නුඹයි මගේ අප්සරා


" නුඹයි මගේ අප්සරා..."

ගේට්ටුවෙන් ඇතුලට බයික් එක දාන හඩට වෙනදා ඉස්සරහට දුවගෙන එන මගේ කෙල්ල ....අද මන් එනු දැක නිවස තුලට වදිනු මම දැක්කා...

"ඒ..මොකද ...ගස්සපු ගැස්සිල්ල...."

මොකද කියලා හිතන ගමන් මන් ගේ ඇතුලට ගියේ යුනිෆෝම් එක ලිහිල් කරන ගමන්...

වෙනදා ඒවා බාරගෙන පිලිවෙලට එල්ලන කෙනා අද පේන්න වත් නැ....
මන්ම ඒක කරලා ඇගපත හෝදන් ආවේ සුපුරුදු තේ කෝප්පය බලාගෙන...

"තේ...එක නම් තියෙනවා ...කෝ...මේකී..."
වෙනදා ට තේ බොනකම් තොර තෝන්චියක් නැතිව කියවන කෙල්ල නැතිව පාලුයි...
ඒත් ඔය නොකියා බුම්ම ගන්න ඒවා වැඩිය ගනන් ගන්න හොද නැ...
මාත් දැනුනේ නෑ වගේ මගේ පාඩුවේ හිටියා....

ඔන්න රෑට නැන්දම්මා යි ලේලියි බත් උයනවා....ඒත් යකෝ...මන් ගැන වගේ වගක් නැ...
මන් යයිද සෙකන්ඩ් වෙන්න ....
තරහා වෙනවා නම්...හේතුව කියන්න එපැයි....මාත් ටිවී එක බලන් හිටියා...

" චූටි ..බත් කාපන්..."

ඒ අම්මා ...වැදගත් පොලිස් නිළධාරියෙක් වෙලත් ඔන්න ගෙදර සැලකුම්....
ඉවසගෙන කෑම මේසෙට යද්දී නපුරිත් ඉදගෙන කනවා කුස්සියේ...

වෙනදාට මේසෙට එන එකී....

"මොකද...අම්මා අරයා බුම්මන්..."

යකෝ අම්මත් සද්ද නෑ...කොහොමත් අපෙ අම්මා ට ලේලී තරම් වෙන කවුරුත් නෑ...දෙන්නම එක වල්ලේ පොල්....

අක්කා කසාද බැදලා ගියාම අම්මා උන්නේ පාලුවෙන්...අක්කා ටත්වඩා කීකරු ලේලියක් ලැබුන අම්මා මාවත් අයින් කරලා දැම්මා....පොල් කුඩු ගානට....

" මේක හරි මගුලක් නේ...."

මන් හෙමින් එහෙම කිව්වේ සද්දෙන් කිව්වොත් අම්මා ඉන්න දුර ප්‍රමාණය අනුව මට ගුටි කන්න වෙන නිසයි...

පොලීසියේ දී ලැබෙන සැලකිලි ගෙදර දී බලු සැලකිලි බවට පත් වී ඇත ...
එහෙත් වෙනදා ට එහෙම නැත....

🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈

වෙනදා ට තුරුළු වෙලා හුරතල් වෙලා මට නින්ද යනකම් මගේ ඔලුවත් මසාජ් කරන ගෑනී මෙන්න යකෝ මටත් කලින් නිදි....ඇදේ අනික් පැත්තට හැරිලා...
මාත් ලයිට් ඕෆ් කරලා ඇදේ හාන්සි උනා...

ඒත් මේකී ඔරොප් වෙලා ඉන්නේ මොකද කියලා අහගන්න කම් නින්දක් නැ...
ඒ හින්දා ඔන්න සෙකන්ඩ් උනා...

"මොකද වෙලා තියෙන්නේ ...."

ඒත් සද්දයක් නැති හින්දා උරිස්සෙන් අල්ලලා මගෙ පැත්තට හැරෙව්වා ...
මේස ලාම්පුවේ නියොන් එලියට මන් දැක්කා එයා අඩනවා...

" මොකද ..මේ...මොනාද වෙලා තියෙන්නේ ..."

"අල්ලන්න..එපා මාව..."

"මොකද මන් තමුන්ගේ සැමියා..."

"හා...ඒක මතකයි තාම ..."

"මොකද..අමතක ..කියනවා..මොකද ඔටෝගෙන ඉන්නේ ..."

" මට ඕනේ හන්දා..."

"දෙනවා..හොබ්ම කැඩෙන්න එකක් ..."

"ඔව්..ඔව්..දැන් මට ගහලා බැනලා..එලවා ගන්නවා ....ඉන්නවා නේ...ආදරවන්ති...ඉහි...ඉහි..."

"ආදර වන්ති...මොකීද...."

"නිකන් මට බබා වෙන්න එපා නාරද....අද අපි දැක්කා ජෝඩු දාලා එනවා...අර දීපා එක්ක..."

"මන්..දී...ආ...."

මට එතකොටයි මතක් උනේ...අද දිපා ආවා මගෙ බයික් එකේ.....ඇත්තටම ආවා නෙවෙයි මන් ගෙනත් දැම්මා ...

" ඒක කොහොමද තමුසේ දැක්කේ...කොහෙද ගියේ..."

"හහ්...මට දැන් තමුසේ.....ඔව් ඔව්...තව ටික දවසකින් බැල්ලි කියයි...."

" මේ බොරුව ට කෑ ගහලා අම්මා ට ඇහෙයි....තමුසෙ කොහෙද ගියේ.."

"ආයේ කියන්න දෙයක් නැ...අම්මා යි මමයි දෙන්න ම තමා දැක්කේ...අපි දුක්විදගෙන බස් එකේ එනවා....මෙයා ගෑනු අඇරලනවා...ඇයි තැලෙයි කියලා ද...."

වේදනාවයි...දීපා හැරලවන්නට එනු මේ ඉන්ස්පෙක්ටර් ලා දෙදෙනා ම දැක ඇත ...

" ඔව් ...ඒ මගෙ අවුරුදු දහයකට වඩා ආදරවන්ති කියලා දන්නවා නේ....ඒ ආදරේ තාම එහෙම්මයි...ඔයා හම්බෙලා යන්තම් කී අවුරුද්ද ද..."

මන් කියද්දි ආයෙම සදරේණූ අඩාගෙනම අනික් පැත්තට හැරුනා...එහෙම කිව එක වැරදි ...ඒත් ඉතින් කියවිලා ඉවර නේ....

