සංසර ආදරේ

😍සංසාර ආදරේ😎👇?

"Good morning mage manika" එහෙම කියලයි රෑ 12 පසුවෙද්දිම කවිෂ්ක නදීට මැසේජ් එක දැම්මේ. මෙහෙම රෑ 12 වෙනකල් ඉදලා නදීට මැසේජ් එක දාන එක කවි පුරුද්දක් කරගත්තේ මීට අවුරුදු එකහමාරකට කලින් ඉදලාමයි. ඔව් ඒ නදී කවීට ආදරෙයි කිව්ව දවසේ ඉදලාමයි.

ගොඩක් ආදරෙන් සතුටින් හිටියා මේ දෙන්නා. රංඩුත් නැතුවම නෙවෙයි ඒත් ඒ රංඩු ඉක්මනට ඉවර කරගෙන ආයෙමත් සතුටින් ඉන්නයි මේ දෙන්නට නිතරම ඕනේ උනේ.

උදේ ඇහැරුණ ගමන් නදී කවීට මැසේජ් එකක් දැම්මා. " good morning mage mahaththaya, thaththi ehema wadata giyama man call karannamko hodada" එහෙම ටයිප් කරපු මැසේජ් එක කවීට යවපු නදී උදෙන්ම නාගන්න ගියා.

පෙර දිනේ කවී එක්ක ගත කරපු කාලය ඒ ආදරේ වින්ද හැටි ආදරේ පිරුණු ඒ පපුවට ඇස් හෙමීට පියාගෙන මුළු ලෝකයම ළඟ කියලා හිතන් පෙම් සුව විඳපු අපූරුව නදීට ආයෙමත් මැවි මැවි පෙනෙන්න ගත්‍තා. කවී වගේ කොල්ලෙක්ගේ ආදරේ විදින්න තරම් තමන් කොච්චර පිංවන්තියක් ද කියලා ඇය සිතන්න ගත්තා.

සහෝදරයෝ කවුරුත් නැති නදීට හිටිය මුළු ලෝකෙම එයාගේ අම්මා තාත්තා වගේම කවීයි. කවී හැමදාමත් දවසින් දවස නදීට තිබුණ ආදරේ වැඩි කලා මිසක් වෙනසක් නම් කලේ නෑ.

කවී කියන්නේ උසට සරිලන මහතක් තියෙන ගොඩක් වැදගත් පෙනුමක් තියෙන කොල්ලෙක්. සාමාන්‍යයෙන් කොල්ලෝ දිහා කෙල්ලෝ බලන්නේ නෑනේ ආඩම්බර කමට. ඒත් කවී දිහා ගොඩක් කෙල්ලෝ බැලුවා. නදිත් නරකම නෑ එයත් ගොඩක් ලස්සනයි. නදීගේ ලස්සන සිහින් ඇස් වලට තමයි කවී ගොඩක් ආදරේ කරේ.

කවී ඔෆිස් ගියත් තත්පරයක් ලැබුණත් නදීට කෝල් කරනවා අඩුම තරමේ මැසේජ් එකක් හරි දානවා. කවී කනකල් නදී කවදාවත් කෑවේ නෑ. දෙන්නම නින්දට ගියේ එකට. තුරුළු වෙන්නම් කියලා දෙන්නට දෙන්නා මුමුණලා 4න් එක තියලා ඒ දෙන්නා ඇස් පියාගෙන අනාගතේ ගැන ලොකු ලොකු හීන මවාගෙන නින්දට ගියා.

......................................................................

එදා අඟහරුවාදා දවසක් හැමදාම උදේට good morning කියන මැසේජ් එක එදා නදීට ඇවිත් තිබුණේ නෑ. නදී දෙපාරක් නොහිතම ගෙදර අය ඉද්දිත් කවීට කෝල් කරා.

