෴෴සමුගන්න රත්තරන්෴෴
ආදරයෙන් එක් වූ අප වෙන්කලේද ආදරයම ද?
........................
පිටකොටුව බැස්ටියන් මාවත බස්නැවතුමේ සිට අනුරාධපුරය බලා පිටත්වීමට නියමිත DSගුණසේකර බස් රථය සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන්නට වුනා
...එක්ස්කියුස් මී.......
මටත් ඉඩ ටිකක් දෙන්න පුළුවන් ද
කතාවකින් තොරවම මිංදුල කවුළුව අසලට වී ඇයට ආසනයේ ඉඩ ලබා දුන්නා.
තෑන්ක්ස් අය්යා
ඇය ස්තුතියි කීවත් මිංදුල ගේ සවනට එය ඇසුන බවක් දකින්නවත් නොහැකි වුනා. හරිම හරි පුදුම කෙනෙක් ආශිණී තමාටම කියා ගත්තා. වෙන කෙනෙක් නම් කතාවටමයි එන්න හදන්නේ ඒත මෙයා මම කතා කරලාත් ඇහුන්නෑ වගේ ඉන්නවානේ ආඩම්බරකාරයෙක් වගේ... ආශිණී හිතෙන් කියවනවා.
බස් රථයේ රූපවාහිනී යන්ත්‍රය ගමන අරඹන්නත් පෙර සිටම පටන් ගත් සංගීත සංදර්ශනය තව තවත් ශබ්දය වැඩිකරමින් බසය අඹෙිපුස්සට ඇතුල්වෙද්දි නිවේදකයා තවත් ශිල්පියකු හදුන්වා දෙන්නට ඇරඹුවත් ඔහු තවමත් නිසොල්මනේ කවුළුවෙන් එපිට නෙත් රැදවු ගමන්මයි.
....ආදරේ සුන්දරත්වය විරහව තුලින් ඔබට සමීප වූ ඔහු සුංදර මංගල දිනයේ තමා හැරගිය සොදුරිය පිලබද හඩ අවදි කරන්නට .......
නිවේදකයා මෙහෙම කියද්දි මිංදුල ගැස්සිලා ගියා කියලා ආශිණී ට හොදටම දැනුනා .
වේදිකාවට පැමිනි ශිල්පියා ගීත කිහිපයක් ගැයුවත් මිංදුල සවන්දෙන බවක් පෙනෙන්න තිබුනේ නෑ . ඒත් එකපාරටම සියල්ල වෙනස්වුනේ එක් නිමේශයකින් .
මංගල දවසේ දෙනුවන් තෙමුනා
ජීවිත ගමනේ පැතුමන් බිදුනා
අප ආ මාවත සුසුමින් වැසුනා
මගේ මනාලිය පුංචි කුමාරිය
අවසන් ගමනට දෙනුවන් වැසුවා
අාශිණි ට එකපාරටම සුසුම් හෙලන හඩක් ඇසෙද්දි ඔහු දෙස බැලුනා . ඒත් එක්කම නෙතගින් කදුලුබිදු බේරෙනවා ආශිණී දැක්කෙත් ඔහු ඉතාමත් ඉක්මනින් හුරුබුහුටි ලෙස පිසදා ගත්තෙත් එකවරම වගේ .
"අය්යේ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද"
"නෑ නංගි එහෙමදෙයක් නෑ"
"මම දැක්කා ඔයා අඩනවා වගේ"
"ආ එ්කද අැහැට දූවිලි ගියා පාර හදනවානේ"
ඉතා ඉක්මනින් සංවාදය මගහැර දැම්ම මිංදුල දඹුල්ලේන් ආශිණී බසින තුරුත් දෑස වසාගෙන කල්පානා කරමින් සිටියා .
*********
ආමන්ත අය්යේ බලන්නකෝ මේ කවුද ඇවිත් තියෙන්නේ කියලා
රශිනි ගේ කෑගැසීමට ආමන්තයි මිංදුල යි ඉක්මනට සාලයට ආවා . එතකොට මිංදුල ට දැකලා පුරුදු රෑපයක් කියලා මතක් වෙන්න වැඩ් වෙලාවක් ගියේ නෑ .
මොකෝ බං මේකි දැක්ක ගමන් යකෙක් දැක්කා වගේ .
ඈ මේකිත් එ් වගේම නේ මුං දෙන්නා කලින් දන්නවාද
ආමන්තගේ ආමන්ත්‍රණය දෙදෙනාම පියවි ලෝකයට ගෙනාවා .
ඔයා හරි හොද නෑ ආමන්ත අය්යේ මේ දන්නැති අය ඉස්සරහ මාව නෝන්ඩි කරනවා .
අනේ පිස්සි අදුරන් නැද්ද මේ මගේ බොක්ක මිංදුල ....
නමින් අහලා තිබ්බට අපි දැකලා තිබ්බේ නෑනේ අය්යේ
හරි හරි උඔලා පස්සේ කතා කරගනියවු
දැන් යමන් ගෙට
එහෙම කියාගෙන ම ආමන්ත ගේ ඇතුලට ගියා . මිංදුල මිදුල දිහාට ගියේ ගේ ඇතුලට යන්න තියෙන අකමැත්තෙන් වගේ .
මචං මිංදුල උඔට මතකද මම ඉස්සර කියන්නේ අපේ පුංචි අම්මාගේ දුව ආශිණී මේ ඒකි බං
ඒ පොඩි කෙල්ලද මචං මේ
පොඩ් දැන් විසිගානක් මගේ හිතේ . දැන් පුංචි අම්මලා බන්දන්න කෙනෙක් හොයනවා. මොකද කියන්නේ සෙට් කරලා දෙන්න
මිංදුල අනුරාධපුර තම මිතුරාගේ නිවසට පැමිනෙන්නේ ගොඩ කාලයකින් . ආමන්ත නව බස්නැවතුමේ සිට මිංදුල නිවෙසට රැගෙන යාමට පැමින සිටියා. ආමන්තගේ මවගේ හා නැගනියගේ සත්කාර මැද මිංදුල තවමත් හුදකලාව ප්‍රිය චරිතයක් ලෙස රැකියාව කරමින් සිටි දිවිය එක්වරම වෙනස් වුනේ හරිම අහම්බයකින් ..........
.....................
මචං අද තලපතා නෑ ලු මොකද කියන්නේ උඔලා පනිමුද තාප්පෙන්
පලයන් මිංදුල අපි තාප්පෙන් පන්නවපා ලස්සනට උබ ගේට්ටුවෙන් එයි. දන්නැද්ද අපි උබ ගැන .
මොකද කැමති එකෙක් වරෙන් මම යනෝ
හරි හරි හිටහන් මමත් එනවා
එල ආමන්තයා
තව කවුද එන්නේ
මේ මේ කවුරු ගියත් මිංදුල අද යන් නෑ
ආමන්ත ඔයා තමා මිංදුල නරක් කරන්නේ මේවා හොද නැති වැඩ
ආ ..... සීනි බෝලේ කවදා ඉදන්ද මෙයාට මේ තරහා යන්නේ
මචං ම්ංදු මොකද මේ
සයුරි මොකක්ද මේ නටන්න හදන නාඩගම
මිංදුල මම ඔයාට අද යන්න දෙන් නෑ
ඇයි ඔයා ප්‍රින්සිපල් ද අනේ යනවා යන්න
එහෙම කියාගෙන මිංදුල සයුරිවත් තල්ලු කරගෙන පංතියෙන් එලියට පැන්න . මිංදුල ගේ පසුපසින් තවත් කිහිප දෙනෙක් තාප්පය දිහාට ඇවිද යන හැටි සයුරී බලා හිටියේ ඇස් කදුපෙන් තෙත් කරගෙන .
මචං අරකි උඹට ලවු වගේ
කොරකිද
සයුරී
පිස්සුද මචං
හරි හරි අද මොකද කරන්නේ ස්කූල් කට් කලා වගේ නෙවේනේ
අද නෙට්බෝල් මැච් නේද
යමන් බලන්න
ක්‍රීඩාංගනයට ඔවුන් යද්දි බාලිකාවියන්ගෙන් පිටිය පිරිලා ඉතිරීලා තිබිබා .
මචං මොකක් හරි අවුලක් වගේ
යමං බලන්න ආමන්තයා ඉක්මනට වර
හිමින් යමන් මිංදුල
යකෝ අරුන් කෙල්ලෙක් උස්සන්න හදන්නේ
වරෙන් ඉක්මනට
එහෙම කියාගෙන මිංදුල පිරිස දෙසට දිව ගියා.
මචං වැඩේ කැතයි නේද
අඩෝ නිකන් තියන අඩු කඩාගන් නැතිව අහකට පලයන්. මේ ටැපා අය්යාගේ කේස් එකක්
කාගේ උනත් වැඩේ වැරදීනේ සහෝදරයා
එහෙම කියද්දි ම පිරිස සිහිනලාට පහර දෙන්න වුනත් සිහිනගේ පහරදීම් ඉදිරියේ පිරි්ස පසුබැස ගියේත් සුංදර යුවතිය මිංදුල ගේ දෑත් මතට කඩා වැටුනෙත් එක්වරම වගේ.
මේ විදිහට හම්බෙච්ච මිංදුලයි උමේන්ද්‍රයි පෙම්වතුන් බවට පත්වෙන්න වැඩ් කාලයක් ගියේ නෑ ඒ වගේම තමා එයාලාගේ ආදර කතාවට ගෙවල් වලින් කිසිම තහනමක් නැතිවුනත් උමේන්ද්‍රා ගැන බලාපොරොත්තු තබා සිටි පාතාල නායක ටැබා ගෙන් ප්‍රශ්න එන නිසා දෙදෙනා ව්වාහ කර දී වෙනත් රටකට යැවීමට නිවෙස් වලින් තීරනය කර තිබුනත් ටැබා නම් කීවේ කවදාවත් එහෙම වෙන්න දෙන්නෑ කියලා .
අන්තිමට ඒ තීරනාත්මක දිනයේ මිංදුලගෙයි උමේන්ද්‍රා ගෙයි ව්වාහ දිනය උදා වුනේ නැවුම් බලාපොරොත්තු හැමොගෙම සිත් වලට මතු කරමින් . ඒ බලාපොරොත්තු සපල කරමින් නව යුවල මදුසමය කරා යාමට නිවසෙන් පිටතට යමින් සිටියදී බලාපොරොත්තු රහිත ලෙස පැමිනි ටැබා මිංදුල ට වෙඩි තබනනවා . එහෙත් මිංදුල දෙසට පැමිනෙන වෙඩි උණ්ඩට උමේන්ද්‍රා මුහුණ දෙනවාත් සමග මිංදුලගේ උර මතම උමේන්ද්‍රා අවසන් ගමන් යනවා ..
Eranda undugoda
No comments:
Post a Comment