මට මතක් උනේ දීපාව....දීපා කියන්නේ අපේ ගමේම කෙල්ලෙක්...කොල්ලෝ දෙන්නයි කෙල්ල යි හිටපු ඒ පවුල අපේ වගේම හොද මට්ටමේ තිබුනා.....
දීපා මගෙ වයසමයි...
එකම පන්තියේ අපි......
අපි ආදරේ කියන දේ නොදන්නා වයසේ ඉදලා ආදරේ කරා....
ඒ හරියටම හත වසර පන්තියේ අපි දෙන්න පන්ති නායක නායිකාව  උන කාලේ ඉදලා ...

හැමදාම අපි දෙන්න උදෙන්ම පන්තිය ට යනවා ...අන්තිමට පන්තියෙන් එනවා.....ඉස්කෝලෙ ඇරිලත් අපි එකටම එනවා....
එහෙම ටික ටික ඇරඹුන මිතුරු කම වයසත් එක්කම අපි ආදරවන්තයන් කරා....
දීපා ලොකු ලමේක් උනාට පස්සේ එයාට ඉස්සර වගේ නිදහස ලැබුනෙ නැ....
ඒත් එයාට කොහෙ ගියත් මගෙ එක්ක යනවා නම් අවසර ලැබුන .....
එන්න එන්න ලස්සන වෙන දීපා ට මන් පන ඇරලා ආදරේ කරා.....
එයත් එහෙමයි.....
අඩුම ගානේ ටොෆියක් වත් කෑවේ නැ මට නොදි......
ඔක්කොම වෙනස් උනේ නොහිතපු විදියට ....
අපේ තාත්තා නැති උනා.....එතොකොට මන් උසස් පෙල.....සාමාන්‍ය පෙලින්ම දීපා ගෙදර ....එයාට ජොබ් එකක් කරන්න වත් ඒ සහෝදරයන් ඉඩ දුන්නේ නැ...පවුලේ එකම කෙල්ල නෙ....
තාත්තා නැති උනාම අක්කා ගෙදර ට ලොකු බරක් උනා.....
අපිට වැඩිවෙලා නෙවෙයි ....
ඒත් විවහ වෙන වයසේ දුවෙක් ඉන්න රැකියාවක් නොකරන අම්මා නිතරම ඒ ගැන කල්පනා කරා.....
ඒ හින්දා ම මන් ඉස්කෝලෙ නතර කරලා පොලිස් සේවයට බැදුනා......
ඉස් ඉස්සෙල්ලා ම දුෂ්කර සේවය ...

දෙහිඅත්තකණ්ඩිය ට....

මොනා කරන්න ද....
කිසිම දාක ගෙදරින් පිට නොගිය මන් පොලිස් පුහුණුව ට තමා ඉස්සෙල්ලා ම තනියම ගියෙ....
ආයේ බොරු කියන්නේ මොකටද ...
අම්මා යි අක්කා යි....අපේ අම්මා ගේ අයියා ...මගෙ මාමායි...මාව ඇරලාලා එනකොට නම් ඇඩුනා ඕසෙට....
එතන පුහුණුව ට හිටපු ලාබාලම එකා මන්...
ඔක්කොගෙන්ම මට උදවු උපකාර ආදරේ ඔක්කොම ලැබුනා....
කොහොමත් මන් ටිකක් ඇහැට කනට පේන කොල්ලා...
ඉස්කෝලෙ කීයක් කෙල්ලෝ හොර ලියුම් දුන්නා ද මට....
ඒත් මන් පන ඇරලා දීපා ගැනම හිතන් හිටියා....
දීපා ත් හැමදාම කතා කරලා අඩනවා....
අම්මා ත් අඩනවා....

" උඹට ඔය බර අදින්න උනේ මන් හින්දා නේ...."

කියලා අක්කත් අඩනවා....ඔක්කොම දරාගෙන ඒ හිත් හදලා කවුරුත් නැති තැනක මන් අඩනවා....
කොල්ලොන්ට ඉතින් දුක හිතුනට අඩන්න අයිතියක් නෑනේ ...

දෙහිඅත්තකණ්ඩිය කියන්නේ බොහොම දුර වගේම ටිකක් දුෂ්කර පලාතක්....
ඒත් මන් ගෙදර ගැන හිතලා ඉවසන් හිටියා....
හැමදේම හරියාගෙන එනකොට......
දීපා ගේ ගෙදරින් මට අකමැති කියලා එයාට වෙන කෙනෙක් ප්‍රෝපෝස් කරලා ....

මෙච්චර කල් මට පන දෙන්න හිටිය ඒ දෙමව්පියෝ එක පාරම වෙනස් උනා....

" පොලිසියේ කෙනෙක් ට අපේ දරුවා දෙන්න අපි කැමති නැ....."

යකෝ....මාර කෙලියක් නේ....පොලිසිය කියන්නේ මගෙ රස්සාව ....
මගෙ රස්සාවෙන් කොහොමද මගෙ චරිතය මනින්නේ...."

ඒත් කොච්චර කරත් ඒ ගෙදර විරෝධය දැඩි උනා....

" නාරද....මේ ගොල්ලෝ...ඔයාට අකමැති පොලීසියේ හින්දා නෙවෙයි ...අපෙ අයියාගේ සල්ලි කාර යාලුවෙක් ට මාව බන්දන්න ඕනේ නිසයි...ඔයා ව මගෙන් ඈත් කරන්නේ ...."

"දීපා...මගෙ රත්තරන් ...ඔයා කැමති වෙන්න එපා...."

"මේ..ටිකේම මන් ලොකු අයියාගෙන් හොදට ම ගුටි කාලා ඉන්නේ නාරද....අනේ ඔයා එන්න ..."

"මන් ඇවිත් මොකක්ද කරන්නේ දීපා ..."

"මාව කොහෙ හරි අරන් යන්න නාරද...මට බැ...ඒ මිනිහා බදින්න ..."

දීපා කියද්දි මට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි උනා.....
මේ හදිසියේ කොහොමද .....
අනික හැමදේම මගේ කරපිට තියෙද්දී.....ඒ ඔක්කොම අමතක කරලා කසාද බදින්න පුළුවන් ද.....
අහින්සක අක්කා ගෙදර ඉද්දී මන් කසාද බැදලා හරියනවද...

අනික දීපා ගේ අයියලා අපිට මොනා නොකරයිද....
පවුලේ එකම කෙල්ල ...
කොච්චර බලාපොරොත්තු ඇද්ද දෙමාපියන් ට එයා ගැන.....