" හෙලෝ ගුඩ්මෝනින් මහත්තයෝ මොකද අද ඔයා ඇහැරෙන්නේ නැද්ද අහ් බලන්න ගොඩක් පරක්කු වෙලා ඔෆිස් යන්නේ නැද්ද ඉතිං "

" ගුඩ්මෝනින් මගේ මැණික, ඇඟට ටිකක් හරි මදී වගේ මට ටිකක් වැඩිපුර නින්ද ගියානේ සමාවෙන්න "

" සමාව ගන්න ඔයා වැරැද්දක් කරේ නෑනේ මහත්තයා කෝ දැන් ඇහැරෙන්නකෝ ලෑස්ති වෙලා යද්දි කියලා ගිහින් එන්න හොදද "

" හා මගේ මැණික කියන්නම් මං "

" තෙරුවන් සරණයි මහත්තයෝ "

" තෙරුවන් සරණයි මැණික "

එහෙම කියලා දුරකථන සංවාදය නිමා කරපු කවී වගේම නදිත් වොශ් දාගන්න ගියා. කවදාවත් නැතුව අමුත්තක් කවීගේ තියෙනවා කියලා නදී හිතන්න ගත්‍තා. ඒත් එහෙම ඇයට හිතුණේ හැමදාම රෑ 12ට එන මැසේජ් එක එදා නැති උන නිසාම විතරයි.

ඒ උනත් නදී ඒ ගැන නිතර හිතන්න ගත්තා. ඇය පුරුදු වෙලා හිටියේ ඔහුගේ ඒ මැසේජ් එකට. ඒත් දැන් දැන් ඒ මැසේජ් එක දවල් වෙලා එන්න ගත්තම නදීට හිතුණෙම කවීට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා. නිතර නිතර මේ නිසා කවී එක්ක වචන හද හද නදී රංඩු කරා.

එහෙම කරේ කවී අතින් ගිලිහුණ ඒ පුරුද්ද ආයෙමත් ඇති කරන්න වගේම වෙන කෙල්ලෙක් ඉන්නවා නම් ඒක කවීගේ කටින්ම දැනගන්න.

නදී නිතරම කවීට බනින්න ගත්තා දෙන්නා රංඩු කරා. සමහර දවස් වලට කවී නිදාගත්තේ කන්නෙවත් නැතුව.

ඉවසන් ඉන්න බැරිම තැන කවී දවසක් කිව්වා ඔව් ඇත්තටම උනු දේ ගැන.

එදා මුලින්ම කවීට දවල් වෙනකල් නින්ද ගිහින් තිබුණේ ඔෆිස් එකේ කෙල්ලෙක් ඔහුගේ ආදරේ ඉල්ලලා මැරෙනවා කිය කිය ඔහුව බය කරපු නිසා. ඔහු එදා ඇයට යතාර්ථය තේරුම් කරන්න මුළු රැයක් පුරාවට ඇහැරන් හිටිය බව ඔහු ඇයට තේරුම් කරා.

එහෙත් ඇය ඒ ගැන සිතුවේ වැරදියට. දවල් වෙලා ඇහැරෙන හැමදාමත් ඇය හිතුවේ වෙන කෙල්ලෙක් ඉන්නවා දැන් කවීට කියලා තමයි.

දෙන්නා අතර තිබුණ ලස්සන ආදරේ දෙදරලා යන්න ගොඩක් කල් ගියෙම නෑ. ටික ටික දෙන්නා අතර රංඩු වැඩි උනා. කවීට ඕනේ උනත් ඒ රංඩු ඉක්මනට ඉවර කරගන්න නදීට එහෙම ඕනේ උනේ නෑ. ප්‍රශ්නයක් ආවාම නදී බනිද්දි කවිත් බැන්නා උනාට කවී ආයෙමත් නදීට ආදරෙන් කතා කරා. දුක හිතුණම කවී ගොඩක් කියවන එක පුරුද්දක් උනාට නදී එහෙම කියවන්නේ නෑ. කතා නොකර දවස් ගණන් ඉන්න උනත් ඇගේ කේන්තිය දරුණු වෙනවා.

