හැර යන්නද මං
කෙටි කතාව
සකුණිව මට හම්බ උනේ අපේ ලොකු අක්කගේ වෙඩින් එකේදි. ඔව් හෝම් කමින් පාර්ටි එකේ හිටපු කෙල්ලන්ගේන් මන් දැකපු එකම මේකප් නොදාපු එකී තමයි සකුණි. මේකප් උලපු ගැහැනුන් අතරින් ඒ මුකුත්ම නොකර ඉන්න සකුණිව හොදටම කැපිලා පෙනුනා.ඉතින් ඒ හින්දම වෙන්න ඇති සැරින් සැරේ මගේ ඇස් ගියේ. යාලුවෙක්ගේ මාර්ගයෙන් නම්බර් එකත් හොයා ගත්තු පාර මම කතා කලේ වෙඩින් එක ඉවරත් වෙලා දවස් දෙකකට පස්සේ. ගෙවල් තියෙන තැන හොයා ගන්නත් එච්චර ගේමක් උනේ නෑ
හෙලෝ
හෙලෝ කවුද මේ
මම මේ ඔයාලෑ තාත්තා අදුරන කෙනෙක්. එයාට මේ පොඩි කරදරයක්
මො මොකක්
ඔව් පුලුවන් ඉක්මනට හංදියට එනවද
මට ඕන උනේ සකුනිව කොහොම හරි ගෙයින් එලියට ගන්න.
ඇ ඇයි මේ බොරු කියන්නේ.
බොරු
ඔ ඔව් අ අපේ තාත්තා නැති වෙලා කොච්චර කල්ද. කවුද ඔයා.
කිරිඅප්පට කපුටෝ කොටපී. කෙල්ල හොදටම බය වෙලා හිටියේ. කොහොම හරි වැඩේ ශේප් කර ගත්තේ ඒකිගේ යාලුවා මිහින්දිගේ නම කිවුවට පස්සේ.
ඔහොම ඔහොම කතා කර කර ඉදලම ඉතින් අපිට ආදරවන්තයෝ වෙන්නත් වැඩි කාලයක් ගියෙත් නෑ. පලවෙනි පාර මීට් වෙන්න ගියේ ඒකිට පොඩි ටෙඩියෙක් අරගෙන. අන්ත අසරණ වෙන තරම් කෙල්ලන්ට ලව් කරලා තිබුන මට සකුණිටත් සීරියස් කරන්න තරම් හිතක් පහල උනෙත් නෑ. බූට් ලිස්ට් එක වැඩි කර ගන්න තිබ්බ ඕන කමටම ඔහේ කරන් ගියේ.
සකුණිගේ එච්චරම ගතියක් තිබ්බෙත් නෑ. එදා වෙඩින් එකේ ලයිට් එලියට මූණ එලිය වැටිලා තිබුනට කට්ට කලුයි. ඒත් අර ඇස් දෙකේ අමුතුම ලකයක් තිබ්බා චූටිම ඇස් දෙක බිමට හරවන් ඉද්දිනම් මහේ ඇසුත් දෑවා. මීට් වෙච්ච දවසේ හිතුනත් ආයෙත් ඒකිට කතා නොකර ඉන්නවා කියලත් ගෙදර ආපු හැටියේ සකුණිව මතක් උනේ ඇයිද කියලා තාමත් මට හිතා ගන්න බෑ. එහෙම උනානම් අද මෙහෙම නොවෙන්නත් තිබුනා.
අනිත් කෙල්ලෝ වගේම මේකිටත් ඕන උනේ මගේ සෙල්ලක්කාර ජීවිතේ නැති කරලා දාන්න. අම්මටත් උපන්තේකට බැරි උන දේ අනිත් උන් කොහොම කරන්නද.
අයියේ
ම්ම්ම්ම්ම්ම්
ඇයි ඔයාගේ මූණ සුදු වෙලා තොල් කලු උනේ
ඒකිත් ඉදලා ඉදලා ඇහුවෙ ගොන් ප්‍රශ්න
ආහ් මූණ වෙන තාත්තෙක්ගේ. කට වෙන තාත්තෙක්ගේ
විහිලු නෙමේ අනේ
ඔයා සිගරට් බොනවා නේද
හ්ම්ම් ඉදලා හිටලා
ඉතින් තව ගංජත් බොනවද
නෑ ගංජා ගහනවා. තව කුඩුත් ගහනවා. අරක්කුත් සිකරටුත් බොනවා
සිකරට් බොන්නේ අද ඊයේ ඉදලා නෙමේ. මට වයස අවුරුදු දහ තුනේ දා හතරේ ඉදලා. දැන් මට විසි අටක්. ඇයි මොකක්ද දැන් ප්‍රශ්නේ. තමුසෙට ඒක අවුලක් නම් තමුසේ යනවා. මට කමක් නෑ.
මම සකුණිට සැර වෙද්දි ඒ ඇස් වල කදුලු බිංදු නලියෑවා.
එදා ඉදන් වචනෙන් එපා නොකීවත් ඒකිට ඕන කලේ මගේ ඒ මත්ද්‍රවය වලට හුරු උන ජීවිතේ නැති කරන්න. යාලුවන්ගෙන් මාව ඇත් කරන්න දගලද්දි මට සකුණිව වහ කදුරු උනා.
ඒ නිසාමයි මන් ටික ටික සකුණිගෙන් ඈත් උනේ. ඒත් ඒකි අඩ අඩ මගෙ පස්සෙන් එන විදියට මට සකුණිව පෙනුනෙ මල පෙරේතියක් වගේ. මට උබව එපා උබ පලයන් කියන්න කියන්න ඒකි මගේ පස්සෙන්ම ආවා. මගෙන් අමු තිත්ත කුණුහරප අහගෙනත් මගෙ පස්සෙන්ම ආවා. ඒත් මන් සකුණිව ගනන් ගත්තෙ නෑ. ඒ අතරේ තමයි මගේ ජීවිතේට කවුශිව හම්බ උනේ. ඒකි ලස්සනයි. පට්ට ෆිගර් එක. ඕනම කෙනෙක් වශී කරන්න පුලුවන් ලස්සනක් තිබ්බ නිසාම මම පිස්සුවෙන් වගේ කෝශිට ලව් කරද්දි අර හැතිරි මට පිස්සුවෙන් ලව් කලා.
දවසක් කෝශී මායි මීට් වෙච්ච දවසක සකුණිත් කඩා පාත් උනා. එදා ඒකි කවුශිගෙන් කණේ පාරක් කාලත් මට කෝල් කර කර පස්සෙන්ම ආවා. අන්තිමට මන් නම්බර් මාරු කලා. මට ඕන උනේ කෝෂි මැණිකව ඉක්මනට මගේ කර ගන්න.
ගෙදරිනුත් අපිට කැමති වෙලා වෙඩින් එකට දිනත් දා ගත්තා. හැමදේම උනේ හරි ඉක්මනට.
ඇවෙන්රා එකේ වෙඩින් එක අරන් අපි පිටත් උනේ බන්ඩාරවෙලට.
සුන්දර බන්ඩාර වෙල සුන්දර රැයක්
නාන කාමරයෙන් කෝශි මැණික එලියට එනකන් මන් බලාගෙන හිටියේ. සිහිල් දුහුල් සලුවකින් ගත දවටන් කෝශි මගේ ඉස්සරහට එද්දි මට මාව පාලනය කර ගන්න බැරි උනා. මම මහා හදිස්සියකින් ඒ වතට බර උනත් කොදු නාරටිය කඩාගෙන් එන අමුතු වේදනාවකින් මාව හිරි වැටෙද්දිම මාව ඇදට කඩා වැටුනා.
කෝශිත් මූණ නරක් කරන් ඇදේ එහාට උන නිසාම මට මගේ පිරිමි කම ගැනම ඇති උනේ මහම මහා ලැජ්ජාවක්.
ඒත් එක්කම මට කෑ ගැහුනේ මගේ කුසෙන් දැනුන වේදනාවට. කෝශිත් බය වෙලා මන් දිහා බලන් ඉන්නවා. මට ඕන උනේ ඉක්මනට හොස්පිට්ල් යන්න.
මට කෝශිට කතා කරල කියන්න ඕන උනත් මගේ ඇස් පිය උනේ ඉබේටම
ඇස් ඇරිලා බලද්දි මම හිටියේ ඉස්පිරිතාලේ ඇදක් උඩ. අදට මන් සිහියක් පතක් නැතුව ඉදලා සතියක්ලු. එදා සිහිය නැති උන පාර කෝශි මාව බන්ඩාරවෙල හොස්පිට්ල් ඇඩ්මිට් කරලා. තත්ත්වෙ භයානක නිසාම එහෙන් මාව කොලබ ගෙනත්. මම කෝශිව හෙවුවත් එයා මං ලග හිටියෙ නෑ. ඒ වෙනුවට හිටියේ මගේ ආදරේ ඉල්ල ඉල්ල පස්සෙන් ඇවිත් කාලයක් මට වද දුන්න සකුනි.
ඒත් මන් ඒ කෙල්ලව ගනන් නොගෙන හෙවුවේ මගේ කෝෂි මැණිකව.
එයා අම්මලගේ දිහා පුතේ. දවල් වෙලා එයි. අම්මා මගේ ඇද ලගට ආපු හැටියෙම සකුණි කාමරෙන් එලියට ගියා. දවල් වෙලා කෝශි එනවා කිවුවත් එයා ආවේ නෑ. මගේ අතිජාත මිත්‍රයා ලහිරුවානම් ආවා මාව බලන්න. වෙඩින් එකේ මගෙ බෙස්ට්මන්.
ඒ කස්සා. දැන් උබට කොහොමද
හොදයි ලහිරුවා. මේ කෝ බන් මගේ කෝශියා
ඒකි ඔය ගෙදර ඇති බන්.
ඇයි බන් ඒ. හරි නම් එයා දැන් මන් ලගනේ ඉන්න ඕනේ
අනේ හුට් කටවහපන් පරයෝ. තොට කිඩ්නි වල අවුල කියලා දැන ගත්ත හැටියෙම තෝව දාලා ගිය පරට්ටියෙක් ගැන දැන්වත් තොට හිතන්න ලැ ලැජ්ජ නැද්ද
ලහිරු ඒත් එක්කම ඇහුනේ සකුණිගේ කටහඩ
අනේ ප්ලීස් එයා මේ මුකුත් දන් නෑ ලහිරු
ඕ ඔ සො සොරි කස්ස. මන් හිතුවේ උඹ උඹේ ලෙඩේ ගැන
මමට කිඩ්නි අවුලක්ද බන්. ම මන් ඒ කියන්නේ මන් මැරෙයිද බන්
සකුණිගේ අත් දෙක බදාගෙන මන් හොදටෝම ඇඩුවා.මගෙ වකුගඩු නරක් වෙලාද නංගි. අනේ ප්ලීස් මට කියන්න
අපි ඒවා පස්සෙ කතා කරමු අයියේ. දැන් ඔයා රෙස්ට් කරන්න.
මගේ කිඩ්නීස් දෙකම නරක් වෙලා තියෙන්නේ කාලයක් තිස්සේ මත්ද්‍රවය වලටම හුරු වෙච්ච නිසාලු. රට හිටපු කාලේ අයිස් යූස් කරපු නිසා ගොඩක් කිඩ්නීස් ඩැමේජ් වෙලාලු. මේ දේවල් දැන ගත්තු පාර කෝශිත් මාව දාලා ගිහින් තියෙන්නෙ ලෙඩෙක් එක්ක ඉන්න බෑ කියලා. හැමදේම හංගලා කාළකන්නි ලෙඩෙක් බන්දලා දුන්නා කියලා කෝශිගේ අම්මලත් අපේ අම්මලට හොදටම බැනලා
මන් ඇඩුවා මට මැරෙන්න බෑ අම්මේ කියල අම්මත් කදුලු පුරවන් ඉද්දි මට බැලුනේ සකුණි දිහා.
මගේ ඇදුම් මාරු කරන එකේ ඉදන් කවන්නේ පොවන්නේ හැම වැඩේම කරන්නේ සකුණි.
මට සමාවෙන්න නංගි
මන් ඇස් වල කදුලු පුරවන් ඇඩුවා. ඒ ඇස් වලත් කදුලු වැලක් පේන්න තිබුනත් වෙනදා වගේ එයා හීනියට හිනා උනා. ඒ අත් දෙකෙන් මගේ ඔලුව අතගාද්දි මට දැනු න් පුදුම සනීපයක්.
වකුගඩුවක් පරිත්‍යාග කරන කෙනාට ලක්ශ ගානක මුදල් තෑග්ගක් දෙනවා කියල අපේ අම්මලා දැන්වීම් දැම්මා. එක වකුගඩුවක් දීලා මාව බේරගන්න මගේ අයියට අක්කට පුලුවන් කම තිබ්බත් මගෙම උන් මාව අතහැරියා. තාත්තගෙ වයසත් එක්ක එයාට බැරි උනා. කෝශිත් ඩිවෝස් පේපර්ස් එවලා තිබුනා. ඒවට මන් සයින් කලේ සකුනි දිහා බලාගෙනමයි. වෙනද වගේම ඒ ඇස් වල කදුලු. අච්චර දේවල් මගෙන් වෙලත් ඒ ඇස් වල තාම ආදරේ උතුරනවා.
මගෙ තත්ත්වේ නරක නිසාම ඉක්මනට වකුගඩුවක් බද්ද කරන්න ඕන උනා. හොයල හොයල අන්තිමට මගෙ අම්මගෙ වාසනාවටම වකුගඩුවක් හම්බ උනා.
ඔෆරේශන් එක සාර්ථක වෙලා සතියක් ගිය ත් සකුනි මාව බලන්න ආවෙ නෑ.
එයාගෙ අම්මට සනීප නැති නිසා ගමේ ගිහි. න්ලු පව් අහිංසක එකී. ඉක්මනටම හොද වෙලා අහිංසකීව මන් ලගට ගන්න ඕනේ.