ඔය සේරෝම හින්දා මන් දීපා හොරෙන් අරන් යන එක ප්‍රතික්ෂේප කරා....
අන්තිමට දීපා ට ඒ යෝජනාව ට කැමති වෙන්න උනා....
දීපා අන්තිමට අඩ අඩා පෝන් එක කට් කරපු වෙලේ මට ඉවසන් ඉන්න බැරි උනා....
මේ මගේ ජීවිතේ නේද හෙට වෙන එකෙක් ට අයිති වෙන්නේ කියලා හිත කෑ ගැහුව ....

ඒ වෙලාවෙම ගමේ ආවේ දීපා අරන් කොහෙ හරි යන්න හිතන්....
හොරෙන්ම දීපාව හම්බෙන්නත් මන් රෑ එයාගේ කාමරයේ ජනේලය ලගට ගියා....

: " මෙතෙන්ට දැන් ආවේ ගුටි කාලා මැරෙන්නද...යන්න යන්න ..."

"අපි කොහෙ හරි යමු දීපා ...මට ඔයා නැතිව බෑ...."

"අනේ..මේ..ඔයාට කලින් ඕක හිතුනේ නෑනේ ...අම්මා අක්කා ...දැන් මට මගෙ දෙමව්පියෝ සහෝදරයෝ ගේ මූනේ දැලි ගාන්නද කියන්නේ ..."

දීපා මට බැනලා ජනේලේ වහ ගත්තා....
ඒත් එයා අඩනවා මට ඇහුනා....
මන් මටම සාප කරගෙන ආවා....

" තොට කොන්ද පන නෑ යකෝ....කෙල්ල පැනලා යමු කියද්දී ත්...නොදකින්...පොන්නයා...."

එදා  එලි වෙනකම් මගේ සල්ලි වලට මගෙ එක්කම බීපූ ගමේ මගේ යාලුවෝ...වෙරි මතේ හරි මට එහෙමම බැන්නා....

" ඇයි යකෝ....එහෙම කරේ මන් විතර ද....ගොළු හදවතේ...දම්මි සුගත්....ගැහැනු ළමයි එකේ නිමල් කුසුම්....යුතුකම් වෙනුවෙන් ආදරේ අතෑරියේ නැද්ද ...."

"හැහ්....හු..#...#  ඒවා බොරු කතා....තෝ..මේ අතෑර ගත්තේ තොගෙ ජීවිතේ ...."

" අනික බොට ජොබ් එක තියෙනවා ...ගෙදර අයිති තොට...ටික කාලයක් කොහෙ හරි ඉදලා ලමේක් එහෙම අරන් ආවාම...ඔය විරුද්ධ කම් ඔක්කොම ඉවරයි..."

"දැන් ඉතින්...ඔක්කොම ඉවරයි...කෝ...දියන්..මට තව බොන්න ඕනෑ ...."

"ඇති...නවත්තපන්...දැන් කෙල්ල අතෑරියේ යුතුකම් කරන්න නම්...බීලා මැරිලා යුතුකම් ඉටුවෙයි ද..."

බැන්නට උන්මට ආදරේ යි....
පහුවදා දීපා බැදලා ගියා....මන් පරාජිත පෙම්වතා දෙහිඅත්තකණ්ඩිය ට ගියා.....
කාලය ගෙවිලා ගියා....
අවුරුද්ද ක් ....
ඒ අතර උන විශේෂ දේ....අපේ අක්කා ගමේම කොල්ලෙක් විවහ කර ගැනීම ...
ඌ නියම කොල්ලා ....
අපේ අක්කා ට අපි දුන්න ඉඩමේ ඌ ගෙයක් හැදුවා.....
මහා ලොකුවට සල්ලි බාගේ නොතිබුනාට ඌ අක්කා ට පන වගේ.....

මන් ගමේ යන හැම වතාවෙම දීපා ගේ ගෙදර අය වෙනදා වගේම හිතවත් කමෙන් කතා කරා...
ඒත් මට ඒ පවුලේ අය එක්ක කතා කරන්න හිතුනේ නැ...
අක්කා ගමේම හිටිය හින්දා අම්මා ටත් තනියක් තිබුනේ නැ...
කොච්චර බදින්න කියලා අම්මා බල කරත් මට දීපා ඇරෙන්නට වෙන කෙල්ලෙක් හිතට දැනුනෙම නෑ.....

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

" සර්....මට පොලිස් වාර්තාව ක් ගන්න ඕනේ ...."

පැමිනිලි අන්ශයේ මේසයට ඔලුව නමාගෙන පොතක වැඩක් කරද්දී ගැහැනු කටහඬක් ඇහුනා...
ඔලුව උස්සලා බැලුවේ හරියටම කිව දේ නෑහුන හින්දා...

'"මොකක්ද...."

"වා....ර්.."

පොඩි කෙල්ලෙක්.....මන් ඇහුව සැර වැඩිද මන්ද කෙල්ල ටිකක් බය උනා....
කතා කරන කොට පේන හාවෙක් ගේ වගේ දත් දෙක මට හිනහත් ගියා.....

" වාර්....මෙහෙ වයර් නෑ...."

"නැ...සර්..අපිට පොලිස් වාර්තා දෙකක් ඕනෑ ජොබ් එකකට යන්න ..."

ඒකිගේ යාලුවා මට විතරක් නෙවෙයි පොලිසිය ටම ඇහෙන්න කිව්වා.....

" මොකක්ද ජොබ් එක....."

" ආර්මි...."

"මොකක්...මේ බටු කෙල්ලෝ...."

උන් දෙන්න මුනෙන් මූණ බලා ගත්තා....

" හරි...එහෙම ආවට ගියාට වාර්තා දෙන්න බෑ....ගෙදර ට ඇවිත් ගමට ගිහින් දෙන්න ගේ තොරතුරු හොයාගන්න ඕනෑ ....පස්සේ තමා දෙන්නේ....."

"කවද්ද එන්නේ සර්...."

ආයෙත් අර කටකාරී....පොඩිකෙල්ල ඔහෙ ඉන්නවා ....
ඇස් දෙකත් ලොකු කරන්....මොන ආර්මිද මෙහෙම.....

" එහෙම කියලා එන්න බෑ.....අපි එන්නම්..."

"ඉක්මනට ඕනේ සර්....ලබන සදුදා පරීක්ෂණ ය....."

පොඩි එකී ආයෙමත් කිව ....