එක්තරා දවසක කවී ඔෆිස් එකෙන් පිටට යනවා රාජකාරී වැඩකට. නදී ඔහුට දුරකථන ඇමතුමක් දෙන විට ඔහුගේ දුරකථනය waiting වැටුනා. ඇය ඔහුගෙන් ඒ ගැන ඇහුවම කිව්වේ ඔෆිස් එකෙන් මැණික කියලා. ඒත් ඉස්සර තරම් තමන්ට දැන් කවී කෝල් කරන්නෙත් නෑ හම්බෙන්න එන්න උවමනාවකුත් නෑ කවීට දැන් වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා නදී හිතන්න ගත්තා.

එදා නදී කවීට ගොඩක් සැරට බැන්නා. මහපාරේ හිටිය කවීගේ ඇස් වල කඳුළු පිරෙන්න තරම්ම ඒ  වචන දරුණු උනා.

හරි මැණික ඔයා හිතන්නේ මට වෙන කෙනෙක් ඉන්නවා කියලා නම් අපි මේ අෆයාර් එක නවත්වමු කියලා කවී කිව්වා.

" ඔව් තමුසෙට නවත්වන්න තමයි දැන් ඕනේ දැන් ඉන්නවනේ ඉතිං "

" ඔයා ඕනේ දෙයක් කියන්න මැණික කමක් නෑ "

" අනේ මහලොකු උපාසකයා ඔව් මං යනවා තමයි දැන් හැබැයි ඔය කෙල්ල දාලා ගිය දවසට එන්නෙපා මාව හොයාගෙන "

" මට ඇති කෙල්ලෙක් නෑ මැණික ඒත් ඔයා ගියොත් මං ඔයාට කරදර කරන්න එන්නේ නෑ "

" හ්ම්ම්ම් හරි ගුඩ්බායි හොදින් ඉන්න "

" මං නෙවෙයි මගේ මැණික හොදින් සතුටින් ඉන්න. මං අතින් ඔයාගේ හිත ටිකක්වත් රිදිලා තියෙනවා නම් මට සමාවෙන්න. ඔයාට තෙරුවන් සරණයි. උම්ම්ම්මා... "

" තියාගන්නවා හලෝ තමුසෙගේ උම්මා වංචාකාරයා මං සිම් එක අයින් කරනවා. බායි. "

එහෙම කියලා දුරකතනයෙන් සිම් එක පවා නදී අයින් කරා.

ගත උන හැමදාම කවී ඇයට මැසේජ් කරා කෝල් කරා ඉස්සර දුරකථන බිසී උන තරමටම දැන් ඒ දුරකතනය පාලුවට ගිහින් කියලා හිත හිත කවී දුක් උනා.

.............................................................................

ඊට මාස හයකට පසු,,, ( එක්තරා සුපිරි වෙලෙඳ සැලකදී )

" හෙලෝ මේ නංගි නදී නේද "

" ඔව් මං නදී එතකොට ඔයා කවුද මාව කොහොමද දන්නේ "

" නංගි මාව දන්නේ නැතුව ඇති නංගි ඒත් මං ඔයාව ගොඩක් දන්නවා "

" මාව දන්නවා ඒ කොහොමද ඒ "

" නංගිගේ අකමැත්තක් නැත්නම් අපි ටිකක් කතා කරමු. මගේ නම චතූ "

" හරි යමු එහෙනම් කොෆි එකක් බිබීම කතා කරමු අර රෙස්ටූරන්ට් එකේ"

" හා නංගි යමු... "

........................................................................

