#පිං #මදිවද #මං #පිපුණේ.
අද එකවුන්ට්ස් ක්ලාස් එකේ පලවෙනි දවස.පරක්කු වෙලා ගියොත් පිටිපස්සෙම තමයි ඉන්න වෙන්නේ.රසික සර්ගේ ක්ලාස් වල ඉන්න ළමයි මතක් වෙලා මන් ගමන ඉක්මන් කරා.නදී එනවා කිවුව වෙලාව පහුවෙලා ඒ නිසා මන් ක්ලාස් එක ඇතුලට ගියා.හෝල් එක පිරෙන්නම ළමයි.ඒක දැක්කම යනවද නොයනවද කියලත් මට හිතුනා.නදීට හිතින් බැන බැන මන් බිම බලාගෙනම පිරිමි ළමයි අස්සෙන් ක්ලාස් එකට එන්න ආවා.එක පාරටම කවුද කොල්ලෙක් විසිවෙලා ඇවිත් මගේ ඇඟේ හැප්පුනා.අනිත් කොල්ලෝ ඒ කොල්ලව මගේඇඟට තල්ලු කරා.මන් වැටෙන්නැතු බේරුනේ අනූ නමයෙන්.කොල්ලෝ ටික ඔක්කොම කෑ ගහලා හිනා වෙනවා.මට යකා ගියා එත් අද පළවෙනි දවසෙම මූඩ් අවුල් කරගන්න ඕනේ නැති නිසා මන් ක්ලාස් එකට ඇවිත් වාඩි වුණා.
විනාඩි 5ක් ගියේ නෑ නදී හති දාගෙන දුවන් ඇවිත් මන් ලඟින් වාඩි වුණා.
"සොරි බන් මට බස් එක මිස් වුණා".
"උඹ කවද්ද වෙලාවට වැඩ කරේ?"
සර් ක්ලාස් එකට ආවා විතරයි මාළු කඩේ වගේ සද්දේ එක පාරට නැති වුණා.
අපේ පිටි පස්සේ හිටියේ මට විහිලු කරපු කොල්ලෙ ටිකද කොහෙද.උන්ගේ කච කචේ ඉවරයක් නෑ.මුන්ටත් තිබ්බේ මෙතන විතරයිනේ.
"මේ....නිල් පාට..ෂ්...."
මේ මොකද එක පාර පාට වල නම් කියවන්නේ.
නිල් පාට කිවුවේ මටද දන්නෙත් නෑ.මගේ ඇඳුම නිල් නිසා.මන් එත් බැලුවේ නෑ.
" ඇයි යකෝ දැන් නයිත් එකවුන්ට්ස් ඉගෙන ගන්න එනවද"
නදීටත් තියෙන්නේ කටක් නෙමේ මේකීටත් පාඩුවේ ඉන්න බැරි හැටියක්.
"නංගී ශිවංයා එන්නෙත් මේ ක්ලාස් එකට එයාට ටෝක් කරන්න ආවේ"
මට බකස් ගාලා හිනා ගියා.ඇතිනේ අහගත්තා.
නදීට මල පැනලා ඉස්සරහා බලාගත්තා.
පැය 2ක් ගියා දැනුනේවත් නෑ.වෙලාව 5යි.
"එහෙනම් ළමයි අදට අපි පාඩම අවසන් කරනවා.ලබන සතියේ හම්බවෙමු." ආයුබෝවන්.!
පිටි පස්සේ කොල්ලො ටික කෑගහලා ආයුබෝවන් කිව්වේ.
මත් පොත් ටික අරන් යන්න නැගිට්ටා.
ඌ....යි...
නැගිටින්න ගිය මාව ආයේ ඉන්දවුනා.
බිම ගෑවෙන්න ඔන්න මේන්න තිබ්බ මගේ කොණ්ඩේ මන් දිගට ගොතලා දාලා තිබුණේ.
අර බූරු කොල්ලෝ ටික කොණ්ඩේ බංකුවේ ගැට ගහලා.එකෙක්වත් දැන් පේන්න නෑ.හිටියන්ම් මන් ....
"මුන්ට තියෙන්නේ එසේ මෙසේ ගායක් නේමේ.ලබන සතියෙත් වරෙල්ලකෝ බලන්න"
නදී බැන බැන මගේ කොණ්ඩේ ගැලෙවුවා.
ගෙදර ඇවිල්ලත් මට අර කොල්ලන්ගේ විහිලු මතක් වෙලා හිනා.