"හරි නම් ගම් එඩ්ඩ්‍රස් දෙමු...."

" බී...එම්....සදරේණූ  කාන්චනා....."

හා දත් දෙක අයිති කාරී නම කිව්ව....
හිත ටිකක් මොනාද වෙලා වගේ හිතුනා ඒ මූණ දැකලා......

"ටෙලිෆෝන් අන්කය...."

"ටෙලිෆෝන් නැ..."

"ඇයි සදා.....උබේ පෝන් එක...."

"හහ්...තියන් බොරු කියනවා නේද පොලීසිය ට....."

"න්..නෑ...මන් හිතුවේ ගෙදර ලෑන්ඩ් ෆෝන් කියලා ...."

කෙල්ල හිනාවෙලා කිව්වා.....
හිනාවෙනකොට ලස්සනයි...
අරුම පුදුම දත්......
ඉස්සරහා දත් දෙක ලොකුයි....හා හා හරි හාවා වගේ.....
ඊලඟ දෙක යට ගිහින්....ආයේ නල දත්....
හිනාව දිහා මන් ගොඩක් වෙලා බලන් හිටියද මන්ද.....
කෙල්ලෝ දෙන්න ගියාට පස්සේ අපේ කොස්තාපල් කෙනෙක් ලේන්සුවක් දුන්නා .....
පිහදාගන්නින්...කියලා ....
ඔක්කොටම සීන් එක මාට්ටු වගේ....

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

දවස් දෙකකින් විතර මන් ගියා සදරේණූ ගේ වාර්තාව හදන්න තොරතුරු හොයාගන්න ....
පොල් වත්තක් අයිනෙන් වැටුනු අඩිපාරක් අවසානයේ මන් දැක්කේ ගෙයක් නෙවෙයි ....
දෙයියනේ පැල්පතක්....
කෙල්ල ත් බලලා දවල්ට හොදට කාලත් එන්නම් කියලා ආවේ කැන්ටිමේ කෑම තිත්ත වෙලා උන්න හින්දා ...

: ඒත් දෙයියනේ.....කටුමැටි ගහපු පොඩි ගේ ඉස්සරහට පොල් අත්තක් බාලා....පොඩි ලමයි දෙන්නෙක් මිදුලේ....

" බබා...මේ සදරේණූ ගේ ගෙදර ද...."

"ඔව්..."

"කෝ අම්මලා එහෙම ..."

" අම්මයි අක්කයි වලට ගියා පොල් අතු වියන්න...තාත්තා වැඩට ගියා...."

මේ සදරේණූ ගේ පොඩි සහෝදරයෝ වෙන්න ඇති....එතකොටම වයස දොලහක විතර ගැහැනු ලමේක් ගේ ඉදලා ආවා...

"ආ...අක්කට පොලිස් වාර්තාව දෙන්න ද...ඉන්න මන් එක්ක එන්නම්..."

කෙල්ල වැට පැනලා දුවලා ගියා...
පපුවේ ගින්දරක් පත්තු වෙනවා වගේ දැනුනා...

ටිකකින් සදරේණූ දුවගෙන ආවේ ඇදගෙන හිටිය චීත්ත කෑල්ලත් පිටින්...ගවුමට උඩින් ඇ...
අම්මා ත් ආවා....
ඉක්මනින් පුටුවකුත් ලැබුනා...

කොහොම නොදී ඉන්න ද මෙහෙම දැක දැක දුප්පත්කම ....

"වාර්තාව ගන්න හෙට එන්න..."

කියලා මන් වැට ලගට එද්දී සදරේණූ මගෙ පස්සෙන් ආවා...

" සර්...දිලූටත් වාර්තාව දෙන්න ...මට එයා නැතිව යන්න බයයි...."

ඒ හාවිගේ මූන මට බලන්න දුකයි....

'" දිලූ එක්ක ගියාට...හැමදාම එයා ලග ඉන්නේ නෑ...වෙන ජොබ් එකක් නැද්ද ...ඕක ඇරෙන්න..."

කෙල්ල මුකුත් කිව්වේ නැ...
මන් ආපහු ඇවිත් ගොඩක් කල්පනා කරා....
දීපා ගෙන් හිස් වෙච්ච ජීවිතේ ට සදරේණූ ඇතුළු කරන්න මන් හිතුවා....
ඔක්කොටම වඩා ඒක පිනක් කියලා මට හිතුනා....
මට ඒ පවුලට උදවු කරන්න පුළුවන් කියලා මට හිතුනා....

පහුවදා කෙල්ල ඇවිත් වාර්තාව අරන් ගියා...

එදා රෑ මන් සදරේණූ ගේ පෝන් නම්බරේ අරන් ඇවිත් කෝල් එකක් ගත්තා ....

" මන් කවදාවත් කොස්සෙක් බදින් නැ....."

හිමිහිට තටමලා මන් වචනෙ දැම්මා විතරයි කෙල්ල කියපි....

'"මොකා....කොස්සා...."

"ඔව්...කොස්තාපල් ...කොස්සා..."

"ඒයි...වාර්තාව ගත්තා ට පස්සේ රෙස්පෙක්ට් නේ ..."

"අනේ එහෙම නැ සර්...මන් දැන්ම ආදරේ ගැන හිතන්නේ නෑ...මට මගේ පවුල ගොඩ ගන්න ඕනෑ ..."

"ඉතින්..මන් උදවු කරන්නම්..."

"මන් දන්නේ නෑ...අම්මා ලා ගෙන් අහන්න ..."

පහුවදා මන් කෙලින්ම ඒ දෙමව්පියෝ හම්බෙන්න ගියා....
දෙමව්පියෝ අකමැති උනේ නැ....
ඒත් ගෙදර අයට ගෙයක් හදලා නන්ගියි මල්ලිලා දෙන්නයි පිලිවෙලක් ඇතුව ඉස්කෝලෙ යන තත්වෙට එන කම් සදරේණූ බදින්න බැ කිව්වා ...
මටත් සේවා කාලය සම්පූර්ණ වෙනකම් බදින්න බෑනේ.....

අක්කා නැති හින්දා ගෙදර ත් ලොකු බරක් තිබුනේ නැ මට....
අවුරුද්ද ක් වගේ ඇතුලත සදරේණූ ගේ පවුලේ ප්‍රශ්න ටික විසදලා අපේ අම්මා වත් එක්ක ඇවිත් කෙල්ල පෙන්නුවා....