" ඉතිං දැන් කියන්න අක්කේ ඔයා කොහොමද මාව දන්නේ "

" කවී මල්ලි අපේ ගෙදර තමයි නංගි බෝර්ඩ් වෙලා හිටියේ ඔයා දන්නවා ඇතිනේ එයාට එයාගේ කියලා කවුරුත් නෑනේ"

" ඔව් අක්කේ මං දන්නවා, මගේ මහත්තයා හොදින් ඉන්නවා නේද අක්කේ එයා මාව මතක් කරනවද, මං එයාගෙන් ඈතට ගියත් නිතරම මං එයා එනකල් බලන් හිටියා අක්කේ අදටත් මං ඉන්නවා මේ. කේන්තියට මං රංඩු කරාට මං එයාට ගොඩක් ආදරෙයි අක්කේ. "

" එදා නංගි ගියාට පස්සේ මල්ලි ගොඩක් දුක් උනා. ඒත් නංගි එයාව එපා නිසා ගියා කියලා හිතලා නංගිට කරදර කරන්න අකමැති නිසා තමයි නංගි එයා ඔයාව හොයන් නාවේ"

" අනේ කෝ අක්කේ මගේ මහත්තයා දැන් අනේ මට බලන්න ඕනේ එයාව. මං දන්නවා අක්කේ මං දන්නවා එයාට බෑ මට හැර වෙන කෙනෙක්ට ආදරේ කරන්න හරියට මේ මට වගේ ඔව් අක්කේ එයාටත් බෑ එහෙම කරන්න කවදාවත් බෑ අක්කේ "

" කවී දැන් ඉන්නේ ඉස්සර හිටිය තැන නෙවෙයි නංගි ඒත් මේ ළඟ ඉන්නේ නංගි අකමැති නැත්නම් අපි ගිහින් බලමු "

" අනේ හා අක්කේ යමු එන්නකෝ අපි යමු මගේ මහත්තයා බලන්න එයාට ගොඩක් පාළු ඇති අක්කේ මං නැතුව. "

..................................................................

නදී හා චතූ ආව ත්‍රීවීල් එක නැවැත්තුවේ සාමාන්‍ය විදිහට පොඩි ගේට්ටුවක් දාලා තියෙන තැනක. ඔව් ඒ සොහොනක්. සොහොනකට තමයි චතූ අක්කා තමන්ව එක්කගෙන ආවේ කියලා තේරුම් ගන්න නදීට ගියේ තත්පර කිහිපයයි.

" දෙවියනේ අක්කේ මේ මොකද මේ ඇයි අක්කේ සොහොනකට අනේ කියන්න අක්කේ මගේ මහත්තයා කෝ මගේ පපුව රිදෙනවා අක්කේ කියන්න කෝ එයා කෝ "

" එන්න නංගි මං පෙන්නන්නම් එන්නකෝ "

එහෙම කියලා චතූ නදීව එක්ක ගියේ ගොඩක් පරණ නැති සොහොනක් ළඟට. ඒකේ කොටලා තිබුණ නම තේරුම් ගන්න නදීට අමාරු උනේ නෑ. "" කවිෂ්ක සඳමාල් ප්‍රනාන්දු ""

ඒ සොහොන් කොතේ තිබුණ නම දැක්ක නදී විලාප දෙන්න ගත්තා.

" අනේ මගේ මහත්තයෝ ඔයාට මොකද උනේ දෙයියෝ කියන්න මොකද උනේ ඔයාට අනේ මං ඔයාට ගොඩක් ආදරෙයිනේ ආදරේටනේ රංඩු උනේ අනේ ඔයාව මට ඕනේ ඔයා නැත්නම් කවුද මහත්තයෝ මට ආදරේ කරන්නේ කවුද මාව බලාගන්නේ වයසට ගියත් දරුවෝ නැතත් මාව බලාගන්නවා කියලා නේද ඔයා කිව්වේ මට. ඔව් මහත්තයා මං නපුරුයි තමයි අනේ ඒත් දෙයියෝ මං ආදරෙයි ඇත්තමයි ගොඩක් ආදරෙයි මහත්තයෝ "

" නංගි දැන් අඩලා තේරුමක් නෑනේ අඩන්නෙපා "
එහෙම කියලා චතූ නදීව තමන්ගේ පපුවට තුරුළු කරගෙන ඔලුව අතගෑවා.

