#උපන්දින_තෑග්ග___
"ගුඩ් මෝනින් බිනරයා😄"
මා උදෑසන කාර්යාලයට ගොඩ වත්ම මා මිතුරු රකිත එසේ පැවසුවේ මුව පුරා සිනා සෙමින්ය.
"ගුඩ් මොර්නින් රකියා...අද මොකෝ උබ උදෙන්ම...😁"
මා සිනා සෙමින් ඔහුට පවසමින් මා අසුනේ ඉද ගත් හ..
"ඔන්න ඕකනේ මස්සිනා අපි ටිකක් කලින් ආවොත් තමා උබලටත් රිදෙන්නේ...🙁😐"
රකිත පැවසුවේ නොරිස්සුන් ලෙසය..
"පිස්සුද බං උබ කලින් එනව දකින්නත් ආසයි...😂"
"අනේ නිකන් පලයන් දැන් බටර් ගාන් නැතුව...😐"
රකිත තවමත් නොරිස්සුම් ලෙසම සිටී..
"හරි හරි බං වරෙන් කැන්ටිම පැත්තට යන්න..😄"
මා සිනාසෙන ගමන් රකිතගේ පිටටද තට්ටුවක් දමමින් ඉස්සර විය..
"ආ අන්න ඔහොම වරෙන් කෝ..සැබෑ මිතු දම කියන්නේ ඕකට තමයි😂"
රකිත ද සිනස්සෙමින් මා පසු පස් ආහ..
"මොකක්ද සැබෑ මිතු දම කැන්ටිමට යන එකද😄"
මා යලි සිනාසුනෙමි..
"නැතුව යාලුවගේ හිත රිදුනම කන්න බොන්න දීල හිත සනසන එක තමා සැබෑ මිත්‍රත්වේ කියන්නේ..😂"
රකිත එසේ කීවේ ආපනශාලාවේ සෝකේසයෙන් සැන්වීච් පෙති දෙකක් ගෙන කටේ ඔබා ගන්නා ගමන් ය..
"ආ ඇත්තද මහත්තයෝ එහෙනම් කාපංකෝ 🙁"
"මේ බිනරයා මේ පාන් පෙත්තක් දීලනම් බේරෙන්න බෑ හොදේ....😁"
රකිත එසේ කියන විට මා ඔහුගේ මුහුන දෙස බැලුවේ පුදුමයෙන් මෙනි..
"මොකක්ද රකියා ඒකේ තේරුම😳"
"ආ...උබ බබා..😂..යකෝ හෙට උබේ බර්ත් ඩේ එක නේද...අන්න මුලු ඔෆිස් එකම බලන් ඉන්නේ😂"
රකිත එසේ කියන විටය මට මතක් වූයෙත් හෙට මගේ උපන් දිනය බැව්...මා මේ කාර්‍යාලයේ සේවයට පැමින එලබෙන පලමු උපන්දිනය බැවින් දින ගනනාවක සිට කාර්‍යාලයේ මිතුරන් එය සැමරීමට මග බලා වුන් හ...(උන් සැමරුවට වියදම මගෙන්😐😂)
"මොනවද බං කල්පනා කරන්නේ"
මගේ කල්පනාව බිදුනේ රකිත මගේ උරහිසට තට්ටු කිරීමෙනි..
"මුකුත් නෑ බං...දැන් උබලට හෙට පාටියක් දෙන්නත් ඕන නේ...😒"
"නැචුව නැචුව මස්සිනා ඒව යුතුකම් නොවෑ😂"
රකිත පැවසිවේ කිසිදු බරක්පතලක් නොමතිව ය..පාර්ටිනම් දිය හැකිය ඒත් මුදල්..සංතකේටම මා අත තිබුනේ රුපියල් 800 කි.එයින් කුමන පාර්ටිද..රකිතගෙන් ඉල්ලා ගත හැකිය..එහෙත් එය කල නොහැකි දෙයකි..