ෂුවර් එකට ඕක කරන්න ඇත්තේ අර මැද හිටිය සුදු උස කොල්ලා වෙන්න ඕනා.පුදුම දඟයෙක් ඒකනම්.
"මොකද චුටි දුව තනියම හිනා වෙන්නේ"
අම්මා ලඟට එනකම්ම දැක්කේ නෑ.
"මොකුත් නෑ අම්මා."
අද බදාදා එකවුන්ට්ස් ක්ලාස් නිසා මන් ඒ පොත් අරගෙනම ගියා එහෙන්ම ක්ලාස් යන්න.
"ගුඩ් මොර්නින් නෙතුකි."
"ගුඩ් මෝර්නින් දුලා.නදී ආවද?"
"දැක්කෙනම් නෑ කෙල්ලේ"
කවුද මන්දා මගේ කොණ්ඩෙන් ඇද්දා.වෙලාවකට මේ දිග කොන්ඩෙනුත් තියන වදේ.
"නදී ගුඩ් මෝර්නින්.! එනකම්ම දැක්කේ නෑ බන්."
"ඔව් ඔව් උඹ දැන් මනෝ පාර දාගෙනමනේ ඉන්නේ"
"මොකක්ද යකෝ ඒකේ තේරුම?"
"ඒක තමා අරක "
එහේම කියලා නදී දුවලා ගියා.
"ඔහොම හිටපිය"
මාත් ඒ පස්සෙන්ම දිව්වා.
අදත් අර දඟයා එයිද දන්නෑ.මට ක්ලාස් එකට යද්දි හිතුනේ ඒක.මෙච්චර කාලයක් කොල්ලෙක් ගැන හිතුන නැති මට එයා ගැන මොනට හිතෙනවද මන්දා.මටත් පිස්සු මේවට වඩා මට කොච්චර වැඩ තියනවද.මට මගේ අම්මගෙයි තාත්තාගෙයි බලාපොරොතු ඉටු කරන්න තියනවා.
අපි ක්ලාස් එකට යන තැනම අර කොල්ලො ටික හිටගෙන හිටියා මන් බලන්නෙවත් නැතුව ගියා.
"අඩෝ...විහස්..අන්න."
අපි පහුවෙනවත් එක්කම කොල්ලෙක් එහෙම කිවුවා .එයාගේ නම විහස්.හ්ම්...ලස්සනයි.
මාස 2 ක 3ක් ගියත් විහස්ලගේ දඟ වැඩ වල අඩුවක්න්ම් තිබුන්නෑ.සමහර දවස් වලට සර්වත් තරහා ගස්සනවා.
"බැහෑ....."
එක පාරටම එළුවෙක් කෑගහ සද්දයක් පිටිපස්සෙන් ආවා.
මුලු පංතිය්ම හිනා වෙනවා.
සර් කවුද කියලා හෙවුවට හොයාගන්න බෑ
මටත් හිනා.
"බැහෑ...."
ආයේත් ඒ සද්දේ මේ නම් විහස්ගෙම වැඩක්.
"ඔය පිටි පස්සේ ඉන්න එළුවොයි බූරුවොයි ටික මෙතන්ට එනවද නැත්තම් මන් ඔතන්ට එන්නද."
සර්ට මල පැනලා වගේ නදි කියනවා.මටනම් හිනා..
දවසක් මට චිට් එකක් ආවා
"ඇයි ඔච්චර ගණන් ලස්සන නිසාද"
නදී ඒකේ මොනද ලියනවා.
"නෑ රත්තරන් නිසා"
මට හිනා මේකිගෙත් වැඩ.
කොලේ පිටි පස්සට දැම්මා.
"දඹ රත්තරන්ද දන්නෑ නේ බන්"
කොල්ලෝ රටේ නැති කතා කියයි.
පලවෙනි වාරේ ගෙවිලා ගියා දැනුනෙවත් නෑ.ඒ කාලේට විහස් මාත් එක්ක කතා කරන්න අනන්තවත් උත්සහා කරා.මගේන් යාලු වෙන්න අහලා යාලුවෝ අතේ පණිවිඩත් එව්වා.එත් මට මගේ දෙමව්පියන්ට හොරෙන් මෙහෙම දෙයක් කරන්න හිතුනෙම නෑ.එත් සමහර වෙලාවල් වල විහස් පව් කියලත් හිතුනා.අවුවේ වැස්සේ මන් යන යන තැන් වල හිටියා මාත් එක්ක කතා කරන්න.