මාසෙකට පස්සේ සකුනි ආව මාව බලන්න. එයාගෙ අත් දෙක්න්ම මට හැමදෙයක්ම කලේ
මට හොදටම හොද වෙන්න මාස හතරක් පහක්ම ගියා
කසුනි දැන් මගේ ජීවිතේම වෙලා. එයාගෙ ඇස් වල මන් වෙනුවෙන් ආදරෙ ඉතුරුවත් මැරි කරමු කියන යෝජනාවට එයා කැමති උනේ නෑ
ඔව් මං මහ නරක මිනිහෙක් නංගි. ඔයාට කරපු දේවලුයි මට පඩිසන් දුන්නේ දැන් මං එක කිඩ්නියකින් ජීවත් වෙන මනුස්සයෙක්
තවත් මාස දෙකකට පස්සේ සකුණි මාව බලන්න එන එක නැවැත්තුවා. පුදුම පාලුවක් මගේ ජීවිතේට අරක් ගත්තේ. ඒ අහිංසක මූණ මට හැම මොහොතකම මතක් උනා. කෝශිත් ඒ අතරේ මැරි කරලා තිබුනා.
සකුනි මගේ ජීවිතෙන් ගිහින් දැන් අවුරුදු දෙකක්. මේ අවුරුදු දෙකටම මන් සකුනිව නොහෙවුව තැනක් නෑ. එයාගේ අම්මලා කිවුවේ එයා රට ගිහින් කියලා.
මං බලන් හිටියේ කවදම හරි එයා මාව හොයන් එයි කියලා
ඔව් හිතුවා වගේම ආවා. ඒත්සකුනිනම් නෙමේ. එයාගේ රට හිටපු මල්ලිකෙනෙක්
මේ අයියා කසුන් නේද
ඔ ඔව් ඔයා
සකුනි කියන්නේ මගේ අක්කා
ම මල්ලි එයා ඉන්නවද
ඔව් ඉන්නවා එන්න මාත් එක්ක
මගේ හිතේ බලාපොරොත්තු දැල්වුනා. අනේ මගේ අහිංසකී ඉන්නවා
සකුනිගේ මල්ලි මාව එක්කන්ගියේ මිණී පිට්ටනියකට. එතන සොහොන් කොතක් ගාවට ගිහින් ඒ මල්ලි මගේ අතට ඩයරියක් දුන්නා
ඔව් අයියේ මේ ඉන්නේ මගේ අක්කා. හැම දුකක්ම තනියම ඉවසපු මගේ අක්කා. දැන්වත් එයාව ආදරෙන් බලා වන්න
"සකුණි ලක්ශිකා එදිරිසූරිය මෙනෙවියට නිවන් සුව ලැබේවා!"
සොහොන් කොත බදාගෙන මම අඩද්දි මගෙ කදුළු අලුත් උනේ මගේඅහිංසකීගේ ඩයිරි එක කියවද්දි.
අපි යාලුවෙච්ච දවසෙ ඉදන් එයාගේ ජීවිතේ අන්තිම දවස වෙනකන් ඒ පොතේ ත්බුනා
මන් එයාට රිද්දපු හැටි එයාගේ කිඩ්නියක් මට පරිත්‍යාග කරපු හැටි ඊට පස්සෙ මාත් එක්ක ජීවත් වෙන්න පෙරුම් පිරුව හැටි ඒත් එයාගෙම කරුමෙට එයාට ලේ පිලිකාවක් හැදුන හැටි එයාම මගෙන් ඈත් වෙලා ගියපු හැටි ඒ හැම දෙයක්ම ඒකේ ලියලා තිබ්බා
හදවත් කීතු කීතු වලට ඉරන්න තරම් වේදන්නාවක් මට දැනුනේ
මං අද ජීවත් වෙන්නේ මගේ නංගි ඔයා නිසා. ඔයා මාව බේරගත්තා. ඒත් මට
ඔයාව බේර ගන්න බැරි උනා. මට සමාවෙයන් මගේ නංගි. සොහොන් කොත බදාගෙන අඩන්න විතරයි මටපුලුවන් උනේ
ඩයිරියේ තිබුන අන්තිම පිටුවට මගෙ ඇස් ගියේ ඉබේටම
"මගේ නපුරට ආදරෙන්
මගෙ මහත්තයො මට සමාවෙන්න. එදා හො ස්පිට්ල්කේදි මන් ඔයාට පොරොන්දු උනා ඔයා මැරුනට පස්සෙයි මං මැරෙන්නෙ කියලා. ඒත් මට හදිසියෙම යන්න උනා. මට සමාවෙන්න. මන් හිතලා ක ලේ නෑ. මට යන්න උනා. ඒත් ඊලග ආත්මේනම් මන් නෑ. හාද මගේ අයියේ
මන් ඔයාගෙම කලු කැත නංගි
සකුණි"
නිමි
වචන ලක්ශි මදුශ්කා ගෙන්
No comments:
Post a Comment