"මේ උබ කල්පනා කරන්නේ අපිට මොන බ්‍රෑන්ඩ් එකද දෙන්න ඕන කියලද..මචං බිනරයා ගල් කසිප්පු නැතුව ඕන දෙයක් එවරෙඩි😂..හරී..ඒව අපි හෙට කියන්නම් දැන් වරෙන් යන්න වැඩ පටංගන්න වෙලාව හරි.."
රකිත එසෙ කියමින් කාර්‍යාලය දෙසට යන්නට වුනි..මාද ආපනශාලවේ බිල ගෙවා යන්නට වුනි...රුපියල් 800 තවත් රුපියල් 100 අඩු වුනි...ඉතිරි රුපියල්700 යලි ගනන් කර පසුම්බියේ දාගත් මාද කාර්‍යාලයට ගියේ හෙට කුමක් කරන්නේද යන්න කල්පනා කරමිනි...
"ආ බිනරයා..හෙට හරි නේද වැඩේ😂"
මා එන විට අනෙක් මිතුරන්ද අසන්නට වූයේ එක්වරමය..මා මද සිනාවක් පා මා අසුනේ ඉද ගත් හ..
වැඩක් කිරීමට සිත් නොදෙන්න විය..මනසේ සැරිසැරූ එකම දේ වූයේ හෙට දවස ගැනය...මොහොතක් කල්පනා කෙරූ මා එකවුන්ට් ඩිවිසන් වෙත යන්නට සැරසුනේ ඇඩ්වාන්ස් මුදලක් හෝ ලබා ගැනීමේ අටියෙනි..
"බිනරයා කොහෙද යන්නේ..."
ඒ රකිතය..
"මං එකවුන්ට් එකට ගිහින් එන්නම් මේ බිලක් සෙට්ල් කරන්න තියෙනව බං"
මා රකිතට මුසාවක් පවසා එතනින් ආවද රකිත මා දෙස බලා සිටියේ පුදුමයෙන් මෙන් බැව් මට දැනිනි...
"එස්කියුස් මී මිස්...🙂"
"කියන්න බිනර...😊"
වැටුප් අංශයේ තමාරා මිස් මා දෙස බලා කීහ..
"මිස්..මේ....😒"
"ඇයි බිනර...😊"
මා වචන එකතුකිරීමට උත්සහ කෙරිනි..
"මිස් මට ඇඩ්වාන්ස් එකක් ගන්න පුලුවන්ද...😶"
මා එක් වරම කියා දැමුවේ වෙන දෙයක් වන්නට සිතාය..
"ඇඩ්වාන්ස් එකක්....😳"
ඇය මදෙස බලා කීය..
"ඔව්...මිස්...පොඩි උවමනාවකට😞.."
"ඇඩ්‍රාන්ස් දාන්න දීපු දිනේ ඉවරනේ බිනර...😔"
ඇය එසේ කියන විට මාගේ අවසන් බලාපොරොත්තුවද බිදී යනවාක් වැනි හැගීමක් මට දැනිනි..
"අනේ මිස් බැරිද මුකුත් කරගන්න..😔"
"ම්ම්ම් දැන් කියක් වගේද ඕන බිනර🙂"
"5000ක් වගේ මිස😔"
"5000ක්😳"
ඇය දෑස් විශාල කොට මදෙස බැලී ය..
"ඔ ඔව් මිස්😁"
මා සතුටින් කී හ..
"ටිකක් ඉන්නකෝ මං ස්ර් ගෙන් අහල බලන්නම්🙂"
ඇය එසේ කියමින් ආයතා ප්‍ර්දානියා වෙත ඇමතුමක් ගත් හ..(අපි සල්ලි නිකන් ගන්නව වගේ මුන්ගේ අගේ බලන්න එපැයි .මාසේ අන්තිමට පඩියෙන් ගානට කපාගන්නව අනේ ඉතින්😡)මා හිතින් බැනවදිමින් සිටියහ.