"විහස් පව් බන් උබ ගැන හිත හිත ඉන්නවලු පාඩම් කරන්නෙත් නෑලු.ඌ පිස්සෙක් වගේලු බන්"
නදී කොහෙන් හරි හොයගත්තු දෙයක් මට ඇවිත් කියනව.
"ඉතින් මට මොකද බන්"
"උඹනම් මහා නපුරු කෙල්ලෙක්"
නදී මට බැන බැන යන්න ගියා.
නදීට එහෙම කිවුවට මට විහස් ගැන දුක හිතුනා.නොකිවුවට මන් හිතින් එයාට ආදරේ කලා.එත් මට ඒක කියන්න බෑ.
මන් විහස් එක්ක කතා කරන්න තීරනේ කලා ඒ එයා එක්සෑම් අවුල් කරගනී කියලා.
"නෙතූ...ඔයාට මන් ගැන දුක නැද්ද කෙල්ලේ.ඇයි මට ආදරේ කරන්න බැරි"
"විහස් තේරුම් ගන්න මට ඔයා ගැන දුක නැතුව නෙමේ.මේක අපිට ආදරේ කරන්න වයසක් නේමේ විහස්"
"ඇයි බැරි නෙතු .ඔයා මට ආදරෙයි නේද?"
විහස්ට කොච්චර තේරුම් කරත් එයා තේරුම් ගන්නේ නෑ.
කාලේත් එක්ක මන් විහස් ලඟ පැරදුනා.
මන් එයාට ආදරේ කරන්න ගත්තා.මන් හිතින් දහස් වාරයක් මගේ දෙමව්පියන්ගෙන් සමාව ගත්තා.
ඊට පස්සේ අපි ක්ලාස් එකේ විතරක් නේමේ මඟ තොටේත් හම්බවුණා.
"නෙතූ කෑවද ඔයා පන"
"ඔව් පැටියෝ .ඔයා පාඩම් කරනවා නේද"
"කම්මැලි කෙල්ලෙ"
"එහෙම කියලා හරියනවද විහස් තව අවුරුද්දයි විභාගෙට."
" හරි හරි...ඉතින්.දැන් පටන් ගත්තා ඉතින්"
විහස් ඉස්සර වගේ නෙමේ හරියට තරහා යනවා.යාළුවෙන්න අහන කාලෙනම් කොහොමද කතා කරන්නේ.මෙයාලව කොහොම තේරුම් ගන්නද මන්දා.
දවසක් ක්ලාස් කට් කරලා බීච් යන් කිවුවම බෑ කිව්වා කියලා.මට බැන්නා.එයාව විස්වාස නෑ කියලා.එයාගේ හිත රිදෙයි කියලා මන් එදා ක්ලාස් කට් කරා.
විභාගෙට තව මාස 2යි.කාලේ ඉඟිල්ලෙනවද මන්දා.
ඉස්කෝලේ නිවාඩු කාලේ නිසා දැන් දවසම ක්ලාස්.මන් පාරට එද්දී වෙනදට වඩා පරක්කුවෙලා.ආපු බස් එකේ මන් දුවලා ගිහින් එල්ලුනා.
"නෙතු...."
බස් එකෙන් බහිද්දිම විහස්ගේ කට හඬ ඇහුනේ.
"අනේ විහස් ඔයා තාම මෙත්නද පරක්කුවෙලා නේද?.යමු ඉක්මනට"
යන්න ගිය මගේ අතින් ඇද්ලා විහස් මාව නැවැත්තුව.
"ඇයි..විහස්"
"අනේ බබා මට ඔයාට කියන්න අමතක වුනානේ.අද ගයාන්ගේ බර්ත් ඩේ එක ඌ අපි දෙන්නටම එන්න කිවුවා"
"ඔයාට පිස්සුද විහස් අපිට ක්ලාස්නේ අපි කොහොම යන්නද,එයා දන්නවනේ"
"ඒ වුනාට නෙතු එහෙම හරි නෑනේ අපි ගිහින් එමු"
"මටනම් බෑ මට ආයෙත්නම් ක්ලාස් කට් කරන්න බෑ"
"ඔකනේ ඔයාට මාව පොඩ්ඩක්වත් විස්වාස නෑ,මන් කොහේ හරි යන් කිවුවම බෑමයි.ඔයා මට ආදරේනම් මාත් එක්ක යමු.නැත්තම් මාව අමතක කරන්න."
විහස් එහෙම කිවුවේ අඬන්න වගේ.
"මොනද විහස් ඔයා කියන්නේ.මන් ඔයාට ආදරේ නැද්ද"
"හරි කමක් නෑ අපි යන්"
එහෙම කිවුවම විහස් හිනාවෙලා මගේ අත අල්ලගත්තා.