මන් වගේම ඒ හුරතල් හිනාවට අම්මත් වශී උනා.....
අන්තිමට පොලීසියට විශේෂ ඉල්ලීමක් කරලා අම්මා ගේ තනියට කවුරුත් නැති හින්දා සදරේණූ ඉක්මනට ම කැන්දාගෙන ආවා.....

මේ නපුරි එහෙම තමා මගෙ බිරිඳ උනේ....
හිනාව අහින්සක උනාට හරි නපුරි.....
නැ ඉතිම්....එකාතකට මොන ගෑනිද කැමති තමන්ගේ මිනිහා වෙන ගෑනියෙක් ගැන හිතනවට....

මන් දීපා ගැන සියලු පුවත් සදරේණූ ට කියලා තිබ්බේ....
මොකද දීපා තමා මගේ හිතේ රජකරන කෙල්ල ....
විවහක දරුවන් ඇති දීපා ට නොවේ....ඉස්සරම පන්තියේ හිදපු...මගේ දීපා ට.....
ඒක තේරුම් කරන්න අමාරු සිතුවිල්ලක්.....
හැමෝම වැරදි ඇහෙන් බැලුවට ආදරේ කරපු කෙල්ල කොහෙ හිටියත් හිතේ කොනක ඉන්නවා ...

අද උදේ පැමිනිලි අන්ශයේ ඉන්නකොට මන් ගැස්සිලා ගියේ දීපා මගෙ ඉස්සරහා ඉන්නවා දැක්කම....
එහෙම ලගට එයාව දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ ....එදා ජනේලේ ලගදි දැක්කට පස්සේ ....

" දී...පා...ඇ..යි..."

දීපා ඇවිත් හිටියේ පවුල් ආරවුලක් හින්දා ..මහත්තයා ට විරුද්ධව පැමිනිලි කරන්න ...එයා තරහා වෙලා ගෙදර ඇවිත් දරුවත් අරන්....
ගොඩක් කාලෙකින් දැක්ක කෙල්ල තනියම එවන්න ලෝභ හින්දා පොඩ්ඩක් යාලුවෙක් ට කියලා මන් පැන ගත්තේ එයාව ඇරලවන්න එන්න....
නගිද්දි බහිද්දි උරහිසෙන් ටිකක් ඇල්ලුවා මිසක් නරකක් උනේම නැ....
ඒත් ඉතින් දැක්කනේ නොදකින්නම ඕනේ දෙන්නා....
බයික් එකේ ආවා කියලා මන් පතිවත කඩා ගත්තේ නෑනේ...
අඩ අඩ ඉදලා නින්ද ගිහින් වගේ....
සද්දයක් නැ...
පව්...ගොඩක් දුක හිතෙන්නැති...ඒත් මන් මේකිව අත් ඇරලා ආයේ දීපා ගන්නවයැ.....
කොහොමත් දරුවන් ලද මවක් වූ දීපා ගැන දැන් මගේ තියෙන්නේ පෙම්බර සිතුවිලි නෙවෙයි ...
මන් සදරේණූ ගේ ඔලුව හිමීට පිරි මැද්දා....
මේන් යකෝ..
නපුරු නිදාගෙන ඉදලා නැ....
මගෙ අත අල්ලලා විසි කරා පැත්තකට...

"මුලින්ම මන් කිව්වා ...කොස්සෙක් බදින්න බැ කියලා ..."

අඩලම කටහඩත් වෙනස් වෙලා පිස්සිගෙ...
මන් ඔක්කොම දරාගෙන නිහඬව හිටියා...
මගෙත් වැරැද්ද කියලා හිතලා...

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

" අම්මා මන් යනවා ..."

"හ්ම්..."

වෙනදා ට බුදු සරණයි කියන ඇය අද හ්ම් විතරයි ...
මන් දිහා නොබලා ම ඉදලත් අරන් මිදුලට බැස්සා...
අපේ දෙන්න උදේට ලේලී කුස්සියේ වැඩ...
නැන්දම්මා අතුපතු ගාන වැඩ....
ලේලී ත් සද්ද නැතිව බත් එක දාලා බෑග් එක හදලා ගිහින්...
දැන් නැන්දම්මා ත්...

" අම්මා ..මොකක්ද මේකේ තේරුම..."

"මමයි ඒක උබෙන් අහන්න ඕනේ චූටී...."

"අයියෝ..අම්මා..."

"ඔය කාකී සූට් එක අදින කොල්ලොන්ට දුවලා දෙන්න දෙමව්පියෝ බය ඕකයි....'"

ඇය අනෙක් පසට ගියා...

" කලින් හොද නැති එකා...දැන් හොද උනේ කොහොමද..."

යන ගමනුත් ඇය බැන බැන ගියා...

ඒක නම් ඇත්ත....
දැන් ඉතින් දීපා කියන අතීතේ අමතක කරලා මගේ ජීවිතේ හදාගන්න ඕනෑ කියලා හිතලා මන් පිට වෙලා ආවා....

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

සතියක් ගෙවුනා....
ටික ටික ඉන්ස්පෙක්ටර් ලා දෙන්න යාන්තම් ෂේප් කරගෙන ආවා....
ඉස්සර තරම් නැතත්...නරකම උනේ නැ තත්වේ.....
මන් දීපා ගේ ගෙවල් පාරේ වත් ගියෙ නැ....

: අද දීපා ගේ පැමිනිල්ල විභාග කරන දවස....ඒ පැත්තට වත් නොගිහින් ඉන්න ඕනේ කියලා හිතුවේ උදේ රැවුල කපන ගමනුයි....

" අහින්සකාවිය....ඔබට නොවෙයි.....සාප කරන්නේ ...මා..ආ...ආ....
හිත නැති ලොවකට.....
ඔබෙ හිත බිලිදෙන...
ඔබේම දෙගුරුන්......."

" ද....ඩා...න්...."

රැවුල කප කපා කන්නාඩියෙන් බලන් සින්දුවක් මුමුණ මුමුණ හිටිය මන් උඩ ගිහින් බිම වැටුනා ලගම පුපුරපු බෝම්බ සද්දෙට..
තව ටිකෙන් මූනත් කැපෙනවා....
බෝම්බයක් නෙවෙයි .....
දෙහිඅත්තකණ්ඩියේ බෝම්බේ පුපුරලා තියෙන්නේ ...

මගේම කරුමෙට වලන් ගන්න ආව සදරේණූ ට මගෙ සින්දුව ඇහිලා....
වලදකුත් පොලේ ගහලා ගියා යන්න ...
හොද වෙලාවට මේ වළන් ඇලුමිනියම් උනේ...