"ගුඩ් මොර්නිග් සර්😊"
"------"
"සර් මේ ෆෑලෑනින්ග් එකේ බිනර ඇඩ්වාන්ස් එකක් ඉල්ලනවා"
"----"
"ඔව් සර් 5000ක්..."
ඇය මදෙස හොරහින් බලා කී හ..
"ඔව් සර් පෙටි කෑස් තියෙනවා"
"-----"
"හරි සර්...."
"ඔයාගේ වෙලාව හොදයි බිනර😊"
ඇය දුරකතනය තබන ගමන් කීහ...
"ආ මෙතන සයින් කරන්න..."
මා ඇය පෙන්වූ ස්තානයේ අත්සන් කර මුදල් ලබා ගත් හ..
"තැංක්යූ වෙරි මච් මිස්😁"
මා කටපුරා සිනාසෙමින් ඇයට ස්තූති කර පිට වුනි...
"යකෝ මුගේ මූනේ හිනාව බලපල්ලකෝ දැන් හිටියේ මිනිහ මැරිච්ච ගෑනි වගේ...😳"
මා සිනාමින් එන විට රකිත කියන්නට වූයේඅනෙක් මිතුරන්ටද ඇසෙන ලෙසය...
"එහෙම තමා බං දුකෙන් ඉන්නත් බෑනේ මිනිහ මැරුන කියලා😁"
මා යලි සිනාසෙමින් කීහ...
"මේ බිනරයා...ඒක නෙවේ හෙට උබලට මොනවද ඕන කියල පොඩ්ඩක් කතාකරල මට හවසට කියපං හරිද...😊"
"ආව් ආව් ලෙසටම පාටිය දෙන්න වගේ හදන්නේ නියමයි...😁"
රකිත සිනස්සෙමින් කීහ..
"අපි එහෙම තමයි මස්සිනා කිව්වොත් කිව්වා😁"
මාද ඔහුගේ සිනහවට එකතුවෙමින් කීහ...
කාලය කෙමෙන් ගෙවී යත්ම කාර්‍යාලය නිමවීමට ආසන්නව තිබිනි...සියල්ලෝම යුහුසුලුව නිවෙස් වෙත යාමට සැරසුන හ...
"ඒ බිනරයා යන්නෙ නැද්ද බං..."
අතබැදි ඔරලෝසුව දෙස බලමින් රකිත මගෙන් ඇසූහ..
"මචං රකියා මේ ඒජන්ට්වැඩක් බං තව පැයක් විතර යයි..."
මා කර කාර්‍යේම නිරත වෙමින් කීහ..
"පැයක්😳.."
"ඔව් බං උබ පලයන් අවුලක් නෑ😊"
"ම්ම් එහෙනම් මං කැපෙනවා හෙට සෙට් වෙමු...බායි බිනරයා..."
"හරි රකියා.....ආ මේ රකියා...."
යන්නට සැරසුනු රකිතට මා නැවත කතාකල හ..
"කියපං බිනරයා..."
"මේ මට රෑ වෙලා කෝල් එකක් ගනින් හෙට මොකද කරන්නේ කියල "
"හරි හරි මස්සිනා ඒව ටොප් එකට වෙයි...😁 මේ මං ගියා..."
රකිත එසේ කියමින් පිටවෙන්නට වුනි...කාර්යාලයේ ඉතිරි වූයේ මාත්..කාර්යාලය පිරිසිදු කරන කාන්තාව වන රමනි අක්කත් මුරකරුත් පමනී....
"රමනි අක්කා...මට වතුර එකක් ගේනවද...."
විනාඩියක් පමන ගතවෙත්ම ඇය වතුර වීදුරුවක්ද රැගෙන මා ඉදිරියට ආහ...
"මෙන්න බිනර සර්..."
"ඔතනින් තියන්න අක්කා..."
ඇය වතුර වීදුරුව මේසය මතින් තබන විට ඇයගේ කදුලු බිදුවක් මා අත මත පතිත විය..මා එක් වරම ඇය දෙස බැලූහ...
"රමනි අක්කා ඇයි මේ අඩංනේ😐"
මා ඇය දෙස බලා කියන විට ඇය එක් වරම මුහුන බිමට හරවා ගත් හ..
"ම් මුකුත් නෑ සර්...😢"
"මුකුත් නැතිවෙන්න බෑනේ ඇයි මොකක් හරි ප්‍රස්නයක්ද....😐"
මා යලි ඇගෙන් ඇසූ හ...එවිට ඇය එක්වරම හඩන්නට වූයේ මටද කිසිවක් සිතාගැනීමට ඉඩක් නොතබාය.....
"ඇයි අක්කා මේ...කො මෙහෙන් වාඩි වෙන්න...දැන් කියන්නකෝ මොකක්ද ප්‍රස්නේ කියලා🙁"
මා ඇය පුටුවකින් වාඩිකර ඇය අසලින් මාද ඉද ගත් හ..
"ඉහ්...ඉහ්..ඉහ්...අනේ සර්...😢😢"
"අඩන්නැතුව කියන්නකෝ අක්කා🙁"
"මං මෙතන වැඩට එන්නේ මගේ කෙල්ල නිසා මහත්තයෝ..එකි මේ සැරේ ශිසත්වේ ලියනවා...කෙල්ල ඉස්කෝලේ යවන්නෙත් හරි අමාරුවෙන්...😢"
ඇය කියනා දේ මා අසාසිටියේ ඇයට බාධා නොකරය..ඇය වරින් වර ඉකි ගසයි...
"ඉස්කෝලෙන් මොනවද පොත් වගයක් ගේන්න කියල ඒකට රුපියල් 2000වඩා යනවලු...හරියට කන්නවත් නැති අපිට රුපියල් 2000හේ එවා කොහෙන්ද මහත්තයෝඉහ්..ඉහ්..😢😢 ඒව ගෙනියන්න බැරිනම් කෙල්ලට ස්කෝලෙ යන්නත් බෑලූ බුදු මහත්තයෝ ඉහ් ඉහ් ඉහ් 😢😢"
ඇයගේ ඇඩීම වේගවත් උනි ...
"ඉතින් මේ ලමයගේ තාත්ත...."
මා විමසුවෙමි..
"කෙල්ලගේ තාත්ත මේසන් වැඩ කරේ පලංචියකින් වැටිලා නැතිඋනා මහත්තයෝ...එදා ඉදන් මායි කෙල්ලයි පුදුම දුකක් විදින්නේ. .මං කොමෙන් කෝම හරි කෙල්ලට උගන්නනවා ඒත් දැන් ඉහ් ඉහ් 😢😢"
මටද නොදනිම මා දෙනෙත්ද කදුලින් බොද වී තිබිනි..
"අක්කා මෙතන සර් ගෙන් ඇහුවේ නැද්ද සල්ලි ගන්න පුලුවන්ද කියලා..."
"දවස් තුන හතරක ඉදන් කිව්ව මහත්තයෝ...අද දෙන්නම් කිව්වා..."
"ඉතින් අක්ක අද ඇහුවේ නැද්ද..."
මා ප්‍රස්න කලෙමි..
"ඇහුවා...ලොකු සර් කිව්වා එකවුන්ට් එකේ මිස්ට කියල තියෙන්නේ හවස ඉල්ල ගන්න කියලා"
"ඉතිං.."
"මං එතනට ගියාම කිව්වා සල්ලි දෙන්න විදියක් නෑ තිබුන සල්ලිත් මෙතන වැඩ කරන මහත්තයෙක්ට දුන්න කියලා....😢😢"
ඇය එලෙස කියන විට මාගේ දෙපා පන නැතිවී යනවාක්මෙන් මට හැගිනි...ඒ මහත්තයා අන් කවරකු නොව ඒ මා වන නිසාවෙනි...මා හදවත මොහොතක් නැවතුනාක් මෙන් හැගිනි ..
"දෙවියනේ..."
මට ඉබේම කියවිනි...මොහොතකට මා මාගේ හෘදශාක්ශියෙන් වැරදිකරුවකු වූවා යැයි හැගිනි...
මා මිතුරන් සමග පාර්ට් දා විනෝද වීමට සැරසුනේ මවකගේ බලාපොරොත්තු සමගින්ද..දියනියකගේ හීන සමගින්ද යන්න මා හිත මට වද දුන් හ....
"ම..මං යන්නම් මහත්තයෝ .."
කදුලු පිසමින් රමනි අක්කා යන්නට සැරසුනි...
"රමනි අක්කේ ටිකක් ඉන්න..."
ඇය මදක් යනතුරු සිට මා කතාකල හ...
"ඇයි මහත්තයා..."
මා කිසික් නොකියා මාගේ පසුම්බිය අතට ගෙන එහි හරි පරිස්සමට නවා තිබූ රුපියල් 5000 ගෙන රමනි අක්කාගේ අත තැබූ හ...
"ම...හ...ත්..ත..යෝ..."
ඇය පුදුමයෙන් මෙන් මදෙස බලා සිටිය හ..
"ඕක ගන්න රමනි අක්කේ...ඕකෙන් දරුවට ඕන ඒව ගන්න දරුවට හොදට උගන්වන්න...මොනවහරි උදව්වක් ඕන උනොත් මට කියන්න..."
මා ඇය දෙස බලා එක පිම්මට කීහ..
"අනේ මහත්තයෝ...මහත්තයට බුදුබව ලැබෙන්න ඕන ඉහ් ඉහ්.."
"මේ ඇයි රමනි අක්කා කෝ නැගිට්න්න..."
මා දෙපතුල ලග දන ගසා වුන් රමනි අක්කා නැගිටුවමින් මා කී හ..
"මං මේ සල්ලි මහත්තයට කොහොම හරි දෙන්නම්😢"
"මට ඔය සල්ලි ආපහු එපා රමනි අක්කේ...ඔය සල්ලි වැඩකට නැතිව වියදම් වෙන්න තිබුනු සල්ලි...ඒත් දැන් ඒක ප්‍රයෝජනවත් දෙයකට දෙන්න පුලුවන් උනා...ඒක මටත් ලොකු පිනක්....🙂"
මා ඇය අස්වසමින් කියන්නට වුනි...
"රමනි අක්ක දැන් යන්න රෑවෙන්නත් එනවා..."
"ගොඩාක් පිං මහත්තයෝ....මං ගිහින් එන්නම් එහෙනම්...."
මා ඇය යන දෙස බලා සිටියේ අප්‍රමාන්තික වූ සතුටකිනි...ජීවිතයේ වෙන කවරදාකවත් නොලබපු සතුටක් අද මට ලැබුනි...යලි මා පසුම්බියේ ඉතිරි වූයේ රුපියල්700පමනි මා මටම සිනාසෙමින් පසුම්බියද දා ගනිමින් යන්නට පිටත් වුනි...
හෙට දින මාගේ උපන්දිනය වුවද මා හට ලැබුනු උපන්දින තෑග්ග මෙය නොවේදැයි මට සිතිනි...කෙනෙක් දුක්වන විට ඒ දුක බලා අප කෙසේනම් සතුටු වන්නද..එසේනම් අප තුල මානූශීය හැගීම නොමැති තැනත්තන් විය යුතුය ..කන බොන විනෝදය එවලෙට පමනි...එහෙත් අනෙකාගේ දුකට පිටවී ලැබෙන අසීමාන්තික සිතෙ සතුට මුලු ජීවිතය පුරා රැදේ....
දුන් දේ සුවදයි කියා බුදු බනේද ඇත ...
~~~නිමි~~~
ධනුෂ් රූ
උපුටා ගැනීමකි
No comments:
Post a Comment