එත් මන් හිතින් ගොඩක් දුක් වුනා.මගේ අම්මා එහෙම මේවා දැනගත්තොත්.
විහස් කිවුව ගෙදරට අපි ගියාට එහේ කවුරුත් පේන්න නෑ.දොරත් වහලා.
මන් එක පාරටම කලබල වුණා.
"මෙහේ කවුරුත් නෑ වගේනේ විහස්,දොරත් වහලා,ඔයාට ගේ වැරනාද.?"
"නෑ නේතු යමුකෝ"
එහෙම කියලා විහස් එයාගේ සාක්කුවේ තිබුන යතුරක් අරන් දොර ඇරියා.
මන් බය වුන විදියට දාඩිය වැක්කෙරෙන්න ගත්තා.
"විහස් ඇයි මේ මොනාද ඔයා මේ කරන්නේ"
"අයියෝ බය වෙන්න එපා බබා එන්නකෝ මන් කියන්න."
"මට බෑ අපි යමු."
විහස් මගේ අතින් ඇදලා ගෙට අරන් දොර වහලා දැම්මා.
"විහස් ඔයාට පිස්සුද මොනාද මේ කරන්නේ මට යන්න දෙන්න.
"එහෙම යන්න දෙන්නද කෙල්ලේ උඹව එක්කන් ආවේ."
"නෙතු ඇයි දන්නවද මන් ඔයත් එක්ක යාලු උණේ.
අපේ කොල්ලෝ කිව්වා කොච්චර ටෝක් කරත් ඔකීවනම් දාගන්න බෑ කියලා.එතකොට මන් කිවුවා මන් දාගෙන පෙන්නම් කියලා.නිකන්ම නෙමේ රෑම් එකකටත් ගෙනිහින් පෙන්නනවා කිව්වා.
අනේ දෙවියනේ මන් මොනාද මේ අහන්නේ...මන් අඬාගෙනම බිම වාඩි වුණා..
'අනේ ඇයි විහස් මට මෙහෙම කරේ.අනේ මන් ඔයාට වඳින්නම් මට යන්න දෙන්න විහස්.මන් කාටවත් මේවා කියන්නෑ.."
මන් බිම පෙරලි ඇඬුවා.
විහස් ෆොන් එකේ කැම් එක ඔන් කරලා තියලා මන් ලඟට ආවා.
"මොනාදා ඔයා කරන්න හදන්නේ අනේ විහස්?"
"මන් ඔට්ටුව දින්නා කියලා කොල්ලන්ට පෙන්නන්න එපායෑ."
"අනේ මාව මරන්න විහස් ඕකනම් කරන්න එපා."
එතන හිටියේ මන් ආදරේ කරපූ දඟකාර ආදරවන්තයා නොවේ.නරුමයෙකි.
මන් කෑ ගැහැව්වට මා බේරා ගැනීමට කවුරුත් ආවේ නැත.
විහස් අතින් මගේ ඇඳුම් එකින් එක ගැලවී යද්දී අම්මාගේ චුටී දුව ගැහැණියක් වන්නට මහා වෙලාවක් ගියේ නැත.
මන් විහස්ට සාප කරමින් අඬා වැටුණි.ඔහුගේ මුහුණේ නම් තිබුණේ ජය ගත් හැඟීමකි.
හසුවුණ ඇදුම් ටික ඇඟේ පටලවගත්ත මන් ඇරුන දොරෙන් පිස්සියෙක් වගේ දුවන් ආවා.මගේ අහිංසක අම්මා මේක දැනගත්තොත්නම් පපුව පැලී මැරි යනු ඇත.
ඈතින් ඇසුනේ කෝච්චියක නලා හඬයි.මන් තීරනයක්
ගත්තා මගේ ආදරණීය අම්මගෙයි තාත්තාගෙයි මුණ බලන්න මට බෑ.මේ පව්කාර දුවට සමාවෙන්න අම්මේ...ඔයාලගේ හීන හැබෑ කරන්න බැරි වුණාට.
විහස්ලා නැති ලෝකෙකට ආයෙත් එන්න හිතාගෙන මන් ඈතින් එන මාරයා ඉදිරියෙන් හිටගත්තා.
අහස දිහා බලා මා සිනාසුනෙමි..විහස්ටද.නැතිනම් ඒ මටමද මන් නොදනිමි.
- නිෂු ලියනගේ -
No comments:
Post a Comment