මන් පස්චත්තාපයෙන් උදේ නපුරි ගේ මූණ මගෑරලා පොලීසිය ට ගියා....

දහයට විතර දීපා ඇවිත්...ඉදගෙන ඉන්නවා දැක්කත් මන් නොදැක්කා වගේ හිටියා ...හිත රිදෙද්දිම....
ටිකකින් උසමහත දේහධාරී කඩවසම් පිරිමියෙක් දීපා ලගට ඇවිත් මොනවද කියනවා...
දීපා මූණ දෙල් කරගෙන ඉවරයක් නැතිව කියවනවා....
එකත් එකටම අර අහිංසකයා දීපා ගේ හස්බන්ඩා විය යුතුයි...

" එක්ස්කියුස් මී..."

මන් හිමිහිට මිනිහා ලගට කිට්ටු කරේ සිද්ධිය හරියටම අහගන්න ...

" මන් නාරද...මේ දීපා ගේ හස්බන්ඩ් වෙන්න ඕනෑ ..."

" ඔහ්...නාරද වික්‍රමසිංහ ...එහෙම ද..."

"ඔව්...ඔයා මාව දන්නවා ද..."

"නෑ...දීපා මට ඔයා ගැන කියලා තියෙනවා ...ඉතින් .."

එහෙනම් මේකී ඔක්කොම මූට කියලා හොදට ලව් එකේ ඉන්න ඇති....
මන් තාම අඩනවා...

" එහෙම ද....මොනවා වගේද දන් නැ කියලා තියෙන්නේ ..."

"හ්ම්ම්...ඔය දෙන්නගෙ හැමදේම ...ඉස්සර ..."

"ඔව්...ඉතින් ඒවා අතීතේ නේ...දැන් අපි මැරි කරලා ..හොද ෆැමිලි ලයිෆ් ගෙනියනව නේ....මොකද මේ ප්‍රශ්නේ..."

"හ්ම්ම්...දීපා මේ පුන්චි දේකට කලබල වෙලා ..."

ඒක ඉතින් කොයි ගෑනිගෙත් හැටිනේ...පේන් නැද්ද අර අපෙ බඩුව...උදේ වලද මගෙ ඔලුවේ ගැහුවෙ නැති ටික විතරයි ...

" මොකද දැන් වෙන්න ඕනෑ ..."

"මෙහෙමයි නාරද ...අපෙ අම්මා ඉන්නේ මගෙ ලග....දීපා ඒකට කැමති නැ....ඉතින් මන් මොකක්ද කරන්නේ මල්ලි ...මන් අසරණ වෙලා ඉන්නේ ...මට අම්මත් ඕනේ ...මගෙ පවුලත් ඕනේ ..."

පොර ඒක කියද්දි මාත් ගැස්සුනා....
මිනිහාගේ අම්මා ගෙදරින් යවන්න කියන ගෑණී....ගෑනියෙක් ද...
ඒකිගෙ ලමයි බැදලා ඒ ගෑනු කිව්වොත් මේකි එලියට දාන්න කියලා ....
දීපා ඒ තරම් පහත් ද....
මට මතක් උනේ මගෙ හා පැන්චි....
බැරි වෙලාවත් මන් දීපා බැන්දා නම් අද මගෙ ගෙදර තියෙන සතුට සැනසුම නැති වෙන්න තිබුනා...
පිටින් පේන ගෑණී නෙවෙයි ඇතුලින් ඉන්නේ ...

" කලබල වෙන්න එපා...මන් සර්ට කියන්නම් ටිකක් තදින් අවවාද කරන්න කියලා ..."

මෙච්චර සල්ලි තියෙන මිනිහෙක් හදපු අම්මා ට ඉන්න ඒ ගෙදර ඉඩ දෙන්නේ නැති ලේලියෙක් ද අෆ්ෆා දීපා ....

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

පොලීසියෙන් දීපා හස්බන්ඩ් එක්ක සෙට්ල් කරා....
ඒ අස්සේ දීපා ගේ හස්බන්ඩ් ආවා මගෙ ලගට...

" නාරද ....ඔයාට පුළුවන් ද දීපා චුට්ටක් එයාලගෙ ගෙදරින් බස්සන්න ...මන් හෙට වෙහිකල් එකත් අරන් එන්නම් බබයි එයයි අරන් යන්න ...මන් මේ නුවර ට යන ගමන් ..."

බැ කියන්න බැරි හින්දම මන් දීපා එක්ක ගියා....
ගෙවල් ලග හන්දියේ ටිකක් නැවැත්තුවේ දීපා ට මොනාද ගන්න ඕනේ වෙලා ....
දීපා යන දිහා බලපු මන් ගල් උනේ මගෙ දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න කෙනා දැකලා...

"ස්..සද...රේණු...."

ඒ ලොකු ඇස් වල කදුලු....
දෙයියනේ මන් වැරැද්දක් කරේ නෑ මයි...
එතකොටම දීපා ඇවිත් නැන්ගා...
මගෙ කෙල්ල ගල් වෙලා බලන් ඉන්නවා ...
මන් දීපා දාලා ඉක්මනට එනවා කියලා හිතලා ඉක්මනට එතැනින් ගියා....
ඒත් ආපහු එනකොට කෙල්ල නැ...
මාත් පොලීසියට යන එක යකාට දාලා ගෙදර ගියා ඉක්මනට ...

" සදරේණූ ...ස..ද.."

කුස්සියේ ඉදලා සදරේණූ ආවා...උයන සුවදක් එනවා....අම්මා පේන්න නැ....කොහොමත් එයා දවල්ට අක්කා බලන්න යනවා ....

" බඩගිනි සදූ...."

මන් ඒකිට එහෙම කතා කරන්නේ ගොඩක් ආදරේ හිතුනම කියලා ඒකි දන්නවා ...මන් මූණ හොදගෙන යුනිෆෝම් එකෙන්ම කෑම මේසෙට ඉද ගත්තේ කාලා කෙල්ල ව ෂේප් කරලා ආපහු යන්න හිතන්....
කොහෙවත් පවුල් සෙට්ල් කරන්න ගිහින් මගෙ පවුල කඩාගන්න බෑනේ ...

ටිකකින් සදරේණූ බත් පිගන් දෙකත් අරන් ආවා...මන් වතුරත් ගෙනාවා....
කෙල්ල කතා නැ....ඇස් රතුවෙලා...පව්...මන් මහ පව් කාරයෙක්....

"කන්න...සදු..."

මන් එහෙම කියලා බත් එකට අත තියද්දි කෙල්ල මාව වැලකුවා...මන් ඇයි කියන ඇස් වලින් කෙල්ල දිහා බැලුවා....

" එකට ජීවත් වෙමු එකට...මැරෙමු කිව්වා නේ....මේ බත් දෙකට වස දාලා තියෙන්නේ ...එකට ජීවත් වෙන්න බෑ දැන් ...කැමති නම් එකට මැරෙමු....ඔයාගේ කැමැත්ත ..."

කෙල්ල ඔලුව පාත් කරන් බලන් හිටියා ...
මට හිතන්න දෙයක් නැ....
මන් හිමිහිට බත් කන්න පටන් ගත්තා ....
එත්කොට එයත් බත් කන්න පටන් ගත්තා ....
සදරේණූ බත් කටෙන් කටට කදුලු පිස්සා....

වස දැම්මට බත් එක අප්සෙට් නැ...
අන්තිම බත් එක හින්දා මන් හොදට කෑවා....

ඒත් සදා ටිකකින් ඉක්කා වැටි වැටි කනවා....
ඕක්කාරෙට වගේ එනවා එයාට.....
බත් එකේ බාගයක් කාපු සදරේණූ මේසේ ඔලුව ගහ ගද්දිම සිරුර පන නැතිව පුටුවෙන් ලිස්සලා වැටුනා....

" ස්...ස..දා...."

මන් ඉක්මනින් එයාගේ බත් එකෙන් කටක් කෑවා...

" අඈ...හ්...තුප්....තූප්..."

දෙයියනේ මගෙ කෙල්ල ....
මට වස දාලා නැ....එයා විතරක්.....
මන් කොහෙන් කොහොම උස්සා ගත්තද මන්දා.....
මන් කෙල්ල අරන් පාරට දුවගෙන ආවා.....

" තාරක මල්ලී...තාරක මල්ලී....."

එහා ගෙදර මල්ලිගේ වීල් එකට කෑ ගහලා මන් සදාව හොස්පිට්ල් අරන් ගියා.....

"නා....ර...ද....හ්..."

"අනේ...රත්තරන් ..මේ මොකද කර ගත්තේ ...."

"න්..නා..ර..ද....අවුරුදු ...දහයක් ආ...දරේ....කර..ත්....කරත්.....තත්පර ද..හ..යක්...ආදරේ ..කරත්.....ඇත්ත....ආ...ආ..දරේ වෙනසක් ...වෙනසක් ...නැ....."

"මන් දන්නවා මැනිකේ....මන් දන්නවා ...ඔයාට මුකුත් වෙන්නේ නැ...."

: හොස්පිට්ල් එකට වීල් එක දාද්දිම මන් සදරේණූ ඔසවාගෙන කොරිඩෝව දිගේ දිව්වේ පිස්සෙක් වගේ....
මගෙ යුනිෆෝම් එකට පින් සිද්ද වෙන්න ...ඔක්කොම දුවගෙන ආවා ....

ඩොක්ටත් වෙලාවට හිටියා ....
සදරේණූ බලපු ඩොක්ට ..

" හ්ම්ම්...වමනේ කරවන්න ..."

කියද්දි ම ඇටෙන්ඩන් ලා දුවගෙන ගිහින් ගෙනාවා ලොකු බාල්දි වලට සබන් වතුර දිය කරලා ...

දෙයියනේ ඒ බාල්දි කෝප්ප බලන්න ත් අප්පිරියයි ....ටොයිලට් ඒවද කොහෙද..
මගේ කෙල්ල කනුවකට හේත්තු කරලා හොස්පිට්ල් එකේ මැද මිදුලේ ඉන්දෙව්ව කට්ටිය සිහියක්නැති ඒකිට ගහ ගහ වතුර පොවනවා...
මාත් ගිහින් උදවු කරා...
ඒ අස්සේ ඔන්න අම්මා අක්කා ඔක්කොම දුවගෙන ආවා ...

"බොනව....බොනවා..."

කියලා නාකී තට්ටේ තියෙන ඇටන්ඩන් කෙනෙක් සදරේණූ ගේ කම්මුල් වලට ගැහුවා ...ඔලුව කනුවෙත් හැප්පුවා....
යකෝ මමවත් පාරක් ගහලා නැ මගෙ අහිංසකීට...

"ගහන්න...එපා..."

මන් තිබ්බ වේදනාවටම කෑ ගැහුවා...

'"මෙතන නලවන්න බෑ....අපේ වැඩේ කර ගන්න දීලා ඉන්නවද..."

ඇටෙන්ඩන් ගෑනිත් මට පිප්පුවා...යුනිෆෝම් එක නොවෙන්න මුන් මීටත් වඩා මට බනිනව ෂුවර් ...

" පෙවෙන්නැ...බට ගහන්න..."

හිටගෙනම හිටිය නර්ස් කියපි....අපෙ අම්මා පපුව අල්ලන් අඩනවා ....එයාගේ පන මගේ සදා....
මුණුපුරෙක් ගේනකම් ආසාවෙන් ඉන්නේ...
අක්කා අම්මා අල්ලාගෙන අඩනවා ...මස්සිනා මගෙ ලග....

කොහේ යනවද හිතන්න බැ සදා ගේ බඩට යනකම් බට දැම්මා කටෙන්....
හා දත් වැහිලා ලේත් එනවා මන් දැක්කා....
තවත් බලන් ඉන්න බැරි හින්දා මයි මන් ඔලුව බිත්ති යේ ගහගෙන ගහගෙන ගියේ....
මස්සිනා මාව අල්ලාගෙන ඉන්දෙව්ව බන්කුවක....
පැය භාගයක් විතර ඔට්ටු වෙලා සදරේණූ ගේ කුසේ තිබ්බ වස මිශ්‍ර බත් ඔක්කොම වමනේ කෙරෙව්වා ...
අම්මා යි අක්කා යි එකතු වෙලා සදා නෑව්වා...

පස්සේ හදිසි ප්‍රතිකාර අන්ශෙට අරන් ගියා....
සේලයින් දෙනවා....
ඉන්ජෙක්ෂන් දෙනවා....
මට තවත් ඉවසන්න බැරි හින්දමයි එලියට ආවේ....

" උබෙත් වැරදි...."

අම්මා කදුලු පිහ පිහ කිව්වේ සදරේණූ ගේ ජීවිතේ අවදානමෙන් මිදුනා කියලා දැන ගත්තට පස්සේ ...

" බය වෙන්න එපා සර් දැන් හරි "

අර තට්ට ඇටෙන්ඩන් කිව්ව ...මන් කේන්ති  ගත්තා ට මේ මිනිස්සු දැගලුවේ සදරේණූ බේරා ගන්න ...දෙවිවරු වගේ ..

අක්කා කෙල්ල ගාව තියලා අපි එදා ගෙදර ආවා....
සදරේණූ ජීවිත අවදානමෙන් මිදුනට සිහියක් තිබ්බේ නෑ....

එදා රෑ තමා ජීවිතේ දිගම රෑ.....
ඔරලෝසුව පොලවේ ගහන්න හිත....
කසාද බැන්දත් හරි මගෙ හාවී නැති ඇදේ ගෙවෙන පලවෙනි රෑ....
මගෙ වැරැද්ද හින්දා ද මෙහෙම උනේ....

ඉතින් හත් දෙයියනේ මන් තුන් හිතකින් වත් දීපා ගැන සදරේණූ අයින් කරලා මගෙ ලගට ගන්න හිතලා නැ...
දීපා ගේ සැමියම කිව්ව නිසයි උදව් කරේ....

ඒත් දකින කෙනා ඒක එහෙම දකින්නේ නෑනේ ..
විශේෂයෙන් පනටත් වඩා ආදරේ කරන අය...කැමති නැ..වෙන කෙනෙක් දිහා බලනවට වත්....
මගේ හා පැන්චි ජීවිතේ දැක්කේ මගෙන්....
මන් නැති නම් ජීවිතේ එපා කියලා හිතන්න ඇති...
ඒත් රත්තරනේ.....
මන් එහෙම වැරැද්දක් නොකර ඔයාගේ සිතුවිල්ල විතරක් හිතලා යන්න ලෑස්ති උනානේ...
මොනා හරි උනානම්....
මට ඉදලා වැඩක් ද....
මේවා කොයි පිරිමියටත් හොද පාඩම්.....

ලොකුවට කලින් කෙල්ල ගැන දොඩව්නවා ආදරෙන් ලග ඉන්න කෙල්ල දූවිලි ගානට දාලා ....
ඒත් ගිය එකී ඒකිගේ ජීවිතේ හොදට හදාගෙන ඉන්නවා....මේ ලග ඉන්න එකීට දුකට සැපට බලන එකීට අරකි ගැන කියලා අසරණ කරනවා.....
ඒක මහ කැත වැඩක් ...
ජීවිතේ කියන්නේ නව කතාවක් නෙවෙයි ....
හිත් රිදවන්න ඉස්සෙල්ලා හිතන්න ඕනේ ....මේ මට ආදරේ කරන හිත නේද කියලා ....

කොහොම හරි නින්ද ත් නොනින්දත් අතරේ හිටිය මන් උදේම ගියේ හොස්පිට්ල් එකට...
මන් එනවා දැකලා අක්කා හිනා උනා...තත්ත්වය යහපත් කියලා තේරුනා...

"මන් මූණ හෝදන් එන්නම්..."

අක්කා ගියාම මන් සදරේණූ ගේ මුහුනට එබුනා...

" මගෙ හා වී..."

ඒ ඇස් හිමීට ඇරුනේ අමාරුවෙන් වගේ...ඉදිමිලා රතු උන ඇස් වලට ආයෙම කදුලු පිරුනා...

"මන් වැරැද්දක් කරේ නැ..මගෙ මැණික...සත්තයි...."

අමාරුවෙන් හිනාවෙලා සදරේණූ ඇස් පිය ගහලා ඒක පිලි ගත්තා කියලා ඇගෙව්වා....

" ඔයා...නැතිව...මට තත්පරයක් වත් ජීවත් වෙන්න ඕනේ නැ....නාරද ..."

සදරේණූ කිව්වේ කදුලක් වැටෙද්දී ...

" මට මේ..ජීවිතේ හම්බුන හොදම කෙල්ල ඔයා...දීපා කියන්නේ මගෙ වලදාපු අතීතේ ...එයාට හොද ෆැමිලි ලයිෆ් එකක් තියෙනවා ....මන් ඇයි මගෙ අහින්සක කෙල්ල ඉද්දී වෙන කෙනෙක් හොයන්නේ...."

සදරේණූ අත උස්සලා බාගෙට රැවුල් කොට වැවුන මගෙ කම්මුල අත ගෑවා.....
ඊයේ උදේ වලද පොලේ ගහද්දි කපපු පාර රැවුල ...
මේකිගේ ආදරේ ඉතින් වෙන කාටවත් දෙවෙනි කරන්න පුළුවන් ද.....

"සදූ...."

"ම්...."

"මන් හැමදාම ත් අහන....ඔයා ට හැමදාම ත් උත්තර නැති උන ප්‍රශ්නේ මන් දැනුත් අහන්න ද....."

'"මන් දන්නවා ..."

"ඒ උනාට කමක් නැ....අහන්න දීපන්..."

ඔන්න හා දත්දෙක පෙන්නලා හිනාවෙලා ඇස් වහලා අවසර දුන්නා ....

" ඇයි....උබ...මට මෙච්චර ආදරේ ....."

ඇස් ලොකු කරන් වෙනදා වගේම බලපු කෙල්ල හොස්පිට්ල් එකවත් කියලා නොබලා මගෙ බෙල්ලෙ එල්ලුනා...
පස්සේ හිමිට වෙනදා දෙන උත්තරේම මගෙ කනට මිමිනුවා......

" දන්නේ ....නැ....රත්තරන් ...."

🌷🌷🌷🌷නිමි..🌷🌷🌷🌷

ආදරය යනු කාලය අනුව එහි ප්‍රමාණය මිනිය නොහැකි දෙයකි.....
කල්පයක් ආදරෙන් හිටියත් ඇත්ත ආදරේ නොලැබෙන අවස්තා එමටය ....
නිතරම සමාජේ දකින්න අහන්න ලැබෙන දෙයක් ගැන ඉතින් ලියන්න හිතුනා....
ඒක ආදර්ශවත් ද නැද්ද කියලා ලියාගෙන ම යන්න .....
දිගම දිග කෙටි කතාවක්......කවරය නිර්මාණය සාරන්ග ගමගේ මල්ලිගෙන්.....

කුමාරි ඉහළ ගෙදර ....
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment