"මොකද අද කලේ සදූ"
"මොකුත් නෑ...මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..."
"මොකකද බබෝ..."
"අපි ගැලපෙන්නෙ නෑ අයියේ"
"මොනාද තමුසේ කියන්නෙ... මොකක්ද ව්ව්ලා තියෙන්නෙ'"'...
ඇය එහෙමම 4න් එක කට් කලා... දිගින් දිගටම ඇය මට වෙනස් කම් ක්ලා... ඒත් මට ඇය නැතුව ජීවත් වෙන එක හිතාගන්නවත් බැරුව හිටියේ... ඒ තරමට මම ආදරේ කලා...
අන්තිමට යාලුවෙක්ගේ මාර්ගෙන් මම ඇයගේ ගෙදර ලිපිනය හොයාගත්තා.......
----------------------------------
"චූටී මහත්තයා කියපු ඇඩ්රස් එකට ආවා"
සිරිපාලගේ කටහඩින් ගැස්සී ගිය මම ... වේගයෙන් කාරයෙන් බැස ගේ ලගට ගිහින් බෙල් ක්ලා...
එලුයටා ආවේ තරමක් වයස කාන්තවක්
"මේ අර ටීවී එකෙ ඉන්න මහත්තයා නේද"
"ඇන්ටි මාව අදුනගත්තද... මම සදැසිව හම්බෙන්න ආවේ ආන්ටී එයා ඉන්නවද"
"දූ නම් ඉන්නවා නිදි මයෙ හිතේ... ඒත් මහත්තයා කොහොමෙ කෙල්ලව දන්නේ"
"මගේ යාලුවෙක් ආන්ටී... එයාට මං ආවා කියලා කියන්න එපා ආන්ටී යාලුවෙක් ආවා කියන්නකෝ"
මම සාලේ පුරා තිබූ සදැසිගේ 4ටො දෙස බලමින් හිටියේ... මට ඉවසිල්ලක් නෑ ඇය දකිනකම්...
ටිකකින් අතින් ඇස් පොඩි කර කර කාමරෙන් එලියට ආවේ යුවතියක්... ඇය දුටුවනම මගේ ඇග හිරිවැටී ගියා.... මුහුනෙන් බගයක්ම පිලිස්සී තිබූ ඇය මා දෙස පුදුමයෙන් බලන් ඉදලා අඩාගෙනම කාමරයට දුවලා දොර වහගත්තා....
මට මොකුත්ම හිතාගන්න බෑරුව් පුටුවේ ඉන්දවුනා...
ඒත් එක්කමයි ඇයගේ අම්ම ආවේ...
"අනේ මහත්තයෝ මොකක්ද වුනේ"
"ආන්ටී මේ 4ටො එකේ ඉන්න සදැසිමද ඒ ඉන්නේ"
"මොනාද මහත්තයා මේ අහන්නේ... මහත්තයා යාලුවෙක් කිව්වා නේද මේව දැනගෙන නෙමේද හිටියේ"
"නෑ ආන්ටී... මට කියන්න මොකක්ද සදැසිට වුනේ"
"මීට අවුරුදු දෙකකට කලින් මගේ කෙල්ල මේ 4ටො එකේ ඉන්න විදියටම ලස්සනට හිටියා මහත්තයෝ ... කෙල්ලගේ සම්බන්ධයක් තිබුනා පිරිමි ළමයෙ එක්ක... ඒත් පස්සේ පස්සේ ඒකිට තේරිලා ඒ ළමයා හොදා නෑ කියලා... ඒ සම්බන්ධය නතර කරලා... දවසක් හැමදේටම සමාව දෙනන කියලා... ඌ කෙල්ලට කතාකරලා... මගේ කෙල්ල ඌට තියෙන අදරේටම ගිහින් ඌව හම්බෙන්න... ඒ හිතක් පපුවක් නැති නරුමයා මගේ කෙල්ලගේ මූනට ඇසිට් ගහලා මහත්තයෝ ... අදටත් ඒකි එලියට බහින්නෙ නැතුව දුක් විදිනවා...."
----------------------
"සදැසි මේ දොර අරින්න... ඔයා ඔහොම හිටියට මොකුත් විසදෙන්නෙ නෑ .. ඔය දොර අරිනකම් මම යන්නෙ නෑ...".
"අනේ යන්න අයියේ මේ පවුකාර කෙල්ලගේ මූන බලන්නෙ නැතුව යන්න "
"මේ දොර කඩන්න කලින් කටවහගෙන දොර අරිනව සදැසි "
ඇය හෙමින් දොර ඇර ගිහින් ඇදේ ඉදගත්තා...
මම ඇය ලගට ගියේ ලොකු දුකකින්...ඇය බිම බලාග්‍ර්න අඩ අඩ හීටියේ...
මම ගිහින් ඒ අතින් අල්ලගත්ටා...
"මට සමාවෙන්න ... අනේ මට සමාවෙන්න මම ඔයාව් රවට්ටන්න හිතුවේ නෑ... මට සමාව දීලා ඔයා යන්න අයියේ "
"ඔව් මම යනවා... ඒත් මගේ ආදරේ ඔයා ලග තියලා... මේ බලන්න ඔයා හිතුවා වැරදී මම ඔයාට ඇත්තටම ආදරේ කලා තාමත් කරනවා... ම්ට ඔයා නැතුව බෑ සදැසි "
"ඔයාට හිනාවෙයි මිනිස්සු... මං වගේ කෙනෙක්ට ආදරේ කරලා"
"මට මිනිස්සුන්ගේන් වැඩක් නැ සදැසි.... කියන්න මට ආදරේ නේද"
"ඔව්"
"ම්ම් ඔයා බයවෙන්න එපා මගේ තියෙන හැම සතේම දීල හරි මම ඔයාගේ පරන මූන ආයේ හදලා දෙනවා කෝ දැන් අඩන්නෙ නැතුව ඉන්න"
ඇය අඩමින්ම ම්ගේ පපුවට තුරුලු වුනා... මම ඇයගේ හිස සිබ ඇයව තවත් තුරුලු කරගත්තා ....
මට ඇයගෙන් මිදිය නොහැක.... මොකද රූපය ඇති කාන්තවක් සොයාගත හැකිය නමුත් මේ වගේ හිටක් සොයා ගත නොහැක......
අවසානයි......
මුතූ(තිලිණි නිරෝෂා )
-----------------------------
No comments:
Post a Comment