" නංගි කවීට වෙන කෙල්ලෙක් හිටියේ නෑ. එයාට කැන්සර් එකක් තිබුණා. එදා කෙල්ලෙක් එයාට බල කර කර ආදරේ ඉල්ලුවම එයා ඒ කෙල්ලට හැමදේම තේරුම් කරා. ඒත් නංගි කවී එදා විතරයි කෙල්ලෙක් එක්ක එහෙම කතා කරේ. "

" නෑ අක්කේ මගේ මහත්තයා එහෙම දෙයක් නම් කියනවා අක්කේ මට එයා මොකුත් හංගන්නේ නෑ අසනීපයක් නම් එයා කියලා ගොඩක් හුරතල් වෙනවා අක්කේ "

" කියන්න ගියපු හැම වෙලාවකම නංගි කවී එක්ක රංඩු කරාලුනේ නංගි ඉතිං කවී ඔයාට කියලා නෑ මොකුත්. අනික කවී බෙහෙත් බීලා තියෙනවා සනීප වෙන්න නංගි එක්ක තව ගොඩක් කල් ඉන්න. ඒක නිසයි නංගි කවී නිදාගෙන තියෙන්නේ දවල් වෙනකල් ඒ බෙහෙත් සැරට. "

" අනේ දෙවියනේ පව් මගේ අහිංසකයා මට අවසානෙට කිව්වෙත් තෙරුවන් සරණයි කියලා අනේ අක්කේ මට ඉන්න බෑ අක්කේ මට බෑ මගේ මහත්තයා මං එනකල් බලන් ඉන්නවා ඇති අක්කේ මං එනකල් එයා බලන් ඇති පොඩි එක්කෙනෙක් වගේ අක්කේ එයාට ගොඩක් රිදෙන්න ඇති අක්කේ. "

එහෙම කියලා නදී චතූට තුරුළු උනා විතරයි. ටිකවෙලාවකින් නදීගේ සද්දයක්වත් නැති නිසා චතූ තට්ටු කරලා බැලුවා. ඒ වෙනකොටත් නදී එහෙමම කවීගේ සොහොන ළඟම ඒ ඇති උන වේදනාවටම අවසන් හුස්ම පිට කරලා තිබුණා.

........................................................................

නදීගේ දේහයත් කවීගේ සොහොන ළඟම තැන්පත් කරේ චතූ නදීගේ දෙමව්පියන්ට සිද්ද උන හැමදේම කිව්ව පසුවයි.

.........................................................................

ආදරේ කරන්න දෙන්නට දෙන්නා තේරුම් ගන්න. ප්‍රශ්නයක් නම් කතා කරලා විසඳගන්න බලන්න. ආදරෙයි නම් මොන දේ උනත් අනෙකාට සවන්දෙන්න වගේම අනෙකාව විශ්වාස කරන්න පුරුදු වෙන්න. එක්කෙනෙක් රංඩු කරන විට අනෙකා ඉවසන්න පුරුදු වෙන්න. සමහර විට අපේ රංඩු නිසා අනෙකා හිතින් විඳවන්න පුළුවන් ගොඩක්. ඔහුට හෝ ඇයට ඔබ තරම් සවන්දෙන්නෙක් නොමැති වෙන්න පුළුවන් ඒ නිසා හොඳම දේ අනෙකාට සවන් දෙන්න. ජීවිතේ බෙදාගන්න. ජීවිතේ ගොඩක් ලස්සනයි ඒ ජීවිතේ ඊටත් වඩා ලස්සන වෙන්නේ අවංක ආදරයක් ලැබුණාමයි. අවංක ආදරයක් බොහෝවිට එක් අයෙකුට ලැබෙන්නේ එකවතාවයි. ඒ නිසා එය තේරුම් ගන්න. කෙනෙක් ළඟ තියෙන පුරුදු වෙනස් උනොත් ඒ දෙස සැකෙන්ම නොබලා ඒකට ඔහු හෝ ඇය නොකියන දුකක් වේදනාවක් මුසු වී ඇද්දැයි තේරුම් ගන්න. තේරුම් ගන්න හොඳම විදිහ තවතවත් ආදරෙන් ළං වීමම විතරයි.

උපුටා ගැනීම තියරිය පේජ්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment